Tuesday, November 12, 2013

ලිංගෙ අයින් කරපු රොෂාන්...!



 මම ප්‍රාථමික අධ්‍යාපනය, එහෙම නැත්තන් මුල්ම කාලෙ ඉස්කෝලෙ ගියෙ ගලික්ස්සෙ හේන විද්‍යාලයට. හේන විද්‍යාලෙ කිව්වට ඒකෙ හරි නම හේන පාර කනිෂ්ඨ විද්‍යාලය. අද අවෙනකොට හේනක් තියා කැලයක් වත් නැති ගල්කිස්සෙත් ඉස්සර හේන් තිබිල තියෙන හින්ද වෙන්නැති ඒ පාරට ඔය නම ලැබුනෙ. කොහොම උනත් දැන් ඒ නමින් ඉස්කෝලයක්වත් නෑ, ඒත් පාර එහෙමම තියෙනව. මොකද ඒ ඉස්කෝලෙ දැන් නම ලළිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය. කොටිම්ම ඒක දැන් ප්‍රාථමිකයකුත් නෙමෙයි.

ඉතින් ඔන්න ඔය ඉස්කෝලෙ බාලාංශෙටත් කලින් ඉඳම්ම මට හම්බ උන මිත්‍රයෙක් තමයි රොෂාන්. මිනිහ හිටිය සිරිමල් උයන පාරෙ සර්වෝදෙ ප්‍රෙස් එක පිටිපස්සෙ ගේ අපේ ගෙට හූවක දුරින් තිබ්බ නිසා නෙමෙයි, ඒ අපි ඉස්කෝලෙට කලින් එකම දහම් පාසලේ ශිෂ්‍යයො උන නිසා.

අපි දෙන්නම ගේ කිට්ටුව තිබ්බ පරම ධම්ම චේතිය පිරිවෙන පහු කරල ගියෙ ඈත තිබ්බ චක්කින්දාරාමෙට. ඒක මටනම් අදටත් නියම හිත නිවන "පන්සලක්". මොකද වාහන සද්ද ලොකු, දායකයන්ගෙ විකාර වැඩ නැති හොඳට ඉඩ තියෙන ගස් මල් පිරුන නියම සොඳුරු පන්සලක්. හැබැයි පන්සලේ එක මායිමක තිබ්බෙ ලුම්බිනි ඇක්වේරියම් එක.

ඔය පන්සල එහා පැත්තෙ ඇක්වේරියම් එකක් තිබ්බ එක වගේම ඒකෙ නම බුදුන් උපන් ලුම්බිනිය වීමත් අමුතුයි වගේ උනාට අපිටවත් පන්සලටවත් අවට අයටවත් ඒක අවුලක් උනා කියල දැනුනෙ නෑ.

ලුම්බිනි කියන්නෙ ඉස්සර ලංකාවෙ තිබ්බ ලොකුම ඇක්වේරියම් එකක්. ප්‍රධාන කාර්යාලයයි ෂෝරූම් එකක්යි තිබ්බෙ බම්බලපිටියි. අදනං ඒ බිල්ඩිමුත් නෑ.

මම හිතන්නෙ දැන් ලුම්බිනි ඉඩම කට්ටි කඩල විකුනල. ඔය ඇක්වේරියම් එක තිබ්බ ඉඩමත් පන්සල් වත්ත තරම්ම විසාලයි. ඒකෙ මුල චකින්දාරාම පාරට, අග ගල්වල පාරට. ඔය විසාල ඉඩම මැදින් ගලනව මහ ලොකු කානුවක්.

වැහි දාට ඔය කාණුවෙ ගල්වල පාර පැත්තෙ කොන, ඒකියන්නෙ වතුර පහලට ගලන තැන අපි පෝලිමේ බලන් ඉන්නව සිලි සිලි බෑග් තියාන අර ඇක්වේරියම් එකෙන් එලියට පැනල කානුව දිගේ නිදහස හොයාන යන විප්ලවකාරි ගප්පි ස්වෝර්ඩ් ෆිෂ් , ප්ලේටි වගේ මාලු අල්ලගන්න. සුදු සරොන් ඇඳල, කොක්කු ටික වගේ පොඩි උන් පේලියට කානුව අයිනට එබිල ඉන්නව, ඒ අස්සෙ මම වගේ එකෙක් දෙන්නෙක් කාණුවට බැහැල තාප්පෙ අස්සෙන් එබිලත් බලනව. ඒත් කවදාවත් කවුරුවත් ඒ තාප්පෙන් එහා ලුම්බිනි වත්තෙ අර මහා ටැන්කි ගොඩ බලන්න ගියෙ නැත්තෙ වත්තෙ ඉන්න බලු රංචුව නිසා.

ඔය කානුවෙන් තඩි රෙඩ්කැප් ගෝල්ඩ් ෆිෂ්ල අහුවුනා කියල අහල තිබ්බට අර "යෙටී" වගේ තමයි, දැකපු එකෙක් නෑ. එන්නෙම ගප්පි නැත්තන් ප්ලේටි. කොහොම හරි ඉරිදට දහම් පාසලේ පන්සිල් අරන්,
ඡත්ත මානවක ගාථාව එහෙම කියල ගෙදර යනකොට ඔය මාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන තව කාණුවකින් උන්ට කන්න රතු පණු ගුලියකුත් අරන් තමයි කට්ටිය යන්නෙ.

එහෙම ගිහින් සිමෙන්ති ලෑලි මූට්ටු කරල හදා ගත්තු බක්කි කියන ටැන්කි වලට අර මාලුන්ව දාල උන්ට කන්නත් දීල මිසක අපි කන්නෙ නෑ.

වාසනාවට අපේ අම්මත් ඕවට කෑ නොගහ නොදැක්ක වගේ උන්න මිසක අපිව උපාසකයො කරන්න ගියෙ නෑ. මොකද ඒ ගොල්ලො දැනන් හිටිය අපි දහම් පාසල් යන්නෙ බෙලි ගෙඩි කඩන්න, මාලු අල්ලන්න සහ සමිතියෙ කතා කියන්න පුළුවන් හින්ද කියල. ඔය එකක් හරි අඩු නන් ඉතින් දහම් පාසල් යැවිල්ල සුම්ම. මොකෝ අර පාලි ගාථ පද නැත්තන් කාට තේරෙනවටයැ!

දැන් මේකත් අර හැලප සීන් එක වෙලා කියන්න ආව එක නැතුව වෙන විකාර කියල. හාමිනේ සුපර් කඩේ බඩු ගන්න ගිහින්, මම යන්න ඕන එක්ක එන්න. රොෂාන්ගෙ ලිංගෙ ගැන හෙට බලමු. නැත්තං පරක්කු උනෝත් මගේ එකත් නැති වෙනව.

මේ දවස්වල අම්බානට වැඩ. ඉතින් අමාරුවෙන් තමයි මෙහෙමවත් ලිව්වෙ.


Sunday, September 22, 2013

ඡන්ද පද බැන්ද කද කවි Best cheaters and stupid losers


ඒ ඡන්දෙත් ආව ගියා. කය්යියක් පද බදින්න කියල ඉවාන් කියන අස්සෙ නලින් ලොක්ක බටර් කාලක් ගාල ගිහින් තිබ්බ. ඉතින් බටර් ටික මුඩු වෙන්න කලින් දුන්න පොඩි ට්‍රයක්!


විළිලා විළිලා උතුරට හදලා දුන්නයි පලාගෙ             චන්දේ
දුවලා දුවලා පාරට දමලා දුන්නයි බැසියගෙ               සද්දේ
හිතලා බලලා හරියට ගහලා දැම්මයි දෙමළගෙ         මැද්දේ
කෙළලා කෙළලා සුම්මට දෙමළා දින්නයි අම්මගෙ රෙද්දේ

බෙදලා බෙදලා හරියට දුන්නයි ජොනියගෙ අරක්කු   සද්දේ
අඬලා අඬලා හෙමිහිට දැම්මයි සිරියගෙ පරක්කු        සද්දේ
රැකලා රැකලා හරියට ගස්සයි ෆොනියගෙ තුවක්කු     සද්දේ
කෙලලා කෙලලා දයාට වැටුනයි බැල්ලිගෙ හුචක්කු  ඡන්දේ

කියලා කියලා දුන්නට ඇහුවද අනුරගෙ අමිහිරි          නාදේ
වහලා වහලා දැම්මට මැනවද ඔහෙලගෙ බැරි බැරි      වාදේ
අඬලා දොඩලා මක්කට දෙනවද වස්සගෙ බෑඟිරි        නාදේ
හිතල බලලා අහකට යනවද ජෙප්පගෙ බැරි බැරි      උන්දේ

Friday, September 6, 2013

බණ තලන ක්‍රමය! සැයු; නාන සාර බලකායට සහ අසපු රූ සපු ගණට අදාල නොවේ.

අද බණ ඇසීමත් බණ දෙසීමත් අන් කවර කලෙකටත් වඩා ෆැන්සි වී ඇති යුගයකි. එහෙව් කලෙක කාලීන බණ අසන්නෙක් ගැන අපේ සුප්‍රසිද්ධ උඩුරාවණ මැතිඳුන් මුල් කොට ගෙතූ ප්‍රභන්ධයකි. මෙහි ඇති රසවත් බවත්, තියුණු උත්ප්‍රාසය සහ කාලීන බවත් සලකා බහුජන හිත සුව පිනිස මේලයකින් මහට ලැබුන මෙය මෙහි පල කලෙමු.

පසුව පාඨකයන්ගෙන් දැනගත් පරිදි මෙම ලිපිය ලියා ඇත්තේ චන්ද්‍ර අනගිරත්න නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා බව දැනගතිමි. එතුමන්ට අපේ උපහාරය!


                                                               පින්තූරය මෙතනින්


හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිසකැමති වෙයි කියල මේ අපේ උඩුරාවන උපාසක 
මහත්තයට ප්‍රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.

"කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."

උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ.

හාමුදුරුවෝ - ප්‍රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ 
කියනකොට වාක්‍යයෙන් වාක්‍යයට එහෙමයිහාමුදුරුවනේ කියන එක විතරයි තියෙන්නේ.


හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ 
ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.


වටාපත මෑත් කල හාමුදුරුවෝ - උපාසක මහත්තයට එහෙයි කියන්න අමතක වෙලා වගේ යයි කියා උඩුරාවන දෙස බැලීය.


උඩුරාවන - හාමුදුරුවනේ මට හරියට අහගන්න බැරිඋනා


හාමුදුරුවෝ - ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්...


උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ?


හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ


උඩුරාවන - ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ?


හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.

උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ


හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් මන් මේ කියන්නේ.


උඩුරාවන - හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?


හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. ඔච්චර විස්තර දන 
ගන්න ඕන නෑ. ඇයි උපාසක මහත්තයඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත ?


උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස් 
නුවර බ්‍රහ්මදත්ත කියල තමා කියවෙන්නේ. මංඅහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි 
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයි. මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම 
ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .


හාමුදුරුවෝ - මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් 
බිසෝවරු.

උඩුරාවන - මගේ බුදු අම්මෝ (උඩුරාවනට නැගිට්ටුනි, අසල සිටි උපාසක මහත්වරු උඩුරාවන 
පහතට ඇද වාඩි කර වුහ.යටි සිතින්බ්‍රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන් පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ අනුහය දාහක්!)


හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ?


උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?


හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි


උඩුරාවන - සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් තියෙන්න නැතිව ඇති 
රජ්ජුරුවන්ගේ බිසෝවරු ගණන් කර කර ඉන්නවාමිසක්.

හාමුදුරුවෝ - එහෙම දෙපාර්තුමේන්තුවක් තිබුනේ නෑ ඒකාලේ


උඩුරාවන - එහෙනම් කව්ද ගණන් කලේ?


හාමුදුරුවෝ - එහෙම ගණන් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ ඒ කාලේ.


උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ


හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.


උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකාබිසව කියල හොඳ ගැනියෙක්ද ?


හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...


උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ 
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක්පාලනය කලේ ? උන් සන්තෝෂ කරනවා තියා 
මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට තියෙයිද?


හාමුදුරුවෝ - ඒ උනාට රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.


උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ 
කරන්න නැත්නම් මොකටද ඒ මගුල?


හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.


උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?


හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .


උඩුරාවන - එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගොරක ගෑනු. එතකොට හාමුදුරුවනේ එහෙම ලස්සනගෑනු දැක්ක පලියට බැඳ ගන්නවට රජ්ජුරුවන්ගේ 
අම්මා තාත්තා මොකුත් කීවේ නැද්ද ?


හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ .


උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා. 
බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි.


හාමුදුරුවෝ - දැන් අපි බණ.


උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?


හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ .


උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට 
වේලාවක් තිබුනද රට පාලනය කරන්න?


හාමුදුරුවෝ - මං දන්නෑ උපාසක.


උඩුරාවන - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් 
රජ කළා කියල.


හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්‍රති උත්තර දෙන්න 
විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ.මොකක්ද මේ කරන විකාරය?


උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ 
ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්නවෙලාවක් තිබුන කියල මං කොහොමද 
එකඟ වෙන්නේ.


හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?

උඩුරාවන - අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ?
 කාලෙන් කාලෙට අඩු වැඩි ....


හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය 
තියන්නේ නෑ. ඇහුණද ?

උඩුරාවන - (ශබ්ද නගා) එහෙයි හාමුදුරුවනේ



ප/ලි

අන්තර්ජාලයෙ සොයා බලන විට මීට පෙර මෙන්න මේ අඩවියේ පමණක් පලවී තිබුඅනද එකම කමෙන්ටුවක් නොතිබුනු නිසා යලි පලකරන්නට සිතුවෙමු. රචකයාට අපේ උපාහරය!


ප/ප/ලි

II පරාක්‍රමබාහු රජ ක්‍රි;ව 1266 වැන්නේදී දඹදෙනිය විජයසුන්දරාරමයේ පැවති සංඝ සම්මේලනයේ සහ සංඝ සංශෝධනයේදී එහි මූලිකත්වය ගත් දිඹුලාගල මේධංකර මාහිමියන් ප්‍රමුඛ මහ සඟ ඝන විසින් "උපාසක උපාසිකාවන්ට "ගුණ සාගරය, දාණ පතිය ආදී වශයෙන් පොළඹවා ප්‍රත්‍යාලාභ සඳහා ගිහියන්ට ශ්ලෝක ආදිය බැඳීම, උපන් රෝගයට යකුන් කෙළවීම, බලි තිබීම ආදිය බික්ශූන්ට තහනම් කොට ව්‍යවස්ථා පැනැවීය"

- කතිකාවත් සඟරා 15,17 සහ අපේ සංස්කෘතික උරුම - ප්‍රකාශනය සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්යංශය - පිට 157.  

LinkWithin

Related Posts with Thumbnails