උපුල් ශාන්ත සන්නස්ගල
කියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක.
මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.
කොහොම
උනත් සන්නස්ගලත්
කාලෙකට සැරයක් මොකක් හෝ ආන්දෝලාන්තමක කතාවකින් කරළියෙ මතු වෙනව. එහෙම
ආපු අවස්ථාවලින් ප්‍රභලම එක තමා මනුස්සය සබරගමුවෙ මහ ඇමති අපේක්ෂක කම භාර නොගෙන ප්‍රතික්ෂේප නොකරපු එක.
ඒත්
මට හිතෙනව මිනිහ මේ ඊයෙ පෙරේද දීල තියෙන පුවත් පත් සාක්ච්ඡාව ඒ ඔක්කොටම වඩා ප්‍රභලයි කියල. ඒකට හේතුව සන්නසගල මතු කරන කරුණු වල තීන කාලෝචිත බව වගේම ඒවගෙ තියෙන අවාසනාවන්ත ඇත්ත නිසා.
දකුණෙ
කළු ජූලිය වගේම උතුරෙ වීර ජූලිය සිහිපත් කෙරෙන මොහොතක සන්නස්ගලගෙ අදහස් මීට වඩා සාක්ච්ඡාවට යොමු විය යුතුයි කියල මට හිතෙනව.
මනුස්සය
මේ කතාවෙදි ඉතාම වැදගත් අදහස් කිහිපයක් කියනව.
//තාක්ෂණය
දියුණු වෙන්න වෙන්න මිථ්‍යාදෘෂ්ටිය අඩු වෙයි කියල අපි හිතුව ඒක තමයි අපේ අනාගත දැක්ම. ඒත් විද්‍යාව සහ දෘෂ්ටිවාදයන් දියුණු වෙයි කියල හිතන මොහොතෙදි මිථ්‍යාදෘෂ්ටිය වර්ධනය වෙලා. උදාහරණයක් විදිහට ලංකාවේ බොහෝ පත්තරවල මිථ්‍යාදෘෂ්ටික අතිරේක තියෙනව. සමහර විට මුළු පත්තරයම දුවන්නේ ඒ අතිරේකය පදනම් කරගෙන. ලංකාවේ තරුණ පරපුරෙන් සියයට අසූවක් විතර තමන්ගේ ඉරණම දැන ගන්න ලග්න පලාපල බලනව. මිථ්‍යාදෘෂ්ටිය පදනම් කරගෙන ජීවත් වෙනව. ජාතිවාදය ආගම්වාදය අඩු වෙයි කියල හිතනකොට තරුණ පරපුර අතර ජාතිවාදය වැඩි වෙනව. මේ ඊනියා ජාතිවාදී ආගම්වාදී කල්ලිවල වැඩිපුරම ඉන්නේ තරුණ තරුණියන්.//
මේ කියන කේන්දර, බෝධි පූජා, භාර හාර පස්සෙ බෞද්ධ තරුණයො යෑම වැඩි වෙනව වගේම අනෙක් ආගම්වල තරුණ කොටසුත් දැඩි අන්තවාදයට නැඹුරු වෙන තත්වයක් අපි දකිනව. මෙහෙම දිගටම ගියොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒත් කවුරුත් මේ තිත්ත ඇත්ත ගැන කතා නොකර වැඩිහිටියො විදියට ආඩම්භර වෙනව දරුවො ආගමානූකූලයි කියල. මේක ඇත්තටම අපි මුහුණ දෙන ලොකු ඛේදවාචකයක්.
//ලංකාවේ
වාමාංශික පක්ෂ මොනතරම් මතවලට වෙන් වුවත් අවශ්යතාවයක් තිබෙනවා නේද ජාතිවාදී ආගම්වාදී මොහොතකවත් එකතු වෙන්න. තම තමන්ගේ න්‍යායපත්‍ර වෙනුවට අඩු ගාණේ මේ මොහොතෙදිවත් එක වේදිකාවකට එන්න ඕන.
මම හිතුව අලූත්ගම දර්ගා නගරයේ සිදුවීමෙන් පසුව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, ඞ කණ්ඩායම ඇතුළු කොළඹ නගරයේ ක‍්‍රියාත්මක වන දේශපාලන කණ්ඩායම්වලට එකතු වෙන්න හැකි වෙයි කියල. ඔවුන් පවා රැුස්වීම් කළේ පෝස්ටර් ගැහුවේ වෙන් වෙන් කණ්ඩායම් හැටියට. //
මේක
තමයි ලංකාවෙ ජනතාවගෙ තීන උපන් කුහක කම. මොන තරන් මාක්ස්වාදයෙන් ඔලු පිරෙව්වත් හිතේ තීන කුණු එහෙමම නිසා, පොදු ප්‍රශ්නයකදිවත් එකතු වෙන්නෙ නෑ. සමහරවිට ලංකාවෙ මක්ස්වාදීන්ට මේ ගැන වෙන අදහස් ඇති. ඒත් පිටින් පේන ඇත්තනම් "ඌට ක්‍රෙඩිට් එක දෙන්නෙ මොකටද" කියන දේ නිසා එකතු නොවෙන බවකුයි.
ඒ වගෙම
සන්නස්ගල බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනව.
//ඇත්තටම
මට මේ වෙලාවෙ මතක් වෙනවා ජේ.ආර්. සහ ප්‍රේමදාස ජනාධිපති තනතුරේ ඉන්න කාලවල මේ රටේ තිබුණු විකල්ප ව්‍යාපෘති. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යයක් කරනවා ‘ධවල භීෂණ’ කියලා. ඒක රට පුරාම ගෙන ගියා. අශෝක හදගම ‘හෙණ’ නාට්‍යය කරනවා. ජයන්ත චන්ද්‍රසිරි ‘අත්’ නාට්‍යය කරනවා. චින්තන ජයසේන ‘කොලම’ පත්තරේ ගහනවා. අද එහෙම කතා කළාට ඒ කාලේ පොඩි පොඩි ව්‍යාපෘති විදියට ක්‍රියාත්මක වුණේ. මම ඔබෙන් අහනවා එහෙම දේවල් පුළුවන් නම් කොළඹ සමාජයේ දැන් තියෙනවද කියලා පෙන්වන්න. //
ඇත්තටම
මේකට උත්තරය ඔහුගෙ ඉහල කියපු අද තරුණයො මොකද කරන්නෙ කියන ප්‍රකාෂය තුලම තියෙනව. අනෙක් පැත්තෙන් එදා නන්දල, කපුගේල කරපු දේට බැට දෙන, බනින අය අද වෙන දේ ගැන කට පියන් ඉන්න යුගයක සන්නස්ගල මෙහෙම අහන්නෙ තත්වෙ නොදැන නෙමෙයි. කොටින්ම තනි තනිව වෙබ් අවකාශෙ, ෆේස් බුක් පිටුවල තෙල බෙදන අය මිසක් "අරූ " කියන විදියෙ ටීම් ප්ලේයර්ස්ල අද තරුණ සමාජෙ නෑ. හේතුව උන් ටීම් එක හදන් ඉන්නෙ වර්චුවල් වෙබ්ස්පියරෙකේ නිසා.
මේ
සාකච්ඡාවෙ අන්තිමටම සන්නස්ගල කියනව
//ඊළඟ
ඛේදවාචකය තියෙන්නෙ වෙබ් සයිට්වල. සයිබර් අවකාශයේ. අපි හිතමු දර්ගා නගරයේ සිදුවීම හෝ ජාතිවාදී අදහසකට විරුද්ධ අදහසක් කෙනෙක් පළ කළා කියලා. සයිබර් අවකාශයේ ඉන්න ගෝත්‍රවාදියෝ ‘උඹෙ අම්මා, උඹෙ තාත්තා, උඹෙ ජාතකය....’ ඔය විදියට විශාල වශයෙන් මඩ ගහනවා. මේ මොහොතේ අන්තර්ජාලය පාවිච්චි කරනවා නරකම ගෝත්‍රවාදියො පිරිසක්//
මේක
දැක්කම මට හිතුනෙ මේ මනුස්සයත් බ්ලොග් කියවනවද කියල. මොකද
මේ වෙනකොට කරුණු, මතවාදයන්
හෝ දර්ශනයෙන් එහට ගිහින් අම්මලට දූලට ගෑණුන්ට බනින අවස්ථා පිරුණ හැටේ වත්ත වගේ වෙලා අන්තර්ජාලයත්. හොඳම උදා හරණය මාතලන්ට සහ කතන්දරට වෙච්චි අලකංචි.
පලි.
අදහස් දක්වන සැමට ඉතා වටිනා කතාවක් ඉවාන් පහත ලියල තියෙනව.ඒකෙ වටිනාකම නිසා මෙතන කපල ඇලෙව්ව කමෙන්ට් කිරීමට පෙරම ඔබේ අවධානය සහ සලකා බැලීම පිණිස;
//සංවාද විසඳුමකින් අවසන් වෙන්න ඕන
කියලා හිතන ලිං මැඩියන් මේ ආකාරයෙන් හැසිරෙනවා ඇති. උන් දන්නේ නෑ තමුන්ගේ
අදහස වෙනස් කිරීමට හෝ එය දිගටම දරගනේ සිටීමට අයිතිය තියෙන්නේ අදාළ පුද්ගලයට
කියලා. මම කියන දේ පිළිගත යුතුමයි කියන තැන හිටගත්තම ආපහු වාඩිවෙන්න
හිතෙන්නේ නෑ//
(කමෙන්ට් කරන ඔබේ අදහස ඉතාම වැදගත්. එහෙත් එය පිළි නොගැනීම හෝ පිළි ගැනීමත්, එකඟ වීමත් නොවීමත් අනෙකාගේ අයිතියයි.)