Wednesday, July 30, 2014

මහ වාද බයිලා සංදර්ෂණය දැන් පැවැත්වේ....එන්න, නරඹන්න, හූ කියන්න , බයිල කියන්න




ඔව් මිත්‍රවරුණි - ඔබ පුල පුලා බලා සිටි ඒ මහ බය්ලා සංදර්ශණය දැන් ඇරඹුනා.

එහෙනම් මිත්‍රවරුණි ඔබ කෙනා කසියා, බූන්දි සමග රෝකට් වලින් සන්තර්පණය වී මේ අකුරු මත කොටා බයිලා මඩුවට එන්න.

අවවදයයි - ඔබේ වොලුයුම් ක්න්ට්‍රෝලරය නිසි පරිදි සීරු මාරු කොට තබා ගන්න.

Sunday, July 27, 2014

බ්ලොග් ලොව මහා වාද බයිලා සංදර්ශණය ලංකාවේ වේලාවෙන් උදෙසන 10.30 ඇරඹේ. රැඳී සිටින්න අප සමගම!


ඔව් එය ඇරඹුනා.....බයිලා මඩුවට මෙතනින් යන්න

http://bayilamaduwa.wordpress.com/

බ්ලොග් ලොව එකළු කරන මහා වාද බයිලා  සංදර්ශණය එළඹෙන 30 වැනි දින, එනම් බදාදා උදේ දහයේ සිට සවස් වන තුරු බ්ලොග් ලොව බයිලා චක්‍රවර්තී ගරු මාතලන් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් උපශාන්තගේ බයිලා මඩුවේදී පැවැත්වේ.       
       
බ්ලොග් ලොව නමගිය බයිලා කාරයන් වන අරූ, තෙලිදිය, පත්තරේ ඇතුළු විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්තාවට සහභාගි වන ලෙස ඔබටත් ගෞරවයෙන් ආරාධනය කරමු.       
       
සංදර්ශණය වෙනත් අඩවියක වන අතර එහි යන මග එදින උදෑසන මෙම අඩවියෙහි සඳහන් වනු ඇත.       
       
තරඟ කොන්දේසි.       
       
1. මෙය විවෘත තරඟයකි, වයස් හෝ ප්‍රොෆයිල් සීමාවක් නැත.   

2. මාතෘකා දෙකක් සඳහා වාද කෙරෙනු ඇත. බයිලා කියන්නන් හට අදාල මාතෘකාවට අනුව කියන ලෙසත් වෙනත් වැල් බයිලා ගසන විට ඒවා මකා දැමීමටත් සිදුවෙන බව සලකන්න       
   
3. සහභාගි වන්න උපහාසයෙන් පිරි බයිලා පිළිතුරු විඳ ගන්නේයයි අපේක්ෂා කරන අතර තරඟ කරුවන්ගෙ බ්ලොග් ක්‍රියාකාරිත්වයට එපිටින් ඇති පුද්ගලික දිවිය අලලා කරන අපහාස ඉවත්කරනු ලැබේ. එමෙන්ම එවැනි බයිලා ගසන්නන්ගේ කිසිම බයිලාවක් ඉන්පසු පල නොකෙරීමටද ඉඩ ඇත.    

4. තාලය; කපිරිඥ්ඥා තාලය මූලික වන අතර වෙනත් තාලයන්ගෙන්ද කිව හැක.
       
මාතෘකා ඔබෙන්;

මෙම වාදයන් සඳහා ඔබ විසින් ඉදිරිපත් කෙරෙන රසවත් මාතෘකා සියල්ල සලකා බලා ගරු බයිලා චක්‍රවර්තී මාතලන් තුමන්ගේද අනුමැතිය යටතේ එදිනට වඩා සුදුසු ටොපියක්, සමාවෙන්න ටොපිකයක් දෙනු ලැබේ.

ඉතින් 30 වෙනිදා හමුවෙන තුරු පෙර පැවති මේ රසවත් බයිලා සාදයෙන් මදක් රස බලන්න.

Wednesday, July 23, 2014

සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්‍රවාදියෝ


උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක

මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.

කොහොම උනත්  සන්නස්ගලත් කාලෙකට සැරයක් මොකක් හෝ ආන්දෝලාන්තමක කතාවකින් කරළියෙ මතු වෙනව.   එහෙම ආපු අවස්ථාවලින් ප්‍රභලම එක තමා මනුස්සය සබරගමුවෙ මහ ඇමති අපේක්ෂක කම භාර නොගෙන ප්‍රතික්ෂේප නොකරපු එක.

ඒත් මට හිතෙනව මිනිහ මේ ඊයෙ පෙරේද දීල තියෙන පුවත් පත් සාක්ච්ඡාව ඔක්කොටම වඩා ප්‍රභලයි කියල. ඒකට හේතුව සන්නසගල මතු කරන කරුණු වල තීන කාලෝචිත බව වගේම ඒවගෙ තියෙන අවාසනාවන්ත ඇත්ත නිසා.

දකුණෙ කළු ජූලිය වගේම උතුරෙ වීර ජූලිය සිහිපත් කෙරෙන මොහොතක සන්නස්ගලගෙ අදහස් මීට වඩා සාක්ච්ඡාවට යොමු විය යුතුයි කියල මට හිතෙනව.

මනුස්සය මේ කතාවෙදි ඉතාම වැදගත් අදහස් කිහිපයක් කියනව.

//තාක්ෂණය දියුණු වෙන්න වෙන්න මිථ්‍යාදෘෂ්ටිය අඩු වෙයි කියල අපි හිතුව ඒක තමයි අපේ අනාගත දැක්ම. ඒත් විද්‍යා සහ දෘෂ්ටිවාදයන් දියුණු වෙයි කියල හිතන මොහොතෙදි මිථ්‍යාදෘෂ්ටිය වර්ධනය වෙලා. උදාහරණයක් විදිහට ලංකාවේ බොහෝ පත්තරවල මිථ්‍යාදෘෂ්ටික අතිරේක තියෙනව. සමහර විට මුළු පත්තරයම දුවන්නේ අතිරේකය පදනම් කරගෙන. ලංකාවේ තරුණ පරපුරෙන් සියයට අසූවක් විතර තමන්ගේ ඉරණම දැන ගන්න ලග්න පලාපල බලනව. මිථ්‍යාදෘෂ්ටිය පදනම් කරගෙන ජීවත් වෙනව. ජාතිවාදය ආගම්වාදය අඩු වෙයි කියල හිතනකොට තරුණ පරපුර අතර ජාතිවාදය වැඩි වෙනව. මේ ඊනියා ජාතිවාදී ආගම්වාදී කල්ලිවල වැඩිපුරම ඉන්නේ තරුණ තරුණියන්.//

මේ කියන කේන්දර, බෝධි පූජා, භාර හාර පස්සෙ බෞද්ධ තරුණයො යෑම වැඩි වෙනව වගේම අනෙක් ආගම්වල තරුණ කොටසුත් දැඩි අන්තවාදයට නැඹුරු වෙන තත්වයක් අපි දකිනවමෙහෙම දිගටම ගියොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒත් කවුරුත් මේ තිත්ත ඇත්ත ගැන කතා නොකර වැඩිහිටියො විදියට ආඩම්භර වෙනව දරුවො ආගමානූකූලයි කියල. මේක ඇත්තටම අපි මුහුණ දෙන ලොකු ඛේදවාචකයක්.

//ලංකාවේ වාමාංශික පක්ෂ මොනතරම් මතවලට වෙන් වුවත් අවශ්යතාවයක් තිබෙනවා නේද ජාතිවාදී ආගම්වාදී මොහොතකවත් එකතු වෙන්න. තම තමන්ගේ න්‍යායපත්‍ර වෙනුවට අඩු ගාණේ මේ මොහොතෙදිවත් එක වේදිකාවකට එන්න  ඕන. මම හිතුව අලූත්ගම දර්ගා නගරයේ සිදුවීමෙන් පසුව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, කණ්ඩායම ඇතුළු කොළඹ නගරයේ රියාත්මක වන දේශපාලන කණ්ඩායම්වලට එකතු වෙන්න හැකි වෙයි කියල. ඔවුන් පවා රැුස්වීම් කළේ පෝස්ටර් ගැහුවේ වෙන් වෙන් කණ්ඩායම් හැටියට. //

මේක තමයි ලංකාවෙ ජනතාවගෙ තීන උපන් කුහක කම. මොන තරන් මාක්ස්වාදයෙන් ඔලු පිරෙව්වත් හිතේ තීන කුණු එහෙමම නිසා, පොදු ප්‍රශ්නයකදිවත් එකතු වෙන්නෙ නෑ. සමහරවිට ලංකාවෙ මක්ස්වාදීන්ට මේ ගැන වෙන අදහස් ඇති. ඒත් පිටින් පේන ඇත්තනම් "ඌට ක්‍රෙඩිට් එක දෙන්නෙ මොකටද" කියන දේ නිසා එකතු නොවෙන බවකුයි.

ඒ වගෙම සන්නස්ගල බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනව.

//ඇත්තටම මට මේ වෙලාවෙ මතක් වෙනවා ජේ.ආර්. සහ ප්‍රේමදාස ජනාධිපති තනතුරේ ඉන්න කාලවල මේ රටේ තිබුණු විකල්ප ව්‍යාපෘති. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යයක් කරනවාධවල භීෂණකියලා. ඒක රට පුරාම ගෙන ගියා. අශෝක හදගමහෙණනාට්‍ය කරනවා. ජයන්ත චන්ද්‍රසිරිඅත්නාට්‍ය කරනවා. චින්තන ජයසේනකොලමපත්තරේ ගහනවා. අද එහෙම කතා කළාට කාලේ පොඩි පොඩි ව්‍යාපෘති විදියට ක්‍රියාත්මක වුණේ. මම ඔබෙන් අහනවා එහෙම දේවල් පුළුවන් නම් කොළඹ සමාජයේ දැන් තියෙනවද කියලා පෙන්වන්න. //

ඇත්තටම මේකට උත්තරය ඔහුගෙ ඉහල කියපු අද තරුණයො මොකද කරන්නෙ කියන ප්‍රකාෂය තුලම තියෙනව. අනෙක් පැත්තෙන් එදා නන්දල, කපුගේල කරපු දේට බැට දෙන, බනින අය අද වෙන දේ ගැන කට පියන් ඉන්න යුගයක සන්නස්ගල මෙහෙම අහන්නෙ තත්වෙ නොදැන නෙමෙයි. කොටින්ම තනි තනිව වෙබ් අවකාශෙ, ෆේස් බුක් පිටුවල තෙල බෙදන අය මිසක් "අරූ " කියන විදියෙ ටීම් ප්ලේයර්ස්ල අද තරුණ සමාජෙ නෑ. හේතුව උන් ටීම් එක හදන් ඉන්නෙ වර්චුවල් වෙබ්ස්පියරෙකේ නිසා.

මේ සාකච්ඡාවෙ අන්තිමටම සන්නස්ගල කියනව

//ඊළඟ ඛේදවාචකය තියෙන්නෙ වෙබ් සයිට්වල. සයිබර් අවකාශයේ. අපි හිතමු දර්ගා නගරයේ සිදුවීම හෝ ජාතිවාදී අදහසකට විරුද්ධ අදහසක් කෙනෙක් පළ කළා කියලා. සයිබර් අවකාශයේ ඉන්න ගෝත්‍රවාදියෝඋඹෙ අම්මා, උඹෙ තාත්තා, උඹෙ ජාතකය....’ ඔය විදියට විශාල වශයෙන් මඩ ගහනවා. මේ මොහොතේ අන්තර්ජාලය පාවිච්චි කරනවා නරකම ගෝත්‍රවාදියො පිරිසක්//


මේක දැක්කම මට හිතුනෙ මේ මනුස්සයත් බ්ලොග් කියවනවද කියල.  මොකද මේ වෙනකොට කරුණු, මතවාදයන් හෝ දර්ශනයෙන් එහට ගිහින් අම්මලට දූලට ගෑණුන්ට බනින අවස්ථා පිරුණ හැටේ වත්ත වගේ වෙලා අන්තර්ජාලයත්. හොඳම උදා හරණය මාතලන්ට සහ කතන්දරට වෙච්චි අලකංචි.

සන්නස්ගලගෙ සම්පූර්ණ ලිපියමමෙතනින් ගිහින් බලන්න පුලුවන්. වගේම මේක ඇත්තටම සාකච්ඡාවට, අවධානයට ලක්විය යුතු ලිපියක් නිසයි මෙහෙම පල කරේ.

පලි.

අදහස් දක්වන සැමට ඉතා වටිනා කතාවක් ඉවාන් පහත ලියල තියෙනව.ඒකෙ වටිනාකම නිසා මෙතන කපල ඇලෙව්ව කමෙන්ට් කිරීමට පෙරම ඔබේ අවධානය සහ සලකා බැලීම පිණිස;

//සංවාද විසඳුමකින් අවසන් වෙන්න ඕන කියලා හිතන ලිං මැඩියන් මේ ආකාරයෙන් හැසිරෙනවා ඇති. උන් දන්නේ නෑ තමුන්ගේ අදහස වෙනස් කිරීමට හෝ එය දිගටම දරගනේ සිටීමට අයිතිය තියෙන්නේ අදාළ පුද්ගලයට කියලා. මම කියන දේ පිළිගත යුතුමයි කියන තැන හිටගත්තම ආපහු වාඩිවෙන්න හිතෙන්නේ නෑ//


(කමෙන්ට් කරන ඔබේ අදහස ඉතාම වැදගත්. එහෙත් එය පිළි නොගැනීම හෝ පිළි ගැනීමත්, එකඟ වීමත් නොවීමත් අනෙකාගේ අයිතියයි.)

LinkWithin

Related Posts with Thumbnails