
මං කිව්වනෙ මේකෙ තීන්නෙ අහන දකින විඳින කතා කියල. මේක මං අහපු සහ විඳපු කතාවක්. මුලින්ම මං මේ කතාව අපේ වැම්පයර් සහොදරයගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකක් හටියට දැම්ම. ඒක බලපු හැමෝම කියල තිබ්බ මේ කතාව වැඩි දෙනෙක්ට දකින්න පොස්ට් එකක් හටියට දාන්න කියල.
මේ කතාව ඇහුවෙ මායි තව යාලුවො දෙන්නෙකුයි මීට අවුරුදු දොළහකට විතර ඉස්සර ශ්රීපාදේ යද්දි මගදි අපිට සෙට් වෙච්ච තව කොල්ලො දෙන්නෙක්ගෙ නඩේක හිටපු එකෙක් ගෙන්.
බොහොම ඉස්සර ඔය ගෙවල් වලට රෙදි තොරොම්බල් බඩු අරන් එන මුස්ලිම් වෙලෙන්දෙක්ට ඒ ආපු වෙලාවක ගමේ ගෙදරකින් කෑම වේලක් කන්න සෙට් උනාලු. එදා ඒ ගෙදර අනික් වෑංජනත් එක්ක ආඳ මාලුවකුත් හදල තිබ්ල. ජීවිතේ පලවෙනි පාරට ආඳ මාලු කාපු වෙලෙන්ද රස කර කර කන ගමන් ගමරාලගෙන් ඇහුවලු "අයියා..මොකාද මේ මශ්, මේක මාර රසනේ අයියා " කියල. “ආඃ ඔය ආඳ මාලුනේ තම්බි, ආඳ මාලු, මොකාද අයිය යේක…ඇයි බන් ආඳ අර මේ වගේ දිග එකා වතුරෙ ඉන්නෙ..” කියල අත දික්කරල පෙන්නුවත් තම්බිට තේරුනේ නෑලු. මේක අහන් හිටපු ගමමහගෙ එතනට හොට දාල " ඇයි බන් තම්බි අර දිග එකා බන් අර නයා වගේ.. ආඃ නය්යාද...ආඃ යේක මන් දන්නව..ශරි ශ්රි..”කියල තව ආඳ මාලු ටිකක් ඉල්ලන් බුරිය මෝදු වෙන්නම ඇදල ඇරල කෑම වේලට පින්දීල එහෙම පිටවෙලා ගියාලු.
ආඳ මාලුවෙ රස සිහිකරකර තම්බි දැන් පාරදිගේ යනකොට මෙන්න බොලේ තඩි නයි පතයෙක් ඇදෙනවලු හුඹහකට ඒ අයිනෙ. නයි හාමි දැකපු තම්බ්ට යනගමනත් අමතක වෙලා.." ආඃ .අද මගේ ගේනිටත් ආඳ මාලු කතෑකි..ඔහොම හිටපන් ආඳ ඔහොම හිටපන් " කියල අල්ලගන්න පැන්නලු.
දැන් නයා ගිහින් ඔලුව හුඹහට ඔබනකොටම තම්බිත් ගිහින් ඇල්ලුවලු මුගේ වලිගෙන් " හෙහ් ඔහොම හිට්ටපන් ආඳ මම අද තෝ කන්න ..." කියල . එතකොටම මල පැනපු නයා ඔලුව එලියට දාල "හූස් " ගාල පිඹල පැන්නලු තම්බිට. බයවෙච්චි පාරට බිම වැටිච්ච තම්බිගෙ ඔලුව උඩින් ගිය නයා ආයි පාරක් සර බරස් ගාල කැලේට වදිනකොට මල පැනපු තම්බි කියනවලු.." හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.." කියල.
ඉතින් මේක ඇහුව අපේ සෙට් ඒකේ එකෙක් දැන් කන්ද නගිනකම්ම මග ඉන්න කෙල්ලන්ට විහිලු කරනකොට උන් නිකන් ගස්සල හරි රවල හරි බැලුවොත්...මූ කියන්නේ" හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.."