"නංගි..., මේක බලල මට රිප්ලයි එකක් දෙනවද?"
හිමිහිට ඉදිරියට ඇදෙන පොඩි මල්ලිගෙ එම්.බී ෆයිව් මෝටසයිකලෙ පිටිපස්සෙ ඉඳගෙනම මම පොඩි කොටුවෙන්න නවපු ලියුම සුරේකට දික් කෙරුව.
"ට්‍රිප් එකක්..?"
සුරේකගෙ පුදුමය පිරිච්චි වචනවලට බකස් ගාල ගෙම්බෙක් වතුරට පැන්න වගේ හිනා උනේ එහාපැත්තෙ හිටපු කොට බතල නෑම්බි.
ඒ කැත හිනාව නිසා මට මාව දැණුනෙ හරියට කාණුවකට වැටුන අයිස් පළමක් වගේ!
"යමන්..යමන්.." මං පොඩිමල්ලිට ඇන්නෙ අතින්ද පයින්ද මන්ද!
බයිසිකලේ කෑ ගහගෙන ඉස්සරහට යනකොට සුරේක ලස්සන රවුම් ඇස් දෙක තවත් බෝල කරගෙන, පුවක් ලෙල්ලෙ කට් එක කපපු කොන්ඩෙත් පැත්තට හරවල පුදුමෙන් බලනව සයිඩ් කණ්නාඩියෙන් පෙනිල නොපෙනිල ගියා.
...........................
සුරේක කියන්නෙ අපේ ගෙවල් වලට තරමක් එහා හිටපු, මගේ නංගිගෙ යාළුවෙක්. හිටියෙ අපේ නංගිගෙ පන්තිවලමයි, වෙන ඉස්කෝලෙක. එයාගෙ අක්ක මගෙ වයසෙ, ඒත් මට සුන්දරව පෙනුනෙ නංගිව.
එයාට තිබ්බෙ අර පුවක්ගෙඩියෙන් හදන බෝනික්කෙගෙ පෙනුම. කොන්ඩෙත් ඒ වගේම කොටට කපල, ලස්සන ඇස් දෙක, පියකරු අහිංසක මුහුණ හින්ද පට්ට කෑල්ලක් කියන එකට වඩා සුන්දර කෙල්ලෙක් කිව්වොත් වැඩිය හරි.
ගිහානිගෙන් සිදුවීමෙන් පස්සෙ කාලයක් හැමදේම එපා වෙලා ඉන්දැත්දි, කෙල්ලෙක් දිහා අයිත් පාරක් රාගයෙන් තොරව බලන්න පෙළඹුවෙ සුරේක!
උසස් පෙළ අග හරියෙ හිටපු මම, මොන දේ තිබ්බත් උදේට ඉස්කෝලෙ යනකොටටත්, සමහරදාට දවල්ට එනකොටත් කොහොමහරි ඒ මූණ හොයාගන්නවම තමයි. ඒත් ඒ හැමදාම වගේ සුරේකගෙ අක්කත් එයා එක්කම හිටිය.ඒ හින්ද ඈත ඉඳල බලල, ඒ ඇස් පටලවල මම ආ බව එයාට මතක් කරන එක විතරයි ඒ හැම දවසකම මට කරගන්න පුළුවන් උනේ.
ඒ බෝල ඇස් පස්සෙ මං පන්නනව කියන එක දැනිල තිබ්බ කියල ස්ථීර උනේ අපේ නංගි දවසක් දවල්ට කන අතරෙ මගෙන් හිමිහිට ඒ ගැන ඇහුවමයි.
නංගිට නොකිය ඉන්න, හංගන්න දෙයක් මට තිබ්බෙ නෑ.
"ඔයා සිරාවටද ලොකු අය්යෙ ට්‍රයි කරන්නෙ? "
මට වඩා හොඳට නංගි මං ගැන දැනගෙන හිටිය. ඉතින් එහෙම අහපු එක ගැන කොහොමද දොස් කියන්නෙ, මම බත් එක දිහා බලාගෙන හිතුව.
ගමේ නිකං ලැබෙන හාල් නිසා අපේ ගෙදර හැදෙන්නෙ රතුම රතු බත්. ඒවට කොයිතරන් හොදි දැම්මත් ගිලින්න හරිම අමාරුයි.
"ඔව් සිරාවට. තමුසෙ උදව් කරනවද? "
මම භාගෙට අනාපු බත්ගුලියක් යන්තන් උගුරෙන් පහලට යැව්ව.
"බලමු.."
නංගි කාල ඉවරකරල නැගිට්ටට මගෙ බත් එක එහෙමමයි.
..........................
දෙවියොයි ඉගෙනීමයි මතක් වෙන්නෙ කෙල උනාමනෙ.
මටත් කට ගාවට ආපු උසස්පෙළ විභාගෙයි, ට්‍රිප් එකක් හින්ද වෙච්චි ලැජ්ජාවයි දෙකම නිසා සුරේකව මග හැරල, කරන්න වැඩ තිබ්බ. එහෙම නැත්තන් කරන්න දේවල් හොයා ගත්ත.
විභාග කියන්නෙත් හරියට මොරටුවෙ අළුත්පාරෙ එන වාහන වගේ. බැලුවම තියෙන්නෙ හෙන ඈත. ඒත් හිතන්නත් කලින් අපිව පහුකරගෙන යනව.
එක දිගට අවුරුදු දොළහක් තිස්සෙ දුවපු දිවිල්ල හමාරකරල ජීවිතේ අන්තිම ගන්ධබ්බ කාලෙ, අතේ සතේ නැති, ඒත් මොහොතක් ගෙදර නැති ජීවිතේ පටන් අරගෙන තිබ්බෙ අලුත් පාසල් වාරෙ පටන්ගන්නත් කලින්ම. ඒ කාලෙ තමයි මග නතරකරල, වහල පැත්තකට කරල තිබ්බ හීන පස්සෙන් ආයි එලවගෙන යන්න ලැබුණ හොඳම කාලෙ.
සුරේකගෙ සිහිනය.! මාස දෙකකින් නොදැක්ක, හැමදාම දැක්ක හීනය හැබැහින් දකින්න ආපු මුල්ම අවස්ථාව, අළුත් පාසැල් වාරෙ පළවෙනිම දවස. ඒ මොහොත මග හරින්නම බැරි නිසා මම ගියා අපේ ගෙදරට උඩින් ඉන්න ඔගාව හම්බුවෙන්න. මොකද ඒ වෙනකොට පොඩි මල්ලි මොකද්ද කෝස් එකකට යන්න අරන්, දවල්ට ඌව අල්ලගන්න අමාරුයි.
ඔගා, එහෙම නැත්තන් ඔගස්ටස්. ඌට තිබ්බෙ සීසර්ගෙ නම උනාට වැඩ රෝමියෝ වගේ! අපේ සෙට් එකෙන් මුලිම්ම කෙල්ලෙක් එක්ක එෆෙයාර් එක පටන්ගත්තෙත් ඔගා. මුලින්ම ඒක බිඳිල විනාස වෙලා දුක්වින්දෙත් ඔගාමයි. ඒ නිසා අපි හැමෝම නිතර ට්‍රයි කරා උගෙ හිත හදන්න වෙන කෙල්ලෙක් සෙට් කරවන්න, ඒත් උගෙ හිතේ යමුණ හිටපු තැන හිස් උනේම නෑ.
ඇත්තටම ඔගා කියන්නෙ බොහොම අහිංසක, ඒ වගේම අති දක්ෂ, අවංක මිත්‍රයෙක්. ඉස්සරහ ගෙදර යමුණත් එක්ක තිබ්බ එෆෙයාර් එක විනාස වෙච්චි දුකට පිස්සු කෙලල, වහ බීල මැරෙන්න ගිහින්, විභාගෙත් අනාගත්තෙ නැත්තන් අනිවාර්යෙම්ම ඌ ඉන්ජෙක්! ඒත් අන්තිමට ආදරේ ඔගාව ගෙනල්ල නතර කලේ උන්ගෙ තාත්තගෙ ලියවන පට්ටලේ ඉස්සරහ.
මම යනකොටත් ඔගා පට්ටලේ වැඩ! ඌ මාව දැක්කම අර අර දිග ලිවර් එකක් එහාට කරල,කැරකෙන සිලින්ඩරේට අත තියල නවත්තල, කොළපාට කළුපාට කවරෙන් වැහිච්චි ලයිට් එක අස්සෙන් හිනා වෙලා බැලුවෙ හරියට මම එනකල් මග බලන් හිටිය වගේ!
"මචං උඹ දවල්ට කොහෙවත් යන්නැත්තන් චැලිය පොඩ්ඩක් ඉල්ලගන්න ආවෙ.."
ඔගා පට්ටලේ ලී තට්ටුවෙන් බහින්නත් කලින් මම ආව කාරනාව ඇදල ඇරිය!
අපිට වඩා කඩ්ඩ පොළිෂ්, අපිට වඩා ගණන් දන්න ඔගා, මජං පැල්ලන් එක්ක හිල් සමව පැතිරිච්චි පාට නොදන්න ටීෂට් එකයි, ඩෙනිමකින් කපපු ඉස්සර නිලට තිබ්බ බව පේන දණිහ ගාවට දිග කළිසමයි පිටින් අත්වල තෙල් රෙදිකෑල්ලකි පිහ පිහ මගෙ ලඟට ආව.
"හොඳ වෙලාවට උඹ ආවෙ. මටත් පොඩි වැඩක් තියෙනව, ඒකට මාව හන්දියෙන් දාල උඹ බයික් එක ගෙනියපන්"
මජං ඇඳුමෙන් හිටපු ඔගා එහෙම කියල සුරදූතයෙක් වගේ හිනා උනා.
"හරි මම දෙකට දහයක් තියල එන්නං!"
එහෙම කිව්වෙ ඒ වෙනකොටත් දොළහ පහුවෙලා තිබ්බ නිසා, ගෙදර ගිහින් නාල කාල ඇඳුමක් දාල පිළිවෙලට එන්න හිතාගෙන.
"හා..හැබැයි අපේ තාත්ත ඇහුවොත් කියපන් උඹට ක්ලාස් එකක් බලන්න මාව එක්ක යනව කියල"
ඌ මට කිට්ටූවෙලා සද්දෙ අඩූකරල එහෙම කියල ලෑලි ගහපු වැඩපොළේ බිත්තියක් දිහා බලල හිනා උනා.
......................
සුරේකගෙ ඉස්කෝලෙ ඇරෙන්නෙ 1.30ට. දෙක දෙකයි කාල වෙනකොට ඒගොල්ලො කල්දෙමුල්ල පාරට ඇවිත්! ඔගාව හන්දියෙන් දෙකට බැස්සුවම මට ඇතිවෙන්න වෙලාව තියෙනව. අනික අද එයා අක්ක නැතුව ඉස්කෝලෙ ගිහින් එන පළවෙනි දවස. බකස් ගාන බතලිල ගමෙනුත් ගිහින්. මාව දැක්කම අපේ නංගි කොහොමත් ස්ලෝ වෙයි, නැත්තන් හය්යෙන් යයි. ඒ නිසා සමහරවිට කතා කරන්න බැරිවෙන එකක් නෑ! එහෙම උනොත් සුරේකගෙන් ඉස්සෙල්ලම අහෙන්නෙ මොනවද, ඒවට එයා දෙන උත්තර, ඉන් පස්සෙ අහන දේවල්....මගෙ හිත පිරිල කියන්න ඕන ඒව ඔක්කොම පැටලිල..
අදරේ කරන එක තරම්ම ආදරී ගැන සිහින දකින එකත් හරිම සුන්දරයි! මං ඒ හීනෙත් එක්කම ලැහැස්ති උනා.
හරියට දෙක වෙනකොට අපි දෙන්න පාරෙ. දවාලෙ මජං කිට ගහල හිටපු ඔගත් පිළිවෙලට ඇඳල, ඔගා පදිනව, මම පිටිපස්සෙ, දෙන්නම ගල්තොප්පි දාල චැලියෙන් වඩිනව. අපේ ඉස්සරහට එන සුදු ගවුම් අතරෙ සුරේක ඉන්නවද? පාර දෙපැත්තෙන්ම එන එක එක දිග කොන්ඩ, රවුම් මූණු, අස්සෙ මගේ ඇස් අතරමං වෙලාද!
දක්ෂ පතල් කාරයෙක්ට මඩ වතුර, තිරිවාන කෝටියක් අස්සෙන් තමන් හොයන මැණික දකින්න අපහසුවක් නෑ. ඈත සුදු ඇඳපු පුන්චි කෙළිපොඩ්ඩො ගොඩකට පිටිපස්සෙන් ඒ මූණ මම දැක්කෙ නංගිව දකින්නත් කලින්. ඒත් එක්කම චැලියත් ගැස්සුනේ මගෙ හිත ගැස්සුන හැටි දැනිල වගේ!
ඇස් පිල්ලමක වේගෙන් අපි සුරේකල ගාව.
උඩ පැන පැන එන අපේ නංගියි, තවත් ගිණිබෝම්බයක් වෙච්චි ගංග නංගියි මැද්දෙන් පාවෙවී ආපු ආපු සුරේක බිමට නමාගෙන හිටි මුහුණ ඇල කරල, අර මම හැමදාම හීනෙන් දකිණ ඒ ලස්සන ඇස් බෝල කරකවල අපි දිහා බැලුව.
අකුණු ගහන්නෙ එක මොහොතකට විතරක් උනාට, ඒ මොහොතට ඉර පෑව්ව වගේ එළියයි!
ඇස් උස්සල බලපු සුරේක මා එක්ක හිනා උනා, ඔව් ඇස් වලින් විතරක් නෙමෙයි, ඇය බොහොම ආදරෙන් මන් දිහා බලල පළවෙනි පාරට සුන්දරව හිනා උනා!
ලෝකෙම එක තැන නැවතිල, චැලිය විතරක් ඉස්සරහට ගියා!
....................
බඩගාගෙන ආපු ඔගාගෙ චැලිය හන්දියෙ පබසර එක ඉස්සරහ නැවැත්තුව. ඌ බයික් එක නවත්තනකොට මම බැහැල හිටගෙනත් ඉවරයි. හුටු හුටු ගාන චැලියක පිටිපස්සෙ ඉන්නවට වඩා කඩේක ප්ලාස්ටික් පුටුවකට බර දීල, සිගරට් දුම අස්සෙන් යන්න ගොඩක් දුර ගමණක් මට තිබ්බ.
"ඉන්දිකය වරෙන් මොනා හරි බොමු" ප්ලේන්ටියක් එක්ක ගෝල්ලීෆ් එකක් බොන්න මට තිබ්බ ආසාව තේරිල වගේ ඔගා ඇහුවෙ.
"වරෙන් බං, ෆලුඩ එකක් ගහල යමන්, .."
දුක එන්නෙ පෙළට, සතුට එක පොදියට! රසම රස කූල් ෆලුඩ වීදුරුවෙ, උඩිම්ම තියෙන අයිස්ක්‍රීම් ගුලිය බින්ද බින්ද තොල ගගා, අර හිනාව ආයි ආයි මතක් කරන්න මට ලැබිච්චි අවස්ථාව.... දෙපාරක් හිතන්න දෙයක් තිබ්බෙ නෑ. මම දන්නව ඔගා ගාව සල්ලි තිබ්බ නිසා තමයි මට කතා කලේ කියල. ඒ හින්ද සද්ද නැතුව ඔළුව වනපු මන් ඌටත් කලින් ගිහින් පබසර එකේ රවුම් මේසෙ වටේ තිබ්බ ෆයිබර් පුටුවටක වැතිරුණා.
"මල්ලි ෆලුඩ දෙකයි... " එහෙම කිව්ව ඔගා මූනෙ හීන් හිනාවක් එක්ක මං දිහා බලන් උන්නෙ "මොකද යකෝ මූ මෙච්චර ජොලියෙ" කියන්න වගේ!
ඇත්තටම මගේ හැඟීම හංගන්න ඕනකමක් තිබ්බෙත් නෑ, ඕන උනත් ඒක එහෙම කරන්න මට හය්යක්තිබ්බෙත් නෑ. ඒතරමට සුරේකගෙ හිනාව මාව පිස්සු වට්ටලද?
මගේ හැඟීම තේරුං අරන් වගේ ඔගත් සද්ද නැතුව හිටිය. සමහරවිට සුරේක හිනා වෙනව ඌත් දකින්න ඇති.!
සීතල වතුර බිංදු තැවරිච්චි පාට පාට ෆලුඩ විදුරුවක් ගේන්න වෙනදට විනාඩි දහයක්වත් යනව. ඒත් එදා ඉඳගත්ත විතරයි, මෙන්න පට ගාල ෆලුඩ දෙක අපි ගාව!
පාට පාට ෆලුඩ වීදුරුවෙ රස අඩුවැඩි කරල බැලන්ස් කරන්නෙ උඩින්ම තීන රවුම් අයිස්ක්‍රීම් කන්ද! වීදුරුවෙ අන්තිම බින්දුව ඉවර වෙනකල් දිය නොවී, පරෙස්සමෙන් අයිස්ක්‍රීම් ටික ටික එකතු කරල ෆලුඩ එකක් රහ බලන්නත් පොඩි හුරුවක් තියෙන්න ඕන. ගොඩක් වෙලා ගියොත් අයිස්ක්‍රීම් ඉබේම දියවෙනව, එතකොට වැඩක් නෑ. එහෙම නැතුව ඉස්සෙල්ල අයිස්ක්‍රීම් විතරක් කාල ෆලුඩ එක බොන්න ගත්තත් ෆලුඩ එකේ සැර පැනි රහ මිසක් වෙන රහක් දැනෙන්නෙම නෑ! හැම දෙයකම කළාවක්.
තට්ටු ගවුමක් ඇඳපු ගෑණු ළමයෙක්ගෙ රන්වන් මූන වගේ පාට පාට ෆලූඩ වීදුරුවෙ උඩිම්ම උන්නු වැනිල අයිස්ක්‍රීම් ටික දිහාවෙ බලාගෙන ඉන්නකොටත් මට පෙණුනෙ සුරේකව!
"ඉන්දිකය, උඹට පොඩි සීන් එකක් තියෙනව කියන්න"
චූටි කළුකූඹියෙක් රවුම් මේසෙ දිගේ ඇවිත් මගේ වීදුරුවට නගින්න හදනව!
"ඇයි ආයි මොකක් හරි අවුලක්ද?"
වෙනදට පොඩි කරල දාන්න දෙපාරක් හිතන්නෙ නැති කූඹියව පැත්තක ගසල දාන ගමන් මම ඇහුවෙ ඔගා නිතරම කියන සීන් උගෙ හිත රිදුන ඒව නිසා.
"නෑ අවුලක්ම නෑ. මම ආයි ගර්ල් කෙනෙක් ගැන හිතුව.. මචං අයිම් ෆෝල්න් ලව් විත් හර්..."
සීතල, රසම රස ෆලූඩ් උගුරක් පපුව හරියෙන් පහලට යනව දැනෙත්ති මම ස්ට්‍රෝ එක තොල් වලින් කිටි කිටියට තදකරගෙනම ඔගා දිහා බැලුවෙ සන්තෝසෙ දෙගුණ වෙලා ඇහෙන දේ විස්වාස කරන්න බැරිවෙච්චි නිසා!
ඔගාට පිටිපස්සෙන් තියෙන ලොකු වීදුරුවෙන් ගාලුපාර දිගට පේනව. වෙනදට පාරෙ දකින ලස්සන කාර්, උස ජීප් වෙනුවට මට පෙනුනෙ ගාලුපාරෙ මැද එක පෙලට තීන රොබරෝසියා ගස් පේලියෙම මල් පිපිල තියෙන අපූරුව.
රොබරෝසියා ගස් සේරගෙම මල් පිපෙන්නෙ එකම කාලෙට!
"උඹ හෙල්ප් කරනවද?"
ඔගා ඇහුවෙ අහන්න ඕන්නැති ප්‍රශ්ණයක්. ඌටයි මටයි අපි දෙන්නගෙ ගර්ල්ස්ලත් එක්ක එම්සී එක පැත්තෙ ගිහින්, කේඑෆ්සී එකෙන් කාල ෆිල්ම් එකක් බලල එන්න, ගල්කිස්සෙ බීච් එක දිගෙ ඇවිදින්න, පල්ලියකට හරි පන්සලකට හරි යන්න, කොයිතරන් දේ කරන්න බැරිද, මට හිතුන.
"එළකිරි... කවුද කෑල්ල?" වෙන වෙලාවකනම් මම මුලිම්ම උගෙන් අහන්න තිබ්බ ප්‍රශ්ණෙ!
"අර උඹලගෙ නංගිත් එක්ක එන කොන්ඩෙ කොටට කපපු ගර්ල්...."
තඩි මැස්සෙක් කොහෙද ඉඳන් එකපාරටම ඇවිත් කෙලිම්ම වැහුවෙ වීදුරුවෙන් උඩට මතුවෙච්චි මගෙ ස්ට්‍රෝ එක උඩ!
"එයා අපේ ජෙරම් අය්යලගෙ ගෙදර එනව ඉංග්ලිෂ් ක්ලාස්. ඒ ගර්ල් මාර ඉනස්නට් මචන්. මම එක දවසක් කතා කරා ඒත් කොහොමද කියල විතරයි ඇහුවෙ. ඊට කලින් ඉඳලම ෆලෝ කරා, හැබැයි හිනාවෙලා යනව විතරයි. පස්සෙ මම විස්තරත් හෙව්ව. ඉන්නෙ සුධර්මාරාම පටුමගේ. අර ලොකු මල් වැටක් තීන්නෙ බං...උඹලගෙ නංගිගෙ වයසෙම තමයි.." ඔගා කියෝගෙන යනව.
එෆ්.එම් නයින්ටිනයින් කියන්නෙ මෙලෝ රහක් නැති සින්දු යන චැනල් එකක් උනාට පබසර එකේ බුවා දාන්නෙම ඒක.
"ඉතින් උඹ පොඩ්ඩක් නංගිට කියල එයා එක්ක කතා කරන්න විදිහක් සෙට් කරල දියන්, හරිද...අවුලක් නෑනෙ..."
"නෑ බං...මොන පිස්සුද...මං හෙල්ප් කරන්නං..."
අය්සික්රීම් ටික දියවෙලා ගිය බීපු නැති ෆලුඩ වීදුරුව එහාට කරල මම සිගරට් එකක් පත්තුකරගත්ත.
Roses are red
ReplyDeleteViolets are blue
I'd rather be single
than be with you !
//Roses are red
DeleteViolets are blue//
love is blind :P
myopic
Deletehm.. natural to have in age 40 :P
DeleteMyopic is natural at aged 40; but at 18- 20? O.o Love has definite effect on eye sight.
Delete//අය්සික්රීම් ටික දියවෙලා ගිය බීපු නැති ෆලුඩ වීදුරුව එහාට කරල මම සිගරට් එකක් පත්තුකරගත්ත.//
ReplyDeleteරෙෂ්පට් !!!! :D :D
මල්ලියා ..මෙහෙ වරෙං මචෝ .…මේ මගුල අරං ගිහිං ප්ලේන්ටියකුත් අරං වරෙං …
//(පත්තර) මල්ලියා ..මෙහෙ වරෙං// //අරං ගිහිං ප්ලේන්ටියකුත් අරං වරෙං//
Deleteඅර ඉවාන් කියල මහත්තයෙක් කියල තිබුන මේ දවස්වල හලාවත පැත්තෙ ඔයවගේ ඕඩර්ස් ඇහෙනව කියල
ප්ලේන්ටි විතරක් නෙමේ මුගෙ නැට්ට නැති උනාට ගස් උඩ ඇඹරැල්ල කඩන්න, අමු අඹ හොයන්න යවන්නෙත් ඔහොම තමා කියන්නෙ.
Delete//(පත්තර) මල්ලියා ..මෙහෙ වරෙං// //අරං ගිහිං ප්ලේන්ටියකුත් අරං වරෙං//
Delete//අර ඉවාන් කියල මහත්තයෙක් කියල තිබුන මේ දවස්වල හලාවත පැත්තෙ ඔයවගේ ඕඩර්ස් ඇහෙනව කියල//
එල ද බ්‍රා
තව මේ සපත්තුව දාන්න කියලත් ඕඩර්ස් එනවා .... ඕ..යේස්
Deleteසපත්තුව දාන්න කිව්වනං බරපතලයි. ඕකනෙ බං බින්නෙට ගියාම වෙන හෙනේ :P
Deleteතේ එක අරගෙන එනවා...කියලත් ඔි..යේස්
Deleteකකුල් මිරිකන්ඩත් ඕඩර් එනව .
Deleteමේ සින්දුවත් ඇහෙනවාද ....
Deleteකඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං
This comment has been removed by the author.
ReplyDeleteඒ කැත හිනාව නිසා මට මාව දැණුනෙ හරියට කාණුවකට වැටුන අයිස් පළමක් වගේ!
ReplyDeleteඑයාට තිබ්බෙ අර පුවක්ගෙඩියෙන් හදන බෝනික්කෙගෙ පෙනුම
දෙවියොයි ඉගෙනීමයි මතක් වෙන්නෙ කෙල උනාමනෙ.
විභාග කියන්නෙත් හරියට මොරටුවෙ අළුත්පාරෙ එන වාහන වගේ. බැලුවම තියෙන්නෙ හෙන ඈත. ඒත් හිතන්නත් කලින් අපිව පහුකරගෙන යනව.
ඌට තිබ්බෙ සීසර්ගෙ නම උනාට වැඩ රෝමියෝ වගේ!
දක්ෂ පතල් කාරයෙක්ට මඩ වතුර, තිරිවාන කෝටියක් අස්සෙන් තමන් හොයන මැණික දකින්න අපහසුවක් නෑ
අපිට වඩා කඩ්ඩ පොළිෂ්, අපිට වඩා ගණන් දන්න ඔගා
ලෝකෙම එක තැන නැවතිල, චැලිය විතරක් ඉස්සරහට ගියා!
තට්ටු ගවුමක් ඇඳපු ගෑණු ළමයෙක්ගෙ රන්වන් මූන වගේ පාට පාට ෆලූඩ වීදුරුවෙ උඩිම්ම උන්නු වැනිල අයිස්ක්‍රීම් ටික දිහාවෙ බලාගෙන ඉන්නකොටත් මට පෙණුනෙ සුරේකව!
//// උඹ මට වඩා කොච්චර පෝසත්ද ////
ලස්සන සාරියක රටා ඇතුලේ එතෙන රත්තරන් කෙඳි වගේ මට දැනුනෙත් ඔය පේලි ටිකමයි අටම් මහත්තයො..
Deleteසාරි අස්සේ රටා හොයන වෙලාවේ නරකද ඔය මහත්තයත් අකුරක් දෙකක් කෙටුවානං
Deleteඅකුණු ගහන්නෙ එක මොහොතකට විතරක් උනාට, ඒ මොහොතට ඉර පෑව්ව වගේ එළියයි!
Deleteඅටම, මගෙ රූපක තිබ්බට මොකද උඹෙ ශෛලිය ඊට වඩා රහයි. ඒ නිසා ලියහන්, චෙෆාකිට වැදි බණ දෙසන්නැතුව.
Deleteචෙෆාකි, මටනං මේක කලින් කතාව තරං රහ නෑ කිව්වොත්?
ඇනෝ, ඔව් ඒක මමත් කැමති යෙදුමක්.
දුක එන්නෙ පෙළට, සතුට එක පොදියට! :)
Deleteඋඹට වචන වලින් චිත්‍ර අඳින්නත් පුළුවනි බං.මුළු කතාවම එකම මෙව්ව එකක් වගේ(නියම වචනෙ එන්නෙ නෑ) වෙනද ලියන ඉන්දිකයමද මේ කතාවත් ලිව්වෙ කියල හිතෙනවා.
ReplyDelete//උඹට වචන වලින් චිත්‍ර අඳින්නත් පුළුවනි බං.// සිරාවටම අයියේ
Delete+++++++++++++++++++++++++++
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteඑල ද බ්‍රා
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteහැළපෙ, බොහොම ස්තූතියි සහ සන්තෝසයි උඹ වගෙ පරිණතයෙක් මෙහෙම කියපු එක ගැන!
Deleteඒ වගේම යමක් වෙනස් රහකට ලියන්න පුළුවන් කියන විස්වාසෙ මගෙ හිතේ ඇති කරේ අර උඩින් මට "දුර දිග බලන්නෙ නැති එකා" කියල බැනල ගියපු ගෝරිල්ල. ඒ නිසා ඒ වෙනුවෙන් ඒකටත් ස්තූති කරන්නම ඕන.
ගොරිල්ල දිග මැන්නද කියල මං දන්නෙ නෑ.
Deleteමාත් කියල තියනව ඉන්දිකට හොඳට ලියන්න පුලුවන් කියල. හැබැයි මං වැඩිය ආස කුතුහලය ත්‍රාසය හෝ හාස්‍යය දනවන ලිවීම්
හාස්‍ය නං ඉතින් මං දන්නෙ නෑ, අනික් දෙක ගැන බලමු. හැබැයි මට ප්ලොට් හදා ගන්න එක තමා අමාරුම. දැන් අර කතාව ලෑස්තිද?
DeleteTranslation? ඒකත් යනව. ඒක නෙමෙයි ආසාව තියෙන්නෙ ඒ ආශ්රයෙන් fiction එකක් කරන්න. ප්ලොට් ඕනෙ තරම් තියනව format කරල ෆිල් අප් කරන්න්න ඔබ වැනි අයෙක් අවශ්‍යයි.
DeleteGOH එකේ හම්බුවෙන්න තව ටික කලයි.
Deleteමමත් මෙතෙන්ටම එකතු වෙන්නම්.හැලපය තමයි හරිම කතාව කිවුවෙ
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteඅපූරුයි! ජීවිතේ කොයිතරම් නම් මේ වගේ හතරමං හන්දි මුණ ගැහෙනවාද! මේ පාරේ නොගිහින් ඒ පාරේ ගියා නම් කියලා හිතෙන්නේ ආපස්සට බැලුවහමයි නේ?
ReplyDeleteමම හිතන්නෙ කොහොම කොහොම හරි මේ ඇවිත් ඉන්නෙ හොඳම පාරෙ. ඒත් අර මිස් වෙච්චි ඒව ගැන මෙනෙහි කරන එක මාර අමුතු වින්දනයක්, ඒකට මම ආසයි!
Deleteකතාව ගොඩක් රස වින්දා අයියේ, ඔයා පාවිච්චි කරලා තියෙන යෙදුම් එක්ක කතාව ඉස්සරහට කියෝගෙන යන්න ආසයි. ඔගා ගේ ඇඳුම ගැන විස්තරේ දෙපාරක් කියෙවුවා ,එක කතාවක් නෙමේ කතාව ඇතුලේ ගොඩක් දේ දැක්කා, ස්තුති ,හුග කාලෙකින් ආවේ අයියේ, නියමයි .
ReplyDeleteමොකෑ බං ආච්චි මලාද ආයි බ්ලොග් බලන්න එන්න ලැබුනෙ :D
Deleteස්තූතියි අගයකිරිමට, සහ යටි පෙළ කියෙව්වට.
එකෙක් නෙමේ අයියේ ආච්චිලා තුන් දෙනෙක් මැරුණා දවස් විස්සට :( කරුමේ, දැන් අලුත් ජොබ් එකකට ආවා පරණ සීයා වගේ නියමයි, මාත් ලියනවා ආයේ
Deleteමොනවා කියනවද කියලා මම මේ කල්පනා කලේ.. සමහර උපමාවල් නම් සුපිරියි ඉස්තරම්..
ReplyDelete//"නෑ බං...මොන පිස්සුද...මං හෙල්ප් කරන්නං..."
අය්සික්රීම් ටික දියවෙලා ගිය බීපු නැති ෆලුඩ වීදුරුව එහාට කරල මම සිගරට් එකක් පත්තුකරගත්ත.//
ආයේ මොනවද ඉතින්.. ගත්ත නියමම තීරණේ.. #රෙස්පෙක්ට්..
ඔව් දිනේෂ්, අද උන් දෙන්න පැන්චියො දෙන්නෙක් ඉන්න සුන්දර පවුලක්. රසවින්දනම් සතුටුයි!
Delete/* ඌට තිබ්බෙ සීසර්ගෙ නම උනාට වැඩ රෝමියෝ වගේ! */
ReplyDeleteඒ කියන්නේ පොර තනිකරම රෝමන්!
අයිත් අහල, නියම රෝමන් කාරය.
Deleteඑතකොට උඹ සූර පප්පද ජිම් පප්පද? :-P
Deleteපෙනුමට වෙද පප්ප වගේ, ඒ උනාට උනෙම ජිම්පප්පට වෙන සීන් :D
Deleteමේ වැඩේම මට හතරේ පන්තියේදීත් වුණා, එකොලහේ පන්තියේ දී වුණා!
ReplyDeleteදුක තමයි!
එහෙනං රසිකගෙ තත්වෙ මට වඩා දරුණුයි..! කතන්දරකාරය හිටියනං ඒ ගැන ලියවෙන්නත් තිබ්බ, නැද්ද?
Deleteපොඩි කාළේ ඉඳන් කියවන කතන්දර... ඒත් මේවා පට්ට රහ ඇට්යි කියලා තේරෙන්නේ නෑ.. කොහොමත් උඹේ ඇඟ ඇතුලේ පට්ට කළාකාරයෙක් ඉන්න එක නම් බොරුවක් නෙමෙයි... රහ උතුරනවා... කොලු කම් තිබුන හැම එකාම කාළා තියෙන පරිප්පුවක්.. පුදුමේ කියන්නේ ලව් කරන්න දන්නෙ නම් නෑ කියලා කෙල්ලෝ කියන මටත්, මේවා දැනෙන්නේ ඇයි කියන එක...
ReplyDeleteහෙහ්..හෙ.. බොහොම ස්තූතියි මාතෙ.! බූට් නොකා හැදුන කොල්ලයි හැඳි නොගා හැදුව හොද්දයි දෙකම මෙලෝ රහක් නෑ කියන්නෙ ඕකනෙ බං!
Deleteමෙන්න කලින් වගේම ලස්සණ ආදර කතාවක්. වැලන්ටයින් දවස ගැන හිතලම ලියලා වගේ. :)
ReplyDeleteවැලන්ටයින් කියන්නෙ අනුන්ගෙ හදවත් එකතු කල කෙනෙක් නේද?
Delete//එයාට තිබ්බෙ අර පුවක්ගෙඩියෙන් හදන බෝනික්කෙගෙ පෙනුම// :D:D
ReplyDeleteඇයි පොඩ්ඩි දැකලා නැතිද කියන කොටත් මට මැවිලා පේනවා එහෙම බෝනික්කෝ...:D
Deleteකුමාරිහාමිගෙ අත්තම්මගෙන් අහන්'ට' බලන්'ට' ඔය බෝනික්කො ගැන.
Deleteමනෝජ්, මෙයාල හෙන "පොස්" බං :D
හතරෙ පන්තියේ (තුනේ පන්තියේද කොහෙද) ඉංග්‍රීසි පොතේ තිබ්බා පාඩමක්.. Let's make a doll.. පුවක් ගෙඩියෙන් බෝනික්කෙක් හදන්න... :)
Deleteකමියෝ මටත් මතකයි ...මම හිතන්නේ තුනේ පන්තියේ ...
Deleteඅතීතයට හිත දිව ගියා මොහොතකට සියල්ල නතර වුනා හිත ලග. ඒ අතීතය මතක් කර කර මුළු දවසම වැඩ කරන්න පුළුවන් වේවි කියල හිතුණා. ඒත් අන්තිම මොහොතෙ ඒ සියල්ල හීනයක් විතරක් වුණා කිසිම දිනයක හැබෑ නොවෙන.
ReplyDeleteඅන්තිම වෙනකම් තලු මර මර කෑවා ඉංදික.ඒ තරමටම රසවත්
ඉස්සෙල්ල කිහන මේ ඉන්නෙ අටම්ද නැත්තන් උඹමද කියල.
Delete//අන්තිම වෙනකම් තලු මර මර කෑවා ඉංදික// එච්චරයි මටත් වෙන්න ඕනෙ.
මම්ම තමා ෙවන කවුද ඉතින්
Deleteඅර හැලපේ කිව්ව වගේ, උඹ අඳින චිත්රයෙන් අපේ ඇස් පිරිලා යනවා... හැමෝටම මේ පාට හැඩතල පාවිච්චි කරලා තමන්ට මතක චිත්‍රය ලස්ස කරගන්න පුළුවන්.
ReplyDeleteඒත් ආයෙම බැලුවහම චිත්‍රෙ පොඩි පොඩි අඩුපාඩු පේන්නෙම නැතුවා නෙමෙයි.. සමහර අතාත්වික වගේ දේවල් කියනකොට, ඒවගෙ විශ්වාසනීයත්වය වැඩි කරන්න අමතර දේවල් එකතු කරන්න වෙනවා. දැන් මචං මට ආපු ප්‍රශ්න මේවා;
උඹලා මෝටර් සයිකලේ සුරේකා පහුකරගෙන යනකම්ම, උඹ ඔගාට ආපු කාරණේ කිව්වේ නැති එකට සාධාරණ හේතුවක් මට හොයාගන්න බැහැ. ඔය වගේ ගමනක හේතුව තමන් එක්ක එකට මෝටර්සයිකලේ යන එකාට, විශේෂයෙන් මෝටර්සයිකලේ පැදගෙන යන එකාට නොකියා ඉන්නවා කියන එක මට ටිකක් අවුල්... එහෙම වෙන්න බැරි නැහැ.. නමුත් මම කිව්ව වගේ එහෙම වෙනකොට ඒක එහෙම උණා කියලා විශ්වාස කරන තැනකට උඹ අපිට ගේන්න ඕනේ..
අනික ඔගා සුරේකව දකින්නෙ නැත්තේ ඇයි? ඔගා සුරේකා කියන්නේ කවුද කියලා උඹට කියන විදිහෙන් පේන්නෙ ඔගා මෝටර්සයිකලේ යද්දි සුරේකාව දැක්කේ නෑ කියලා. නමුත් උගෙත් ඔලුවේ වැඩ කරන්න ඕනෙ නේද මේ වෙලාවේ සුරේකා ඔය අවට ඉන්නවා කියන එක?
//සුරේක ලස්සන රවුම් ඇස් දෙක තවත් බෝල කරගෙන, පුවක් ලෙල්ලෙ කට් එක කපපු කොන්ඩෙත් පැත්තට හරවල පුදුමෙන් බලනව සයිඩ් කණ්නාඩියෙන් පෙනිල නොපෙනිල ගියා.//
මෙන්න මෙතනත් මට විස්වාසබල් නෑ.... ඒත් උඹේ ලස්සන පාට කිරිල්ලට මම 'බෙනිෆිට් ඔෆ් ද ඩවුට්' දෙන්නම්....
කලින් එකේදිත් මගේ කමෙන්ට් එකෙන් උඹට සිංදුවක් මතක් වුණා කිව්වනේ... මේක කියෙව්වහම මට ඔලුවට ආවේ මේ සිංදුවේ පද කීපයක්.
"හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ..."
"පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද.."
පොඩ්ඩක් තිසර වැරදියට තේරුම්ගෙන වගේ.
Deleteමෙතනදේ ඉන්දික චැලිය ඉල්ලන්න ඕගා ගාවට යනවිට ඔගාටත් තාත්තාට හොරෙන් යන්න ගමනක් තියෙන බව කතාවේ පෙන්වනවා. එතනින් ඕගා ඔය වෙලාවේ ගියෙත් සුරේකා බලන්න බව ගම්‍ය වෙනවා. එකම චැලියේ දෙන්නම යන්නේ එකම වැඩේට නමුත් යන්නේ කුමටද කියා කියන්නේ නැහැ. ඉන්දික ඔගාට සිද්දිය කියන්න කලින් ඕගා විස්තරේ කියුවේ නැතිව ඉන්දික මුලින් ඔගාට සිද්දිය කියුවා නම් ඕගා දුක දාරා දෙන ඉන්දිකට හෙල්ප් කරාවි.
කතාව තුල උපරිමෙන් ඉගි තියෙනවා තේරුම් ගන්න. සමහර දේ වැඩිපුර විස්තර කරන්න ගියානම් මෙතරම් රසවත් නොවන බවයි මගේ හැගීම
තිසර,
Deleteමේ වගේ කමෙන්ට්ස් තමයි මචෝ වැඩිපුරම වටින්නෙ. මොකද සුන්දර සංවාද රචකයව සහ පාඨකයව අලුතෙන් හිතන්න, වැරදි හදාගන්න කරන්නෙ විශාල උදව්වක්!
මේක ඇත්තටම මට වෙච්චි, නමුත් පොඩි සිදුවීම් අතින් දාල ලියපු එකක් කියල උඹට මතක් කරන්න ඕන. කොහොම උනත් මේ කතාව කෙටි වෙන්න ඕන නිසා මම නොකිව්ව කොටසකුත් තියෙනව. අර "ට්‍රිප්" කතාව පොඩි මල්ලි ගිහින් කියල මම සෑහෙන්න බයිට් උනා අපේ උන්ගෙන්.
ඒ නිසා සෙකන්ඩ් ස්පෙල් එකේදි අනෙක් උන්ට නොකිය, කාගෙවත් සපෝට් එකක් නොගෙන වැඩේට බහින්න මම හිතුවෙ. ඔය ගැන යමක් මම ලියල ආයි කැපුව, කතාව දිගයි කියල හිතුන නිසා.
දැන් උඹෙ කතාවෙ තියෙන කරුණු ගැන අහපු දේ ගැන බැලුවොත්,
//උඹලා මෝටර් සයිකලේ සුරේකා පහුකරගෙන යනකම්ම, උඹ ඔගාට ආපු කාරණේ කිව්වේ නැති එකට සාධාරණ හේතුවක් මට හොයාගන්න බැහැ. //
මම හිතුව ඕකට උත්තරේ
"හොඳ වෙලාවට උඹ ආවෙ. මටත් පොඩි වැඩක් තියෙනව, ඒකට මාව හන්දියෙන් දාල උඹ බයික් එක ගෙනියපන්"
කියල කියපු එකෙන් කියවන්නො හිතා ගනියි කියල.
//අනික ඔගා සුරේකව දකින්නෙ නැත්තේ ඇයි? ඔගා සුරේකා කියන්නේ කවුද කියලා උඹට කියන විදිහෙන් පේන්නෙ ඔගා මෝටර්සයිකලේ යද්දි සුරේකාව දැක්කේ නෑ කියලා.//
ඇයි උඹට හිතුන්නැත්තෙ මේ
//ඒත් එක්කම චැලියත් ගැස්සුනේ// ඔගා ගැස්සුන නිසා කියල?
අනික,
//"මල්ලි ෆලුඩ දෙකයි... " එහෙම කිව්ව ඔගා මූනෙ හීන් හිනාවක් එක්ක මං දිහා බලන් උන්නෙ// උගෙ හිතේ තිබ්බ සන්තෝසෙට කියල හිතෙන්නෙ නැද්ද?
අන්තිමට, උඹ හිතන්නෙ සුරේක හිනා උනේ මං එක්ක කියලද, ඔගා එක්ක කියලද?
උඹෙ සින්දුව හරියටම හරි, ඒක දාන්නං.
ප/ලි
තව එකක්, අන්තිමට
//"අර උඹලගෙ නංගිත් එක්ක එන කොන්ඩෙ කොටට කපපු ගර්ල්...."//
කියල කියපු තැන මම අසාර්ථකයි තමයි, උඹ හරි. මට තිබ්බ ඒක තව දැනෙන්න ලියන්න.
ඔන්න මගෙ පැත්තෙන් නිදහසට කරුණු ප්‍රකාෂ කලා, දැන් උඹ ඒ දේ ගැන හිතන විදිය දැනගන්න ආසාවෙන් බලන් ඉන්නව :D
පලංචියේ ලී ඉරුවේ අපි එකට
Deleteමල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද..
පලංචියේ...//
දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...
පලංචියේ...//
ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ
පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: රෝහණ වීරසිංහ
ම.ක.ලා ( මකසි > මකලා :) )
Deleteඋඹට කතාව අහුවෙලා තියෙනව සෑහෙන්න හොඳට. සන්තෝසයි!
සින්දු,
තැන්කූ මචෝ!
මටත් මේ කථාව අස්සෙ ඇතිවුන ගැටළු දෙකක් තිසර මතු කරලා තියෙන්නෙ....
Deleteඉන්දික... මම උඹේ කතා වල දැකලා තියන ලක්ෂණයක් තමයි, උඹ කතාව පටන් ගන්නේ සිද්ධියකින්.. මුලදි, කියවන එකාට කතාවේ නොතේරෙන තැන්, පැටලිලි බොහොමයි... ඊට පස්සේ කතාව දිග ඇරෙනකොට තමයි ජිග්සෝ පස්ල් එකක්වගේ හරි කෑල්ල හරි තැනට දාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කතාවේ මුල් පරිච්ඡේද කීපය ඉවරවෙද්දි පාඨකයා ඉන්නේ තරමක පැටලිල්ලක. මට කතාවේ අවසානයට ගියාම අර හැම කෑල්ලක්ම හරි තැනට වැටුනේ නෑ කියන හැඟීම තිබ්බ නිසයි මම කමෙන්ට් එක දැම්මේ. කතාවේ අවසානයේ තියන සංවේදී බවෙන් අර සුළු සුළු දේවල් වැහිලා ගිහින් කියලා මට හිතුණේ.
Deleteමට තවමත් හිතෙනවා දෙන්නා දෙන්නටම නොකියා එකම කෙල්ල බලන්න යනවා කියන 'නාටකීය සිද්ධිය' තව ටිකක් සාධාරණීකරණය කරන්න තිබ්බා කියලා. මෙතනදි මගෙනුත් ලොකු වැරැද්දක් වුණා. ඔගා මේ ගමෙනෙන් පස්සෙ සංතෝසෙන් ඉන්නේ ඇයි කියන එක ගැන මගේ අවධානය ගියෙම නෑ. එහෙම වෙන්න ඇත්තේ ඔගා සුරේකාව උඹට හඳුන්වලා දෙන විදිහෙන්, ඌ සුරේකාව පාරෙදි දැක්කේ නෑ කියන අදහස මගේ හිතට ගිය නිසා වෙන්න පුළුවන්.
හැම එකක්ම ඇනලා කියලා දෙන්න ඕනේ නැති බව මම පිළිගන්නවා. නමුත් හැම කතාවක්ම ඒකෙ ආකෘතියට සාධාරණය ඉෂ්ට කරන්න ඕනේ. එහෙම කල්පනා කලාම, මම හිතනවා උඹේ ඉඟි ගැන මීට වඩා පොඩඩ්ක් හිතුවා නම් හොඳයි කියලා.
තව එකක්, මේ බලාපොරොත්තු ඇති කරන්නේ උඹේ කලින් කතා වල සාර්ථකත්වයම තමයි. විශේෂයෙන්, හිතට කෙටූ අකුණ කියවලා මේක කියවද්දි, මට නම් ඒ වෙනස දැනෙනවා.
//කතාවේ අවසානයේ තියන සංවේදී බවෙන් අර සුළු සුළු දේවල් වැහිලා ගිහින් කියලා මට හිතුණේ.//
Deleteහරි මචෝ! මටත් එහෙම හිතුන. මම හිතන්නෙ කතාව කෙටි කරන්නයි, අවස්ථා හොඳට මවන්නයි ගිහින් මම සමහර මූලික අවශ්‍යතා අමතක කරල. ඒක තෙරුනෙ උඹෙ කමෙන්ට් එක නිසා.
මේක මම සතියක් තිස්සෙ ටික ටික ලිව්වෙ, වෙලාව නැති නිසා. හිතට කෙටු අකුණ ලිව්වෙ එක හවසක, අර පොත කියවල මතුවෙච්චි හැඟීමත් එක්කම. ඉවානුත් මේ දෙකේ වෙනස දැකල තියෙනව.
// එහෙම වෙන්න ඇත්තේ ඔගා සුරේකාව උඹට හඳුන්වලා දෙන විදිහෙන්, ඌ සුරේකාව පාරෙදි දැක්කේ නෑ කියන අදහස මගේ හිතට ගිය නිසා වෙන්න පුළුවන්.// මම කලිනුත් කිව්ව වගේ මෙතන මම අන්තිම අසාර්ථකයි. හේතුව පොඩි ෂොක් එකක් ඇතිකරන්න ලිව්ව මිසක්, අනෙක් බලපෑම් ගැන නොහිතපු එක.
බලමු, මම ඊළඟ කතාව ලබන සතියෙ දානව, උඹෙ අබියෝගෙ දිනාගන්න, ඒ කිවෙ ත්තවෙ පවත්වගන්න පුලුවන්වෙයිද කියල!
පාඨකය රචකය එක්ක සංවාදක් ඇතිවෙන බ්ලොග් තරම් නිර්මාණකරනයට පුරුදුවෙන එකෙක්ට ප්ටන ගන්න වෙන හොඳ තැනක් තියෙද! උඹට බොහොම ස්තූතියි මචෝ!
ඉන්දික අය්යේ සුපිරියි ...හැලපේ අයිය කිව්වා වගේ තනිකරම වචන වලින් චිත්‍ර ඇඳලා .නියමයි
ReplyDeleteපෙනෙන නොපෙනෙන දුරක ඉඳන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා..
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා..
නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා..
පෙනෙන නොපෙනෙන...
.
ගායනය - ආත්මා ලියනගේ
ජීවිතේ ඔහොම පෙනෙන නොපෙනෙන දුරින් ඉන්න ගෑල්ලමයි කී දෙනෙක්ද? මේ මාසෙ වෙනුවෙන් මෙහෙම ඒව එකක් දෙකක් ලියන්න හිතුන. ලබන සතියෙ තව එකක් ලියන්න බලමු! උඹලගෙ සහයට බොක්කෙම්ම තැන්ක්යු!!
Deleteනියමයි අයියන්ඩි..
ReplyDeleteසිද්ධිය දුක හිතුනට ලියලා තියනවා ඇඩෙන්න..එල ද බ්‍රා..
උඹල කාටවත් කතාව රස නිසා මගෙ දුක දැනිල නෑ වගේ :(
Deleteආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
Deleteදුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //
තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
ගායනය - සෝමතිලක ජයමහ
ගී පද - විජයසිරි අමරතුංග
සංගීතය - අමරසිරි පීරිස්
ඉන්දික අයියන්ඩි ගහමුද බෝතලයක්?
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
This comment has been removed by the author.
Delete//බ්‍රෑන්ඩ් එක ගල්//
Deleteසැන්ඩි වලට ෆලූඩ ද?
හැලපයියා කිව්ව කතාව හරි.මේ ලස්සන චිත්රේ මුලින් තිබ්බ සුන්දර පරිසරයම ඔගා ගේ අදහසෙන් පස්සේ වෙනස් වෙච්චි අපුරුව ඉන්දික සුපිරියට ලියලා තියෙනවා.
ReplyDeleteසුරේකගෙ ඉස්කෝලෙ ගල්කිස්සේද ?දෙහිවලද ?
මම හිත්වට වඩා මෙක රහට ලියවිල කියල කමෙන්ට් වලින් පේන්නෙ. ඒ ගැන ඇත්තට සන්තෝසයි.!
Deleteඉස්කෝලෙ ගල්කිස්සෙ.
ඕක මෙහෙම උනානම් කොහොමද ????
ReplyDeleteබින්දුවක් ඉවසා අහන්න හිතවත... අහන්න හිතවත
ඇය මගේ පෙම්වතියයි
කිසිදා නොලැබන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදි........... ඇය රිදවනු වැරදි
මා ඇය හඳුනා ගන්නට පෙර සිට //
ඔබ ඇය හඳුනා සිටි නමුදු
ඔබට නොවේ ඈ මටයි පෙම් කලේ
දුක් නොම දෙන ළඳකට එබඳු ......
බින්දුවක් ඉවසා .............
කුරුළු කිරිල්ලන් කුඩු තැනු පසු .....//
සිඳ බිඳ වනසා ලනු හරි නෑ .....
සොයුරු පෙමින් ඔබේ ඇසුර පෑතු ඈ....
වරදට පොළබන සිත යුතු නෑ ..........
බින්දුවක් ඉවසා ............
ඒ උනාට වෙලා තියෙන්නේ මෙහෙමනේ
Deleteමට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි......
තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබෙ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ....
කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි.........
@male ++++++++++++++++++++++++
Deleteඑහෙම උනාට පස්සේ දැන් සිංහයා ඉන්නේ මෙහෙමලු ....
Deleteසිතින් පතා ඉන්නම්
කුළුදුල් පෙම් පැතුමන්
සිතින් සිනා සෙන්නම්
ඔබගේ රූ මවමින්
කියාගන්න බැරි වදනක් ඔබ වෙත
මසිතේ පිරී ඇතේ
ඒ තුළ සැඟවුණු මිහිරි හැඟුම් වැල්
සිහිනෙන් පවා පෙනේ
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
හද තුළ සදා රැඳෙ
බැලූ බැලූ සැමතේ සිනා හඞ ඇසේ
ඔබගේ පි‍්‍රය මිහිරේ
ඔබ යනෙනා තැන මා ගත යනමුත්
ඔබ නැහැ එය තැකුවේ
ඉතින් කියන් ළඳ මා හට නැතිමුත්
කාටද ඔබේ සෙනේ
මා හට නැතිමුත් ඔබගේ සෙනෙහස
මා හද දිනූ ළඳේ
සිනා සෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මාගේ
මම තරහා නැහැ
Deleteප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා...
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ
අමෘතයද ඉවත හෙලයි හිත නැති නම් මුව තැබුමට
ඉරණම එය විසඳනු ඇත මටත් කලක් උදාවේවි
රැහැන් වෙලා බැඳගන්නට බැහැනේ ආදරේ..
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ
ගායනය - වික්ටර් රත්නායක
පද රචනය හා සංගීතය - පුණ්‍යසිරි මහවත්ත
එළ, මැලේ.තැන්ක්ස් සින්දු සෙට් එකට, ඒත් බං උනේ මෙන්න මෙහෙම සීන් එකක්.
Deleteඅහිමි උනත් නුඹ ලඳේ ….මට
හඩන්න අවසර නෑ….//
විලෙන් එහා ඉඳ නුබේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ….මට
හඩන්න අවසර නෑ….
නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ….මට
හඩන්න අවසර නෑ….
නුබ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වළාවෝ මගෙ මුව සිම්බා….
අහිමි උනත් නුඹ ලඳේ ….මට
හඩන්න අවසර නෑ….
කියාගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙලු කඳුලක් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ….මට
හඩන්න අවසර නෑ….
ඉන්දික ඇතුලේ ඉන්න මේ කවියා (කතාවක් වුනාට ඇත්තටම මේක ඉතාම ගීතවත් ) ගැන මම දැනගත්තේ ඉන්දික මීට කාලෙකට කලිනි ලියපු //""දවස් හයක් රෑ පහක්..Journey to Moon with My Honey..! ""// කියන මේ පොස්ට් එකේදී. එදා මට හිතුනා ඉන්දික කියන්නේ රොමැන්ටික් කතා ලියන්න උපන් හපනෙක් කියලා. ඒ බව උඹ තහවුරු කලා මීට කලින් දාපු පෝස්ට් එකෙන්.
ReplyDeleteවල්ලා පට්ට ඉන්දිකයෝ
අඩෝ...මුරුංග ගහේ උඩටම ගෙනිච්ච වගේ නෙමෙයි වැටුනම පත්තු බඳින වෙන්නෙත් බොලාටම තමයි හරිද?
Deleteමට පුදුම මේක ඇයි මෙච්චර රහයි කියන්නෙ කියල! මොකද මට රහ ඉස්සෙල්ල එක. සමහරවිට සිද්ධිය හිතට වැදුන විදිහ හින්ද වෙන්නැති. මොනා උනත්, උඹල මේක ඉහලිම්ම අගය කිරීම ගැන මාර සතුටුයි!
//"මොකද මට රහ ඉස්සෙල්ල එක"// මටත් ඒක තමයි මීට වඩා රහ . එක තමයි මං කිව්වේ //""ඒ බව උඹ තහවුරු කලා මීට කලින් දාපු පෝස්ට් එකෙන්""// කියලා . මේක හොඳ නෑ කිව්වා නෙවෙයි , එත් මේ කතාව ලියන්න උඹ මහන්සි වෙලා තියෙනවා , කලින් කතාව උඹට නිරායාසයෙන් ලියවිලා තියෙනවා . ඒ නිසා මටනම් රහ වැඩි ඒ කතාව. මම එතැනදී කිව්වා උඹට මතකද නිරාමිස ආදරය කියන එක හිතට දැනෙනවා කියලා . එහෙම කිව්වේ ඒ නිසා .
Delete//මම එතැනදී කිව්වා උඹට මතකද නිරාමිස ආදරය කියන එක හිතට දැනෙනවා කියලා //
Deleteඔව් ඒක මට දැණුන කතාවක්. අදහස පැහැදිලියි, ස්තූත්යි උඹට!
කන්ද උඩටම ගෙනල්ලා අතෑරියා නේද ? හපොයි මට උන එකේ අනිත් පැත්ත.. බඩේ ගින්දරේ බෑ අම්මපා බඩේ ගින්දරේ !!
ReplyDeleteකන්දෙන් පහලට වැටුනනං මට සතුටුයි. බොලාටත් මම කාපු ගින්න දෙන්න තමා මේ සේරම කරේ.
Deleteමෙච්චර ටැලන්ට් එකක් තියාගෙන නේ උඹ මේවා නොලියා මෙච්චර කල් හැංගිමුත්තන් කලේ.. මීට වඩා කියන්ට යන්නෙ නෑ, මොකද මම අද පරක්කුයි, මට කියන්ට ඕන හැමදේම උඩ කට්ටිය කියලා..
ReplyDeleteමේක කියවගෙන යද්දි මගේ හිතේ ඇඳුනෙ මොකක්ද දන්නවද? ජනක රත්නායකගෙ චිත්‍ර කතාවක්..
කොච්චර කෑවත් කිරි පැණි ටිකක් තිබ්බෙ නැත්තන් ෆුල් කෝස් එක සම්පූර්ණ නෑ වගේ. ඔන්න දැන් හරි, මේ කතාව හොඳට ලියවිල තමයි.
Deleteතැන්ක්ස් වැඩ අස්සෙ ඇවිත් මේ තරමට හරි යමක් කියල ගියාට!
පිස්සු හැදෙයි! මේක නං කතාවක් නෙමේ ශෝට් ෆිල්ම් එකක්!!
ReplyDeleteපිස්සු හැදිල හිටපු එකෙක්ගෙ කතාවක් තමයි බස්සි මේ. සන්තෝසයි මේක සැරට වැදුනට සහ ස්තූතියි කෙටි ලොකු කතාවට!
Deleteමම මේ කුමාරිහාමි, බස්සි ප්රමුඛ කාන්තා පාඨකයන්ගෙන් අහන්නෙ, මේක සුරේකට පෙන්නුවොත් කොහොම වෙයිද?
කතාව නියමයි ,එත් හරි දුකයි....ඉතින් අපිටත් ඒ කථාව කියවන ලින්කුව හරියට දාන්න ඉවාන් ! - N
ReplyDeleteඅදහසට ස්තූතියි!
Deleteමෙන්න ගිහින් බලන්න.
මට මේ පොස්ට් එක මිස් වෙලා . මේකනම් සුපිරියි මචං චිත්‍ර කතාවක් වගේ. සැහැල්ලුවේ කියපු හිත බරවෙන කතාවක්. උඹට දුක දැනුන හැටි මට තේරුම් ගන්න පුළුවන් මේ අත් දැකීම තියන හින්ද . හැබැයි මම එදා කල කැප කිරීමට ( 1994 ) කෙල්ලගෙන් දොස් ඇහුව ( 2012 ) දි .
ReplyDeleteමගෙත් හොදම යාළුවා වෙලා හිටියෙ ඔගස්ටස් ( ඔගා ) උගෙ මල්ලි ඇනිස්ටස් ( ඇනිය )
මිස් වෙලා නෑ බන්, මේක ටිකක් කට්ටියට වැදිල පට පට ගාල කමෙන්ට්ස් වැටිල, නැත්තන් වෙන්දට මැස්සොයි හැමදාම එන එකා දෙන්නයි විතරනෙ බං :)
Deleteමේ ඔගාගෙ මල්ලි කොන්ස්ටන්
maru!
ReplyDeletesorry 4 short comnt.[phone]
පොඩි හරි කමෙන්ට් එකක් දැම්මනෙ, ඒ මදෑ!
Deleteපෙබරවාරි මාසය බූට් මාසයක් කරමු කියලා ඉන්දික අයියා දුන්න අයිඩියා එක දිගේ අපි දැන් ඔන්න වැඩ ඇල්ලුවා...මේ මාසය පුරාම කාමරේ දොර ඇරෙන්නෙ බූට් කථා වෙනුවෙන් විතරයි.
ReplyDeleteමේ කථාව ලියලා තියෙන විදිය හරිම අලංකාරයි. ලගකදි ඔබ අතින් ලියවුනු කථා වලින් හොඳම එක මේකයි කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම මේ තරම් ලස්සනට මේක ලියවෙන්න ඇත්තෙ...කථාව ලියන අතරතුර ඔබ අතීතයේ කිමිඳිලා ඒ හැගීම් වල ජීවත් වෙලා මේ කථාවට අකුරු අමුණපු නිසා වෙන්න ඇති...ඇත්තටම ඔගාට සුරේකව සැට් උනාද ?
සිරා, ඔන්න මම විහිලුවට වගේ කියල වැඩේ නැගල යනව.
Deleteඔව් බං, ඔගාට සුරේව බැඳල දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නව.
මේ සන්තෑසිය නොවෙච්ච එකෙක් නෑනේ බං. :D
ReplyDeleteඑම් බී ෆයිව් කියන්නේ 2 stroke Honda bike එකක් නේද බං? මට මතකයි ඕක රතු පාට බයික් එකක් කියලා.
එම් .බී ෆයිවූ එක 50 cc . කළු ,රතු ,නිල් වගේ ඒවා තිබුන . ඕකෙම තව මොඩ්ල් එකක් තිබුන රැකූන් කියල. ට්රූරූරූ...... සද්දෙ ඇහෙනවා ගවුවක් දුරට.
Deleteඩුඩ්, බෝයිස් ආ බෝයිස් කියනවනෙ. ඔන්න බලහන් බයික් එක ගැන හිතුනෙ උඹට විතරයි :)
Deleteඕක ගොඩක් රතු තමා තිබ්බෙ. ටූස්ට්‍රෝක් මරු භාන්ඩෙ. ඉන්දියන් බයික් නැති ඒ කාලෙ ඕව තමා පැට්රල් සුවඳට දිව්වෙ
මේ වගේ කතා කලින් අහලා තියෙනවා, හැබැයි මේ කතාවෙ ඔගා ව සීන් එකට එන්ටර් කරලා තියෙන පරිස්සම හන්දා අන්තිම වෙනකල් කතාව අලුත්....!
ReplyDeleteහෙහ්..හෙහ්.. එහෙමද? දක්ස මල්ටි ටාස්කින් පොරවල් කියනවනං අපි පිළිගන්නං...
Deleteදැ දැං ලියන ශෛලිය නම් සිත් ඇද්ගන්නා සුළුයි....!
ReplyDeleteබොහොම ස්තූත්යි, ඒත් මේවට වඩා රහට ලියාපු එකෙක් උන්න කෙහෙල් කොටුවෙ, මූ කොහෙ ගිහින්ද කියලයි අපි මේ හොයන්නෙ තාම!
Deleteමනසෙ චිත්‍ර ඇඳෙන විදියට කතාව ලියවෙලා තියෙනව.
ReplyDeleteදක්ෂ පතල්කාරයො දෙන්නෙක් හිටියම මැණික් වලට ඔය වගේ කේස් වෙන්න පුලුවං.
ප්‍රසා මැණික් ගරල තියෙනව වගේ!!
Deleteඉන්දික අයිය කතාවේ සිද්දි ටික අපේ හිත්වල මැවෙන්නම ලියල තියෙනව. ලස්සන උපමා ටිකකුත් තියෙනව. අවධානය වෙනස් වුනෙත් නෑ. හරිම සුන්දර අතීත සිද්දියක්. මට මෙන්න මේ මොඩන් කියමන මතක් උනා මේ කතාවේ අන්තිමට. "අපි පයිප්පෙකට නැග්ගොත් ඒකෙත් T-සොකට් එකක් :D ".
ReplyDeleteමනා, මට ඔහොම ඒව සහෙන්න උනා බං. දුක තමා, යාළුවන්ට හෙල්ප් කරල උන් දියුණු වෙනව බලන එක වඩා සැපයි කියලනෙ එදත් හිතුවෙ :(
Deleteඉන්දිකයෝ................. පට්ටයි අෑ............ මේකතා ලියැවිල්ල කොහොන්ද බොල ඒන්නේ................??????
ReplyDeleteමේව එන්නෙ ඉතින් බොලාගෙ අගය කිරීම් වලින් ලැබෙන උත්තේජනයෙම්ම තමා හරිය.
Delete"හිතට කෙටූ අකුණ..."යි මේකයි දෙකම එකට කියෙව්වේ... මට වැඩිය හිතගියේ මේ කතාවට... ඒක ආදරය දිනාගන්න සටනක් වුනානම්, ඔගාට තිවුනේ නැති ආයුදයක් ඉන්දිකට තිබුණා මම හිතන්නේ... ඒ තමයි නංගී... සුරේඛාගේ ආදරය කියන්නේ උඹේ පැත්තෙන් එහෙම thousand battles සටන් කරලා දිනන්න ඕනේ දෙයක්ද...? ආදරවන්තයෙක් කියන්නේ සටන්කරන කෙනෙක්ද..? උඹම තමයි උත්තර දන්නේ... :)
ReplyDeleteඔගා හිටපු තත්වෙ අනුව මම කීයටවත් ඌ එක්ක ගෙමකට යන්නෙ නෑ. අනික එහෙම ගේමක් දීල යාළුවෙක් පරාද කරල ආදරක් දිනල මොකටද බං?
Deleteමේ කතාව අපෙ නංගිට පෙන්නුව පෙරේද. එයා එතකොට තමා කිව්වෙ, මේ සිද්දිය සුරේ සහ ඔගා දන්නවලු. ඒ කියන්නෙ උන් දෙන්න යාළු උනාට පස්සෙ ඔගා කියල තියෙනව ඌ අපේ නංගිගෙන් උදව් ඉල්ලන්න මට කිව්ව, මම තමා හෙල්ප් කරේ කියල. එතනදි සුරේක පුදුම වෙලා කිව්වලු "ඉන්දික අය්ය උදව් කරා කිව්වම පුදුමයි, මොකද එයත් මට ට්‍රයි කරා" කියල.
අපේ නංගිට සුරෙක පස්සෙ කාලෙක මේ විස්තරේ කියල. නමුත් කවුරුත් මට කිව්වෙ නෑ!
කොහොම උනත් ඒ කතාව ඇහුවම මට මාර සතුටක් දැනුන! මොකද මම එදා සුරෙක එක්ක යාලුවෙලා, ඒක මගදි කැඩුනනම් ( ඈස් යූෂුවල් ) අද ලස්සන කෙලිපොඩ්ඩො දෙන්නෙකුත් එක්ක උන් දෙන්න පවුලක් විදිහට විඳින සතුට නෑ නෙ!
බීට, උඹ මම ලියපු මේ කතාව කියවල තිබ්බද?
Deleteලිං කටින් සෙවූ විමුක්තිය..
ඊයේ දවසම සැහැල්ලුවේ.. ඇයි යකඩෝ කතා කීයක් කියවන්න උනාද කොමෙන්ටෙකක් දන්න කලින්.
ReplyDeleteගොන් පයින් ගහපු ලන්තෑරුම වගේ හිටියට මූ හද්ද මනමාලයෙක්නේ.. වැලන්ටයින් මාසෙටම ලියන්න ලවු සීන් තියෙන හැඩයි.. හොඳයි හැබැයි බඳින්න කලින් ඔක්කොම කරල ඉවර වෙච්චි එක. නැතුව බැඳල කොටු පනින්න ඉන්නෙ නැතුව..
ඊට හපන් ලියවිල්ල.. ඉස්සර මමත් කෙල්ලෙකුට මූණ පෙන්නන්න කලින් ලියුමක් තමයි දෙන්නේ.. හැකියාවෙන් වැඩක් ගන්න එපැයි.. හැක් හැක්..
එක ඉල්ලීමයි කරන්න තියෙන්නේ. කම්මැලි නැතුව දිගටම ලියන්න ඕනි.. අජීවී පොත් පත් කියවනවට වඩා දැන් මේ සජීවී බ්ලොග් කියවන්න හුරු වෙලා නිසා ඒක දිගටම තියා ගන්නනම් උඹල වගෙ ලස්සනට සජීවීව ලියන උන්ට ලියන්නම වෙනවා.
ජය ශ්‍රී!
හෙහ්..හෙහ් උඹල මෙහෙම සෑහෙන වෙලාවක් කියවන්න හිතෙන දේවල් ලියල තිබ්බ කිව්වම අවංකවම සන්තෝසයි!
Deleteඒ උනාට මොකද්ද බොල අර කිව්ව කඩප්පුලි කතාව මොන ලන්තෑරුමක්ද කියල. තොට ඕක කව්ද කිව්වෙ..හැක්?
මචෝ, ඒ ඒ කාලෙ කරන්න ඕන සේරම කරල ෆුල්ම ආතල් එකේ උන්න නිසා දැන් ඒ ඉතිහාසෙ හිතල සතුටු වෙන්න පුලුවන්, එහෙම නැති උන් ඒ කාලෙ විඳින උන්ට ඉරිසියා කරනව, වෛර කරනව.
මට වගේම බොටත් ලියන්න ඇහැක්නෙ, ඉතින් ලියහන්, අපි බලන්න.
කියවන්න එන කමෙන්ට් කරන්න එන උඹලගෙ ශක්තිය තමයි මේ ලියැවිල්ලට හය්ය දෙන්නෙ!