පැදුරකින් වැටීම ඇඳකින් වැටීම තරම් දැනෙන දෙයක් නොවෙනවා සේම
ඒ දෙක අතර වෙනසෙහි මහා ලොකු පරතරයක්ද නැත. එහෙත් අහසින් වැටීම ඇඳකින් වැටීමට වටා දරුණු
සහ දැනෙන දෙයකි.
“බලාපොරොත්තු තබා ගත යුත්තේ ඒවා කඩවීමෙන්
ඇතිවන පසුතැවිල්ල විඳගත් හැකිනම් පමනි" යනුවෙන් යමකු කී වග මා කුඩා කල කියැවූ
මුතුහර සඟරාවක පිටුවේ අඩියේ ලියා තිබුනි.
අහසට නඟින විට වැටෙන බව සිහි තබා ගත යුතුය. එහෙත් ඇඳෙහි සිට
අහසට එසවෙන සිහිනයක උපරිමයේදී අවධානවම අමතක වී අප දකින්නේ එහි ආන්නන්දය පමණි.
කලාකෘකියක් යනු රසිකයා ආනදයෙන් ප්‍රඥාවට කරා ගෙනයා යුත්තකැයි
පණ්ඩිතයන් කියා ඇත. නමුත් තුන්සිය හැටපස් දවස රූපවාහිනී නාලික මහා
තොගයක හරි හැටි වෙළඳ දැන්වීමක් වත් බලා ගන්නට ඉඩ නොදී පෙන්න මෙගාවල සිට මයික්‍රෝ දක්වා
විවිධ වර්ගයෙ විවිධ වර්ණයේ මාලක නාටා නොහොත් නාටක මාලා අති බහුතරය පැදුරු නොව පිදුරු
හා සමය.
ඒවායින් අප අහසට නොව පැදුරෙන් ඔබ්බටවත් ගෙනයන්නට සමත් නොවෙන
නිසා හපා විසිකරන චුයින්ගම් එකක් ලෙස නාටකය අවසන් වූ දාට පසුදාම අප ඒ මතකය හැර දමා
ඒ බෙල්ට් එකේම මීළඟ එන නාටකය හා නිදි වදින්නෙමු.
එහෙත් සාමාන්‍යෙන් අප දකින මේ විකාර නාටක වලට එහා ගිය, ආනන්දයෙන් නාලන්දයට නොව ප්‍රඥාවේ යම් තලයකට
ප්‍රේක්ෂකයා ඔසවා තැබූ අතලොස්සක් වූ රූපවාහිනී නාටක කිහිපය අර මහා මෙගා සියල්ල අභිබවමින්
තවම අප මනසේ හොල්මන් කරමින් සිටිති.
මීට වසර කිහිපයකට පෙර නාට්‍ය සහ සිනමාවේ මහා පතාකයන් සමඟ
අංකුර දක්ෂයන් වාණිජමය තරඟය අඩු නිසා වැඩි ගුණාත්මක බවකින් යුතුව නිමැවූ එවැනි කෘති
හා සම මට්ටමේ අනගි රූපවාහිනී නාට්‍යයක් මට ඊයේ පෙරේදා හමුවිය.
ඒ ආනන්ද අබේනායක නම් දක්ෂ අධ්‍යක්ෂකවරයාගේ "අහසින් වැටුනා"
ටෙලි නිර්මාණයයි.
කතාව මොකක්දැයි සිතාගත නොහැකි තරමට නළුවන් හා චරිත මාරු වෙන එක සමාන වූ මහා මාලක නාට ගොන්න
අතරෙහි මෙය මට ප්‍රෙක්ෂකයා ඉතා සියුම්ව අහසටම ගෙන යන, සුන්දර ප්‍රේමයක සෙවනැලි මත සමාජයේ රුදුරු
යථාර්ථය සියුම්ව මතුකරන අතිශය සොඳුරු කවියක් මෙන් විය.
කුතුහලය මුසු පුවත් මැදිකර ටිකෙන් ටික අපව සුඛාන්තයක සොඳුරු
සුරංගනා කතාවක ආදරබර අවසානයක් වෙත ගෙනයන අතරමග සුරතාන්තයට ඔන්න මෙන්න තියා එන අහඹුඅ
දුරකතන පණිවුඩයක් සේ ප්‍රේක්ෂකයා අහසින් පොළවට ඇද දමන ඒ අවසානය සත්තකින්ම අපූර්ව එකකි.
රොෂාන් දෙපලගෙගේ සහ නදීකගේ චරිත, සුදුබබා මිස්ගේ සහ අකූ ගේ අප්‍රකාෂිත ආදරය, වැල්ලේ ජීවිතය දියකරන පිස්සන්, කොල්ලන් සහ බල්ලන්, කලකින් දුටු අඩු වියදමකින් කල උසස් කලා
අධ්‍යක්ෂනය, අපූර්ව රූපරාමු, මේ සියල්ල එකතුවූ "අසින් වැටුනා"
සැබැවින්ම සොඳුරු, එක දිගට බලා සිටින්නට ආසා හිතෙන සිනමාරූපී හැඩයකින් යුතු කලකින් දුටු හොඳම නාට්‍යකි.
මහා කුණු කඳු අතර අගනා මිණක් තබමින්, තම ජනාධිපති බෑනාගේ බලයෙන් මෙගාවක් කර
ගාන කඩා ගැනීමට අවසරයට පයින් ගසමින්"ආනන්ද අබේනායක" අපව අහසින් වට්ටවා කියන
කතාන්දරය සැබැවින්ම සිතාගත නොහැකි අහම්බයකි.
කොටින්ම එය කාලයක් මතකයේ සිටින අපූරු ටෙලිනාට්‍ය අත්දැකීමකි.
අහසින් වැටුනා කතාව මෙන්ම එහි තේමා ගීතයද එවෑනිම අපූරු හැඩයක්
ගත්තකි.