කිසියම් කෙනෙක් ජීවිතයේ කිසියම් දිනක කිසියම්
තැනකින් ගමණක් ආරම්භ කරයි…
මෙහෙම කියල පටන් ගත්තෙ ඒ කාලෙ අපේ ප්‍රියතම ගුවන් විදුලු
සඟරාව සැරිසර.
වාර්ථාවක් කියන්නෙ අනුන්ගෙන්, එහෙන් මෙහෙන් ලැබෙන
තොරතුරක් එහෙමම ඉදිරිපත් කිරීමකට වඩා බොහොම එහා ගිය දෙයක් කියල අපි ඉගෙන ගත්තෙ,
තේරුම් ගත්තෙ සැරිසර
අහල.
එදා සම්මත ගුවන් විදුලි රීති අතික්‍රමණය කරපු සැරිසර වගේ
වැඩසටහන්,අද සම්මත මාධ්‍ය
භාවිතාව වෙනස් කරපු බ්ලොග් සටහන් යන සියල්ලෙම ඵලය උනේ ග්‍රාහකයාට වඩා
සමීප සහ නැවුම් සන්නිවේදනයක් සිදු කිරීමයි.
ඒත් වෙනස වෙන්නෙ අද
ග්‍රාහකයාගේ ප්‍රතිචාර වඩා ක්ෂනික වීම සහ ඒ ප්‍රතිචාර සමස්ථ
ග්‍රාහක ප්‍රජාවටම යොමුවෙන එක.
මෙන්න මේ කාරනාව නිසා බ්ලොග් මගින් සන්නිවේදනය කරන්නා අතේ
ලොකු අභියෝගයක් තියෙනව.
විශෙෂයෙන් තාක්ෂනික, ඓතිහාසික සහ දේශපාලන වැනි කරුණු ලියන කෙනෙකුගෙ
ලිපිවල අදාල කරුණු වල නිවැරදි බව වගේම, කිසියම් කරුණක් උපුටා ගත්තෙහිනම් ඒ මූලය
පිළිබඳ විස්තර ලබා දීම
ආදිය ලිපියෙ තියෙන විශ්වාසය
දැඩි කරනව. එහෙම නැතුව ඒ මුලාශ්‍ර නිවැරදිව දීම අන්තර්ගතය හෝ ලේකඛයාගේ
ප්‍රථිරූපයට අභියෝගයක්,
අනතුරක් වෙන්නෙ නැහැ..
නමුත් මේ දේ තේරුන් නොගත් ලේඛකයො බ්ලොග් වලදි අමාරුවෙ වැටෙනව.
මේ වගේම තමයි ප්‍රථිචාර දැක්වීමත්.
බ්ලොග් මාධ්‍යයෙ තියෙන අනන්‍ය ලක්ෂනය වෙච්චි මේ ක්ෂනික ප්‍රතිචාර
දැක්වීමේ හැකියව නිසා බොරුව එකදිගට කරගෙන යන්න අපහසු වෙනව.
මොකද හැමෝමව හැමවෙලාවෙදිම රවටන්න බැරි නිසා!
මේ දිනවල සිංහල බ්ලොග් අවකාශය කළඹවමින් තියෙන "මා සහ
මගේ පිරිවර" එහෙම නැතිනම්,
කිසි දිනෙක මිතුරන්ව සිට නැති, පිට කසන කමෙන්ට් සම්භන්ධයක් නොතිබූ ඉන්දික, ප්‍රොෆයිල් ඇනෝ
සහ විශ්ව ත්‍රිත්වය එදිරි සහන් සහ සමාගම අතර තියෙන ගැටුමේ මූලික හේතුවත් මම ඔය ඉහත
කිව්ව මාධ්‍ය නිසි ලෙස තේරුම් නොගෙන භාවිතාවේදි සිදු කරගත්තු අවුල මිස වෙන කිසි දෙයක්
නෙමෙයි.
යමෙකුගෙන් කෙනෙක් වෙච්චි වැරැද්දක් පෙන්නල දෙනකොට,
වියත් රචකයෙකුට
අනුගමනය කල හැකිව තිබෙන ක්‍රම කීපයක් තියෙනව.
එකක් තමයි "සමාවෙන්න, මම ඒ ගැන දැනගෙන
හිටියෙ නෑ. එහෙනම් මට වැරදිල. ඔන්න හැදුව" කියල ඉතාම වියත් සහ විනීත ආකාරය වරද
නිවැරදි කරගෙන නමත් හමත් රැකගන්න එක.
නමුත් මේක ලේසි නෑ තමන් සකල කළ වල්ලභ වගේ මවාගෙන ඉන්නෙ කෙනෙකුට.
මොකද ප්‍රථිරූපයට හානි වෙයි කියල භයයි.
දෙවනි ක්‍රමය තමයි "අහ් මට පොඩ්ඩ්ක මිස් වෙලානෙ. ඔව්
මම ඒක දන්නව, මම හිතන්නෙ පොඩි එරර් එකක්. ඇත්තටම මම ඒක දැක්ක කොහෙද හදන්න
වෙලාවක් තිබ්බෙ නෑනෙ මේ වැඩ අස්සෙ" වැනි යමක් කියල පණ්ඩිත කම තියාගෙනම,
නොදන්න බව නොපෙන්නවම
අනුන්ගෙන් ඉගෙන ගෙන හැදෙන එක.
හැබැයි මේක ටිකක් පැස්බර ගතියයි. මොකද පාඨකයො මොලේ ඇති බත්
කන උන් නම් තේරෙනව ගොනා කාණුවෙන් තමා ගොඩ ආවෙ කියල.
ඔය ඔක්කොටම එහා ගිය තුන්වෙනි ක්‍රමයකිත් තියෙනව. ඇත්තටම දැන්
අපිට ඒක බෞතීස්ම කරන්නත් පුළුවන් සහන්ගේ ක්‍රමය කියල.
ඒ තමයි නොදන්න ගොඩ තමන් දන්න ටිකෙන් වහල බහුතරය පටලවන,
එහෙම නැත්තන් අර
දුම් බෝම්බයක් ගහල සතුරා මුලා කරල මාරුවෙන ක්‍රමය.
ඒ කියන්නෙ මෙහෙමයි.
කෙනෙක් ඔන්න ලිපියක කමෙන්ට් එකක් දානව "ඔයා අර A කියල ලියල තීන
දේ වැරදියි. A කියන්නෙ ඕක නෙමෙයි, ඒක මේවෙන දෙයක්" කියල.
දැන් මේක දැක්ක ගමන් ඉතින් රචකයට මල! මොකද මූලික හේතුව මිනිහ
කියපු " A " වැරදියි කියල කෙනෙක් හොයාගෙන. අනික දැන් ගමටම පේන්න
මෙතන කියල ඇරල.
ඔන්න මෙතනදි තම්න්ගෙ තත්වෙ තියාගෙන අර උත්තරය දුන්න කෙනා
සහ බලන බහුතරය රවටන්න ගහනව අර මම කිව්ව දුම් බෝම්බෙ.
“මේ මිත්‍රය මේ, මෙතන මම මේ ලියල තීන්නෙ ලිපියෙ මූලික පියවර ටික විතරයි. අනික
ඔය A කියන්නෙ අහවල් එකයි කියල සම්පූර්ණයෙන්ම ලිව්වම මේ බලන ගොඩක් අයට තේරෙන්නෙත්
නෑ, ලිපියත් නීරස වෙනව.
ඒ හින්ද මිසක් නැතිව වෙන එහෙකට නෙමේ මම ඔහොම ලිව්වෙ. අනික ඔයා දන්නවද මම ඔව්ව නොදැන
මේ කතා මෙතන ලියන්න ආව කියල?”
දැන් ඔන්න එතකොට කමෙන්ට් එක දාපු කෙනා වළියට බර නැති කතන්දර
වගේ කෙනෙක් නම් හිමීට ලිස්සල යනව යන්න.
ඒත් එහෙම නොවෙන කෙනෙක් නම් ඔන්න එයත් අර කතාවට ප්‍රථි උත්තර
බඳිනව.
"ඒ උනාට එහෙම කියන්න එපා, සම්මත දේවල් වලට
ඔයාට වෙන අර්ථකථන දෙන්න බෑනෙ. ඒව වෙනස් කරන්නෙ කොහොමද, A ට හිමි තැන,
කාර්‍ය ඔයාට මට
ඕන විදියට නිර්වචනය කරන්න බෑ”
අන්න එතකොට තමා අර මම කිව්ව රචකයට මල පනින්නෙ. ඔන්න ගන්නව
මිනිහ කඩුව. අරන් නෙලනව හතර අතට.
අඩ්ඩෝව් උඹ කව්ද ඩෝ මට ඒ ගැන උගන්නන්න. මම මේව ඉගෙන ගත්තෙ
අපේ සීයගෙනුයි ලොකු තාත්තගෙනුයි එයාලගෙ වඳ පුන්චිඅම්මගෙ පුතාගෙනුයි. මම මෙව්ව අතරෙ
ඉන්න, උදේ හවහ අත ගාන එකෙක්. ඔයා දන්නෙ නැත්තන් මම ඔයාට ඉගෙන ගන්නත් එක්ක A ගැන පිටු සීයක්
මෙතන ලියල දෙන්නම්. අනික ඔයා මගෙන් A ගැන අහන්නෙ ඔයා
දන්නවද අඩුගානෙ A ට කලින් (????) හරි පස්සෙ හරි තීන අකුරු මොනාද කියල.
හරි මම ඔයාට පොඩි
පැවරුමක් දෙන්නම් ඔච්චර ඒ ගැන දන්න පොර නිසා. පුලුවන්නම් කියන්න A දාල හදන වචන හතරක්.
දැන් මේ කියවන බහුතර සාමාන්‍ය ජනතාව මොකද හිතන්නෙ. අම්මට
උඩු, අරූගෙන් ඒ ගැන ඇහුවම
ඌ ඒට කලින් තියෙන අකුරක් ගැනත් කියනවනෙ
ඌ මාරම පොරක්නෙ. කොටිම්ම A හැදුන හැටියි
A ගේ උපත ගැනයි පිටු
සීයෙ වාර්ථා ලියන්නත් දන්නව. පුහ්.. මූ බලන් ගියාම භාෂාව ගැන ශේක්ස්පියර්ට උගන්නන
උනත් යවතෑකී සිරා ඩයල් එකක්නෙ!
මෙහෙම හිතල රැවටෙනව.
ඒත් මේ අහින්සකයො දන්නෙ නෑ, අර රචකය මේ නරි
වාදන් දාන්නෙ A කියන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ මුල අකුර කියන මූලික සරළ නියමය
නොදන්න කෙනෙක් කියල.
කොටිම්ම රචකය දන්නෙ A කියන්නෙ යම්කිසි
හෝඩියක යම් අකුරක් කියන ඩිංග විතරයි කියල හිතන්නෙත් තේරුම් ගන්නෙත් නෑ. මොකද කට්ටිය
වශී වෙලා ඉන්නෙ අර මහ කයිවාරුවට.
ඇයි ඔබට මම කියන දේ ඇහුවම හිනා වගේද, නැත්තං පුදුමද?
ඔබ හිතන්නෙ මෙහෙම දේවල් වෙලා නෑ කියලද? අපෝ නෑ වෙල තියෙනව.
වෙනව. මේ පහල ලින්ක් එක දිගේ ගිහින් බලන්න තියෙන කමෙන්ට්ස් ටික. ලස්සනට බැබැළි බැබැළි
තියෙනව ඔය උඩ මම කිව්ව දුම් බෝම්බ න්‍යාය මගින් කොළේ වසා මාරුවීම ගැන ඉතාම පැහැදිලි
උදාරනයක්.
ඒ විස්තරය බලල, වෙච්චි දේ ගැන අදහසක්
අරගන්න.
මොකද හෙට හවස 6.00ට අපි ඔය ඔතන A කියන්නෙ ඔයා කියන
දේ නෙමෙයි කියල යහපත් සිතින් කියල දෙන්න ගිහින්
බැනුම් අහපු විශ්ව රංගනාත්ගෙ පිළිතුරත් ප්‍රසිද්ධ කරනව.
මේ කතාවෙ, සම්පූර්ණ වාදයෙ විශ්වටත් කියන්න කතාවක්
තියෙනව. එයා ඒක දැනටමත් ලියල, මේ එක්කම මගේ මේ
බ්ලොග් එකේම පලකරල තියෙන්නෙ.
ඉස්සෙල්ල මේ සැළඩ් එක අරගන්න, එතනින් සුප් ටිකකුත්
බීල හෙට හයට ආයි එන්න මේන් කෝස් එක බලන්න.
එතකන් සුභ රාත්‍රියක්/ සුභ දවසක්!
“මිත්‍රවරුණි,පැහැදිලිව මතක තියාගන්න. "අපි බැලිය යුත්තේ කවුරු හරිද
යන්න නොව කුමක් හරිද යන්නයි".
ළලිත් ඇතුලත්මුදළි.