මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල කම්මැලි කම නැතිකරගැනීමෙ උපායක් විදියට, එහෙමත් නැත්තං ඇමරිකානු ආර්ථිකයට හැදුන උන නිසා නිව්මෝනියාවෙන් පෙලිච්ච අරාබියෙ වැඩක් නැතිව නිකං උඩ බලං ඉන්නොකට බෙල්ල රිදෙන එක නවත්තගන්න, ඒ වගේම මටත් ලියන්න බැරිද, මුං කරපුවද අපි කොරල තියෙන්නෙ, එව්ව ඇහුවොත් මුං කොර, වගේ පොර මමත්වයත් හින්ද ලියන්න ගත්ත මේ මඟුලට දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් වෙලා.
වැඩ අඩු කාලෙ සතියට එක ගානෙවත් ලිව්වට, දෙය්යනේ කියල හුස්මක් කටක් ගන්න බැරිවෙන්න දැන් වැඩ තීනවයින් ලියන්න හිතන් ඉන්න, හිතෙන මහ ගොඩක් එව්ව අතෑරිලම යනව.
ඒ ගැන දුකක් ඇති උනත් වැඩ නැති කාලෙ තිබ්බ හිතේ භයට වඩා මේ දුක සුන්දර නිසා, ඔන්න ඔහේ දුක පුමේ තියාන තීන රාජකාරියත් කොරගෙන පුලුවන් වෙලාවට් කමෙන්ටුවක් දාල ෂේප් වෙන එක තමයි මේ කාලෙදි වැඩිහරියක්ම කරන්න වෙන්නෙ.
කොහොම උනත් මේ ලිවිල්ලත් ඇඟට ජීර්නය වෙලාතීන නිසා වැඩ අඩුවෙනකොට පුරුදු වේගෙට ආයි එයි, ඒත්
ඉතින් එතකල් පල්ලම් පොල්ල දාගෙනයි තමයි මේ කෙරුවාව කරන්නෙ/ කෙරෙන්නෙ.
කොහොම හරි අනික් මඟුල් එක්ක මේකත් අමාරුවෙන් කරගෙන යන වෙලාවෙ මුල ඉඳල සහයෝගය දීපු කකා, හසිත, මාරයා ඇතුළු පිරිසටත් නිතර යන එන බ්ලොග් ලෝකෙ (නම් කියල නිකංවත් එකක් මිස් කරල මොකට ඉල්ලං කන්නද ) සහ එපිට ලෝකෙ ( ඔබා, දිලුම් ඇතුළු පිරිස ) ඇතුළු
මේ සැහැල්ලුවෙ අනංමනං කියවන්න යන එන හැමටට බොහොම ස්තූතියි සහ පිං.
පලි,
ගිය සුමානෙ අපේ ලොකු බාහුගෙ උපන්දිනේ. ඒකට හදාපු කප් කේක් කෑල්ලක් තාම කන්න බැරි උනා. හෙට එකක් කාල, කට්ටියට කෑල්ල ගානෙ ගන්න අනිද්දට පින්තූරයක් දාන්නං.
එතකල් මේ මල් මිටෙන් එකක් රන්ඩු නොකර අරන් සමාවෙලා ඉවසන්නලා.
පපලි,
මෙන්න මේ හිට්ස් තොගේටත් ස්තූතියි.
පින්තූරෙ මෙතනින්