කඳුළු සහ දුක යනු යුගල පද සේ එකිනෙක බැඳී තිබුනද, ඒ කඳුළුම සතුටටද උපදී. මේ ගෙවෙන්නේ දුකට සහ සතුටට ලොවේ මිලියන ගණනක් ජනයා කඳුළු හෙලූ සහ හෙලනා අගෝස්තුවයි. වර්ථමාන කතාන්තර ගැන ඇති තරම් කතාවෙන මොහොතක, අගෝස්තු කඳුලුවල අතීත මොහොතක් ගැන විමසන්නට සිතුනි.
අගෝස්තුවේ කඳුලු කතා බොහොමයකි. මිනිස් ඉතිහාසයේ අවසන් ලෝක යුද්ධය වනු ලබන දෙවැනි ලෝක යුද්ධයේ අවසානය දකිමින් ජපනුන් යටත් කර ඇමරිකානුවන් සතුටු කඳුළු හෙලුවේ අගෝස්තුවේදීය.
යුද්ධ කෙරූවන්, නොකෙරූවන්, දරුවන් නොදරුවන් ලක්ෂ ගනනක් මොහොතින් අළු කොට ඉතිහාසයේ මහා ඛේදවාචකයක් සටහන් කල හිරෝෂීමා, නාගසාකි බෝම්බ මිහිමත හෙලමින් මහා කඳුලු උල්පතකට මඟ සෑදූයෙද මේ අගෝස්තුවයි.
ඉතිහාසය පුරා යුරෝපයට නොයෙක් විස්මිත දේ සැපයූ එහෙත් කිසිදිනක මහපොළොව මත යථාර්ත්යක්ව නොපැවතුනු නිදහස් නිවහල් "ඉන්දියාව" මිහිමත බිහිවූයේ අගෝස්තුවකය. ඒ අගෝස්තුව නෙරුලාට ගාන්ධිලාට පටෙල්ලාට සතුටු කඳුලු ගෙනා ආ වසන්තයකි.
අනෙක් පසින් ඉන්දියාවට කිසි දින පා නොතබා තිබූ සිරිල් රැඩ්ක්ලිෆ් විසින් අඳින ලද ඉරක් මත පදනම්ව ඒ වනවිට කාසරෝගයෙන් පීඩා විඳි බලලෝබී ජාතිවාදියකුගේ දෑසට සතුටු කඳුලු ගෙනෙමින් පකිස්ථානය නමින් වෙනමම මුස්ලිම් දේශයක් බිහිවූයේද අගෝස්තුවේදීමය.
එතෙක් එක් දේශයක්, එක් පලාතක්ව පැවති, එකම බසක් දෙඩූ පංජාබයේ සහ බෙංගාලයේ දහස් ගනන් අහිංසක ජනයා උනුන්මත නැගී මරා ගත්තේද, ඉන්දු සහ ගංගා නදී දිය රත් පැහැ කරවිමින් දරුවන්, ස්ත්‍රීන් සහ මහල්ලන් ඇතුළු දහස් ගණනකගේ ජීවිත වලට කඳුලු ගෙනාවේද එම අගොස්තුවමය.
සාමකාමී සහ ධනවත් අරාබි රාජ්‍යක් වූ කුවේටය යටත් කරගත් ඉරාක නායකයා සතුටු කඳුලු හෙලත්දී, තම දූ දරුවන් සමග අතට හසුවූ දේ රැගෙන කඳුලු සලමින් අසල්වැසි රාජ්‍යන්ට කුවේට් ධනපතියන් පලා ගියේද මේ අරුම අගෝස්තුවෙදීමය.
හිතමිතුරු සමාජවාදීන් සිදුවූ දෙය අදහාගත නොහැකිව දෑස් කඳුලින් පුරවා බලා සිටිත්දී, නිළධාරීවාදයෙන් හෙම්බත්වී සිටි සෝවියට් ජනයා නිදහසේ සතුටු කඳුලු වැගිරුවේද අගෝස්තුවකය.
එපමණක් නොව ස්වාභවධර්මයද අගෝස්තුවේ ඇතිවෙන්නට කඳුළු අපට දී ඇත. ලොව එතෙක් මෙතෙක් වාර්ථා වූ දරුණුතම සහ ප්‍රභලතම ගිණිකඳු පිපිරීම වූ ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකඳු විදාරණයද අගෝස්තුවකම විය.
මේ ලැයිස්තුව සොයා බලන්නේනම් තව බොහෝ දිගය. එලෙස දික් කල හැකි අගෝස්තුවේ සිදුවූ ලැයිස්තුවේ එක් සුවිශේෂී කරුණක් ගැන ඔබට තරමක් විස්තර කියන්නට සිතුනි.
සයිප්‍රසය නම් කුඩා දූපතට අයත් වරෝශා යන නම එතරම්ම ඔබ අසා නැති වුවත් ෆමගුස්ත යන නම සමහරවිට අසා තිබෙන්නට හැකිය!
picture from bbc
ෆමගුස්තා ප්‍රදේශයේ වරෝශ නම් වෙරළාශ්‍රිත නගරය මීට වසර හතලිහකට පෙර, එනම් 1974 අගෝස්තුවට පෙර මුළු මැදපෙරදිගම තිබූ ඉතාම සුපිරි සහ ධනවත් සංචාරක පුරවරයයි. අද ඩුබායි සංචාරක පුරය ඇත්තේ කොතැනද, එදා ෆමගුස්ත නගරය එතැන විය. යුරෝපයේ සහ ලෝකය පුරාම ජනප්‍රිය ධනවත් සංචාරකය්න්ගේ පාරාදීසිය වූ වරෝෂ මුහුදු වෙරළ එදා සංචාරකයන්ගෙන් පිරී තිබුනේ මේ ආකාරයටය.
එහෙත් ඉතිහාසයේඑකට එක් රටක සතුටින් දිවිගෙවූ මිනිසුන්, විදේශ අතපෙවීමකින් දෙකට බෙදීමේ කුරිරු ප්‍රථිපලයක් ලෙස අද වනවිට වරෝෂ යනු මුලුමනින්ම හිස්, නිහඬ, මිනිස්වාසයෙන් තොර පුරවරයකි.
මේ අද වරෝශ හී තත්වයයි.
පහත රූප දෙකින් පෙන්වන්නේ එකම වෙරලෙහි එදා සහ අද තත්වයයි.
1974 අගෝස්තු 14 වෙනි දිනසිදුවූ තුර්කි හමුදා ආක්‍රමණය නිසා ෆමගුස්තාවෙන් සියලු ජනයා අතට හසුවූ දේ ගෙන පලා ගියහ. සොඳුරු තරු පන්තියේ හෝටල් සියගනින් විසිරුණු මේ වරෝෂාව කම්බි ගසා වෙන් කල තුර්කි හමුදාව ඉන්පසු එයට කිසිවෙකුට ඇතුලුවීම තහනම් කරන ලදි.
ඇතුවන්නන්ට නියත තිළියන මරණය පමණි.
අද වනවිට තුර්කි සයිප්‍රසයන් විසින් ග්‍රීක සය්ප්‍රසයන් හා සාක්ච්ඡාවේදී හෙට්ටු කිරීමේ මෙවලමක් ලෙස පමණක් යොදා ගන්නා මේ භූමිය, තරු පහේ හෝටල් 40 අධික සංක්‍යාවක්, තවත් හෝටල් සිය ගනනක්, ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් සුපිරි වෙළඳසැල්, කඩසාප්පු සහ දියුණු නගරයක වූ තවත් බොහෝ සම්පත් සමඟ දිරාපත්වෙමින් පවතී. මෙහි සතුටු වන්නෝ නම් ඒ කැලයෙන් වැසෙනා නගරයෙහි සැරි සරන උරගයින් සහ අනෙකුත් සත්වයින් පමණි.
මේ අත්හැර දමන ලද ෆමගුස්ත අන්තර්ජාතික ගුවන්තොටුපොලයි.
මෙපමනක් නොවේ, මේ අගෝස්තුව සමහර දෙමාපියන්ටද සුවිශේෂීය. ඒ අතර ඇල්ෆ්‍රඩ් හිච්කොක්, නැපෝලියන් බොනපාට්, ඕවිල් රයිට්, තෙරේසා මව්තුමිය වැනි ලොව සුවිසේෂී චරිතයන් බිහිකල දෙමාපියන් සේම අවශේෂී මාගේ දෙමාපියන්ද සිටීම මට සුවිශේෂීය!
ප/ලි,
මෙය ලියන්නට සිත් වූයේ මීට වසර හතලිහකට පෙර කුඩා දරුවෙකුව ඇඳිවත පිටින් අනාත කඳවුරක ගාල් වී තම දේපොල අධ්‍යාපනය අහිමිව වඩුවෙකු වූ මගේ දක්ෂ මිතුරාගෙ කතාව නිසාය. එසේ නොමැතිව උපන්දිනයක් නොවේ ( එයට තව කල් තිබේ).
ප/ප/ලි,
මේ අගෝස්තුවෙ සිංහල බ්ලොග් අවකාශයට ඉතා වැදගත් සැමරමකුත් තියෙනව.
ඒ තමයි මේ වනවිට සක්‍රිය සහ යාවත්කාලීන වෙන පැරණිතම සිංහල බ්ලොග් අඩවිය වන බිත්තිය තම අටවෙනි උපන්දිනය මේ අටවෙනි මාසෙ සැමරීම. ( වැඩේ කියන්නෙ ඔච්චර වයස උනත් ඒකට තාම තියෙන්නෙ හිට්ස් 80,000 අඩුවෙන්ලු. බලන්න ඒක කොයිතම් ලොකු පාඩමක්ද කියල දෙන්නෙ කියල )
ඡායාරූප; අන්තර්ජාලයෙනි.
ප/ප/ප/ලි
අපේ විචාරක මෙන්න මේ ගැන තීන යූ ට්යුබ් වීඩ්යෝ ගොන්නක් හොයාගෙන. වැඩි විස්තර මෙතනත් ඇති.
ඔය හොල්මන් නගරය ගැන උඹ කියනකල් අහලා තිබුනේ නෑ මම නම්. අද ඔය භූමියේ නීත්‍යානුකූල අයිතිකාරයෙක් නැද්ද? උඹට තිබුනේ සිතියමකුත් දාන්න තැන වඩා පැහැදිළි වෙන්න. මම උඹේ ලින්ක් දෙකට නම් ගිහින් බැලුවා.
ReplyDeleteතෑන්ක්ස් හෙන්රි! උඹ කිව්වම තමා මටත් ඒ අඩුව දැනුනෙ. ඔන්න වැඩේ හරි.
Deleteනීත්‍යානූකූල අයිතිය ග්‍රීක සයිප්‍රසයන්ට. තුර්කීන් බලෙන් අල්ලගෙන ඉන්නව.
Deleteමේ ගැන ඇහුවමයි ඉන්දික.බොහොම ස්තූතියි.
ReplyDeleteඅපි නොදන්න කොයිතරම් දේ අපි වටේ තියෙනවද? කියෙව්වාටත් ස්තූතියි!
Deleteමේක කියවන්න එන්නං හෙට උදේම
ReplyDeleteදැං උදේ!
Deleteකඳුලු.... එක් දේශයක සතුටු කඳුලු වෙනුවෙන් තවත් දේශයක වේදනා කඳුලු...
ReplyDeleteකඳුලු.... එක් ජාතියක සතුටු කඳුලු වෙනුවෙන් තවත් ජාතියක වේදනා කඳුලු....
කඳුලු.... එක් ආගමක සතුටු කඳුලු වෙනුවෙන් තවත් ආගමක වේදනා කඳුලු....
ඒත්.... කඳුලු හෙලන මේ ඔක්කොම අපි.. මනුස්සයෝ....
ඒත්.... ඇත්තටම මේ මනුස්සයෝමද?
උත්තර නැති ප්‍රශ්ණයක් මනෝ! දිනෙක හඬනවා දිනකදි හිනැහෙනවා.
Deleteඑනවා …යනවා …හඬනවා …
Deleteහිනැහෙන කෙනෙකු නැතේ …!!!!!!
සිනහා.... කඳුලු....එනවා....යනවා....
Deleteමගේ දෑසෙ කඳුළු, තව දෑසක සතුටු කඳුළු වේ...
Deleteඔන්න ඉන්දික මමත් සැහැල්ලුවට සැහැල්ලුවෙන් ගොඩ උනා ...
Deleteමිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් //
කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා
මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන් //
පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා
මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් /////
ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක
අදමයි මෙහෙම නගරයක් ගැන ඇහුවේ ...විස්තරයට බොහොමත්ම ස්තුතියි .
Deleteසිනෝ: මේක මරු සින්දුව ඈ! ස්තූතියි මතක් කලාට
Deleteඔය නගරය ගැන අටපට්ටමේ සෑහෙන විස්තරයක් ගියා. මට හොඳටම මතක හිටියේ ඔය දිරලා යන එයාපෝර්ට් එක. ඇයි අල්ලගත්ත මිනිස්සුත් ඕක අතඇරලා දාලා තියෙන්නෙ...?
ReplyDeleteඅල්ල ගත්තු අය වහල තියෙන්නෙ ඇයි කියන එකට කෙටි උත්තරේ "තුර්කියන්ට පාවිච්චි කරන්න බැරි තරම් සංකීර්ණ නගරයක් නිසා"
Deleteඔය නගරෙ ගැන නම් ඇහුවමයි.පුදුමයි නේ.
ReplyDeleteස්තූතියි! මේ වගේ තව නගර තියෙනව දමිත්. අපි නොදන්න දේ කොහොමත් වැඩියිනෙ.
Deleteමමත් අදමනේ බොලේ මේ අත්හැරපු නගරේ ගැන ඇහැව්වේ......
ReplyDeleteමලෙසියාවටත් සතුටු කඳුළු එන මාසයක් තමයි අගෝස්තු ..... එයාලත් මිට වසර 57කට කලින් අගෝස්තු 31 වෙනිදාවක තමයි නිදහස ලබලා තියෙන්නේ.........
කොහොම උනත් සුබ උපන්දිනයක් වේවා!!!!!!!! ලොක්කා ................
ඔන්න, තවත් අලුත් දෙයක් දැනගත්ත. මැලේසියාවට සතුටු වෙන්න ඔන්න මෙන්න තියල එහෙනං අපිටත් සතුටුවෙතෑකි!
Deleteඋන් කොහොම සතුටුවෙන්නද බන් .මු තාම එහෙනේ.
Deleteස්තුතියි දමිත්
Deleteමේ දුරකතන අංක බලල ලඟදිම මැලේව අල්ලයි. මලේ උඹ පරිස්සමින්.
Deleteඅදමයි ඉන්දික එහොම කතාවක් ඇහුවේ
ReplyDeleteවරායකුත් තිබුනනං පංකාදු හතයි
ඇයි ගලක්?
Deleteඅමතක උනානෙ. වරායකුත් තියෙනව. මෙන්න ඒ වහල දාපු වරාය.
Deleteජීවන, ගලකුත් තියෙනව.
එයාපෝට් එකේනං ලොකු වෙනසක් නෑ …
Deleteඕ යේස් !!!
එහෙම කියන්නෙපා බං. මත්තල උත්තල තියෙන්නෙ දැන්.
Deleteඔය වගේ අත්හැරපු නගර තව තියෙනවා ද දන්නේ නෑ
ReplyDeleteපුළුවන් නම් ඒවා ගනත ලියපන් මචන්
උඹෙ ලින්ක් එකේම තියෙනවනෙ බර ගානක්. ලියමු, මොකද ගොඩක් අය මේ ගැන නොදන්න නිසා.
Deleteඇත්තටම මේ ඇහුවමයි මෙහෙම දෙයක් ගැන! බොහොම ස්තූතියි ඉන්දික
ReplyDeleteවාර්ථා වැඩසටහනක් වත් තියේද මේ ගැන කරාපු? සොයල බලන්න සෑහෙන්න කුතුහලයක් ආවා
අගෝස්තුව ලෝක ඉතිහාසයේ ඒ හැටි හොඳ තැනක නෙමෙයි එහෙමනම් තියෙන්නෙ නේද?
මේ කඳුළු කථාවල නිමක් දකින්න ඉතින් මිනිස්සුන්ගෙ තෘෂ්ණාව අඩුවෙන්නම ඕන
මේ ගැන වාර්ථාවැඩසටහනක් තියෙනවද කියල හොයල බලන්න ඕන තිස්ස. මම දැනගත්තෙත් අපේ සයිප්‍රස් සගයන්ගෙන්. තව පොඩ්ඩෙන් මෙහෙම වෙන්න තිබ්න ට්‍රින්කො වලටත්.
DeleteChina Bay ටැංකි තියන හරියනම් දැනටත් ඔහොමයි
Deleteඅපේ නෙමේනේ!
RAW RAW RAW your boat!
අපේම නොවෙන අපේ ප්‍රදේශය! කාට කියන්නද මේ දුක...
Deleteමේක row නෙමෙයි ඈ ;-)
Deleteඑතකොට කියන්න ඕන කෙනා සොයාගත හැකි :-)
//මේක row නෙමෙයි ඈ // :D :D
DeleteWheel on the bus round and round, round and round all the way to...?
කවදාවත් අහලා තිබ්බෙ නැති කථාවක්නෙ බොලේ මේක...හරිහට චිත්‍රපටි කථාවක් වගෙයි..එහෙමත් නැත්තං සුරංගනා කථාවක් වගෙයි...ජාලෙන් තව ටිකක් තොරතුරු හොයාගෙන කියවන්න හරිම ආසාවක් හිතට ආවා...බොහොම ස්තූතියි ලොකු අයියෙ...
ReplyDeleteසත්‍ය ප්‍රභන්ධයකට වඩා විශ්මයජනකයි කියනවනෙ සිරා. ඔන්න ජීවන දීල තියෙනව ලින්ක් එකක් තව තැන් කිහිපයකුත් තියෙන. හොයල බලහන්.
Deleteමෙහෙම දෙයක් ගැන ඇහුවමයි.
ReplyDeleteමිනිස්සුන්ගෙ සතුට නැතිකරල යුද්ධ කරන්නෙ මොන හේතුවකටද මන්ද?
තව මිනිසුන් කොටසකගෙ සතුට වෙනුවෙන් කියන්නෙ.!
Deleteමචං ලින්ක් එකක් සෙට් උනා. පුළුවන් නම් ලියපන්කො.
ReplyDeletehttp://weburbanist.com/2008/07/06/20-abandoned-cities-and-towns/
ලස්සන කතා මාලාවක් වෙයි
මොකක්ද මචං මේ සීන් එක ටිකක් විස්තර කියහං
DeleteJeevana මචං, තෑන්ක්ස්.! ඇත්තටම වටිනව මහන්සිවෙලා හොයල මේ වගේ දේ ගැන ලියන එක. එහෙනං බලමු කොහොම හරි කරන්න.
Deleteමෙන්න මෙතන තියෙනවා මූණු පොතේ ඔය ගැන විස්තර තියෙන තැනක්...ඡායාරූපත් එක්කම....
Deletehttps://www.facebook.com/Varosha.WhatTheyDontWantYouToSee
නගරෙ වෙබ් සයිට් දෙකෙන් තුර්කි පාර්ශවේ වෙබ් සයිට් එකේ වත් නගරෙ ඉතිහාසෙ ගැන කියද්දි මේ සිද්දිය ගැන මොකුත් කියවෙන්නෙ නෑ. ඒකෙන්ම පේනව හපන් කම ගැන ආඩම්බර වෙන තරම.
ReplyDeleteඔව්, උං නිකන් ඉන්නේ එහෙම දෙයක් වෙච්චි නැති ගානට. හැබැයි ඔය ප්‍රශ්නෙත් එක හේතුවක් ( හෝ පිටින් පෙන්නන හේතුව ) තමයි තුර්කින්ට යුරෝපෙට එකතුවෙන්න නොදෙන (ඕක දුන්නත් උන්ව වැද්දගන්නෙ නෑ තමයි අන්තිමට ).
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහල තිබ්බෙ නෑ බොස්.. අදමයි ඇහුවෙ.බොහෝම ස්තුතියි මේ ෂීන් එක අපිට බලන්න සැලැස්සුවට එකෙන්ම. … වහල දාපු බාරුත් ඇති නේ එහෙ ?? ඔය තරු හෝටල් වල තිබ්බ ඒව ?? නෑ මං නිකමට ඇහුවෙ :D
Deleteඇති තාම, හැබැයි මුල් කාලෙ හමුදාව වෙඩි තියන්න කලින් තුර්කියො ගොඩක් දේ හොරාට ගෙනිහිල්ල. ඒ හින්ද එහෙමටම නැතුව ඇති. ඒත් ඉතින් පොළොව යට වයින් සෙලර්ස් එහෙම තිබ්බනං ඔන්න පුතේ ගොඩ!
Deleteමේ අතහැරල දාපු නගරෙ ගැනනං දැනගත්තෙ අදමද මන්ද..
ReplyDeleteඒ විතරක් නෙවේ අනික් සිදුවීම් ටිකෙත් ගොඩක් දේවල් දැනගනෙ හිටියෙ නෑ..
බොහොම ස්තූතියි මේ කරුණු ටික බෙදාගත්තට..
ඔය නගරෙට ඔහොම කරලා තියෙන්නෙ 'ට්‍රෝයි පුරේට දුන්නු ගේමට' රිටර්න් එකක් විදියට ලු..
ReplyDeleteටර්කි, සයිප්‍රස්, කොන්ස්තන්තිනෝපල් ඇතුළු බෝල්කන් අර්ධද්වීපයම තනිකර සංස්කෘතික කැඳ හැලියක් නෙව බං.. කාශ්මීරෙ තව හොඳා, හින්දු & ඉස්ලාම් විතරයි.. මෙතන ක්‍රිස්තියානි, යුදෙවු, ඉස්ලාම්, ග්‍රීක් ඕතඩොක්ස්, රෂියන් ඕතඩොක්ස් කීයක්ද? ඔතන ඔය මට්ටමින් තියෙන එකත් ලොකු දෙයක්..
මේ නගර විස්තරේ නොදැනම හිටිය දෙයක්.. තැන්කූ උඹට මේ වගේ කුණු ගොඩවල් පහුරුගාලා දෙනවට අපට පනුවො හොයන්ට..
බුරා පොඩ්ඩක් මේ බෝල්කන් අර්ධද්වීපයේ ඉතිහාසය සරලව කෙටියෙන් කියාපන්කෝ
Deleteඉංග්‍රීසි සයිට් වලට ලින්ක් නං එපා මේං වැන්ද!
උඹැහැ දන්න විදිහට කියාපන් - ඒ ඇති
බෝල්කන් අර්ධද්වීපයේ ද ඇනටෝලියන් අර්ධද්වීපයේ ද නැත්තං දෙකේම ද? ලින්ක්ස් දාන්ටත් බෑ නේද? :-)
Deleteකෙටියෙන්ම කිවුවොත් ආසියාවෙ ඉඳන් යුරෝපෙට මානව සංක්‍රමණ වූනේ මේ ඒරියා එක හරහා. සංස්කෘති බිහිවුනේ, නැතිවුනේ, එකට හැප්පුනේ මේ හරියෙ.
- ආදිම කාලෙ ග්‍රීක් ශිෂ්ටාචාරය. ඇතන්ස්, ස්පාර්ටා, කොරින්ත්, ආර්ගෝස්. ඊට මෙහා සුළු ආසියාවෙ (දැන් තුර්කිය) ට්‍රෝජන්වරු. ට්‍රෝයි නගරෙ ආක්‍රමණය දන්නවනෙ.
- සුළු ආසියාව පර්සියන් අධිරාජ්‍යයට යටත් වෙනවා. ඒත් ග්‍රිකො-පර්සියන් යුද්ධවලින් පස්සෙ ආයෙමත් ග්‍රීක් රජවරුන්ට අයිති වෙනවා.
- ඊට පස්සෙ ඇලෙක්සැන්ඩර්ගෙ අධිරාජ්‍යය.
- රෝම අධිරාජ්‍යය
- රෝම අධිරාජ්‍යය බිඳ වැටීමත් එක්ක මේ හරිය නැගෙනහිර රෝම අධිරාජ්‍යයට (බයිසන්ටයින් අධිරාජ්‍යය) අයිති වෙනවා. ඒ කියන්නෙ කොන්ස්තන්තිනෝපලයට (වර්තමාන ඉස්තාන්බුල්).
- හන්වරුන් ඇවිල්ලා බෝල්කන් අර්ධද්වීපයට උතුරින් එයාලගෙ රාජධානි පිහිටුවා ගන්නවා. ඊටපස්සෙ ස්ලාව් ජාතිකයො එනවා. එයාලා ස්ලොවීනියන්, ක්‍රොඇට්, සර්බ්, මැසිඩෝනියන්, බල්ගේරියන් කියලා බෙදිලා එකාට එකා මරාගන්නවා. (ඕකෙම එක්ස්ටෙන්ෂන් එකක් තමා යුගෝස්ලාවියාව බිඳ වැටුනට පස්සෙ අනූව දශකයෙ සිද්ධවුනේ).
- ඊට පස්සෙ එනවා කුරුස යුද්ධ කාලෙ.
- තුර්කි කාරයො නිකං ඉන්නෙ නෑ. එයාලා හදනවා ඔටෝමන් අධිරාජ්‍යය.
- ඔය අතරෙ ටමර්ලේන් කියන මොන්ගෝලියන් ඛාන් (මතකද ජෙන්ඝීස්, කුබ්ලායි, බටු, සුබෝටායි එහෙම? අර සුජීවයි මායි නෙළුම් විලේ මරාගත්තෙ. ටමර්ලේන් කියන්නෙ ඒ පරම්පරාවෙ එකෙක්) ඇනටෝලියාව ආක්‍රමණය කරනවා.
- 1453 කොන්ස්තන්තිනෝපලය තුර්කින්ට යටත් වෙනවා. (මතකයි නේද 8-9 ඉතිහාස පාඩං පොත? සේද මාවත, වස්කෝ ද ගාමා, පුනරුදය එහෙම)
- ඔටෝමන් අධිරාජ්‍ය අන්ත දෙකක සටන් කරනවා. බටහිරින් ඔස්ට්‍රො-හන්ගේරියන් අධිරාජ්‍යය, නැගෙනහිරින් පර්සියන් අධිරාජ්‍යය. මේ තමා ඔටෝමන් අධිරාජ්‍යයෙ ස්වර්ණමය කාලෙ.
- ඔය අතරේ රුසියානු අධිරාජ්‍යයත් මෙහාට හොට දානවා. (මතකයි නේද ඔය රුසියන් කතා පොත්වල තියෙනවා තුර්කියාත් එක්ක සටන් කරපු ඒවා, එතකොට ක්‍රිමියානු යුද්ධය)
- පළමුවන ලෝක යුද්ධෙත් මේ හරියෙන් (සරයේවෝ) තමා පට්ටාං ගන්නෙ. මේ යුද්ධෙන් පස්සෙ ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටෙනවා.
සරසවි බැල්මත් ගණදෙවි බැල්මත් නොඅඩුව ලැබේවා...!
Deleteබොහොම පිං
ඕවා ඉතිහාස පොතක තිබ්බද කියලවත් මතක නැත :-(
මෙහෙම ඉගෙන ගන්න දෙයක් තම දැං
Very impressive බුරතීනෝ.
Deleteට්‍රොජන්වරු ඉතිහාසයට ඔයතරම් ලේසියෙන් දාගැනීම හැර විවාදයක් (සැලකියයුතුයි- මෙය වරදක් කියනවා නොව විවාද කල හැක්කක් කියනවා පමණි ) නැත.
@ Indika,
ෆාමගුස්ටෙ ඔහොම වුනාට නිකෝසියා නම් දෙකට බෙදාගෙන අගේට ඉන්නව නේ? බ්‍රැන්ඩඩ් බඩු තුර්කි සයිඩ් එකෙන් සිප්‍රියට් ( EU :-D ) සයිඩ් එකට ගේන ප්‍රශ්නෙ හැර නිකම්ම කොලේකින් විනාඩියක් ඇතුලත වීසා එකත්
ප්‍රා, මම හිතනව ඔබ ඉංග්‍රීසියෙනුත්, බුරාට සිංහලෙනුත් (මං කිව්වෙ බොට සිංහල ටයිපින් අර්බුධයක් නෑනෙ ) මේ ට්‍රොජන් සහ බෝල්කන් ඉතිහාසෙ ගැන අදහස් හුවමාරුවකට එකතුවෙන්න මෙතන කිසි බාධාවක් නැතිය කියල ( මම එහෙම කිව්වෙ ප්‍රාගෙ සිංහල ටයිපින් අර්බුධය දන්න නිසා )
Deleteඔය බුරා උඩිං මිත්‍රකං පෑවට මං වාගෙ අයගෙ අඩුපාඩු හොඳින් දන්නව: මේ කෝචෝක් කෙරිළි දැක්කද?
Delete• "ට්‍රෝයි නගරෙ ආක්‍රමණය දන්නවනෙ ? - මම දන්නේ ඇබාලයේ 'Hey Hey Helen ' සින්දුව විතරයි
• "මතකයි නේද 8-9 ඉතිහාස පාඩං පොත? සේද මාවත, වස්කෝ ද ගාමා, පුනරුදය එහෙම" - හොඳටම දන්නව මං දන්නෙ නෑ කියල
• "මතකද ජෙන්ඝීස්, කුබ්ලායි, බටු, සුබෝටායි එහෙම?" - මට අමතක වෙනව කියලත් දන්නව
• "බයිසන්ටයින් අධිරාජ්‍යය" & "හන්වරු" & "ඔටෝමාන් අධිරාජ්‍යය" - මං දන්නේ බයිසන්, හං, ඔටෝපාට්ස් දෙල්කඳ, නිසා නැතිකරලම දැම්ම
ප්‍රා ජේ වත් උදව්කරයිද කියල බලමු :-(
@ Pra Jay,
Deleteට්‍රෝජන් ශිෂ්ටාචාරය දැන් තහවුරු වුන ශිෂ්ටාචාරයක් නේද?
@ ඉන්දික,
ඕකට ඇති සිංහල අර්මුදයක් නෑ. ඔය අගේට සිංහලෙන් ටයිප් කරන්නෙ. :-D
@ තිෂ්ෂ භයියා!
Deleteඔන්න දැන් මට ලින්ක් දාන්ට සිද්ධවෙනවා... :-P
මම හිතුවෙ ඉතිහාසය පාසල් විෂයය මාලාවෙන් අයින් කලේ අපේ කාලෙයි කියලා. බලනකොට පුරාණ කාලෙත් එච්චරටම තිබිලා නෑ වගේ.
This comment has been removed by the author.
DeleteThanks Indika. ඒත් ටයිපින් අපහසුවට ව්ඩා වැඩියි අපේ යාලුවන්ගෙ බැනුම් වලට උත්තර බඳින එක. එනිසා පුලුවන් තරම් මෙහෙමම යන්නම්. English හදිස්සියට තියාගෙන
Delete@B, Ancient Greek historians variously placed the Trojan War in the 12th, 13th, or 14th centuries BC: Eratosthenes to 1184 BC, Herodotus to 1250 BC, Duris of Samos to 1334 BC. Modern archaeologists associate Homeric Troy with archaeological Troy VII (Wood 1985). ( 7 වෙනි ට්‍රෝයි නගරය)
ඔය ප්‍රශ්නෙයි Hittites ගැන තියන මතබේදයි නිසා මං කිව්වෙ ඔබේ ලිස්ට් එකේ අනිත් අය තරම් ලේසියෙන් ට්‍රෝජන්ල දාන අමාරුයි කියල ( අමාරුයි විතරයි නොහැකි නෙමෙයි ) ඒත් සරලව හෝ loosely එක කාලයක් ඒනමින් හඳුන්වන්න පුලුවන් මගෙ හිතේ. මං ටිකක් rusty දැන්. තව පොඩ්ඩක් කියවල බලන්න ඕන.
BTW, Gemmel's Troy Classico- Fantasy එක කියවල තියනවද? පොඩිකාලෙ මායා රන්ජන්ගේ ඉලියඩ් පරිවර්තනය කියවීමේන් පටන් ගත් fascination එක නිසා ට්‍රෝයි fiction & non-fiction එකතුකලා මං එක කාලෙක
@ Tissa, // "මතකද ජෙන්ඝීස්, කුබ්ලායි, බටු, සුබෝටායි එහෙම?" - මට අමතක වෙනව කියලත් දන්නව//
Deleteඇයි බටු අමතක ? ආස නැද්ද left brinjal වලට?
ඒත් තිස්ස ටමර්ලේන් දන්නව ඇති නේද? ස්ලේව් අයිලන්ඩ් පැත්තෙ ;-D
:-)
Delete@ Pra Jay,
Deleteට්‍රෝයි නගරය තිබුනේ කොහෙද කියන එක ගැන හා ට්‍රෝජන් යුද්ධය ඇතිවුනේ කොයි වකවානුවෙද කියන එක ගැන මතභේද තිබුනට සුළු ආසියාවෙ ට්‍රෝජන් ශිෂ්ටාචාරය තිබුනා කියන එක ගැන මතභේදයක් නැහැ නේද?
ඔව්. කාලය, කාල පරාසය සහ ඒ නමින් තිබුනද කියන එක ගැන සැක වුනාට තිබුනයි කියල පිලිගන්නව
Deleteබුරා,
Deleteමේ ඊරියා එකම කැඬ්හ් හැලියක් තමා. ඉතිහාසය නැවත සිදුවෙනව් කියනවනෙ. යුගෝස්ලාව් කේ එකෙන් පස්සෙ ආයි වැඩිය දරුණුවට ගේමක් ලඟදිම එනව. දැං ඔය වර්ථමාන ක්‍රිමියනු යුද්ධෙට අමතරව සයිප්‍රස් වල කලාපෙ විසලම ගෑස් නිධියකුත් හොයාගෙනලුනෙ.
උඹෙ සරළ ඉතිහස්පඩ්මට බොහොම පින්, මෙන්න මේ වගේ දේ තමා බ්ලොග් ලියන්නෙක්ට වගේම කියව්න උන්ටත් වටින්නෙ.
තිස්සගෙන් ඉතිහාසෙ අහන්න ඕනත් සින්දුවකට , සංගීතෙට පටලෝල. අන්න එහෙම උනොත් ඔඅක ඉලියඩ්ගෙ ඉඳල හෝමර්ටත් අන්තිමේ සුනිල් සරත් පෙරේරටත් වෙනකල් බොට මතක් කරල දෙයි.
ප්‍රා,
හොඳටම මදි. මම කැකුණ ලෝඩ් එහෙකුත් තියන උන්නෙ, දෙන්න පැලෙන්න. කොහෙද මේක නිකං අර බුෂ් ඉරාකෙට ගැහුව් වගේ හුස් ගාල් එක් හීනෙටම එලි උනානෙ :)
තිස්සගෙන් ඉතිහාසෙ අහන්න ඕනත් සින්දුවකට , සංගීතෙට පටලෝල. අන්න එහෙම උනොත් ඔඅක ඉලියඩ්ගෙ ඉඳල හෝමර්ටත් අන්තිමේ සුනිල් සරත් පෙරේරටත් වෙනකල් බොට මතක් කරල දෙයි.
@ ඉන්දික,
Deleteඇත්ත කියහං. උඹ දෙකක් නවාගෙන නේද ඔය උඩ තියෙක කමෙන්ට් එක කෙටුවෙ? අකුරු එහා මෙහා වෙලා තියෙන විදියෙන් කියන්ට පුළුවන්. :-D
@ ඉන්දික,
Deleteඅපි "ශාන්ත"යි නෙ "සයිලන්ට්" එකෙන් තමයි ඉන්නෙ :-))))))))))
එහෙම නැතිවුනත් ඔය බුර් වගේ වියතුන් එක්ක පරිස්සමෙන් සංවාද කරන්න ඕනැ. වලියට ගියොත් පර්ල් හාබර් එකක ගහපු ජපනුන්ට වුන එක තමයි.
කොහොමත් මගේ මේ වියායාමය හුදෙක් බුර් උතුමා විසින් පොත් පිලිබඳ බ්ලොග් එකක් ලියවා ගැනීම සඳහා වේ. ඊට පස්සෙ no holds barred ! :-D
බුරා, විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා! යකෝ මේක එඩිට් කොරල ආයි පෝස්ට් කරන්න වෙන තරන් සාටර්නෙ. බියර් එකට නෙම්යි මම හිතන්නෙ කන්නාඩි දෙක නැතුවට ඔය ඔහොම වෙල තියෙන්නෙ. ;-)
Deleteප්‍රා,
උඹේ වියායාමෙටනං පොඩි චීත්ත පාට පොෆයිල් එහෙකින්වත් එන්න වෙයි. නැත්තන් ඔව්ව සුම්ම :P
මේ ලඟකදී මට මේ විස්තරයක් කොහෙන් හරි අහු උනත් ඇත්තම කියන්න දිගට කඩ්ඩෙන් තිබ්බ හන්දා කම්මැලිකමට අත ඇරලා දැම්මා.. මේක කියවන්න ලැබුන එක හොදයි..
ReplyDeleteදිනේෂ්ගෙ නමත් දොඩංගොඩමද?
Deleteබිත්තියට සුබ පැතුම් ... ඒ එක්කම අගෝස්තු මාසයේ උපන් හැම කෙනෙකුටම සුබ පැතුම්!!!
ReplyDeleteමෙතැන ගැන ඇහුවමයි සිංහයෝ. තව කියවලා බලන්ට ඕනි.
මගේ අතිශය පළමු කුළුඳුල් ප්‍රේම දෙක තුනේ ඉන්න ඇවැස්ස නෑනගෙත් ( එයා වෙන උන්දෙක් බැඳල දැන් ), ටියුෂන් ගිහින් හමු උනු තාම තණිකඩ තව ලමේක්ගෙත් උපන්දින අගෝස්තුවෙ.
Deleteඑ මදිවට අපේ මස්සිනාටත් ( හාමිනේගෙ මලය )ඊයෙ පුතෙක් ලැබිල. අගෝස්තුවෙ උපන්දින කීයක් සමරන්න කියලද දැන් ඉතින්.
අඩේ මොන තරං ගොං කංද...
ReplyDeleteඅපරාදෙ අච්චර වටින සම්පත්...
මොලේ මැටි වලින් සැදී ඇත යන මගේ නිගමනය මින් තවත් සනාත වේ...
ස්තූතියි
නොදනින දෙයක් කියල දුන්නට
තුර්කි මොළ මැටිම තමා. උන් ඔය නගරෙ මේස කකුල් කපල, පුටු කකුල් කපල බිම තියානලු කෑවෙ මුල් කාලෙ.
Deleteහොදයි සහ ස්තුතියි.. නොදන්න රෙද්දක් දැන ගැනීමට ඉඩ සැලැස්වීම ගැන..මේචිචර සීන් කෝන් වේචිච අගෝස්තුවෙම අර “බිත්තියා“ බ්ලොග් එක පටන් ගත්ත එකත් පුදුමයක් මට හිතෙන්නේ.. හැක්...
ReplyDeleteඒකත් ඉතින් මම මේකෙම ඉපදුනා වගේ අරුම පුදුම සීන් එකක් තමා.
Deleteඑහෙන් මෙහෙන් අහපු විස්තර මේ විදිහට එකතැනක දකින්නට ලැබීම සතුටුයි. ස්තුතියි ඉන්දික
ReplyDeleteඑහෙන් මෙහෙන් එබෙන අස්සෙ මේ පැත්තට ආවටත් ස්තූතියි උඹට!
Deleteමෙයට පෙර මේ ගැන අහලා තිබ්බේ නැහැ නොවැ.අලුතෙන්ම දැන ගත්තු දෙයක්.
ReplyDeleteඅපේ තාත්තාටත් අගෝස්තුවේ වෙච්චි.
එහෙනං තාත්තත් සිරා බුවෙක් වෙන්න ඕන.
Deleteආයෙමත් අහලා,සිරාම පොරක් තමයි මට අපේ තාත්තා.
Deletehttp://manogeloka.blogspot.com/2013/09/blog-post_7.html
මේ නගරය ගැන යන්තම් අසා තිබුණත් මේතරම් අගේ ඇති විස්තරයක් සහිතව දැනගත්තේ මේ ලිපියෙන් ඉන්දික. කෙනෙකුට කඳුළ තවෙකකුට සිනහව. අරුම පුදුම ලෝකයක්.
ReplyDeleteකොහෙද බොලාගෙ පත්තරවලත් යන්නෙම ලොක්කන්ගෙ බයිලනෙ. මෙවට ඉඩ දෙන්න වෙලාවක් නෑනෙ උන්ට.
Deleteමේකට තමයි කියන්නෙ බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියල.
ReplyDeleteමෙහෙ වගේනං බල්ල පිදුරු විකුණල හරි මස් ගෙනත් කයි.
Deleteමම මේ ගන කොච්චර උනන්දු වුනාද කියතොත් මේ ලිපය කියවලා ඉවර වෙලා කමෙන්ට් එකක් නොදා ජාලේ පුරා කරක් ගැහුවා වැඩිදුර තොරතුරු කියවීම සඳහා.
ReplyDeleteසිතියම ලොකු මදි. මෙන්න මෙතනින් තෝරලා දාන්ඩකෝ පොඩි වීඩියෝ එකකුත්.
https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=famagusta+the+ghost+city&tbm=vid
විචාරක, මහන්සිවෙලා විස්තර හොයල බෙදා ගත්තට බෝම ස්තූතියි. එකක් මොකටද මම ඔය ලින්ක් එකම දාන්නං ඕන අයට බලාගන්න තොරගෙනම.
Deleteමලයෝ දෙන්නෙක්ව ගිහින් අතෑරියානම් උන් මේ දූපත් ආපහු දියුණු කරලා ගනී... :)
ReplyDeleteඅයිත් අහල, නීල් ලොක්ක හඳට ගියාමත් මලයෙක්ක්ගෙන්ලුනෙ තේකක් බීල තීන්නෙ.
Deleteපුදුමයි නේ මෙච්චර පහසුකම් තියෙන නගරයක් මෙහෙම පාලුවට යවල දාල තියෙන එක. ඕක සල්ලි දීල ගන්නවත් කෙනෙක් නැද්ද? කොහොම වුනත් කවදාවත් නොගෙන හිටපු තොරතුරක් බොහොම ස්තුතියි..
ReplyDeleteබිත්තිය ගැන ලිව්ව එකටත් බොහොම ස්තුතියි.. :)
ඒක අල්ල් ගත්තු තුර්කියො කාටවත් දෙන්නෙ නෑ, හේතුව ඒ දුන්නොත් උන් නඩුව පරාදයි, ඒකයි.
Delete