“කෝ පුතේ උඹේ බ්‍රැන්ඩි බෝතලේ” කියාගෙන අපේ කන්තොරුවට ගොඩවී මා ඉදිරිපස හිඳ විමළසේන නම් වූ අපේ ආයතනයෙ කෝකටත්
තෛලය කොහිදැයි සෙවූ අමරෙ අංකල්
නොහොත් අමර හේවා මද්දුම මහතා ඊයෙ නික්ම ගොස් ඇත.
අමර හේවාමද්දුම මහතාගෙ අයියාගේ පුතා වූ නාලක සමඟ ඔහුගේ ආයතනයේ
රාජකාරි කල කාලයේ මට හමුවී පසුව පවුලේ හිතවතකු වූ අමරෙ අංකල් මට හමු වූ ඉතාම සුන්දර
මිනිසුන් කිහිප දෙනාගෙන් කෙනෙකි.
මාතර නූපේ ගොවි පවුලක උපතිස්ස සහ ධර්ම යන දෙබෑයන්ට මැදිව
ඉපිද පරිපාලන ලොව දික් විජය කල මේ සොඳුරු මිනිසාගේ දින ගනනක් කියන්නට තරම් වන රස කතා, අතීත ඕපාදූප, ඉතිහාස කතා සහ දේශපාලන සිද්ධිවලින් ගහන මතක පොත ඇවිස්සීමට හොඳම ක්‍රමය තරමක්
කෝප ගැන්වීම බව මා සොයාගත්තේ ඔහු අප හමුවන්නට ආ මුල් කාලයේදීමය.
අමරෙ අංකල්ගෙ කතා මල්ලෙහි එවකට රට කරවූ ලොක්කන්ගේ නොයෙක්
පුද්ගලික තොරතුරු විය. ඔහු ඉතිහාසය පිළිබඳ උපාධිදරයකු නිසාම නොව, වඩා පොත පත ගවේෂනය කරන්නකු නිසා ඉතිහාසයෙ
අඳුරු තැන් පිළිබන්ද තමාගේම විවරන තිබිනි. එමෙන්ම පාලි සිංහල, ඉන්ගිලිසි සහ සංස්කෘත මැනවින් හසුල භාෂා
පරමේශ්වරයෙකු විය.
අමරෙ අංකල් දක්ෂ පරිපාලකයකු, හොඳ දිසාපතිවරයකු වීදැයි මම නොදනිනිමි.
එය දන්නේ ඔහුගේ සමකාළීනයන් සහ සේවය ලබාගත්තවුන් පමණි. එහෙත් ඔහු හා ඇසුරු කල කාලය තුල
මා හඳුනාගත්තේ අමර හේවාමද්දුම යනු අද රජයේ ඉහල නිළධාරියකුගෙන් දැකිය නොහැකි තරම් පුළුල්
දැණුමකින් හෙබි, ඉතාම සොඳුරු සහ
අහිංසක නිර්ව්‍යාජ නියම මාතර මිනිහකු බවයි.
ඒ සියල්ලටම වඩා පොඩි එකෙකු මෙන් රසවත් කතා කියමින් විනෝදකාමියකු
විය. අමරෙ අංකල් 90 දශකය මුල වනතුරුම පාවිච්චි කලේ 5 ශ්‍රී පර්ජෝ කාරය වූ අතර ඉන්පසුව කුඩා
ටර්සෙල් රථයකට මාරු විය. කළුබෝවිල නිවසේ තම ප්‍රාණ සම බිරිඳ සමඟ පසුව තනිවම විසූ අමර
හේවාමද්දුමයන් ඉතාම විශාල සහ අනගි
පුස්ථකාලයකට හිමිකම් කීය. ඒ අනගි පොත්ගුලෙහි ඉඳ හිට පහස ලබන්නට දුලභ අවස්ථාවක්
ලද කිහිප දෙනාගෙන් එකකු වීමට මටද භාග්‍ය ලැබුනි. එහෙත් මේ වටිනා මිනිසාගේ තරම නෝතේරුනු
ඔහුගේ පසු පරපුර ඒවාට කුමක් කරාවිදැයි ඇසිය යුත්තේ දෙවියන්ගෙනි.
අනුරාධපුරයේ දිසාපති,
ලංගම සභාපති, අධිකරන අමාත්‍යාංශයේ උපදේශක යන මොන තනතුරු දැරුවද, පාසැල් කාලයෙන් පසු විසුවේ ගමෙන් පිටම
වුවද ඔහුගේ දෙඩුම ඔහේලැයි මක්කටෙයි බසින් මිස සමහර දිසාපති හාමුදුරුවරුන්ගේ උද්දච්ච
කැඩුණු සිංහලයෙන් නම් නොවීය.
ඔහු මා ඉදිරිපස හෝ මට එහා මේසයේ සිටි නාලකගේ බිරිඳ ඉදිරිපස
හිඳ ගත්විට ඒ පසුපස ගොඩ වදින්න විමලේ "සර් තෙකක් ගේන්නද" යැයි විමසන්නේ උවමනාවට
වඩා පුරුද්දට මෙනි. "ඔව් ඔව්, මේ ලංකාවෙ හැම ගෑනිම මට දැන් තේ හදන්නෙ සීනි නැතුවනෙ, ඒ නිසා උඹවත් සීනි දාපු තේකක් ගෙනෙන් බං"
යයි සුපුරුදු ලෙංගතු ස්වරයෙන් කියමින් පසුව විමලේ ගෙනෙන රසවත් තේ කෝප්පය තළු මරා රසවිඳ
තරමක් වෙලා අප පිනවමින් රස කතා කියා පිටව ගිය ඒ සොඳුරු මිනිසා අද සදහටම නික්ම ගොසිනි.
අතිශය ඉන්දියානු විරෝධියකු වූ මා හට ඔහුම කී පරිදි තමන් ලංගමයේ
සේවය කරන කල දුටු ඉන්දියානු කුවේරයන්ගේ ජීවිත ලොව අන් කවර රටකවත් ධනවතකුගේ ආඨ්‍යට සමකල
නොහැකි බවත්, එනිසා තම එකම පැතුමද
එවන් මැඳුරක යළි ඉපැදීම බවත් ය.
තමා දකින්නට එනවානම් ඉහල ගනයේ බ්‍රැන්ඩි බෝතලයක් රැගෙන මිස
නො එන ලෙස තරවටු කර පසුව ගෙන ආවිට බියර් බෝතලයක්වත් භාර නොගන්නා, අවංකව රාජකාරියෙන් කීර්තියට වඩා යමක් උපයා
නොගත් ඒ සොඳුරු මිනිසාට පැතූ සුව පිරි නව ආත්මයක් පතමි!
අමරෙ අංකල් නොහොත් රටම හැඳිනූ අමර හේවාමද්දුමයන් ගැන රස කතා
සහ කියුම් බොහෝ ඇති මුත් ලියන්නට කාලයක් නැති කම පරහක් වී ඇත. මේ ලියා ඇත්තේ ඔහුගෙන්ඇසු එක රස කතාවකි. මෙයට වඩා රසවත් තව බොහෝ කතා එතුමන් නොකියාම රැගෙන ගොස් ඇති බව මා
දනිමි. වියෝවක දුක එයයි.
අමරෙ අංකල්, අපි ආයි හම්බුවෙමු!