Wednesday, April 2, 2014

දවස් හයක් රෑ පහක්..Journey to Moon with My Honey..!


ඇත්තටම අද බලපුවම හිතෙනව ඒක මහ පුදුම ගමණක් කියල.

අපි පටන්ගත්තෙ දෙදාස් තුනේ ජූලි විසි හය.

 24 තමයි අපේ හෝම් කමින් තිබ්බෙ. විසි පහ ඉරිද හති ඇරල ලැහැස්ති උනා. 26 උදේම පිටත් උනා. පටන් ගත්තෙ පානදුරේ, දේවිගෙ ගෙදරින් උදේට කාල.

දවස් කීපෙකට ඇඳුනුයි වතුර බෝතල් දෙක තුනකුයි. තව ඩිජිටල් නොවුන කැමරාවයි, සී ඩී තොගේකුයි..යන්නෙ කොහෙද, ඉන්නෙ කොහෙද දන්නෙ නෑ.  එන්නෙ කවද්ද, බලන්නෙ මොනාද, කිසිම සැළසුමක් නෑ. මහරගම,කොට්ටාව, පහත්ගම හරහ වෙදගම පැත්තෙන් නුවර පාරට ඔහේ ගියා.

"අපි සීගිරි යමු…" 

"හරි යමු."

නොකා නොබී කෙලිම්ම සීගිරියට. වෙලාව මද්දහන දොළහට විතර! සීගිරි කාර් පාර්ක් එකේ කඩේකින් දොඩං වීදුරු දෙකක් බිව්ව. හපන්න ඉරිඟු කරල් දෙක තුනක් ගත්ත. සාක්කුවල බිස්කට් තිබ්බ.

ඉර ඔලුව උඩ හිටවල වගේ..හෙහ්.. ඒත් ඉතින් අපිට තේරෙයිද ඒකෙ සැර? සීගිරි යෝධය ඉස්සරහට අර ගල් අල්ලපු පාරෙන් නෙමෙයි වටේන් අපි ඇවිදගේ යනව. තණ බිස්සෙ දුවන නාටු බල්ලො සන්තෝසෙන්..උලාකන හරක් ඉන්නෙ සැහැල්ලුවෙන්..හුළඟ අපිව ආපස්සට අදිනව..

කාෂ්‍යප කොහොම සතුටින් ඉන්නැද්ද!!!!

ඔන්න අපිත් සීගිරි නගින පෝළිමේ.ලඳුනුත් බලාන, කැටපත් පවුරත් පහු කරා.

සිංහ පාද ගාවින් උඩට යන්න බෑ. ඉස්කෝලෙ ළමයි බර ගානක් පෝළිමෙ. ආයි බැස්ස. කැලේ පැතිවල තිබ්බ නයි පෙන සිංහාසන සේරම බැලුව.

අපි දෙන්නයි කුරුල්ලොයි...තව හිටිය. ඉස්කෝලෙ නඩ වලින් මග හැරිල පෙම් කරපු සුදු ඇඳපු ජෝඩු…!
රෝල ඉවර වෙනකල් ෆොටෝ ගත්ත. අත් අල්ලන් ගුහා අස්සෙන් ඇවිද්ද. කුරුල්ලොන්ගෙ සද්ද පස්සෙ උන් හොයන් ගියා. බලු පැටවුන්ට බිස්කට් දුන්න. ඉස්කෝලෙ කොල්ලො එක්ක විහිළු කරා. දාඩිය යනකල් තන ගොල්ලෙ නිදා උන්න.

මහන්සි හිතුන. බඩගිනි දැණුන. අපි ආයෙ කාරෙකට ආව…

හතරට කිට්ටුයි. ආයි දොඩං බිව්ව. බඩගින්නට කන්න පැණි රහ දොදොලුයි අලි ආනමාලු කෙසෙලුයි ගත්ත. බොන්න ක්‍රීම් සෝඩයි නෙක්ටොයි.

ආයි අපි ගමනෙ..

දඹුලු විහාරෙ ගාවට එනකොට කන්න ගත්තුව ඉවරයි. ඒ උනාට බඩ ගින්න එහෙමමයි. ආයි අපිට කන්න කඩලයි වඳුරන්ට දෙන්න රටකජුයි ගත්ත.

දිග කළිසම් ඇඳල, පිළිවෙලට පෙලගැහිල පොඩි කාලෙ නැගපු දඹුලු ගල. අද නගිනව දණිහ ගාවට කොට කලිසමුයි රබර් සෙරෙප්පු දාගෙන. අන්තිම නිදහසේ..….

ඊයෙ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්හෝ......... ජීවිතේ….. සුන්දරද මෙතරම්....

සින්දු කිව්වෙ නෑ මුමුණ මුමුණ නැග්ග...

දිගටම රිළව්. පොරකනව මැණික් ගඟේ මාලු වගේ. කන්ද මගක් නගිද්දි රටකජු ඉවරයි. ඉන් පස්සෙ කඩල ටිකත් උන්ටම දුන්න. හරියට කලින් නොලැබුන කෑමක් වගේ කඩල, කජු කෑවෙ. උන් කන විදිය දැක්කම අපෙයි බඩ පිරුණෙ.

ගල දිගේ වෝටර් කමින් තඹ හැලියට ටාං ටාං....සිතුවම් බලද්දි බෙල්ලත් උළුක්කු වෙනව...
 
සතියෙ දවසකනෙ, සෙනග නෑ. ඒත් ඉතින් කැමරාව තනම්නෙ. ඒ හින්ද ඇතිවෙන්න ඇස්වලින් බැලුව. ගෙනිච්ච නෙළුම් මල් හතර එක ලඟම තිබ්බ මල් ආසනේ..

ඒ මල් තියල ජීවිතේ අනියත කියන්න වෙලාවක් නෙමෙයි. අපි බුදු හාමුදුරුවො දිහා බලාගෙන...උන්නාන්සෙ අපේ දිහා බලාන.....කිසි කෙනෙක් කතා නෑ. වෙලා ගියා තේරුනෙත් නෑ.

"රෑ වෙනව...අපි කොහෙද යන්නෙ?"

"ඇසළ පෙරහර කාලෙලු. රේඩ්යෝ එකේ කිව්වෙ."

"ඉතින්?"

"නුවර ගිහින් පොඩි පෙරහරහක් බලමු.."

"අන්න වැඩේ..සෙනග ඉඳීයි.. ද?"

"බලමු!"

"හරි ගිහින් බලමු.."

බුදු හාමුදුරුවො විතරක් අහගෙන අපේ කතාව...

අත් අල්ලගෙන සෙරෙප්පු ගලෝල, රත් උන ගලේ උඩ පැන පැන පහලට ආව. පව්...අර රිළව් බලාගෙන ඉන්නව. මොනා කරන්නද, කන්නත් නෑ, ගන්නත් නෑ. ඒක හින්ද දෙන්නත් බෑ.

"ඕගොල්ලන්ගෙ නෑයොනෙ...ඒකයි බලන් ඉන්නෙ."

"ඔව් වෙන්නැති. හැබැයි දැන් ඉතින් ඕගොල්ලන්ගෙත් නෑයෝනෙ..."

හිනාව දෝංකාර දෙනව.

"ඒයි..හය්යෙන් හිනාවෙන්නෑ, තාම පන්සල් බිම..."

"පන්සල් බිම නෙමෙයි උඩ...අපි බිම.."

"ම්හ්..."

ලොකු ලිඳකින් වතුර ඇදල අරන් අරලිය කිරි හෝදගත්ත.මල් ටික කාරෙකට දාගත්ත. කරුවල වැටීගෙන එනකොට අපි පිටත් උනා.

හීතල හුලඟ ඇරපු වීදුරු වලින් ඇතුල ඇවිත් රත්වෙලා ආපහු  යනව...අපි මාතලේ පාරෙ නුවරට යනව..

අකුරළ හුණුද අකුරණ හුණුද? තම්බි පැටව් පාර පුරාම...මුස්ලිම් උන්ගෙ පිරිමි ටවුම පහුකරල බිංගේ පැටිය යටින් කටුගස්තොට පාරටත් කතාවෙන් කතාවෙන් ඇවිත්..

පාර දෙපැත්තෙම කාර් සේල්. වහන පාර දිහා බලාන ඉන්නව.අපි දෙන්න නුවර පාර දිහා බලන් ඉන්න වාහනවල මූණු කියෙව.

සමහරු බුම්මගෙන, සමහර මූණු මූසල මූණු. තව එව්ව හිනාවෙලා. සමහරු ගිරා වගේ. බතල තොල්, ඇයි අලි ඇස්?

ඒගොල්ලන්ගෙ හැඩ බල බල නුවරට ඇවිත් දන්නෙම නැතුව. මිනිසුන් පිරි නුවර..වාහන පිරි නුවර..

වෙලාව නමයට කිට්ටුයි. පාරවල් එහෙත් වහල, මෙහෙත් වහල...ෆ්සූ... ෆ්සූ...සද්දෙ.  යන යන තැන පොළිස් විසිල්. කොහොම හරි කොනක් හොයාගෙන නවත්තගත්ත.

එතනම කරත්තෙක බූන්දි...පැණි වළලු..

කොහොම අහක බලන් යන්නද? කඩදාසි මල්ලක් පිරෙන්න වළලුයි බූන්දියි. මලුදෙකක්ම ගත්ත. මම බූන්දි කනව. දේවි පැණි වළලු කනව, ඉඳ හිට වළල්ලක් කඩල මගේ කටෙත් ඔබනව. ලයිට් දාපු පාරවල් දීගේ මිනිස්සු ගිය පැත්තට අපිත් ඔහේ යනව.

බෙර සද්දෙ ඈතින් ඇහෙන්න ගත්ත. එන්න එන්න සෙඟ ඝනකම වැඩි උනා.

"හැප්පි හැප්පි ක්‍රිස්මස් වගේ. අපි මෙහෙන් නවතිමු..ඔය යසට පේන්නෙ"

ඇත්තටම පෙනුනෙ නෑ යසට. ඒත් ඇයි බෑ කියන්නෙ? අපිට තරහවෙනවට, රන්ඩු වෙනවට, තර්ක කරනවට වඩා වැඩ තිබ්බ. ඒ රස විඳින්න. ඇත්තටම අපි ආවෙ ලඟ ඉඳන් අලි බලන්න නෙමෙයි, පෙරෙහර බලන්න. ඉතින් පෙනුන ඇති. අපි දෙන්න ඈත ඉඳන්, කඩේක පඩියක නැගල පෙරහරේ හැඩ බැලුව.

ඇත්තටම ලස්සනයි. අපි පැණිරස කකා තුරුල්වෙලා ඉඳන් බලපු පෙරහර හරිම ලස්සනයි. කාටවත් එච්චර ලස්සනට පේන්න නැතුව ඇති! ඒත් අපිට පෙනුන. පැණි රස උනත් වැඩිය කනකොට තිත්ත වෙනවලු. ඊට කලින් අපි ආව. පෙරහර ඉවර වෙන්න කලින් පඩියෙන් බැස්ස. තව කඩචෝරු කරත්තයක්.

බැදපු මය්යොක්ක, ටේස් කඩල වගේ සැර ජාති!

නොගෙන ඉඳී! තව මලු දෙකක් අපි අතේ. එයා මට කවනව, මගේ එකෙනුත් කනව, එයාගෙ එකත් කනව. පාරවල් ටිකාක් පාලුයි. අපි එන හින්ද වෙන්නැති! නිදහසේ හඳ එළිය තීන රෑක තරමක් සීතලේ පාරෙ කඩල කකකා ඕහේ ඇවිදගෙන යන ඊයෙ බැඳපු ජෝඩුවක්..!

හිතාගතෑකි නේද?

අපි අමාරුවෙන් කාරෙක හොයා ගත්ත. වාහනේට නැග්ගම තමයි ඊලඟ පියවර ගැන හිතුවෙ.

"නවතින්නෙ කොහෙද?"

"බලමු, මෙහෙ බැරි නම් නුවරට පිටින් බලමු, ඒත් නැත්තන් නුවරඑළි යමු."

"හා..."

අපිට ලොකු හෝටල්වල ඉන්න ඕනෙකමක් තිබ්බෙ නෑ. ඇයි වැඩිය සල්ලි යනවනෙ. සුවපහසු ආරක්ෂිත ලාභ තැනක් හෙව්ව. නුවර නුවර ඇතුලෙ ඔක්කොම පිරිල. යන්තම් යාලුවෙකුට කෝල් කරල තැනක් අහගත්ත.

අර රකුසු මූණු හිනා මූණු වාහන බලන් ඉන්න පාරෙ ආයි කටුගස්තොට ගියා. මහවැළි ගඟ අයිනෙ පොඩි හෝටලයක්.

බත් අහුරක් නොකා, කඩචෝරුවලින්ම ගෙවපු අලුත් ජීවිතේක මුල්ම දවසෙ අවසානය..!

මේ අපි කසාද බැඳල ගිය මුල්ම ට්‍රිප් එකේ පළවෙනි දවස. මේ විදියට අපි එක දිගට දවල් හයක්, රෑ පහක් ගියා.

ඒ නුවරින් පස්සෙ නුවර එළිය, නුවර එළියෙන් මහවැලි රජමාවත, රන්දෙනිගල රන්ටැඹේ හරහ මයියංගනේ, මහියංගනෙන් ලොග්ගල් ඔය, දුන්හිඳ හරහ බදුල්ල, බදුල්ලෙන් බන්ඩාරවෙළ හපුතලේ හරහ වැල්ලවාය, වැල්ලවායෙන් ඇඹිලිපිටිය, ඇඹිලිපිටියෙන් මිද්දෙනිය හරහ නෝනගම, නෝනගමින් ගාළු පාර දිගේ රත්මලානට එක දිගට දවස් හයක්!

මේ කතාවෙ එක දවසක් පින්තූර නැතිව මෙහෙම ලියන්න හිතුනෙ බින්දි හෙන්රිගෙ කෝච්චි පෝස්ට් එකේ දාපු කමෙන්ට් එකක් නිසා.

ආයි කවදහරි ළමයි ලොකු මහත් උනාම මෙහෙම යන්න පුළුවන් වෙයි කියල හිතනව. එතකල් මේ අතීතෙ පින්තූඅර බලල සැනසෙනව.


ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ අපි දෙන්න මංගල ගමන පිටත් උන අපූරුව!

85 comments:

  1. අපේ ට්‍රිප් එකත් ඔය වගේ තමයි... දවස් 4යි හැබැයි අපිට යන්න හම්බුනෙ.. ඔය විදියමයි.. හෝටල් හෙව්වෙ නුවරට ගිහින්... ආයිත් අනුරාධපුරේ ගිහින්... අපිත් ගියා දඹුලු.. මම තමයි මාර්ගෝපදේශක... අපේ මහත්තයා කලින් දඹුලු ගිහින් තිබ්බෙ නෑ... ඒකත් රස කතාවක්.. ඩිජිටල් කැමරාව තිබ්බ හින්ද පින්තූර තියෙනව තාම.... අවුරුදු පහු වෙලා එකත් ලියමු නේ... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි
      හි හි හි හි
      හි හි
      හි හි හි හි හි හි
      හි හි
      හි හි හි හි හි හි හි හි
      හි හි
      හි හි හි හි හි හි හි හි හි හි
      හි හි
      හි හි හි හි හි හි හි හි හි හි හි හි

      Delete
    2. හිරු පායයි. යකෝ දඹුලු නොගිය තලගොයා මොකාද බං?

      ඒ ගමණත් මරුවට තියෙන්න ඇති. අවුරුදු ඉවරවෙලා කේක් ගැනයි මේ ගැනයි ලියාන්ට.

      Delete
  2. Replies
    1. අයිත් අහල. එළකිරි සහ උකු ජලය!

      Delete
  3. හහ් හහ්
    අවුරුදු දහයක්..
    දහවෙනි සංවත්සරේට ලමයි බමයි එක්ක ආයෙත් යන්න සතියක්ම

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ පාස් උනේ හරියට බැලුවොත් දොළොස්වෙනි සංවත්සරේ. දහය සමරමපු හැටි මෙතන තීනව. හේතුව විචාරකට කියල තීනව පහල.


      Delete
  4. මම හිරේ ගියේ 1981 මාර්තු 26. මොනාද ඉතිං ජීවිතේ ගලාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක, මගෙත් තීන්දුව දීල පොත අස්සන් කලේ 2002 ගියෙ පෙබරවාරි විසිහය. මාර්තු එක තනියම රට ගියායින් ගොඩ ගියා අවුරුදු දෙහෙකට :D

      Delete
  5. මාත් ලියයිද?

    දවස් පහක් රෑ පහක් ගැන???

    :))

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ දෙයක් නැ විඩියෝ එක දාහං

      Delete
    2. @ අටම්
      පවු නැද්ද දැංවත් මඩ ගහන්න එක නතර කරන්න.
      දැං හොදටම බැහැලා කියලා පෝස්ට් එකකුත් දාල තිබ්බා..

      Delete
    3. ඕ යෑස් . .
      අප්ලෝඩ් කරල ලින්ක් එක දාපං !!!

      Delete
    4. පොඩි උන්ටත් කිවන්න පුලුවන් වෙන්න ලියහන්. ඔන්න ඔය අටම්ට අර වීඩියෝ එකත් පෙන්නල හිටහන්.

      පත්තර මල්ලි ඔය සෑමට මරණ වරෙන්තුව දෙන්න වගේ ට්‍රයි එක!

      Delete
    5. ඒක පැත්තක තියන්ඩකො ඉන්දික මාලග තියනවා සෑමා උපන් ඇදුමින් නාන දර්ශනයක් , අපරාදේ මුට එහෙමට සල්ලි නැත්තේ , මු හෙන බරකාරයෙක් උනානං මං හෙට කෝටි පතියෙක් .

      Delete
  6. මාගේත් තියනෝ ඔහොම හීනයක්.. :D මාසයක් විතර ලංකාවේ වටේ යන්න// හැම තැනම ඇවිදින්න.. එත් ඉතින් අපි බැදපු කාලෙට මනුස්සයාගේ ඔපිස් එකෙන් නිවාඩු දුන්නොත් හොදා.. නැත්තම් ඒක හිනයක්ම වෙනවා..

    ඒ අතින් ඔයාල දෙන්නා නම් වාසනාවන්තයි..

    ReplyDelete
    Replies
    1. සිහින සැබෑ වේවා...! කොහොම හරි යන්න අඩු ගානෙ සතියක්වත්.මොකද ආයි කවදාවත් නොලැබෙන, මගෑරුනොත් අල්ල ගන්න බැරිම බැරි අවස්ථාවක්.

      Delete
  7. හැපි ඇනිවසරියක් මචෝ

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කිව්වම මම ආයෙත් පෝස්ට් එක බැලුවා මට ඒක මිස් වෙලාද කියලා. මේ ඇනිවර්සරියක් නෙවෙයිනේද බං? මුං මේ ගමන ගිහින් තියෙන්නේ ජූලි මාසෙ.

      Delete
    2. දුකා, තැන්කූ. සුභපැතුම කවද පැතුවම මොකෑ බන්.

      හෙන්රි,

      මචෝ උඹ හරි, ඇත්තටම මේක ඇනිවසරි එකකට දාපු පෝස්ට් එකක් නෙමේ, ඒත් කසාදෙ දොළහ සැමරුනෙ ගෙවුන මාසෙ නිසත්, එකට ගුටි කන්න ඇවිත් දහයක් වෙන්නෙ ජූලි නිසත් ලැබෙන සුභ පැතුම් සතුටින් පිළිගන්නව. නරක නෑනෙD

      Delete
  8. දැන් මේකත් ඇනිවසරි පෝස්ට් එකක්ද?
    අඩෝ ඔය නිමක් කොනක් නැති ප්ලෑන් නැති ගමන් තියෙනවා නේද?
    මේ බුරු බබා ඉන්නව නේද? එයා පොඩි කාලේ ඉඳන් එහෙම හුරු වෙච්ච කෙනෙක්.
    අවාසනාවකට දැන් නම් එහෙම ප්ලෑන් නැති ගමන් යන්න වෙනවා අඩුයි. ඒත් ඔය ඉඳලා හිටලා නිවාඩුවක් යනවා නේද උදේ දහයට පිට වෙන ගමන මම නමයටවත් ඩ්‍රයිවර්ට ඩෙස්ටිනේසන් එක කියන්නෙ නෑ. සමහරක් යාළුවෝ රෑ වෙලා අහනවා හෙට යනවා නේද මචන් කියලා මම ඔව් කීවට උන් කිසිම කෙනෙක් දන්නේ නෑ අපි කොහෙද යන්නේ කියලා. සමහරවෙලාවට උන් උදේ නැගිටලා පැය ගණන් ලෑස්තිවෙන හින්දා මම කියන්නේ පැය භාගයක් විතර කලින්. මොකද ඔය ලංකාවේ යාළුවෝ කොහෙ හරි අරන් යනවා නම් උන්ට අරවා මේවා හැඩ වෙන්න පැය ගණන් ඕනේ. අර අන්තිම මොහොතෙ කීවම ඒ මොකුත් නෑනේ. උන් මට ටිකක් බැන්නට ඒක මරු. මම ඉතින් ඔය පැය භාගේ කීවම ඒක පැය භාගේ වෙන්නම ඕනේ. නැත්නම් උන්ගේ කණ් ගලෝන හින්දා උනුත් බයටම එනවා මගේ අම්මට, සීයට ඉඳන් බැනගෙන.

    ගමන පටන් ගත්තාට පස්සේ විතරමයි මම දන්නෙත් මම නතර වෙන්නේ කොහෙද කියලාවත්. ඒක සල්ලි නාස්තියක් වෙන්න පුළුවන්. ඒත් මට හිටිගමන් ඔය බුක් කරලා වෙලාවට යන හොටෙල් සෙට් වෙන්නේම නෑ. මට ඕනේ තැන බලලා මම ආස නම් නතර වෙන්න. අනික මම නිවාඩුවක් ගන්නේ මට ලෝකෙන්ම ගැලවිලා මගේ වගකීම් අමතක කරන්න හින්දා මේ වෙද්දි ඒ ටික තමයි අන්තිමට ඉතිරිවෙන්නේ. ඒකවත් වගකීමෙන් තොරව කරගන්න මේ වයසට ආසයි.
    මම දැනට ආසම ගමන වෙලා තියෙන්නේ ඉන්දියාව පුරා කෝච්චියෙන් යන්න. ඉන්දියාවේ ගිහින් තිබුනාට එහෙම කෝච්චියෙන් ගිහින් ස්ට්‍රීට් ෆූඩ් කාලා ඉන්දියාව විඳින්න උගැන්නුවේ ඔය ජනුලා වගේ අය ලියපු බ්ලොග්ස්. කොහෙද ගිය අවුරුද්දේ සල්ලිත් ගෙවල තිබ්බ ටුවර් එක කැන්සල් කරන්න වුනා කකුලක් කඩාගත්ත හින්දා. කොහොමත් මම දැන් ලංකාවට නිවාඩු යන්න ආසත් නෑ. එහේ මට වියදමත්
    වැඩියි.

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් මතක් වෙද්දිත් ගමනක් යනවා කියලා කවුරු හරි කියද්දිත් දැන් බෝම්බ ගහන්න තරහයි. ඇයි අපි එම දවස් වල පැය විස්සක් විතර වැඩ. බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් නෑ.

      Delete
    2. //අවාසනාවකට දැන් නම් එහෙම ප්ලෑන් නැති ගමන් යන්න වෙනවා අඩුයි. //

      මේකට සිරාවටම හිනා ගියා!

      //මොකද ඔය ලංකාවේ යාළුවෝ කොහෙ හරි අරන් යනවා නම් උන්ට අරවා මේවා හැඩ වෙන්න පැය ගණන් ඕනේ.//

      මේක තමා මල පනින වැඩේ. ගොඩක් උන්ට උන්නු ගමන් ට්‍රිප් යන්න අමාරුයි හැදිල තීන සංවර විදිය නිස :)

      මම බඳින්න කලින් යාලුවො එක්ක දවස් තුනේ හතරෙ ට්‍රිප් යනව මේ ගෙදර උන්නු ඇඳුමෙන්ම. මගින් තමයි යටට අඳින්න, දත් මදින්න් එව්ව ගන්නෙ. අහෝ ඒ කාලේ...

      අනික ඉස්සර මායි වයිෆුයි ට්‍රිප් යන්න ගෙදරින් පිට පාන්දර තුට විතර. කිසිම අවුලක් නෑ පුදුම නිදහස් පාරවල්.

      Delete
    3. ඒකට බොට හිනා ගියාට මට හිනා යන්නේ නෑ ඇඬෙනවා මිසක්. අර මම කලිනුත් කීවේ මට ඕනේ නැති වගකීම් පිරිච්ච ජීවිතයක් මට තියෙන එකේ ප්‍රථිඵල තමයි ඔය.... :(
      ඉස්සර නම් කාර් එකේ අපිට ඕන රෑක හිතුන ගමන් කොහෙ අහරි යන්න ට්‍රැවල් සෙට් එකක් තිබ්බා. දැන් ඒවා මොකුත් නෑ. වයසට ගියාම ජීවිතෙ පට්ට බෝරින්. දැන් ඔය ඉඳලා හිටලා ලංකාවට ගියාම විතරයි එහෙම ඉමක් කොනක් නැති ගමන් යන්නේ. ඒකත් මගෙ යාළුවන්ගෙන් සිංගල් ඉන්නේ තවම එකයි.ඊට පස්සේ ඒකත් ඉවරයි.
      මෙහේ ඔය ඔක්කොම කරන්න පුළුවන්. ඒත් මම හරකෙක් වගෙ වැඩනේ හැමදාම. මම හොඳටම පව්.

      Delete
  9. ඉරිසියාව අත්දුටුවෙමි.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. ඒ කියන්නෙ එහෙනං මගේ කොටාපු මහන්සිය වතුරෙ ගිහින් නෑ!

      Delete
    2. ඒ කෙටි කමෙන්ටුව දැම්මේ mobile phone එකෙන්.

      මෙන්න ඉරිසියාව හේතුව.

      මං බඳින දවස්වල මට කාර් එකක් තියා අතේ සල්ලි තිබුනෙත් නෑ. ආපදා ණයක් ගන්න ගියත් ඒකත් හරි ගියේ නෑ. ඒ නිසා මං ණයකාරයෙක් වුනේ නෑ.

      පෙර පිනට වගේ පහල වෙච්ච යාළුවෝ, බොස් ලා හිටිය නිසා වාහන නිකංම ලැබුණා මගුල් දවසේ සහ හෝම් කමින් දවසේ.

      අතර මැද දවස් දෙක එක්තරා නගරයක පයින්ම තමයි ගෙවුණේ!

      Delete
    3. මාත් යන්තම් පිටරට ගිය නිසා පොඩි ගානක් ඉතුරුකරන් රටට ණය නොවී අපිට පුළුවන් විදියට චාමෙට ලස්සනට වෙඩිමක් ගත්ත. පෙර වාසනාවකට රට ඉඳල ආව ගමන් ලංකාවෙ මගෙ පරණ බොසා ගාවම ජොබ සෙට් උනා විතරක් නෙමෙයි ලොක්ක මට වැඩට එන්නත් කලින් වාහනේ රිලීස් කරා. ඒ නිසා වෙඩිමෙ එකතු උනු ආධාරවලින් කොම්පැණි කාරෙකෙ ට්‍රිප ගිහිල්ල හා හා පුරා කියල අගෝස්තු එකද කොහෙද වැඩට ගියා :)

      Delete
    4. ඉන්දික මෙතනදී මමත් කසූගෙ බෝට්ටුවේමයි!

      Delete
    5. පටස් ගාලා බැහැපං අයියේ. ඔය බෝට්ටුව ඒ හැටි හොඳ නැහැ.

      Delete
  10. සිංහයාටත්, සුප්පා දේවිටත් සුබ පැතුම්!!!

    හිත නිදහසේ, සැහැල්ලු විදියට, රට වටේ ගිහින් තියෙන හැටි නම් ආසා හිතෙනවා...දැන් ඔය තැන්වල සිංහබාහුලා එක්කත් ගිහින් එයාලටත් පෙන්නන්ට. හැබැයි ඒ කෑම ජාති නම් කවන්ට එපා...:)

    මංගල ගමන පිටත්වෙලා තියෙන හැටි හරි අපූරුයි.

    කවුද අනේ මුල් කාලේ ඔහොම ඇවිදින්නේ? ඔන්න රෑ සතියක් වගේ දෙයක් නම් පිලිගන්ට තිබ්බා....:D:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභ පැතුවට!

      ඔය වගේ ගමන් තව ගොඩාක් ගියා අපි දෙන්න ලංකාවෙ ඉන්නක්ල්ම. හැබැයි පස්සෙ ගිය ඔක්කොම උපරිම දින තුනයි රෑ දෙකයි, මොකද නිවාඩු ප්‍රශ්නෙ නිසා. වෙලාවක එක දෙක ලියන්න හිතුන.

      ඔය ගොයින් අ වේ එක ඔහොම කාටත් හොරා මම ලෑස්ති කරගත්තෙ මගෙ යාළුවො හෙන රැගක් සෙට් කරනව කියල දන්න නිස උන්ගෙන් බේරෙන්න. උන්ට මාර මල පස්සෙ :D

      //කවුද අනේ මුල් කාලේ ඔහොම ඇවිදින්නේ?//

      ජීවිත කාලයක්ම මහන්න තීන එකේ මොකට කලබල වෙනවද මැසිම ගත්තු ගමන් :D

      Delete
  11. ඔය වගේ දෙයක් කරන්න ඕනේ එනර්ජි එක දැන් නෑ නෑ වගේ... ළමයි ලොකු මහත් වුණාම තමයි ආයෙ බලන්න ඕනේ... කෝ ඉතින් පින්තූර අපිට පෙන්නන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා බන් එනරිජි එන්නෙ මේ දේවල් ගැන සිහින මවන් උන්නම. අපිනං හැම නිවඩුවටම ආවම අඩු ගානෙ දවස් හතරක පහක ට්‍රිපක් යනවමයි දැනුත්. එකම දේ මේ වගේ ඇවිදින්නෙ නෑ, එක තැනක හරි දෙහෙක හරි නැවතිල වටේ තියෙන එව්ව බලනව, මොකද පොඩි උන්ට මහන්සි වෙන නිසා.

      පින්තූර ස්කෑන් කරල ෆෙසි බුක් එකට දාන්න ඕන. උඹ මගෙ එෆ් බී එකේ නෑනෙ? රික්වෙස්ට් එකක් එවහන් ලඟදි ගිය එව්ව බලන්න.

      Delete
  12. මරු බං. අන්න අපේත් ස්ටයිල් එක. ඉස්සර සින්දුවක කියනවා මම අහගෙන "යන්නේ කොහේදැයි නොම දැන නොයන් ගමන් පුතුනේ" කියලා. නමුත් කවුද බං සින්දු වල කියන විදියට ජීවත් වෙන්නේ. අපිත් ඔය වගේම පාරට බැහැලා මැප් එක බලලා තමයි තීරණය කරන්නේ කොහෙද යන්නේ කියලා. මේ පාර අපි යාපනේ ගියෙත් දඹුල්ලට ගිහිල්ල කොහෙද යන්නේ කියලා කල්පනා කරලා. ගිය අවුරුද්දේ බැටී ගියේ ගාමිණී හම්බවෙන්න ගිරිතලේ ගිහින් ඉන්දැද්දි ඇතිවුන හදිසි සිතුවිල්ලක් නිසා.


    සීගිරියේ කා පාක් එකේ පිරිමි වැසිකිලියේ ඇඳලා තිබ්බ පිරිමියගේ රූපේ මම එක පාරක් බ්ලොග් එකක පින්තූරක් හැටියට දැම්මා. උඹ ඒක දැක්කද දන්නේ නෑ. ඇයි උඹ කිව්වේ දඹුල්ලේ පංසලේ ෆෝටෝ ගන්න තහනම් කියලා? උඹ කියන්නේ අර ගල උඩ තියෙන පුරාණ රජමහා විහාරේ නේද? අපි දෙදාස් ඔයිට පස්සේ අවුරුද්දක ගියාම නම් ෆෝටෝස් ගන්න කිසිම තහනමක් තිබ්බේ නෑ. අපි ගත්තුවා හෙන ගොඩක් තියෙනවා.

    ඔය වාහන මූණවල් වල තියෙහෙන හැඟීම් මමත් බලනවා. කේන්තියෙන් ඉන්න වාහන, පුදුම වෙලා ඉන්න ඒවා, බුම්මගෙන ඉන්න ඒවා, විරිත්තගෙන ඉන්න ඒවා... හෙහ් හෙහ්. ඒ විතරක් නෙවෙයි මමත් එහෙම මූණ හදලා බලනවා.

    උඹලා ලංකාවට ගියාම දැනුත් ඔය විදියට ඇවිදිනවා ඇති නේ? අනිත් එක, මිනිස්සු , ලෝකේ වටේ ඔහොම ඇවිදිනවා නම්, අපිට මොකද තමන්ගේම රටේ ඉබාගාතේ යන්න බැරි, නේද?

    ReplyDelete
    Replies
    1. ලේලන්ඩ් බස් වැඩි හරියක් ඉන්නේ විරිත්තගෙන නේද?

      Delete
    2. හෙන්රි
      JR මූන . සිංහ මූන .

      Delete
    3. හෙන්රි

      අපිත් මැප් එකෙන්,පොත් වලින් බලන් මගදි තමා යන තැන තීරනය කරන්නෙ. මගේ ගාව ලංකාවෙ දියඇලි, චාරිකා සටහන් තියෙන සින්හල ඉන්ගිලිසි පොත් ගානක් තීනව. යන තැනක ඒවත් අරන් තමා යන්නෙ.

      දඹුල්ලෙ බුදුපිළිමයක් උඩ ගෑණු කෙනෙක් නැගල පොටෝ එකක් ගත්තට පස්සෙ ඇතුලට කැමරා ගෙනියන්න දුන්නෙ නෑ කාලයක්. අපි යනකොටත් බෑ. දැන් කොහොමද දන්නෙනෑ!

      මේ තීන්නෙ අපි නිවාඩු ගිය වෙලාවල ගියපු ට්‍රිප් දෙක තුනක්.

      VACATION 2009

      Vacation 2012

      VACATION 2013

      මීයාගල ගමණ.

      UDAWALAWE TO BELIHULOYA

      ඔය දැනට මූණුපොතේ තීන ඇල්බම් ටිකක්. කවද හරි අපි එකට අර රේල් ටුවර් එකක් යමු මචං!

      තිසර, Laylend ඒව ඉන්නෙ විරිත්තගෙන තමයි. ඔය සිංහ මූණු වැනට් එක මට හිත්න්නෙම දිව දාන් ඉන්න බල්ලෙක් වගේ කියල!

      Delete
  13. හැපි ඇනිවර්සරි උපේ.. දවසට එක පෝස්ට්කටුව ගානේ දාන්න තිබ්බා ඔය දවස් පහට.. නියමං බං.. අපි නං ඉතිං ඔය කාමරේකට වෙලා උන්න විතරයි දවස් දෙකක්. හැක්..

    ReplyDelete
    Replies
    1. මචෝ, මේක අපේ හනිමෝන් එකම නෙමෙයි. අපේ වෙඩින් මගුල තිබ්බෙ 22. හෝම් කමින් 24. ඒ අතරෙ ඔය බෝට්ටුවෙ ගිහින් බොල්ගොඩ දූපතකට බැහැල කිතුල්ගල රෝයල් රිවර් එකේ ඉඳල තමයි ආවෙ. මේක හැබැයි හනිමමූන් එක කියතෑකි එහෙම බැලුවම.

      Delete
  14. Replies
    1. සතුටු වෙයල්ලා..ඉරිසියාව අතෑරපල්ලා...:D

      Delete
  15. දස වසරක සැමරුමට සුබ පැතුම්.. අම්මප අර උඩින් කතන්දර කියල තියෙනවා වගේ ඉරිසියා හිතෙනවා. කොහේහරි හෝටලේකට වෙලා දවස් දෙක තුනක් මදුසමය කියල එකම තැන වේලි වේලි ඉන්නවට වඩා මොනතරම් රසවත්ද මේ ගමන. මේ විදිය. පට්ටම පට්ට. වල්ලපට්ට.

    ජීවිත චාරිකාවේ තව කල්ප ගනනකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. //පට්ටම පට්ට. වල්ලපට්ට.//

      පට්ට කතාව!!

      ස්තූතියි සුභ පැතුමට!

      Delete
  16. මී මුරේ මාමා පොල්ල තිබ්බේ මෙච්චර සුන්දර මිනිසකුට නේද සිතා දුක් වීමි. ඒත් ඒකෙ පුදුමෙකුත් නෑ. ඔබා මාමා වගේ හොඳ මිනිහෙකුගෙනුත් හොරකම් කරපු එකා ගැන ආයෙ මොන කතාද?

    ReplyDelete
    Replies
    1. යකඩ මල්ලට ගුල්ලො ගැහුවට පස්සෙ!

      Delete
  17. ඇත්තටම නියම අත්දැකීමක් ගන්නවනං යන්න ඕන ඔහොම ගමනක් තමයි. හෝටලේකට වෙලා සියලු සැප භුක්ති විඳල ගෙදර එන එකේ කිසිම ආතල් එකක් නෑ.
    සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ...නිකන් දවස් දෙක තුනක් හෝටලේඅක ගුලිවෙලා ඉන්න එකනං අපරධයක්. ඒත් සමහරු ඒකටත් කැමතියිනෙ!

      Delete
  18. කාලෙකට පස්සෙ සතුටු හිතෙන අත්දැකීමක් ගැන කියෙව්වා.
    "හැපී වෙඩින් ඇනවසරි" එකක් වේවා.

    දුක් කම්කටොලු වැඩි මේ ජීවිතේ ඔය වගේ දේවල් අහන්න ලැබීමත් පිනක්. එදා ලැබුණු සතුට , ආදරය මුලු ජීවිතය පුරාවටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. සොන්ය කිව්වමයි මතක් උනේ, කාලෙකට පස්සෙ සැහැල්ලු සතුටු කතාවක් මම ලියල!!!

      සුභ පැතුමට ස්තූතියි!

      Delete
  19. මමත් ට්‍රිප් යන්න කැමති ඔය විදියට. අනික ඕක කාලේ ආදරේ පෙරෙනවනේ. පුදුම ආතල් එකක් තියෙන්නේ. ඕන දෙයක් විහිළුවක්. ඊට පස්සෙ තමයි විහිළුවත් කොක්ක වෙන්නේ.. උඹේ ජීවිතෙත් පෝස්ට් එක වගේම මිහිරි ඇති කියා සිතනවා. පින්තූර වලට වඩා ලිවීම රසවත්. එක වගේ පින්තූර ඕන තරම් තියෙන්නේ ජාලේ.. ඒත් අත්දැකීම් කියන දේ පින්තූරෙකින් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. // ඕන දෙයක් විහිළුවක්. ඊට පස්සෙ තමයි විහිළුවත් කොක්ක වෙන්නේ.. //

      හිනා කියල ලියාගනින්..:

      ජීවිතේ පෝස්ට් එකට වඩා මගේ බ්ලොග් එක වගේ. අඩු වැඩි නැතුව ඔක්කොම තීනව. වසනාවට ලැබුනු උන්දැට පින් සිද්ද වෙන්න!

      Delete
  20. මචන් පුලුවන්නම් මේ ගැජට් එක දාගෙන බ්ලොග් ලියන අයට help එකක් දෙන්න. oyaga blog aka ape syndi ak tiynva http://blog.lankablogs.com/2014/03/lanka-blogs_30.html

    ඔයාගේ බ්ලොග් එක Blogger නම් පහත Link එක ඔබලා පහසුවෙන් Lanka Blogs ගැජට් එක බ්ලොග් එකට දාගන්න පුලුවන්.

    http://www.blogger.com/add-widget?widget.title=&widget.content=%3Cdiv%3E%3Clink%20href=%22http://lankablogs.com/lbgadget2/style.css%22%20rel=%22stylesheet%22%20/%3E%3Cdiv%20id=%22blogreader%22%3E%3Ciframe%20src=%22http://lankablogs.com/lbgadget2/lbgadget2.html%22%20height=%2227%22%20width=%22400%22%20frameborder=%220%22%20scrolling=%22no%22%3E%3C/iframe%3E%3C/div%3E%3C/div%3E

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ඇනෝ මෙහෙම දාපං ලින්ක් එක. ඒක දාන විදිය ඕනේ නම් මගේ බ්ලොගේ අඩියේ තියෙනවා

      Lanka Blogs

      Delete
    2. මම කලිනුත් කිව්ව මේ කොල්ලොන්ට. ලින්ක් එකක් දා ගන්න බැරුව සින්ඩි කරන්න ගියාම මිනිස්සු ගනන් ගන්නැතුව යනව කියල. ඔන්න බ්ලොග් කින්ග් හෙන්රි කියල තීනව ක්‍රමේ.

      Delete
  21. හැපී හැපී ඇනිවසරියක් වේවා.වෙන කියන්න දෙයක් නෑ මචං කට්ටිය ඔක්කොම කියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියල විතරක් කිව්ව ඔන්න මාත් එහෙනං!

      Delete
  22. මොකක්ද යකෝ කොමෙන්ටුවට වුනේ ...? ආයේ කොටන්න් එපයි දැන්

    කොහොම වුනත් හරිම රොමැන්ටික් ලියවිල්ලක් , ඔය වගේ ප්ලෑනක් නැති ට්‍රිප් තමයි ආතල් බේරෙන ට්‍රිප් . ලව් කරන කාලෙයි , බැඳපු අලුතයි ඔය වගේ ට්‍රිප්යන එක මාර ජොලි.. අනිවසරියද කියලා හරියටම තේරුනේ නෑ.. මොන වුනත් සුබ පැතුම් ..ඔන්න

    ReplyDelete
    Replies
    1. ස්පෑම් එකෙත් බැලුව නෑනෙ බං!

      ලිය්විල්ල ගැන ෂුවර් නැතුව හිටියෙ. කකාට, අටමටෑහෙම ඉරිසියා හිතුන කිව්වමයි, උඹ මෙහෙම කිවමයි තමයි ටිකක් හුස්මක් වැටුනෙ!

      ඒ කාලෙ තමයි මල්ලි නැටුම් පටන් ගත්ත කාලෙ..:)

      Delete
  23. හැපී ඇනිවසරියක්ම වේවා..!!
    ජෝඩුව මංගල ගමන වතුරෙන්ද පිටත් වුණේ..:D ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!

      වතුර ගහල, වතුරට දන්න හිටපු උන්ගෙන් බේරෙන්න වතුරෙන් උපන් අපි වතුරෙන් පිටත් උනා :)

      Delete
  24. සුබ සංවත්සරයක් වේවා...නියම ට්‍රිප් එකක්නේ ගිහින් තියෙන්නේ . අපිත් ගියා ඔහොම ගමන් .

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි. අර කිව්ව හිස හැරුනු අතේ කාර් එක පැදන් ගියපු ගමන්ක් මේකත්. හැබැයි ලංකාවෙ. මේ රටේ එව්ව කරන්න ඉඩ නෑ. හරිම පොඩියිනෙ අප්ප!

      Delete
    2. ඒ වුනාට තෙල් ලාබනේ :D

      Delete
    3. දත් නැතිදා උක්දඬු ගිණි තපින්නද?

      Delete
  25. සුභ ඇනිවසරියක් බොස් !!!

    ජය වේවා සිය පවුලටම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!මේව බලල නෝනවත් ඇදන් සුයිස් පැත්තෙ රවුමක් දලවත් වරෙන්.

      Delete
  26. සුභ ඇනිවසරියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න එහෙනම් අපිත්..

    ReplyDelete
  27. සුබ ඇනිවසරියක් වේවා!

    ප්ලෑන් නැතුව යන ට්‍රිප් තමයි හොඳම. මගෙ යාලුවෙක් ඉන්නව ඔහොම ඩෙස්ටිනේෂන් එක නැතුව ගමනෙ ආතල් ගැන හිතන. කොලඹ ඉඳන් අම්බලන්ගොඩ ගෙදර යන්න ඇහැලියගොඩ රත්නපුර රක්වාන දෙනියාය හරහා ගියපු ඩයල් එකක්.

    කොච්චර ලව් කරල බැන්දත් බැඳල ලමයි හම්බ වෙනකම් කාලෙ පට්ට memorable කාලයක්. පර්මිෂන් ගන්න, දෙයක් කරන්න එපා කියන්න කෙනෙක් නැහැ නෙ - හිතුනද ඊලඟ මොහොතෙ කරා :)

    ReplyDelete
    Replies
    1. හෙන්‍රිත් කියල තිබ්බ වගේ ගමානාන්තෙට වඩා රස ගමණ. ගොඩක් උන් ඕක තේරුන් ගන්නෙ නෑ.

      ඔය රක්වාන පැත්තෙ මගේ තීනව මාර අත්දැකීමක්. එක පාරක් ඇඹිලිපිටියෙ ඉඳන් එනකොට රක්වනෙන් වැද්දගල පරෙ ආව. අම්මෝ...එහෙම පාරක්. පට්ට චාටර්...!

      පාරෙ දරුණු කම කියන්නෙ මගදි බොගකුත් සෙට්. පස්සෙ දෙන්න එක්ක ඇලක බැහල ගොඩ ගියා :)

      හැබැයි පුදුම ලස්සන පාරක්. අනික් ටික රක්වාන සූරියකන්දත් එහෙමයි. උඹෙ යාළුව ගිය පාර හරියට හරි :)

      අපිත් යන තරමක් ට්‍රිප් ගියෙ පොඩි එක හම්බුවෙන්න කලින් තමා. ඒක මර කාලයක්. පුදුම නිදහසක්. ඒත් ඒක තීරණය වෙන්නෙ තමන් කරන තෝරාගැනීම අනුව :) :)

      Delete
  28. නියමයි අයියේ. උපරිමයි. මගෙත් හිතේ මෙහෙම ප්ලෑනක් තියෙනවා. හැබැයි ඉතින් තව කල් තියෙනවා ඒවාට :D

    //...ගල දිගේ වෝටර් කමින් තඹ හැලියට ටාං ටාං....//

    මේක කෑලි අඩුයිනේ අප්පා. අපි දන්නේ "වළගම්බා ටෙම්පලින්, කටුවෙ මිටියේ ටින්කරින්" කෑල්ල මුලට දාලා :P

    ආහ් චාරිකාවේ ඉතුරු දවස් ටිකත් සවිස්තරාත්මකව ලිව්වා නම් මොකද අයියා :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ හසිත මල්ලි. ඔය කතාවෙ තව තීනව. මාතලන් තමයි හරියට දන්නව ඇත්තෙ. ඌටනෙ ඕක උනා කියන්නෙ ජොබට ගිය මුල් කාලෙ :)

      චාරිකාවෙ ඉතුරුටික මෙහෙම දිගට නෙමෙයි "විශේෂ අවස්ථා" විතරක් එකතු කරල ලියන්න බලන්න ඕන.

      Delete
  29. හිහි දෙන්න පට්ට පන් එකේ ඉන්න ඇති නැත්තං මේම රහ කොරල ලියයි...
    මට නං තාම ඔය ඩබල් බබල් අත්දැකීම නෑ... තනියෙං නං හතර වටේ රවුං ගහල තියේ... බලමුකෝ නේ ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. රහ නං එච්චරයි! එහෙනං මාසෙක ට්‍රිප් එහෙකට සුභ පැතුම්!!

      Delete
  30. අම්මෝ... බූන්දි, පැණි වළලු... හ්ම්...
    ඉරිසියා හිතෙන ලස්සන ගමනක්නෙ ගිහින් තියෙන්නෙ... අපිත් ඔහොම ගිය හැටි මතකයි... මට හොඳහැටි මතකයි...
    ළමයි එනකම් අවුරුදු හතරක්ම... :D

    ReplyDelete
    Replies
    1. දැන් පැණිරස එහෙම කෑවොත් මගදිම කෝම තමයි. අර ඇනෝ කිව්ව වගේ ඔය තමයි මම හිතන්නෙ විවාහ ජිවීතේ සුන්දරම හොඳම කාලෙ.

      Delete
  31. සුබ පැතුම්. ඔය වගේ ගමන් තමයි හොඳ? ලංකාවට අවම දරුවොත් එක්ක නැවත යන්න. දැන් පාරවල් හොඳයි.

    ReplyDelete
    Replies
    1. පාරවල් හොඳා තමා ඒ උනාට තෙල් මාර ගනන්නෙ බන් :)

      Delete
  32. අදමයි මේ පැත්තෙ ආවෙ. පූර්ව නිගමන නැතුව උඹව කියවල තේරුං ගන්න හිතං. කියවපු පළවෙනි ලිපියම උමේ හෙඩිම වගේම මාර සැහැල්ලුයි. මුළ ඉඳං කියවන්න සැහෙන කාලයක් යයි.

    උඹ මට වඩා ගොඩක් ජ්‍යෙෂ්ඨයි බ්ලොග් අවකාශෙට. ඒ නිසාම සෑහෙන කාලෙයක් යයි...

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නව සහ බොහොම සන්තෝස වෙනව " පූර්ව නිගමන නැතුව උඹව කියවල තේරුං ගන්න හිතං. " කියපු එකට.

      අර ඕනයගෙ කොපි රයිට් තියෙන කතාව අහල තියෙනවද? "

      බ්ලොග් වල සීනියර් ජූනියර් එකක් නෑ, ඉන්නෙ ලියන්නො සහ කියවන්නො විතරයි"

      ඒ නිසා උඹත් මමත් එකම බෝට්ටුවේ ඩ්‍රැකී! ඉතින් වරෙන්, අපි දිගටම කියවමු, ලියමු.

      Delete
  33. ලියන්නදත් කියලා අහනවා අනිවා ලියන්න කියවන්න මග බලාගෙන ඉන්නේ. ෆොටෝ නැතිවට ලියලා තිබුණු හැම දේම මැවිලා පෙනුනා, ඇත්තටම ෆොටෝ නැති එක හොදයි වගේ.

    ReplyDelete
  34. සුබ පැතුම් !
    මම හිතුවේ මේ කියාගෙන යන්නෙ මේ පාර ඇවිල්ලා, ගිය දිහාවල් කියලා. මේ වගේ නිදහසේ හනිමුන් කන්න් තියෙන එක නම් හැබෑම වාසනාවක්. අපිත් ඔහොම හනිමු එකක් කෑවා නේ මීට අවුරුදු ගානකට කලින්. ඒක හරියට සති තුනකට වැඩියි. ඇත්තටම අපි දෙන්නම වෙඩින් එකට වඩා ලෑස්‍ති වුනේ පාස්පෝට් හදන්නයි එව්වට වීසා කන්තෝරුවේන් සීල් ගහගන්නයි. කොහොම හරි ඒකාලේ ලස්සනයි.

    ඔය ගොල්ලන් මෙදාපාර ඕක සැමරුවට දහවැනි සංවත්සරේ හිතපු හැටියට සමරන්න බැරි උනාලූ නේද? :D

    http://cyberyaya.blogspot.com/2012/02/07.html?m=1

    ReplyDelete

  35. මගෙන් සුභ පැතුම්

    හැම ජීවිතේකටම මගදි තවත් ජීවිතයක් එකතු වෙන්න ඕනා. එතකොට මේ දිග ගමනෙ විඩාව නිවෙනවා. හැම දෙයක්ම බෙදාගන්න හැකිවෙනවා. ඉදල හිටල ඔය නොහොද නෝක්කඩු තියෙන්නත් ඕනා නැත්නම් ජීවිතේ තිත්ත වෙනවා. ඇත්තටම පිස්සු නැති ලස්සන හනි මූන් එකක්. ආයෙත් යන්න ළමයි උන්නට කමක් නෑ.

    ReplyDelete
  36. බොහොම සුන්දර අතීතයක්.දැන් මතක් කරනකොට වටිනාකම වැඩියෙන් දැනෙනවා.සුභ පතනවා ජීවිතේ ඉතිරි ටිකත් සතුටෙන් සෙනෙහසින් ගත කරන්න ලැබේවා කියල.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails