" ඔව් දැන් මොරටුව ගාලු පාර එකම සුන් බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. අවට ධීවර නිවාස සියල්ලක්ම පාහේ මහ මඟට වතුරත් සමඟ ගසා ගෙන ඇවිත් බවයි දැන් අපිට පේන්නෙ"
සිංහරාජයෙ වැද්දගල පිවිසුම අසල නවතා තිබූ ලොරි රථයක රේඩියොවෙන් ඇසුන ඒ හඬ අපේ ගමන මදකට නැවතුව.
දුරකථන නැති, රූපවාහිනී නැති තැනක නිවාඩුව ගතකරන්න හිතපු එකේ මෝඩකම කියල හිතුනෙ මේ ඇහෙන දේවල් කිසිදෙයක් ඇත්තද කියල දැනගන්න ක්රමයක් නැතිබව තේරුනාමයි.
දවස් තුනේ ට්රිප් එක අතරමග නවත්තල වහාම ගෙවල් බලා එන්න පිටත් උනේ තත්වෙ හිතුවට වඩා දරුණු බව දැනුන නිසා. මොකද ඒ වෙනකොට අපිට වැටහෙමින් තිබ්බෙ එදා රෑ රේඩියෝ එකේ පැයෙන් පැයට මරණ ගාන ඉහල යවන විදියට වෙලා තීන විනාසෙ විනාඩියෙන් විනාඩිය බරපතල වෙන බව.
ගාලුපාර අවුල් කියල ඇහිච්ච හින්ද අපි මහ දුරක් ගෙවං වැද්දගල ඉඳන් රත්නපුරේට ඇවිත් එතනින් රත්මලානට එනකොට මඟ දිගට ලොරි වෑන් පෙළපාලි ආධාර එකතුකරනව "සුනාමි" අනාථයන්ට කියල. වැද්දගල ඉඳල පැය හතක විතර දීර්ඝ ගමනකින් පස්සෙ ගෙදරට ඇවිත් ඉඳගෙන ටීවි එකේ විස්තර බල බල හිටිය.
පැය භාගයක් ගියෙ නෑ, මෙන්න කාගෙන්ද ආව කෝල් එකකට ආන්සකරන්න එහාට ගියාපු හාමිනේ අඬාගෙන දුවං එනව " අනේ ඉන්දික අක්කලගෙන් ආරංචියක් නෑලු....මල්ලි මේ දැං කතා කලේ" කියාගෙන.
අපි ඔක්කොටම පුටුවලින් නැගිටුන නෙමේ උඩ විසිඋනා වගේ උනා. ඇයි හත්දෙය්යනේ මුහුද ලඟ උනාට මේ සොල්දර ගේ උඩටත් වතුර දාල කියල කොහොම හිතන්නද!
"අනේ අපි යමු..." අඬන අතරෙ හාමිනේ....
දුකට සැපට දෙකටම උන්න එයාලගෙ පවුලෙ ඉතාම හොඳම මනුස්සය වෙච්චි පොඩි අක්ක, මොන වෙලාවෙ ගියත් කෙළ උනන කෑමක් හදල උගුරට එන්නම කවල, තව අයිස්ක්රීම් පෙට්ටිවලට දාල ගෙනියන්නත් දෙන පොඩි අක්ක,
කිසිම
කෙනෙකුට වරදක් කියන්න බැරි, අපි
එක්ක බලනකොට
මුනිවරයෙක් වගේ හොඳ ගති තීන අය්ය,
හික්කඩු
වැල්ලෙ නාන්න තමංව එක්ක යන එකම මාම නිසා මං එනව කිව්වොත්
පන්තිවත් නොගොහින් මඟ බලන් ඉන්න ඒ දෙන්නගෙ එකම පුතා,
ඇල්
වතුරත් නිවල බොන ජාතියෙ, ලෝකෙ
පෙරලුනත් සුරුට්ටුවක් බිබී ගාළු පාරෙ යන එන ඇත්තො දිහා බලං ඉන්න
ලොකු තාත්ත....මේ අයට යමක් උනා කියල කොහොම හිතන්නද!
අපි අහල තීනෙ සොභා දහම දඬුවං කරන්නෙ නරක උන්ට කියල මිසක් මේ වගේ සත් පුරුෂ අහිංසකයන්ට කියල නෙමෙයිනෙ!
සොල්දරේ හිටපු අක්කලගෙන් ආරංචියක් නැත්තං, වැල්ලවත්තෙ ඉන්න මාමලට, පැරෑලියෙ ලොකු අය්යලට,,…… කොහොම හිතන්නද මේ අයටත් කරදරයක් වෙලා කියල.
කොහොම උනත් තත්වෙ දරුණු බව දන්න නිසා කරන්න තිබ්බ හොඳම දේ වෙච්චි වහාම ගිහින් බැලීමේ හාමිනේගෙ තීරනයට කවුරුත් එකඟ උනා.
වැද්දගල ඉඳන්ම ඇඳං ආපු සූට් එක පිටින්ම අපි දෙන්න මඟට බහිනකොට ඒ වෙද්දි ට්රිප් එක ගිහින් ඇවිත් අපේ ගෙදර ටී වී බල බල හිටපු අමිලයත් ඇවිත් නැග්ග කාරෙකට.පානදුරේ ගෙදරට ඇවිත් හාමිනේගෙ මල්ලිවත් දාගත්ත.
අපි අහල තීනෙ සොභා දහම දඬුවං කරන්නෙ නරක උන්ට කියල මිසක් මේ වගේ සත් පුරුෂ අහිංසකයන්ට කියල නෙමෙයිනෙ!
සොල්දරේ හිටපු අක්කලගෙන් ආරංචියක් නැත්තං, වැල්ලවත්තෙ ඉන්න මාමලට, පැරෑලියෙ ලොකු අය්යලට,,…… කොහොම හිතන්නද මේ අයටත් කරදරයක් වෙලා කියල.
කොහොම උනත් තත්වෙ දරුණු බව දන්න නිසා කරන්න තිබ්බ හොඳම දේ වෙච්චි වහාම ගිහින් බැලීමේ හාමිනේගෙ තීරනයට කවුරුත් එකඟ උනා.
වැද්දගල ඉඳන්ම ඇඳං ආපු සූට් එක පිටින්ම අපි දෙන්න මඟට බහිනකොට ඒ වෙද්දි ට්රිප් එක ගිහින් ඇවිත් අපේ ගෙදර ටී වී බල බල හිටපු අමිලයත් ඇවිත් නැග්ග කාරෙකට.පානදුරේ ගෙදරට ඇවිත් හාමිනේගෙ මල්ලිවත් දාගත්ත.
එදා රෑ කලුතර ඉඳන් රන්දොඹේට වෙනකල් ගිය ගමන තමයි මගේ ජීවිතේ අමතක නොවෙනම ඩ්රයිව් එක!
ඒක හරියක හොරර් ෆිල්ම් එකක ජවනිකාවක් වගේ.
අලුත්ගම පහු උනාටපස්සෙ පාරෙ කිසිම වාහනයක් නෑ. කිසිම ගෙදරක එලියක් පේන්න නෑ, පාරෙ ලයිට් තියා, යන එන වාහනේක ලයි එකක්වත් නෑ.
හැබැයි ඒ වෙනුවට ගස් උඩ නැගපු කාර්, වහල නැති ගෙවල් විතරක් නෙමෙයි මළ කුණු ගඳත් වෙලා තීන දේ කොයිතරං දරු ණු ද කියල අපිට කොඳුරන බවකුයි දැනුනෙ!
කොහොම හරි මේ සුන් බුන් මැද්දෙන් අලුත්වෙලට ඇවිත් රතු අම්මලගෙ ගෙදරට ගියාම තමයි දැනගන්න ලැබුනෙ දකුණ උතුර වෙලා තීන වග!
ලොකු අය්ය, අක්ක, පොඩි උන් තුන්දෙනා, ආච්චි, ලොකු තාත්ත, පොඩි අක්ක, අය්ය, පොඩි පුතා විතරක්ද, හිච්චි මාම, නැන්ද තව අර මානසික ලෙඩක් තිබ්බ පොඩී පවා ආගිය අතක් නෑ!
ලොකු අය්ය මේ වෙලාවට පොලේ යන නිසා පොළ ගාව එයාගෙ මස්සිනාගෙ ගෙටවත් පැනල බේරුනාද කියල බලන්න මහන්සි නැතුව ඒ පිටම ගියා හික්කඩු.
හැම තැනම විසිරිච්ච සුන් බුන් එක්ක මිනී කුණු ගඳයි, පාලුවයි, අඳුරයි, මෙලෝ දෙයක් උනේ නැති ගානට හෝ හෝ ගගා ඉන්න මහ මුහුදයි, පාලුම පාලු හික්කඩුව ඒ මහ රෑ මට මතක් කලේ පොඩි කාලේ දහම් පාසලේ විජේවීර සර් මවල පෙන්නපු තුන් බියෙන් විනාස වෙච්චි විසාල මහනුවර!
කිසිම කෙනෙක් ගැන මොනම හෝඩුවාවක්වත් හොයාගන්න බැරි තැන ආපහු එනගමන් දුක කළකිරීම අස්සෙ අපූරු හිනායන දෙයක් දැක්ක.
මහ මූද අයිනෙම, මූදට පිටුපාල තිබ්බ අලුත්ම වයි ස්ටෝර්ස් එකයි ඊට එහා පැත්තෙ කඩයකුයි අතරෙ තිබ්බ පොඩි ඉඩෙන් අර දෙකටම සීරිමක්වත් නැතිව මහ තඩි බහුදින යාත්රාවක් ටවුමට කඩා වැදිල පාරෙ අනික් පැත්තෙ බැන්කුවත් කඩාගෙන මීටර් 50 විතර ගම ඇතුලට වැදිල බිත්තියකට හේත්තුවෙලා පාඩුවෙ ඉන්නව!
ඒක දැකපු අමිලය " ඇයි යකෝ මේකට මේ මෙලෝ රහක් නැති බැන්කුව නොකඩ ඔය වයින් ස්ටෝර්ස් එක කඩන්න හිත දුන්නෙ නැති හැටි" කියනකොටනං හිනාවක් නොවුනත් පොඩි ඉරක් වගේ එකක් කට්ටියගෙම මූණුවල පෙනිල නොපෙනිල ගියා.
පහුවෙනිද උදේම කැලෙන් කැලෙන් දාල තෙල්වත්ත කිට්ටුව අතුරු පාරක වාහනේ දාල පයින්ම පොඩි අක්කලගෙ ගේ ගාවට යනකොටත් මඟ දිගට මිනිස්සු තමඟෙ පවුල්වල නැතිඋන උන්දල හොයනව. සමහරු මිනී ගෝනි කෑලිවල දාල ගෙවල් වල ගෙනියනව. තව සමහරු හම්බ වෙච්චි සිරුරු ගාව දණ නමාගෙන අඬනව...
කොහොමින් හරි මේ සේරම මැද්දෙන් අක්කලගෙ ගේ ගාවට යනකොට ඈතටම පෙනව මුලු පැත්තම හූරල අයිංකරල වගේ. අර ගාලුපාර අයිනෙ තෙල්වත්ත දිගටම තිබ්බ ගෙවල් මංඩියෙ ගෙවල් දෙකක් ඇර වෙන එකක්වත් නෑ.
පොඩි අක්කලගෙ අවුරුදු හැට හැත්තෑවක් පරණ අලි සොල්දර ගෙදර ගේට්ටු කණුවයි, කුස්සියෙ සින්ක් එකට දාල තිබ්බ ස්ලැබ් එකයි හැර වෙන මොකවත්ම නැහැ.
මුලු ගමටම ඉතුරුවෙලා තිබ්බෙ ඉස්කෝලෙ මහත්තයගෙ ගෙයයි, අක්කලගෙ ගෙට එහා පැත්තෙ භාගෙට හදන ගේයි විතරයි.
රැල්ලෙ සයිස් එක කොහොමද කියල අපිට හරියටම හිතා ගන්න පුලුවන් උනේ ඒ භාගෙට හදන බ්ලොක් ගල් ගෙයි දෙවන තට්ටුවෙ ජනේලෙ උඩ මට්ටමටම පෙඟිච්ච පාර දවස් දෙකකට පස්සෙත් ඒ විදියටම තීනව දැක්කමයි.
අලියට
පැගුනාම ගූ ගියාද කියල හොය වැඩක් නැතිබව ඒ වෙනකොට අපිට තේරිලයි තිබුනෙ.
ඒ නිසා අපි ලොකු අය්යලගෙ ගේ පැත්තට ගියා.
මුලු පැරෑලියටම ඉතුරුවෙලා තිබ්බෙ ඉස්කෝලෙ බිල්ඩින් ටිකයි ලොකු අය්යගෙ මිරිස් මෝලෙ ස්ලැබ් එකයි මැෂින් ටිකයි විතරයි. ගේ දොරකඩම තමයි අර මහ යකඩ යකා පැත්ත දාල වැටිල හිටියෙ.
තවදුරටත් ගෙවල් පැත්තෙ හොයල පලක් නෑ කියල තේරිච්ච නිසා අපි අලුත්වෙල, බටපොල ගෝනපිනූවල හැම අනාතකඳවුරකම ඇවිදල බැලුව කාගැන හරි හෝඩුවාවක් හොය හොය.
එහෙම හොයල හොයල යන්තන් ලොකු අය්යවයි අක්කවයි පුතාවයි හොයා ගත්ත.
පොළේ ඉඳල පළවෙනි රැල්ලට බයට දුවල ඒ ලඟ ගේක උඩ තට්ටුවට නැගපු නිසා ඒ අය බේරිල.
ඒත් අහල පහල බේරිච්ච අය දැකපු කියපු විදියට, පොඩි අක්කයි අය්යයි පුතයි තුන්දෙනාම එකට බදාගෙන ඉන්දැද්දි සොල්දරේම කඩාගෙන ගහගෙන ගිහින්! ලොකු තාත්තනං එතකොටත් සුරුට්ටුවක් උර උර ඉන්න ඇත්තෙ යට තට්ටුවෙ වෙන්ටැති!
ලොකු අය්යගෙ පොඩි උන් දෙන්න පළවෙනි රැල්ලට භය වෙලා ආච්චිත් එක්කංම දුවං ඇවිත් ගේ දොරකඩ නවත්තල තිබ්බ කෝච්චියට නැගල!
අන්තිමේ බටපොල ඉස්පිරිතාලෙ තිබිල හම්බ උනේ ඊට හයමාසෙකට කලින් අපේ මඟුල් දවසෙදි ලස්සන හිනාවක් දාං ඉස්සරහින් උන්න ඔන්න ඔය උඩ පිතූරෙ ඉන්න හන්සි දුවගෙ ( ලොකු අය්යගෙ පොඩි දුව ) ගෙ ඉදිමිච්චි, නිරුවත්, දත්මිටිකාගෙන අතපය මිටිකරගත්තු සිරුරයි, ආච්චිගෙ විරූපි සිරුරයි විතරයි.
අදට මේ හත්දෙනාම අපෙන් වෙන්වෙලා අවුරුදු හයක්!
මේ සේරම ඊයෙ වගේ මතක....කොහොම අමතක කරන්නද...කොහොම අමතක වෙන්නද?
අපේ පවුලේ හොඳම උන් ඩැහගෙන ඒ සතුට නැතිකල සුනාමිය...උඹ පිළිමවලට පෑ සෙනෙහස මිනිසුන්ට නොපෑවේ ඇයි?
ප/ලි
සුනාමියෙන් පසු ලොකු අය්ය සහ අක්ක තවම ඔවුන්ගෙ පැරණි නිවසේ පදිංචියට ගොස් නැත. පොඩි අක්කගේ ඉඩමේ කූඩරම් ගසාගෙ අධාර ගසකෑවො දැන් එහි නැති නිසා ඒ ඉඩම වල් බිහිව ගොසිනි. මාමගේ නිවසෙ කඩා වැටුනු අඩ හදාගන්නට දුන් ආධාරයෙන් හදාගත් වැසිකිලිය අල්ලපු වැටේ සුද්දෙක්ගේ අධාරයෙන් පොදු කාණුවක් ගොඩකර සාදා දුන් සුනාමි නිවාස වලට පින් සුදුවන්නට පොල්ගෙඩියක් වැටුනත් සුනාමි එන තරමේ වතුර විලක් මැදට වී බලා ඉන්නවාය. කඩේ යනගමන් ආ මහ රැල්ලට බියවී පොල්ගසකට නැඟ දිවි බේරාගත් පොඩී පමනක් බෙහෙත් වෙනුවට බලන්නට කෙනෙක් නැති නිසා ( ඔහුව බලා ගත්තේද පොඩි අක්කාය ) කවුරු කවුරුත් දෙන මුදලින් සූර් වෙමින් බොන්න එපායැයි බනිනතුරු එකෙකුගෙ ගෙදර ලගිමින් සතුටින් සාමදානයෙන් දිවි ගෙවන්නේය.
ප/ප/ලිඒ නිසා අපි ලොකු අය්යලගෙ ගේ පැත්තට ගියා.
මුලු පැරෑලියටම ඉතුරුවෙලා තිබ්බෙ ඉස්කෝලෙ බිල්ඩින් ටිකයි ලොකු අය්යගෙ මිරිස් මෝලෙ ස්ලැබ් එකයි මැෂින් ටිකයි විතරයි. ගේ දොරකඩම තමයි අර මහ යකඩ යකා පැත්ත දාල වැටිල හිටියෙ.
තවදුරටත් ගෙවල් පැත්තෙ හොයල පලක් නෑ කියල තේරිච්ච නිසා අපි අලුත්වෙල, බටපොල ගෝනපිනූවල හැම අනාතකඳවුරකම ඇවිදල බැලුව කාගැන හරි හෝඩුවාවක් හොය හොය.
එහෙම හොයල හොයල යන්තන් ලොකු අය්යවයි අක්කවයි පුතාවයි හොයා ගත්ත.
පොළේ ඉඳල පළවෙනි රැල්ලට බයට දුවල ඒ ලඟ ගේක උඩ තට්ටුවට නැගපු නිසා ඒ අය බේරිල.
ඒත් අහල පහල බේරිච්ච අය දැකපු කියපු විදියට, පොඩි අක්කයි අය්යයි පුතයි තුන්දෙනාම එකට බදාගෙන ඉන්දැද්දි සොල්දරේම කඩාගෙන ගහගෙන ගිහින්! ලොකු තාත්තනං එතකොටත් සුරුට්ටුවක් උර උර ඉන්න ඇත්තෙ යට තට්ටුවෙ වෙන්ටැති!
ලොකු අය්යගෙ පොඩි උන් දෙන්න පළවෙනි රැල්ලට භය වෙලා ආච්චිත් එක්කංම දුවං ඇවිත් ගේ දොරකඩ නවත්තල තිබ්බ කෝච්චියට නැගල!
අන්තිමේ බටපොල ඉස්පිරිතාලෙ තිබිල හම්බ උනේ ඊට හයමාසෙකට කලින් අපේ මඟුල් දවසෙදි ලස්සන හිනාවක් දාං ඉස්සරහින් උන්න ඔන්න ඔය උඩ පිතූරෙ ඉන්න හන්සි දුවගෙ ( ලොකු අය්යගෙ පොඩි දුව ) ගෙ ඉදිමිච්චි, නිරුවත්, දත්මිටිකාගෙන අතපය මිටිකරගත්තු සිරුරයි, ආච්චිගෙ විරූපි සිරුරයි විතරයි.
අදට මේ හත්දෙනාම අපෙන් වෙන්වෙලා අවුරුදු හයක්!
මේ සේරම ඊයෙ වගේ මතක....කොහොම අමතක කරන්නද...කොහොම අමතක වෙන්නද?
අපේ පවුලේ හොඳම උන් ඩැහගෙන ඒ සතුට නැතිකල සුනාමිය...උඹ පිළිමවලට පෑ සෙනෙහස මිනිසුන්ට නොපෑවේ ඇයි?
ප/ලි
සුනාමියෙන් පසු ලොකු අය්ය සහ අක්ක තවම ඔවුන්ගෙ පැරණි නිවසේ පදිංචියට ගොස් නැත. පොඩි අක්කගේ ඉඩමේ කූඩරම් ගසාගෙ අධාර ගසකෑවො දැන් එහි නැති නිසා ඒ ඉඩම වල් බිහිව ගොසිනි. මාමගේ නිවසෙ කඩා වැටුනු අඩ හදාගන්නට දුන් ආධාරයෙන් හදාගත් වැසිකිලිය අල්ලපු වැටේ සුද්දෙක්ගේ අධාරයෙන් පොදු කාණුවක් ගොඩකර සාදා දුන් සුනාමි නිවාස වලට පින් සුදුවන්නට පොල්ගෙඩියක් වැටුනත් සුනාමි එන තරමේ වතුර විලක් මැදට වී බලා ඉන්නවාය. කඩේ යනගමන් ආ මහ රැල්ලට බියවී පොල්ගසකට නැඟ දිවි බේරාගත් පොඩී පමනක් බෙහෙත් වෙනුවට බලන්නට කෙනෙක් නැති නිසා ( ඔහුව බලා ගත්තේද පොඩි අක්කාය ) කවුරු කවුරුත් දෙන මුදලින් සූර් වෙමින් බොන්න එපායැයි බනිනතුරු එකෙකුගෙ ගෙදර ලගිමින් සතුටින් සාමදානයෙන් දිවි ගෙවන්නේය.
මේ මම මීට අවුරුදු තුනකට කලින් දාපු පෝස්ට් එකක්. ආයි දාන්නෙ මේගැන අලුතෙන් යමක් ලියන්න නැති හින්ද විතරක්ම නෙමෙයි. දුක එදා වගේම අදත් එක නිසා..!
සොබාදහම දඬුවම් කරන්නෙ නරක උංට විතරක් නෙමෙයි හොඳ උංටත් එක්කම. නරක උංට ඒකෙන් තව තවත් හරියනව විතරයි. සුනාමියට හම්බෙච්ච ආධාර ගසාකාපු හැටියෙන්ම ඒක තේරෙනව.
ReplyDeleteඅද උනත් ආයත් සුනාමියක් අාවොත් තත්වෙ ඔයිට වඩා වෙනස් වෙන්නෙ නෑ. (හැබැයි මූද හිඳෙනකොට ඒක බලන්න කියල මූද මැදට යන එකනං වෙන්නෙ නැතිවෙයි.)
වසර නවයකට පසුත්
Deleteකඳුළ ගෙනා මාරක හෝරාවේ අඳුරු මතකය
ස්තූතියි ප්‍රසා. මේ ලිපියයි පහත රංගිගෙ කමෙන්ට් එකයි දැක්කම තව පසු සුනාමි කතාවක් ලියන්න හිතුන. මොකද මටත් ඔයිට සමාන අත්දැකීම් කීපයක් තීනව.
Deleteඋඹේ මුලු පොස්ටුව පුරාම රැළි ගහන්නේ ඒ පාලු මූසල අඳුරු කාලකන්ණි බව මචං
ReplyDeleteමිහිපිට කාටත් එවන් අකල් මරණ අත්නොවේවා....!!!
මම ආයි කියවල බැලුව මගෙම පෝස්ට් එක. ඒත් හිතල නෙමෙයි, හිතෙන විදියට ලියවුන නිසා වෙන්නැති!
Deleteඅනේ මන්ද මචන් ...
ReplyDeleteහ්ම්..
Deleteඅභීත එක්ක එකතු වෙලා ඔබා මාමගෙන් සල්ලි අරන් රට පැනපු ඉන්දික බණ කියනවා... හිතේ දුකට ඔබා මාම මැරුණා... ඒකෙ පව් තමයි මේ.. පවුල් පිටින් පටිසන් දෙනවා කියන්නේ නිකන්ද ....
ReplyDeleteමේක අභීතම දාපු එකක්ද මන්දා?
Deleteඇනෝ ආවේ නියම නමින් එන්න කොන්දක් නැතිවට කමක් නැහැ කාලකන්නි කථා කියලා ඔබගේ අවජාතකත්වය පෙන්වන්න එපා.
Deleteහිත කීරිගැහිලා යනවා ඉන්දික... ඒ මූසල දිනයේ දිවි පීදූ සෑම දෙනාටම නිවන් සැප ලැබේවා කියා පතනවා හැරෙන්නට අපට දැන් කළ හැකි දෙයක් නැත...
ReplyDeleteඅපි කරන්න පුලුවන් දේත් කරාද නලින්?
Deleteසුනාමිය දඬුවම් දුන්නෙ නරක අයට විතරක් නෙමේ... බොහොමයක් හොඳ අයත් ඒකෙන් ගියා. අපිට දැන් පුළුවන් ඔවුන් වෙනුවෙන් පින් පෙත් පමුණුවන්න විතරයි.
ReplyDeleteඑච්චර ව්‍යසනයක් වුන වෙලේත් මාල කඩපු අමනයොත් හිටියනෙ..උන්ට මොන හෙනයක්වත් නෑ.
ඔව් බන්. හැමදාම ගල් යට ගිහින් ගොම රිටි උඩ මතු වෙනව.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහරිම කණගාටුයි සිංහයෝ...කාලයක් එක්ක වේදනාව තුනීවේවි. ඒත් මතකය හැමදාම ඉතිරිවේවි. අර චූටි ගර්ල් හරියට ඒන්ජල් කෙනෙක් වගේ. :(
ReplyDeleteඒ චූටු දූගෙ අම්මට ටිකක කලක් පිස්සු හැදිල තිබ්බ එක පුදුම වෙන්න දෙයක් නෑනෙ. උන්නනම් දැන් අවුරුදු දාසයක ලොකු කෙල්ලෙක්!
Deleteඅදත් හිත පාරනව මචං..! පැරෑලිය බලන්න මට යන්න පුලුවන් උනේ පරක්කු වෙලා..ඒත් අදත් ඒතනින් වාහනයක ගියත් මගේ හිත ගැස්සෙනව මචං..!!!
ReplyDeleteගමේ උන්ට කොහොමට දැනෙනව ඇද්ද කියල හිතාගතෑකිනෙ.
Deleteඔබ මේ නිසා පත්වූ මානසික පීඩාවට අපගේ කණගාටුව. සුනාමිය දඩුවම් දුන්නේ හොඳ නරක බලා නොවේ නේ.
ReplyDeleteසුනාමිය මම නම් දැක්කේ නැහැ අපේ ගෙවල් තියෙන්නේ කිලෝමීටර් 20 ක් විතර එහා. නිවාඩු දවසක් නිසා ගෙදර හිටියේ අපේ ගෙදර් ඉස්සරහා පාරේ යන වාහන ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි වුනා බස් ලොරි වල යන අය කිහිප දෙනෙක් කෑගහගෙන යන්න ගියා මුහුද ගොඩ ගලනවා ගෙවල්වල ඉන්න එපා යන්න කියා. ඇත්තටම සුනාමියට බයවූ වෙරළබඩ පුද්ගලයන් මුහුද පහුකරලා එතරම් දුර ඇවිල්ලත් තිබුණු බයවීම ගිහින් තිබුනේ නැහැ. එතැනින්ම මම දැක්කා එහි බයානක කම. මම ඒ දවස්වල හැම සති අන්තයකම ගාලු පාරේ මොරටුව සහ ගාල්ල අතර ගමන් ගත් මට විනාසයේ තරම හොඳින් දැක ඇත.
ලංකාවට පැමිණියේ ලොව පළමු සුනාමිය නොවේ. නමුත් එම සුනාමිය පැමිණීමට කලින් ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතන වල විද්වතුන් පවා මේ ගැන දැන සිටියේ නැද්ද. එවැනි ආයතන වලට වෙන රටකින් දැනුන්දීමක් සිදු වුයේ නැතත් නැගෙනහිර් වෙරළට සුනාමිය වැදී ගාල්ල වැනි ප්‍රදේශ වලට සුනාමිය පැමිණීමට ගතවූ විනාඩි 40(මට මතක පරිදි) තුල නිසි කළමනාකරණයකින් වැඩ මෙහෙයුවා නම් විනාශ වූ ජීවිත වලින් 80% බේරා ගන්න තිබුනා නොවේද? දැනට පවා ආපදා කළමනාකරණය නිසි විද්‍යා දැනුමක් සහිතව සිදු නොවන බව මගේ විශ්වාසයයි එයට හොඳම උදාහරණය. මෙයට ආසන්නම සුනාමි අනතුරු ඇගවීම ගත හැක. කලින් වතාවේ මෙන්ම ලොකු භුමි කම්පාවක් අන්දමන් දුපත් අසල ඇතිවී එම මොහොතේ බලපෑම ඇතිවිය හැකි සියලු රටවල් දැනුවත් විය. එවිට ලංකාවට මේ වෙලාවට එයි කියා මෙහෙයුම් සිදුවිය. එය සිදුවිය යුතුය. මේ අතර ලංකාවට වඩා කලින් එම සුනාමිය අයුතු කිසි රටකට සුනාමි අවේ නැති නිසා ලෝකයෙන් මෙම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් වුවත්. ලංකාවේ එසේ නොවේ එය එන්න තිබු වෙලාව පසුවී පැයක් දෙකක් යනකම් අනතුරු ඇඟවීම ක්‍රයාත්මක විය. පැය කිහිපයකට කලින් ඉවත් කල හැකි අනතුරු ඇඟවීමක් ඉවත් නොකර එදිනෙද සාමාන්‍ය කටයුතු බොහොමයකට බදා ඇතිවිය. ගිනි පෙණෙල්ලෙන් බැටකා මිනිසා කණමැදිරි එළියටත් බය වීම මෙන් ක්‍රියාකිරීම ආපදා කළමනාකරණ අංශ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නොකළ යුතු දෙයකි.
ලංකාවෙ ආපදා කළමණාකරනය හරියයිද අර "සුජිත් නිශානත"ල වගේ කට්ටියනෙ ඉන්නෙ. ඒ අතින් අපේ අයට තව සෑහෙන්න දුර යන්න තීනව. ඒත් ඉතින් ජීවිතයක වටිනාකම තේරුම් ගන්නකල් ඒක හරියට කෙරෙන්නෙ නෑ.
Deleteසුනාමියට මම රටේ නෑ ඒත් ඒ ව්‍යසනයට මුහුණ දුන් ඔබ වැනි අයගේ මතකයන් අදටත් හිත පාරවනවා.අර වගේ අහිංසක දරුවන් නැතිවුනේ මොන අවාසනවකටද.
ReplyDeleteඒකෙනෙ හැලපෙ කියන්නෙ. මචං අපිට වවන්නෙ නැත්තෙ ජීවත් වෙලා දුක් විඳින අපේ අර මන්ද මානසික සහෝදරය වෙනුවට මේ කෙල්ලව අරන් ගියෙ ඇයි කියන එකට.
Deleteඅවුරුදු 9ක් ගියා. තාමත් එදා වෙච්චී දේ අදහා ගන්න බෑ.
ReplyDeleteඅවුරුදු නමයක් කියන්නෙ ලොකු කාලයක්. ඒත් අපිට දැනුනෙ නැත්තෙ හැමදාම ප්‍රශ්න නිසා වෙනෙටැ!
Deleteඔයා ඔය කියන හරියේ දවසක්ම මම ගැවසුනා සිද්දිය වෙලා දවස් අටකට පස්සේ . තිබුනේ පුදුම මුසල කමක්. මිනිස්සු අඩන්නෙත් . හිනා වෙන්නෙත් නැ . වැඩි කතා බහකුත් නැ. අතරින් පතර මිනිත් හම්බුනා. ඔව්වා මතක් වෙනකොටත් හෙන අවුල්
ReplyDeleteඋබ දවස් අටකට පස්සෙ එහෙම දැනුනම් පහුවෙනිද එහෙ ගිය අපි මොන වගේ තත්වයකට මූන දෙන්න ඇතිද කියල.
Deleteආයෙ නම් අහන්න වත් සිද්ද වෙන්න එපා.
ReplyDeleteඅපි එහෙම හිතමු!
Deleteඅපේ හොඳම යාලුවෙක්ගෙ ගෙයි ඉතිරි වුනේ සිමෙන්ති මැදපු පොළොව විතරයි...යේ කතා ඕන නෑ ඒ ගැන ...අවුරුදු 9 ක්......?
ReplyDeleteයුද්දෙදි මලේ 60 දාහයි සුනාමියට එක දවසට 20000.
Deleteකොටිම්ම රටේ හැම කෙනෙක්ගෙම වගේ මිතුරෙක්, නෑයෙක් සුනාමියට අහුවෙලා!
මම ජීවත් වූනේ වියලි කලාපයේ.ඒත් එදා 50 යි 100 යි 200 යි 250 යි කියල මිය ගිය මිනිසුන්ගෙ ගාන කියනකොට ජාති ආගම් බේදයක් නැතිව හැමෝම වේදනාවෙන් වෙව්ලන්න පටන් ගත්තා. ටීවි නැති මිනිස්සු තියෙන ගෙවල් ලගට වෙලා වේදනාවෙන් බලාන ඉන්නවා.ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි එහෙම තමා.කෙනෙකුට කරදරයක් වෙනකොට ඒක හරියට තමන්ට වුණා වගේ දැනෙනවා
ReplyDeleteඔව් අපිටත් හිතාගන්න බැරි උනා මුලිම්ම රේඩියෝ එකේ විස්තරේ අහනකොට.
Deleteඒත් මිනිස්සුන්ගෙ මුලින් උනු උන හිත් පස්සෙ ගල් වෙලා ආධාර ගල් කරා.
එදා පාන්දර ගැන නම් මතක් වෙනකොටත් හිතා ගන්න බෑ. ඒ තරමට භයංකාරයි. 2004 මම නිවාඩු ගිහින් ආවේ දෙසැම්බර් 23. වැඩිහරියක් මගේ ගැවසීම මුහුදේ. මම 23 එන්න හිටියෙත් නෑ ඒත් මොකක්ද මන්දා හින්ද කලි ආවා.
ReplyDeleteආපහු දවස් හතරකින් ලංකාවට යද්දි අර කලින් සතියෙ දැක්ක ලස්සන මුහුද වෙනුවට කැඩිලා බිඳිලා ගිය සොහොන් පිට්ටනියකුයි කුණු ගඳ ගහන මිනිස් හා සත්ව සිරුරුයි විතරයි තිබුනේ. ඊටත් වඩා දුක හිතුනේ අර මිනී අස්සේත් හොරු හා කපටි මිනිස්සු ඉන්නවා දැක්කම. අපි පිටරටකින් ගිහින් ඒඩ් කරද්දි ලංකාවේ මිනිස්සු ඇවිත් වාහන නතර කරගෙන අපි කරන වැඩ දිහා බලන් හිටියා කට උඩ දාගෙන. එහෙම නැත්නම් දෙන ආධාර වංචා කලා. ඒව අසරණ මිනිසුන්ට ලැබෙන්න තිබුන ඉඩ නැති කලා. ඒ අස්සේ අසරණ මිනිස්සුන්ගේ මුහුණුවල තිබුන දුක් කතා එක්ක අපි ඒ අයටත් වඩා අසරණ වුනා. මගේ ජීවිතයේ එක්තරා ටර්නින් පොයින්ට් එකක් ඒ. කොටින්ම මට ලංකාව මගේ රට කියලා තේරුම් කලෙත් සුනාමිය.
// අපි පිටරටකින් ගිහින් ඒඩ් කරද්දි ලංකාවේ මිනිස්සු ඇවිත් වාහන නතර කරගෙන අපි කරන වැඩ දිහා බලන් හිටියා කට උඩ දාගෙන. //
Deleteමම හිතන්නෙ ඔයාට වැරදිලා ලංකාව කියලා වෙන කොහෙට හරි ගිහින්.. ලංකාවෙ මිනිස්සු පිටරටින් ඒඩ් එනකම් හිටියෙ නෑ විපතට පත් වෙච්ච අයට පිහිට වෙන්න. හොරු හිටියා කියලා පිළිගන්නවා. ඒත් වැඩි හරියක් කළේ උදව් කරපු එක. ටික වෙලාවකින් ආධාර ලොරි ගනන් පුරවලා යැව්වෙ පිටරටින් ආපු ඒවා නෙමේ... ඒවා ආවෙ පස්සෙ..
නෑ සෙන්නා මට වැරදුනේ නෑ මම කීවේ මම හැබවින්ම මුහුණදීපු අත්දැකීම්. මුලින්ම ඒඩ් ආවේ protezione civile හා red cross අපි 26 රෑම ඇක්ටිව් වුනා. පොඩ්ඩක් බලපිටියේ හික්කඩුව පැත්තෙන් අහලා බලන්න ඒ ගම්වල මිනිස්සු මේ විස්තර ගොඩාක් දන්නවා. අපේ බේස් එක තිබ්බේ සෞඛ්‍ය වයිද්‍ය නිලදාරි කාර්යාලේ. මිලිටරි ෆ්ලයිට් වලින් අපේ විතරක් ඩොනේසන් වලින් ලංකාවට දියුණු වෙන්න තිබුනා ඒ වෙලාවේ ඒ ඒ දේවල් හොඳට භාවිතා වුනා නම්.
Deleteඔයාලා විශ්වාසකරන එකක් නෑ ඊට ටික කාලෙකට පස්සේ මම අපේ අක්කගේ ගෙදර පාටි එකකට යනවා ලංකාවට ගිය වෙලාවේ. ගාඩ්න් පාටි එකක්. අපේ ඒඩ්ස් වලින් දීපු ටෙන්ට් හැම එකකම ඩොනේටර් ගේ නම protezione civile ගහලා තිබ්බා. මෙන්න අපේ අක්කගේ ගෙදර ඒකක්. ඒ ටෙන්ට් එකක් මෙහේ මුදලින් 700- 1000€ වගේ. මම අක්කගෙන් ඇහුවම එයාලා ඒවා අරන් තිබ්බේ 25000කට කාගෙන්ද මන්දා ඇමති කෙනෙක්ගෙන්. හිතාගන්නකෝ තරම. ඔයාලා සමහරවිට නොදකින කතා හැබෑවට වුනා කියලා අපි ඔය කෑම්පින් වල හිටිය නිසා දන්නවා. අපි බෙහෙත් දෙන පෝලිමේ මුදලාලිලා සල්ලි වලට මිනිස්සු යොදවල තිබුනා. ඒවා ඒ අය ආපහු ගිහින් විකුණුවා කියන්නත් අපි ඇස් වලින්ම දැක්කා. අපේ සෙට් එකේ හිටියේ 16ක්. අපි කෙල්ලො කොල්ලෝ ඔක්කොම වොලන්ටියස්ලා මගේ යුනි එකෙන් විතරක්. අපි කාණු ශුද්ද කරද්දි මඩ අයින් කරද්දි ලංකාවේ පිරිමි අර වෑන් තියෙන්නේ ටවුන් ඒස් ද මොකක්ද කියලා ඒ කාලේ ඒවා තමයි දකුණු පළාතේ ගොඩාක් තිබ්බේ ඒවා පාක් කරන් අපේ කකුල් දිහා බලා හිටියේ. අපි රස්නේ හින්දා කොට ඇඳුම් ඇඳලා හිටි එක ඇත්ත. ඒත් ඒ අය කතා කරපු දේවල් මගේ යාළුවන්ට හෝ අපි එක්ක හිටිය අනිත් අයට නොතේරුනාට මට තේරුනා. මම පත්වෙච්ච අසරණකම ඔයාලට තේරෙයිද දන්නේ නෑ. මොනවා වුනත් ඒ මගේ රට මගේ රටේ මිනිස්සු. හැමෝම එහෙම කියලා කියන්නේ නෑ. කෑම බීම ගැන කීවොත් මෙහේ රාජ්‍ය මාධ්‍ය මඟින් ඉල්ලපු හැම ඩොනේසන් එකම මිනිස්සු පුදුම විදියට මනුස්සකමක් පෙන්නුවා. සල්ලි තියෙන නොතියෙන කියලා බැලුවේ නෑ. වියලි කෑම බීම සුමානෙට ෆ්ලයිට්ස් පහක් හයක් ආවා. මිලිටරි කාගෝ. වතුර බෝතල් පවා එකතු වුනා. මේ ප්‍රජෙක්ට් එක කෝඩිනේට් කරපු කෙනෙක් විදියට මම හොඳටම දන්නවා මේ දේවල්. දකුණේ තිබුන මේ තත්වය අපේ කින්නියා බේස් එකේ නම් තිබුනේ නෑ. එහේ මිනිසුන්ට ආධාර බොහොම අඩුවෙන් ගිහින් තිබුනේ. ඊටත් වඩා සින්හල අයගේ ආධාර එහෙට ලැබිලා තිබුනේත් නෑ. දකුණේ නම් ගොඩාක් අය ඩොනේසන්ස් වලට හිටියා.
සෙන්නා කියන කතාවේ ඇත්තක් තියෙනවා.අපි අනුන්ගේ දුකේදී හිත වුනු වෙන ජාතියක් තමයි.නමුත් සෙන්නායියේ සුනාමිය ස්විප් එකක් කර ගත්තු අයත් අපේ රටේ ඉන්නවා.
Deleteබුරූ බබා,
Deleteමටත් ඔය වගේ සුනාමි පසු කතා මහ ගොඩක් තියෙනව කියන්න. මුලින් හිත් උනුවෙලා ආධාර අරන් ආවට, බහුතරය හිත හොඳින් උදව් කරත් තවත් විසාල පිරිසක් ඒ කැත විදියට ගසා කෑව.
මම ඊළඟට් ඒ ගැන මගේ අත්දැකීම් කිහිපයක් ලියන්න හිතන් ඉන්නෙ.
සෙන්නා,
Deleteරටේ ඉහලම තැන ඉඳල සෑහෙන්න ලොකු පොඩි කට්ටිය කැත නින්දිත විදියට ගසා කෑව. ඒක ගැන කතා කරන්නත් ලැජ්ජයි.
අද වගේ මතකයි සුනාමියට අහුවෙලා ජීවිත බේරගත්ත මිනිස්සු අසරණ වෙලා හිටිය විදිය,
ReplyDeleteඇඳිවත පමණක් ඉතිරිවුනු ඒ මිනිස්සු පන්සල්වල පල්ලිවල පාසැල්වල කඳවුරු වලට එකතු වෙලා හිටිය හැටි.
ඒ මිනිස්සු එයාලගෙ නැතිවුන අම්මා තාත්තා සහෝදරය ම්‍ත්‍රයා ගැන කඳුලු වගුරුවමින් කථාකරපු හැටි. අද වගේම මතකයි.
තව දෙයක් ලංකාවේ මිනිස්සු කොච්චර පරාර්තකාමීද අනුන්ගෙ දුකේදි හිත උනුවෙනවද කියන එක බලාගන්නත් සුනාමිය හොද අවස්ථාවක් උනා..
ගොඩාක් මිනිස්සු අවංකව උදව් උපකාර කලත් සමහර ජඩ මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන පරණ රෙදි පෙරෙදි අස්පස් කරගන්න මේක අවස්ථාවක් කරගෙන තිබුනා.. ඒ කියන්නේ අනාත වෙච්ච මිනිස්සුන්ට අදින්න ඇඳපු ජොක්කු ඇඳපු පෑන්ටි විතරක් නෙවෙයි පාචිච්චි කරපු පෑඩිස් පවා දීපූ අවස්ථාවන් දැක ගන්න තිබුනා..
ආයෙ නම් කවදාවත් ම සුනාම්යක් කියන දේ අපේ ලංකාවට නොවෙයි ලොකේ කිසිම තැනකට එන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා!!
සහතික ඇත්ත. සමහර සුනාමි අනාත කඳවුරු වල කුණු ඇඳුම් ගොඩ ගහල තිබ්බ. ඒ වගේම සමහර ආධාර කාරයො හොඳ එව්ව තියන් කුණු මිනිස්සුන්ට බෙදුව. අපේ අයගෙ කලු සුදු දෙකම යසට පෙනුන සුනාමිය නිසා.
Deleteසුනාමියෙන් පස්සෙ ලංකාවට ලැබුනු ආධාර කන්දරාව අපේ කාලකණ්නි දේශපාලුවො පිල්ලිගැහුවෙ නැත්තං...අලුත් ලංකාවක් හදන්න තරම් ප්‍රමාණවත්...
ReplyDeleteඅනිවාර්යයෙන්ම සිරා! ඒකෙන් උනේ ආයි පාරක් යමක් උනොත් ආධාර නොදෙන තැනට අපේ රට පහත් උන එකයි.
Deleteඔලුවත් එක්ක බර උනා මේක කියෝලා :(
ReplyDeleteමේ බර හැමදාම ඔලුවෙ තියන් ඉන්න පිරිසකුත් ඉන්නව.
Deleteනොවේ මෙවන් විපත් යලිත්.
ReplyDeleteපතමු එහෙම!
Deleteපිස්සු හැදෙනවා මතක් වෙද්දීත් නේද?
ReplyDeleteකියල වැඩක් නෑ!
Delete