නරක කතා කුණුහරුප කියනව කියල කලබල වෙන්න ඕන නෑ. පය්යියාගලට
පයියාගල කියනව වගේ ගොපයියට ගොපයිය නොකිය කරුපයිය කියන්නයැ!
සාමාණ්‍යෙන් කතරගම ගිහින් මිනිස්සු කට වරද්ද ගන්නෙ නෑනෙ.
ඒත් මේ කියපු කතාව මගේ මිත්‍රයෙක් කිව්වෙ කතරගම දේව්යන්ගෙ අඩවියෙ වැඩහිටි කන්දෙ, නඟින මග අතර තියෙන දේවාලෙක කපුවෙකුට.
ඔය වැඩහිටි කන්දෙ උඩ දෙන දේව දානෙ පේරුවක් ගන්න එක මහ අමාරු
කාරියක්. මොකද සල්ලි කාරයො කතරගම දෙය්යන්ට ගෑවෙච්චි ගෑවිච්චි තැන් අයිතිකරගන්නවනෙ ඒ
ගොල්ලො බලා කියා ගන්න. ඒත් ඉතින් මගේ මිත්‍රයගෙ තාත්තත් මේ දාන සළාකයක් ගන්න සමත් උනා, මිනිහගෙ සල්ලි බලේට වගේම ඔය වැඩහිටි කන්ද
පන්සලේ ලොකු හාමුදුරුවො හෙවත් රාහුල මහ උන්නාන්සෙ අපේ ගමේ, ඒකියන්නෙ කල්දෙමුල්ලෙ කෙනෙකුත් හින්ද.
ඔය රාහුල උන්නාන්සෙ අපවත් උනාට පස්සෙ පන්සලේ අයිතියට ලොකු
කේස් එකකුකුත් ගියා, තවම යනවදත් මන්ද!
කොහොම උනත් රාහුල සාදු කියන්නෙ යකාටවත් භය නැති උන්දැ. කොටිම්ම
ප්‍රේමදාස එක්ක ගේම ඉල්ලල, පස්සෙ හිරෙත් ගිහින් ආව උනාට ප්‍රේමෙට මෙයාව මරන්න බැරි උනා විතරක් නෙමේ මිනිහ
අන්තිමට සාදු එක්ක ගේම ඉල්ලන එක අතෑරලත් දැම්ම. එහෙව් පුතයගෙන් දානෙ සළාකයක් ඉල්ලගත්තු
ඔය අපේ මිත්‍රයයි උන්ගෙ තාත්ත ගැනයි වෙනම පොතක් ලියතෑකි.
උත්සාහයෙන් දියුණුවෙන මිනිහෙකුට පටන්ගන්න තැන කොයිතරං නොවැදගත්ද
කියල මම ඉගෙන ගත්තෙ මේ මිත්‍රයගෙ තාත්තගෙන්.
ඒ වගේම ඕනෑවට වඩා නීති දාල හදන දරුවො වැඩිපුර යන්නෙ යහමඟ
නෙමෙයි මහමඟ කියන එකට මගේ මිත්‍රය හොඳ උදාහරණයක්.
ඔය මිත්‍රය, එහෙම නැතිනම් උගේ පෙට් නේම් එක වෙන "සුන්ණ" බොහොම හිත හොඳ ඒ වගේම
යකෙකුටවත් භය නැති, කියන්න ඕන දේ තැන නොතැන නැතිව ඕන කෙනෙකුගෙ මූණටම කියන ජාතියෙ එකෙක්.
සුන්ණගෙ එහෙම මූණට දමල ගහපු ගොපයි කතාව වගේම තව එව්ව එලෝ
කෝටියක් තීනව.
දවසක් මිනිහයි මායි බයිසිකලේ නැගල කල්දෙමුල්ලෙ අපේ ගෙවල්
පැත්තෙ ඉඳල අත්තිඩියෙ වලක් බහින්න ගියා. එනකොට මහන්සි නිසා කළාපුරේ ගාව (අර අහුබුදුගෙ "නියැදි පහින පොළ" තීන්නෙ එහෙ තමයි.) පොඩි කඩේක නැවැත්තුව
තැඹිලි ගෙඩියක් ගහන්න.
අපි දෙන්නට ගෙඩි දෙක කපල හිල් කරල දුන්නම සුන්ණ කඩේ බුවාගෙන් "අය්යෙ ස්ට්‍රෝ දෙකක් දෙනවද තීනවනං" කිව්වම කඩේ එකත්
අස්සට ගිහින් දෙකක් ගෙනත් දුන්න. අපි ඉතින් ස්ට්‍රෝ දාන් තැඹිලි බොනව.
මේක දැකපු එතන උන්න වයසක අංකල් කෙනෙක් හරි විස්සෝපෙන්
"අනේ ඉතින් දැං කාලෙ හැදෙන ළමයින්ට තැඹිලි ගෙඩියක් හරි විදියට බොන්න දන්නෙ නෑ
නෙ, මෙව්ව ඉතින් මහ
උන්දලගෙත් වැරදි" කියපි.
අනුන්ගෙ සීනි කිරපු අංකල් දිහා සුන්ණ බලාපු විදියට මට භය
හිතුනෙ මූ " නිකං යන්න අංකල් xකා ගන්නෙ නැතුව" කියලවත් කියයිද කියල. මොකද එහෙමට මිනිහ.
ඒත් ඒ වෙනුවට අපේ එකා අංකලයට කියනව "අංකල් මෙව්ව මේ
නිකන් ෆොරීන් ස්ටයිල් නෙමෙයි, මෙව්ව මේ නියම ඓතිහාසික පුරාණ සිරිත් හරිද" කියල.
ඒ පාර කොර වෙච්චි අංකල් "කොහොමද ළමයො මෙව්ව පුරාණ සිරිත්
වෙන්නෙ, නිකං නොදන්න දේවල්
කියවන්නෙපා අයිසෙ" කියපි.
අංකල් සුන්ණගෙ මල පන්නගත්ත බව මට තේරුන නිසා මම හෙමීට සල්ලි
දෙන්න හදද්දි මූ අර අංකල්ට කියනව
" මේ අංකල්, ඕගොල්ලො වයසට ගියට දන්න බම්බුවකුත් නෑ, නිකං මෙතන හැම එකට තරුණයන්ට බණින එක තමයි
කරන්නෙ. ඒ කාලෙ අංකල්ලගෙ සෙල්ලං ඇන්ටිලගෙන් ඇහුවනං දැනගන්න තිබ්බ. ඔන්න අද ඉගෙන ගන්න, මුලිම්ම ස්ට්‍රෝ දාල බිව්වෙ නළපාන ජාතකේ
බෝසතානෝ. ඉතින් අපි බිව්වම මොනා වෙනවද" කියල.
එහෙම කියල එලියට ඇවිත් බලද්දි අර අංකල් ඉන්නව පුපුර පුපුර
අපි දිහා බලගෙන.
පස්සෙ දාක තැඹිලි කඩේ අය්ය කිව්ව ඒ අංකල් කාරය සංස්කෘතික
අමාත්‍යාංශෙ ලොක්කෙක්ලු, පරණ නාට්‍ය කාරයෙකුත්ලු. ඒ උනාට ඉතිහාසෙ දන්නෙ නෑ.
ඉතින් ඔය සුන්ණයි මායි උන්ගෙ ගෙදර අයයි කතරගම අර මං කිව්ව
දානෙට ගිහින්, කට්ටිය උඩ දාගෙන දානෙ දෙද්දි වළක් බහින්න අපි දෙන්න පොඩ්ඩක්
පහලට එනකොට තමයි දැක්කෙ මග අනු දේවාලෙක තේවාවට බෙර ගහල නලා පිඹිද්දි ගෑණු සෙට් එකක්
කොණ්ඩ කඩන් නටනව හෝ ගාල. අපිත් සීන් එක බලා ඉඳල පස්සෙ නැටුමයි බෙරයි ඉවර උනාම එතන අනු දේවාලෙ අනු කපුවෙක් එක කතාවට සෙට්
උනා.
කපුවත් අපරාදෙ කියන්න බෑ අපි අහන එව්වට බණ කතා, ආදි කතා එක්ක උත්තර දෙනව. කොහොමද කතරගමට
දෙය්යො ආවෙ, කොහෙන්ද ආවෙ,කොහෙද උන්නෙ, ඇයි දෙමළු බිම පෙරළීගෙන දුක් විඳින්නෙ
අරව මේව. සාකච්ඡාව ටිකක් බර සාර නිසා අහල පහල උන්න බැතිමතුන්, මතියන් එහෙමත් කණ දාගෙන තමයි හිටියෙ.
ඔහොම කතාව යන අස්සෙ මම ඇහුව ඇයි කපු මහත්තය මේ ගෑණු අයම නටන්නෙ කියල. ඉතින් කපුවත් සීන් එක
පැහැදිලි කරා, කතරගම දෙය්යො මුලිම්ම
ඇවිත් සෙල්ලෙ වල්ලි අම්මව සෙට් කරගත්තු විදිය,
පස්සෙ තේවානි අම්මලව පාන අල්ලන්න ගත්තු හැටි, තව ඉන්දියාවෙ පරණ දේවතා බිරිඳ ගැන වගේ
කතරගම දෙය්යන්ගෙ ඉන්න අනෙක් හොර ගෑණු සෙට් එක වගේ දේවල් කියල දුන්න. එහෙම විස්තර කරල මිනිහ සංකීර්ණව පැහැදිලි
කරා කතරගම දෙය්යන් ටිකක් ස්ත්‍රී ලෝල දෙවියෙක්, අනික ටිකක් ස්ත්‍රී ආකර්ෂනය වැඩි එක්කෙනෙක්, ඒකයි ගෑණුන්ටම වැහෙන්නෙ" කියල.
මේ ෆුල් සීන් එක අහ්ං හිටපු අපී මිත්‍රය එක පාරම
"ඒ කියන්නෙ කපු උන්නැහෙ කතරගම දෙය්යොත් නිකං ගොපය්ය
වගේනෙ. එන්නෙම ගෑණුන්ගෙ ඇඟටමනෙ " කියපි (ගොපය්යා යනු ගෑණුන්ගෙ ඇඟෙ සෑදෙන ඉණිකුණෙකු
වැනි සතෙකුයි ජනවහරේ එයි ).
කපුව පරළ වෙන්න කලින් වටේ උන් පරළ උන නිසා මම යන්තං සුන්ණත්
ඇදං එතනින් මාරු උනා. නැත්තං අපි දෙන්න තාම වැඩහිටිනව වැඩහිටි කන්දෙ!
පස්සෙ මම සුණ්නගෙන් දැනගත්තු විදියට ඔය කතාව ඌ අහුලගෙන තීන්නෙ
බන්දුල ගුණවර්ධන මහත්තය්ගෙ ඉකෝන් පන්තුයෙදි. මිනිහ තමයි ඔහොම කතාවක්
මුලිම්ම කියල තීන්නෙ.
ඇත්තටම් කතරගම දෙය්යො ගොපය්යෙක් වගේ නේද? අත් දොළහයි, මූණු හයයි හරියට කෘමියෙක් වගේ. ඉතින් ගෑණුන්ට
වැහිල්ල කෙසී වෙතත් එහෙම බැළුවම කතාව හරිත් වගේ!