( උපශාන්ත මහතා වේදිකාවට ගොඩ වෙයි. ප්‍රොෆයිල් ඇනෝ මයික් එකක් සෙට් කර පසෙකට යනවිට පත්තරේ, ඉවාන්, මැළේ, රාජ් ඇතුලු සූ ගා පිරී සිටින හතරපස්දෙනා විසිල් ගසා අප්පුඩි ගසයි. දෙපස කොලම්ස් වලින් මයිකල් ජැක්සගේ ෂෝ එහෙකට මෙන් අත්පුඩි හඬ ගුවණ සිසාරා පැතිරේ.නලීන් දිල්රුක්ෂ මහතා අසීරුවෙන් හේත්තුවී සිටි පොල් ගසෙන් මෑත් වෙයි. දෙපරංදේ තිබූ වීදුරව බිම වැටී සළාං හඬින් කුඩු උන මුත් කොලම්ස් වලින් ආ අත්පුඩි නාදයට කිසිවෙකුටත් එය නොතේරේ. පොල් ගස පිටුපස ඉඳගෙන සිටින මල පැන්න හැළපේගෙ කට ආතල් ඇනෝ අත තබා වසා සිටියි.)
ඔව් ප්‍රිය බ්ලොග් රසික මිත්‍රවරුණි, සැහැල්ලුවේ හිතවතුන්ගේ එකතුවෙන්, සිංහල බ්ලොග් අවකාශයේ පළමු වාද බයිලා සංදර්ශණය සුළු අඩුපාඩුකම් කිහිපයක් මධ්‍යයෙහි වුවද ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණු බව ( ඕනම අලවෙන වැඩක් ගොඩදාගන්න අන්තිමට ඕකනෙ සංවිධායකයො කියන්නෙ ) අප බොහොම සතුටින් දැනුම් දෙන්න කැමතියි.
ඉතින් මේ කාර්‍ය සාර්ථක කරගැනීමට අපට ප්‍රචාරණයෙන් සහාය වූ කෙන්ජි සහ මාරයාටත්, ඒ වගේම ප්‍රචාරණ සහයෝගයට අමතරව මුලාසනයේ උදේ සිට සවස් වනු තුරු රැඳී සිටිමින් අප දිරිමත් කල මහාචාරිය මාතලන්ටත් අපි මේ අවස්ථාවේ අතිශයින්ම ස්තූති වන්ත වනවා.
ඒ වගේම මේ කටයුත්තේදී බයිලා පද බැඳීමෙන් සක්‍රියව දායක්තවය ලබා දුන් සියලු බ්ලොග් කරුවන්, විශේශයෙන්ම ඉවාන් පවුලූෂා, මැළේ රාළ, රාජ්ගේ නවාතැන, සරාගොය්යා, තිසර වැනි ප්‍රමුඛ පෙලේ බයිලා රචකයන් අපි සිහිපත් කල යුතුයි. මන්ද ඔවුන්ගේ දායකත්වය නොවන්නට මෙය මේ තරම් සුන්දර නොවීමට ඉඩ තිබුනු බව අපි විශ්වාස කරන නිසා.
තවද ඒ මොහොතේ කඩල සුරුට්ටු විකිනූ ඇනෝලාට, කෝපි ගෙනා රංගීට, ආප්ප සහ ලුණුමිරිස් දොරකඩ තබා පල ගිය කුමාරිහාමිටත්, මේ වාද බයිලා සංදර්ශණයට සක්‍රියව බයිලා පබැඳීමෙන් සහය වූ එකම කාන්තා රචිකාවිය අපූර්වී ඔමායා දියණියටත්, වටේ සිට බලා සිටි සියලු ස්ත්‍රී ප්‍රෙක්ෂිකාවන්ටත් අපි මේ මොහොතේ ස්තූතිය පුද කරන්න කැමතියි.
එමෙන්ම මේ කාර්‍ය කිරීමට අදහස් කරන බව ඇසූ මොහොතේ සිට ඒ සඳහා උනන්දුවෙමින් අප දිරිමත් කල, පසුබිමි සංගීතය සඳහා අවශ්‍ය වාදනයක් සකසා දීමෙනුත්, බයිලා රචනයෙන් සක්‍රීයව දායාක්ත්වයක් ලබා දීමෙනුත් අපේ හිතවත් පත්තර මල්ලි දුන් සහයෝගයටත් අපි විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනව.
ඒ වගේම අපත් සමගම මේ කටයුත්ත ආරම්භයේ සිටම රැඳී සිටිමින් වඩා සුදුසු සහ පහසුකම් උපරිම වූ වෙබ් අඩවියක්, ටෙම්ප්ලේට් එකක් සොයා ගැනීමට වෙහෙසවෙමින්, බයිලා මඩුව අඩවියෙහි සියළු තාක්ෂනික පරිපාළනයන් හා සම්බන්ධීකරණයන් සිදුකරමින් මේ කටයුත්ත සාර්ථක කරගැනීමට තිරය පිටුපස සිට අති විශාල ශක්තියක් වූ හිතවත් ප්‍රොෆයිල් ඇනෝ නොහොත් විනිවිද බ්ලොග් අඩවියෙහි ඇනෝනිමස් සහෝදරයාටත් මේ අවස්ථාවේ අපගේ විශේෂ ස්තූතිය පුද කරනව.
අවසාන වශයෙන් මේ කටයුත්තෙහිදී අප හට නන් අයුරින් සහය වූ සහ සහභාගී වූ, මෙහි සඳහන් නොවු තවත් සිය ගනනක් හිතවතුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමින්, වඩාත් සාර්ථක සහ සංවිධානාත්මක බයිලා මඩුවකින් එළඹෙන සැප්තැම්බරයේ හමුවෙන් අදහසින් අපි සමුගන්නව, ඔබ සැමට සුභ අනාගතයක්.
සභාවේ පසුපස -
අරූ; අඩෝ ඉන්දිකය තෝ මගේ නම කිව්වෙ නෑ මම තුනේම බයිල කියලත් නේද?
ප්‍රසා; යකෝ මම බයිල හතරක් කියල මේක මගෙ නම කියලත් නෑ.
ගොසිප් ලංකා; මම හිතුවෙ ඊලඟ බයිල මඩුවට පොඩි සප් එකක් මගෙ සයිට් එකෙනුත් දෙන්න. කොහෙද බං මූ මගෙ නම නිකංවත් කියල නෑනෙ.
ජීවන & මනෝගෙලොකෙ දෙදෙනාට විචාරක; වැඩක් නෑ අයිසෙ. ඒකනෙ මම එකක් කියල ආවෙ. නිකං උන් විතරයි නටන්නෙ, අනික් උන්ට තැනක් දෙන්නෙ නෑ.
අටම්පහුර කෙන්ජිට රහසින්; මුන් වෙලාවට ඕක වර්ඩ්ප්‍රෙස් එකේ තිබ්බෙ, නැත්තං නිකන් අපි නෝන්ඬි වෙනව එනව කියලත් ගියෙ නෑ කියල
හැළපේ විසින් ආතල් ඇනෝට; අපරාදෙ බං, උඹ කිව්ව විදියට ගෝලිප් එකයි අර මං ගෙනාපු බ්ලැක් ලේබල් එකයි ගහල අපි දෙන්නට වැල්ලට ගියානං මීට ආතල් එකක් ගන්න තිබ්බ.
කුරුටු ගෑ ගී පවුර; මූ ඕනකමින්මයි මගේ නම හලල තියෙන්නෙ. තොපි කියහන්කො ආයි බයිල, අපෙ බල්ලව දානව උඩු බුරන්න.
වෙනිවැල් තිස්ස දොඩංට ; වෙලවට ඕක ටිකක් අල උනේ. මම භයේ හිටියෙ අර දෙමළ ණයා කුණු කානුව මගෙ පැත්තට හරවයි කියල.
දේශකයා ; අඩෝ උපේ, තොට මගෙ නම කියන්න බැරි උනා නේ? උඹ වරෙන් මාතර, මම දේශිකාට කියල තොට...!@!$@%@$^#
සහෝදර; ඇර දේශ ඇර.
මහේෂ් රත්නායක : ( සූර් වී කෑ ගසන දේශා දෙස බලා - දෑතේම ඇඟිලි කටේ දාං විසිල් ගසයි. ඇඟිලි දිගේ කෙළ එනවා මිස සද්දයක් නැත )
තෙලිදියවාඩිය විදානේට ; වෙලාවට මම වැඩ කියල නාවෙ.නැත්තන් මුන්ගෙ මේ එළිසම නැති කළිසං බයිල වලට සෙට් වෙලා මටත් නාන්න වෙන්නෙ.
විදානේ තිලිදියාට; ඔව් බං. මාත් දෙමළෙන් සුන්න පූග කියල ලියල දැම්ම වෙලාවට කාටවත් තේරෙන්නෙ නෑ.