ගිය මැයි මාසෙ තිබ්බ අම්මගෙ උපන්දිනේට සුභ පැතුවට මොකද ඊට දින කීපෙකට පස්සෙ ආපු තාත්තගෙ උපන්දිනේ අමතකවෙන්න ඉඩ ඇරල කරපු වරද කොයි
තරම් ලොකුද කියල මට හිතුනෙ අද උදෙයි.
අවුරුදු හැත්ත හතරක් ඉවර වෙන තාත්ත අපෙන්
Happy Birth Day Dad..! කියල කාර්ඩ් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ කවදාවත්ම කියන එක මම
හොඳිම්ම දන්නව. ඒත් දුර රටක ඉන්න තමන්ගෙ ලොකු පුතා උදේ කතා කරල "ඔන්න තාත්තටදැන්
හැත්ත හතරයිනේද, ඒ කියන්නෙ ලොකු සීය කෙනෙක්" කියලවත්
ඇහුවනම් කොයි තරන් නං සතුටක් හිතෙයිද?
ඇත්තටම දූලට පුත්තුන්ට තාත්තලගෙ ඔය වගේ දේවල්
අගය කරන එක බොහෝවිට අමතක උනාට ඒක එහෙම නොකකරොත් ඒ අයගෙ හිතට කොයිතරන් සතුටක්ද කියන
එක අද කවදාවත්ම නැති තරන් හිතුනෙ මේ පාර මගෙ අතින් ඒ වැරැද්ද උන නිසාද!
කොහොම උනත් තාත්තෙක් හැටියට මගේ තාත්ත දිහා
බලන්න මට කියල දුන්නෙ, මග පෙන්නුවෙත්, මම සාමන්‍යෙන් උපන්දිනේ ගැන
මීට කලින් බ්ලොග් එකේ නොලිව්වට ඒ ගැන ලියෙව්වෙත් මගේ
ලොකු පුතා.
වෙනද උපන්දිනේට කාර්ඩ් එකක් අරන් ඒකේ පුතයි අම්මයි හරි, අම්මටනං මායි පුතයි හරි යමක් ලියල දෙන එක තමයි
කරන්නෙ. ඒත් මේ පාර මම පහුගිය දොහක කියපු දෙයක් කණට ගත්තු අවුරුදු පහේ පුංචි එකා මට
සුභ පතන්න අපූරු නිර්මාණක් හදල.
ඇත්තටම අද උදේ මම රාජකාරියට එන්න සපත්තු දාද්දි
පිටිපස්සෙන් ඇවිත් බෙල්ලට බදාගෙන "හැපි බර්ත් ඩේ කියල" කනට කරල කියල මේ පිතූරෙ
දුන්නම ඇස් දෙකට කඳුළු පිරුනේ නෑ කියන්නෙ මොකටද?
මීට දවස් දෙක තුනකට ඉස්සර මම කියපු දෙයක්
ඇහිල මගෙන් ඇහුවට "කවද්ද තාත්තගෙ බර්ත් ඩේ එක " කියල, මම හීනෙකින්වත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. කොටිම්ම ඊයෙ උදේ මට කියල මොණරෙක් ඇඳ ගන්න කියල අත කොලේක ඇඳගත්තෙ මෙහෙම
අදහසකින් කියල කොහොම හිතන්නද!
ඔය උඩ ඉන්න මොණර පවුලෙ විශේෂය තමයි එතන මගේ
අතයි,
අම්මගෙ අතයි, ලොකු පුතා නොහොත් ලොකු
බාහුගෙ අතයි, චූටි මල්ලිගෙ අතයි හතරම තියෙනව. ඔය කොළ ටික
අම්මගෙ කැබිනට් එකේ දාල තිබ්බ මල් බොකේ එකකින් ගලවගෙන. වැඩේට උදව් වෙන්න ගෙදර වැඩ්ට
ඉන්න උන්දැටවත් රස්සාවට යන අපි දෙමහල්ලනටවත් නොකිය තනිමයම කරගෙන තියෙන හැටි අපූරුයි
නේද?
ඉතින් මේක දැක්කම මට "මං වෙනුවෙන් මේ
නොදන්න පොඩි පැටිය මෙච්චර දෙයක් කරාට ඇයි මම
මගේ තාත්තට නිකංවත් කෝල් එකක් නුදුන්නෙ" කියල හිත බර වෙන එක..! මෙහෙම උනාම එහෙම හිතෙන එක සාධාරණ උනාට ඒ අසාධාරණ වැඩේ සමනය කරගන්නෙ, මේ හිතට වද දෙන සිතුවිල්ලෙන් මිදෙන්නෙ මොනා කරලද?