ලක්බිම කියන්නෙ මම ගොඩක් කල් ඉඳන් කියවපු, අනික් පත්තර වගේ
බොරුව මිථ්‍යාව වපුරන්නෙ නැතිව තරමක් දුරට මැද මාවතක ගිය ( මෙහෙට පත්තර ගේන එක නතර
කරල හින්ද දැන් අවුරුද්දක් විතර වෙනව කියවන එක නතර වෙලා - ඉතින් මැද මාවතේ යන කියන
වචනෙ ලියන්න බෑ ) පත්තරයක්.
කොටිම්ම ඔය කතන්දර කියන උන්දැ ලියාපු ලිපියක් ලක්බිමේ තියෙනව
දැකල තමයි මම සිංහල බ්ලොග් ගැන මුලිම්ම ඇහුවෙ සහ
සිංහල බ්ලොග් හොයගෙන එන්න පෙළඹුවෙ. ඉතින් මගේ බ්ලොග් ආගමනයට මුල් වුනු එක හේතුවකුත්
ලක්බිම.
අනික් පැත්තෙන් මේ මැයි මාසෙ කියන්නෙ අමාරුවෙන් ලිපි එකසිය
තිහක් විතර ලියල ඇදගෙන ආපු මගේ සැහැල්ලුව බ්ලොග් එකේ හතරවෙනි සංවත්සරේ යෙදෙන මාසෙ.
ඔන්න ඔය මැයි මාසෙ මම මගේ බ්ලොග් එකේ දාපු “සුනිල් පෙරේරාගේදුන්තෙල් බත් දන්සැල “කියන ලිපිය මගේ ප්‍රියතම සහ මට බ්ලොග් වලට පාර පෙන්නපු ඉරිදලක්බිම මේ පහුවෙච්චි මැයි දහ අටවෙනි ඉරිද රිද්ම අතිරේකයෙ දාල!
හැබැයි කාරණාව කියන්නෙ අදාල කතාව දාල තීන්නෙ මගේ පරම්පරාවෙවත්
නැති කාගෙද මන්ද එකෙක්ගෙ නමක් ලොකුවට දාල මිසක් මගේ නම හෝ බ්ලොගේ ගැන සඳහනක් කරල එහෙම
නෙමෙයි.
එක අතකින් තමන්ගෙ ලිපියක් ප්‍රධාන ධාරවෙ තම්න් කැමති වර්ගෙ
පත්තරේක යනකොට එන සතුටයි, ඒක වෙන කෙනෙකුගෙ නම ගහල, මගේ නම තිබ්බ කොටස්
කපල අමු අමුවෙ හොරකන් කරල කියල දැක්කම දැණුන කළකිරීමයි අතරෙ හැඟීමක තමයි මම පහුගිය
දවස් දෙකේ හිටියෙ.
කොහොම උනත්, ලක්බිමේ අය්යල මට දුන්න ගේමට ගැලපෙන ගරිල්ල
රිටන් එකක් දෙන්න මමත් තීරනය කලා.
දැන් කාට හරි ඔය "ඉරිදා ලක්බිම පුවත්පත් කතුවරයා හොරකම්
කල හැටි" කියන හෙඩිමෙ “පුවත් පත් කතුවරයා” කියන වචන දෙක කෙටි
කරල අතර මැදට තිතක් තියල කියල පෙනුනෙ නෑ කියනවනං, මට කියන්න තියෙන්නෙ
අච්චර අර ලක්බිම පත්තරේ මහත්තයලට මේ කතාව ලිව්වෙ ඉන්දික උපශාන්ත කියන එක නොපෙනුන එකේ
ඕකත් ගනං ගන්න තරං දෙයක්ද කියල විතරයි.
මේ දේ ගැන ඔත්තුව මුලිම්ම දුන්න වී පොකුරෙ වීයටත්,බ්ලොග් දන්සැලක්
දාලද අහපු අරූ සහෝදරයටත් ස්තූතියි!
ප/ලි
සහෘද බ්ලොග් රචක රසික සූරියආරච්චි මහතා විසින් මේ සිද්ධිය පිළිබඳව ඉරිදා ලක්බිම ප්‍රධාන කතෘ අනුර හොරෙෂස් මහතාගෙ සහ කතුමඩුල්ලේ තිස්ස ප්‍රේමසිරි මහතාගේ පුද්ගලික ඊමේල් ලිපිනයන්ට අද (මැයි 21 දින ) උදෑසනින්ම දීර්ඝ සහ සවිස්තරාත්මක ඊමේල් ලිපියක් යවා තිබිනි.
එයට පිළිතුරු ලෙස අනුර හෝරේෂස් මහතා විසින් " රසික...ඔබට ස්තුතියි මේ විස්තරයට. මම මේ ගැන සොයා බලන්නම්.! - අනුර හොරේෂස්." යනුවෙන් පිළිතුරක්ද එවා ඇත.
රසික, ඔබ කල ක්‍රියාව සහෘද බ්ලොග් කරුවෙකු වෙනුවෙන් කල උපකාරයකට වඩා සමස්ථ සිංහල බ්ලොග් රචකයන්ගේම අයිතියක් වෙනුවෙන් නොපමාව කල මැදිහත්වීමක් සහ මෙහෙවරක් ලෙස දකිමි. ඔබට බොහොමත් ස්තූතියි!
ප/ ප/ලි
පසුගිය මැයි 21 දින අප හිතවත් ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරිය මහතා විසින් මේ ගැන ලක්බිම ඉරිදා සංග්‍රහය ප්‍රධාන කතෘ "නිහාල් පීරිස්" මහතාගේ පුද්ගලික ඊමේල් ලිපිනයට දීර්ඝ ඊමේල් පණිවුඩයක්, ඒ වනවිට මෙහි පලව තිබූ 96 වූ කමෙන්ට්ස් ද සමඟ සටහන් කර යවා ඇති අතර එයට පිළිතුරු ලෙස "නිහාල් පීරිස්" මහතා විසින් "Dear Henry, I have already taken action on this. A correction will be published next week (2 June) Ridma. Pl inform ur friend as well. Rgds, Nihal." ලෙසින් පසුදින (22) පිළිතුරු එවා තිබුනි.
හෙන්රි, නැවතත් මා පැවසන්නෙ ඔබද මෙය මිතුරෙකුට කල උපකාරයකට වඩා සමස්ථ සිංහල බ්ලොග් රචකයන් වෙනුවෙන්ම කල මැදිහත්වීමක් සහ මෙහෙවරක් ලෙස මා සිතන බවයි. ඔබටත් ඒ වෙනුවෙන් මගේ ප්‍රණාමය!
(මේ පින්තූරෙ කම්මැලිකමට ඇනෝනිමසයාගෙන් ඉස්සුවෙමි.)
පොරොන්දු වෙච්චි විදියටම ඉරිද ලක්බිමේ මේ ගැන නිවැරදි කිරීමක් සටහන් කරල තියෙනව. ඒත් ඒ සටහන නිවැරදි එකක්ද කියන ගැටළුව දැන් ඇතිවෙලා තියෙනව.
මේ ගැන මේ මොහොතෙ කතන්දරගෙ අඩවියෙ ඔහු විසින් අගනා උපැහැරනයක් සහිතව ලිපියක් ලියල තියෙනව. ඒ වගේම මේ ඉඳුරුවේ ආචාරියා වගේ වෙච්චි නිහාල් පීරිස් මහත්තයට මේ ගැන වෙනම ලිපියකින් දැනුම් දෙන්නත් බලාපොරොත්තුවෙනව. ඒත් මේ නිවාඩු කටේ වැඩ ගොඩගැහිල නිසා තමා සේරම විනෝදාංශ අතෑරෙන්නෙ.
මේ කාරණවෙදි මට උදව් කරපු, අදහස් දක්වපු සහ පොදුවේ සියළු බ්ලොග් කරුවන්ට අනාගතයේ ඇතිවිය හැකි ගැටළුවක් වෙනුවෙන් එකතු වූ සැමට ස්තූතියි...!!.