ඊයෙ හදිසියට දාල දුවල කතාව කියා ගන්න බැරි උනානෙ. දැන් ඔන්න
මුතු සම්බන්ධය දාල පටන් ගමු. ඊයෙ ටික බලාගන්න බැරි උන අය ටක් ගාල ගිහින් බලල එන්න.
ඔය කාණුවෙන් මාලු අල්ලගෙන අපි ඉන් පස්සෙ යනව තව කාණුවකින්
පණුවො අල්ලන්න. ඒක තිබ්බෙ ගල්වල පාරෙ මුල.
ඔය ගල්වල පාර කිව්වට දැන් එහෙම එකකුත් නෑ. ඒකත් වෙනස් වෙලා.
දැන් තියෙන්නෙ උද්‍යාන මාවත කියල.
ඒකත් අපූරු සිද්දියක්. මොකද ඉස්සර ඔය පාරෙ තිබ්බෙ මහ වලක්.
අපේ තාත්තල කියපු විදියට කොළඹ වරාය හදන්න ගල් කඩාපු වළවල් වලින් එකක්. පස්සෙ ඔය
වල දෙ.ග.නස කුණු වල වෙලා.
අපි පොඩි කාලෙ දෙහිවල ගල්කිස්ස නගර සභාවෙ කුණු ඔක්කොම ආපු
බේරුවල් බොක්ක තමයි ඔය ගල් වල. ඒක මහ විසාල හරිම ගැඹුරු වලක්. මම හිතන්නෙ අවුරුදු දහයක්
වත් කුණු දාන්න ඇති වල පිරෙන්න. කුණු දාල අතර මැද පස් දාපු නිසා ඒ ලඟින් යන්න පුලුවන්
උනා. ඔය වලේ කුණු පිරුනට පස්සෙ උඩින් පස් දාපු නගර සභාව එතන හැදුව පොඩි ළමා උයනක වගේ
එකක්. සී සෝ ටිකක්, ඔන්චිල්ලාවක් එහෙම
හයි කරල. පස්සෙ පාරෙ නමත් වෙනස් කරා “උද්‍යාන පාර” කියල. කොහොමද ටිකිරි
මොළේ.
ඔය ගල්වලෙත් තිබ්බ පොඩි වලවල් වල අපේ ඉඳිආප්ප වත්තෙ සෙට්
එක එහෙම මාලු බෑව. ඒත් වළ ගැඹුර නිසා අපිට යන්න තහනම් කලාපයක් ඒ කාලෙ. පස්සෙ අපි ලොකු
වෙනකොට වළ ගොඩ වෙලා.
ඒත් ඕකට අපි වෙන විකල්පයක් හොයාගෙන තිබ්බෙ. ඔය පාර අයිනෙ
තිබ්බ ප්‍රසිද්ධ ගල් වල තරම්ම ගැඹුඅර නැති තව පොඩි ගල් වලක් තිබ්බ ගල්වල පාරයි චක්කින්දාරාම
පාරයි අතරෙ තිබ්බ අතුරු පාරක. අපි මාලු බෑවෙ ඒකෙ.
බිලී කොකු වෙනුවට නවාපු ආය කට්ටක් සරුංගල් අරින්න ගේන නූලක
ගැට ගහල කොක්කට බත් ඇට අමුනල වතුරට දාන පරක්කුවට ඒ මොඩ මාලු ඇම කනව. මොකද පාලු තැනක
තිබ්බ ඒ වලේ මාලුන්ට බත් වගේ කෑමක් හම්බ උනාම මෙලෝ සිහියක් නෑ.
හැබැයි එකේ දෙක් පන්ති වල උන්න අපි මාලු බෑවෙ උයන් කන්න නෙමෙයි, තනිකරම ආතල් එකට.
ඒ නිසා අල්ලන මාලුවො පරිස්සමින් ගලවල කලින් ලෑස්තිකරන් ඉන්න
වතුර පුරෝපු ෂොපින් බෑග් එකට දාල අරගෙන ගිහින් අර ලුම්බිණි කානුවට හරි වෙන කානුවකට
හරි දාල උන් යන දිහා බලන් ඉන්නෙ පුදුම සතුටකින්. ඉඳ හිට ඔය මාලු ගොඩේ ලස්සන එකෙක් අහු
උනාම ඌව ගෙදර ගෙනාවත් පස්සෙ ඒක අතෑරල දැම්ම මොකද ඒ වල් මාලු අර ගප්පි ප්ලේටි එහෙමත්
බුදින්න ගන්න නිසා.
ඉතින් ඔය වගේ නසරාණි වැඩ හැට හුටාමාරක් නැට්ටට කිරි උරන්නත්
කලින් ඉඳන් කරන්න මාත් එක්ක සෙට් වෙලා උන්න එකෙක් තමයි රොෂානය.
ඌ කොහොමින් හරි අන්තිමට හේන විද්‍යාලෙ බාලාංශ පන්තියෙ මාත්
එක්කත් එකට වැටුන. අපිට බාලාංශෙට හිටියෙ කාන්ති මිස්. එයත් සිරිමල් උයනෙමයි. අපේ අම්මලව
අඳුනවත් එක්ක. ඒ හින්ද ටීචර් මට හරි ආදරෙයි කියලයි මට හිතුනෙ. ඒත් ගොඩක් පස්සෙයි තේරුනේ
ඒ ටීචර් කොයි ළමයටත් එක වගේ ආදාරේ ගුරු මෑණියක් කියල.
කොටිම්ම මම ටීචර්ගෙ අත හපල මේසෙ යට රින්ගල හිටියම ටීචර්ම
මට ටොෆියක් දීල එලියට ගත්තු බව අම්මට කියල තිබ්බෙත් ටීචර් නෙමෙයි. ඒකත් පන්තියෙ වෙන
හාල්පාරුවෙක් උන්ගෙ අම්මට කියල ඒ ඇන්ටි තකහනියෙ ඇවිත් කෝප්පෙ හෝදල මගෙ වරුනනාව කියපු
නිසා ගෙදරට ආරංචි උනා මිසක් ටීචර් කටක් හොල්ලල නෑ අම්ම ඇහුවමත්. අනේ එතුමියට දීර්ඝායු ලැබෙන්න ඕන!
කොහොම හරි ඔහොම ඉඳල පහේ පන්තියෙන් පස්සෙ අපි එක එකා
එහෙට මෙහෙට විසි උනා.
ඉතින් ඒ රැල්ලට අහුවෙලා රොෂානයයි මායිත් දහම අනුව වෙන්න ඕන
විදියට වෙන් වෙලා ගියා. වෙලාවටම වගේ ඒ දවස්වලම උගෙ එච්චරකල් රට හිටිය කියපු තාත්ත ඇවිත්
මුන්ව අර හිටපු ගෙයින් වෙන දෙහිවල පැත්තෙ ගෙදරකට එක්ක ගියා.
ඔහොමඔහොම කාලයක් ගිහින් සා පෙලට නුගේගොඩ පොඩි ගෲප් ක්ලාස්
එකකට ගියාම මෙන්න අර ජිල් බෝල ගහපු රොෂානයත් එතන.
කාලෙකට පස්සෙ දැක්කම අඳුන ගන්නත් අමාරු සයිස් එකට මිත්‍රය
වෙනස් වෙලා. ඒත් පරණ හිතවත්කම වෙනස් වෙලා තිබ්බෙ නැති හින්ද අපි දෙන්නම
ආයි පුරුදු විදියට ඉඳ ගත්තෙ එක පේළියෙ.
ඔන්න ඔය පන්තියෙදි තමයි මාට්ටු උනේ මූ මේ නොදැක හිටිය අවුරුදු
කීපෙට හිමීට ලිංගෙ හලල කියල. වැඩේ පත්තු උනේ මෙහෙමයි.
ඉගැන්නිල්ල ඉවර වෙලා යන්න කිට්ටුව සර් කාරය කාර්ඩ් බෙදනව
නම කිය කිය.
ලස්සන අවලසන්න කෙල්ලොන්ගෙ කාර්ඩ් මුලින්. පස්සෙ අපේ.කොල්ලොනගෙ
නම් එක දෙක කියල “රොෂාන් විජේරත්න... “ කිව්වම මෙන්න මූ
ටක් ගාල අත් ඉස්සුව!
මම ෆුල් කොර. කොටින්ම නැගිට ගන්න බෑ. ඇයි යකෝ දහම් පාසලේ
රෙජිස්ටරේ, ඉස්කෝලෙ, හැම තැනම තිබ්බෙ මුගෙ නම "රොෂාන් ලිංගරත්නම්"
කියල. එහෙම එකා එක පාරටම විජේරත්න වෙලා!
කොටිම්ම මුගෙ ලිංගෙ හැලිල, රත්න විතරක් ඉතුරුවෙලා.
පස්සෙ හිමීට ඇහුවමයි සීන් එක ඌම කිව්වෙ.
පොඩි කාලෙ අපිටගානක් නැති උනාට මූ ගිය ලොකු ඉස්කෝලෙ උන් නමේ
ලිංගෙ කෑල්ල නිසා කොල්ලව බයිට් එකට අරන්. උන් නම වෙනස් කරල අර අහුබුදුගෙ බාප්පගෙ පුත
මීජයා වගේ.
ශිෂ්‍යත්වෙට පොලිෂ් වෙලා හයේ වෙනකොට සිංහල ටිකක් හොඳට පුළුවන්නෙ.
ඉතින් කොල්ලො දන්න ශිල්ප දාල මේ අලුතින් ඉස්කෝලෙට අව එකාගෙ
අමුතු නම සභ්‍ය විදියට “ලිංග රත්න - මැණික් පකා” කියල කටට පහසුවට
වෙනස් කරල.
ටික දවසකින් මේක “මැණිපකා” වෙලා… ආයි
පස්සෙ “මණිපකා” වෙලා.
දැං ටීචර්ල ඉන්න තැන්වල "පනිමකා" නැති තැන “මනිපකා”.
ඉස්කෝලෙ කොල්ලො මූට මෙහෙම “මණිපකා” කිය කිය සවුත්තුව
දාන නිසා කොළුව ගෙදරට කම්ප්ලේන් කරල.
පස්සෙ අම්මල ඉස්කෝලෙට ඇවිත් කතා කරලත් ටීචර්ලට කොල්ලොන්ගෙ
වල් කටවල් වහන්න බැරි උන තැන, තාත්ත පතරේ ඇඩ් දාල මහ ගේමක් දීල මුගෙ නම අම්මගෙ වාසගමට මාරු
කරල.
ඉන් පස්සෙ මූව වෙන ඉස්කෝලෙට දාල අර අලුත් නමත් එක්ක.
මොකද සිංහල සමාජෙට අර දෙමළ ලිංගෙ විහිළුවක් උන නිසා.
මට මේ කතාව මත් උනේ රසල් පීටර්ගෙ වීඩියෝවක් බැලුවම. මොකද
මිනිහටත් ඉන්නවලු ඉන්දියන් යාලුවො දෙනෙක් එකෙක් "සක් දීප්", අනික "හාර්දික්".
මේ නම් ඉංග්‍රීසියෙන් ලිව්වමවෙන දේ කියන්න ඕන නෑනෙ.