Tuesday, November 12, 2013

ලිංගෙ අයින් කරපු රොෂාන්...!



 මම ප්‍රාථමික අධ්‍යාපනය, එහෙම නැත්තන් මුල්ම කාලෙ ඉස්කෝලෙ ගියෙ ගලික්ස්සෙ හේන විද්‍යාලයට. හේන විද්‍යාලෙ කිව්වට ඒකෙ හරි නම හේන පාර කනිෂ්ඨ විද්‍යාලය. අද අවෙනකොට හේනක් තියා කැලයක් වත් නැති ගල්කිස්සෙත් ඉස්සර හේන් තිබිල තියෙන හින්ද වෙන්නැති ඒ පාරට ඔය නම ලැබුනෙ. කොහොම උනත් දැන් ඒ නමින් ඉස්කෝලයක්වත් නෑ, ඒත් පාර එහෙමම තියෙනව. මොකද ඒ ඉස්කෝලෙ දැන් නම ලළිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය. කොටිම්ම ඒක දැන් ප්‍රාථමිකයකුත් නෙමෙයි.

ඉතින් ඔන්න ඔය ඉස්කෝලෙ බාලාංශෙටත් කලින් ඉඳම්ම මට හම්බ උන මිත්‍රයෙක් තමයි රොෂාන්. මිනිහ හිටිය සිරිමල් උයන පාරෙ සර්වෝදෙ ප්‍රෙස් එක පිටිපස්සෙ ගේ අපේ ගෙට හූවක දුරින් තිබ්බ නිසා නෙමෙයි, ඒ අපි ඉස්කෝලෙට කලින් එකම දහම් පාසලේ ශිෂ්‍යයො උන නිසා.

අපි දෙන්නම ගේ කිට්ටුව තිබ්බ පරම ධම්ම චේතිය පිරිවෙන පහු කරල ගියෙ ඈත තිබ්බ චක්කින්දාරාමෙට. ඒක මටනම් අදටත් නියම හිත නිවන "පන්සලක්". මොකද වාහන සද්ද ලොකු, දායකයන්ගෙ විකාර වැඩ නැති හොඳට ඉඩ තියෙන ගස් මල් පිරුන නියම සොඳුරු පන්සලක්. හැබැයි පන්සලේ එක මායිමක තිබ්බෙ ලුම්බිනි ඇක්වේරියම් එක.

ඔය පන්සල එහා පැත්තෙ ඇක්වේරියම් එකක් තිබ්බ එක වගේම ඒකෙ නම බුදුන් උපන් ලුම්බිනිය වීමත් අමුතුයි වගේ උනාට අපිටවත් පන්සලටවත් අවට අයටවත් ඒක අවුලක් උනා කියල දැනුනෙ නෑ.

ලුම්බිනි කියන්නෙ ඉස්සර ලංකාවෙ තිබ්බ ලොකුම ඇක්වේරියම් එකක්. ප්‍රධාන කාර්යාලයයි ෂෝරූම් එකක්යි තිබ්බෙ බම්බලපිටියි. අදනං ඒ බිල්ඩිමුත් නෑ.

මම හිතන්නෙ දැන් ලුම්බිනි ඉඩම කට්ටි කඩල විකුනල. ඔය ඇක්වේරියම් එක තිබ්බ ඉඩමත් පන්සල් වත්ත තරම්ම විසාලයි. ඒකෙ මුල චකින්දාරාම පාරට, අග ගල්වල පාරට. ඔය විසාල ඉඩම මැදින් ගලනව මහ ලොකු කානුවක්.

වැහි දාට ඔය කාණුවෙ ගල්වල පාර පැත්තෙ කොන, ඒකියන්නෙ වතුර පහලට ගලන තැන අපි පෝලිමේ බලන් ඉන්නව සිලි සිලි බෑග් තියාන අර ඇක්වේරියම් එකෙන් එලියට පැනල කානුව දිගේ නිදහස හොයාන යන විප්ලවකාරි ගප්පි ස්වෝර්ඩ් ෆිෂ් , ප්ලේටි වගේ මාලු අල්ලගන්න. සුදු සරොන් ඇඳල, කොක්කු ටික වගේ පොඩි උන් පේලියට කානුව අයිනට එබිල ඉන්නව, ඒ අස්සෙ මම වගේ එකෙක් දෙන්නෙක් කාණුවට බැහැල තාප්පෙ අස්සෙන් එබිලත් බලනව. ඒත් කවදාවත් කවුරුවත් ඒ තාප්පෙන් එහා ලුම්බිනි වත්තෙ අර මහා ටැන්කි ගොඩ බලන්න ගියෙ නැත්තෙ වත්තෙ ඉන්න බලු රංචුව නිසා.

ඔය කානුවෙන් තඩි රෙඩ්කැප් ගෝල්ඩ් ෆිෂ්ල අහුවුනා කියල අහල තිබ්බට අර "යෙටී" වගේ තමයි, දැකපු එකෙක් නෑ. එන්නෙම ගප්පි නැත්තන් ප්ලේටි. කොහොම හරි ඉරිදට දහම් පාසලේ පන්සිල් අරන්,
ඡත්ත මානවක ගාථාව එහෙම කියල ගෙදර යනකොට ඔය මාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන තව කාණුවකින් උන්ට කන්න රතු පණු ගුලියකුත් අරන් තමයි කට්ටිය යන්නෙ.

එහෙම ගිහින් සිමෙන්ති ලෑලි මූට්ටු කරල හදා ගත්තු බක්කි කියන ටැන්කි වලට අර මාලුන්ව දාල උන්ට කන්නත් දීල මිසක අපි කන්නෙ නෑ.

වාසනාවට අපේ අම්මත් ඕවට කෑ නොගහ නොදැක්ක වගේ උන්න මිසක අපිව උපාසකයො කරන්න ගියෙ නෑ. මොකද ඒ ගොල්ලො දැනන් හිටිය අපි දහම් පාසල් යන්නෙ බෙලි ගෙඩි කඩන්න, මාලු අල්ලන්න සහ සමිතියෙ කතා කියන්න පුළුවන් හින්ද කියල. ඔය එකක් හරි අඩු නන් ඉතින් දහම් පාසල් යැවිල්ල සුම්ම. මොකෝ අර පාලි ගාථ පද නැත්තන් කාට තේරෙනවටයැ!

දැන් මේකත් අර හැලප සීන් එක වෙලා කියන්න ආව එක නැතුව වෙන විකාර කියල. හාමිනේ සුපර් කඩේ බඩු ගන්න ගිහින්, මම යන්න ඕන එක්ක එන්න. රොෂාන්ගෙ ලිංගෙ ගැන හෙට බලමු. නැත්තං පරක්කු උනෝත් මගේ එකත් නැති වෙනව.

මේ දවස්වල අම්බානට වැඩ. ඉතින් අමාරුවෙන් තමයි මෙහෙමවත් ලිව්වෙ.


33 comments:

  1. Shit Happens Dude. Y U No Finish The Story :(

    ReplyDelete
  2. මුගෙ එක අයින් කරලද මන්දා..

    ReplyDelete
  3. මේක උඹට හරියන්නෙ නෑ. පඳුරු තැලිල්ල උනත් ටිකයි නෙව. කතාව දාපං විගහට

    ReplyDelete
    Replies
    1. තව පඳුර තියෙනව. තලන්න වෙලාවක් නෑ...හවසට බලමු ඉතුරුටික.

      Delete
  4. අපි එන්නම් කතාව කියනකොට :D:D

    ReplyDelete
    Replies
    1. හා... ( එතකොට මේ නාව වගේ ආවද ) :)

      Delete
  5. පන්සල ගාව ලුම්බිනි මාළු කඩේ තිබ්බ එකට ගානක් නෑ වගේ දහම් පාසල් යන එව්වො මාළු ඇල්ලුවටත් කාටවත් ගානක් නැතුව ඇති.

    ReplyDelete
  6. උඹ ගිය ඔය ඉස්කෝලෙටම මුලින් ගිය එකෙක් තමයි මට හිතෙන විදියට බ්ලොග් ලියන වයිල්ඩ් ලයිෆ්
    ගාමිණී.

    ගාමිණී සමරකෝන්. උඹ ගිය ඔය ඉස්කෝලෙටම මුලින් ගිය එකෙක් තමයි මට හිතෙන විදියට බ්ලොග් ලියන වයිල්ඩ් ලයිෆ් ගාමිණී. ගාමිණී සමරකෝන්.

    ඔය වගේම කානුවක් තිබ්බනේ බං නාලන්දේ අයිනේ. ඕක ඇක්වේරියම් එකකට සම්බන්ධයක් නැතුවට ඕකෙ රතු පාට මාලු ඉන්නවා. උඹ කිව්වා වගේ ගප්පි ප්ලේටි තමයි වැඩි. මම හිතන්නේ මිනිස්සු මාලු ටැංකි සුද්ද කරලා ඕකට දාලා වෙන්න ඇති ඔහොම බෝවුනේ. අපි ඉතින් ඕකේ මාලු අල්ලනවා.

    මොන හුන්නස්ගිරියක්ද යකෝ. කෝ බොල ලිංගේ? මම ඊයෙත් ගොසිප් සයිට් එකක දැක්කා චීනෙක්ද කොහෙද කුට්ටම කපාගෙන ඌට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති නිසා ඕකෙන් වැඩක් නෑ කියලා. ඌ ඒක ගේන්න ආපහු ගෙදර ගිහිල්ලා පුෂ් බයික් එකේ.

    ReplyDelete
    Replies
    1. ගාමිණී අපේ ඉස්කෝලෙ ආදි සිස්සයෙක් තමා. මිනිහ ඉඳල තියෙන්නෙ විජේපාල සර් ගෙ කාලෙ. අපි උන්නෙ ටී එස් සිල්වගෙ කාලෙ.

      ඔය මාලු මම හිතන්නෙ එකෙක් දෙන්නෙක් අහම්බෙන් වැටිල බෝ වෙල වෙන්නැති. මොකද ගප්පි ප්ලේටින්ගෙ බෝ වීම හරි වේගවත්. නැත්තන් ටැන්කි සුද්ද කරල මාලු කාණුවට දාන උන් කොහෙද බං පුංචි බොරැල්ල පැත්තෙ.

      ලින්ගෙ කපල.

      Delete
  7. බලාගෙන පෝස්ට් එක දැක්ක ගමන් අභීතයා දුවගෙන එයිද දන්නෙ නෑ.... ඌ දැන් කොල්ලො ගහනවා.....

    ReplyDelete
    Replies
    1. අභීතයගෙ ගෑනි කියන ලෑතරේ හැටි දැක්ක එකෙකුට ඌ කොල්ලො ගහනවය කියන කතාව පුදුමයට කරුණක් නෙවෙයි. කොල්ලො හොඳයි ඊට වඩා.

      Delete
  8. හිට්ස් එන්නෙ නැත්නම් පත්තරයක් එලා ගෙන හිඟාකාපන් පරයා

    ReplyDelete
    Replies
    1. හා... එතකොට මිනිස්සු හිට්ස් බෙලෙක්කෙට දාල යනවද? :)

      Delete
    2. පුක පැත්ත උඩට හරවලාම තියාගනින්, එත්කොට බෙලෙක්කෙ ඕනත් නෑ

      Delete
  9. යකෝ අපේ ඒවත් කපා ගන්න හිතෙනවා මේහෙම වෙත්දි.

    ReplyDelete
    Replies
    1. හා හා කලබල නැතුව හිටින් හවස් එනකල්.

      Delete
  10. මදැයි ට්‍රාන්ස්ජෙන්ඩර් සැපක් ගන්න ආව . . . .

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු උඹ තාම බ්ලොග් කියවනවද?

      Delete
  11. ඉස්සර හැම පැත්තෙම දොළ පාරවල් වල අඩු ගානේ සාරි ගප්පි හරි හිටියා. අපෙත් ෆේවරිට් වැඩක් තමයි.. ඔය ගප්පි ප්ලේටි අල්ලන එකයි.. කුණු කාණු වල පණුවෝ අල්ලන එකයි..

    මෙහෙම ලියන කතා රහයි.. නෝනත් අරගෙන ඇවිත් ඉතිරි ටික ලියහන්කෝ...

    ReplyDelete
  12. //මඝ මානවක ගාථාව//

    ඒක “ඡත්ත මානවක ගාථාව“.

    ReplyDelete
  13. මගෙ එක යන්තම් බේරේවා....

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails