ටැලිපෝන් කිව්වම ඉතින් කොච්චරක්නං ජාතිද? කොළඹ දිස්ත්‍රික්කෙ
දෙහිවල ගල්කිස්ස නගර සභාවෙ උනාට ඉස්සර අපේ ගෙදරට
විතරක් නෙමේ අපේ පාරට ලයිට් තිබ්බෙත් නෑ. ඒත් ඉස්සරහ ගෙදර උන්න සමරෙ අංකල්ගෙ ගෙදරට
ටැලිපෝන් තිබ්බ. පොඩි බැටරියකින් විශෙෂ බලයකුත් දීපු, වදිනකොට පාරෙ මුලටම
සද්දෙ ඇහෙන ඒ පතරංග ටැලිය එහෙට ලැබුනෙ අංකල් රාජ්‍යපරිපාලනේ ඔඩිටර් කෙනෙක් නිසා.
පස්සෙ කාලෙක ඒ තඩි ගෙඩිය අයින් කරල එතනට සුට්ටන් ඔබන ෆෝන්
එකක් ආව. ඒ වෙනකොට අවුරුදු ගනන් පෝළිම් වල ඉඳල අපේ ගෙවල්වලටත් ඒ වගේම ඔබන එව්ව ඇවිත්
තිබ්බ නිසා සමරෙ අංකල්ගෙ අර ලඩි පෝන් එකේ උජාරුව බැහැල ගියා.
ඔහොම කාලයක් යනකොට ආව සෙල්ෆෝන්. මම වැඩට ගිය මුල කාලෙම
දුන්න කම්පැනියෙන් තඩි ෆෝන් එකක්. ඒ අනූ හතේදි. ඒ කාලෙ එන කෝල් වලටත් කපනවනෙ. ඒත් අපේ
පැකේජ් එකේ එන එව්ව විනාඩියක් නිකන්. විනාඩිය බලල කෝල් එක කට්. මොකද බිල වැඩි උනොත්
පඩියත් කැපෙන නිසා. ඒත් ඉතින් බස් එකේ යද්දි ඕකට කෝල් එකක් එනකල් බලන් ඉන්නෙ. රජා වගේ
එළියට ඇදල දෙක වෙන්න කතා කරන්න.
ඉස්සර ඔය සෙල්ෆෝන් නැති උන්ට තිබ්බ ලොකුම දේ තමයි පේ පෝන්
කාර්ඩ් අරන් කතා කිරිල්ල. කහ පාට පෙට්ටි එක්ක පාරෙ හයි කරපු මෙව්ව මම හිතන්නෙ දැන්
නැත්තටම නැති වෙලා.
ඉස්සර අපේ යාලුවෙක් උගෙ ට්‍රයි කරපු කෙල්ලට මාසෙට රුපියල්
පන්සීයෙ හයසීයෙ පේ ෆෝන් වලින් කෝල් ගන්නව. අන්තිමට කෙල්ල වෙන එකෙක් බැන්ද,
මූට පාවිච්චි කරපු
කාර්ඩ් ටිකයි අපි ගහපු කාර්ඩුයි විතරක් ඉතුරු උනා.
තව "වර්ල්ඩ් කෝල්" කියල පකිස්ථාන් කම්පැනියක් කඩවල
ෆෝන් පෙට්ටි වගයක් හයි කරා සල්ලි ගෙවල කෝල් ගන්න. පස්සෙ ට්‍රයි ටෙල් ද මොකද්ද කියල
තව පබ්ලික් ෆෝන් පෙට්ටි වගයක් ආව.
ඊටත් පස්සෙ තමයි හන්දි හන්දි ගානෙ කමියුනිකේෂන් සෙන්ටර් පටන්
ගත්තෙ.
ඔය පබ්ලික් ෆෝන් සහ කමින්යුනිකේෂන් ගැන මරු කතාවක් තියෙනව.
ඇම්ඩගෙ අම්මයි තාත්තයි ලෑමට සෙට් වෙන්න උනාම සන්නිවේදනය කරේ
"කෝල් එකක් ගමුද" කියලලු.
දවසක් තාත්ත ස්මෝල් වෙලා අම්මව හොයනකොට පෙන්න නැති නිසා ඇම්ඩ
අතේ පණිවිඩයක් යැව්වලු "පුතේ පහලට ගිහින් අම්මට කියන්න තාත්තට කෝල් එකක් ගන්න කාමරේට එන්න කියනව" කියල.
ඇම්ඩ මෙසේජ් එක අම්මට කිව්වම අම්ම ඇම්ඩට කිව්වලු "තාත්තට
කියන්න අද සිග්නල් නෑ" කියල.
මේ උත්තරේ අහල මල පැනපු තාත්ත" එහෙනං උඹලගෙ අම්මට කියාපන්
මම පාරෙ ෆෝන් බොක්ස් එහෙකින් කෝල් එකක් ගන්න යනව" කියල.
ඇම්ඩ දඩ බඩ ගාල ඇවිත් සීන් එක අම්මට කිව්වලු. එතකොට අම්ම
ගේ දෙක වෙන්න උඩ හිටිය තාත්තට ඇහෙන්න කියනවලු..
"තමුසෙ ගිහින් ඕන බොක්ස් එහෙකින් කෝල් අරන් එනව,
නෙට්වර්ක් ආවම මටත්
මෙතන කොමියුනීකේෂන් එකක් දාගන්න බැරුවයැ ගමේම උන්ට ඇවිත් කෝල් ගන්න" කියල.
භය වෙච්චි ඇම්ඩ පියා පණිවිඩේ අතේ ලියල අදාල කෙනාට
යැව්වලු.
ඇම්ඩාගෙ වෙන වෙන අහ වල් කථා අහලා තිබුනට මේ කථාව ඇහුවෙ අදමයි...ඇම්ඩා වගේ එකෙක් අපේ රජකමට සුදුසු නැද්ද...මට හිතෙනවා ඒ වගේ එකෙක් හිටියා නම් රට හොද තැනකට ඒවි කියලා....
ReplyDelete+++++++++++++++++++
Deleteඇයි බං දැන් රජවෙලා ඉන්නෙ එහෙම කෙනෙක් නෙමෙයිද?
Deleteෆෝන් ඉතිහාසය නම් අමතක කරන්න බැරි තරම්. ඒ කාලේ ගෙදරක ටෙලිෆෝන් තියෙනවා කියන්නේ හරියට කොමියුනිකේසන් එකක් වගේ. අපි සෑහෙන දුකක් වින්දා ගෙවල් දොරවල් වල මිනිස්සු එක්ක කතා කරන්න. අනික ඒ කාලේ අයි ඩී ඩී කනෙක්සන් එහෙමත් ෆෝන් එකකට විතරමයි තිබුනේ. ගොඩාක් වෙලාවට ප්‍රේමවන්තයාට කතා කරන්න ඕනේ රෑ වෙලාවටනේ. ඒ කාලේට මම එක්ස්චේන්ජ් එකට රිසර්ව් කෝල් දාගෙන කෝල් කලේ. සමහර දවස් වලට වෙන තැනකින් බිල් එක ගෙවලා පිට රට කෝල් ගෙදරට කනෙක්ට් කරගත්තේ. ඒ මදිවට පෞද්ගලික දේවල් කතා කරන්නත් අමාරුයි ඇයි ගොඩාක් වෙලාවට අනිත් අය ළඟපාත ගැවසෙන නිසා. රෑට කොමියුනිකේසන් ඇරලාත් නෑ අපේ ටයිම් සෙට් වෙන වෙලාවට. පුදුම කට්ටක් කෑවේ ඒ කාලේ නිවාඩු ගියාම ලව් කරන්න.
ReplyDeleteපේෆෝන් කියලා බොක්ස් වගයක් මටත් මතකයි. රුපියල් දෙකේ කාසි දාන තව මොකක් හරි තිබ්බා නේද? අනූ ගණන් වල මුල සෙල්‍යුලර් ආවානේ සෙල්ටෙල් ද මොකක්ද නමකින්. නිවාඩු ගිය ගමන්ම ගත්තේ ෆෝන් එකක්. ඒත් ගමේ ගියාම සිග්නල් නෑ. අපේ වත්තට යන්න ඕනේ කෝල් එකක් ගන්න. ඒ කාලේ නම් පුදුම හිනා යන කතා තියෙන්නේ. ඒ කාලේ කොච්චර ආශාවෙන්ද ෆෝන් එකට උත්තර දෙන්නේ. ඒකටත් එක්ක දැන්. සමහර වෙලාවට ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා. ඇයි එකක් ඉවර වෙද්දි එකක් කෝල්ස්. ඒ මදිවට ටයිම් ඩිෆරන්ස් වරද්දගෙන කෝල් කරන එව්වා. ඒ වෙලාවට නම් පොලවේ ගහන්නමයි හිතෙන්නේ. ඒත් ගහන්නේ නෑ මොකද ආයෙත් ෆෝන් එකක් ගන්න වෙන්නෙ මගේ සල්ලි වලින්මනේ... හික්ස්.
අපෝ ඒ කාලෙ ඉන්ටර්නැෂනල් ඩිරෙක්ට් ඩයල් කියල දෙයක් තිබ්බෙම නෑනෙ. අපේ ගෙවල් ගාව හිටපු ටෙලිකොම් ඩිරෙක්ටර් කෙනෙක්ගෙ ගෙදර මහ තඩි ඇන්ටනාවක් ගහල ගැජමැටික් එකක් හයිකරල තිබ්බ අයි ඩී ඩී වලට.දෙකේ කාසි පෙට්ටි මිලිම්ම හයිකරේ ටෙලිකොම්. පස්සෙ ට්‍රයිටෙල්. සෙල්ටෙල් ආවෙ අනූ එකේ.
Deleteඒ කාලේ ෆෝන් දුන්නෙ ඇමතිගෙ ලියුමට. ඇමතිගෙ ලියුම ගන්ට පිළිමතලාවේ බඩගාන්ට ඕන අඩුගානෙ හතර පස් සැරයක්.. ඊට පස්සේ ටෙලිකොම් එකට බඩගාන්ට ඕන අවුරුද්දක් විතර...අන්තිමට ෆෝන් එක හයි කරකොට අවුරුද්ය් දෙක තුනක් ගිහිල්ලා!
ReplyDeleteඔය ඔක්කොම ලියුම් අරගත්තට පස්සෙ අරුන් කියනව ලූප් නෑ කියල. කොහොමද ඒක.
Deleteඇම්ඩා ගේ තාත්තා අවසානයේ ස්වභාවික සන්නිවේදන ක්‍රමයට ආපහු ගියා එහෙනම්!
ReplyDelete:D
Deleteඅර කතන්දර හස්ත්ද්වාරෙන් පොත් ගැහුව වගේ තමයි.
Deleteඔය කාලේ කනු වලට නැගලා එක එකාගේ ලයින් වයර් තුවාල කරලා කෝල් ගන්න පොරවලුත් හිටියා
ReplyDeleteආඅයිත් අහලා. ඉස්සර බිල් එන්නේ දහදාස් ගණන්. අන්තිමට ඉන්වෙස්ටිගේට් කරලා බලද්දි එහෙම නම්බර්ස් දන්නෙත් නෑ. ඔය එක්ස්චේන්ග් වල වැඩ කරන ටෙලිකොම් බුවාලා රෑට රෑට අපේ බිල් වලට උන්ගේ කෝල්ස් අරන් කාලේ මරන්න.
Deleteඇයි මම ඉන්න රටේ ඒ කාලේ අනූවේ මුල වගේ ටෙලිෆෝන් බූත් ලංකාවේ අයියලාගේ ගේවල් වල ගිහින් හයි කරගෙන ලංකාවට කෝල් කරනවලු. ඒ කෝල් කරන්න එන අය වෙනම අර පුද්ගලයාට ගෙවන්න ඕනෙ. ඉස්සර කාලේ මෙ අරටවලින් ලංකාවට කෝල් එකක් ගන්න හරි අමාරුයි රෙගියුලර් විදියට. ඉතින් අර ක්‍රමේ තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ.
එහෙම සීන් එකක් ඇහුවමයි. කරන්ට් එකනං කම්බි ගහල ගන්නව දැකල තියෙනව!
Deleteඇම්ඩගේ තාත්තා සිග්නල් එනකන් කණුව උඩම ඉන්න ඇති එහෙනම්..
ReplyDeleteනෑ අතින් ලියල පණිවිඩේ යවල කණුවෙන් බැහැල!
Deleteමේ කතාව ඇහුවේ අදමයි. අම්දගේ තාත්තා කෝල් එක ගන්න ගහපු ටෙන්ට් එක ගලවන්න ඇතිනේද?
ReplyDeleteඔව් තනියම දෑතේ වීරියෙන් ගලෝගෙන.
Deleteපේ ෆෝන් කාර්ඩ් අපිත් පාවිච්චි කළා. 93/94/95 වගේ කාලෙ වගේ තමා මතක. පාවිච්චි කළාම ඒකෙ තිත් වගයක් වදිනවා ඉදිකට්ටකින් වගේ එකකින්. එහෙම තමා ගාන අඩු වුනේ.. ඔය කාඩ් එකක් පර්ස් එකේ තියන එකත් ඒ දවස්වල මහ උජාරු වැඩක්.. කෙටි කාලයක් ඇතුලත මහ පෙරලියක් වෙලා නේද කියලා හිතෙනවා ආපහු හැරිලා බැලුවාම.
ReplyDeleteඔය කාලෙ මට පාරෙ තිබිල හමුවුනා කාඩ් එකක්. රුපියල් සීයෙ කාඩ් එකේ හැත්තෑ ගනනක් ඉතිරි වෙලා තිබුන. නමුත් කෝල් එකක් ගන්න කෙනෙක් මට නොහිටිය නිසා අවුරුද්දක් විතර ඒක පර්ස් එකේ තිබුන :-)
Deleteඔව් ඔය පේ ෆෝන් ආවෙ අනූ හතරෙ විතර තමයි. මම හිතන්නෙ වැඩිම වේගෙකින් දියුණුවෙන ක්ෂෙත්‍රයක් තමයි විදුලි සංදෙශ කියන්නෙ.
Deleteරාජ්,
අපරාදෙ අපේ යලුව හම්බ උනානං!
මම නම් හිතන්නේ මේක උඹේ නිර්මාණයක් කියලා.. කවදාවත් අහලා තිබුනේ නෑ වගේ..
ReplyDeleteඉතින් සිග්නල් එනකන් අතේ මහගෙන ඉන්න ඇති..
නෑ බං, මම අහල තිබ්බ එකක් අතින් දාල හැඩ කලා විතරයි.
Deleteපේ ෆොන් කාඩ් නං මං පාවිච්චි කරලා නෑ.. අර කාසි දාන ඒවනෙ අපේ කාලේ තිබ්බෙ.. ඒ කිව්වෙ ඉස්කොලෙ යන කාලේ.. කොහොමහරි රැපියල් 5කින් විනාඩි 5ක් විතර කතා කරන්න පුලුවන් උදේ 7ට විතර.. මට හොඳට මතක ක්ලාස් යන්න ඇවිත් නුගේගොඩින් බැහැලා, එතනින් කෝල් එකක් අරන් මලක් කඩලා එහෙම තමයි ක්ලාස් යන්නෙ.. කෝල් එක ගන්නෙ ක්ලාස් ඇරෙන වෙලාවට එන්න කියන්න.. හැබැයි රැපියල් 5ක් ඉවර කරලා තමයි ෆොන් එක තියන්නෙ... ( ඒ කාලෙ ඉතිං ගෙවල් වලිනුත් ෆොන් වලට මුර නේ... හි හි)
ReplyDeleteඅපි ෆෝන් වලින් මල් කැඩුවෙ කන්තොරුවෙ ඉන්නකොට. ඉස්කෝලෙ යන කාලෙ රුපියල් දෙකයි දවසටම දුන්නෙ.
Deleteමාත් ටෙලිෆෝන් ගන්න ඉස්සර පේ පෝන් පාවිච්චි කරල තියෙනව. ලංකා පේ පෝන් එකේ තිබුණෙ මැග්නටික් ස්ට්‍රිප් එකක්. පස්සෙ ආපු ට්‍රයිටෙල් එකේ තිබුණෙ චිප් එකක්. ට්‍රයිටෙල් එකේ කාසි දාන්න පුලුවං උනත් මමනං කවදාවත් කාසි දාල කතා කරල නෑ. ටෙලිකොම් එකෙත් කාසි දාන්න පුලුවං එකක් තිබ්බද කොහෙද. ට්‍රයිටෙල් එකනං තාමත් තියෙනව මං හිතන්නෙ.
ReplyDeleteට්‍රයි ටෙල් එක වගේම තව චිප් තිබ්බ එකක් ආව වගේ මතකයි. ඔය මැග්නට් ස්ට්‍රිප් එකේ සෙල්ලමක් දල හොරට කතා කරන්න ක්‍රමයක් කොල්ලො හොයන් තිබ්බ. ඒක නිසාද මන්ද පේ ෆෝන් වැහිලම ගියා.
Deleteකතාව නං අහල තියනව. මේ වර්ගයේ තවත් කතාවක් තමයි අර හාමුදුරු කෙනෙක් උපාසිකාවකට යවන ආනමාලු වලඳන පාත්තරේ අරගෙන එන්න කියන එක! :-)
ReplyDeleteඑහෙනං එකත් කියන්න පිංවත.
Deleteඅම්මපා මේ ඇම්ඩා තමයි ඇම්ඩා කියන්නේ. ඕකා රිංගන්නේ නැති තැනක් නැහැනේ. අපි ඉස්කෝලේ යන කාලේ තැපැල් කන්තෝරුවට ගිහින් කෝල් එකක් බුක් කලාම දෙන්නේ පැයකින් දෙකකින් විතර. සනීපයිනේ. මමත් ලිව්වා ටික කලකට උඩදී ටැලිපෝන් කතාවක්. මෙතනින් බලන්නකෝ
ReplyDeleteඔය තීන්නෙ මගෙ පත කමෙන්ටුවත් විචාරකගෙ පෝස්ට් එකේ බැබැලි බැබැලි. ඉස්සර තැපැල් කන්තොරුවෙ උන්ගෙ ඝනකම් බලන්න විතරක් නෙමෙයි උන්ගෙ කන් වලට නෑහි කෝල් එකක් ගන්නත් හෙන ගේමක්.
Delete//ඉස්සර අපේ යාලුවෙක් උගෙ ට්‍රයි කරපු කෙල්ලට මාසෙට රුපියල් පන්සීයෙ හයසීයෙ පේ ෆෝන් වලින් කෝල් ගන්නව. අන්තිමට කෙල්ල වෙන එකෙක් බැන්ද,// හි හි!
ReplyDeleteඌ මාර ආතල් දුන්න ඒ කෙල්ල නිසා. ඉස්සරහට ඒවත් ලියන්නං.
Deleteඅභියට ලෑමට සෙට් වෙන්න උනාම ගෑනිට සන්නිවේදනය කරන්නේ "මට ණයක් දෙනවද?" කියලලු. දවසක් මේ පණිවිඩේ පුතා අතේ ඇරියම ගෑනි කියල එව්වලු "උඹලගෙ තාත්තට ණයදීල මටත් වෙන්නෙ ඔබා මාමාටයි ඉන්දිකයටයි වෙච්චි දේම තමයි" කියලා.
ReplyDelete\\\\\\ඒ කාලෙ එන කෝල් වලටත් කපනවනෙ. \\\\\\\\
ReplyDeleteඑහෙම කියන්න එපා ඉන්දික..2006 වෙනකමුත් ඉන් කමින් වලට කැපුවා... ටෙලිකොම් එකේ 8 න් පස්සේ ඒකකයක් විනාඩි 9 හෝ 12 යි.. නැත්නම් 20 ක්ද කොහෙද ... මමත් කාලයක් රුපියල් 5 න් ලව් කරා බොක්ස් වල රිංගන් .. රුපියල් 5 න් දවස ශේප් ... මාර ආතල් ඒ කාලේ...
2006 අපි රටේ උන්නෙ නෑ බං. අනූවෙ අග අව මිලිටරි පැකේජ් කියල එකක්. ඒකට ත්‍රී මිනිට්ස් ෆ්‍රී.
Deleteමම ඉස්සෙල්ලාම ටෙලිෆෝන් එකකට හලෝ කිව්වේ 1978 දී. ඒ කොල්ලුපිටියේ වාලුකාරාමය පන්සලේදී. ඒක ලෑන්ඩ් ලයින් එකක්. නොම්බරේ ඉලක්කම් පහයි මගේ හිතේ. හාමුදුරුවරු කාටවත් කෝල්ස් ගන්න වෙන ටෙලිෆෝන් තියෙන තැන් වැඩිපුර නොතිබ්බ නිසා ඕක නිදහසේ තිබුනා. කෝල්ස් එන්නෙත් ගන්නෙත් නායක හාමුදුරුවෝ විතරයි. එයාට සමාජයේ බලගතු සම්බන්ධකම් තිබුනා. 1977න් පස්සේ ඔය ටෙලිෆෝන් ටිකක් පැතිරුනා. පන්සලේ ටෙලිෆෝන් එකේ කතාකරන කෑල්ල විතරක් උස්සන්න පුළුවන් විදිහට පෙට්ටියක් හදලා ඉබ්බෙක් දැම්මා.
ReplyDeleteපන්සලේ මම මහණ වෙලා නෙමේ හිටියේ...මහණ වෙලා හිටියා නම් බං ,මේ කටු කන්න ඕන නැහැ, දැන් මහානායකයෙක්...පින නෑ යකෝ...පින නැහැ.
Indika, write a bit about telephone-sex too, or even sexting!
ReplyDeleteඅපට නං ඒ කාලෙ ටෙලිපොන් කියන්නෙ මැජික් එකක්.කෝල්ස් ගන්නවනං ටවුමෙ තැපැල් කන්තොරුවෙ ඇරෙන්න ඊට මෙහා නෑ අනික ටැලිපෝන් කරන්න අයත් නෑනෙ,අනූව දශකයේ මුල වගේ ඔන්න සෙල්ටෙල් කියන ගඩොල් කැටේ ආවහම අපේ කන්තොරුවෙ ලොක්කටත් එකක් අරන් දුන්න කීයද දන්නවද ගාන රුපියල් අනූදාහයි.ඒ වුනාට ලොක්ක ඔය බර භාන්ඩෙ අතේ තියාගෙන ඉන්න කම්මැලි කමට ළඟ ඉන්න අපි කාට හරි දීල තියනව කෝල් එකක් එනකොට මට ගෙනත් දෙන්න කියල.
ReplyDeleteසිංහයට මාව මතක් වෙලා තිබ්බනේ. නොම්මරේ දැනගෙන හිටියානම් කෝල් එකක් දෙනවා...:D:D
ReplyDeleteලංකාවෙ සීග්‍ර දියුණුවක් ලබපු එකම මෑතකාලින සංනිවේදන ක්‍රමය තමයි ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන එයින් සිදුවුනේ තැපැල් සේවය අභාවයට යාමයි.
ReplyDelete