Sunday, September 22, 2013

ඡන්ද පද බැන්ද කද කවි Best cheaters and stupid losers


ඒ ඡන්දෙත් ආව ගියා. කය්යියක් පද බදින්න කියල ඉවාන් කියන අස්සෙ නලින් ලොක්ක බටර් කාලක් ගාල ගිහින් තිබ්බ. ඉතින් බටර් ටික මුඩු වෙන්න කලින් දුන්න පොඩි ට්‍රයක්!


විළිලා විළිලා උතුරට හදලා දුන්නයි පලාගෙ             චන්දේ
දුවලා දුවලා පාරට දමලා දුන්නයි බැසියගෙ               සද්දේ
හිතලා බලලා හරියට ගහලා දැම්මයි දෙමළගෙ         මැද්දේ
කෙළලා කෙළලා සුම්මට දෙමළා දින්නයි අම්මගෙ රෙද්දේ

බෙදලා බෙදලා හරියට දුන්නයි ජොනියගෙ අරක්කු   සද්දේ
අඬලා අඬලා හෙමිහිට දැම්මයි සිරියගෙ පරක්කු        සද්දේ
රැකලා රැකලා හරියට ගස්සයි ෆොනියගෙ තුවක්කු     සද්දේ
කෙලලා කෙලලා දයාට වැටුනයි බැල්ලිගෙ හුචක්කු  ඡන්දේ

කියලා කියලා දුන්නට ඇහුවද අනුරගෙ අමිහිරි          නාදේ
වහලා වහලා දැම්මට මැනවද ඔහෙලගෙ බැරි බැරි      වාදේ
අඬලා දොඩලා මක්කට දෙනවද වස්සගෙ බෑඟිරි        නාදේ
හිතල බලලා අහකට යනවද ජෙප්පගෙ බැරි බැරි      උන්දේ

21 comments:

  1. දැන් ඔය ෆොටෝ එකෙයි, කවි පන්තියෙයි සම්බන්ධයක් තියෙනවද?:)

    කවි ටික ලස්සනයිනේ. පදවල අග ටික වගේම මුල ටිකේ තියෙන ගැලපිල්ල හරිම ලස්සණයි.

    ReplyDelete
    Replies
    1. රනිලගෙ අත අරන් මහින්දගෙ පස්ස නෙමෙයිද ගොඩක් මන්ත්‍රීල මිරිකල තියෙන්නෙ?

      Delete
  2. ඉතිං බොලං ඡන්දය අවසානයේ ඡන්ද දායකයා දිනුවෙ නැතෙයි...

    ReplyDelete
    Replies
    1. කොහෙද මැලේසියාවෙද?

      මෙහෙ දින්න මාසයක් හමාරක් පිණට බීපු ඉන් ටිකයි නිකන් සුනාමි ආධාර වගේ දුන්න එව්ව බෙදපු සහ එකතු කරපු උන් ටිකයි.

      Delete
  3. දයාසිරියට නම් ඕයි මිනිස්සුන්ට අමතරව බල්ලෝ බැල්ලියො විතරක් නෙවෙයි හූනෝ බකමුනොත් දීල වගේ, චන්ද්‍රිකාටත් නොතිබ්බ රැල්ලක්, දැන් මහරජා බයවෙනවා මින්හා තැනකට එයි කියලා දෙනවා බැටේ එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. අනිව. නාමල පිපෙන්නට තින ඕන බාධාවක් එකෙම්ම ගහල දානව.

      Delete
  4. //අඬලා දොඩලා මක්කට දෙනවද වස්සගෙ බෑඟිරි නාදේ
    හිතල බලලා අහකට යනවද ජෙප්පගෙ බැරි බැරි උන්දේ//
    මරු!

    ReplyDelete
    Replies
    1. හා හා පුරා ආවමයි නේද මේ පැත්තෙ?

      ඒ උනාට උන්ට උන දේ ගැන දුකයි.

      Delete
  5. හිතලා මතලා පැන්නට පාඩූව ලැබුනේ අලියා ටමනේ
    දුවලා පැනලා බෝතල් බෙදලා වෙච්චි දෙයක් අද නෑනේ
    අඬලා දොඩලා පොලොවේ හැපිලා නව තන්නත් බැලුවානේ
    කිරලා මැනලා ගේමක් ගැහුවොත් උතුරත් ලොක්කා ගෙමනේ

    ReplyDelete
    Replies
    1. නෝ චෑන්ස් මාතලන්. උතුර ලොක්කට ගන්න වෙන්නෙ නෑ කවදාවත්. මොකද මිනිහගෙ ක්‍රමේ හරි නෑ සහ වටේ ඉන්න උනුත්, ගේමට දාන උනුත් හරි නෑ. අර කේ පිය එක්ක ගියාම දෙන ඡන්දත් නැතිවෙනව හරියට සජිත් සිරිසේන කුරේ එක්ක හරි මල්ලිමාරච්චි එක්ක හරි කැම්පේන් කරා වගේ.

      Delete
  6. එළකිරි ඉන්දික ...

    ReplyDelete
  7. මේකට ගැලපෙන කමෙන්ට් එකක් මාතලන්ගේ බ්ලොග් එකේ දැම්මා.

    අන්තිමට පැරදුනේ නම් කවුරුත් නෙවෙයි අපිම තමයි....

    ReplyDelete
    Replies
    1. ඒකනං ඉතින් හැමදාම එහෙම තමයි. අපිම ගහනව, අපිම ඇහිඳිනව.

      Delete
  8. ඊලඟ පලාත් සභා ඡන්ද පෝලිම එන්න ඉස්සෙල්ලා ෆොන්සේකාගේ නඩු පෝලිම වැඩි කරයි ෂුවර් එකටම.

    ReplyDelete
  9. දයාසිරි ජයසේකරගෙ ජීවිතඅාරක්ෂාව පිලිබදව සැලිකිලිමත් වෙන්න සිදුවෙයි.

    ReplyDelete
  10. අන්තිමේ ඉතින් හැමදාම වගේ ඒ ගොල්ලා දිනුම්..

    ReplyDelete
  11. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete
    Replies
    1. අපෝ මම එක පාරක් ඔය සම්පත් බැන්කු එකවුන්ට් එකට ආධාරයක් දීල කරගත්ත. ඔස්ට්‍රීලියන් කාරයො පිච්චිචදෙන්, උන්ට කෙලවෙච්චිදෙන්, මරාගෙන මරාගෙන යන්ට අය්යා...

      Delete

LinkWithin

Related Posts with Thumbnails