අද බණ ඇසීමත් බණ දෙසීමත් අන් කවර කලෙකටත් වඩා ෆැන්සි වී ඇති යුගයකි. එහෙව් කලෙක කාලීන බණ අසන්නෙක් ගැන අපේ සුප්‍රසිද්ධ උඩුරාවණ මැතිඳුන් මුල් කොට ගෙතූ ප්‍රභන්ධයකි. මෙහි ඇති රසවත් බවත්, තියුණු උත්ප්‍රාසය සහ කාලීන බවත් සලකා බහුජන හිත සුව පිනිස මේලයකින් මහට ලැබුන මෙය මෙහි පල කලෙමු.
පසුව පාඨකයන්ගෙන් දැනගත් පරිදි මෙම ලිපිය ලියා ඇත්තේ චන්ද්‍ර අනගිරත්න නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා බව දැනගතිමි. එතුමන්ට අපේ උපහාරය!
පින්තූරය මෙතනින්
ප/ලි
අන්තර්ජාලයෙ සොයා බලන විට මීට පෙර මෙන්න මේ අඩවියේ පමණක් පලවී තිබුඅනද එකම කමෙන්ටුවක් නොතිබුනු නිසා යලි පලකරන්නට සිතුවෙමු. රචකයාට අපේ උපාහරය!
ප/ප/ලි
II පරාක්‍රමබාහු රජ ක්‍රි;ව 1266 වැන්නේදී දඹදෙනිය විජයසුන්දරාරමයේ පැවති සංඝ සම්මේලනයේ සහ සංඝ සංශෝධනයේදී එහි මූලිකත්වය ගත් දිඹුලාගල මේධංකර මාහිමියන් ප්‍රමුඛ මහ සඟ ඝන විසින් "උපාසක උපාසිකාවන්ට "ගුණ සාගරය, දාණ පතිය ආදී වශයෙන් පොළඹවා ප්‍රත්‍යාලාභ සඳහා ගිහියන්ට ශ්ලෝක ආදිය බැඳීම, උපන් රෝගයට යකුන් කෙළවීම, බලි තිබීම ආදිය බික්ශූන්ට තහනම් කොට ව්‍යවස්ථා පැනැවීය"
- කතිකාවත් සඟරා 15,17 සහ අපේ සංස්කෘතික උරුම - ප්‍රකාශනය සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්යංශය - පිට 157.
පසුව පාඨකයන්ගෙන් දැනගත් පරිදි මෙම ලිපිය ලියා ඇත්තේ චන්ද්‍ර අනගිරත්න නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා බව දැනගතිමි. එතුමන්ට අපේ උපහාරය!
පින්තූරය මෙතනින්
හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිසකැමති වෙයි කියල මේ අපේ උඩුරාවන උපාසක
මහත්තයට ප්රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.
"කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."
උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ.
හාමුදුරුවෝ - ප්රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ
කියනකොට වාක්යයෙන් වාක්යයට එහෙමයිහාමුදුරුවනේ කියන එක විතරයි තියෙන්නේ.
හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ
ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.
වටාපත මෑත් කල හාමුදුරුවෝ - උපාසක මහත්තයට එහෙයි කියන්න අමතක වෙලා වගේ යයි කියා උඩුරාවන දෙස බැලීය.
උඩුරාවන - හාමුදුරුවනේ මට හරියට අහගන්න බැරිඋනා
හාමුදුරුවෝ - ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ කෙනෙක්...
උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ?
හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ
උඩුරාවන - ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ?
හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.
උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ
හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් මන් මේ කියන්නේ.
උඩුරාවන - හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?
හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. ඔච්චර විස්තර දන
ගන්න ඕන නෑ. ඇයි උපාසක මහත්තයඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර බ්රහ්මදත්ත ?
උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස්
නුවර බ්රහ්මදත්ත කියල තමා කියවෙන්නේ. මංඅහන්නේ දැන් කියපු බ්රහ්මදත්ත කී වැනි
බ්රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයි. මොකද කියනවනම් ඔය හැම බ්රහ්මදත්ත රජ්ජුරුවෝම
ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .
හාමුදුරුවෝ - මං මේ කියන බ්රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක්
බිසෝවරු.
උඩුරාවන - මගේ බුදු අම්මෝ (උඩුරාවනට නැගිට්ටුනි, අසල සිටි උපාසක මහත්වරු උඩුරාවන
පහතට ඇද වාඩි කර වුහ.යටි සිතින්බ්රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන් පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ අනුහය දාහක්!)
හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ?
උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?
හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි
උඩුරාවන - සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් තියෙන්න නැතිව ඇති
රජ්ජුරුවන්ගේ බිසෝවරු ගණන් කර කර ඉන්නවාමිසක්.
හාමුදුරුවෝ - එහෙම දෙපාර්තුමේන්තුවක් තිබුනේ නෑ ඒකාලේ
උඩුරාවන - එහෙනම් කව්ද ගණන් කලේ?
හාමුදුරුවෝ - එහෙම ගණන් කරන්න අවශ්යතාවයක් තිබ්බේ නෑ ඒ කාලේ.
උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ
හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.
උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකාබිසව කියල හොඳ ගැනියෙක්ද ?
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...
උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ
බ්රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක්පාලනය කලේ ? උන් සන්තෝෂ කරනවා තියා
මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට තියෙයිද?
හාමුදුරුවෝ - ඒ උනාට රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.
උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ
කරන්න නැත්නම් මොකටද ඒ මගුල?
හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.
උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?
හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .
උඩුරාවන - එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගොරක ගෑනු. එතකොට හාමුදුරුවනේ එහෙම ලස්සනගෑනු දැක්ක පලියට බැඳ ගන්නවට රජ්ජුරුවන්ගේ
අම්මා තාත්තා මොකුත් කීවේ නැද්ද ?
හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ .
උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා.
බ්රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි.
හාමුදුරුවෝ - දැන් අපි බණ.
උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?
හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ .
උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්රහ්මදත්ත රජ්ජුරුවන්ට
වේලාවක් තිබුනද රට පාලනය කරන්න?
හාමුදුරුවෝ - මං දන්නෑ උපාසක.
උඩුරාවන - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන්
රජ කළා කියල.
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්රති උත්තර දෙන්න
විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ.මොකක්ද මේ කරන විකාරය?
උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ
ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්නවෙලාවක් තිබුන කියල මං කොහොමද
එකඟ වෙන්නේ.
හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?
උඩුරාවන - අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ?
කාලෙන් කාලෙට අඩු වැඩි ....
හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය
තියන්නේ නෑ. ඇහුණද ?
උඩුරාවන - (ශබ්ද නගා) එහෙයි හාමුදුරුවනේ

This comment has been removed by the author.
ReplyDeleteමේ ප්‍රබන්ධයේ රචකයා චන්ද්‍ර අනගිරත්න බවයි මගේ මතකය.
ReplyDeleteKAKA KOCHCHARA PANDITHAYEK WUNATH MEHEMA KATHAWAK WATH LIYAGANNA BAHA NEDA?
DeleteMeka chandra anagirathnage article ekak..mona rawana copy paste kalat mul liyapu kena kiwwanam hodai
Deleteකකා,
Deleteස්තූතියි කතුවරයා ගැන කල සඳහනට!
අමිල,
මම කතුවරයා හරියටම නොදැන මෙය පල කල බව සඳහන් කර තිබෙනු දකින්නට ඇතැයි සිතමි.
හ්ම්ම් ඒකනේ
Deleteබලාගෙන යනකොට උඩුරාවණ කියන්නේ මොළේ ඇති මනුස්සයෙක්...:D:D
ReplyDeleteමම හිතන්නෙ අනගිරත්න මහත්තය උඩුරාවණ උඩරැටියෙක් නෙමෙයි. කුමාරිහාමි පරාදයි!
Deleteහුටා!
ReplyDeleteපටා, සාදු වැටුනි වලටා!
Deleteඇත්තනේ බණ අහන්ඩ ගියානං බන අහන්ඩ ඕන
ReplyDeleteඒකනෙ, අර උඹ මැෂිම හදන්න අක්කගෙ ගෙදර ගියා වගේ :)
Deleteමට හිතුනා කොහොම උනත් අවසානයේ එහෙයි කියනවයි කියල නං... මටත් මතක කකා කිව්ව වගේ මේක අනගිගේ ලිවිල්ලක් කියලයි..
ReplyDeleteඇත්තටම "අනගි" ලියවිල්ලක්!
Deleteහාමුදුරුවන්ට විතරක් නෙවේ මේ කතාව අපි කිව්වනං අපිටත් මල පනින ප්‍රශන මේ අහන්නෙ.
ReplyDeleteහා...හා...කෝ ඉවසීම..ඔහොම උනොත් ගොඩ දාගන්න බෑ...මොකද අපි පරක්කුවෙලා ආවම දේවින්නාන්සෙල අහන එව්ව ඔයිට එහා!
Deleteමමත් එකක් ලියලා තියෙන්නේ "කොස් කිරන සාධු..." කියලා දැන් තියෙන එකෙන් පස්සෙ දාන්නම්...
ReplyDeleteඅර බන්ධුලය කියන මුදලාලිල කිරන ක්‍රමේට කොස් කිරන්නෙක්ද? මිනිහ කියන්නෙ හවස දෙකෙන් පස්සෙ කඩවල මුදලාලිල ගොට්ට ගොට්ට මැද්දට දාල බට්ටගෙන් අල්ලන් කිරනව කියලනෙ.
Deleteඅන්තිමට එහෙයි කිවුවා නේද?
ReplyDeleteඒකනෙ. ඕක තමයි අපිට වෙන්නෙ. විශේෂයෙන් බැඳපු උන්ට.
Delete1960 දශකයේ අග භාගයේදී තමයි අනගිරත්න මහතා මේවා ලිව්වේ. 'සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්' කියලා කොලමක තමයි ලිව්වේ රිවිරැස පත්තරේ. මට මතක් වෙනවා තවත් කතාවක්. එක හාමුදුරු කෙනෙක් හිටියලු දායකයන්ගේ ගෙවල් වලට ගියාම ලස්සන මල්පෝච්චියක්, බිත්ති ඔරලෝසුවක්, වගේ දෙයක් දැක්කම කියනවලු උපාසක මහත්තයෝ මේකනම් පන්සලට තමා හොඳ කියලා. ඉතින් මිනිස්සු බොහොම ඉවසීමෙන් ඒක පූජා කරලා දානවලු. එක සැරයක් ගමේ ආරච්චිල ගේ ගෙදර ගිහින් පිත්තල පහනක් දැකලා හාමුදුරුවෝ අර විදිහට කිව්වලු. ආරච්චිල ගෙට ගිහින් තමන්ගේ ඇඹේණිය හාමුදුරුවෝ ලඟට ගෙනල්ලා ඇහුවලු හාමුදුරුවනේ මේකත් පන්සලට හොඳ නැද්ද කියලා.
ReplyDeleteස්තුතියි පරණ මතකය අලුත් කරන මෙවැනි ලිපියක් පෙන්වා දුන්නාට.
එහෙනං එහෙනං ආරච්චිලා කියන්නැති...
Deleteකතා මැද කතා!
Deleteපරණ එව්ව අවුස්සල නහයෙ දූලි යන එකතමයි අවුල ;)
එතකොට ආරච්චිය හාමිනේව දන් දීල දාන පාරමිතාව පුරල, පස්සෙ ආයම්මට පින් දෙන්න ඇති!
කථාවනම් නියමයි ..හික්..හික්..
ReplyDeleteමේක චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ නරලොව හොල්මන් පොතේ එන කතාවක කොටසක් ..
ඔව් ඔව්, ඔයත් ඒකෙන් ලිපියක් හොරකන් කරල ඔයාගෙම වගෙ පලකරල නෝණ්ඩි උනා නේද? එදානම් කිව්වෙ ඔයා චන්ද්‍ර අනගිරත්න ගැන දන්නෙත් නෑ කියල. මතකද?
Deleteවැඩක් නෑ මචන් ඕකට කියල, දැන් ඌ (චමී4U) ඒ ලිපිය අයින් කරල විතරක් නෙවේ ඒක ගැන උගෙ වෙන ලිපිවල දාපු කොමෙන්ට් ටිකත් ඩිලීට් කරල. කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනව
Deleteචමී,
Deleteපුහුල් හොරා කරෙන් දැනේද? :)
අනේ ඇනෝ මහතුනි, ඔන්න මමනම් මුලිම්ම කිව්ව මේක මේලකින් ආපු එකක් කියල.
මම පළකරපු ලිපිය චන්ද්‍ර අනගි රත්නගේ එකක් නෙමේ ඒක ඉංග්‍රීසි ලේකකයෙක්ගේ පරිවර්තනයක්...ඒත් මම ඒක ලිව්වේ හැබෑම ඉංග්‍රීසි ලිපිය විදියට නෙමේ එකේ තිබ්බ එකට වඩා මගේ කොටස් ගොඩක් එකතු කරලා මගේම ආරකට .. චන්ද්‍ර අනගි රත්න මහත්මයා කරලා තිබුනේ පරිවර්තනයක්.. ඒක තේරුම් ගන්න බැරුව බයිලා කියපු නිසා මම ඒක අයින් කලාට ඒක %75 මගේ නිර්මාණයක් කියලා මට බය නැතුව කියන්න පුළුවන් හරිය ...
Deleteඋඹට තිබුනෙ ඒ ඉංග්‍රීසි ලිපිය හරි ඒකෙ ලින්ක් එකක් හරි දාන්න කට්ටිඅය්ගෙ චෝදනා නවතින්න. අනික කවුද දන්නෙ අනගි කියන අනගි පරිවථකයත් ලිව්වෙ උඹ ලියාපු එක බලම්මද කියල ( මොකද පහල ජයශ්‍රී මතක් කරල තියෙනව වගෙ අනගිරත්න කියන්නෙ හොඳ පරිවර්ථකයෙක් )
Deleteහික්..හික්.. නෑ බං අනගිරත්න මත්මයා ඒක පරිවර්තනය කරලා තියෙන්නේ ගොඩක් කාලේකට ඉස්සර, මට ඉංග්‍රීසි කතාවක් පරිවර්තනය කරන්න තරම් දක්ෂ කමක් නැහැ.. ඔය ඉංග්‍රීසි කතාව මම ගිය ඉංග්‍රීසි පංතියක පාඩමකදී කරපු එකක් කතාව මගේ හිතට වැදුන නිසා ඒ මතකයෙන් මගේ භාෂාවෙන් මම ලිව්වා .. එතකොට මම ඔය අනගී රත්න මහත්මයාව දන්නෙත් නැහැ.. පස්සේ ඇනෝ චෝදනාව මත මම අනගිරත්න මත්මයාගේ පොත හොයාගෙන කිවෙව්වා... ඒ පොත නම් මාරම ගති ..
Delete@චමී4යූ : "ඒක තේරුම් ගන්න බැරුව බයිලා කියපු නිසා මම ඒක අයින් කලාට"
Deleteබුවාහ්!!!!!
අනේ බන්, මගෙ කලිසමත් ඉරෙන්න යනව හිනා ගිහින්
ඇත්තමයි ඔය රජ්ජුරුවරුන්ගේ අන්තඃපුර සීන් නම් මහා ටොම් පච ඉන්දික. අරකටත් ගැහුවා මේකටත් ගැහුවා කියලා කියන උන් අදත් ඉන්නේ. බලන් ගියාම ගලක් වත් අත ගාල නැහැ උන්.
ReplyDeleteඕනෙනම් ඔය රජ්ජුරුවෝයි කියන අය බිසවටයි , කුස්සිඅම්මලා දෙතුන් දෙනෙක්ටයි කරලා ඇති..
ඉස්සර අන්තඃපුර තියෙන්න ඇති, මොකද දැනුත් තියෙන එකේ. ඒත් ඉතින් ඔච්චර හිටියනන් රජාගෙ අහවල් එක කුඩු, මොකද ගෑණු එහෙමට ඉරිසියාව තියෙන අයනෙ.
Deleteදැන් එවුන් ට්‍රයි කරල බැරි උනාමත් " අපෝ ඕක බඩුව බන්, වැඩක් නෑ මන් අතෑරල දැම්ම" කියල එහෙම කියනව .
හෆොයි සාධු ! රෙදි නෑ... වැරදුනා වැරදුනා.. සිවුර නෑ.
ReplyDeleteඔය විචාරක කියන චන්ද්‍ර අනගිරත්න මහත්මයගෙ තීරු ලිපි නරලොව හොල්මන් 1-2-3-4 කියල පොත් සෙට් එකක් විදියට පහුකාලෙ පළකලා ඔහු. ඒ පොත අනුව 1965 අගෝස්තු 01 දින ඉඳල 1967 දෙසැම්බර් අග වෙනකන් තමයි රිවිරැස පත්තරේ ඔය කොලම් එක ගිහින් තියෙන්නෙ. ඒව එකතු කරල ඔහු 1971 දි නවීන ගජබින්නාලංකාරය කියල පොතකුත් එළිදක්වල.
දැන් හාමුදුරුවරු බණ කියනකොට ධර්ම සාකච්ඡාකරන්න පොරවල් නැති එකනම් ලොකු අඩුවක් බං. :)
ඔයි පොත් හොයල ගෙනත් කිය්වන්න ඕන. කොහෙද මේ පාර වෙලා තිබ්බෙ නෑනෙ පොතක් ගන්න යන්නවත් නිවාඩු ගියාට.
Deleteදැන් හාමුදුරුවරු බණ තලන විදිය උඩ පින්තූරෙම්ම පේනවනෙ.
අසූචි වලක් දැක්කම ඌරෝ අහෝ සැපයි අහෝ සැපයි කිය කිය ඒකෙ පෙරලෙනව. ඒ වගේ තමයි අජූත පෝස්ටුවක් දැක්කහම උඩ පැන පැන කොමෙන්ටු දාන ගොයියල
ReplyDeleteඅපරාදෙ ඔහෙගෙ පිච්චමල් සුවඳ කමෙන්ට් එක :)
Deleteහෙක් හෙක්
ReplyDeleteකාටද ඔය හිනා උනේ, අර සාදුටද, මේ සාදුටද?
Deleteඌරො අසූචි වලක් දැක්කම අහෝ සැපයි අහෝ සැපෛ කිය කිය ඒකෙ පෙරෙලෙනව වගේ තමා අජූත පෝස්ටුවක් දැක්කම මේකෙ ගොයියල කොමෙන්ටු දාන්නෙ
ReplyDeleteඔව් මචං.., අභියා
Delete@ AnonymousSeptember 6, 2013 at 11:28 AM,
Deleteමටත් ඒකමයි හිතුනෙ :)
http://srilankarecipe.blogspot.com/
ReplyDeleteඔව්වත අර ශාන්තා මායාගෙ කෑම වගෙද දන්නෙ නෑ!
Deleteකොහොම උනත් හොඳ උත්සාහයක්. ස්තූතියි ඔත්තුවට.
චන්ද්‍ර අනගිරත්න මහත්තයා නරලොව හොල්මන් එකට ලිව්ව එකක්..
ReplyDeleteඔය උඩුරාවණ කියන සයිට් එක මට නම් පෙන්නන්න බෑ, අනිත් උන්ගේ ඒවා කොපි පේස්ට් කරලා දානවා උන්ගේ වගේ. ඒ වගේම තව එකක් තියෙනවා හිලේරියස් රස කතා කියලා බුකියේ. දෙගොල්ලොම එකයි.
මොනවා උනත් නානසාර කියයිද දන්නේ නෑ මේක තමා හරිම විදිහ කියලා....
තමන් මේ දාන්නෙ අනුන්ගෙන් කොපි කල යමක් බව කියන්න නිහතමානිවෙනවනම්, එහෙම කොපි පේස්ට් කරන එකේ වරදක් මම දකින්නෙ නෑ. හේතුව, කලින් නොදන්න, නොදැක්ක අයට ඒ දේ දකින්න ලැබෙන නිසා. ඒත් අනුන්ගෙ දේ අරන් තමන්ගෙ වගේ පේන්න අකුරු ටිකක් වෙනස් කරල දාන එක නම් කැත වැඩක් තමයි.
Deleteහරි විදිය කිව්වෙ අර පින්තූරෙ ගැන වෙන්ටැ!
//තමන් මේ දාන්නෙ අනුන්ගෙන් කොපි කල යමක් බව කියන්න නිහතමානිවෙනවනම්, එහෙම කොපි පේස්ට් කරන එකේ වරදක් මම දකින්නෙ නෑ. හේතුව, කලින් නොදන්න, නොදැක්ක අයට ඒ දේ දකින්න ලැබෙන නිසා.// මුන් දෙගොල්ලොම එහෙම කරන්නේ නෑ, පොරවල් වගේ දානවා...
Delete//හරි විදිය කිව්වෙ අර පින්තූරෙ ගැන වෙන්ටැ!// අනිවා. සමහර විට ඔය මදිය කියයිද දන්නෙත් නෑ....
"මුන් දෙගොල්ලොම එහෙම කරන්නේ නෑ, පොරවල් වගේ දානවා..."
Deleteඔව් මාත් දැකල තියෙනව. දුලිප් ටික දවසක් ඒකට ගේම ඉල්ලුව උන් එක්ක, ඒත් වැඩක් නෑ. අර මල්වත්තෙ සී ඩී කඩ වගේ තමයි.
"සමහර විට ඔය මදිය කියයිද දන්නෙත් නෑ...."
කවුද දන්නෙ දැනටත් මොනා වෙනවද කියල!
අපි බොහොම ආසාවෙන් කියපු කතා තමයි මේවා.අනගිරත්න මහත්මයාට කාටුන් ඇඳීමේ හැකියාවක් තිබුනා නේද?මම හරිද?
ReplyDeleteඔව් මම හිතන්නෙ චිත්‍රකතා හිටන් ඇන්ද.
Deleteකාගෙ උනත් හිනාකාල මෑරුන
ReplyDeleteහිනා කාල මැරෙන්න තියෙනවන එයිට වඩා පිනක් කොහෙද බන්!
Deleteචන්ද්‍ර අනගිරත්න මේක ලියද්දි උඩුරාවණ චරිතය යොදාගෙන නෙවෙයි වෙන්න ඇති ලිව්වේ නේද ඉන්දික?
ReplyDeleteඒවයෙ ඉන්නෙ එයාමයි. චන්ද්‍ර, අනගි, අනගිරත්න මහත්තයා තමා ඒවයෙ ප්‍රධාන චරිතෙ.
Deleteහෙන්රි,
Deleteමම කියෝපු ( හෝ මතක තියෙන ) කතා කිහිපයෙ හිටියෙ අනගිරත්න මහත්තයම තමයි . ඔය මදුරු බේත් දීල තියෙන්නෙ උත්තරේ ගානට.
කතාව කලින් නම් අහලා තිබුනේ නෑ.... මරේ මරු....හැබැයි බලන් ගියාම මිනිහාඅ අහලා තියෙන ප්‍රශ්න එකක්වත් වැරදි නෑනෙ
ReplyDeleteඔව්, මිනිහ හරි. ඒත් ඉතින් එහෙම අහන එකා තමයි අන්තිමට පිස්ස. ඒකනෙ සමාජෙ ක්‍රමේ.
Deleteඔය බන තලල තියෙන්නෙ :D
ReplyDeleteඑක නෙමේ අර පොටෝව මුකක්ද ඈ ? :O
මටත් ඒකම හිතුනා.. කාගෙද ෆොටෝ එක ?
Deleteආචාර්ය දොඩන්ගොඩ රේවත, මහා බෝධි සංගමයේ මහ ලේකම්
Deleteමෙන්න වැඩි විස්තර බලන්න. මේක ලන්කාවෙ පේන්නෙ නැත්තම් FB එකේ ලන්කා ඊ නිව්ස් පේජ් එකට යන්න.
ඉන්දික, චන්ද්‍ර අනගිරත්න කියන ශ්‍රේෂ්ඨ ලේඛකයාට කරන ගෞරවයක් ලෙස මේ ලිපියේ මුලටම මෙය ඔහුගේ රචනයක් බව දක්වන්න කියල මම යෝජනා කරනවා.
ReplyDeleteඅනගිරත්න මහතා හුදෙක් තීරු ලිපි රචකයෙක් පමණක් ම නොවේ.ජෙකිල් සහ හයිඩ්,ටොම් සෝයර්,කෝච්චියේ ලමයි,හයිඩි,ෆ්‍රැන්කස්ටයින්,ඩ්‍රැක්‍යුලා වගේ කෘතීන් විශාල ගනනක් සිංහල පරිවර්තනය කළ සාහිත්‍ය ධරයෙක්.ඉංග්‍රීසි බාෂාව පිළිබධ ගෞරව උපාධිධරයෙක්.
(ඔහු වෘත්තියෙන් දුම්රිය ස්ථානාධිපතිවරයෙක්)
වටිනා අදහසකි. ඔන්න දැම්ම. ස්තූතියි, ජයශ්‍රී!
Delete(චහ්, මමත් ටොම් සෝයර් කියෙව්වනෙ. දැන් තමයි මතක් උනේ පරිවර්ථක අනගි බව.)
අපී බුද්ධියගෙ අර එයාර්පෝර්ට් එක, බෝට්ටුවෙ කතාව එහෙමත් ටිකක් ටොම් සෝයර් මතක් කරන්නෙ නැද්ද?
Deleteඋඩු රාවණ තමයි මිනිහා....මේ නමින් විහිලු කථා මාලාවක්ම තියෙනවා නේද...
ReplyDeleteඒ උඩුරාවණ නිළමෙ විහිළු කතාවලට ආ හැටි මෙතන තියෙනව.
Deletehttp://chejanas.blogspot.com/2010/08/blog-post_12.html
ලින්කුවට ස්තූතියි...
Deleteමේ වගේ පරණ සෝපාහාසය පිරුනු ලිපි හොයලා දාලා අපේ මතකය ඇවිස්සුව එක හොඳයි..අද මේ වගේ ලිපි ලියවෙනවා අඩුයි හෝ නැත්නම් කරලියට එනවා අඩුයි..ඒ නිසා මේ සැරේ බලන්න ඕනි ඔය පරණ පොත් සෙට් එකක් හොයලා ගන්න ප්‍රදර්ශනෙන් !
ReplyDeleteඔව්, මේව මාත් එහෙම බෙදාගත්ත කෙනෙක්ගෙන් ලද දෙයක්නෙ. ඒක නිසා නං ගන් ඇතුව අදාල අයට නිසි තැන දීල මෙව බෙදා හද ගන්න එකනං හොඳයි තමයි.
Deleteහොඳහොඳ පොත්ම ලැබේවා...!
මම ළඟ ඊ පොත් ටිකක් තියනවා ඔය නරලොව හොල්මන් කතා වල ඕන අය ඊයක් විදින්න.
ReplyDeleteආයි අහන්නත් දෙයක්ද, දාහන් වහාම.
Deletehttp://adf.ly/UPFDv
DeleteMacho this is not working, file corrupted!
Deletehttp://www.4shared.com/file/YXHqSCks/NaralowaHolman.html
Deleteමේක බලන්න ඔතන zip එකක් ඇත්තේ
වැඩේ හරි. මේක වැඩ. මම ඊයෙ කතා සෙට් එකම බැලුව. බොහොම ස්තූතියි!
Deleteකෝ බං දැං ඔබපු ට්‍රොජන් අස්සයා. උඹ ගිල්ලද ඌව.. එහෙනං හෙමින් දාහංකෝ.. ඕං රීං කියල ලස්සේ කොඩිය පනින්නම.. හැක්. විෂස් ඉන් ඇඩ්වාන්ස්. ජය වේ උපේ...
ReplyDeleteමටම අප්පිරියයි බන් ඔය ගැන කතා කොල්ල. ඒ හින්ද ගැලෙව්ව. තැන්කූ කිව්ව උඹෙ සුභපැතුමට!
Delete( විෂස් අස්සෙ මෙකෑ යකෝ "හැක්" කොරන්න කියලත් පැතුවද? )