සාමාන්‍යෙන් දියුණු සහ සංවිධිත ඉදිකිරීම්, නිෂ්පාදන ක්ෂේත්‍රවල
වැඩ කරන අය නං දන්නව සේෆ්ටි ෆස්ට් කියන සංකල්පය. ඒ වගේම දියුණු රටවල සියළු පොදු සේවා
වලදිත් මේ දේ ක්‍රියාත්මක වෙනව. අනික මිනිස් ජීවිතයක තියෙන වටිනාකම්, අනික් සියල්ල කල
යුත්තේ ආරක්ෂාවට මුල් තැන දෙමින් බව වගේ කරුණු දියුණු රටවල සංකල්පයක් හැටියටම මුල්
බැහැල තියෙනව. ඒත් අවාසනාවකට අපේ අටේ තත්වෙ මොකද්ද. රට දියුණු නැති නිසා ඒ වගේ සංකල්පත්
තියෙන්නෙ තාම ප්‍රථමික මට්ටමේම තමයි.
මම මේ ලඟදි දැක්ක ඉක්ටාඩ් එකේ අළුතින් OHSAS (Occupational
Health & Safety Advisory Service) පාඨමාලාවක් පටන් ගන්න යනවලු. ඉතාම හොඳ වැඩක්. මොකද ල ංකාවෙ
ඉදිකිරීම් වල සේෆ්ටි කියන්නෙ හෙල්මට් එකයි ඕනනං ලුමිනස් වෙස්ට් එකයි දා ගන්න එක විතරක්
නිසා. කලාතුරකින් සේෆ්ටි බූට් දෙන ආයතන තිබ්බත් බහුතරය සෙරෙප්පු තමයි දාන්නෙ.ඒත් ඉන් එහා ගිය පුද්ගලික ආර්ක්ෂාවක් ගැන බහුතරයක් නෝ කතා.
එහෙව් රටේ බෝට්ටුවක විසි දෙකක් ගිහින් ගිලිල මැරෙන එක අහන්නත්
දෙයක්ද?
මීට කලිනුත් බේරුවල ප්‍රදීපාගාරෙ බලන්න ගිය සණස පිරිසක් ඔය
විදියට බෝට්ටුව පෙරලිල ජීවිත ගානක් නැති උනේ බෝට්ටුවෙ තරමට වඩා දා ගත්තු නිසාලු. කාලෙකට
ඉස්සර වෙසක් දාක නිල්වලා ගඟේ "ආසයි බයයි" බෝට්ටුවෙ ගිලිල මල දා ඉඳල අද වෙනක්ල්
කී දාහක් ඔහොම මැරිල ඇත්තද? ඒත් ඉතින් බල්ලො බලල්ලු වගේ මිණිස්සු මරන රටක බෝට්ටුවක් පෙරලුනාට
කාට පාන්ද?
අනෙක් දේ ලංකාවෙ මහා මාර්ග.
මේවගෙ යන බහුතරය හිතන්නෙ ජීවිතේ තමන්ගෙ නෙමෙයි අනුන්ගෙ කියල.
මෝටර් සයිකල් වල යන සමහරුන්ගෙ හෙල්මට් එක අතේ. හරිනං දන්න තිබ්බෙ උන්ගෙ පුකට. මොකද
මොලේ ආරස්සාවට.
ගිය සුමානෙ කඩුවෙලදි වෑන් එකක් හැපිල හතක් එතනම මැරිල. හේතුව
හරියට නොපෙනි ඉස්සර කරන්න ගිහින්. ල ං කාවෙ පාරවල් පටුයි සහ ඔරොත්තු නොදෙන තරන් වාහන
තියෙන නිසාමයි රියදුරන් පොඩ්ඩක් විනීතව පරිස්සමින් යන්න ඕන. ඒත් වෙන්නෙ ඒකෙ අනික් එක.
හැමෝම හිතන්නෙ අළුත කාපට් දාපු පාරවල් කියන්නෙ මොනැකෝ වල
ෆෝමියුල වන් ට්‍රැක් එක කියල. යන්න හදන්නෙ අනිකට උඩින්. හැබැයි විනාඩි දහයක් කලින්
ගෙදරින් එන්න පාන්දර නැඟිටින්න කම්මැලියි. මම ගිය ජූලි මාසෙ ලංකාවට ගිහින් මාසෙයක්
තුල කිළෝමීටර් තුන්දාහක් වාහනේ එළවල තිබ්බ, එක දඩ කොළයක්,
ඇක්සිඩන්ට් එකක්
නැතුව. අපේ මිතුරෙක් මෙහෙ ඉඳන් ගිහින් සති තුනට රුපියල් තුන්දහක දඩ ගෙවල. මිනිහ ඒක
කිව්වෙත් හරි ආඩම්බරෙන්.
මගේ මෙහෙ ඉන්න හිතවතෙකුගෙ බෑන අළුතෙම්ම ගත්තු මොන්ටේරො ස්පෝර්ට්
එකක තමන්ගෙ බිරිඳයි පුංචි දූයි ඉස්සරහ සීට් එකේම තියාගෙන හැටට හැටෙ ඇවිල්ල මඟ රිවස්
කරපු කන්ටේනර් තඩියෙක්ගෙ ඇඟෙ හැපිල. එයර් බෑග් තිබ්බ නිසා ජීවිත හානි නැතත් අර අම්මගෙ
කකුල තුනට කැඩිල හය මාසයක් එක තැන් වෙලා උන්න. පොඩි එකාගෙ ඔළුව පැළිල තාම බය ඇරිල නෑලු.
වාහනේ කන්ඩම්, බීල කියල ඉන්ෂුවරන්ස්
ගෙවන්න බෑ කියනවලු. අන්තිමට මොහොතක සුවයට ලක්ෂ හැටක් වතුරෙ.
එක පාරක් එකෙක් සේෆ්ටි හානස් එක නැතුව ඇල්ලකින් බහින්න ගිහින්
වැටුන. පණ්ඩිත කමට එබෙන්න ගිහින් අස්සට වැටිල බර ගානක් මලාට පස්සෙ යන්තම් ඔන්න දැන්
හුම්මානෙ වටේ වැටක් ගහලලු. බීල, නාල සතියකට එකෙක්වත් ගල්කිස්සෙ මූදෙ ගහන් යනව. බෝපත් ඇල්ලෙ
ඉස්සර හැම සති අන්තෙකම එකෙ දෙන්නෙ අවසන් ගමන යන්න තෝර ගත්තු තැනක්. දැන්නං ටිකක් අඩු
වෙලා වගේ.
රට වටේම මූද, යන යන තැන ඇළ දොළ තීන රටේ අති බහුතරයකට
පීනන්න බෑ, ඒත් ගෙම්බො වගේ වතුර වළක් දැක්කොත් පණිනව, පස්සෙ එකෙක් දෙන්නෙක්
කරෙන් ගොඩ එනව.
ලංකාවෙ කීයෙන් කී දෙනාද දන්නෙ ඔය නාන තැන් වල ආරක්ෂාවට ගහලතියෙන කොඩි වල තීරුම ( කී තැනකද ඇත්තටම කොඩි තියෙන්නෙ කියන එකත් ප්‍රස්නයක් ).
ඉස්කෝලවල ජීවිතාරක්ෂාව ගැන වචනයක් කතා කරන්නෙ නෑ. ඉතින්කොහෙද
රටේ ජනතාව දැන ගන්නෙ.
අනික් දේ ගිනි ආරක්ෂාව.
දැං කොළඹ පුරා තතට්ටු පිට තට්ටු බිල්ඩින් ගහනව. ඕවගෙන් කීයෙන්
කීයද අදාල සම්මත පිළිපදින්නෙ. හදිසියෙ එකක් හරි ගිණි ගත්තොත් අන්න එදාට කට්ටිය ටිකක්
කතා කරයි, ආන්ඩුවවවත්,
නගර සභාවවත් දැම්ම
මොකට කලබල වෙන්නද.
මෙහෙම බැළුවම ලංකාවෙ කොහෙද ආරක්ෂාව,මිනිස් ජීවිතවල
වටිනාකම පිළිබඳ සැලකිල්ලක් දක්වන්නෙ?
මම හිතන්නෙ "මැරෙන එකා මොනා කලත් මැරෙන, කරුමෙ වලක්වන්න
බෑ" කියන අපේ පසුගාමී ආගමික මතය තමයි මේ දේවල් මේ තරම්ම නොසලකා හරින්න මුල කියල.
ඒත් ඉතින් ඔය මොන අඩුපාඩුව තිබ්බත්, නුසුදුසු,
භයානක රටක් උනත්
අන්තිමට අපි කවුරුත් කවද හරි එන්න තියෙන රට වෙච්චි. අබ්බගාතයි කියල මරන්නද?
ඒ නිසා එළඹෙන අලුත් අවුරුද්දෙවත් මිණිස්සුන්ගෙ ජීවිත වලට
මීට වඩා වටිනාකමක් දෙන රටක් ජනතාවක් දකින්නට ලැබේවා කියලවත් පතමු විතරක් නෙමෙයි අපි හැමෝම තම තමන්ට පුළු පුළුවන් විදියට පුංචි
එවුන්ට "පුදගලික ආරක්ෂාවට මුල්තැන" කියන සංකල්පය තේරුන් කරල දෙන්න උත්සාහ
ගමු.
හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අළුත් අවුරුද්දක්..!
වැඩකරන පන්තියේ සමාජවල මිනිස් ජීවිත වලට වටිනාකමක් තිබුණේ නැත. ඒ ගැන හොයා බලන්නටද කිසිවෙක් ඉදිරිපත් නෙවෙන්නේ වැඩේ කොහොම හරි විය යුතු නිසායි. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න ඕනෙ කියන්නේ ඇත්ත.
ReplyDeleteවැඩ කරන පන්තියේ මිනිසා ඉල්ලා නොසිටිනාතාක් කල් පාලකයින් කිසිවක් නිකන් දෙන්නේ නැත. එහෙත් පුදලික ආරක්ෂාව සම්භන්ධයෙන් එය වෙනස් වන්නේ තම සේවකයන් නිරතුරු අනතුරු වලට ලක් වන්නේ නම් එහි අනිවාර්ය ප්‍රථිඵලය වන කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය අඩුවන නිසා සේවකයාගෙ ආරක්ෂාව පාලකයාගෙ අවශ්‍යතාවක් වන නිසාවෙනි. අපේ රටේදි සේවකයාගේ ආරක්ෂාව පාලකයාගේ හෝ සේවකයා දෙදෙනාගේම අවශ්‍යතාවක් නොවීම කණගාටුවට කරුණකි.
Deleteපුද්ගලික ආරක්ෂාව කියන එක අපේ මිනිස්සුන්ට කොටලා පොවන්න වෙනවා සිංහයෝ... කොච්චර වැඩපළවලින් වලින් අවශ්‍ය බඩු සේරම දුන්නත් මෙයාලා ලේසියට, කම්මැලිකමට ඒවා දාන්නේ නෑ... හෙල්මට් එක දාන්නේ ඇපෙන් බේරෙන්න... මට නම් මාර කේන්තියි සමහර වෙලාවට පණ්ඩිතයා වගේ කියෝනකොට... මේ කිව්වේ අපේ මහත්තයා ගැන...
ReplyDeleteඅපේ තාත්තලගේ කම්පැනි එකේ මුලදිම දාලා තිබ්බලු සේෆ්ට් ඔෆිසර්ලා ඕවා චෙක් කරන්න.. එහෙම කරලා කීප දෙනෙක් අනතුරු වලින් බේරුනාට පස්සේ තමයි අපේ කට්ටිය හිතලා ඕවා කරන්න පටන් අරන් තියෙන්‌ෙන්... ඒවා පිටරට කම්පැනි නිසා හොඳයි.. ලංකාවේ ඒවා ඕවා ගැන බලන්නේ නෑ නේ...
සේෆ්ටි ඔෆිසර්ලා හරිනම් සෑම වැඩපලකම, වැඩ බිමකම ඉන්න ඕන. ඒත් ඉතින් සේෆ්ටි හෙල්මට් දාන් මෝටර් සයිකල් පදින රටේ ඔව්ව කොහෙ බලාපොරොත්තු වෙන්නද! මහත්තයට කියන්න පණ්ඩිත වෙලා ඔළුව පලාගත්ත දාට දුක් විඳින්න වෙන්නෙ එයාට විතරක් නෙමෙයි ගෙදර ඉන්න අයටත් එක්ක කියල.
Deleteමං නං කියන්න තියෙන ඒවා ඔක්කොම කියලා තියෙන්නේ... දැං ටිකක් ඉස්සරට වඩා පරිස්සම් වෙනවා පේනවා... ඒත් සිංහයෝ ඔහොම කිව්වා කියලා අපේ රටේ උන් ඕවා හිතනවා නම් දැනදැනත් සිගරට් අරක්කු බොන්නෙත් නෑ.. බීලා ඩ්‍රයිව් කරන්නෙත් නෑ... පාරවල් වල රේස් යන්නෙත් නෑ... තමන් කරන වැරදි වලින් තමන්ට ආදරේ කරන අය දුක් විඳිනවා කියලා දැන දැන තමයි වැරදි කරන්‌ෙන.. මේ රටේ 99%ක්ම ඉස්කෝලේ ගිය මිනිස්සුනේ....
Deleteහුගක් හොද ලිපියක්. මේ තත්වය ආසියානු අප්‍රිකානු රටවල දකින්න ලැබෙන පොදු තත්වයක්. ප්‍රධානම හේතුව තමයි මිනිස්සුන්ට ඕනේ කමක් නැති කම හා නොදැනුවත් කම. රට පාලනය කරන්නේ ඒ මිනිස්සුම නිසා නීති රීතිත් හරිම දුර්වල තත්වයක තමයි තියෙන්නේ. මිනිස්සුන්ට ඕනේ කමක් නැත්නම් ඒ ඒ ආයතන වල නිළධාරීන් පුද්ගලික ආරක්ෂක උපකරණ වලට වියදම් කරන්න පෙළඹෙන්නෙත් නෑනේ. මිනිස්සුන්ට ඕනේ කමක් නෑ කියන එකටත් දැනුවත් කමක් නෑ කියන එකටත් හොද උදාහරණ තමයි මේ රටේ ක්‍රියාත්මක වන බහු ජාතික සමාගම්. ඒ සමාගම් වල මව් සමාගමේ රෙගුලාසි වලට අනුව සෑම සේවකයෙක්ගේම ආරක්ෂාව තහවුරු කරන්නට වෙනවා. පුද්ගලික ආරක්ෂක උපකරණ කියන්නේ ඇත්තටම එහි අවසාන උපක්‍රමයයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ අනතුරු වෙන්න තියන අවස්ථා අවම කිරීමයි. එහෙම බැරි අවස්ථා වලදී තමයි පුද්ගලික ආරක්ෂක උපකරණ ඒ ඒ පුද්ගලයන්ට දෙන්නේ. ඉතින් මේ නොමිලේ දෙන පුද්ගලික ආරක්ෂක උපකරණ පාවිච්චි කරන්න අපේ මිනිස්සු පුදුම කම්මැලි කමක් තමයි දක්වන්නේ. ඒ නිසා මේ වගේ ආයතනවල වෙනම නිලධාරියෙක් ඉන්නවා සේවකයෝ ඒවා හරියට පාවිච්චි කරනවාද කියලා බලන්න. මෙතන තියන තියන කණගාටුදායකම වැඩේ පුද්ගලික ආරක්ෂක උපකරණ පාවිච්චි කරන එක දුර්වලතාවයක් විදිහට අපේ සමාජය බලන්න පුරුදු වෙලා ඉන්න එක. අපේ සමාජය හිතන්නේ කහ ඉරක් නැති තැනකින් හරි රතු පාට වැටිලා තියෙද්දී හරි පාර පනින එක තමයි දක්ෂතාවය කියලා. එහෙම හිතනකම් මේ දේවල් අපේ සමාජයෙන් ඉවත් කරන්න සෑහෙන්න අමාරු වේවි.
ReplyDeleteසමහර විට මෙහෙම වෙලා ඇත්තේ අපිට හදිසි අනතුරකින් මිනිස් මරණයක් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලා තියන හිනදා වෙන්න ඇති. ඒ නිසා තමන්ගෙත් අනුන්ගේත් ජීවිත ගැන කිසිම ගානක් නැතුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. මම මේ දවස් වල ඉන්නේ නෝර්වේ රටේ. අපි කහ ඉරක් ගාවට ගිය ගමන් වාහන ඔක්කොම නවත්තලා පාර පනින්න ඉඩ දෙනවා. ඕවර් ටේක් කරන්නේ, හෝන් ගහන්නේ හරිම කලාතුරකින්. ඒ වගේම තමයි පොලිස් නිලධාරීන් පේන්නවත් නෑ. කවුරු හරි මාර්ග නීති කඩනවා නම් මිනිස්සුම පොලීසියට කතා කරලා දන්වනවා. මම මේ හදන්නේ අපේ රට පහත් කරන්න නෙමෙයි. නමුත් මේ වගේ තත්වයකට එන්න මිනිස්සු තුල ඉවසීම සංයමය වගේ දේවල් තියෙන්න ඕනේ. නීතිවලින් විතරක් හදන්න බෑ. වැඩිහිටියන්ගෙන් තමයි ළමයි ආදර්ශ අරගන්නේ. පාසල, දෙමව්පියෝ විතරක් නෙමෙයි ආගම හා නීතිය මේ හැම එකක්ම තමන්ගේ යුතු කම හරියට කරනවා නම් සමාජය වෙනස් කරන්න අමාරු වෙන්නේ නෑ
ලංකාවෙ ඉඳල වෙන දියුණු රටකට ගියාම තමා තේරෙන්නෙ අපේ රියදුරෝ මොන තරම් අසංවරද කියල. ලෝකෙ කොහෙ උනත් එහෙම අය ඉන්න නිසා තමයි පොළිසි වගේම සේෆ්ටි ඔෆිසර්ලත් ඉන්නෙ. ඒත් කරුමෙට අපේ පොළිසිත් යන්නෙ ඉර කපල වෙනකොට කාට කියන්නද කියන එකයි. ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන හරිම බාල ආක්ල්පයක් තමයි ඔය PPE පාවිච්චි කරන එක ලැජ්ජාවක් මදි කමක් කියල හිතන එක. මට මතකයි එක පාරක් ජනාධිපති කොත්මලේ උමග බලන්න හර්ඩ් හැට් එක දාන් යනකොට වටේ ඇමතිල ඔළු වන වන ගියා. තමන්ට මොළේ නැති බව එහෙමට පෙන්න රටක් නෙ මේක.
Delete" වැඩිහිටියන්ගෙන් තමයි ළමයි ආදර්ශ අරගන්නේ. පාසල, දෙමව්පියෝ විතරක් නෙමෙයි ආගම හා නීතිය මේ හැම එකක්ම තමන්ගේ යුතු කම හරියට කරනවා නම් සමාජය වෙනස් කරන්න අමාරු වෙන්නේ නෑ" හරියට හරි. අපි එකෙක්වත් හරියට හදමු.
ඉතාම වැදගත් ලිපියක් ස්තූතියි ඔබට
ReplyDeleteස්තූතියි අදහසට. කාර්මිකයෙක් හැටියට ඔබත් මේ ගැන වැඩි අවධානයක් යොමුකලොත් හොඳයි.
Delete//අන්තිමට මොහොතක සුවයට ලක්ෂ හැටක් වතුරෙ.//
ReplyDeleteඔය වගේම ලක්ෂයක් දෙකක් වතුරේ ගිය කතාවකුත් අහන්න උනා බ්ලොග් අස්සේ පහුගිය කාලේ...
:D
මැක්ක සීන් එක වගේ :D
Deleteඅවුලක් නෑ, මෙහෙම හරි උඹල මේක මතක් කරන එකෙන් එක අතකට අභීත එදිරිසිංහගෙ පොළුවලට අහු නොවී තව එකෙක් හරි බේරෙන්න ඇතිනෙ.
හරියට හරි මචෝ ප්‍රධාන වැරද්ද මිනිස්සුන්ගේ.. නාන්න එපා කියන තැනින්මයි නාන්නේ. 10 දෙනා යන බෝට්ටුවේ 20ක් යනවා. ඔහොම ඔහොම හරි ඉන්න පිස්සෝ ටික අඩු වෙනවා නම් ළොකු දෙයක්. උස බිල්ඩින් ගහන උනුත් බූරූවෝ.අ මම නම් දන්න විදියට, වෙන රටවල බිල්ඩිමක් හදන්න ඉස්සෙල්ල බලන්නේ හදීසි ගින්නක් නිවා ගන්න ගිනි නිවන හමුදාව සූදානම්ද කියන් දේ.
ReplyDeleteඅපේ උන් හිතන්නෙවත් නැති තැන්වල නාන, කඳු නගින, උඩින් පණින සුද්දො එව්ව කරන්නෙ අදාල ආර්ක්ෂක පියව අරන්. ඒකට අපේ කලු පද්දො.
Deleteමමත් සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා දන්නව ෆයර් සේෆ්ටි කියන්නෙ මොන තරන් සංකීර්ණ දෙයක්ද කියල. ලංකාවෙ මම හිතන්නෙ නෑ කිසිම බිල්ඩිමක් ඒ සම්මතයන් හරියට පිළිපදිනව කියල. බලපන් සමහර ලංකාවෙ උස බිල්ඩින් වලට හදිසි ගින්නකදි හතර පැත්තෙන් ෆයර් එන්ජින් ගේන්නවත් පුළුවන්ද කියල. කොටිම්ම හරි ස්පෙක්ස් වලට ෆයර් රේටඩ් දොරක් හදන්න එකෙක් ඉන්නවද ලංකාවෙ. ඒ උනාට මහ කොන්ඩොමීනියම් ගහල සිය ගනන් දානව. ගිණිගත්තොත් ඉන්න අහිංසකයො තමයි වන්දි ගෙවන්නෙ.
හරිම පුදුමයි. ඔබත් මමත් දෙදෙනාම එකම දවසේ, එක සමාන මාතෘකාවකින් ලිපි ලියලා. ඔබ කියනවා වගේම මටත් දැඩි වේදනාවක් ඇතිවුනා අපේ මිනිස්සු මොලය පාවිච්චි නොකර 'විහිං නහින' එක ගැන. මා ලියු ලිපියත් බලන්න කියා ඇරයුම් කරනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ලෝකෙ තැන් දෙකක වයස් කාන්ඩ දෙකක ලාංකිකයො දෙන්නෙක් එකම විදියට හිතල තියෙන්නෙ අපි කාටත් පොදුවෙ හරි වැරැද්ද ගැන එක මතයක් ඇති නිසා වෙන්නැති.
Deleteනිතර කමෙන්ට් නොකලත් මම නිතර ඔබේ අඩවියට එනව. කොටින්ම ඔබේ මුල්ම ලිපියෙ පළවෙනි කමෙන්ටුවත් මගෙන්.
වැදගත් ලිපියක්.
ReplyDeleteසේරමට මුල නොදැනුවත්කම වෙන්නත් පුළුවනි. ආරක්‍ෂාකාරීව වැඩ කිරීම අනිවාර්ය කිරීමට පියවර ගැනීමට යන වියදමට වඩා වැඩකරන අයගේ ජීවිත වටිනාකමින් අඩුවීමත් ප්‍රධාන වශයෙන් බලපානවා.
මාත් වෙන්ඩ කතන්දර ලියස්තුවට දාගත්තු එකක් මේ මාතෘකාව. ඒ අර බිලිඩින් සයිට් එකකදී කොල්ලෙක් මැරුණු ආරංචියට ගැන තිබුණු ප්‍රතිචාර ගැන කම්පා වෙච්ච දවසේයි.
ස්තූතියි කකා,
Deleteඇත්තටම ප්‍රශනෙ වෙන්නෙ වඩා ලාභ මොකද්ද කියන එක තමා. තමන්ට තමන්ගෙ ජීවිතේ නොවටින එක තමයි ලංකාවෙ බහුතරයක් ගැටළුවලට මුල.
"මැරෙන එකා මොනා කලත් මැරෙන, කරුමෙ වලක්වන්න බෑ"
ReplyDeleteඇයි තව කියන්නෙ "ආ..... එතන මාසෙකට එක්කෙනෙක් බිලිගන්නව" කියල. මිනිස්සුන්ගෙ මොලේ පෑදෙනකල් බිලිගැනීම් දිගටම තියේවි.
ඔව් ඔය සාම්ප්‍රදායික බූරු මත හින්ද තමයි මිනිස්සු මේ තරං පස්සෙන් ඉන්නෙ.
Deleteවැදගත් ලිපියක්!!!
ReplyDeleteමිනිසුන් දැනුවත් කිරීම තමා වැදගත්. පාසැල් මට්ටමෙන් ලමුන්ට ඉගැන්වීම මිසක් අපේ ලොකු උදවිය නම් හදන්ට බැරිවෙයි.
ඔන්න අපි සවාරි ගිහින් ආවා.:-)
කුමාරිහාමිටත් ස්තූතියි අගය කිරීම ගැන.
Deleteකුමාරිහාමිගෙ පැටවු එනකල් වලව්වෙ උන්දැලගෙ පැටව් ටිකවත් දැනුවත් කරන්න මහන්සිගන්න එහෙනං.
අපි නං සවාරි ගියාම තල් හකුරු මුලක්, කොට්ටකිලංගු කූරු ටිකක්, මස්කට් කෑල්ලක්, දොදොල් පට්ටයක් එහෙම ගේනව කට්ටියට බෙදන්න.
ඔව් සම්පූර්ණ ඇත්ත. මේවගේ මුදල් අයකර සවාරියන් බෝට්ටු නාගදීපයේ,නිලාවැලියේ, මඩකලපුවේ, මාදුගගේ ක්‍රියාත්මකයි මේ කොතැන වුනත් මුදලට මුල්තැන දුන්නමාත් ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීමත් නිසා මේ අනතුරු තමන් විසින්ම ළංකර ගන්නවා.
ReplyDeleteඔව්, මේ ගැන අවධානය යොමුකරන කාට කාටත් කාලෙ හරි.
Deleteඕක ලංකාවෙ විතරක් නෙමේ. ආසියානු රටවල් ගොඩක තියෙන ප්‍රශ්නයක්. මිනිස්සු හිතනව පටු වැඩී
ReplyDelete//ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!// ඊලඟ කතාවෙ ලින්ක් එක දෙන්න පුළුවන්ද ? මට හොයා ගන්න බැරි උනා. (අයියගෙ ජීවිතේ වෙනස් කරපු කතාව)
ReplyDeleteමෙන්න අවසාන කොටස
ReplyDeleteඊළඟ කිව්වෙ මේකට පස්සෙ එකක් ගැනන, එහෙම එකක් ලිව්වෙ නෑ මළයො. අද නේද ආවෙ? ස්තූතියි කමෙන්ටුවට සහ වටයක් දැම්මට.
math inne construction filed eke. ape site eke safety harness nopaladima nisa anathuru 2k danawta wela thienawa. athathatama kiwoth hareness eka patalawagena hitiyata eka hariyata jack ekakata sambanda karala na, ekai hethuwa. anika kalabalaya.
ReplyDeleteekko me minissu helmet dammata belt danne na, boots danna kamathi na dunnath, rabar sereppuwa dagana inne. ana anim ewae hugak anathuru thiyenawa, kochchara kiuwath karath lbours la ahaneeth na. safety meetings, wagema safety gana danuwath karata kagahala daganin kiwath un ahanneth na. niladarin widiyata apita wagakimak thiyenawa e minissunge araksawa gana. eth lankawe inna minissu hugak hithanawa mathanwa adui , ekath pradana hethuwak wenawa accident walata. nosalakilimath kama ha awawada pili noganima.. ehema kiwoth hari.