Monday, September 26, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!



කතාවෙ මේ කොටස පරක්කු උනේ මෙහෙ රටේ තත්වෙ හොඳ නැති හින්ද කළින් ගෙදර යන්න උනානෙ. අපේ කර්මාන්ත්ශාලාව 4ට වැඩ ඉවරකරන නිසා අනික් උන් ගියාම මං විතරක් පහ මාර විතර වෙනකල් ඉඳල මේකට කොටල යනව, මොකද ගෙදර ගියාම ජාලෙට කොට කොට ඉන්නවට වඩා පොඩි උන් දෙන්න එක්ක සෙල්ළං දාන්න තීන හින්ද.

ඒත් පහුගිය දොහේ මේ චන්දයක් හින්ද කබ්බො ෆෝම් වෙලා පූර්ව සහ පශචාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හැම තැනම. ඉතින් පාරවල් වහල මහ ලෙඩ ගොඩයි. අද තත්වෙ ටිකක් හොඳ හින්ද ඉඳල ලියලම යනව කියල හිතුව.

...............

ලියුම අතට දුන්න අර තඩි සරීරෙ සුටුස් ගානකොට සෙනඟ ගොඩ අස්සෙ වාෂ්ප උනේ ඇයි එන්න එපා කිව්වෙ කියල අහන්නවත් ඉඩක් නොදී.

මොකද බං සින් එක, වංගෙඩි මොකද කියන්නෙ?

හසිතයටත් දැන් ඉවසං ඉන්න බෑ, මට ඊඩත් වඩා ඉන්න බෑ. ඒත් ඉතින් මේ දෙනෝදාහක් යන එන තැන ඕක කියවන්න පුළුවනෑ! ඒ නිසා උන් දෙන්නවත් ඇදං නැග්ග පනස් හතරට, ඉස්කෝලෙට ගිහිම්ම හිමීට බලනව කියල.

වෙනද වගේම ගාට ගාට ආපු බස් එක හරියට වෙලාව පහු උනාමම ඉස්කෝලෙ ගාවට ආව කිය කිය බැන්නට ඉතින් ඌ මොකෑ කරන්නෙ අපි පරක්කු වෙලා ආපු බස් එකක නැග්ගට!
සාමන්‍යෙන් වෙන ප්‍රාමාදවීම් සඳහා ලැබෙන චාටර් කාල අපි leader උත්තම්යින්ගෙ කර පිටින් පන්තියටත් ආව. දැන් ඉතින් ඉන්ටවල් එක වෙනකල් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියෙ මේ මඟුල බලන්න. මොකද කවුරුහරි තරහකාරයෙක් ඕක හොරෙන් බලද්දි ඔත්තුවක් දුන්නොත් එහෙම ඉතින් කෙලින්ම තව රුපියල් සීයක් හොයාගන්න එපැ‍යි අර දෙහිවල ට්‍රැක්ටර් ඩ්‍රයිවරයට දෙන්න. මිනිහනෙ අපෙ මාම හෙවත් මගෙ භාරකාරය ඉස්කෝලෙට!

ඔන්න අර කණ පිනවණ සීනු නාදෙ දහයමාරට විතර ඇහුන විතරයි අපේ මුළු බාල්දිවත්තෙ කණ්ඩායමම විද්ද පිට්ටනියෙ ඈත කොනකට. ඒ වෙනකොට වෙලා තිබ්බ සීන් එක අන්තිම පේලියෙ හෙවත් බාල්දිවත්තෙ හැමෝම දැනං හිටියෙ. (අපේ මම, රැල්ල, , පොඩි මල්ලි, හසිය, බන්ඩ, වැලිකල, කෝසල වගේ කණ්ඩායමම හිටියෙ පන්තියෙ පස්සෙම පේළිවල. අපි අපිටම බාල්දිවත්ත කියාගත්තෙ මොන ලෙඩක් උනත් කොනක අපි ඉන්නව, සමහරවිට ඇත්තටම නොහිටියත් අපිව අනිවාර්යෙන්ම සැක කරල ඉහල උසාවි නග්ගනවම තමයි. ඉතින් අපේ වත්ත බාල්දි වලින් පිරිල නිසා බාල්දි වත්ත කියල තමයි නම තියල තිබ්බෙ.)


ඔක්කොම එකා වගේ ලියුම බලන්න සෙට්. සහෝදර ප්‍රෙමෙනෙ. ඒ නිසා අපි ඔක්කොම ඔය වගේ විශේෂ ලියුන් බලන්න ලියන්න සෙට් වෙන්නෙ කණ්ඩායමක් හැටියට තමයි ගොඩක් වෙලාවට.

එදත් එහෙම කට්ටියම මගෙ ගැන සහෝදර ප්‍රෙමෙන් වට වෙලා ඉන්දැද්දඉ මම අර සුදු ලස්සන කොලේ හිමීට දිගාරින්න ගත්ත.

පහට හයට නමල උඩින් අලවල තිබ්බ එක පරිස්සමින් දිගෑරියට කවුරුත් කියවන්නෙ සද්ද නැතුව.

මම එක පාරක් කියෙව්ව...තව පාරක් ආයිත් පාරක්..

වෙන්දට මේ වගේ එකක් කියවල ඉවරවෙනකොටම ඇරෙන කටවල් තාම වැහිල මොකද කියල හිතිල වටපිට බලනකොට... මෙන්න උනුත් තාම ආයි ආයි කියෝනවද කොහෙද!

කාටවත් හිතා ගන්න බෑ ලියල තීන දේ! ඇයි එයා ඇයි මට මෙහෙම කියන්නෙ!

"ආදරණීය ඉන්දික අය්යා වෙත,

මම මේ ලිපිය ලියන්නෙ රෑ එකට විතර ගෙදර හැමෝටම හොරෙන්. ඔයාට මෙහෙම ලිපියක් ලියන්න වීම ගැන මුලින්ම දහස් වාරයක් සමාවෙන්න.

අපි දවසක් පන්තිය් ඉවරවෙලා කතාකරර යනව කවුද දැකල අම්මට කියල. අම්ම ඒක ජයසේන අංකල්ට කියල එයා ඊයෙ මගෙ පස්සෙන් ඇවිත්. අපි දෙන්න මැලිබන් එක ගාව ඉඳන් බස් එකට නඟිනවයි එකට පිටිපස්සෙ ඉඳගෙන එනව, බැහල එනව ඔක්කොම බලන් ඉඳල. පස්සෙ අද උදේ මම ඉස්කෝලෙ ආවට පස්සෙ මේ ගැන අම්ම එක්ක කියල. අම්මට එක ඇහුම්වම අලන්තෙ දාලලු!
ඔයා දන්නවනෙ අම්ම මට මොන තරං ආදරේද කියල. එයා මුළු දවසෙම පිස්සුවෙන් වගේ ඉඳල තීන්නෙ. මං ඉස්කෝලෙ ඇරිල ආවම මගෙන් මේ ගැන ඇහුවම මම නෑ කිව්ව. එතකොට ජයසෙන අංකල්ට කතා කරල එයා ඔක්කොම කිව්වම මගෙ ඇඟ හීතල වෙලා ගියා. මට මුකුත් කියා ගන්න බැරුව හොඳටම ඇඬුන.
අම්ම එතකොට "ඇයි දුවෙ උඹ මට මෙහෙම කරේ කියල අඬ අඬ ඔළුව මහ හය්යෙ බිත්තියෙ ගහ ගත්ත. මම කෑ ගහල අම්මව අල්ලන්න හදනකොට එපා උඹ මාව අල්ලන්න එපා, මං මැරෙනව මීට හොඳයි කියල කෑ ගගහ එළියට යන්න හදනකොට ආයි ජයසේන අංකල් පැනල අම්මව අල්ලගත්ත. අම්ම ඊට පස්සෙ මහ හය්යෙන් පපුවට ගහගෙ ගහගෙන ගියා. ජසේන අංකල් අම්මව ආයි අල්ලගෙන සැටියෙ වාඩිකරල මහ හය්යෙන් බනින්න ගත්ත.
මමත් අඬනව, නංගිත් අඬනව අම්මත් අඬනව. පස්සෙ ජයසේන අංකල් මට ඔයා යන්න කාමරේට කියල එළවගත්ත. මායි නංගිගියි කාමරේට ගිහින් අඬ අඬ ඉන්නකොට අම්ම ආයි ටිකකින් එතන්ට ඇවිත් මට බැනල බැනල "ලොකු දුවේ උඹ ඕක නැවැත්තුවෙ නැත්තං මං අද රෑම ළිඳේ පැනල මැරෙනව කියල මහ හය්යෙන් ආයි පපුවට ගහ ගත්තා.
ඒ එක්කම ජයසේන අංකල් ආයි ඇවිල්ල අල්ලගත්තෙ හින්ද සිහි නැතිවෙලා ගිය අම්මව බිම වැටුනෙ නෑ. පස්සෙ අපි වතුර ගහල අම්මට සිහිය ආවමත් එයා මොනාදෝ තනියෙන් කියව කියව හිටිය මිසක් කාත් එක්කවත් කතා කරෙත් නෑ.
අපි ඔක්කොම අඬ අඬ කාමරවලට වෙලා හිටිය. හවස තාත්ත ආවම අම්ම ආයි අඬ අඬ ඔක්කොම එයා එක්කත් කිව්ව, ඒ කියද්දිත් කිවෙ මේකි මේක නතරනොකලොත් මම ළිඳෙ පැනල මැරෙනව ඇර වෙන කරන්න දෙයක් නෑ...අපි මෙච්චර ලොකු මහත්කරල මේ විභාගෙ ලියන්නත් කලින් මඟුල් නටන්න ගත්තම නංගිත් මොනා නොකරයිද වගේ මහ ගොඩක් කතා තමයි. පස්සෙ අම්මයි තාත්තයි හිමීට මොනා හරි කතා කරල ඉවරවෙලා තමයි කට්ටියම ඕගොල්ලඟෙ ගෙදර ගියෙ.

ඊට පස්සෙ එහෙ මොනා කිව්වද දන්නෙ නෑ. ඒත් ආවට පස්සෙත් කවුරුත් කතා කරේ නෑ. පස්සෙ මට නංගි කිව්ව අංකල් ඇවිල්ල කියල. මට හරි භයයි අය්යෙ. ඔයාට තාත්ත ගහන්න ඇති නේද. මේ ඔකොම මගෙ මෝඩකම වෙන්න ඇති, නැත්තන් අපේ නොලැබීම වෙන්න ඇති. ඇයි ඒ ගොල්ලො මෙච්චර අපි දෙන්නට වෛර කරන්නෙ කියල මට හිතා ගන්න බෑ.
තාත්ත ආයි පස්සෙ රෑ කාමරේටම ඇවිල්ල මට කතා කරා. එයාලගෙ ලොකුම බලාපොරොත්තුව මම හින්ද මේ කාලෙදි කොල්ලෙක් යාළු කරගෙන මගේ ඉගනීම කඩා කප්පල් වෙයි කියල අම්මට හරි භයයි වගේම දුකයි, ඒ නිසා එයා මොනා කරගනීද දන්නෙ නෑ වගේ මහ ගොඩක් දේවල් කිව්ව. ඒ අස්සෙ ආයි අම්මත් ඇවිල්ල මගෙ කොණ්ඩෙන් අල්ලගෙ " උඹ ඕක නැවැත්තුවෙ නැත්තං මගෙ දුවෙ හෙට උඹෙ අම්මව අර ලිංකටින් ගනිං කියල මහ හය්යෙන් මාව තල්ලු කරල පිස්සුවෙන් වගේ දිව්ව. අපි කෑ ගහගෙන එළය ගිහින් අම්මව අල්ලගත්ත. ඔයා එනකොට මේ සේරම වෙලා ඉවරයි. මීට පස්සෙ මට ගමේ අයට මූණ දෙන්නත් බෑ, ගෙදර අයගෙ මූණ බලන්නත් බෑ. ඒත් ඒ ඔක්කොටම වඩා මට අම්ම ගැන හරි භයයි අය්යෙ. එයා මොනාහරි කරගත්තොත් අපි ඉඳල වැඩක් නෑ. අනේ අය්යෙ අපි දෙන්නට විභාගෙන් පස්සෙ ආයි එකතුවෙන්න පුළුවන් වෙයි. ඔයා හොඳට විභාගෙ කරන්න ඒතකොට අපිට කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ නේද?
ඉන්දික අය්යෙ ඔයා මගේම විතරයි, ඒක වෙනස් වෙන්නෙ නෑ. ඒත් අපි ටික දවසකට මේක නවත්තමු. මට අපේ අම්මට මොණව හරි උනොත් ජීවත් වෙලා වැඩක් නෑ. අනික මම දන්නව අම්ම ගැන, එයා කිව්වොත් කරනවම තමයි.

ඒ නිසා මම ගොඩක් ආදරෙන් කියන්නෙ මට බනින්න එපා ඔයාට ද්‍රෝහි උනා කියල, මට ඔයා වගේම අම්මත් නැතුව බෑ. ඒ හින්ද අපි මේ අවුරුදු දෙක තුන ඉවසගෙන ඉමු. අපිට කවදහරි එක් වෙන්න ලැබෙයි කියල හිත හාදාගමු.

තව ලියන්න බෑ මගෙ ඔළුවත් රිදෙනව. අනේ අය්යෙ මාව තේරුන් ගන්න, මින් පස්සෙ විභාගෙ ඉවරවෙනකල් මට කතා කරන්නවත් මාව හම්බවෙන්නවත් හදන්න එපා.

මීට ඔයාගෙම ආදර ගිහාණි.



සුදු ඩ්‍රොවින් පොතකින් ඉරා ගත්තු කොල දෙකක් පුරෝල ලියල තිබ්බ ලියුම දෙතුන් පාරක් කියවල ඉවරවෙනකොට ඉන්ටර්වල් එකත් ඉවරවෙලා. කට්ටියම ආපහු පන්තියට ගියෙ කිසි කතාවක් නැතුව. උන් ඔක්කොටම තේරිල තිබ්බෙ මං හිටිය තත්වෙ!

දිග කතාවක් කෙටි කරන්නං මේක දිගට ලියන එක මට වෙහෙසක් නිසා.

ඔය ලියුමෙන් පස්සෙත් මම ගිහාණිව හම්බ වෙන්න කීප සැරයක්ම ට්‍රයි කරා, ඒත් එයා මාව දන්නෙ නෑ වගේ මඟ ඇරල ගියා. පන්ති ගියෙ අම්ම එක්ක නිසා, පන්සල් යාමක් නැති නිසා වගේ ගොඩක් හේතු නිසා මට එයාට තනියම කතාකරන්න ලැබෙන අවස්ථාවනුත් අඩු උනා. ඒ අතරෙ එයාගෙ යාළුවො අතේ යැව්ව පණිවුඩ වලටත් කියල තිබ්බෙ විභාගෙ ඉවරවෙනකල් එයාට කරදර කරන්න එපා කියල විතරයි. මං යැව්ව ලියුන් නොගෙනම ආපහු හරවල එවල තිබ්බ.

බොහෝ මෝඩයින් වගේ මාත් බීමට සිගරට් එකට හුරු උනා. ඕ ලෙවල් ෆේල් වෙන එක මම දැනං හිටිය පාඩං කියල බීච් එකට වෙලා උඩ බලන් හිටිය නිසා. ඒත් අම්මනං මගෙ රිසල්ස් ආව වෙලාවෙ හරිය ඇඬුව විතරක් නෙමේ ගිහාණිට, මගේ ආදරේට සාප කරා, පන්තියෙ මුල්ම පහ අතරෙ උන්න එකෙක් මේ වගේ තත්ට්වෙට ඇදල දැම්ම කියල.
විභාගෙ ෆේල් නිසා සහ නරක හැසිරීම නිසා ඉස්කෝලෙන් දෙන්නං කාසි වලට ඒ ලෙවල් කරන්න දෙන්න බෑ කිව්ව. මමම අස් වෙලා ජිනරතනෙ ඉලෙක්ට්‍රිකල් වැඩ ඉගෙන ගන්න ගියා. ( එතනදි වෙච්ච පොඩි සිදුවීමක් තමයි ඊට පස්සෙ මාව ආයි වෙනස් කරල මේ තත්වෙට ගත්තෙ. ඒක වෙනම ලියන්නං )
ඔය අතරෙ ගිහාණි ඕ ලෙවල් කරා, ඒත් මාව මඟ ඇරිය. තව ටික කාලෙකින් මට ආරන්චි උනා එයා ට්‍රෙලක් එහෙම තීන මට වඩා හැන්ඩි සහ වැඩිමල් එකෙක් එක යාළුවෙලා කියල. ඌට සල්ලි තිබ්බ හින්දද කොහෙද කමල ඇන්ටි සුවිසයිඩ් කරගන්නව කියල නොතිබ්බත් ඒ ගෙදරටත් ගිහින් වැඩේ නවත්තන්න වගේ දඟලල තීනව කියලත් ආරංචි උනා.
පස්සෙ ඒ ලෙවල් රිසල්ට්ස් එන්න කලින් ගිහාණියි අර යෝධයයි බැන්ද. මම ඒ වෙනකොට ඉහලට අධ්‍යාපනය ආයි පටන් අරන්. මට මඟුල් ගේවත් කියල තිබ්බෙ නෑ. තිබ්බත් මම යන්නෙත් නෑ.

තව ටික දවසකින් ආරන්චි උනා ගිහාණිට බබෙක් ලැබ්න්න යනව කියල. බැඳල මාස හයක් විතර යනකොට බබා ලැබුන කියලත් ඒ ගැන මිනිස්සු එක එක කතා කියනව කියලත් ආයි ආරන්චි උනා.

මම ඔය අතරෙ ඉබ්බ වගේ මගේ ඉලක්ක කරා එනකොට ඒ ලෙවල් ෆේල් වෙච්චි ගිහානි දරුවත් අරන් මොන්ටිසෝරි යනව පාරෙදි කීප දවසක්ම හම්බ උනත් මගෙ මූණවත් බැළුවෙ නෑ!

ඔහොම ගිහිල්ල මම රටිනුත් ඇවිත් අන්තිමට කාලයක් ගියාට පස්සෙ තමයි මල්ලි ඊයෙ පෙරේද අර sms එක එවල තිබ්බෙ. මම හැරෙන තැපෑලෙන් මිනිහට කෝල් එකක් ගත්තම තමයි කිව්වෙ "ගිහාණි වෙන මිනිහෙක් එක්ක යාළුයි කියල මහේන්ද්‍රගෙ ( ඇගේ සැමියා - අර ට්‍රෙල් බයික් කාරයා ) අතටම අහුවෙලා ඒකිට හොඳටම ගහලලු. කමල ඇන්ටිට ඒක ආරන්චිවෙලා තීන්නෙ ගමේ වෙන කෙනෙක්ගෙන්. ඒ ලැජ්ජාවටලු ඒදා රෑ ළිඳෙ පැනල තීන්නෙ කියල මිනිස්සු කියන්නෙ!

…………………

මට මේ කතාවම මුල සිට අගට යළි සිහිවී මා පොඩී ගෙන් අසන්නට හිතා පසුව නෑසූයෙ මෙයයි. “තාත්ත එදා කිව්ව හරි නේද?”

මා මගෙන්ම අසා ගත්තේ මෙයයි. “මගේ ආදරය බිලිදී අම්මාගේ ජීවිතය බේරාගත්තේ මේකටද?”

ප/ලි,
බහුතර ඉල්ලීම මත ප/ලි ය කපා හරින ලදි!

47 comments:

  1. හප්පේ ඇති යාන්තම්. මට ආරංචියක් ආවා ඔය ප්‍රචන්ඩ ක්‍රියා උන්ට පුරුදු කළේ උඹෙයි කියල...

    ReplyDelete
  2. දුක හිතෙන කතාවක්....මුලින් උඹ සිංහයා පව්. දැන් ගිහානි පව්. ඒ වුනාට කමලා ඇන්ටි ගැන නම් මට ඒ තරම් අනුකම්පාවක් නැහැ..අවවාද වලට වැඩිය ආදර්ශ උතුම් නේ..

    සේරමත් හරි.අර මොකක්ද ප. ලි. යට දාලා තියෙන්නෙ..ඒක කතාවෙ රසයට බාධාවක්නෙ සිංහයා...ආ හරි හරි..ඒ කාලේ නටපු පීස්සු ගැන එල්ල වෙන අභ්‍යන්තර ප්‍රහාර වළක්ව ගන්න දාපු උප්පරවැට්ටියක් නේද..?

    හරි එහෙනම් ඊළඟට අර හීන මවල හැබෑ කර ගත්ත ටාගට් එක ගැන ලිව්වනම්..

    ReplyDelete
  3. ඔයාගෙ පැත්තෙන් සතුටු හිතෙනා අවසානයක් නේද...ඒත් අනේ මන්ද හිතට මොකක්ද වගේ.....

    ReplyDelete
  4. ඔය කමල ඇන්ටිට ළිදේ පනින්න ආශාවක් තියෙන්න ඇති පොඩි කාලෙ ඉඳන්ම මම හිතන්නෙ. එහෙම රෝග තියෙනව සමහරුන්ට.

    ReplyDelete
  5. උඹගේ කතාව අයියේ මම මුල ඉඳලාම කියෙවුවා . අද අන්තිම කොටස බැලුවාට පස්සෙත් ආයෙමත් ගිහින් පලවෙනි එකයි දෙවනි එකයි බලලා ආවා . හිතා ගන්න බෑ බොලේ උඹ කොයි වගේ තත්වයක උන්නද කියලා ..

    කොහොම හරි උඹට වැරදුනේ නෑ නේ මචං .. උඹ ගැන සතුටුයි

    අර උඹව වෙනස් කල දෙවනි සිදුවීමත් ඉක්මනින් ලීවොත් අපි කැමතියි ..

    ReplyDelete
  6. හ්ම්..අනේ මන්දා..:( ඇත්තටම මේක බොරු කතාවක්ද?

    ReplyDelete
  7. ඕ ලෙවල් වලින් ජීවිතේ ආපස්සට ගිහින් ආයෙත් හරි මගට වැටුන හැටි ඇත්තටම දැනගන්න කැමතියි... අයියගේ මානසිකත්වය ඇත්තටම තේරුම් ගන්න පුළුවන්..

    ReplyDelete
  8. ඇන්ටි නම් ලිඳේ පනින්න හේතුවක් සොයා සොයා හිටිය වගේ . යන්තම් බේරුනා කියල හිතෙනවද . ඔය වගේ දේකට විභාගේ කඩාකප්පල් කරගත්ත. ඒක නම් අපරාදේ .

    ReplyDelete
  9. අනේ මන්දා ගන්න එක ක්ෂණික තීරණයක් නිසා ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙනවා.

    ReplyDelete
  10. විභාගෙ කරගත්තෙ නැති එකනම් අපරාදේ.මොකක්දෝ වාසනාවකටද මන්දා අයියා බේරිලා තියෙන්නෙ.

    ReplyDelete
  11. මාත් අර සඳරූ වගෙ නැවත මුළු කතා මාලාවම කියෙව්වා. හැමදේම වෙන්නෙ හොඳටයි කියන්නෙ මේකටද මන්දා.දෙමාපියන් දෙන අවවාද අපිට ඒ කාලේ තේරුනෙ නැති උනාට දැන් හිතෙනව මොනතරම් ඇත්තද කියලා...

    ReplyDelete
  12. ගහේ කටු උල් කරන්න ඕනෙ නැහැ කියන එක ඇත්ත වගේ.....!

    ReplyDelete
  13. අර අන්තිමට දාපු උලව්ව මොකක්ද බන්... ඒකෙන් කතාවෙ රසයට පොඩි පහරක්....

    තාත්ත හරි කියල උබට දැන් තේරෙනව ඇතිනේ...එහෙම උනු එක හොඳයි කියල හිතෙනවත් ඇති. ඒක වෙන්න තිබ්බෙ එහෙම නිසා එහෙම වෙන්න ඇති.

    කමල ඇන්ටි නම් ලිඳට පුදුම ලව් එකක් නේ බන්... අවංකවම කිසිම දුකක් හිතුනෙ නෑ.. ඇයිද මන්ද

    ReplyDelete
  14. මුල කොටස් දෙක කලින් කියවල තිබුනත්, සම්පුර්ණ කතාවම ආයෙත් කියෙව්ව. ඉවර වෙලා ලොකු සුසුමක් හෙළුව. ගිහානි ගැනය්, අම්ම ගැනය් කනගාටුය්. ඉන්දිකගේ තාත්ත මොලේ තියෙන මනුස්සයෙක්. ඔය ඔක්කොම සිද්ධ වෙලා ඔලුව කෙලින් කර ගන්න පුළුවන් වුන ඉන්දික වාසනාවන්තයෙක්.

    ReplyDelete
  15. සෑහෙන සංවේදී කතාවක්...... මොනවා වුනත් උඹ පරාද වෙලා නෑනේ අයියා.... අර ඕ ලෙවෙල් ඇනගත්තට පස්සේ ජිවිතේ වෙනස් කරපු සිද්ධිය දැනගන්න ආසයි අයියේ.. ඉක්මණට ඒකත් ලියමුද ?? අනිත් කාරණය ඔය ඕ ලෙවෙල්, ඒ ලෙවෙල් කඩඉම් ඇනගන්න උන් ගොඩක් වෙලාවටකොහෙන් හරි ගොඩ යනවා. උන් එක්සෑම් ඇනගන්නේ ඉගෙන ගන්න බැරිකමට, අදක්ශකමට නෙවෙයි. මොන මොනවා හරි බාහිර ප්‍රශ්න නිසා. මමත් එහෙමයි... අනික ෆේල් වෙච්ච එවුනුත් ජිවත් වෙනවනේ.... ජිවිතේ එක පාරක් පැරදුනහම ඊළඟ පියවර කොහොමහරි දිනනවා. හැබැයි බොහෝම හිමින්, නොසැලෙන්නම ඒ පියවර තියනවා.......

    ReplyDelete
  16. හැමදෙයක්ම වෙන්නෙ සිද්ධවෙන්න තියන හොඳම විදියට. ඉන්දිකගෙ තාත්ත කමල ඇන්ටි වගේ පරළවෙලා කලබල නොකල නිසා ගොඩක් දෙනාගෙ ජීවිත වෙනස් වෙලා නේද. වෙන්න තියන හැමහ්ඩෙයක්ම වඩාත්ම හොඳම විදියට සිද්ධවෙනව කියල තේරෙන්නෙ සමහර විට ගොඩක් කල් ගිහිල්ල.

    ඊලඟට ඉන්දික ජිනරතනෙ ඉඳල ආපු ගාන ගැන ලඟදිම ලියයි කියල බලං ඉන්නව.

    ReplyDelete
  17. මාතලන්,

    මටත් උඹට වගෙම හෙන සැහැල්ලුවක් දැනුන ඊයෙ මෙක ලියල ඉවර කොලාම. මේ වඳුරන්ට ගස් වල යන්න මොන ට්‍රෙනින්ද ලොක්කො!

    ReplyDelete
  18. ලකී,

    ඔන්න පලිය අයින් කලා. අපේ හාමිනෙ ඔව්ව දන්නව. ඒත් මේ කතාවට සම්භන්ධ වෙන චරිත මේක දැක "අතන මෙහෙම නෙමෙයි අරහෙම උනේ" කියල මගෙ මල පන්නවයි කියලයි එහෙම දැම්මෙ.

    ඒ කතාව ලියන්නං හිමීට.

    ReplyDelete
  19. පිසාචය,

    සතුටු හිතෙන්නෙ දැන්නෙ! ඒ කාලෙ කොහොම හිතුනද කියල දන්නෙත් මංනෙ!

    ReplyDelete
  20. Outsider,

    සමහරවිට වෙන්න ඇති. කොහොමත් එයාට පොඩි මානසික අබධයක් තිබිල බෙහෙත් අරන් තීනව පස්සෙ. ඒ හින්දලු මේක පොළිසියෙන් මිනිමැරුමක් හැටියට සැක කරල නැත්තෙ.

    ReplyDelete
  21. සඳරු,

    මටවත් හිතා ගන්න බැරි තත්වෙක ඒ කාලෙ හිටියෙ!
    මට වැරදුනේ නෑ නෙමෙයි මං වැරදි හදා ගත්ත මලේ.

    ReplyDelete
  22. සයුරි,

    ඇත්ත කතාවක්. බොරුවට ලිව්වෙ!

    ReplyDelete
  23. දිනේෂ්,

    ඒ කතාව ආයි පාරක ලියන්නං. ඒකත් ටිකක් දිග කතාවක්, එකයි මේ පස්ස ගහන්නෙ.

    ReplyDelete
  24. බින්දි,

    ඇන්ටිට වෙලා තීන දේවල් අනුව ළිඳෙන් මෙහා තැනක් නෑ කියල මට පස්සෙ තේරුනා. ඒත් මොන එහෙකටද මන්ද අදටත් මට හිතෙන්නෙ නෑ මං බෙරුනා කියල!
    වනේ තිබ්බ එකානෙ දුක දන්නෙ. ඕගොල්ලො ජීවිතේ භාගයක් වින්දෙ නැති ගොඩේ, ඒ නිසා තේරෙන්නෙ නෑ.

    "කතන්දර Kathandara said...

    @ Weni
    මගේ තියරිය නම් මුලින්ම අදහසක් ආපු කොල්ලට ට්‍රයි කරලා, එයා හා කියලා, එයාට ලව් කරලා, එයාව බැඳලා... ඉන්න ජීවිතේ බාගයක් හිස් කියලයි!
    September 27, 2011 3:24 PM "

    ReplyDelete
  25. පිණිබිඳු,

    ක්ෂනික තීරන තමයි හැම තිස්සෙම ලෝකෙ ගිණි තියන්නෙ!

    ReplyDelete
  26. නිසුපා,

    මට එහෙම හිතෙන්නෙ නෑ නංගි. ඒ උනාට මගේ වර්ථමාන ජීවිතය තමයි මට ලැබිය යුතු හොඳම දෙය කියලනං දන්නව.

    ReplyDelete
  27. ගිම්හාණි,

    මගේ ජීවිතේ වර්ථමාන ආදර්ශපාඨය ඕක තමයි. නරකට කිසි දෙයක් වෙන්නෙ නෑ!

    ReplyDelete
  28. uwiniran,

    අපේ අම්මත් ඒ කාලෙ ඕකම තමයි කිව්වෙ.

    ReplyDelete
  29. පිස්සා පලාමල්ල,

    ඔන්න ඒ උලව්ව අයින් කරල තීන්නෙ. දැන් ආයි කතාවම කියවහං.

    අත්දැකීම් තීන මිනිස්සු ප්‍රශ්ණ දිහා බලන විදිය වෙනස් කියල මම දැන් දන්නව. ඒත් ඒ කාලෙ දන්නෙ නෑ.

    කමල ඇන්ටි පව් බං. ජීව්තේ මහ ගොඩක් බලාපොරොත්තු තිබ්බ ගෑණියෙක් අන්තිමට සේරම නැතිවෙලා වතුර හිරවෙලා මලා!

    ReplyDelete
  30. ඔබාම,

    මම වාසනාවන්ත මගෙ දෙමව්පියො සහෝදර සහෝදරියො මාව තීරුන් ගත්ත නිසා.

    ReplyDelete
  31. ගොඩය,

    එක පාරක් පැරදුනාම උන් මැට්ටො කියල අහක දාන සමාජයක ආයි ගොඩ යන එක ලේසි නෑ මලේ. ඒකට හොඳ ඉවසීමක් සහ හය්ය හිතක් හදා ගන්න ඕන. උඹේ කතාවත් ලියහන්, අපි එන්නං බලන්න.

    ReplyDelete
  32. නවම්,

    අපේ තාත්ත කලබල නොවිච්ච එකම තැන ඕකද මන්ද. ඒත් ඒ එක හරි හරිම එකයි.

    ReplyDelete
  33. //"කතන්දර Kathandara said...

    @ Weni
    මගේ තියරිය නම් මුලින්ම අදහසක් ආපු කොල්ලට ට්‍රයි කරලා, එයා හා කියලා, එයාට ලව් කරලා, එයාව බැඳලා... ඉන්න ජීවිතේ බාගයක් හිස් කියලයි!//


    කතන්දරගෙ තියරිය හැමෝටම හරිද? එහෙම නං ඔබීගෙය් මගෙය් ජීවිත දෙකම භාගයක් හිස් ජීවිත. අපි දෙන්නට නං එහෙම හිතෙන් නැහැ අවරුදු 32 කට පස්සෙ වත්

    ReplyDelete
  34. මමත් ඔයිට සමානම ගොං වැඩක් කරගත්ත ඉස්කෝලෙ යන කාලෙදි. තාමත් මතක සටහනක් විදියට ඒ කෙල්ලගෙ නම අතේ පුච්චගත්ත තුවාලකැලැල් තියනව.

    ReplyDelete
  35. දුක් සීන් එකක් නේ.......ගනං ගන්න එපා අපි හැමෝම නොකිව්වට ඔය වගේ ගින්දර හිතේ තියන් තමයි ගොඩක් අය ඉන්නේ.....

    ReplyDelete
  36. @ ඕනයා,
    අම්මප තෝ වගේ හරක් පැටියෙක්

    ReplyDelete
  37. ඔබාම,

    ඔව් ඕගොල්ලො භාගයක් හිස්, අපි තුං කාලක් හිස්. බැන්දෙ නැති උන් ෆුල් හිස්, බැඳල ලිහපු උන් ෆුල්..:D

    ReplyDelete
  38. ඕනය,

    දැං අත පුච්ච ගනිං බයික් එකේ සයිලන්සරේට අල්ලල. මාක් එක යයි..!
    ඔබාම කියනැහෙ අනේ ගොං පැටිය...

    ReplyDelete
  39. ඔබාම..

    මොකෑ මේ ඕනය එක්ක හැම තිස්සෙම ගේම? මූ බැඳල ඉන්නෙ ඔහෙගෙ නෑයෙක් එහෙම නෙවෙයිනෙ?

    ReplyDelete
  40. ඔබ නොදුටු ලොවක්,

    සහතික ඇත්ත සහෝ. කාගෙ කිල්ලෝට වලද හුණු නැත්තෙ!

    ReplyDelete
  41. @ඔබ්සර්වර් සහ ඉන්දික:
    හික් . . . මොනා කරන්නද මචංලා . . . .මස්තිශ්කෙං හිතන්න ඕනෙ දේවල් වෘෂණ වලිං හිතුවාම එහෙම වෙනව. එක හොඳකට උනේ කෙල්ල අත දිගට මගෙ නම පුච්චගද්දි මම අතේ ඇත්ල් පැත්තෙ ඔරලෝසු පටියට වැහෙන ටිකේ කොටාගත්ත එකයි.
    ඒ කෙල්ල පස්සෙ කාලෙක අතේ පුච්චගත්ත මගෙ නම මකාගන්න ඒ කොටස සම්පූර්නයෙන්ම පුච්චගෙන තිබුන. දැං නං ඒ තුවාල කැලැල් කෙල්ලගෙ අතේ නෑ . . .

    ReplyDelete
  42. අනේ මන්දා ජීවිතේ තමා ජීවිතේ...... සිදුවිය යුත්තේ කුමක්ද ඒක වළක්වන්න විදිහක් නැහැ ඒක සිදුවෙනවාමයි කියලයි මට සිද්ධ වුණු දේවල් කීපයකුත් එක්ක මට හිතුණේ...........

    ReplyDelete
  43. ඕනය,

    හිතේ කැළල නැතිවෙන්නෙ නෑනෙ ඒත්.

    -----------------------------------------------------------

    හසිත,

    හැම දේම වෙන්නෙ හොඳටයි කියනවලුනෙ. ඔන්න දැන් කමල ඇන්ටි ගෙදර හොල්මන් කරනව බඩු පෙරළනව කියල අපේ අම්ම ඊයෙ පෙරේද කිව්ව!

    ReplyDelete
  44. තාත්තට මල් තියල වැදපන් අයියෙ..

    කමල ඇන්ටි කියන කෙනා නම් මැරුණ එකමයි හොඳ.. ;)

    ReplyDelete
  45. අහම්බෙන් තවත් ඉන්දිකයෙකු ගේ කතාවක ලින්ක් එකක් දිගේ ඇවිත් කොටස් සේරම කියෙව්වා.සේරම ගැන දුකයි.කමලා තමන්ට වරදිච්චි තැනට දුරු නොයවන්න මැරෙන්නත් ලෑස්ති වුනා.අන්තිමට තමන්ට වගේම ගිහානිටත් එකම දේ සිද්ද වුන වග දැනගත්තම දිවි නහගත්තා.ගිහානිගේ තාත්තා මැරී මැරී ඉන්නවා ඇති ලෝකෙන් අපවාද විඳිමින්.දරුවෝ නිසිමග ආදර්ශවත් විදියට යවන්න දැඩි තිරනෙක ඉන්න ඔබේ තාත්තට සිද්ද වුනා.කොහොම වුනත් ආයෙත් වතාවක් ගිහානි ගැන අනුකම්පාවක් වගේ දෙයක් එන්න හැදුවොත් හිත එකෙන්ම පොලවේ ගහපන් මචං...!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් උඹෙ කමෙන්ටුවට. මේවත් බලහන්.

      http://upashantha.blogspot.ae/2015/04/blog-post.html

      http://upashantha.blogspot.ae/2015/02/blog-post_11.html

      http://upashantha.blogspot.ae/2015/02/blog-post.html

      Delete

LinkWithin

Related Posts with Thumbnails