එකල බම්බලපිටියේ සිරිසඳ නම් ලැගුම් හලක් විය. 1952 වසරේ දින කිහිපයක් සුනිල් සාන්තයන් එහි නේවාසිකව විසූ අතර, එක් උදෑසනක ඔහු ස්නානය අතර තම ගීයක් වූ "වරෙන් හීන් සැරේ" නම් ගීය ගුවන්විදුලියේ වාදනය වනු අසා සිටියේය.
තමන්ට කිසි කලෙකත් සිදුවූවායැයි මතකයක් නැති සුළු අඩුපාඩු කිහිපයක් වරින් වර ගායනයේ මතුවීම නිසා වික්ශිප්ත වූ සුනිලුන් ස්නානය හැර දමා වඩා හොඳින් ගීය අසන්නට විය.
මොහොතකින්, මේ නම් තමා නොවෙන බව වටහාගත්තද කටහඬේ ඇති සමානාත්වය සහ ගැයුමේ අපූර්වත්වය ඒ වනවිටත් ඔහුව විශ්මයට පත්කර තිබිනි.
තවත් තත්පර කිහිපයකින් ගීය හමාරවූ පසු නිවේදකයා "ඒ ගායනය සීදුවේ අයිවෝ ඩෙනිස් ගෙනි" යැයි අත්පොළසන් නාදයක් මැද පැවසීය.
තම හඬට අතිශයින් සම හඬක් හිමි මේ තරුණ ගායකයා දැක ගන්නට සුනිලුන් තුල මහත් ආශාවක් වැඩිනි.
ඔහු තම සිසු පැට්‍රික් දෙණිපිටිය මේ බැව් සලකල සිටියහ.
කිහිප දිනෙකින් පැට්‍රික් මේ කෙසඟ උස් තරුණයා සුනිලුන් වෙත කැඳවාගෙන පැමිණියේය.
ආධුනිකයාගේ වත ගොත දැණ ගැනුමින් පසුව, ඔහුට තම සංගීත පන්තියට එක්වන්නැයි ඇරයුම් ලැබිනි.
මඳක් විළියෙන් මෙන් තරුණයා ඒ ඇරයුම බැහැර කලේ "මාස්ටර් මට ඒකට සල්ලි නෑ"යැයි පවසමිනි.
"මුදල් අවශ්‍ය නෑ, ඔය ළමය එන්න" මේ එදා සුනිල් ශාන්තයන්ගේ පිළිතුර විය.
එවක සුනිලුන්ගේ සෙවනෙහි සංගීතය හැදෑරූ නිමල් ගුණරත්න, රෝහිත ජයසිංහ ( පසුව සියැක් වාද්‍ය වෘන්දයේ නායක ) , තිලක සුධර්මන්, එච්. එම් ගුණසේකර, පැට්‍රික් දෙණිපිටිය ආදීන්ට අයිවෝ ඩෙනිස්ද එතැන් පටන් එක් විය.
ටික කලෙකින්ම සිසු අයිවෝ තම ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මානය වන, සහෝදර සිසු තිලක සුධර්මන් ලියූ සහ සිය ගුරු සුනිලුන් සංගීතවත් කල " කුරුළු පරාදීසයේ, කුරුළු සිහින සාගරේ " නම් ගීතයද ගැයීය.
මේ ගුරු ගෝල සබඳතාවය කෙතෙක් දැඩිව වැඩුනේ සහ අයිවෝ කෙතරම් හොඳින් ශිල්ප හදාලේදැයි කිවහිත්, රේඛාව චිත්‍රපටයේ ගායනා සහ සංගීත වෘන්දයන් මෙහෙයවීමට සුනිලුන් තමන් වෙනුවට අයිවෝ ඉන්දියාවට යැවීය. මෙය රේඛාව නයු ලෙස්ටර් මඳක් වික්ශිප්ත සහ කණස්සලට ලක් කල කරුණක් වුව සුනිලුන්ට ඒ ගැන සැකයක් නොවීය. එහි ගිය අයිවෝ තම රාජකාරිය අකුරටම කලා පමණක් නොව " අනුරාපුර පොලොන්නරුව " නම් ගීයද කදිමට ගැයූහ.
මෙලෙස සුනිල් සාන්තයන් ඇසුරේ එහි වැඩුනු අයිවෝ කේමදාසයන් වෙත ගෙනයන්නේ ටී. එම් ජයරත්නයන්ය. ඒ "අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන" නම් ප්‍රෙමදාස ශ්‍රී අලවත්තගේ ලියූ ගුවන්විදුලි පර්‍යේෂන ගීයට ගැඹුරු හඬක් ඇති ගායකයකු සොයමින් සිටි මොහොතේදීය. ඉන් පසුව කේමදාසයන්ටද අයිවෝ නැතුවම බැරි විය.
කේමදාස අයිවෝ සුසංයෝගය බිහිකල සියලු ගීත අතර " උදුම්බරා " සහ " පිනට උපන් මිනිසුන් සිටිනා රට" යන ගී ද්විත්වය අති සුවිශේෂය. එමතු නොව කේමදාසයන්ගේ කැන්ටාටා, ඔපෙරා සියල්ලටම අයිවෝ නැතුවම බැරි විය.
තම සංගීත ඉදිරිපත්කිරීම් උදේසා අයිවෝගෙන් ලැබුන මනා පිටිවහලට ක්‍රතගුණ දක්වනු වස් කේමදාසයන් විසින් අයිවෝ උපහාර උළෙලක්ද පවත්වන්නට යෙදුනු අතර, එය මෙරට සංගීතඥයෙකු විසින් ගායකයකු වෙනුවන් කල එකම උපහාර උළෙල විය හැක.
එමතුද නොව, ෂෙල්ටන් ප්‍රෙමරත්න, මකුළොලුව, අමරදේව ඈ සියළු මුල් පෙලේ සංගීතඥයන් හා එක්ව උසස් නිර්මාණ කල අයිවෝ ඩෙනිස්, කලාතුරකින් දකින්නට අසන්නට ලැබෙන ගැඹුරු සහ මිහිරි හඬකි.
සුනිල් සාන්තයන් තව හෝ කේමදාසයන් තව ටික කලක් සිටියේනම් අපිට මෙයට වැඩි රසවත් නිර්මාණ අයිවෝ හඬින් අසන්නට වාසනාව ලැබෙන්නට ඉඩ තිබුණි.
එහෙත්, තනිව මේ බොල් පිළිම සමඟ අසූ හය වියැති ඔබ කුමක් කරන්නද? ගොස් ගුරු සාන්තයන් හා එක්ව දෙව්ලොව සනසන්න. මෙතෙක් අප වෙනුවෙන් කියූ දෑට නොවක් තුති!
ඉන්දික උපශාන්ත.
(ලිපියට උපකාර - සුලින් සාන්ත, හෙළ ගීයේ මුදුන් මල් සර - විජිත් කුමාර් සේනාරත්න)
Picture from here
සුභ ගමන් අයිවෝ!!
ReplyDeleteසමාදානයේ සැතපේවා
Deletehttps://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_60.html
ReplyDeleteThanks macho
Deleteඔය දැං සින්දු කියන ඇයෝ ඔහොම කෙනෙක් උන්නා කියලවත් දන්නවද දන්නෙ නැ
ReplyDeleteසුභ ගමන් අයිවෝ.. ලිපිය රහයි
ReplyDelete++++++
Deleteස්තූතියි වැටට සහ කටට දෙකටම
Deleteඑහෙත්, තනිව මේ බොල් පිළිම සමඟ අසූ හය වියැති ඔබ කුමක් කරන්නද? +1
ReplyDeleteසුභ ගමන් අයිවෝ !
මලගෙදර අඬන්න ඇතිවෙන්න ගායකයො ඉන්නව නේද
Deleteසුනිල් ශාන්ත..අයිවෝ ඩෙනිස් මේ දෙන්නගෙ පදිංචිය අතර වැඩි දුරකුත් නෑ..ඉස්සර දවසක සීදුවෙ ප්‍රීමා එක කිට්ටුව පාර අයිනෙ උඩු කය නිරුවතින් විවේක සුවයෙන් සිටින අයිවෝ තුමා දුටිමි. සුභ ගමන් ඔබට...
ReplyDeleteගුරයි ගෝලයයි දෙනම සරල දක්ෂ මිනිස්සු
Deleteහරිම අහිංසක නිහතමානී මනුස්සයෙක්... ප්‍රොජෙක්ට් එකක වැඩකට විස්තර වගයක් ගන්න ගිය වෙලේ අපිට ගොඩක් උදව් කරා...
ReplyDeleteකරල් පිරි ගොයම් වගේ තමා
Deleteඔබට සුභ ගමන්
ReplyDeleteවිචාරක දියණිය
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteඅගෙයි.
ReplyDeleteසැහැල්ලුව බර වෙලා වගෙයි දැං
ReplyDeleteඅහම්බෙන් දැක්කේ. පෝස්ටුව අගෙයි, පත්තරෙත් තුබුණා වගේ මතකයි!
ReplyDeletemarsbahis
ReplyDeletebetboo
sultanbet
marsbahis
betboo
sultanbet
microsoft365.com/setup/family product key is a secured 25 digit alphanumeric code series xxxxx-xxxxx-xxxxx-xxxxx-xxxxx. This activation key can be used summarily to install and activate the product with ease. One can effortlessly access more information about these product keys at microsoft365.com/setup today.
ReplyDeleteRegards : microsoft365
instagram beğeni satın al
ReplyDeleteyurtdışı kargo
seo fiyatları
saç ekimi
dedektör
fantazi iç giyim
sosyal medya yönetimi
farmasi üyelik
mobil ödeme bozdurma
bitcoin nasıl alınır
ReplyDeletetiktok jeton hilesi
youtube abone satın al
gate io güvenilir mi
referans kimliği nedir
tiktok takipçi satın al
bitcoin nasıl alınır
mobil ödeme bozdurma
mobil ödeme bozdurma
smm panel
ReplyDeletesmm panel
iş ilanları
instagram takipçi satın al
hirdavatciburada.com
https://www.beyazesyateknikservisi.com.tr/
Servis
tiktok jeton hilesi
özel ambulans
ReplyDeleteminecraft premium
lisans satın al
en son çıkan perde modelleri
yurtdışı kargo
nft nasıl alınır
en son çıkan perde modelleri
uc satın al