Thursday, December 18, 2014

ඌවේ ඉන්දක දෙවියන්ගේ අමුතු මුතු!



ඉන්දක යනු ඌවෙ සුප්‍රසිද්ධ නමුණුකුළ කඳු අරක්ගෙන සිටි දේවතාවෙකි. මුතියංගන මහ වෙහෙර "දා- මුතු" නිධන් කරවා කරවනු ලැබුවේ මේ ඉන්දක දෙවිඳුන්යැයි ජනවහරේ එයි.

බ්ලොග් ලොවෙහිද මේ ඉන්දක දෙවි අඩවියෙන් වැඩි මුතු මහ ගොඩකි. ඒ අතරින් බුරා, ඉවාන්, කළ්‍යාණ මිත්‍ර, සින්දු ඇනෝ වැන්නවුන් පෙරමුනෙහි සිටිති.

මේ අදහස ඒ ඌවේ මුතු ගැන කියන්නට නොවේ. ඌවේ සිට ලියන, තවත් ඉන්දක කෙනෙකුගේ අඩවියක් ඔබට හඳුන්වා දෙන්නය.

මා ඇති පදම් බණ්ඩාරවෙල ගොස් ඇත්තෙමි. මා මෙන්ම බණ්ඩාරවෙල ට්‍රිප් යන අපි දන්නේ බණ්ඩාරවෙලට කිලෝමීටර දහයක් පහළොවක් ඈති වන රාවණා ඇල්ල නම් ඇල්ල වැල්ලවාය මාර්ගයේ වූ දිය ඇල්ලත්, හපුතලේ ලිප්ටන් සීට් එක සහ ඇඩිෂම් බංගලාවත් හැර ඒ අවට බලන්නට මෙලෝ මලදානයක් නැති බවයි.

බදුල්ලට යන්නේනම්, සුප්‍රසිද්ධ බෝගොඩ ලී පාළමත්, දුන්හිඳ දිය ඇල්ලත් හැර වෙනත් යමක් බදුල්ලේ නැති බවයි.

නමුත් මා කෙතරම් වැරදිදැයි, ඉන්දක කරුණාදාසගේ මේ බ්ලොග් අඩවිය දුටුවනම සිතුනි.

කොටින්ම අපි රාවණා ඇල්ල නමින් හඳුන්වන, ඇල්ල වැල්ලවාය මාර්‍ගයෙහි වන සුප්‍රසිද්ධ දිය ඇල්ලෙහි සැබෑ නම "බඹරගම ඇල්ල" බවත්, රාවණා ඇල්ල යනු වෙනත් පාරක ගොස් නැරඹිය යුතු දිය ඇල්ලක් බවත් ඔබ දැන සිටියාද?

මේ සැබෑ රාවණා ඇල්ලෙහි ඇති ගුහා, සහ රාවණා විහාරය ගැනත් ඉන්දක ලියා ඇත.

එපමනක් නොවේ. බණ්ඩාරවෙල අවට ඇති තවත් කුඩා අප්‍රකට දිය ඇළි කිහිපයක් ගැනම ඔහු ලියා ඇත.

බණ්ඩාරවෙළ වැළිමඩ පාරේ මා ඥාති සෝවුරියගේ නිවස අසල තිබූ, එවක නම් කෙලින් සිටි අම්බලම, වසර පන්දහසක් පැරණියැයි කියන කුරුල්ලන්ගල ලෙන් චිත්‍ර, මේවා ගැන බණ්ඩාරවෙළ යන හෝ එහි වෙසෙන බහුතරයක් නොදැන සිටින බව මට විශ්වාසය.

එපමණක්ද, බදුල්ලේ ඇති අති සුන්දර අම්බලමක් ගැන මම කිසි දිනෙක අසා නොතිබුනෙමි! බදුල්ලේ වෙලේකඩේ තාරකා කොටුව, බදුලු ටැම් ලිපිය වැනි අප නොදත් දේ බොහෝ ඔහු සැකෙවින් ලියා තිබේ.

මා කපිතාන් රෝගර්ස් රොජර්ස් ගැන වූ "හෙන ගැසීමේ පුරාවෘතය" කිසි විටෙක විශ්වාස නොකලෙමි. නමුත් අලි දහස් ගණනක් මරා දැමූ, හපුතලේදි මිය ගිය ඒ වීර සොල්දාදුවා මලේ හෙනයකිනැයි, ඔහු ගැන සඳහන් කර තිබූ "මේජර් ස්කිනර්" පවා වසං කර තිබුනි. නමුත් රෝගර්ස් රොජර්ස් වෙනුවෙන් සිංහලයින් තැනූ බදුල්ලේ කුඩා දේවස්ථානයේ ඇති පුවරුවෙහි "ඔහු අකුණක් වැද මියගිය බව" සටහන් කර තිබෙනු ඇසීම, රෝගර්ස් රොජර්ස්ගැන වූ පුරාවෘතය ගැන යලි සිතන්නට පෙළඹවීය.

එපමනක් නොව, ඇල්ල ටැම්පිට පත්තිනි දේවාලයද, බදුල්ල බණ්ඩාරවෙළ අතර සැරි සරන්නෙකුට දැකගතයුතුම තැනක් ලෙස සිතමි.

 ඉතාම කළාතුරකින් කමෙන්ට් එක දෙකක් සහිතව, දෙවසරක් පුරා අඛන්ඩව මේ තොරතුරු ජාලගත කල ඉන්දක වෙනුවෙන් තම සටහන් ඉදිරියටත් කරගෙන යාමට උත්තේජනයක්, අගය කිරීමක් කරන්න එකතුවෙමු යැයි ඔබෙන් අමුතුවෙන් ඉල්ලන්නට අනවශ්‍ය බව දනිමි.

අන්තර්ජාලයට අවශ්‍ය අප මෙන් ඕප දූප ලියන්නන්ට වඩා මෙවන් සොඳුරු මිනිසුන්ය. ඉන්දක, මේ සටහන ඔබට උපහාරයක් ලෙසමැයි!


මේ අඩවිය ගැන ඔත්තුව දුන් සින්දු ඇනෝටත් ස්තූතියි!

80 comments:

  1. ඔහෝ.. මහ සෙනගක් මැද ඔබ මගේ රෙදි ලෙහුවා වැනි ලැජ්ජා සහගත හැඟීමකින් හිත කීරි ගැසී යයි.. බදුල්ලේ බදුල්ලේ යැයි කිව්වාට මා නොදන්නා කොතෙකුත් දේ ඇත්ද? කෙසේ හෝ මේ ඉන්දකව සොයාගත යුතුයි.. ස්තූතියි දැනුවත් කිරීමට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. මාගේ දුරකතනය 077 3471595

      Delete
    2. මහ සෙනගක් මැද ඔබ මගේ රෙදි ලෙහුවා වැනි ලැජ්ජා සහගත හැඟීමකින් හිත කීරි ගැසී යයි
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      කමියෝ මේක අහලා තියනවාද බලපන් ...

      ඌවේ ගීතය ..

      දේශ දේශ කිතු ගසේ නැගු භූමී
      දේශ දේශ අභිවන්දී භූමී
      ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
      උදාර හෙළ භූමී - ඌව විජය භූමී

      සීත නමුණුකුල කඳුවැටි හෙවනයි
      දුන්හිඳ - දියලුම ගලනා සිහලයි
      වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
      අභීත - රණවිරු නිජ බිම ඌවයි

      මුතියංගන මියුගුන සෑකිරණයි
      කන්ද කදිර හිමි දෙවි රැක වරණයි
      වීර මොනරවිල එඩි පෑ දෙරණයි
      සිංහ කොඩිය සහ අසිපත මෙතනයි

      Delete
    3. ඉන්දක සිරි දෙවිඳු තෙද පැතිරුණු තැනය
      වන්දිත රැකෙන බබලන සුදු බුදු ගුණය
      සිංහලයනට ජය දුන් වර අපමණය
      සන්සුන් සිතින් නමදිමු මුහියංගණය

      Delete
    4. ක.මි,

      ඕව ඔහොම තමයි. මතකනෙ මම කිව්ව බොලා සිරිමාබෝධිය පාමුල හිඟන්නවගේ බව :)

      සින්දු ඇනෝ, ඔය සින්දුවෙ කියවෙන්නෙ ඌව-වෙල්ළස්ස දෙකම ගැන. සුද්දො ( අර 87 උතුරු නැගෙනහිර එක් කලා වගේ ) 1818 කැරැල්ලෙන් පස්සෙ ඔය දෙක එකතු කරනව. නැත්තන් කතරගම දෙය්යොයි, සටන් කරපු විරුවොයි අයිතිවෙන්නෙ බොලාගෙ ඌවට නෙමෙයි.

      මනෝ, ඉන්දක මොකෑ, ඉන්දික මොකෑ, ඔන්න ඔහෙ මටත් වැඳහන් එහෙනං.

      Delete
  2. Replies
    1. ප්‍රේමයයි වෛරයයි අතරෙ වෙනස කෙස්ගහක් කියනවනෙ. ඉතින් දෙය්යෙක් සහ යකෙක් අතරෙ ඉස්පිල්ලක් උනාම මොකෑ!

      Delete
  3. ඌව වෙනුවෙනුත් ඉන්දක වෙනුවෙනුත් මේ තැබූ ස්ටහන වෙනුවෙන් ස්තූතියි ඔබට. සින්දු ඇනෝ කිව්ව පාරෙන් මමත් මේ අඩවිය කියෙව්වා අද. ගිහින් නෙතින් බලාගන්න දේවල් ගොඩයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබ සැමට

      Delete
    2. මනෝ, උඹ ඌවෙ කියල මම දැනං උන්නෙ නෑ! කොහොම උනත් ගමේ දේ බලාගන්න දැන් වත් හිතුන එක ලොකු දෙයක් :P

      Delete
  4. අයියන්ඩි එල ද බ්‍රා ලිපි ටිකක් තියනවා එතන

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං අපි මෙහෙම පබ්ලිසිටියක් දුන්නෙ.

      Delete
  5. ස්තුතියි සිංහයා.
    ගියා. වැදුනා. එල්ලුවා. ඔක්කොම කලා.
    ටැපලෙන නිසා සතාගෙ නම දැම්මා ඔයාට, කමක් නෑනෙ?
    මනෝෂ් සඳරුවන් යනු මම දුටු තවත් ඌවේ සුන්දර සිතක්.

    ReplyDelete
    Replies
    1. "මනෝෂ් සඳරුවන් යනු මම දුටු තවත් ඌවේ සුන්දර සිතක්"
      +++++++++++++++++++++++++++++++++++
      නැතුව නැතුව .....එකා අමතක වෙලා හිටන් :D

      Delete
    2. සුන්දර සිතට යටින් සීතල වෙච්චි වෘකයෙකුත් ඇත...
      ++++++++++++++++++++++++++++++

      Delete
    3. සිකේ.. හැක් එක දාන්න අමතක උනා..

      හැක් හැක් හැක්

      Delete
    4. දේශෝ අපි කාගේ කාගේත් ඔහොම සිතල වෙච්චි එකෙක් ඉන්නවා බන් .අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න ඉගෙන ගන්නවා ඌ හීලැ කරගන්න ....හැක් හැක්

      Delete
    5. සුනඛයන්ට වඩා වෘකයෝ හොඳයි බං. වේගවත්, ශක්තිමත්, තියුණුයි, හදවත හරිම උණුසුම්, සටන මුහුණට මුහුණ, නැට්ට කකුල් අස්සෙ ගහගන්නෙත් නෑ, බුර බුර ඉන්නෙත් නෑ. කන්ද උඩටම නගිනවා පාමුලට වෙලා කඳු පාත් වෙනකල් බුරන්නැතිව.

      හැක් හැක්!!

      Delete
    6. දේශා, ප්‍රහේලිකා ඇයි අපි වගේ අලුත් උන්ට? මම කී දේ වරදක්ද?

      Delete
    7. මධුපොවි,

      මම ඉතින් කෝමත් සතානෙ බං, ඒ නිසා අවුලක් නෑ :)

      මනෝ ගැන දැනං උන්නෙ නෑ, දන්නවනං ඌවත් දානව.
      ......................................
      දේශා, වෘකය උඹව කෑවද?

      ......................................

      සින්දු, දැන් වින්ටර් නිසා වෘකයො සීතලේ ගුලිවෙලාමයි බන් ඉන්නෙ, හොයාගන්නෙත් අමාරුවෙන්.

      ......................................

      ඔන්න ඉතින් වෘකය සුන්ඛය වෙලා. යකෝ වෘකයො ගේම ඉල්ලන්නෙ නෑ, ගේම දෙනව මිසක්. දැක්කනෙ රතු ආච්චිට කල දේ?

      ......................................

      මධුපොවි,

      මුන් කියන ඒව ගණන් ගත්තොත් උඹටත් පිසු හැදෙයි.

      Delete
  6. ඒකනෙමෙයි. ඉන්දික දෙවියන්ට flag guns තියනවද

    Rogers - රොජර්ස්.

    ReplyDelete
    Replies
    1. බදුල්ලෙ ඇන්ග්ලිකන් පල්ලියෙ ( ඉස්සරහ අයිතිහාසික belfry එකක් තියන එක, මහියන්ගන පාර පටන්ගන්නකොටම වගේ ) රොජර්ස් වෙනුවෙන් plaque එකක් තියනව

      Delete
    2. ප්‍රා,

      //Rogers - රොජර්ස්. // ස්තූතියි! ඔන්න නිවැරදි කරා.

      ඔය රොජර්ස් කියන්නෙ "අති දක්ෂ, කාර්‍ය්ශූර, ඉතාම බුද්ධිමත්" නිළධාරියෙක්ලු! ස්කිනර් ලියල තීන විදිහට "දවසක් සර් විල්හෙල්ම් හෝටන් කියනවලු පිරිසක් එක්ක, මිනිහට මේ ලෝකෙ වෙන කෙනෙක් වගේ වෙන්න පුලුවන් උනොත් වෙන්නෙ තෝමස් රොජර්ස් වෙන එක" කියල ( Fifty years in Ceylon - Thomas Skinner )

      අනික ස්කිනර් කියනව, රොජර්ස් මලාට පස්සෙ මිනිහ කරපු රාජකාරි කරන්න නිළධාරි 4 දෙනෙක් දැම්මත්, අර තිබ්බ කාර්‍ය්ක්ෂමතාවය තිබ්බෙ නෑ කියල.

      //බදුල්ලෙ ඇන්ග්ලිකන් පල්ලියෙ ( ඉස්සරහ අයිතිහාසික belfry එකක් තියන එක, මහියන්ගන පාර පටන්ගන්නකොටම වගේ ) රොජර්ස් වෙනුවෙන් plaque එකක් තියනව// ඔය පල්ලිය හදල තියෙන්නෙ "ඌවේ සිංහල බෞද්ධ නායකයින්" රොජර්ස් ඌවට කල "මහඟු සේවයට" උපහාරයක් විදියට. ඉන්දක ලියල තීනව වගේ එකෙ මුල්තැන එවක ඌවෙ සිංහල අදිකාරම් රඹුක්පොත දිසාවෙලු!

      Delete
  7. මා ගැන සටහනක් ලිවිම පිළිබදව මාගේ ස්තුතිය ඉන්දික උපශාන්ත මහතා ඔබට. මාගේ දුරකතන අංකය 077 3471595 සහ e-mail: iksmail35@gmail.com

    ReplyDelete
    Replies
    1. ඉන්දක, ඔබේ ස්තූතිය භාර ග්නීමට නොහැක. ඒ වෙනුවට දිගටම ලියන්න, අපි ඔබට ස්තූති වන්ත වෙන්නම්!!

      ඔබේ අංකය සඳහන්කිරීම ඉතාම අගෙයි. අනිවාර්යෙන්ම ඔබ අමතන්නම් මේ පාර නිවාඩුවට ලංකාවට පැමිණි වහාම, මොකද දැනගන්න දේ බොහෝයි.

      Delete
  8. මම මුලින් දැක්කේ ඉන්දික දෙවියෝ කියලා.

    වටිනා බ්ලොග් එකක් හදුන්වාදීම පිලිම්බන්දව ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඉන්දික දෙය්යො කියල නිකංවත් දැක්කෙ උඹ විතයිද කොහෙද...හැක් හැක්...

      Delete
  9. ඉන්දික අය්යේ මේක මම දැකලා ගොඩක් කල් ..එත් මම හිතුවේ අප්ඩේට් වෙන්නේ නැ කියලා .අහම්බෙන් තමයි දැක්කේ 2014 ලියලා කියලා .ගොඩක් ස්තුතියි හදුන්වා දීම ගැන ...

    ReplyDelete
    Replies
    1. උඹ වෙලාවට මේක මට එව්වෙ. දැන් ඌ ලියයි ඒව බලන්න ඉන්න අයගෙ උනන්දුව නිසාම.

      Delete
  10. මේ බ්ලොග් අඩවිය හඳුන්වාදුන් ඉන්දිකටත්, බ්ලොග් අඩවිය ලියන ඉන්දකටත්, ස්තුතියි.

    නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකේම මා සේවය කර ඇති නිසා ඉන්දකගේ අඩවියේ සඳහන් බොහෝ ස්ථාන දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද හමුදාවෙ මාලු, අපි යන්ටෙපැයි තනිවමම මූදු!

      Delete
  11. හැක් හැක්... මාත් ඉස්සෙල්ලම දැක්කෙ ඉන්දික දෙවියො කියල තමයි. මම හිතුවෙ මේ ඡන්දෙ කිට්ටුව..... නෑ ඒව ඕන නෑ. :D
    කොහොම උනත් මේ වගේ තමන්ගෙ ප්‍රදේශයේ තියෙන අප්‍රකට තොරතුරු ඉදිරිපත් කරන එක බ්ලොග් කියවන අයට කරන ලොකු සේවයක්.
    ඒ වගේම මේ ගැන තොරතුර දුන්න ඉන්දිකටත් ස්තුතියි.
    ගිහිල්ල කියෝලම එඤ්ඤං එහෙනං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...ඉන්දිකල ඇවිත් පල් දෙය්යොනෙ බං. මුන් රියල් දෙය්යො.

      බොලාටත් නරකයි මෙහෙම දෙයක්වත් අර කොන්ක්‍රීට් බලගොයෙ ලියන්න. මේ, ඔය ගොඩකවෙල ඉඳල උඩවලවෙට තීනව නේද පාරක් කෙලිම්ම, ගම ම්දින්, ඇඹිලිපිටි පාරට නොයා? මම දැක්ක ගූගල් එකේ. ඒක හොඳ යන්න ඇහැක් පාරක්ද?

      Delete
    2. බොලා කියන්නෙ මේ පාරනං ඒකෙ බොහෝ දුරක් හොඳ තත්වයේ තියෙනව.

      Delete
    3. ඒ පාර ගැනනං නොදනී. නමුත් දැඩි සේ අබලන් තත්වයේ නොතිබිය හැක. සොයා බලා වාර්ථා කරන්නං.

      Delete
    4. ප්‍රසා,

      ඔය උඹ දාල තීන පාරෙ අර ෂාප් බෙන්ඩ් එක නොගෙන කෙලින් ගියාම තීන බී 593 පාරෙ ගිහින් තියෙද? මම ගියා 2003දි දියවිනි ඇල්ල බලන්න. ඇල්ලෙන් එහාට යන්නම බැරිඋනා මගේ ඒ කාලෙ තිබ්බ කාර් කට්ටෙ. මොකද වැලි ගෙනියන ලොරි පාර කාල. දැන් කොහොමද දන්නෙ නෑ! උඩවළව කැලේ මායිමෙන් යන්නෙ.

      Delete
    5. ඒ ෂාප් බෙන්ඩ් එකෙන් එහාටනං ගිහිල්ල නෑ. අපි එකපාරක් කල්තොට යනකොට අර බෙලිහුල්ඔය ඉඳල තියෙන බී 593 යන්න හදල ඒක සමනලවැව ඩෑම් එක උඩින් යන හින්ද ඒකෙ යන්න දෙන්නැතිවෙයි කියල හිතල බී 38 බලංගොඩ ඉඳල ගිහිල්ල ආපහු එනකොට බී 467 ඇවිල්ල බී 223 න් ආපහු බලංගොඩට ආවෙ. ඔය ලොකු වංගුටික තියෙන හරියෙ ආවෙ රෑ හතහමාරට විතර. හෙන කැලේ ඒ මදිවට වාහනත් නෑ. පට්ට කරුවලයි. හැබැයි පාරවල්නං හොඳයි.

      Delete
    6. මම ඒ පාරෙ ගියා 2013 ආවම. මගෙ මූණු පොතේ ඇති පින්තූර. ඒක යන්නෙ ඩෑම් එක උඩින් නෙමේ ඩෑම් එකට පහලින්, හැබැයි හවස 5 පස්සෙ ඇතුල්වෙන්නෙ දෙන්නෙ නෑ.

      [img]http://trips.lakdasun.org/wp/wp-content/uploads/2012/12/image043.jpg[/img]

      ඔය බී 38 මග තීනව මතකද කන්ද කපාපු ඒරියා එකක්, තඩි කළු ගලක් මැදින් එන? ඉස්සර අනර්කලී ජීප් එහෙක නැගල එන ඇඩ් එකක් අරගෙන එහෙම තිබ්බ ඒ හරියෙ. අර මම 2003 ගියපු වෙලාවෙ මායි වයිෆුයි විතරයි කාර් එකේ. පට්ට වැස්ස. පාර අහගන්න එකෙක් නෑ, කරුවලේ ඔය පැත්තෙන් ආවෙ.

      [img]http://trips.lakdasun.org/wp/wp-content/uploads/2012/12/image037.jpg[/img]

      (ඔය පින්තූර මගේ ඒව නෙමේ, ගත්තෙ ලක්දසුන් එකෙන්.)

      Delete
    7. ඔය පාර බලංගොඩ ඉඳල සමනලවැව පවර් හවුස් එක හදන්න බඩු ගෙනියන්න කපපු එකක්ය කියලයි කියන්නෙ.
      බොලා ගිහිල්ල තියෙනවද බලංගොඩ ඉඳල බගවන්තලාවට තියෙන පාරෙ. අන්න ඒකත් නියම පාරක් තමයි.

      Delete
    8. @ P,
      පින්නවල, සිසිල්ටන් හරහා

      Delete
    9. @ Indika,

      උඩවලවෙ kalu's hideaway තියෙන්නෙ ඒ පාරෙද?

      Delete
    10. // බලංගොඩ ඉඳල බගවන්තලාවට තියෙන පාරෙ// අප්කොට් වලට සෙට් වෙන පාරද ? ඒකෙ වාහන යන්න බෑනෙ ප්‍රසා. මම ට්‍රේලකින් බැහැල තියනව 1999 විතර, මම හිතන්නෙ ඒකයි ඔය කියන පාර.

      Delete
    11. @ කම්මල
      මම කියන්නෙ මේ පාර අපි කීප පාරක්ම සිරීපාදෙ ගිහිල්ල එන ගමං මේ පාරෙ ආව. බස් හිටන් යනව.

      Delete
    12. @ Pra,
      ඔවු පින්නවල හරහා තමයි.

      Delete
    13. පින්නවල සහ සිසිල්ටන්වත්ත හා බලන්ගොඩ වත්ත පාර.
      ටිකක් පටුයි දැන් අවු 15කට විතර ඉස්සර, ඒත් හොඳට තිබුනා

      Delete
    14. ප්‍රසා,

      මේ තීන්නෙ ඔය උඹ ගිය පාරෙ මම 2004 දි ගත්තු පින්තූර. සුන්දර සහ පාළු පාරක්. ඔය බොගවන්තලාව ප්ලාන්ටේෂන් එකේ තීනව මරු හොලිඩේ කොටේජ් එකක්.

      [img]https://imagizer.imageshack.us/v2/2048x1536q50/907/OWvDN2.jpg[/img]

      [img]https://imagizer.imageshack.us/v2/1024x768q90/540/b359KU.jpg[/img]

      අපිත් ඕකෙ ආවෙ සිරීපාදෙ පාමුල මරේවත්තෙ දිය ඇළි බලල.

      [img]https://imagizer.imageshack.us/v2/640x480q50/661/1JxNP7.jpg[/img]

      Delete
    15. ප්‍රා, නෑ මම කියන්නෙ දියවිණි ඇල්ලට යන පාර. ඒක තීන්නෙ උඩවලවෙ පිටිපස්සෙ, ඩෑම් එක උඩට පේනව ඈතට ඒ ඇල්ලනම්.

      කළුගෙ ස්පොට් එක තීන්නෙ වළවේගම, ඒකියන්නෙ උඩවළව ජනපදයඇතුලෙ. ඒ උඩවලව ඩෑම් එකට කලින් තීන හන්දියෙන් ඇතුලට ගිහින්.

      Delete
    16. කම්මලේ, ඔය අප්කොට් පාර පොඩ්ඩක් මැප් එකේ පෙන්නහන්කො?

      Delete
    17. @indika, ඒ කොටේජ් එක තියෙන්නෙ ------- (මතක නෑ මුල කෑල්ල ) Cove කියන වත්තෙද?

      ඒක නෙමෙයි ඒකට යන්න පුලුවන් චතුරස්‍රාකාර සුදු අයට විතරද?

      Delete
    18. ඔව් නෝත්කෝව් කබානාස් තමා නම.

      මම දන්න තරමට එහෙම අවුලක් නෑ! නමුත් දවසක් ගන්න ටිකක් අමාරුයි. අර aat උඩ ඔෆිස් එකට ගියානම් බුකින් එක දාගන්න ලේසියි.

      Delete
    19. ප්‍රා ඉන්නෙත් වතු බිස්නස් එකේ නේද? බලංගොඩ ප්ලන්ටේෂන් එකේ දන්න අය ඉන්නවද, ආසයි ආවම නගරක් බන්ග්ලෝ එකේ රැයක් ඉන්න යන්න.

      Delete
    20. //ඒකට යන්න පුලුවන් චතුරස්‍රාකාර සුදු අයට විතරද// හැක්.. හැක්..
      මාත් බැලුව ෆොටෝ එක දැක්ක හැටියම මොකක්ද ඒ කණු දෙක කියල. :D

      Delete
    21. @ ඉන්දික, ප්‍රසා දාල තියන පාර තමයි. හැබැයි අපි ආවේ කැම්පියන් වත්තෙන් ගිහින් ,කොටියාගල වත්තට ගිහින් ඒකෙන් පල්ලම් බැහැල. වතු අස්සෙ තියන පාරවල් මැප් එකේ නෑ .
      දැන් බොගවන්තලාව ප්ලාන්ටේෂන් එකේ වතුවල කබානාස් තියනව තමයි , හැබැයි ඩන්සිනේන් එකේ තියනව නියම කබානාස්. අනික ෆිෂින් හට්

      Delete
  12. ඔත්තුවට ඉස්කෝතුයි ඈ

    ReplyDelete
  13. හැබැයි ලිපිය සම්පූර්ණෙයන් කියවන්න ලින්ක් ගාෙඩකට රිංගන්න වෙනවා. මෙෙත්‍රීගේ ෆ්‍රී ඉන්ටනෙට් ඒක ලැබුනොත් ඒහෙමත් රිංගන්නම්

    ReplyDelete
    Replies
    1. නොමිලේ වයි පයි... ආයේ දෙකක් නෑ නිර්මලා.. මගේ මනාපෙත් මෛත්‍රී බුදුන්ට.. මොකෝ දැන් හතර පාරක්ම විධායකේ අහෝසි කරන්න දුන්නනේ..

      Delete
    2. නිර්මලා, ෆ්‍රී නෙට් ආවම ලින්ක් බලල, අඩුකරපු පැට්‍රල් ගහගෙන ගිහින් තැනුත් බලලම එමුකො එහෙනම්.

      මාතලන්, වඳින්න වඳින්න ගහන එකාද, ගහන්න ගහන්න වඳින එකාද මෝඩය?

      Delete
  14. බොහෝම වටිනා බ්ල්ග් එකක්.. මට මාර වටිනවා.. බොහොම ස්තූතියි ලින්ක් එකට..

    ReplyDelete
  15. ""බදුල්ලට යන්නේනම්, සුප්‍රසිද්ධ බෝගොඩ ලී පාළමත්, දුන්හිඳ දිය ඇල්ලත් හැර වෙනත් යමක් බදුල්ලේ නැති බවයි""

    හත් ඉලව්වේ උඹේ තට්ටේ පලන්න් එපැයි , බදුල්ලේ වෙලේකඩේ පරණ මාර්කට් එක කියලා කිව්වේ ඔය තාරකා කොටුව ඇතුලේ තිබ්බ කඩවලට , වෙලේකඩේ තාරකා කොටුව ඇතුලේ තිබ්බ කඩවල් කීපයයෙන් එකක් තමයි අපේ අප්පච්චි ව්‍යාපාරය කරගෙන ගියේ 2000 දී විතර මේ තාරකා කොටුව ඇතුලේ තිබ්බ කඩ ඉවත් කරලා ඒ වටා අලුතෙන් හදපු කඩ දීලා ,මේ තාටකා කොටුව ආපහු සංරක්ෂණය කළා. බදුල්ලට ඊට පෙර කාලවල සංචාර ආපු ය දන්නේ නෑ මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැනක් කියලා , දැන් ආපහු එක සංරක්ෂණය කරලා තියෙන නිසා හැමෝම ආපහු ඒ ගැන අවධානය යොමු කරනවා , ඔය තාරකා කොටුව අතුලේ තමයි මගේ පුංචි කාලෙන් බාගයක්ම ගෙවුනේ , මොකද ඉස්කෝලේ ඇරිලා කඩේට ගිහින් රෑට අප්පච්චි එක්ක ගෙදර යන්න පුරුදුවෙලා හිටපු නිසා . මතක් වෙනකොට නම් දුකයි .

    ReplyDelete
    Replies
    1. යකෝ බදුලු ටවුම කාල බදුලු ඔයේ වතුර බීල දුන්හිඳෙන් චූ කරා කියල හිතන් උන්නු මම, බදුල්ලෙ කටුගේ ගැන යන්තන් දැන උන්නට මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. ඒතියා, හාලි ඇල ඉස්කෝලෙ ගිහින්, කණුපැලැල්ලෙ හිටපු, බදුල්ලෙක් එක්ක ෆස්ට් ලව් එක තිබ්බ අපේ අම්මත් දන්නෙ නෑලු! ඉතින් තෝ මේ වෙඩිමක් කතාකරනව ඉඳහිට බදුල්ලෙ ඇවිත් සතියක් දෙකක් ලැගපු අපි ගැන.


      // 2000 දී විතර මේ තාරකා කොටුව ඇතුලේ තිබ්බ කඩ ඉවත් කරලා ඒ වටා අලුතෙන් හදපු කඩ දීලා ,මේ තාටකා කොටුව ආපහු සංරක්ෂණය කළා. බදුල්ලට ඊට පෙර කාලවල සංචාර ආපු ය දන්නේ නෑ මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැනක් කියලා//

      මම මුලිම්ම බදුලු ආවෙ 84 විතර. ඉන් පස්සෙ දිගටම අවුරුදු පතා වගේ ආවත් අන්තිමට 96 පස්සෙ නැවතුනා. ඒත් අපේ දේවි එක්ක 2002 සහ 2003 ආව. ඒත් ඒ වෙන ගමනක අතරමග.



      //මතක් වෙනකොට නම් දුකයි .// ඔරෙන්ජන් බාර්ලි එකක් බොන්න වටින මිහිරි මතක නේ?

      Delete
  16. ඉන්දිකට ස්තුතියි ඉන්දක හොයලා දුන්නට

    ReplyDelete
  17. ස්තුතියි කැලෑ පුෂ. මම වගේ කැලේ පනින එකෙකුට හොද ඔත්තුවක් .

    ReplyDelete
    Replies
    1. // මම වගේ කැලේ පනින එකෙකුට//

      අපිට කොයින්ද එහෙම සැපක් ඉතින් තනිවී මේ කතරේ!!

      Delete
  18. ඉන්දික කියා ඇති තැන් ගැන මිස ඉන්දක කියා ඇති තැන් ගැන දැනගෙන සිටියේ නැහැ.වටිනා ඔත්තුවක්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. අපි නොදන්න දේ කවදත් වැඩියි දන්න ටිකට වඩා.

      Delete
  19. ස්තූතියි පාර කිව්වට ............. ගියා ................ සෙට් වුණා

    ReplyDelete
    Replies
    1. හරි එහෙනං කමෙන්ට් කොටල ඌව නග්ගල ගන්නයි තීන්නෙ.

      Delete
  20. ලොකු අයියේ බොහොම ස්තූතියි...ඇවිදින්න තැන් කීපයක් එකතු කරගත්තා මේ ලිපියෙන්...ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. කා එක්ක ඇවිදින්නද? තනියම ගියාටම වැඩක් නෑ බං.

      Delete
  21. උඹනෙ බං දෙයියා. අම්මපා පොඩි උන්ටත් හෙන වටිනවා ඒ සයිට් එක. තෑන්ක්ස් මචෝ!

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails