සුභ දවසක්....අද විශේෂ දවසක්. ඒකට හේතු කිහිපයක්...!!!
පළවෙනි
එක, කොල්ලො තුන් දෙනෙක් එක්ක හැදුනු, කන් විදපු මුත් අපේ පවුලෙ බාල කොල්ලා වෙච්චි, පුන්චි කාලෙ තරහ ගස්සන්න පූගොඩ පෙහෙකම්හලේ G ගොඩක් නොවුන Gවන්ති කියල කියාපු, අපේ ආදරණීය ඉබ්බී නොහොත් මගේ එකම නංගිගෙ උපන්දිනේ අද.
ඊලඟට
බ්ලොග් ලෝකෙ! මගේ බ්ලොග් ලෝකෙ මුල් ගුරු වෙච්චි, තම පහණින් පහන් සිය ගණනක් දැල්වූ, පුක යනු කුණුහරුපයක් නොවන බවත්, පාරෙ හමුවන කෙනෙකු නිසා රටක් ආගමක් වෙනස් කල බවත් මතක් කර දුන් "මහා බ්ලොග් කරු - හිටපු" කතන්දරකාරයාගේ උපන්දිනය වීම.
ඒ වගේම, මල් වැටෙන සෝස පාට බ්ලොග් වල දකින, මූණු පොතේ නිළ රැකියාවත්, පාර්ට් ටයිම් ගණකාධිකාරි ජොබක් කොළඹ ලොකු හෝටලයකත් කරන, තරු නොහොත් තාරක ඉඳිකැටියගෙ උපන්දිනයත් අද.
ඒ විතරක් නෙමෙයි,
ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති ගාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, පෙනුමෙන් නීළමහා යෝධය වගේ උනාට සිතින් සහ ක්‍රියාවෙන් චූටි මහත්තය වෙච්චි බුද්ධි ප්රසාද්ගෙත් උපන්දිනය අද
ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති ගාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, පෙනුමෙන් නීළමහා යෝධය වගේ උනාට සිතින් සහ ක්‍රියාවෙන් චූටි මහත්තය වෙච්චි බුද්ධි ප්රසාද්ගෙත් උපන්දිනය අද
ඉවරද? නෑ තව තියෙනව.
කලක් බ්ලොග් පාඨකයන්ට ඇඬෙන්න ලියපු, තම ජීවිතේ සත්‍ය ආදර කතාව ප්‍රබන්ධයකට වඩා රසවත් වෙච්චි, උදව් කිරීම යුතුකමක් නොව වගකීමක් විදිහට ක්‍රියාවෙන්ම ඔප්පු කල, අද වනවිට බ්ලොග් යනු කුමක්දැයි නොදන්නා, දුකා නොහොත් සුභාෂ් ගුණවර්ධනගෙ විවාහ සංවත්සරය.
මීට අවුරුදු විස්සකට කලින් අද වගේ දවසක තමයි මමයි, තව ගැටව් හත් අට දෙනෙක් එක්ක ගැටිස්සියො තුන් දෙනෙක්, එතෙක් මෙතෙක් මම ගිය දීර්ඝතම දුම්රිය ගමණ නිමා කරල යන්න එන්න කන්න බොන්න දෙය්යක් නැතුව කොළඹ හතේ බෞද්ධ මහා සම්මේලන රිය ගාලෙ ලිපක් බැඳල හරිශ්චන්දර නූඩ්ල්ස් වලට සෝයාමීට් දාල තම්බන් හොදි, මිරිස් ලුනු නැතුව තමබගෙන කාල, ජීව්තේ ගතකරපු දුෂ්කරම දවස් කිහිපයක් ඉවර කරල ගෙදර ගිය ඒ අමතක නොවෙන දවස.
නමුත් මේ අන්තිම කරුණට සතුට එක්ක මුසු වෙච්චි දුකකුත් තියෙනව!!
මූණු පොතේ නැතුව මේ අයට බ්ලොග් වලින් සුභ පතන්න හිතුවෙ, මේ අය හැමෝම මේ වෙනකොට බ්ලොග් අතෑහැරල මූණු පොතේ ගාල් උන්ත, අපි අමතක කරල නැති බවත් මතක් කරන්න.
මුලින්ම ඉබ්බිට සුභ උපන්දිනයක්!
ReplyDeleteදෙවනුව තට්ට බෝලයා කසුරිට සුබ උපන්දිනයක්!
තාරකට සුභ උපන් දිනයක්!
කෙහෙල් කොරොට්ටාට සුභ උපන් දිනයක්!
දුකාට සුභ සංවත්සරයක්!
මේ වගේ multi task post එකක් දාන්න කල්පනාවක් තිබ්බ ඉන්දිකයට සුභ අනාගතයක්!
ඒ සුභ පැතුම, කරෝලවාඩියේ හඩු ඩෙනිම ලියන ඩූඩ් ගෙන්...!
Deleteඔය හැමෝටම සුභ උපන්දිනයක්!!! එතකොට සිංහයගෙ නංගි ඉබ්බි නේද? ඒක තමා සිංහයො හෙන කම්මැලි. ධේනුව කරගෙන එන දඩයම කාල ඉන්නවා. හැම සිංහයම එහෙමද?
ReplyDeleteහැම සිංහයම එහෙම තමා. බොරුනං අර කොඩියෙ ඉන්න එකාගෙන් අහල බලහන්.
Deleteහප්පේ තැන්කූ තැන්කූ
ReplyDeleteඇත්තටම අපේ මුල් නවාතැන මේ සිංහල බ්ලොග්..
ඒත් දැන් කට්ටියටම මේක අමතක වෙලා තමා
මල් පොකුරක්ම එවලත් කේක් කෑල්ලක් නැද්ද? :-)
Deleteතරූ, ඒත් අපිට බොලාව අමතක වෙලා නෑ. අනික කුමරිහාමි කිව්වැහෙ කෝ යකෝ කේක්?????
Deleteකොල්ලලො හතර දෙනාට නම් සුභ පැතුව ෆේස් පොතේ.......
ReplyDeleteඋඹෙ නංගියාට උඹම කියහන් වල් කෙන්ජ සුභ මෙව්ව එකක් වේවා කිව්ව කියල මචෝ......
වැඩ අස්සෙ මෙව්ව මතක් කරන එකටත් තොට තුති බං ......
අයක් නැති වැයේ ප්රතිලාභ උඹලට ලැබේවා කියා පතමින්..... මම කැපුන සිංහයෝ.......
හෙහ් හෙහ්...උඹ මූණු පොත් පැත්තෙ ගියානං නංගියටම සුභ පතන්න තිබ්බ එදා...
Deleteමට ඉතින් කෝමත් අය නෑනෙ, වැයම තමා.
දැන් උඹෙ උපන්දිනේ කවද්ද?
සියල්ලන්ටම ජය වේවා....!!!
ReplyDeleteඑසේම වේවා!!
Deleteඋපන් දින ලබාපු අයට සුභ උපන් දිනෙකුත්, සංවත්සර සමරණ අයට සුභ පැතුනුත් මගෙන්....
ReplyDeleteඒ වචනවලට ස්තූතිය මගෙන්!
Deleteසැමට සැප!
ReplyDeleteමෙන්න අර සතා ගැනත් තියෙනවා.
http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post.html
දැක්ක, වෙලා තිබ්බෙ නෑ බන් යමක් කියන්න. හිටහන් අද හවහ එන්නං.
Deleteහැමදෙනාටම ඡයවේවා...
ReplyDeleteඅයියන්ඩි උඔටත්...
එහෙනං ඕන් උඹටත්!!
Deleteහැමොටම සුබ සුබ සුබ වේවා !
ReplyDeleteඋපන්දින සුභ පැතුමක් අච්චු ගහමුද?
Deleteඒ හැමෝටම සුබපතනවා. හිතට දැනුනම, ආස කරපුම දේ තමයි මේ සිද්ධිය..
ReplyDelete\\මීට අවුරුදු විස්සකට කලින් අද වගේ දවසක තමයි මමයි, තව ගැටව් හත් අට දෙනෙක් එක්ක ගැටිස්සියො තුන් දෙනෙක්, එතෙක් මෙතෙක් මම ගිය දීර්ඝතම දුම්රිය ගමණ නිමා කරල යන්න එන්න කන්න බොන්න දෙය්යක් නැතුව කොළඹ හතේ බෞද්ධ මහා සම්මේලන රිය ගාලෙ ලිපක් බැඳල හරිශ්චන්දර නූඩ්ල්ස් වලට සෝයාමීට් දාල තම්බන් හොදි, මිරිස් ලුනු නැතුව තමබගෙන කාල, ජීව්තේ ගතකරපු දුෂ්කරම දවස් කිහිපයක් ඉවර කරල ගෙදර ගිය ඒ අමතක නොවෙන දවස.//
ඒ වගේම ඉන්දික අයියේ, මටත් ඊයෙ විශේෂ දවසක්. ඔය අර කිව්ව මගේ තණකොල ගොල්ල උදුලු ගෑවා. දැන් ඇවිත් බලන්න, කියවන්න පුලුවන් මට්ටමේ තත්වයක් තියෙනවද බලන්නකො දැන්.
http://masandumal.blogspot.com/2014/10/blog-post_26.html
Deleteකෂ්ටියටම සුබමෙව්වා වේවා
Deleteඇ ඉන්දික ඔය නුඩ්ලස් හරිස්චන්දර කතාව ඔයා ලියල තියනවද
තියනවනං ලින්ක් එකක් දෙන්න
නැත්තං ඊලගට ලියන්න
මනෝ, තණ නැති තන බිම මරේ මරු.
Deleteඅටම, තාම ලිව්වෙ නෑ මචං, බලමු ඉස්සරහට ලියන්න.
සිංහ නංගිට ඇර අනික් අයට සුබ පැතුවා...:)
ReplyDeleteදුකාගේ සංවත්සරයට සුබ පැතුම්.
අර දුක එක මොකක්ද?
සුබ පතන්ට මතක් වුනු, සිංහයාටත් සුබ පැතුම්!!!
//සිංහ නංගිට ඇර අනික් අයට සුබ පැතුවා...:)//
Deleteමේ මොකෝ? ඒකි කළුද?
ස්තූතියට ස්තූතියි!!
බුද්ධි ප්‍රසාද් කියන්නෙ අර.... අර කාගෙද මන්දා ඇඟේ එල්ලිලා ඉන්න එකාද එතකොට.!!??
ReplyDeleteතරුවගෙ ෆොටෝ ගහන්ට සාමාන්‍ය කැමරා එකකින් බෑ බොල. ඒකට තියෙන්ට ඕන පැනෝරමික් වීව් තියෙන එකක්. නැත්තං සම්පූර්ණ වට ප්‍රමාණය අහුවෙන්නෙ නෑ..
හැමෝටම සුබ මෙවුවා එකක් වේවා! (එහෙම කිවුවෙ මෙවුවා ගොඩක් තියෙන නිසයි)
පලි: අද සංගක්කාරගෙත් උපන්දිනේ. උඹ ඇයි ඌට විශ් කරලා නැත්තෙ!?
//බුද්ධි ප්‍රසාද් කියන්නෙ අර.... අර කාගෙද මන්දා ඇඟේ එල්ලිලා ඉන්න එකාද එතකොට.!!??//
Deleteහරියට හරි, උගෙ සන්ග්ලාස් දෙක ඒ ගෝරිල්ල අරගෙන, ඒකයි කොල්ල එල්ලිල තීන්නෙ.
තරුවගෙ පොඩි කාලෙ පෙට්ටි කැමරාවෙන් ස්ටුඩියොවෙදි ගැහුවට පස්සෙ ෆුල් සයි ෆොටෝවක් තාම ගහල නෑ කියන්නෙ.
උඹල ඉන්නකොට අපි මොකට ක්‍රිකට් ගැන කතා කරනවද?
ඔව්. අර කිව්වා වගේ වැඩ රාජකාරි අස්සේ අපිව මතක් වීම ගැන අනේක වාරයක් ස්තූති කරන්න ඕනේ.
ReplyDeleteදෙවෙනියට නංගී ඇතුලු අනිත් සියලු දෙනාට සුබ පතනවා!
අනිත් කාරණාව අර එක පහණකින් පහණ දාස් ගානක් පත්තු කරලා කකා කරපු ආයෝජනය. එකේ ප්‍රතිඵලයක් තමයි දේශීය විදේශීය වෙලඳ පොලට කෙහෙල් බෙදා හරින චූටි මහත්තයාගේ කෙහෙල් කොටුවත්.
තරූ ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කතා කෙරුවොත් කියන්නේ කොලඹ ආවොත් කාලා යන්න එන්න කියලාමයි. :D
ඔය ස්තූතියිඅ පිලිඅන්න බෑ, කොරොට්ටාගේ අලුත් පෝස්ට් එහෙකින් නැතුව වෙන කොහොම ආවත්. එනිසා, වහා ගොස් ලියව!
Deleteඅන්තිම කාරණාව මොකද්ද? දිසානායක මහත්තයාගෙ මල ගෙදරද?
ReplyDeleteගාමිනී බෝම්බෙන් මිය ගියේ ඔක්තෝම්බර 24 දා. සමහරවිට අවමංගල උත්සවය තියෙන්න ඇත්තේ 27 විය හැකියි.
Delete1994 ඔක්තෝබර් 27 තමයි අදාහන කටයුතු කරේ. මේ බෝම්බයෙන් තවත් හොඳ මහත්මයෙක් රටට නැතිවුනා. ඒ යුඇන්පි මහ ලේකම් දොස්තර ගාමිනි විජේසේකර.ඔහු මහරගම සිටි වටිනා මිනිහෙක්. වීරසිංහ මල්ලිමාරච්චි, ජීඑම් ප්‍රේමචන්ද්‍ර, ඔසි අබේගුණසේකර අනිත් කට්ටිය
Deleteඅරූ හරි. වැඩි විස්තර පහත චෙෆාකිට දෙන පිළිතුරේ ඇත.
Deleteඕයේ උපන්දින සමරන උදවිය ටත්
ReplyDeleteඉන්දික ලොක්කාටත් සුභ උපන්දිනයක් වේවා....
හුටා....
Deleteඊයෙ කාපු ගුලියෙ පවර් එක බැහැල නැද්ද මේ මොන බයිලයක්ද...
හපොයි
එසේම වේවා!!!
Deleteබ්‍රෑන්ඩ් එක සෙවණගල නේද? හැක් හැක්. :D :D
මහේෂ්ටත් එසේම වේවා!
Deleteප්‍රියා, උගෙ බ්‍රෑන්ඩ් එක "ශ්‍රීමත්" වගේ!
ආදරණීය ඉබ්බීටත්, අනිත් උපන් දින සමරන්නන්ටත් ශුභ උපන් දිනයක්ද, දුකාට හැපි ඇනිවසරියක්ද පතමි....
ReplyDelete\\\ නමුත් මේ අන්තිම කරුණට සතුට එක්ක මුසු වෙච්චි දුකකුත් තියෙනව!! ////
මෙන්න මේක තමයි තේරුම්ගන්න අමාරු....මේ මනුස්සයා මලානේ..මීට විසි අවුරුද්දකට කලින්....දුක තේරුම් ගන්න පුලුවන්..ඒත් එතකොට සතුට...?
ස්තූතියි මචෝ!
Deleteසතුට තමයි අපිට මුළු රැයක් සහ උදේ වරුවක් තිස්සෙ සින්දු කිය කිය ආතල් එකේ බඩු කෝච්චියක (අපේ නඩේ කොල්ලන් ගණනටම තමයි කෙල්ලන් හිටියෙ ) කොළඹ එන්න වීම. දුක, මරදානට එනතුරු අපි හිතාන උන්න ගාමිණීට තුවාලයි යන්න ගාමිණී මැරිලා යන්නට වෙනස් වීම.
කස්ටියටම සුභපැතුම්!
ReplyDeleteඅපරාදෙ කකා හිටිය නං පෝස්ටුවක් ඇතුලෙමනෙ සුභපතන්නෙ.
ලබන පාර පුලුවන්. කකාට නෙමේ, රසිකලොජිස්ට්ට!
Deleteඉබ්බි නංගිටත්, කකා, තරු ( හදුන්වල දීපු විදිහ වගේම පසුබිමේ බෝඩ් එක කුමන්ත්රනයක් වගේ ),කෙහෙල් කො.චූ.ම ටත් සුභ උපන් දිනයක් වේවා!!!!!!,
ReplyDeleteගාමිනී දිසානායක මහත්තයගෙ මෙතනට සම්බන්ධය මොකක්ද කියල හිතා ගන්න බෑ.
තරුවම තමා කුමණ්ත්රණකාරය. ඕක ගහන මඩ එක්ක මේව බටර්.
Deleteගාමිණීගෙ සම්භන්ධෙ දැන් හරිනෙ?
ඉබ්බි අක්කට, කකාට, තරූට, බුද්ධිට සුභම සුභ උපන් දිනකුත්, දුකා අයියට ප්‍රීතිමත් විවාහ සංවත්සරයකුත් පතනවා.!!
ReplyDeleteස්තුතියි ඉන්දික.
ReplyDeleteසියලු දෙනාටම ජයවේවා!
මං නං බ්ලොග් අතහැරලා නෑ. කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කිරීම නතර කළා විතරයි.
ස්තූත්යි පෙරළා!
Deleteමේ උපන්දින තොගේ බලාගෙන යද්දි ඉස්සර රේඩියෝ එකේ ගිය ළමා උපන්දින සුබ පැතුම් තීරය මත උනා.මතකයේ හැටියට ඒ ගීතය මෙහෙමයි.
ReplyDeleteප්‍රීතිමත්-සුබ උපන්
දිනයක්-හිමිවේවා
ආසිරී-වාදයෙන්
දිගුකල්-වැජඹේවා
මංගලම්-ටානනා
මංගලම්-ටානනා
මංගලම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.
(ටානනා කිව්වෙ මීසික් එකට,වචනයක් නෙවෙයි)
"ඔව්, ජීවන ගමණේ xx වෙනි සැතපුම් කණුව පසුකරන YY ට මේ සුභ පැතුම්" කියලත් කියනව නේද?
Delete//(ටානනා කිව්වෙ මීසික් එකට,වචනයක් නෙවෙයි) // :D
කතන්දර මහණවෙලා හිටය කාලේ ෆොටෝ එකක්ද ඒ..
ReplyDeleteසිංහයෝන්ට ඉබි නංගිලා ඉන්නවද බොලේ ..
කොහොම වුනත් ඉබි නංගිටත් , හෙළයේ මහා බ්ලොග්කරු කතන්දරකාරයාටත් , තරු, සහ බුද්ධිටත් සුභ උපන්දිනයක් වේවා .. දුකාට සුබ ඇනිවසරියක් වේවා ...
ඉන්දිකට සුබ ... .....මොකක් හරි වේවා
නෑ ඔය තට්ටෙ ගාන කෝස් එකේ ෆයිනල් ලෙසන් එක.
Deleteයකෝ ඉන්දිකට මොකක් හරි වේව කියන්නෙ, ච්හ් අන්තිමයි. ඒක නෙමේ කෝ අර පල් වත්තරය?
අමතක වුන අයට නැවත ලියන්න මතක් වෙන සුභ උපන්දිනයක් වේවා ...!!
ReplyDeleteඑසේම වේවා ( නැවත ලියන්න මතක් වෙන)
Deleteසියල්ලන්ට සුභ උපන් දිනක් වේවා !!!
ReplyDeleteකතන්දර හිරේ ඉදන් ආපු කෙනෙක්ද??
ජ ය වේ වා !!!
හිර ගත්තු කෙනෙක්!
Deletehamotama subhapathum
ReplyDeleteස්තූතියි!!
Deleteමරැ මාසයක් නේ.... හි හි
ReplyDeleteමරු මාසෙ අගෝස්තු. මේක සරු මාසෙ.
Deleteහැම දෙනාටම සුභම සුභ පැතුම්!!!
ReplyDeleteතැන්කූ වේවා!
Deleteසියලු දෙනාටම සුබ පැතුම් !!
ReplyDeleteමේ කමෙන්ට් එක හැර වෙනත් කමෙන්ට් දැම්මාද?
Deleteහැම දෙනාට ම සුභ පැතුම්...
ReplyDelete//මූණු පොතේ නැතුව මේ අයට බ්ලොග් වලින් සුභ පතන්න හිතුවෙ, මේ අය හැමෝම මේ වෙනකොට බ්ලොග් අතෑහැරල මූණු පොතේ ගාල් උන්ත, අපි අමතක කරල නැති බවත් මතක් කරන්න.//
මේ කතාවට ඊටත් වැඩියෙන් සුභ පැතුම්....
බෝම ස්තූතියි!!
Deleteටිකක් පරක්කුයි තමයි..සියලු දෙනාටම සුබ පතනවා!!! එකම දවසේ උපන්දිනේ සමරන කට්ටිය ගොඩක් ගැන දැන ගන්න ලැබුනට සන්තෝසයි... මගෙත් උපන්දිනේ ඔක්තෝබර් 27...
ReplyDeleteමෙන්න තවත් "සරු මාසෙ පොරක්"!!
Deleteඋණුසුම් සුභ පැතුම් ( බෙටර් ලේට් දැන් නෙවර් :D )
පමාවූ සුභපැතුම් !
ReplyDelete( බෙටර් ලේට් දැන් නෙවර් :D )
Deleteමෙන්න අපේ සුහද පැතුම්
ReplyDeleteස්තූතියි. මූ දැන් ලින්ක් මාරය වෙලා!
Deleteඅස්සයාට අං ලැබුනා වගේ.....මෝඩයට මැජික් වගේ... අරූ ලින්ක් දාන්න ඉගෙනගත්තා වගේ....
Deleteසුබ උපන්දින ගොඩක් වේවා...!!!!
ReplyDeleteසුභපතන්නට එක් උනාට ස්තූතියි!
Deleteපරක්කු වෙලා වුනත් කට්ටියටම සුබ පතනවා. මේ උදවියගෙන් දුකා පහුගිය ටිකේ මුහුණු පොතින් හඳුනා ගත්තා. කසු අලුත් බ්ලොගක් පටන් ගත්තා . ඉතින් සුබපැතුම්,සුහදතා හා සුබ ආරංචි ගෙනෙන ඔබට ජය !!
ReplyDeleteබොහොම ස්තූතියි තිලකෙ!
Delete