Monday, October 27, 2014

සුභ දවසක්....විශේෂ දවසක්...!! A Party Day...!!!




සුභ දවසක්....අද විශේෂ දවසක්. ඒකට හේතු කිහිපයක්...!!!




පළවෙනි එක, කොල්ලො තුන් දෙනෙක් එක්ක හැදුනු, කන් විදපු මුත් අපේ පවුලෙ බාල කොල්ලා වෙච්චි, පුන්චි කාලෙ තරහ ගස්සන්න පූගොඩ පෙහෙකම්හලේ G ගොඩක් නොවුන Gවන්ති කියල කියාපුඅපේ ආදරණීය ඉබ්බී නොහොත් මගේ එකම නංගිගෙ උපන්දිනේ අද.
 




ඊලඟට බ්ලොග් ලෝකෙ! මගේ බ්ලොග් ලෝකෙ මුල් ගුරු වෙච්චි, තම පහණින් පහන් සිය ගණනක් දැල්වූ, පුක යනු කුණුහරුපයක් නොවන බවත්, පාරෙ හමුවන කෙනෙකු නිසා රටක් ආගමක් වෙනස් කල බවත් මතක් කර දුන් "මහා බ්ලොග් කරු - හිටපු" කතන්දරකාරයාගේ උපන්දිනය වීම.




වගේම, මල් වැටෙන සෝස පාට බ්ලොග් වල දකින, මූණු පොතේ නිළ රැකියාවත්, පාර්ට් ටයිම් ගණකාධිකාරි ජොබක් කොළඹ ලොකු හෝටලයකත් කරන, තරු නොහොත් තාරක ඉඳිකැටියගෙ උපන්දිනයත් අද.

ඒ විතරක් නෙමෙයි,
ෂර්වුඩයෙ රොබින් වගේ කෙහෙල්කොටුවට පැනල කෙසෙල් ගස් පෙති ගාපු, හුරතලේට ඌරු පැටියෙක් හදාපු, පෙනුමෙන් නීළමහා යෝධය වගේ උනාට සිතින් සහ ක්රියාවෙන් චූටි මහත්තය වෙච්චි බුද්ධි ප්‍රසාද්ගෙත් උපන්දිනය අද

ඉවරද? නෑ තව තියෙනව.
කලක් බ්ලොග් පාඨකයන්ට ඇඬෙන්න ලියපු, තම ජීවිතේ සත් ආදර කතාව ප්රබන්ධයකට වඩා රසවත් වෙච්චි, උදව් කිරීම යුතුකමක් නොව වගකීමක් විදිහට ක්රියාවෙන්ම ඔප්පු කල, අද වනවිට බ්ලොග් යනු කුමක්දැයි නොදන්නා, දුකා නොහොත් සුභාෂ් ගුණවර්ධනගෙ විවාහ සංවත්සරය.

ඒ සුභ දේ වගේම ඔක්තෝබර් 27 මට වැදගත් තවත් එක් හේතුවක් නිසා.

මීට අවුරුදු විස්සකට කලින් අද වගේ දවසක තමයි මමයි, තව ගැටව් හත් අට දෙනෙක් එක්ක ගැටිස්සියො තුන් දෙනෙක්, එතෙක් මෙතෙක් මම ගිය දීර්ඝතම දුම්රිය ගමණ නිමා කරල යන්න එන්න කන්න බොන්න දෙය්යක් නැතුව කොළඹ හතේ බෞද්ධ මහා සම්මේලන රිය ගාලෙ ලිපක් බැඳල හරිශ්චන්දර නූඩ්ල්ස් වලට සෝයාමීට් දාල තම්බන් හොදි, මිරිස් ලුනු නැතුව තමබගෙන කාල, ජීව්තේ ගතකරපු දුෂ්කරම දවස් කිහිපයක් ඉවර කරල ගෙදර ගිය ඒ අමතක නොවෙන දවස.



නමුත් මේ අන්තිම කරුණට සතුට එක්ක මුසු වෙච්චි දුකකුත් තියෙනව!!


මූණු පොතේ නැතුව මේ අයට බ්ලොග් වලින් සුභ පතන්න හිතුවෙ, මේ අය හැමෝම මේ වෙනකොට බ්ලොග් අතෑහැරල මූණු පොතේ ගාල් උන්ත, අපි අමතක කරල නැති බවත් මතක් කරන්න.

75 comments:

  1. මුලින්ම ඉබ්බිට සුභ උපන්දිනයක්!
    දෙවනුව තට්ට බෝලයා කසුරිට සුබ උපන්දිනයක්!
    තාරකට සුභ උපන් දිනයක්!
    කෙහෙල් කොරොට්ටාට සුභ උපන් දිනයක්!
    දුකාට සුභ සංවත්සරයක්!
    මේ වගේ multi task post එකක් දාන්න කල්පනාවක් තිබ්බ ඉන්දිකයට සුභ අනාගතයක්!

    ReplyDelete
    Replies
    1. ඒ සුභ පැතුම, කරෝලවාඩියේ හඩු ඩෙනිම ලියන ඩූඩ් ගෙන්...!

      Delete
  2. ඔය හැමෝටම සුභ උපන්දිනයක්!!! එතකොට සිංහයගෙ නංගි ඉබ්බි නේද? ඒක තමා සිංහයො හෙන කම්මැලි. ධේනුව කරගෙන එන දඩයම කාල ඉන්නවා. හැම සිංහයම එහෙමද?

    ReplyDelete
    Replies
    1. හැම සිංහයම එහෙම තමා. බොරුනං අර කොඩියෙ ඉන්න එකාගෙන් අහල බලහන්.

      Delete
  3. හප්පේ තැන්කූ තැන්කූ
    ඇත්තටම අපේ මුල් නවාතැන මේ සිංහල බ්ලොග්..
    ඒත් දැන් කට්ටියටම මේක අමතක වෙලා තමා

    ReplyDelete
    Replies
    1. මල් පොකුරක්ම එවලත් කේක් කෑල්ලක් නැද්ද? :-)

      Delete
    2. තරූ, ඒත් අපිට බොලාව අමතක වෙලා නෑ. අනික කුමරිහාමි කිව්වැහෙ කෝ යකෝ කේක්?????

      Delete
  4. කොල්ලලො හතර දෙනාට නම් සුභ පැතුව ෆේස් පොතේ.......
    උඹෙ නංගියාට උඹම කියහන් වල් කෙන්ජ සුභ මෙව්ව එකක් වේවා කිව්ව කියල මචෝ......
    වැඩ අස්සෙ මෙව්ව මතක් කරන එකටත් තොට තුති බං ......
    අයක් නැති වැයේ ප්‍රතිලාභ උඹලට ලැබේවා කියා පතමින්..... මම කැපුන සිංහයෝ.......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...උඹ මූණු පොත් පැත්තෙ ගියානං නංගියටම සුභ පතන්න තිබ්බ එදා...

      මට ඉතින් කෝමත් අය නෑනෙ, වැයම තමා.

      දැන් උඹෙ උපන්දිනේ කවද්ද?

      Delete
  5. සියල්ලන්ටම ජය වේවා....!!!

    ReplyDelete
  6. උපන් දින ලබාපු අයට සුභ උපන් දිනෙකුත්, සංවත්සර සමරණ අයට සුභ පැතුනුත් මගෙන්....

    ReplyDelete
  7. සැමට සැප!
    මෙන්න අර සතා ගැනත් තියෙනවා.
    http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. දැක්ක, වෙලා තිබ්බෙ නෑ බන් යමක් කියන්න. හිටහන් අද හවහ එන්නං.

      Delete
  8. හැමදෙනාටම ඡයවේවා...
    අයියන්ඩි උඔටත්...

    ReplyDelete
  9. හැමොටම සුබ සුබ සුබ වේවා !

    ReplyDelete
    Replies
    1. උපන්දින සුභ පැතුමක් අච්චු ගහමුද?

      Delete
  10. ඒ හැමෝටම සුබපතනවා. හිතට දැනුනම, ආස කරපුම දේ තමයි මේ සිද්ධිය..

    \\මීට අවුරුදු විස්සකට කලින් අද වගේ දවසක තමයි මමයි, තව ගැටව් හත් අට දෙනෙක් එක්ක ගැටිස්සියො තුන් දෙනෙක්, එතෙක් මෙතෙක් මම ගිය දීර්ඝතම දුම්රිය ගමණ නිමා කරල යන්න එන්න කන්න බොන්න දෙය්යක් නැතුව කොළඹ හතේ බෞද්ධ මහා සම්මේලන රිය ගාලෙ ලිපක් බැඳල හරිශ්චන්දර නූඩ්ල්ස් වලට සෝයාමීට් දාල තම්බන් හොදි, මිරිස් ලුනු නැතුව තමබගෙන කාල, ජීව්තේ ගතකරපු දුෂ්කරම දවස් කිහිපයක් ඉවර කරල ගෙදර ගිය ඒ අමතක නොවෙන දවස.//

    ඒ වගේම ඉන්දික අයියේ, මටත් ඊයෙ විශේෂ දවසක්. ඔය අර කිව්ව මගේ තණකොල ගොල්ල උදුලු ගෑවා. දැන් ඇවිත් බලන්න, කියවන්න පුලුවන් මට්ටමේ තත්වයක් තියෙනවද බලන්නකො දැන්.

    ReplyDelete
    Replies
    1. http://masandumal.blogspot.com/2014/10/blog-post_26.html

      Delete
    2. කෂ්ටියටම සුබමෙව්වා වේවා

      ඇ ඉන්දික ඔය නුඩ්ලස් හරිස්චන්දර කතාව ඔයා ලියල තියනවද

      තියනවනං ලින්ක් එකක් දෙන්න

      නැත්තං ඊලගට ලියන්න

      Delete
    3. මනෝ, තණ නැති තන බිම මරේ මරු.

      අටම, තාම ලිව්වෙ නෑ මචං, බලමු ඉස්සරහට ලියන්න.

      Delete
  11. සිංහ නංගිට ඇර අනික් අයට සුබ පැතුවා...:)

    දුකාගේ සංවත්සරයට සුබ පැතුම්.

    අර දුක එක මොකක්ද?

    සුබ පතන්ට මතක් වුනු, සිංහයාටත් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. //සිංහ නංගිට ඇර අනික් අයට සුබ පැතුවා...:)//

      මේ මොකෝ? ඒකි කළුද?

      ස්තූතියට ස්තූතියි!!

      Delete
  12. බුද්ධි ප්‍රසාද් කියන්නෙ අර.... අර කාගෙද මන්දා ඇ‍ඟේ එල්ලිලා ඉන්න එකාද එතකොට.!!??

    තරුවගෙ ෆොටෝ ගහන්ට සාමාන්‍ය කැමරා එකකින් බෑ බොල. ඒකට තියෙන්ට ඕන පැනෝරමික් වීව් තියෙන එකක්. නැත්තං සම්පූර්ණ වට ප්‍රමාණය අහුවෙන්නෙ නෑ..

    හැ‍මෝටම සුබ මෙවුවා එකක් වේවා! (එහෙම කිවුවෙ මෙවුවා ‍ගොඩක් තියෙන නිසයි)

    පලි: අද සංගක්කාරගෙත් උපන්දිනේ. උඹ ඇයි ඌට විශ් කරලා නැත්තෙ!?

    ReplyDelete
    Replies
    1. //බුද්ධි ප්‍රසාද් කියන්නෙ අර.... අර කාගෙද මන්දා ඇ‍ඟේ එල්ලිලා ඉන්න එකාද එතකොට.!!??//

      හරියට හරි, උගෙ සන්ග්ලාස් දෙක ඒ ගෝරිල්ල අරගෙන, ඒකයි කොල්ල එල්ලිල තීන්නෙ.

      තරුවගෙ පොඩි කාලෙ පෙට්ටි කැමරාවෙන් ස්ටුඩියොවෙදි ගැහුවට පස්සෙ ෆුල් සයි ෆොටෝවක් තාම ගහල නෑ කියන්නෙ.

      උඹල ඉන්නකොට අපි මොකට ක්‍රිකට් ගැන කතා කරනවද?

      Delete
  13. ඔව්. අර කිව්වා වගේ වැඩ රාජකාරි අස්සේ අපිව මතක් වීම ගැන අනේක වාරයක් ස්තූති කරන්න ඕනේ.

    දෙවෙනියට නංගී ඇතුලු අනිත් සියලු දෙනාට සුබ පතනවා!

    අනිත් කාරණාව අර එක පහණකින් පහණ දාස් ගානක් පත්තු කරලා කකා කරපු ආයෝජනය. එකේ ප්‍රතිඵලයක් තමයි දේශීය විදේශීය වෙලඳ පොලට කෙහෙල් බෙදා හරින චූටි මහත්තයාගේ කෙහෙල් කොටුවත්.

    තරූ ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කතා කෙරුවොත් කියන්නේ කොලඹ ආවොත් කාලා යන්න එන්න කියලාමයි. :D

    ReplyDelete
    Replies
    1. ඔය ස්තූතියිඅ පිලිඅන්න බෑ, කොරොට්ටාගේ අලුත් පෝස්ට් එහෙකින් නැතුව වෙන කොහොම ආවත්. එනිසා, වහා ගොස් ලියව!

      Delete
  14. අන්තිම කාරණාව මොකද්ද? දිසානායක මහත්තයාගෙ මල ගෙදරද?

    ReplyDelete
    Replies
    1. ගාමිනී බෝම්බෙන් මිය ගියේ ඔක්තෝම්බර 24 දා. සමහරවිට අවමංගල උත්සවය තියෙන්න ඇත්තේ 27 විය හැකියි.

      Delete
    2. 1994 ඔක්තෝබර් 27 තමයි අදාහන කටයුතු කරේ. මේ බෝම්බයෙන් තවත් හොඳ මහත්මයෙක් රටට නැතිවුනා. ඒ යුඇන්පි මහ ලේකම් දොස්තර ගාමිනි විජේසේකර.ඔහු මහරගම සිටි වටිනා මිනිහෙක්. වීරසිංහ මල්ලිමාරච්චි, ජීඑම් ප්‍රේමචන්ද්‍ර, ඔසි අබේගුණසේකර අනිත් කට්ටිය

      Delete
    3. අරූ හරි. වැඩි විස්තර පහත චෙෆාකිට දෙන පිළිතුරේ ඇත.

      Delete
  15. ඕයේ උපන්දින සමරන උදවිය ටත්
    ඉන්දික ලොක්කාටත් සුභ උපන්දිනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. හුටා....
      ඊයෙ කාපු ගුලියෙ පවර් එක බැහැල නැද්ද මේ මොන බයිලයක්ද...
      හපොයි

      Delete
    2. එසේම වේවා!!!

      බ්‍රෑන්ඩ් එක සෙවණගල නේද? හැක් හැක්. :D :D

      Delete
    3. මහේෂ්ටත් එසේම වේවා!

      ප්‍රියා, උගෙ බ්‍රෑන්ඩ් එක "ශ්‍රීමත්" වගේ!

      Delete
  16. ආදරණීය ඉබ්බීටත්, අනිත් උපන් දින සමරන්නන්ටත් ශුභ උපන් දිනයක්ද, දුකාට හැපි ඇනිවසරියක්ද පතමි....

    \\\ නමුත් මේ අන්තිම කරුණට සතුට එක්ක මුසු වෙච්චි දුකකුත් තියෙනව!! ////

    මෙන්න මේක තමයි තේරුම්ගන්න අමාරු....මේ මනුස්සයා මලානේ..මීට විසි අවුරුද්දකට කලින්....දුක තේරුම් ගන්න පුලුවන්..ඒත් එතකොට සතුට...?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ!

      සතුට තමයි අපිට මුළු රැයක් සහ උදේ වරුවක් තිස්සෙ සින්දු කිය කිය ආතල් එකේ බඩු කෝච්චියක (අපේ නඩේ කොල්ලන් ගණනටම තමයි කෙල්ලන් හිටියෙ ) කොළඹ එන්න වීම. දුක, මරදානට එනතුරු අපි හිතාන උන්න ගාමිණීට තුවාලයි යන්න ගාමිණී මැරිලා යන්නට වෙනස් වීම.

      Delete
  17. කස්ටියටම සුභපැතුම්!
    අපරාදෙ කකා හිටිය නං පෝස්ටුවක් ඇතුලෙමනෙ සුභපතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලබන පාර පුලුවන්. කකාට නෙමේ, රසිකලොජිස්ට්ට!

      Delete
  18. ඉබ්බි නංගිටත්, කකා, තරු ( හදුන්වල දීපු විදිහ වගේම පසුබිමේ බෝඩ් එක කුමන්ත්‍රනයක් වගේ ),කෙහෙල් කො.චූ.ම ටත් සුභ උපන් දිනයක් වේවා!!!!!!,
    ගාමිනී දිසානායක මහත්තයගෙ මෙතනට සම්බන්ධය මොකක්ද කියල හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. තරුවම තමා කුමණ්ත්‍රණකාරය. ඕක ගහන මඩ එක්ක මේව බටර්.

      ගාමිණීගෙ සම්භන්ධෙ දැන් හරිනෙ?

      Delete
  19. ඉබ්බි අක්කට, කකාට, තරූට, බුද්ධිට සුභම සුභ උපන් දිනකුත්, දුකා අයියට ප්‍රීතිමත් විවාහ සංවත්සරයකුත් පතනවා.!!

    ReplyDelete
  20. ස්තුතියි ඉන්දික.

    සියලු දෙනාටම ජයවේවා!

    මං නං බ්ලොග් අතහැරලා නෑ. කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කිරීම නතර කළා විතරයි.

    ReplyDelete
  21. මේ උපන්දින තොගේ බලාගෙන යද්දි ඉස්සර රේඩියෝ එකේ ගිය ළමා උපන්දින සුබ පැතුම් තීරය මත උනා.මතකයේ හැටියට ඒ ගීතය මෙහෙමයි.
    ප්‍රීතිමත්-සුබ උපන්
    දිනයක්-හිමිවේවා
    ආසිරී-වාදයෙන්
    දිගුකල්-වැජඹේවා
    මංගලම්-ටානනා
    මංගලම්-ටානනා
    මංගලම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.
    (ටානනා කිව්වෙ මීසික් එකට,වචනයක් නෙවෙයි)

    ReplyDelete
    Replies
    1. "ඔව්, ජීවන ගමණේ xx වෙනි සැතපුම් කණුව පසුකරන YY ට මේ සුභ පැතුම්" කියලත් කියනව නේද?

      //(ටානනා කිව්වෙ මීසික් එකට,වචනයක් නෙවෙයි) // :D

      Delete
  22. කතන්දර මහණවෙලා හිටය කාලේ ෆොටෝ එකක්ද ඒ..

    සිංහයෝන්ට ඉබි නංගිලා ඉන්නවද බොලේ ..


    කොහොම වුනත් ඉබි නංගිටත් , හෙළයේ මහා බ්ලොග්කරු කතන්දරකාරයාටත් , තරු, සහ බුද්ධිටත් සුභ උපන්දිනයක් වේවා .. දුකාට සුබ ඇනිවසරියක් වේවා ...
    ඉන්දිකට සුබ ... .....මොකක් හරි වේවා

    ReplyDelete
    Replies
    1. නෑ ඔය තට්ටෙ ගාන කෝස් එකේ ෆයිනල් ලෙසන් එක.

      යකෝ ඉන්දිකට මොකක් හරි වේව කියන්නෙ, ච්හ් අන්තිමයි. ඒක නෙමේ කෝ අර පල් වත්තරය?

      Delete
  23. අමතක වුන අයට නැවත ලියන්න මතක් වෙන සුභ උපන්දිනයක් වේවා ...!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ( නැවත ලියන්න මතක් වෙන)

      Delete
  24. සියල්ලන්ට සුභ උපන් දිනක් වේවා !!!

    කතන්දර හිරේ ඉදන් ආපු කෙනෙක්ද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
  25. මරැ මාසයක් නේ.... හි හි

    ReplyDelete
    Replies
    1. මරු මාසෙ අගෝස්තු. මේක සරු මාසෙ.

      Delete
  26. හැම දෙනාටම සුභම සුභ පැතුම්!!!

    ReplyDelete
  27. සියලු දෙනාටම සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක හැර වෙනත් කමෙන්ට් දැම්මාද?

      Delete
  28. හැම දෙනාට ම සුභ පැතුම්...

    //මූණු පොතේ නැතුව මේ අයට බ්ලොග් වලින් සුභ පතන්න හිතුවෙ, මේ අය හැමෝම මේ වෙනකොට බ්ලොග් අතෑහැරල මූණු පොතේ ගාල් උන්ත, අපි අමතක කරල නැති බවත් මතක් කරන්න.//
    මේ කතාවට ඊටත් වැඩියෙන් සුභ පැතුම්....

    ReplyDelete
  29. ටිකක් පරක්කුයි තමයි..සියලු දෙනාටම සුබ පතනවා!!! එකම දවසේ උපන්දිනේ සමරන කට්ටිය ගොඩක් ගැන දැන ගන්න ලැබුනට සන්තෝසයි... මගෙත් උපන්දිනේ ඔක්තෝබර් 27...

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් "සරු මාසෙ පොරක්"!!

      උණුසුම් සුභ පැතුම් ( බෙටර් ලේට් දැන් නෙවර් :D )

      Delete
  30. පමාවූ සුභපැතුම් !

    ReplyDelete
  31. Replies
    1. ස්තූතියි. මූ දැන් ලින්ක් මාරය වෙලා!

      Delete
    2. අස්සයාට අං ලැබුනා වගේ.....මෝඩයට මැජික් වගේ... අරූ ලින්ක් දාන්න ඉගෙනගත්තා වගේ....

      Delete
  32. සුබ උපන්දින ගොඩක් වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. සුභපතන්නට එක් උනාට ස්තූතියි!

      Delete
  33. පරක්කු වෙලා වුනත් කට්ටියටම සුබ පතනවා. මේ උදවියගෙන් දුකා පහුගිය ටිකේ මුහුණු පොතින් හඳුනා ගත්තා. කසු අලුත් බ්ලොගක් පටන් ගත්තා . ඉතින් සුබපැතුම්,සුහදතා හා සුබ ආරංචි ගෙනෙන ඔබට ජය !!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails