Thursday, May 31, 2012

සෙල්ලංද කොල්ලෝ ( කෙල්ලො )




මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල කම්මැලි කම නැතිකරගැනීමෙ උපායක් විදියට, එහෙමත් නැත්තං ඇමරිකානු ආර්ථිකයට හැදුන උන නිසා නිව්මෝනියාවෙන් පෙලිච්ච අරාබියෙ වැඩක් නැතිව නිකං උඩ බලං ඉන්නොකට බෙල්ල රිදෙන එක නවත්තගන්න, වගේම මටත් ලියන්න බැරිද, මුං කරපුවද අපි කොරල තියෙන්නෙ, එව්ව ඇහුවොත් මුං කොර, වගේ පොර මමත්වයත් හින්ද ලියන්න ගත්ත මේ මඟුලට දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් වෙලා.

වැඩ අඩු කාලෙ සතියට එක ගානෙවත් ලිව්වට, දෙය්යනේ කියල හුස්මක් කටක් ගන්න බැරිවෙන්න දැන් වැඩ තීනවයින් ලියන්න හිතන් ඉන්න, හිතෙන මහ ගොඩක් එව්ව අතෑරිලම යනව.  

ගැන දුකක් ති උනත් වැඩ නැති කාලෙ තිබ්බ හිතේ භයට වඩා මේ දුක සුන්දර නිසා, ඔන්න ඔහේ දුක පුමේ තියාන තීන රාජකාරියත් කොරගෙන පුලුවන් වෙලාවට් කමෙන්ටුවක් දාල ෂේප් වෙන එක තමයි මේ කාලෙදි වැඩිහරියක්ම කරන්න වෙන්නෙ.

කොහොම උනත් මේ ලිවිල්ලත් ඇඟට ජීර්නය වෙලාතීන නිසා වැඩ අඩුවෙනකොට පුරුදු වේගෙට ආයි එයි, ඒත් ඉතින් එතකල් පල්ලම් පොල්ල දාගෙනයි තමයි මේ කෙරුවාව කරන්නෙ/ කෙරෙන්නෙ.

කොහොම හරි අනික් මඟුල් එක්ක මේකත් අමාරුවෙන් කරගෙන යන වෙලාවෙ මුල ඉඳල සහයෝගය දීපු කකා, හසිත, මාරයා ඇතුළු පිරිසටත් නිතර යන එන   බ්ලොග් ලෝකෙ (නම් කියල නිකංවත් එකක් මිස් කරල මොකට ඉල්ලං කන්නද ) සහ එපිට ලෝකෙ ( ඔබා, දිලුම් ඇතුළු පිරිස ) ඇතුළු මේ සැහැල්ලුවෙ අනංමනං කියවන්න යන එන හැමටට බොහොම ස්තූතියි සහ පිං.

පලි,
ගිය සුමානෙ අපේ ලොකු බාහුගෙ උපන්දිනේ. ඒකට හදාපු කප් කේක් කෑල්ලක් තාම කන්න බැරි උනා. හෙට එකක් කාල, කට්ටියට කෑල්ල ගානෙ ගන්න අනිද්දට පින්තූරයක් දාන්නං.

එතකල් මේ මල් මිටෙන් එකක් රන්ඩු නොකර අරන් සමාවෙලා ඉවසන්නලා

පලි,
මෙන්න මේ හිට්ස් තොගේටත් ස්තූතියි. 
මෙන්න ලොකු බාහුගෙ උපන්දින කේක්.









මේක තාත්තගෙ බ්ලොග් උපන්දින කේක්.


පින්තූරෙ මෙතනින්

26 comments:

  1. මං මේ බැලුවේ හිට්වෙලා තියෙන කතන්දරවල මාතෘකා සෙට් එක!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මගෙත් 'කකුල් අස්සේ හිරකරන් ගහපු ගැහිල්ල' පෝස්ටුව ඉදිරියෙන්ම හිට් 4000 පන්නලා. කකාගෙ කතාව හරි. මාතෘකාවට වැදගත් තැනක් තියෙනවා.. හිකිස්..

      ට්‍රැෆික් සෝස් එකෙත් තියෙන්නේ කකාගෙ බ්ලොග නේද? අපේ ඒවැත් උඩින්ම තියෙන්නේ කකාගෙ බ්ලොගෙන් ආපු බව.

      ජය !

      Delete
  2. සිංහයෝ...මගෙන් සුභ පැතුම්..ඒක නෙවේ ඔයාල 'බාහු' ලද? බොලේ අපේ නෑයොද දන්නෙ නැහැ නේ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ළමයෝ සිංහබාහු. සිංහයගෙ පුතා සිංහබාහු!

      Delete
    2. මම ඇහුවෙත් සිංහබාහු ල ගැන තමා ලමයෝ......:D:D

      Delete
    3. කිරිල්ලියො කොහොමද සිංහයන්ට නෑයො වෙන්නෙ?

      Delete
  3. කතාවනම් ඇත්ත...!
    අපිත් මේ යන්තම් එල්ලුනා විතරයි...

    ReplyDelete
  4. වැඩිය දකින්න නැහැ තමයි . මගෙත් සුබ පැතුම් පිළිගන්න .

    ReplyDelete
  5. උඹ දෙකයි අපි එකයි....

    ReplyDelete
  6. ආව් අප්ප.....සුභ පැතුම්.....!!!!!

    ReplyDelete
  7. ඉන්දික අයියා මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
  8. ඉන්දික අයියේ.. ඔන්න මගෙනුත් සුභ පැතුම්... නිවාඩු පාඩු වෙලාවට පුරුදු විදිහටම ලියමු..

    ReplyDelete
  9. මගෙත් සුබ පැතුම් :D

    ReplyDelete
  10. දැක්ක නේද හිටිස් එන්න එන්න අඩුවෙච්ච හැටි! ලියන්නෙ නෑනෙ ඒකයි.:)
    සුභපැතුම්!

    ReplyDelete
  11. අඩේ සුබ පැතුම් මචො...පුලුවන් වෙලාවක ලියහං ජය

    ReplyDelete
  12. සුබපැතුම් පිලිගනින්

    ReplyDelete
  13. සුභ පැතුම්.................

    ReplyDelete
  14. සුබ පැතුම් මචං, උඹල වගේ උන් බ්ලොග් අවකාසෙට ඕනමයි. ඉඳල හිටල හරි කමක් නෑ මෙහෙම ඇවිල්ල පලයන්. උඹල ලියන වචනයක් කියෙව්වත් හිතට කූල්. උඹ දන්නව මං කවුද කියල

    ReplyDelete
  15. ජය වේවා සිංහයා !!

    ReplyDelete
  16. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. ස්වයං වින්දනය කියන්නේ විශේෂයෙන් සැලකිය යුතු මාතෘකාවක් වගේ....... :D

    සුභ පැතුම් අයියා

    ඉක්මණට මොන මොනවා හරි කොටන්න පටන් ගන්න

    ReplyDelete
  18. liyana hama lipiyakma ubata wada watinay apita, eka nisa maga balagena inwa (uba kiwata Samawayan).
    Sajith.

    ReplyDelete
  19. මගෙනුත් සුභ පැතුම් ඉන්දික.

    ReplyDelete
  20. කමෙන්ට් කරපු අයට විශේෂයෙනුත්, අනෙක් හිමීට බලල ගියපු අයටත්, බොහොම ස්තූතියි. ඔන්න මම පොරොන්දු උන විදියට කේක් කෑල්ලක් දැම්ම, පරිස්සමින් රන්ඩු නොකර කන්ඩලා.

    අලුත් පෝස්ටුවක් ලියාගෙන යනව දවසට පේළි විස්සෙ වේගෙට. හෙට අනිද්දට දාන්නම්.


    කිරිල්ලි,

    සිංහබාහු වෙලා තියෙනෙ ක්‍රියාවෙං මිසක් උප්පත්තියෙන් නෙමෙයි. ඒත් අපි කවුරුත් නෑයො වෙන්න පුළුවන්.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails