මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල කම්මැලි කම නැතිකරගැනීමෙ උපායක් විදියට, එහෙමත් නැත්තං ඇමරිකානු ආර්ථිකයට හැදුන උන නිසා නිව්මෝනියාවෙන් පෙලිච්ච අරාබියෙ වැඩක් නැතිව නිකං උඩ බලං ඉන්නොකට බෙල්ල රිදෙන එක නවත්තගන්න, ඒ වගේම මටත් ලියන්න බැරිද, මුං කරපුවද අපි කොරල තියෙන්නෙ, එව්ව ඇහුවොත් මුං කොර, වගේ පොර මමත්වයත් හින්ද ලියන්න ගත්ත මේ මඟුලට දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් වෙලා.
වැඩ අඩු කාලෙ සතියට එක ගානෙවත් ලිව්වට, දෙය්යනේ කියල හුස්මක් කටක් ගන්න බැරිවෙන්න දැන් වැඩ තීනවයින් ලියන්න හිතන් ඉන්න, හිතෙන මහ ගොඩක් එව්ව අතෑරිලම යනව.
ඒ ගැන දුකක් ඇති උනත් වැඩ නැති කාලෙ තිබ්බ හිතේ භයට වඩා මේ දුක සුන්දර නිසා, ඔන්න ඔහේ දුක පුමේ තියාන තීන රාජකාරියත් කොරගෙන පුලුවන් වෙලාවට් කමෙන්ටුවක් දාල ෂේප් වෙන එක තමයි මේ කාලෙදි වැඩිහරියක්ම කරන්න වෙන්නෙ.
කොහොම උනත් මේ ලිවිල්ලත් ඇඟට ජීර්නය වෙලාතීන නිසා වැඩ අඩුවෙනකොට පුරුදු වේගෙට ආයි එයි, ඒත්
ඉතින් එතකල් පල්ලම් පොල්ල දාගෙනයි තමයි මේ කෙරුවාව කරන්නෙ/ කෙරෙන්නෙ.
කොහොම හරි අනික් මඟුල් එක්ක මේකත් අමාරුවෙන් කරගෙන යන වෙලාවෙ මුල ඉඳල සහයෝගය දීපු කකා, හසිත, මාරයා ඇතුළු පිරිසටත් නිතර යන එන බ්ලොග් ලෝකෙ (නම් කියල නිකංවත් එකක් මිස් කරල මොකට ඉල්ලං කන්නද ) සහ එපිට ලෝකෙ ( ඔබා, දිලුම් ඇතුළු පිරිස ) ඇතුළු
මේ සැහැල්ලුවෙ අනංමනං කියවන්න යන එන හැමටට බොහොම ස්තූතියි සහ පිං.
පලි,
ගිය සුමානෙ අපේ ලොකු බාහුගෙ උපන්දිනේ. ඒකට හදාපු කප් කේක් කෑල්ලක් තාම කන්න බැරි උනා. හෙට එකක් කාල, කට්ටියට කෑල්ල ගානෙ ගන්න අනිද්දට පින්තූරයක් දාන්නං.
එතකල් මේ මල් මිටෙන් එකක් රන්ඩු නොකර අරන් සමාවෙලා ඉවසන්නලා.
පපලි,
මෙන්න මේ හිට්ස් තොගේටත් ස්තූතියි.
පින්තූරෙ මෙතනින්
මං මේ බැලුවේ හිට්වෙලා තියෙන කතන්දරවල මාතෘකා සෙට් එක!
ReplyDeleteජයවේවා!
මගෙත් 'කකුල් අස්සේ හිරකරන් ගහපු ගැහිල්ල' පෝස්ටුව ඉදිරියෙන්ම හිට් 4000 පන්නලා. කකාගෙ කතාව හරි. මාතෘකාවට වැදගත් තැනක් තියෙනවා.. හිකිස්..
Deleteට්‍රැෆික් සෝස් එකෙත් තියෙන්නේ කකාගෙ බ්ලොග නේද? අපේ ඒවැත් උඩින්ම තියෙන්නේ කකාගෙ බ්ලොගෙන් ආපු බව.
ජය !
සිංහයෝ...මගෙන් සුභ පැතුම්..ඒක නෙවේ ඔයාල 'බාහු' ලද? බොලේ අපේ නෑයොද දන්නෙ නැහැ නේ?
ReplyDeleteඒ කියන්නෙ ළමයෝ සිංහබාහු. සිංහයගෙ පුතා සිංහබාහු!
Deleteමම ඇහුවෙත් සිංහබාහු ල ගැන තමා ලමයෝ......:D:D
Deleteකිරිල්ලියො කොහොමද සිංහයන්ට නෑයො වෙන්නෙ?
Deleteකතාවනම් ඇත්ත...!
ReplyDeleteඅපිත් මේ යන්තම් එල්ලුනා විතරයි...
වැඩිය දකින්න නැහැ තමයි . මගෙත් සුබ පැතුම් පිළිගන්න .
ReplyDeleteඋඹ දෙකයි අපි එකයි....
ReplyDeleteආව් අප්ප.....සුභ පැතුම්.....!!!!!
ReplyDeleteCongrats and belated wishes to your boy!!!!
ReplyDeleteජය පතමි.. !!
ReplyDeleteඉන්දික අයියා මගෙනුත් සුබ පැතුම් !!
ReplyDeleteඉන්දික අයියේ.. ඔන්න මගෙනුත් සුභ පැතුම්... නිවාඩු පාඩු වෙලාවට පුරුදු විදිහටම ලියමු..
ReplyDeleteමගෙත් සුබ පැතුම් :D
ReplyDeleteදැක්ක නේද හිටිස් එන්න එන්න අඩුවෙච්ච හැටි! ලියන්නෙ නෑනෙ ඒකයි.:)
ReplyDeleteසුභපැතුම්!
අඩේ සුබ පැතුම් මචො...පුලුවන් වෙලාවක ලියහං ජය
ReplyDeleteසුබපැතුම් පිලිගනින්
ReplyDeleteසුභ පැතුම්.................
ReplyDeleteසුබ පැතුම් මචං, උඹල වගේ උන් බ්ලොග් අවකාසෙට ඕනමයි. ඉඳල හිටල හරි කමක් නෑ මෙහෙම ඇවිල්ල පලයන්. උඹල ලියන වචනයක් කියෙව්වත් හිතට කූල්. උඹ දන්නව මං කවුද කියල
ReplyDeleteජය වේවා සිංහයා !!
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteස්වයං වින්දනය කියන්නේ විශේෂයෙන් සැලකිය යුතු මාතෘකාවක් වගේ....... :D
ReplyDeleteසුභ පැතුම් අයියා
ඉක්මණට මොන මොනවා හරි කොටන්න පටන් ගන්න
liyana hama lipiyakma ubata wada watinay apita, eka nisa maga balagena inwa (uba kiwata Samawayan).
ReplyDeleteSajith.
මගෙනුත් සුභ පැතුම් ඉන්දික.
ReplyDeleteකමෙන්ට් කරපු අයට විශේෂයෙනුත්, අනෙක් හිමීට බලල ගියපු අයටත්, බොහොම ස්තූතියි. ඔන්න මම පොරොන්දු උන විදියට කේක් කෑල්ලක් දැම්ම, පරිස්සමින් රන්ඩු නොකර කන්ඩලා.
ReplyDeleteඅලුත් පෝස්ටුවක් ලියාගෙන යනව දවසට පේළි විස්සෙ වේගෙට. හෙට අනිද්දට දාන්නම්.
කිරිල්ලි,
සිංහබාහු වෙලා තියෙනෙ ක්‍රියාවෙං මිසක් උප්පත්තියෙන් නෙමෙයි. ඒත් අපි කවුරුත් නෑයො වෙන්න පුළුවන්.