විරූපිනියගේ වෙසක් පැතුම.
බොල්ලැ වූ දත් දෙපළ
මුක්කංමේ නහය යට
කළු වලින් පිරි මුහුණ
අඳුරු ඇස් ගෙඩි පිරුන
ලෑලි මගෙ පිටිපස්ස
පැතලි උන පපු අස්ස
කෝටු කටු වූ වටොර
මොකෙක් නම් පිළිගද්ද
එහෙව් මගෙ සුවඳ මල්
භාවනා සිල් දහම්
පුදෙන් ලද පින් බලෙන්
පතමි යනු දෙව් ලොවට
නොවේ මට සැප පිණිස
නොලද මේ හිමි භවේ
කඩමි බඹුගේ බොටුව
දුන් කමට රති හැඟුම්
ඒත් සංසාර චක්‍රය දික් කර ගන්න පැතුම් පතන්නේ..
ReplyDeleteඅදහස් නියමයි.. ජය !
මා දැක ඇති පරිධි සිත ගිය තැන මාළිගා තනන අයද නැතුවා නොවේ.
ReplyDeleteරූපය සාපෙක්ෂ දෙයකි. කෙනෙක් බොම්බිලි කරවල පිළිකුල් කළද තවකෙකුට රජ බොජුනකි.
++++++++++++++++++
Deleteහරිම ලස්සන අදහසක්... බ්‍රහ්මයාගෙන් පලි ගන්න පින් කරන...
ReplyDeleteවෙනස්ම විදිහක අදහසක්..
ReplyDeleteවිරූපීව පෙනෙන වත ලග
ලස්සන හිතක් ඇත සැගව..
ලස්සන අදහසක්.
ReplyDeleteහොඳ අදහසක්. ලස්සන කවි ටික.
ReplyDeleteනියම තැනැත්තා ලඟට යන්ට පින් කරනවා...:D
විරූපී ඔය රුවේ
ReplyDeleteනිසරුබව සිත්හීගෙන
ජිවිතේ අනත බව
නුවනින් පසක් කර
ඝොර වූ සසර මග
කෙටිකරන් නික්මෙන්න...........
නියමා......යි. සිංහය කලකට පස්සෙ!
ReplyDeleteකැත උනත් ලස්සන උනත් හැඟීම් හැමෝටම පොදුයිනෙ
ReplyDeleteඒ පාර 'අත' පැත්තක තියල මොකාටද අඳින්න එන්නෙ ?
ReplyDeleteඅම්මෝ සිංහය ඇවිත් කාලෙකට පස්සෙ....කවි ටික ලස්සනයි..මට තේරුනේ ටිකයි...:):)
ReplyDeleteනියම කතාවක්....
ReplyDeleteකාම තණ්හා, භව තණ්හා කියන දෙකෙන්ම මිනිසා පීඩා විඳිනවා නොවැ
ReplyDelete