Sunday, May 13, 2012

මොනා ලියන්නද, මොනව කියන්නද!

මොනා ලියන්නද,
මොනව කියන්නද!

කිවයුතු සියල්ල කියල,
ලිවිය යුතු ටික හංගගෙන
ඔහොම හොරාට
කලබලේම නික්මගිය කොට!

කවදාවත් දැකල නැති,
කටහඬවත් අහල නැති
උඹ වෙනුවෙන් මෙහෙම දුකක්!

ඔබා අය්යෙ, අපි හැමෝගෙම පින් ගන්න තරන් පින්කරල තිබ්බ උඹට නිවන දුර වෙන්නෙ නැහැ.



21 comments:

  1. ඔබා අයියාට නිවන් සුව! තවත් දහසක් දේ කීමට ඇතත් පසුවට කල් දමමි.

    henryblogwalker the Dude

    ReplyDelete
  2. ලොකු පොඩි, අලුත් පරණ, හැම සිංහල බ්ලොග් ලියන්නෙකුගෙම හිතවතා...කාගෙවත් හිත නොරිදෙව්ව... හැමෝම වචනෙකින් හරි සතුටු කරපු දයාබර බ්ලොග් සහෘදයා... ඔබා අයිය මාමා.... ඔබට නිවන් සුව... !!!

    ReplyDelete
  3. තමන් මුලින් බ්ලෙගා බලන්න පටන්ගත් එක ෆගැනත්, ලියන්නට පටන්ගත් එක ගැනත් ඔබ්සෝවර් හිටියේ හරිම සතුටින් බවත්, ඒ මගින් අඳුණාගත් පිරිසේ මිතුරු සමගම ගැන ඊටත් වඩා සතුටින් සිටි බවත් ඔහු සිය පවුලේ අය සමග පවසා සිටිනවා.

    මිනිසසෙකුගේ අකාල නික්ම යාම දුකක්.

    නමුත් දුකක් නොවිඳම අනිවාර්ය අවසානය දැකීම එක්තරා පිනක්!

    ඔබා ට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  4. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. කාගෙ හරි බ්ලොග් එකක් කියවන කොට දැන් ඔබා මාම ඇවිත් මෙතන මොන වගේ කමෙන්ට් එකක් දායිද කියල හිතුන වාර අනන්තයි. ඔයාගෙ බ්ලොගයෙ පෝස්ට් වලට අමතරව ඔයා වෙන බ්ලොග්වල දමපු කමෙන්ට් පවා අපි රසවින්දා. අනේ මන්දා... දැන් බ්ලොග් අවකාශෙට එනකොට මොකක්දෝ මහා පාළුවකින් හිත වෙළිල යනව. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔයාව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  5. ඔබා එහා ලෝකෙට ගිහින්. කියන්ට කිසිදෙයක් හිතට එන්නේ නෑ.

    අනුන්ගේ හිත නොරිදවපු, හැමට එකසේ සලකපු, සොඳුරු හදවතක් ඇති පියෙක්. හැමෝගේම ආදරේ දිනාගත්තු කෙනෙක්.

    ඔහුට නිවන් මිස වෙන මොනවා පැතුවත් පලක් වේවිද?
    ඔබාට නිවන් සුව!!!

    ReplyDelete
  6. ඔබා අයියාට නිවන් සුව ලැබේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  7. ගියා හුඟක් කලින් වැඩියි . ඔබා මාමා හරිම හොඳ කෙනෙක් . අපේ පොඩි ළමයිත් හරිම ආදරෙයි .ඔහුට නිවන් සුව පතනවා ඇර වෙන මොනවා කියන්නද . ඔහුගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා .
    රත්තරන් මනුස්සයෙක් .

    ReplyDelete
  8. ඇත්තෙන්ම අඳුනාගෙන කාලයක් වුවත් ඉතාම මෑතක්දී මුණගැසුනා. ඊට දින දෙකකින් ඔහු නැවත ලංකාවෙන් ගියා. ඒ යන්න ලෑස්ති වන ගමන් පළවෙනිදා සවස මට කතාකළා. අපි එවලේ ඊලඟ සැරේ කරන්න වැඩත් දාගත්තේ. ඒත් මරුවා.... ජීවිතේ මොන තරම් අස්ථීරද? ඔබට නිවන් සුව ප්‍රිය මිතුර.

    ReplyDelete
  9. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  10. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  11. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  12. මහා හිස්බවක් දැනේ.... කියනන් මොකුත් හිතාගන්න මටත් බෑ.

    ReplyDelete
  13. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  14. ඔබා මාමට නිවන් සුව

    ReplyDelete
  15. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  16. මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.

    ReplyDelete
  17. //කවදාවත් දැකල නැති,
    කටහඬවත් අහල නැති
    උඹ වෙනුවෙන් මෙහෙම දුකක්!//

    සහතික ඇත්ත....

    මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ :(

    ReplyDelete
  18. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  19. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete
  20. ඔබා මාමා යන්න ගියත් එයා ගැන මතකය අපි ගාව තියලා ගියේ. ඒක හැමදාම වගේ අපේ හිතවල් තියේවි

    ReplyDelete
  21. අලුතෙන් මොනවා හරි ලිව්ව නම්..........

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails