Saturday, June 18, 2011

ගෑණු ජාතිය ජරා ජාතිය..එහෙම වෙන්නෙ කොහොමද?



ගෑණු ජාතියට මේ දවස්වල එලව එලව ගහනව. මෙහෙං කකා, එහෙං දුකා.
එහෙං කවිකාරි, මෙහෙං ලාවට වගේ මං.

අපරාදෙ කියන්න බෑ වැඩේ නැගල ගිය නිකං බටකැලේ ගිණිගත්ත වගේ.

සමහර මල් මාමල කූඹී එහෙම ස්ත්‍රී පක්ෂෙට සපෝර්ට් එකට පොඩ්ඩක් කෑ ගැහුවට මං ගනං ගනී ඕව.

තුන් යහලුවන්ගෙ කතාවයි, අරුණිගෙ ඒකට ඈඳුතු කතාවයි දැක්කම වෙන යමක් ලියන්න හිතට ආවත් මේ ටිකත් කියලම මගේ බමුණු කතා ඉවරකරනව කියල හිතුව.

කවුද කියන්නෙ ගෑණු ජාතිය ජරා ජාතිය කියල? අනිව උත්තරේ පිරිමි ( හොරාට ගෑණුත් එහෙම නොකියනව කියලද? ).

මට හිතුන පිරිමි පාර්ශවේ ඇයි එහෙම හිතන්නෙ කියල මට හිතෙන හැටි ලියන්න. මේ මට හිතෙන හැටි. ඔබට හිතෙන හැටි යට කොටල යන්න.


පළවෙනි හේතුව.

සමහර ගෑණු ළමයි මණුස්සකමට, හිතවත්කමට හිනා උනාම, හොඳට කතා කරාම ගොඩක් පිරිමි හිතනව "හරි මේක කොට මොඩල් තමයි... ට්‍රයි කරොත් අල්ලන්න පුලුවන් " කියල.

එහෙම හිතන අයගෙනුත් සමහරු ඉතිං පදිනව පැට්‍රල් පුච්චං පස්සෙන්. කොට මොඩල් එකක්නං සමහරවිට වැඩේ ගොඩ, ඒත් එහෙම නොවුනම ඉතිං මල.

අන්න එතකොට බනිනව..."ඕක මහ ජරා බඩුව...ඕකි මට කොකා පෙන්නල අරුත් එක්ක සෙට් උනා (බලනකොට ඌ තමයි මුල ඉඳංම සෙට් වෙලා ඉඳල තීන්නෙ ).. පස්සෙ මුළු ගෑණු සංහතියම ගාවගෙන කියනව “මුං මහ ජරා ජාතියක් බං..."

අහල තීනවද අර පුන්සිරි සොයිසගෙ සින්දුවකත් කියන්නෙ මේ ගැන ....බිඳුවක් ඉවසා අහන්න හිතවත… අහන්න හිතවත...


දෙවැනි හේතුව..

සමහර ලස්සන (සහ ලස්සන නොවෙන ) ස්ත්‍රී උදවිය ඉන්නව එක පුන්සඳෙන් විතරක් නොසෑහෙන.

එතකොට ඔය අහක ඉන්න හාල්පාරුවොත් අර පොඩි පෙන්ටෝච් අරං යනව මේ අඳුර නිවන්න.

රුපියල් අස්සෙ අලුක්කා ගහන්න එනව කියල අර ගෑණු උන්දැ එලෝ ගත්තම, අන්න ලෝකෙටම තෙල බෙදනව .."අර අච්චර හොඳ මිනිහෙක් ඉන්දැද්දි අරකි අරුත් එක්කත් යනවනෙ..මුං මහ ජරා ජාතියක් බං"

තුවැනි හේතුව..

සමහර ගෑණු (ළමයි ) මේ එකට කාමරේ ඉන්න, උදේ හවා පන්තියෙ ලඟ ඉන්න එකීට හොරෙන් ඒ යාළුවගෙම කොළුව හරි සහෝදරයෙක් එක්ක හරි හිමීට සෙට් වෙනව.

එහෙම නැත්තං තමංගෙ එකා උපාසක ඩයල්නං හිරිවාතෙට වෙනම පැත්තකින් ටෙම්පරියක් අදිනව. ( සාමන්‍යෙන් කොල්ලො මේවගේ ඒව තමංගෙ බොක්කට හොරෙන් කරන්නෙ නෑ එකම කරත්තෙ බෙදාගෙන දක්කනව වගේ වැඩ මිස. අනිකට හොරෙං මේක කරන ඒවත් දාන්නෙ ගෑණු වැඩ හැටියට )

ඒත් විරුද්ධ පාර්ෂවේ උන්දැල හංගං කරණ වැඩ ගැන පිරිමි කතා වෙන්නෙ "මු ං මහ ජරා ජාතියක්..සත පහකට විස්වාස කරන්න බෑ නෙ.."කියල ප්‍රසිද්ධියෙමනෙ...

හතරවෙනි හේතුව...

පිරිමි තමංගෙ මස්සිනා එක්ක හොඳට සෙට්වෙලා අඩියක් ගහල, බොහොම සාමෙන් සමාදානෙං ඉන්නව. ගෑණු තමංගෙම ජාතියෙ නෑනලගෙ අඩු පාඩු හොය හොය ඉරිසියාවෙ පැලි පැලි අනේ අර අහිංසක මිනිහටත් මල ඇනයක් වෙනව.

ඔය අස්සෙ දෙමස්සිනාල මේ ගැන කියන්නෙත් "ඔහොම තමයි බං...ඔය ජරා ගෑණු ජාතියෙ හැටිනෙ නිකං පූසො වගේ "


පස්වෙනි හේතුව..

මාමල බෑණල කිසිම අරෝවක් නැතුව ( දෙදෙනාගෙන් එකකු ගෑණු ඩයල් නොවේ නම් ) ෆුල් ආතල් එකේ සෙට් වෙන්ව.

නැංදම්මල ලේලිලට අනේ මගේ කොල්ල කන්න ආපු එකා කියල ළමයෙක් පරක්කු එකටයි, උයන පිහින එකටයි මොන මඟුලක්වත් නැත්තං ඒ නැති කමටයි කෙහෙවලු අල්ලං මල ඇනේ වෙනව.

අර මාමල බෑනලට දෙන්නත් ඉතිං හිත්ං හරි කියන්නෙම " ජරා ගෑණු මුං මොකට මරා ගන්නවද, මොනව බෙදා ගන්න බැරුවද"


කූඹිනං (දුකා මාරය වගේ හිතවතුන් ඇර, මොකද උන් දෙන්න මඩ එක්ස්පෝර්ටර්ලනෙ ) මේක බලල මට කියයි උඹ ඔහොම උනාට අපි නෑ. ඔය උඹලගෙ ගෙදර ගැන වෙන්නැති කියල තීන්නෙ අරවද මේවද කියල.

මං මීළඟට දාන්න ඉන්න සේරීස් එක කියෙව්වම ඒත් මොලේ ඇති උන්ටනං තේරෙයි ඇවිද්ද පය දහස් වටී කියල කියන්නෙ නිකම්ම නෙමෙයි කියල.

පලි. කොට මොඩල් දන්නෙ නැති අය මීට වඩා වාහන ගැන දැනගන්න වෙනව.

51 comments:

  1. "ගෑණු ජාතිය ජරා ජාතිය"
    කටුස්සා ඔළුව වනන ගමන් ඕකයි කියන්නේ කියනවලුනේ. බොහොම ඉස්සර ඉඳන් එන කතාවක්නේ ඕක. මොකක් හරි හේතුවක් ඇති ඔය කතාව කියන්න. ඇත්තටම මම දන්නේ නෑ එහෙම කියන්න හේතුව. හේතුව නොදැන "ගෑණු ජාතිය ජරා ජාතිය" කියන වාක්‍යයට මට එකඟ වෙන්න හරි නොවෙන්න හරි විදිහක් නෑ.
    දැන් මේ ලිපියේ කියලා තියෙන්නේ අර වාක්‍ය අදට කියන්න හේතු වෙන කරුණුනේ. කොහොම වුනත් "ගෑණු ජාතියෙ හැටිනෙ නිකං පූසො වගේ" කිව්ව එකටනම් මම සම්පූර්ණයෙන් විරුද්ධයි! :D

    ReplyDelete
  2. මේකට මුකුත් කියම්දෝ නොකියම්දෝ සිතුනි මට . කෙලින් දිවෙන තේරුම් වලට යටින් පිරිමින්ටත් පොඩි මඩ පාරක් ගහල තියෙන බව නම් පේනවා.

    ReplyDelete
  3. මේ පිරිමි ටික ගෑනු නැති පුරයකට ගිහින් දාන්න ඕන.
    ඉන්න හැටි බලන්න.......

    ReplyDelete
    Replies
    1. ආ......... මොනා වෙන්නද? අතේ පාරක් ගහලා නිදා ගනනවා මිසක්

      Delete
  4. පළවෙනි හේතුව කියෙව්වහම මට මතක් වුනේ අපේ එකෙක් කරපු වැඩක්....
    මූත් කාලයක් පැට්‍රල් පුච්චගෙන කෙල්ලෙක්ව ෆලෝ කලා කලා නෝ රෙස්පොන්ස්...
    අන්තිමට මට මතක හැටියට ඔය සීබල් ඇවනියු එකට හැරෙන තැන හෝල්ට් එකේදි... ඇහුව... කෙල්ල බෑ කියල... ඒව එතනම හිටපු අපිටවත් ඇහුන් නෑ..
    මෙන්න මූ පාරෙ එහා පැත්තට ඇහෙන සයිස් එකට වොලියුම් දාල අර ළමයට කියපි..
    " අපේ අම්මල අපිව බෝනික්කො වාගෙ හදල මෙතන එව්ව්හම හිතාගෙන ඇති දැලේ දාගන්න ..අ.නේ.. අපිනම් අහුවෙයි ඕවට කියල..."
    අර ළමය ආයෙ ඒ පන්තියට ආවෙත් නෑ....

    ReplyDelete
  5. ඕක ඔය ෆෝමැට් එකේ වැරද්ද මචන්.එක එක විදියට තිබ්බට එකම මෝල්ඩ් එකෙන් තමා වක්කරල තියෙන්නෙ.ආයි පිස්සුවක් ඇතැයි!

    ReplyDelete
  6. //සමහර ගෑණු ළමයි මණුස්සකමට, හිතවත්කමට හිනා උනාම, හොඳට කතා කරාම ගොඩක් පිරිමි හිතනව "හරි මේක කොට මොඩල් තමයි... ට්‍රයි කරොත් අල්ලන්න පුලුවන් " කියල.//
    මේ කතාව නං සම්පූර්න ඇත්ත.

    @පූසා,

    ඒ කතාවෙන්ම පේනවා ගෑනු ජරා ජාතියක් නෙමේ බව. ඕකේ තේරුම තමා එයාලා ලස්ස්නයි, හුරතල් වෙන්ට කැමතියි, නිතර ඇඟේ දැවටෙන්ට කැමතියි කියන එක. මල්ලි ඕවා ගනන් ගන්ට එපා.

    ReplyDelete
  7. හපෝ,,, හරි සුද්ධවන්ත පිරිමි......
    මේ දවස්වල කඩෙන්ලු නේ කන්නෙ?

    ReplyDelete
  8. අනේ මන්දා අපි ඔක්කොමලා දෙපැත්තට බැන ගන්නවා.හෙ..හෙ

    ReplyDelete
  9. "ගෑණු ජාතිය ජරා ජාතිය"
    75%

    ReplyDelete
  10. මාරය,

    පැදල තියෙනව වගේ නේ!

    ReplyDelete
  11. පූසා,

    පාට වෙනස් කරන කටුස්සො කියන ඒව එච්චර සිරා ගන්න එපා මලේ!

    මේ කියල තීන කරුණු සර්වකාලීනයි.

    ReplyDelete
  12. බින්දි,

    අද එහෙනං සැනසිල්ලෙ නින්ද යයි!

    ReplyDelete
  13. දැන් 32ක් වෙන්නත් ආවනේ මචං..:D

    ReplyDelete
  14. ගිම්හාණි,

    අල්ලෙ වල හැදෙයි වෙන මොනව වෙන්නද?

    අනික අපි ගියාම ඇයි ඔය කට්ටිය පාළු ගෙයි වළං පෙරලන්නද කල්පනාව?

    ReplyDelete
  15. සපතේරු උන්නැහේ,

    අර නරියගෙ පුනරුප්පත්තිය වගේ! ඔහොම උන් අනන්තයි අප්‍රමාණයි

    ReplyDelete
  16. කස්සා,

    තෙලේ බුවාලත් මේ පැත්තෙ කැරකීම සතුටට කාරනාවක්!

    එකෙම්ම ඉවරකරල දාහං බං එහෙනං.

    ReplyDelete
  17. කුමාරිහාමි,

    නැද්ද කතාවක් එහෙම අත්දැකීම් එක්ක?

    පූසො ගැන කියපු ටිකකට මේකත් එකතු කරගන්න.
    "එයාල නිතර හොරා කනව, කම්මැලියි, සුරතලේ හැර වෙන වැඩකට නැත, වැඩිය ලඟට ගත්තෝතින් නවතින්නෙ ඇදුම සෑදීය"

    ReplyDelete
  18. පිණි පළස,

    තාම නෑ, තව දවස් දෙක තුනකඉන් ඉස්පිරිතාලෙ ගිහින් ඇරලුවාම ඉතින් තාත්තටයි පුතාටයි කඩෙන් තමා. නැතුව මේ ඔයාල වගේ අපේ උන්දැ අදහස් ප්‍රකාශනයට උදලු දාන්නෑ..

    ReplyDelete
  19. කඩේ හාමිණේ,

    සංතෝසයි මේ පැත්තෙ ආපු එක ගැන. වෙලාවක එන්නංකො තේකක් බීල එහෙම යන්න.

    ReplyDelete
  20. ඇනෝ,

    ඉතුරු විසිපහ පොළිසියද?

    ReplyDelete
    Replies
    1. ඕක ඒ කාලේ ඉඳන්ම තියෙනවා එකක්ද බන්..?

      Delete
  21. ආ,, සිංහ සීවලී කෙනෙක් ගේන්ට වගේ. සුභ පැතුම් !!!!

    ReplyDelete
  22. පිණි,

    අන්න ගෑණු ඉව!

    ස්තූතියි...සීවලී කියල කොල්ලොත් ඉන්නව නේද?

    ReplyDelete
  23. අනේ මන් කවදත් සැනසිල්ලේ නින්දයන මනුස්සය. පිරිමි පරාන එක්ක කොක්කකුත් නැහැ මට . ඒ වුනාට ගෑනුන්ට මඩ ගහන කොට අර ස්ත්‍රී චින්තනය අවදි වෙනවනේ . අසාධාරණයට විරුද්ධ වෙන එක මගේ ජන්ම ගතියක් අප්පා . ඒක ස්ත්‍රී පුරුෂ කියල නැහැ. ඔන්න කවුරු හරි කිව්වොත් පිරිමි මහා නරකයි කියලා එකටත් මන් විරුද්ධවෙනවා. ඇයි මට මෙහෙම නිදහසේ ලියන්න ඉඩ දීල ඉන්න එකට වත් ගරු කරන්න එපාය. අපේ ගෙදර කොහොමත් සමතැන . සමතැන කිව්වේ එයා මුල්‍ය කටයුතු සහ බරපතල වගකීම් දරනවා .පොල් කඩලා ගාලා දෙන්නම් කියල පොරොන්දු වුනෙත් නැහැ , මම ඒවා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මම ගෙදර දොර අනික් දේවල් දරුවන්ගේ වැඩ ගැන බලා ගන්නවා. ලොකුවට මරාගන්න ප්‍රශ්න ඇති කරන් නැහැ. පොඩි වලියක් වුනත් විනාඩි පහයි. මෙහෙම කිව්වේ මාව ඊනියා ස්ත්‍රී විමුක්ති වාදිනියක් විදිහට විහිලුවට වත් හිතන් ඉන්නවනම් කියා හිතලයි.

    ReplyDelete
  24. අපිත් එකතු වෙලා "පිරිමි ජාතිය ජරා ජාතිය" කියල කියමනක් ස්ථාපිත කරනවා :P

    ReplyDelete
  25. අනේ මචං මං කියන දේත් අහපල්ලා
    ගෑණු නම් ජරාම ජාතිය තමයි
    මිනිස්සුත් ඊට වඩා ජරා වැඩ කරනවා
    බැලුවම බං මචං අපි දෙවර්ගයම මිනිස්සුනෙ
    ඒ හින්දා
    අපි මේක අහමු ‍බල්ලෙක්ගෙන්

    ReplyDelete
  26. අපි ඔක්කොම මිනිස්සු නේ....

    ReplyDelete
  27. එකපාරටම කස්ටියම එකතු වෙලා ගෑනුන්ට වටවෙලා ගැහුවා වගේ .. . .
    උඹ කිව්ව දේ ඇත්ත . . අන්තිමට වැරදි කාරයා සුද්ද වන්තයා වෙලා නිවරදි කාරයා වැරදි කාරයා වෙලා . . ඕක මචන් අපේ රටේ උඩ ඉඳලා පහලටම තියෙන දේනේ . . වෙනස් කරන්න සෑහෙන කාලයක් යයි . .


    මේ ඒකනෙමෙයි . . උඹ ජීවතුන් අතරද ?

    ReplyDelete
  28. අඩෝව්.. ඩෝන්ට් මෙස් විත් අස් හරිය.

    ReplyDelete
  29. මොකද මේ පේන්න නැත්තේ. ගෑනු ටික එකතුවෙලා kidnap කලා වත්ද????

    ReplyDelete
  30. මට මෙව්ව දෙකක් හිතට එනව...

    එක.. මෙච්චර ගෑනු පරාණ පිරිල තියෙන මේ අවකාසෙ මේ කතා ලියපු බොලාල යහතින් ඉන්නෙ කොහොමද කියන එක...

    දෙක.. ඇමරිකාවට ඔබාම ගහපු වෙලේ, පිටින් ඇමරිකාවට සපෝට් වගෙ ඉන්න ගමන් යටින් ඔබාමට සපෝට් කරපු උනුත් ඉන්න ඇති බව..

    ReplyDelete
  31. හැබෑට මොකෝ සද්ද වහලා???? හාමිනේ අක්ක, අළුත් බබා පැටියා සනීපෙන් වෙන්ටැ?

    ReplyDelete
  32. බින්දි,

    "මාව ඊනියා ස්ත්‍රී විමුක්ති වාදිනියක් විදිහට විහිලුවට වත් හිතන් ඉන්නවනම්"

    මාර බර වචනනෙ මෙයා...!

    ReplyDelete
  33. ප්‍රියංක පොටෝ,

    කටේ මසුරං දාන්න වටින කතාව ලොක්ක....

    ReplyDelete
  34. පිස්සා,

    ඉතිං එහෙම කියල?

    ReplyDelete
  35. දුකා,

    උඹයි බින්දියි විතරමද මන්ද හරි තැනින් අල්ල ගත්තෙ!

    මං තාම ජිවත් වෙනව, මැරිල පණ ආව මචෝ...!

    ReplyDelete
  36. පිණි නඟා,

    ඔය අර මෙස් කිව්වෙ හමුදාවෙ නිළදරුවන්ට කන්න යන්න තීන "මෙස්" එක වගේ එකක්ද?

    ReplyDelete
  37. ගිම්හාණි,

    හරියටම හරි...! ගෑණු ටික එකතුවෙලා නෙමෙයි ගෑණි කිඩ් නැප් කොලානෙව...

    ReplyDelete
  38. සපතේරු උන්නැහේ.

    යහතින් ඉන්නෙ කොහෙද බං? බලහන්කො අද හවසට දාන කතන්දරේ..

    මේ මොන අන්ඩර දෙමලක්ද බං? ඇමරිකාවට කවද්ද ඔබාම ගැහුවෙ?

    ReplyDelete
  39. හරී - පිණිපළස ,

    බොහොම පින් නඟේ සැප දුක් අහන්න ආවට..

    වැඩි විස්තර පුවක් ගස් වලින්

    ReplyDelete
  40. කතාවනම් ඇත්ත තමයි, එත් ඉතින් මොනව වුනත් ගෑනු ලෝකෙ නැතිවුනොත් හරිම පාලුවක් තනි කමක් දැනෙයි, මට නම් ගෑනු පිරිමි දෙගොල්ලන්ම ඔනේ...

    ReplyDelete
    Replies
    1. අපිට නම් ගෑණු විතරක් හිටියම ඇති ..:p

      Delete
  41. Replies
    1. හිකිස් කෝරළේ වලව්වලු ..:D

      Delete
    2. වල්ල ලඟ ඇලව්ව කෝරලේ වලව්ව!

      Delete
  42. oke palaweni eka nam sahathika aththa. mnussakamata katakarana hithanne dagnna puluwan kiyala, etapaseehari giye nathi unam e kellage athmema winasa karanwa, math hodata anagena thiyenawa. anthimata mawa bearaganna apu kenata man adare karapu ekai une.allaganna be hithunama irisiyawata nokiyana kathandarayakna, ganu wage pirimi kiyanne unta tama. kiynata thiyena nindithama katha godakth ahuwa mage manussaya.. kawuru unath api 2 na ekathu une oya wage un hindai, hamadema wenne hodatalune..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails