Monday, September 1, 2014

ඔබ මෙය පිළිගනියිද.......? A mystery revealed..!!!

සත්‍ය ප්‍රබභන්ධයකට වඩා විශමජනකය...............!

මෙය ප්‍රබභන්ධයක් නොවේ. සමහරවිට ඔබ කිසිසේත් පිළිනොගන්නා තරම් විශ්මයජනක සත්‍ය කතාන්තරයකි. ඉදින් ඔබේ විශ්වාසය ගැන නොසලකා හෝ මා මෙය කිව යුතුමය.

...........

වනයේදී නිහඬ රාත්‍රිය නොව දහවලය.

හිරුගේ දාහයෙන් බේරී අතු අස්සේ සිටිනා සද්දන්ත ඇතුන් කුංචනාදකරමින් දියට බසින්නේද, වවුලන් බස්සන් සහ කුඩා රැහැය්යන් පිරිවරාගත් කුරුළු සහ කෘමී ගනයාගේ පංචතූර්‍යනාදය ඇරඹෙන්නේ ද හිරු බැසයාමත් සමගමය.

එහෙත් එදින බියකරු ගුප්ත වනය වෙනස් වී ගිය සෙයකි. මහලේනම මහ වනයේ සිය අණසක පතුරුවා සිටි වැදි රැහේ සියල්ලන්ටම එය දීර්ඝ නිහඬ රැයක් විය. වෙනදා දොඩමලු වැදි මහල්ලන්, කුඩාවුන් පමනක් නොව, ගුහාවේ අවට රැහැය්යන් බස්සන්ද ත්‍රස්තවී ගොළුවය.

නියපොත්තක් වන් අව පස සඳ හැකි උපරිමයෙන් වනයට එලිය දෙන්නට වෙර යොදමිනි. ඇගේ තනියට එබෙන තරුද වෙනදාට වඩා බොහෝ මලානික පැහැයකින් යුක්ත විය. රෑ අහස හැඩ කල වළාකුළුද කොහෙදෝ පාවි ගොසිනි.


අඳුරු ගල් ගුහාවේ පියස්ස මත රැඳි කුඩා ගස් මතට වෙනදා එන වවුලන්ද නොආ සෙයකි. කුඩා එළි විහිදවූ රෑ බදුල්ලන්, කණාමැදිරියන් මියැදුනා වැනිය.ගුහාවෙන් පහත කුඩා පඳුරු අතරේ මීමින්නෙකුගේ, සාවකුගේවත් සෙලවීමක් නැත. කොටින්ම මෑත පෙනෙනා දිය වළෙහි වෙනදා යන එන මුවකුගේ හෝ අලියකුගේ හඬවත් නැතිවිය.

සත්‍ය වශයෙන්ම එය නිහඬ බියකරු රැයකි. මහ ලේනම මහ වනයෙහි අඳුරෙන් නොවැසුනු සියළු හිස් තැන් බියෙන් සහ නිහඬතාවයෙන් පිරී ගොස් ඇත.

දැවෙන දර කැබැල්ලකින් එන පටස් හඬත් සඟවා ගුහාව දොරකඩ දැල්වෙන මලානික ගි න්න සදන  සෙවනැලි  තැන් තැන් වල ගල් ගෙඩි සේ වකුටුවී සිටින වැද්දන්ගේ සිරුරු මත නටන්නේ දත් විළිස්සාගත් යකුන් මෙනි.

අඳුරේ, නිහඬතාවය හා ගුලිවූ වැද් දෝ, එදින දහවල් දඩයමක ගිය තම රැහේ හය්ය-හත්තිය ඇති නාම්බෙකුගේ අතුනුබහන් ඉරාගෙන කා දමා තිබූ, අත්ගොබ වල මස් හුරාගෙන, හිස පලා මොළ කැබලි පවා හූරාගෙන තිබූ ඒ අතිශය භයංකාර දර්ශණය සිතෙන් දුරු කිරීමේ දුර්වල උත්සාහයක  නිරතවෙමින් සිටියහ.

බොහෝ කලෙකට පසු තමන්ට යලිත් පැමිණි මේ විපත, වැදි රංචුව ත්‍රස්ත කර තිබේ.

තමන්ට වනයේ සිටින ලොකුම සහ භයානකම හතුරා යලිත් වරක් රැහේ උන් මරා කන්නට පටන්ගෙන තිබේ.මෙයට පෙරද වැද්දන්හට තම ගල් ගුහා වෙනස් කරමින් පලා යන්නට සිදුවූ ශාපය නැවත උන් ලඟටම පැමිණ ඇත.

අඩි තුන හතරක පමන උස්වූ ශක්තිමත් දෑත් දෙපා හිමි මේ අමුතු සතුන් නෑ යකුන්යැයි සිතා සිටි කාලය ඉක්ම ගොස් තිබුනද, වැද්දන්ට උන් කෙරේ බිය වීමට බොහෝ හේතු විය.

නූස්, ශක්තිමත් ඇඟ පතින් හෙබි මේ මොවු හු පෙනුමින් මිනිසුනට ඉතා සමාන වූහ. එහෙත් දුටුවන් බිය කරවන තරම් රෝම වලින් වැසී ගිය සිරුරින් යුතු, විසල් ඇස් ගෙඩි දෙකක් හා අඳුරු මුඛයකින් හෙබි දිගැටි මුහුණු ඇත්තෝ නිසා මිනිසෙකුට වඩා උන් යක්ෂයාට කිට්ටු පෙනුමින් යුත් සත්ව කොට්ටාශයක් බව කුඩා වැදි පැටවුන් කල කියා දුන් කතා මෙහි නිදි වර්ජිත නාඹර සහ මහලු වැද්දන් සිත් තුල තවම හොල්මන් කර යි.  මේ සතුන් ගැන නොයෙකුත් බියකරු කතා වැදි රංචුවේ කුඩා පැටව් හොඳින් දැන සිටියහ. කොටින්ම උන් වළහෙකුට හෝ කුළු හරකෙකුට වඩා මේ අමුතු සතුනට බිය වූහ.

එපමණක් නොව කැළයට නුදුරු ගම්මාන වල සහ වැද්දන් හා ගණුදෙනුවට යන එන තම්බි නානලාද කැළයේ කිසි දින දැක නැති මේ අභූත සතුන් ගැත දක්වන්නේ ඉමහත් බියෙකි .

ඉතින් මෙතෙක් කල් තමන් විසින් වනයේ ගල් මත වේලෙන්නට ද මන ලද මස් කුට්ටි යක් හෝ ගස් බෙනෙයක සඟවා තිබූ මීපැණි ලූ මස් ගාතයක් හොරා කෑමකට එහා නොගිය ඒ අමුතු බියකරු සතුන් ක ලකට පසු නැවත වැද්දෙකු මරා මස්කර ඇත.

මෙය වැදි රැහේ පැවත්මට එල්ලවූ දරුණු තර්ජනයකි!

තව දුරටත් නිහඬව සිටීමෙන් මේ අමුතු සතුන් ගෙන්  සිදුවිය හැකි හානිය ගැන වැද්දන්ට අමුතුවෙන් පහදා දීමට අනවශ්‍යය. දැන් මේ එළඹ ඇත්තේ ක්‍රියාත්මක වීමට සුදුසු සහ අවශ්‍යම කාලයයි.

තම රැහේ ආරක්ෂාව සලසාදීම වැදි රැළක නායකයා සතු පරම වගකීමකි. එමෙන්ම සියලු වැද්දන් මෙවැනි අවස්ථාවක බලාපොරොත්තුවන්නේද නායකායාගේ උපදෙස් සහ මඟපෙන්වීමයි.

මින් පෙර සිදු වූ ලෙසින් පලා යාමට හෝ මෙම අනතුරට එරෙහි නොවීමට මෙවර නායක වැද්දාටද් ඉඩක් නැති සෙයකි. එය තම තැනට එන්නට බලා සිටින්නන්ට හෝ දැනටමත් බලයට අභියෝග කරනා නහෙට නහන වැදි නාම්බන්ට ඉණිමං බැඳීමකි.

මෙනිසා නායක වැද්දාට සිය තීන්දුව ගැනීමට එම නිහඬ රාත්‍රිය බලකරමින් තිබිනි.

මලානික ගිණි මැලයේ අඳුරු සෙවණලි අතරේ කිසිවෙකු නැගී සිටි දෙසට සියලු නෙත් යොමුවිය. විධාන අනවශ්‍යය. නායකයා පසුපස අනෙක් වැද්දන්ද එක්විය. සියල්ලෝ ගිණිමැලය අසලට එක්වූයේ මුහුණු හොඳින් දැක ගැනීමට එහා ගිය කාරියක් වෙනුවෙනි.

නිහඬබව වෙලා ගත් බියකරු අඳුරු අත් මෑත්වෙමින් තිබේ. තළතුනා වැද්දන් සහ නාම්බන් සියල්ලෝ රැහේ නායකයා සමඟ ඒ ඓතිහාසික සාකච්ඡාවට එක්ව සිටිති.

මෙතෙක් නිහඬව සිටි රැහැය්යොද, ගල්වී සිටි අලිද මේ දැන් ඇහැරුනේදැයි පසෙක සිටි වැදි-ලියන්ට නොසිතුනා නොවේ.ඇකයේ සිටි කුඩා පැටව් සැපට නිදත්දී අම්මලාගේ සමාගමයද රැහේ පසෙකින් රැස්විය.

සාකච්ඡාව ගිණි මැළයද උණුසුම් කරවයි.නායක වැද්දාගේ හඬ විටෙක දැඩිය, විටෙක වේගවත්ය.

තම මහළු සැමියා සිටි ගමන් කෝපයෙන් කෑ ගසන දෙස බියෙන් බලා සිටිනා ඔහුගේ සහකාරිය තම කුඩා පැටවුන් තවත් තුරුළු කරගෙන බියපත් දෑසින් බලා උන්නාය.

ඈත අහසේ අඳුරු කලු පැහැය ලා දම් පැහැයට හැරෙන තෙක්ම වාදය ඇදී ගියේය. අවසන මහල්ලන්නගේ උපදෙස් සහ නාම්බන්ගේ පාරම්බෑම්, පූචානම් මැද සියළුදෙනම එක් සැළසුමකට එකඟව, උදා හිරුත් සමඟින් ගුහා දොර නැගී සිටියහ.

එය තරමක් අමුතු උදෑසනකි. පාන්දරම වට පොද වැස්සකින් පසු කුරුළු නාද කිසිදිනෙක නැති තරම් උස්ව නැගෙන්නට විය. වැද්දන්ගේ ගුහාව පාමුල දිය කඩිත්තේ මුවන් කිහිප දෙනෙකුම අං පටලවාගෙනය. දිය බොන්නට නොව දියට පනින්නට මෙන් දිව එන ඇතුන් දෙසවත් උන් නොබැලුවා වැනිය.

මේ අතර වැදි රැහේ නාම්බන් සැළසුමට අනුව සූදානම් වෙමින් සිටියහ.

විජිතපුර සටනට පෙලගැහෙන සේනාව තරම් සෙනගක් නුවූවද, පිරිසේ සූදානම ඊට නොදෙවෙනිය. සැවොම එක සීරුවට නිහඬවම තම කාරිය කෙරෙහිම එබීගෙනය. තැනෙක දුණු දිය ඇද බලා, වරපට තද කරන නාම් බෝ ආඩ්ම්බරයකින් තම වැඩෙහි යෙදෙති. උන් අසලම සිටි විශ ගෙඩි තැලූ දියෙහි හී ඔබන කැකුලියන්ගෙ වෙනදා එන සිනා කෝලිත්තන් විෂ ගෙඩිත් සමඟම තලා දමූ සේය. තලතුනා වැද්දන් තම දිගු හෙලි වැනි ශක්තිමත් දඬු උල් කරමින්, මී පැණි දී මිලට ගත් පිහි තල මුව තබමින් සුරුවෙති.

ඉර දෙවියන් ආපසු යෑම ඇරඹීමත් සමඟම මඟට බැසීම වැද්ද්දන්ගෙ අරමුණ විය. සියල්ල සුදානමිනි. නායක වැද්දා පෙරටුකර නාම්බන් සහ තලත්තෑනි වැද්දන් විසිපහක් තිහක් රැහේ විය. හැම අතම දුණු හී අඩු නැතිව තිබිනි. උල් පිහි, උල් වූ ලී දඬු ඈ සියලු වැදි ආ යුධ දැරූ තරුණ වැඩිහිටි සියළු වැද්දො කකියන ලෙයින් රත්වූ ජවයෙනි.

මද්දහනේ සෙවනැලි දෙතුන් වියතක් තරම් දික්වීමට පෙර ගස් පඳු රු අතර සෙවණැලි අතරින් වැදි රැහේ නායැකයා සහ පිරිස මගට වැටුනි.

සිතියම්, කඩදාසි කිසිවක් නැත. සියල්ල එකිනෙකාගේ සිත් තුල පමණි.

සැළසුම් කල ලෙසම වැදි හමුදාව වෙනදා දඩයමේ ගොස් ඉසිඹු ලන වැදිගල අසල ගල් ගස් අතරට මුවා විය. කැළයේ ඉපිද කැළයේම මියන වැද්දන් ගස් අතර නොපෙනීම අමුතුවෙන් කියාපෑ යුත්තක් නොවෙ. නමුත් අද කාරිය ඊට වෙනස් එකකි. තමන්ට සැඟවීමට ඇත්තේ තවත් කැළයේම වෙසෙන මෘග ගති සහ මිනිස් ගති මුහුවූ තම පරම සතුරාට නොපෙනීය. තමන් තරම් නොව ඊටත් වඩා වනයේ සෙවණැලි හඳුනන මේ සතුරාගෙන් සැඟවී සිටීම වෙන දිනෙක ලෙහෙසි නොවිය හැකි මුත්, වෙනදා නැති පෙර සූදානම මෙවර එය එතරම් අපහසු කර නැති සෙයකි.

සියළු රැළ වහංව සිටිත්දී, දුණු හී ගත් වැද්දන් දෙදෙනෙකු වැදි ගල මතට ඇදෙන්නට විය.

වැරදීමක් නොවේ! මෙය සැළසුමේහිම අංගයකි. තමන් දඩයමේ ගොස් වෙහෙසවී මෙම ගලට පැමිණ මදක් ඉසිඹු ලන බව උන් දන්නා බව වැද්දෝ ද දනිති. මේ නාම්බන් රඟන්නේ එලෙස වෙහෙසවූ වැදි කැකු ළන් දෙදෙනෙකුගේ ජවනිකාවයි.

මද්දහන ඉක්ම යමින්, කෙටි සෙවනැලි දික් වෙමින් තිබුනි. වනයේ දිවා කල කුරුලු රංචු තම දවසේ මෙහෙය නිම වන නද පතුරන්නට වූහ. ගිණි ගහන හිරු රැසින් සැඟවී සිටි අලි රංචු උස් ගස් අතරින් මෑත් වෙමින් මගට බසිමින් සිටියහ.

සියල්ල විය යුතු ලෙසම සිදුවෙත්දී වැද් දෝ පමණක් ගස් යට ගල් වී සිටිති.

එක්වරම වැදිගල අසල උස් ගස් මත වඳුරු රංචු කලබල විය. මෙය ගල මත සිටි වැදි නාම්බන්ටද නොදැනුනා නොවේ. කලබල විය යුතු නැත. සිතට බිය ගතිය දැණුනද, තම නිදි වෘතය රැක ගෙන සිටිය යුතුය. හෝරාවක් දිගු සේ දැනෙන තවත් මිනිත්තුවකට දෙකකට පසු, සිහින් අතු අතරින් කෑ ගසමින් වඳුරන් පලා යත්දී වෙනත් අමුත්තන් පිරිසක් වැදිගලට සේන්දුවෙමින් සිටියහ.

අඳුරු පඳුරු ගොන්නක් අතරින් හිස නැතිව වුවද රත් පැහැ ගත් කුඩා දෙපා සතරක් මෑත් විය. ඒ වන විටත් වඳුරන් පලා ගොස් නිහඬ බව ගස් අතු අරක්ගෙන තිබිනි.

පඳුරු අතරින් සීරුවේ මෑත්වූවන් දෙස  යොමුවූ නෙත් පණහකට ආසන්න පිරිස නලියමින් සිටියහ. නමුත් ඉවසිය යුතුය. මේ පැමිනෙන්නේ තමන් බලා පොරොත්තු වූ පිරිසෙන් දෙදෙනෙක් පමණි. රැයක් පුරා නිදි වරා, දිනක් පුරා සූදානම් වූ යුද්ධය ඇරඹුමට මුන් දෙදෙනා දුටුවන කලබල වීම නොමනා බව වැද්දන් හොඳින් දනී. ගල් තවත් ගස් අස්සටම ගුලි වෙත්දී, ගස් අතරින් සිහින් සුළඟක් පමණක් හමා යමින් තිබුනි.

පඳුරු අතරින් දුටු පා යුග්මයන් ජෝඩුව තවත් මඳ වෙලාවක් එහි රැඳුනේ වැදි බාන නිදි බව සැක හැර ගන්නට විය යුතුය.

වැද්දන් ගොර නින්දෙය. මී පැණි කැටයට මැස්සන් ඇදෙන වගක්වත් උන්ට නැති ලෙසකි. සියල්ල පැහැදිලිය. වැද්දන් නිදි බවට සැක හැර ගත් රුදුරු මෘග යෝ, නැවත සෙව ණැලි අතරට බටහ.

අහස රත් පැහැ ගනිමින් තිබුනද, ගස් අතරේ සිටි තරුණ වැද්දන්ට එය තම දිවියේ ඉතාම දිගු සන්ධ්‍යාව විය. කුරුල්ලන් බෑඟිරි ගාමින් කරදර නොකර කැදලි කරා නොයන්නේ මන්දැයි සිතමින්, ඉර දෙය්යන්ට යන්නට කිසි ඕනෑකමක් නැති කම ගැන දෙස් දෙමින් උන් සිටියේ අසහනයෙනි..

ඉතා දිගු හෝරාවකට පමණ පසු සෙමින් සෙමෙන් අඳුරු රැජින ගස් මුදුන් අතරින් පාවී එන්නට විය. ඉර දෙවියන් ඇයට පැරද, අහස පුරා ලේ වගුරුවමින් එක්වරම සැඟව ගිය මුත් තවම ඉතිරි රශ්මි සේනා අඳුරු රැජිනිය සමඟ දුර්වල සටනකය.

දිවියන් තම ගොදුරු වෙතද, සාවුන් තම කෙළියට ද මගට බසින, රැහැය්යන් හා වවුළන්ගේ සිත් තුටු කරවන රත්‍රිය එමින් සිටියේ තනිව නොවේ.

ගස් අතරේ සිටි වැද්දන්ගේ ඇස් දිළිසෙමින් යොමුව තිබුනේ වැදි ගල වෙතය. ඒ වනවිට නින්දෙන් අවදි වූ සෙයක් පෙන්වූ වැදි නාම්බන් දෙදෙනාගේ මී පැණි වලට ආ දිමියන් සහ කඩියන්ට අමතරව තවත් අමුත්තන් පිරිසක් ඇදෙමින් සිටියහ.

පෙර කිසිවෙකුත් නොදුටු, කොහෙන් ආවාදැයි සිතා ගත නොහැකි වූ ඒ කුඩා අමණුස්සයින්ද මණුස්සයින්දැයි සිතාගත නොහැකි ජීවීන් තම දෑස් ඉදිරිපිට දිලෙන රස මසට කුරුමාණම් අල්ලමින් එය වට කරමින් තිබුනි.

අඳුර හත්පස වෙලා සිටිමුත් සියල් ලෝම සියල්ලම හොඳින් දකිමින් සිටියහ. වැදි නාම්බන් දෙදෙනට නාසය හරහා දැනුනු අමුතු කුයිල මරණයේ පණිවුඩය ගෙනැවිත් තිබුනි. ඈතින් ඇතෙකුගේ කුංචනාදය ඇසෙත්දී මෑත බියෙන නිසලව සසලව ගිය මොහොතක් විය. දෑස් ඉදිරි පිට දිලෙන රස මසට කුඩා නූස් වකුටු තවත් මිනිස් රූප පෙලක් වට වෙමින් තිබුනි.

තමන් ඉදිරිපිට කෑමක් ඇති විට බොහෝ දෙනෙකුට වෙන්නාක් මෙන්, මෙහිදීද තමන් පසුපස ඇති අව දානම ගැන උන්ට නොදැනුනි. මේ වාමන රූප වැදි ගල මතට ලං වෙන අඩියක් පාසා තමන් තවත් මිනිස් පවුරකින් වට වෙමින් සිටි බව උන්ට නොදැනුනි.

වට කිරීම් ඉතාම ආසන්නයට එළඹෙමින් තිබුනි. තමන් වහන් වී සිටි තැනින් මෑත් නොවූවත් එකිනෙකාගෙ හුස්ම හඬ අනෙක් පිරිසට ඇසෙන තරමින් ඔවුන් ලංව සිටියහ.

මෙතෙක් ගත සීතල කල ඒ බියකරු නිහඬ බව බිඳිමින් එක්වරම උගුර යටින් නැගෙන අමිහිරි නාදයක් සමඟ අඳුරු ගස් සහ පඳුරු අතරින් කුඩා ගුලි කිහිපයක් මතුවිය. ගල මතුපිට සිටි කැකුලන් දෙදෙනාට සිතන්නටත් පෙර ඒ බියකරු හන්ඩ නැගූ සත්වයින් උන් වෙත කඩා පනිමින් තිබුනි. තව එක් මොහොතකින් තවත් මෘගයින්ට රස බොජුනක් වීමට තිබූ බිය හිසේ සිට විදුලියක්ව යත්දී වැදි කැකුලන් දෙද්නාම බියෙන් සහ කෝපයෙන් කෑ ගසමින් තමන් වෙත එන සතුරන්ට කඩා පැන්නේය..


......................................................


මෙතනින් පස්සෙ මොනා වෙන්න ඇතියි කියලද හිතන්නෙ? වැද්දො මේ වටකරේ කාවද, අන්තිම යුද්දෙන් දින්නෙ කවුද, සතුරන්ට මොකද උනේ වගේ ගොඩක් දේවල් මේ කතාවෙ තව ඉස්සරහට තියෙනව. ඒත් ඒ ටික මෙහෙම මම කියනවට වඩා, විස්තරාත්මකව දැනගන්න තියෙනවනම්?
ඇත්තටම ඒ මම නොකියපු ටික දැනගන්න ක්‍රමයක් තියෙනව. මේ කතාවෙ වැද්දො සටන් කරපු ඒ අපූරු සතුරන් ගැන ලියාපු පොතක. වැදගත්ම දේ ඒ පොත විතරක් නෙමෙයි, ඒක ලියපු කෙනත් අපි හොඳින් දන්න අයෙක් වීමත්.

Pra Jay කියන්නෙ ඉතාම රසවත් කමෙන්ටුවලට ප්‍රසිද්ධ, සිංහල බ්ලොග් වලට ආගන්තුක නැති, අපි හැමෝගෙම සුහද මිතුරෙක්. ප්‍රා ලියල තියෙන පොත් දෙකෙන් ( මම දන්න තරමට ) එකක් මෙන්න මේ මම කිව්ව වැද්දන්ගෙ සතුරො ගැන.


මහන්සිවෙලා කරුණු හොයල ප්‍රා ලියාපු පොතේ මේ අමුතු මිනිසත්තුන්ගෙ ඉතිහාසය, උන් ගැන කරපු අතීත පර්යේෂන සහ මේ සත්තු පිළිබඳ හැදෑරීමේ අවශ්‍යතාව සහ වැදගත් කම විතරක් නෙමෙයි මේ අය අපේ ගැන යටත්විජිත කාලෙත් ඉන් පස්සෙත් ලියපු පුදගල්යින්  සහ ඒ අයගෙ අදහස් ගැනත්, මේ එක්ක බැඳිච්ච ජනකතා, ජනශෘති ගැනත් සාකච්ඡා වෙලා තියෙනව.

එච්චරක් විතරකුත් නෙමෙයි ලංකාවේ මේ මිනිසත්තුන්ගෙන් එහාට ගිහින් ලෝකෙ හිටපු මේ වගේ හැංගිච්චි පිග්මි වරු සහ ඉතිහාසයේ හිටිය කියල කියන  වනචාරී මිනිස් වර්‍ග ගැන, ඉතිහාසයේ කතාවෙන අද්භූත මිනිසත්ව වර්‍ග් ගැනත් සෑහෙන තදට ප්‍රා සාකච්ඡා කරනව.


අපි මේ කියන අපේම සැඟවුන පරපුරේ උන්දැල ඇත්තටම කවුද කියන එක ගැන තියෙන වැටහීම අවුල් කරල, උන්ට තිබ්බෙ නැති ලෝම පිරිච්චි වළස් පෙනුම, ගිජුලිහිණියන්ගේ නියපොතු එහෙමත් දීල මේ අය මිනිස්සු මරල මස් කන සත්තු ජාතියක් කියල හංවඩු ගහල තියෙන එකේ ඇත්ත නැත්ත විතරක් නෙමෙයි ප්‍රාගෙ පොතේ කදිමට විස්තර කරල තියෙනව මේ අය ගැන කියවෙන කතාවල නිතර කියන දිගු නිය, ඇඟ පුරා පිරිච්චි දිගු ලෝම වගේ  විශ්මයජනක දේ ජනප්රවාද දෙකක් එකට මුහුවෙලා කපුටු පිහාට්ට හත උන වගේම වෙච්චි නොදන්නාකම නිසා ඇතිකරගත්තු මිත්‍යා මතයක් කියන එක. ඒ එක්කම තාර බර ඇරියහම නිට්ටෑවුන් කියන්නෙ තවත් දරුණු කැලෑ මිනිස් ගෝත්‍රයක් නැත්තං අනෙක් මිනිසුන්ගේ වෙන් වෙලා ගියපු අපි වගේම මිනිස් කණ්ඩායමක්ම තමයි කියන එකත් අවධාරනය කරන්නත් උදව්වෙන හුඟක් කරුණු මේ පොතේ පැහැදිලිවම පෙන්නල තියෙනව.

ඇත්තටම කිසිම සාක්කියක් නැති මනංකල්පිත රාවණා ගැන හොයන අපේ බොහෝ දෙනෙක්ට මෑතක රටේ හිටපු වගේම රවණාට වඩා ජෛව විද්යාත්මක වටිනාකමක් තියෙන අපේම නෑ පරපුරටත් ගැන මෙලෝ දැනුමක් විතරක් නෙමෙයි උනන්දුවකුත් නෑ. ඒ එක්කම අපේම තවත් අය්යල ටිකක් මේ මිනිසත්තු ටිකත් බොරුවයි මිත්යාවයි එක්ක එකට පැක් කරල පිටසක්වලට අයිති කරන්න ට්‍රයි කරනව.

එහෙම කාලෙක ප්‍රා ලියපු මේ පොතේ වටිනාකම කොයිතරම් උනත් අනෙක් හැම වතාවෙම වගේම මේ කාරණාව ගැනත් දුරට හොයන්න රටේ පුරාවිද්‍යාවට දැනෙන්නෙ අවසාන සාක්කිකාරයො වෙච්චි වැද්දො ටිකත් වඳ වෙලා ගියාමම තමයි.

ඒ වගෙම මේ ගැන උනන්දු අයට තවත් වටින ආරංචියක් තියෙනව. ඒ තමයි, මේ වගේ වැදගත් කාරනාවක් ගැන දැණුම ඉංග්‍රීසියෙන් විතරක් ලියැවිල තියෙන එකත් මේ ගැන අවධානයට සහ සාකච්ඡාවට ලක් නොවෙන්න මූලික හේතුවක් කියල තේරුම් ගත්තු නිසා  ඔන්න අපේ කුරුන්ද අඩවියෙ සෙන්නා මහත්තය විසින් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි නම් මහතෙකු එක්ක එකතුවෙලා ප්‍රාජේ ගෙ පොත සිංහලට පරිවර්ථනය කරමින් ඉන්නව කියන එක. තව මාස කිහිපයකින් එතකොට සෙන්නත් පොත් ලියන්නෙක් කියන එක අපි නිට්ටාවට කියන්න පුලුවනි.

Picture from

Saturday, August 16, 2014

අගෝස්තුවේ කඳුළු සමඟින් 40 විය සපුරන තහනම් වූ පාරාදීසය - Forbidden city in cyprus



කඳුළු සහ දුක යනු යුගල පද සේ එකිනෙක බැඳී තිබුනද, ඒ කඳුළුම සතුටටද උපදී. මේ ගෙවෙන්නේ දුකට සහ සතුටට ලොවේ මිලියන ගණනක් ජනයා කඳුළු හෙලූ සහ හෙලනා අගෝස්තුවයි. වර්ථමාන කතාන්තර ගැන ඇති තරම් කතාවෙන මොහොතක, අගෝස්තු කඳුලුවල අතීත මොහොතක් ගැන විමසන්නට සිතුනි.

අගෝස්තුවේ කඳුලු කතා බොහොමයකි. මිනිස් ඉතිහාසයේ අවසන් ලෝක යුද්ධය වනු ලබන දෙවැනි ලෝක යුද්ධයේ අවසානය දකිමින් ජපනුන් යටත් කර ඇමරිකානුවන් සතුටු කඳුළු හෙලුවේ අගෝස්තුවේදීය.

යුද්ධ කෙරූවන්, නොකෙරූවන්, දරුවන් නොදරුවන් ලක්ෂ ගනනක් මොහොතින් අළු කොට ඉතිහාසයේ මහා ඛේදවාචකයක් සටහන් කල හිරෝෂීමා, නාගසාකි බෝම්බ මිහිමත හෙලමින් මහා කඳුලු උල්පතකට මඟ සෑදූයෙද මේ අගෝස්තුවයි.

ඉතිහාසය පුරා යුරෝපයට නොයෙක් විස්මිත දේ සැපයූ එහෙත් කිසිදිනක මහපොළොව මත යථාර්ත්යක්ව නොපැවතුනු නිදහස් නිවහල් "ඉන්දියාව" මිහිමත බිහිවූයේ අගෝස්තුවකය. ඒ අගෝස්තුව නෙරුලාට ගාන්ධිලාට පටෙල්ලාට සතුටු කඳුලු ගෙනා ආ වසන්තයකි.

අනෙක් පසින් ඉන්දියාවට කිසි දින පා නොතබා තිබූ සිරිල් රැඩ්ක්ලිෆ් විසින් අඳින ලද ඉරක් මත පදනම්ව ඒ වනවිට කාසරෝගයෙන් පීඩා විඳි බලලෝබී ජාතිවාදියකුගේ දෑසට සතුටු කඳුලු ගෙනෙමින් පකිස්ථානය නමින් වෙනමම මුස්ලිම් දේශයක් බිහිවූයේද අගෝස්තුවේදීමය.

එතෙක් එක් දේශයක්, එක් පලාතක්ව පැවති, එකම බසක් දෙඩූ පංජාබයේ සහ බෙංගාලයේ දහස් ගනන් අහිංසක ජනයා උනුන්මත නැගී මරා ගත්තේද, ඉන්දු සහ ගංගා නදී දිය රත් පැහැ කරවිමින් දරුවන්, ස්ත්‍රීන් සහ මහල්ලන් ඇතුළු දහස් ගණනකගේ ජීවිත වලට කඳුලු ගෙනාවේද එම අගොස්තුවමය.

සාමකාමී සහ ධනවත් අරාබි රාජ්‍යක් වූ කුවේටය යටත් කරගත් ඉරාක නායකයා සතුටු කඳුලු හෙලත්දී, තම දූ දරුවන් සමග අතට හසුවූ දේ රැගෙන කඳුලු සලමින් අසල්වැසි රාජ්‍යන්ට කුවේට් ධනපතියන් පලා ගියේද මේ අරුම අගෝස්තුවෙදීමය.

හිතමිතුරු සමාජවාදීන් සිදුවූ දෙය අදහාගත නොහැකිව දෑස් කඳුලින් පුරවා බලා සිටිත්දී, නිළධාරීවාදයෙන් හෙම්බත්වී සිටි සෝවියට් ජනයා නිදහසේ සතුටු කඳුලු වැගිරුවේද අගෝස්තුවකය.

එපමණක් නොව ස්වාභවධර්මයද අගෝස්තුවේ ඇතිවෙන්නට කඳුළු අපට දී ඇත. ලොව එතෙක් මෙතෙක් වාර්ථා වූ දරුණුතම සහ ප්‍රභලතම ගිණිකඳු පිපිරීම වූ ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකඳු විදාරණයද අගෝස්තුවකම විය.

මේ ලැයිස්තුව සොයා බලන්නේනම් තව බොහෝ දිගය. එලෙස දික් කල හැකි අගෝස්තුවේ සිදුවූ ලැයිස්තුවේ එක් සුවිශේෂී කරුණක් ගැන ඔබට තරමක් විස්තර කියන්නට සිතුනි.

සයිප්‍රසය නම් කුඩා දූපතට අයත් වරෝශා යන නම එතරම්ම ඔබ අසා නැති වුවත් ෆමගුස්ත යන නම සමහරවිට අසා තිබෙන්නට හැකිය!

picture from bbc


 ෆමගුස්තා ප්‍රදේශයේ වරෝශ නම් වෙරළාශ්‍රිත නගරය මීට වසර හතලිහකට පෙර, එනම් 1974 අගෝස්තුවට පෙර මුළු මැදපෙරදිගම තිබූ ඉතාම සුපිරි සහ ධනවත් සංචාරක පුරවරයයි. අද ඩුබායි සංචාරක පුරය ඇත්තේ කොතැනද, එදා ෆමගුස්ත නගරය එතැන විය. යුරෝපයේ සහ ලෝකය පුරාම ජනප්‍රිය ධනවත් සංචාරකය්න්ගේ පාරාදීසිය වූ වරෝෂ මුහුදු වෙරළ එදා සංචාරකයන්ගෙන් පිරී තිබුනේ මේ ආකාරයටය.


එහෙත් ඉතිහාසයේඑකට එක් රටක සතුටින් දිවිගෙවූ මිනිසුන්, විදේශ අතපෙවීමකින් දෙකට බෙදීමේ කුරිරු ප්‍රථිපලයක් ලෙස අද වනවිට වරෝෂ යනු මුලුමනින්ම හිස්, නිහඬ, මිනිස්වාසයෙන් තොර පුරවරයකි.

මේ අද වරෝශ හී තත්වයයි.





 පහත රූප දෙකින් පෙන්වන්නේ එකම වෙරලෙහි එදා සහ අද තත්වයයි.



1974 අගෝස්තු 14 වෙනි දිනසිදුවූ තුර්කි හමුදා ආක්‍රමණය නිසා ෆමගුස්තාවෙන් සියලු ජනයා අතට හසුවූ දේ ගෙන පලා ගියහ. සොඳුරු තරු පන්තියේ හෝටල් සියගනින් විසිරුණු මේ වරෝෂාව කම්බි ගසා වෙන් කල තුර්කි හමුදාව ඉන්පසු එයට කිසිවෙකුට ඇතුලුවීම තහනම් කරන ලදි.

ඇතුවන්නන්ට නියත තිළියන මරණය පමණි.
අද වනවිට තුර්කි සයිප්‍රසයන් විසින් ග්‍රීක සය්ප්‍රසයන් හා සාක්ච්ඡාවේදී හෙට්ටු කිරීමේ මෙවලමක් ලෙස පමණක් යොදා ගන්නා මේ භූමිය, තරු පහේ හෝටල් 40 අධික සංක්‍යාවක්, තවත් හෝටල් සිය ගනනක්, ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් සුපිරි වෙළඳසැල්, කඩසාප්පු සහ දියුණු නගරයක වූ තවත් බොහෝ සම්පත් සමඟ දිරාපත්වෙමින් පවතී. මෙහි සතුටු වන්නෝ නම් ඒ කැලයෙන් වැසෙනා නගරයෙහි සැරි සරන උරගයින් සහ අනෙකුත්  සත්වයින් පමණි.

මේ අත්හැර දමන ලද ෆමගුස්ත අන්තර්ජාතික ගුවන්තොටුපොලයි.


මෙපමනක් නොවේ, මේ අගෝස්තුව සමහර දෙමාපියන්ටද සුවිශේෂීය.  ඒ අතර ඇල්ෆ්‍රඩ් හිච්කොක්, නැපෝලියන් බොනපාට්, ඕවිල් රයිට්, තෙරේසා මව්තුමිය වැනි ලොව සුවිසේෂී චරිතයන් බිහිකල දෙමාපියන් සේම  අවශේෂී මාගේ දෙමාපියන්ද සිටීම මට සුවිශේෂීය!



ප/ලි,

මෙය ලියන්නට සිත් වූයේ මීට වසර හතලිහකට පෙර කුඩා දරුවෙකුව ඇඳිවත පිටින් අනාත කඳවුරක ගාල් වී තම දේපොල අධ්‍යාපනය අහිමිව වඩුවෙකු වූ  මගේ දක්ෂ මිතුරාගෙ කතාව නිසාය. එසේ නොමැතිව උපන්දිනයක් නොවේ ( එයට තව කල් තිබේ). 

ප/ප/ලි,
මේ අගෝස්තුවෙ සිංහල බ්ලොග් අවකාශයට ඉතා වැදගත් සැමරමකුත් තියෙනව.

ඒ තමයි මේ වනවිට සක්‍රිය සහ යාවත්කාලීන වෙන පැරණිතම සිංහල බ්ලොග් අඩවිය වන බිත්තිය තම අටවෙනි උපන්දිනය මේ අටවෙනි මාසෙ සැමරීම. ( වැඩේ කියන්නෙ ඔච්චර වයස උනත් ඒකට තාම තියෙන්නෙ හිට්ස් 80,000 අඩුවෙන්ලු. බලන්න ඒක කොයිතම් ලොකු පාඩමක්ද කියල දෙන්නෙ කියල )

ඡායාරූප; අන්තර්ජාලයෙනි.

ප/ප/ප/ලි

අපේ විචාරක මෙන්න මේ ගැන තීන යූ ට්යුබ් වීඩ්යෝ ගොන්නක් හොයාගෙන. වැඩි විස්තර මෙතනත් ඇති.

Thursday, July 31, 2014

අපේ බයිල අවසානයි චෙරියෝ චෙරියෝ! (ස්තූති කතාව සහ වලියේ විස්තර)



( උපශාන්ත මහතා වේදිකාවට ගොඩ වෙයි. ප්‍රොෆයිල් ඇනෝ මයික් එකක් සෙට් කර පසෙකට යනවිට පත්තරේ, ඉවාන්, මැළේ, රාජ් ඇතුලු සූ ගා පිරී සිටින හතරපස්දෙනා විසිල් ගසා අප්පුඩි ගසයි. දෙපස කොලම්ස් වලින් මයිකල් ජැක්සගේ ෂෝ එහෙකට මෙන් අත්පුඩි හඬ ගුවණ සිසාරා පැතිරේ.නලීන් දිල්රුක්ෂ මහතා  අසීරුවෙන් හේත්තුවී සිටි පොල් ගසෙන් මෑත් වෙයි. දෙපරංදේ තිබූ වීදුරව බිම වැටී සළාං හඬින් කුඩු  උන මුත් කොලම්ස් වලින් ආ අත්පුඩි නාදයට කිසිවෙකුටත් එය නොතේරේ. පොල් ගස පිටුපස ඉඳගෙන සිටින මල පැන්න හැළපේගෙ කට ආතල් ඇනෝ අත තබා වසා සිටියි.)

ඔව් ප්‍රිය බ්ලොග් රසික මිත්‍රවරුණි, සැහැල්ලුවේ හිතවතුන්ගේ එකතුවෙන්, සිංහල බ්ලොග් අවකාශයේ පළමු වාද බයිලා සංදර්ශණය සුළු අඩුපාඩුකම් කිහිපයක් මධ්‍යයෙහි වුවද ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණු බව ( ඕනම අලවෙන වැඩක් ගොඩදාගන්න අන්තිමට ඕකනෙ සංවිධායකයො කියන්නෙ ) අප බොහොම සතුටින් දැනුම් දෙන්න කැමතියි.

ඉතින් මේ කාර්‍ය සාර්ථක කරගැනීමට අපට ප්‍රචාරණයෙන් සහාය වූ කෙන්ජි සහ මාරයාටත්, ඒ වගේම ප්‍රචාරණ සහයෝගයට අමතරව මුලාසනයේ උදේ සිට සවස් වනු තුරු රැඳී සිටිමින් අප දිරිමත් කල මහාචාරිය මාතලන්ටත් අපි මේ අවස්ථාවේ අතිශයින්ම ස්තූති වන්ත වනවා.

ඒ වගේම මේ කටයුත්තේදී බයිලා පද බැඳීමෙන් සක්‍රියව දායක්තවය ලබා දුන් සියලු බ්ලොග් කරුවන්, විශේශයෙන්ම ඉවාන් පවුලූෂා, මැළේ රාළ, රාජ්ගේ නවාතැන, සරාගොය්යා, තිසර වැනි ප්‍රමුඛ පෙලේ බයිලා රචකයන් අපි සිහිපත් කල යුතුයි. මන්ද ඔවුන්ගේ දායකත්වය නොවන්නට මෙය මේ තරම් සුන්දර නොවීමට ඉඩ තිබුනු බව අපි විශ්වාස කරන නිසා.

තවද ඒ මොහොතේ කඩල සුරුට්ටු විකිනූ ඇනෝලාට, කෝපි ගෙනා රංගීට, ආප්ප සහ ලුණුමිරිස් දොරකඩ තබා පල ගිය කුමාරිහාමිටත්, මේ වාද බයිලා සංදර්ශණයට සක්‍රියව බයිලා පබැඳීමෙන් සහය වූ එකම කාන්තා රචිකාවිය අපූර්වී ඔමායා දියණියටත්, වටේ සිට බලා සිටි සියලු ස්ත්‍රී ප්‍රෙක්ෂිකාවන්ටත් අපි මේ මොහොතේ ස්තූතිය පුද කරන්න කැමතියි.

එමෙන්ම මේ කාර්‍ය කිරීමට අදහස් කරන බව ඇසූ මොහොතේ සිට ඒ සඳහා උනන්දුවෙමින් අප දිරිමත් කල, පසුබිමි සංගීතය සඳහා අවශ්‍ය වාදනයක් සකසා දීමෙනුත්, බයිලා රචනයෙන් සක්‍රීයව දායාක්ත්වයක් ලබා දීමෙනුත් අපේ හිතවත් පත්තර මල්ලි දුන් සහයෝගයටත් අපි විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනව.

ඒ වගේම අපත් සමගම මේ කටයුත්ත ආරම්භයේ සිටම රැඳී සිටිමින් වඩා සුදුසු සහ පහසුකම් උපරිම වූ වෙබ් අඩවියක්, ටෙම්ප්ලේට් එකක් සොයා ගැනීමට වෙහෙසවෙමින්, බයිලා මඩුව අඩවියෙහි සියළු තාක්ෂනික පරිපාළනයන් හා සම්බන්ධීකරණයන් සිදුකරමින් මේ කටයුත්ත සාර්ථක කරගැනීමට තිරය පිටුපස සිට අති විශාල ශක්තියක් වූ හිතවත් ප්‍රොෆයිල් ඇනෝ නොහොත් විනිවිද බ්ලොග් අඩවියෙහි ඇනෝනිමස් සහෝදරයාටත් මේ අවස්ථාවේ අපගේ විශේෂ ස්තූතිය පුද කරනව.

අවසාන වශයෙන් මේ කටයුත්තෙහිදී අප හට නන් අයුරින් සහය වූ සහ සහභාගී වූ, මෙහි සඳහන් නොවු තවත් සිය ගනනක් හිතවතුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමින්, වඩාත් සාර්ථක සහ සංවිධානාත්මක බයිලා මඩුවකින් එළඹෙන සැප්තැම්බරයේ හමුවෙන් අදහසින් අපි සමුගන්නව, ඔබ සැමට සුභ අනාගතයක්.

සභාවේ පසුපස -

අරූ; අඩෝ ඉන්දිකය තෝ මගේ නම කිව්වෙ නෑ මම තුනේම බයිල කියලත් නේද?

ප්‍රසා; යකෝ මම බයිල හතරක් කියල මේක මගෙ නම කියලත් නෑ.

ගොසිප් ලංකා; මම හිතුවෙ ඊලඟ බයිල මඩුවට පොඩි සප් එකක් මගෙ සයිට් එකෙනුත් දෙන්න. කොහෙද බං මූ මගෙ නම නිකංවත් කියල නෑනෙ.

ජීවන & මනෝගෙලොකෙ දෙදෙනාට විචාරක; වැඩක් නෑ අයිසෙ. ඒකනෙ මම එකක් කියල ආවෙ. නිකං උන් විතරයි නටන්නෙ, අනික් උන්ට තැනක් දෙන්නෙ නෑ.

අටම්පහුර කෙන්ජිට රහසින්; මුන් වෙලාවට ඕක වර්ඩ්ප්‍රෙස් එකේ තිබ්බෙ, නැත්තං නිකන් අපි නෝන්ඬි වෙනව එනව කියලත් ගියෙ නෑ කියල

හැළපේ විසින් ආතල් ඇනෝට; අපරාදෙ බං, උඹ කිව්ව විදියට ගෝලිප් එකයි අර මං ගෙනාපු බ්ලැක් ලේබල් එකයි ගහල අපි දෙන්නට වැල්ලට ගියානං මීට ආතල් එකක් ගන්න තිබ්බ.

කුරුටු ගෑ ගී පවුර; මූ ඕනකමින්මයි මගේ නම හලල තියෙන්නෙ. තොපි කියහන්කො ආයි බයිල, අපෙ බල්ලව දානව උඩු බුරන්න.

වෙනිවැල් තිස්ස දොඩංට ; වෙලවට ඕක ටිකක් අල උනේ. මම භයේ හිටියෙ අර දෙමළ ණයා කුණු කානුව මගෙ පැත්තට හරවයි කියල.

දේශකයා ; අඩෝ උපේ, තොට මගෙ නම කියන්න බැරි උනා නේ? උඹ වරෙන් මාතර, මම දේශිකාට කියල තොට...!@!$@%@$^#

සහෝදර; ඇර දේශ ඇර.

මහේෂ් රත්නායක : (  සූර් වී කෑ ගසන දේශා දෙස බලා - දෑතේම ඇඟිලි කටේ දාං විසිල් ගසයි. ඇඟිලි දිගේ කෙළ එනවා මිස සද්දයක් නැත )

තෙලිදියවාඩිය විදානේට ; වෙලාවට මම වැඩ කියල නාවෙ.නැත්තන් මුන්ගෙ මේ එළිසම නැති කළිසං බයිල වලට සෙට් වෙලා මටත් නාන්න වෙන්නෙ.

විදානේ තිලිදියාට; ඔව් බං. මාත් දෙමළෙන් සුන්න පූග කියල ලියල දැම්ම වෙලාවට කාටවත් තේරෙන්නෙ නෑ.

LinkWithin

Related Posts with Thumbnails