Wednesday, October 5, 2016

මඩ සුද්ද කරන ගොඩ හේවා ..


පහුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහත්මය ගැන නාලක ගොඩහේවා මහත්මය ලියල තිබ්බ ලිපියක් හා හෝ ගාල රට පුරාම පැතිරුනා. ඒ ලිපිය කියෙව්වම මට ආ ප්‍රශ්ණ කිහිපය මම නාලක ගොඩහේවගෙන්ම ඇහුව. මේ තියෙන්නෙ ඒ ප්‍රශ්ණ සහ පිළිතුරු.

නාලක ගොඩහේව මහතාගෙ මුල් ලිපිය මෙතනින් ගිහින් කියවන්න.



මෙන්න ඒ ලිපිය කියවා මම නැගූ ප්‍රශ්ණ හතර

 හිතවත් ගොඩහේවා මහත්මයානනි, ඔබ කලෙක සිට දන්නා අයෙකු ලෙස මේ කියා ඇත්තේ සත්‍ය බව පිළිගන්න කැමති නමුත් , එයට පෙර මෙහි අපැහැදිලි තැන් කිහිපයක් විමසන්නට කැමැත්තෙමි.

1. ඒ වන විට කිසිදු පෞද්ගලික ආයතයක මුල් පුටුවක් දරමින් එය ලාභ ලබන තත්වයකට ගෙනැවිත් ඇතැයි වාර්තා නොවෙන සහ ඉන් පෙර සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතනික හෝ කළමනාකරණ අත්දැකීම් පිලිබඳ වාර්තා නොවෙන , ලංකා හොස්පිට්ල් හි කොටස් හිමියකුද නොවෙන ගෝඨාභය මහතාව ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර්න්නට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කලේ ඇයි ?

2. කැළණිය ප්‍රදේශයේ දේවාලයක් කරමින් සිට ලොකු සියා, ලංකා ඊ නිව්ස් හි එක්නැලිගොඩ ආදීන් පැහැරගෙන ගොස් මරා දැමීම , රවිරාජ්, ලසන්ත වැන්නවුන් හට වෙඩි තැබීම සිදුවූයේ සුදු වෑන් වලින් නොවේද ?

3. කුප්‍රසිද්ද දේශපාලක දුමින්ද සිල්වා සහ භාරත ගැටුම සිදුවූ දින දුමින්දගේ සුවදුක් විමැසීමට රෝහලට පළමුවෙන්ම ආ ප්‍රභුවරයා ගෝඨාභය මහතා බව වාර්තාව තිබුනි. රජයේ ලේකම් වරයෙකු ලෙස, රාජ්‍ය නිළධාරියෙකු ලෙස දුමින්ද වැනි "සුපිරිසිදු" දේශපාලකයකු පැත්තේ සිට ගැනීම කෙතරම් සදාචාරාත්මකද?

4. තංගල්ලේදී සමූහ දූෂනයට ලක්වූ රුසියානු තරුණියට කිසිදු අතවරයක් වී නැතැයි බොරු වෛද්‍ය වාර්තා නිකුත් කරමින් පාර්ලිමේන්තුව හා රට රවටමින් හොර රහසේ ඇයට ප්‍රතිකාර කර රටින් පිට කර හැරුමට ගෝඨාභය මහතා සභාපතිවරයා වූ ලංකා හොස්පිට්ල් සහ එතුමා ලේකම් වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කලේ ඇයි ?

ගොඩහේවා මහත්මයාට මෙහි පිළිතුරු දීමට ඉඩක් නැතිනම් ඔබේ නමම හිමි ආනන්දයේ සිට සිටි ඒ පැරණි මිතුරාගෙන් මගේ අංකය සහ විස්තර සොයා ගත හැක.

ස්තූතියි, 

ඉන්දික.



මෙන්න මගේ ප්‍රශ්ණ වලට ඔහු දුන් පිළිතුරු

හිතවත් ඉන්දික කොඩිතුවක්කු මහතානෙනි..

(1) නාගරික සංවර්ධනයේ කිසිදු අත්දැකීමක් නොතිබුනු ගොඨාභය දුගඳ හමමින් තිබුනු කොළඹ ආසියාවේ පිරිසිදුම හා වේගයෙන්ම සංවර්ධණය වන නගරය කලේය ( 2014 පසු තත්වය ඔබ දනී). 2009 පෙර මිලියන 18ක අලාභයක් ලැබු ඇපලෝ රෝහල සම්පූර්ණ පරිවර්ථනයකට ලක්කොට මිළ ගනන් ඉහල නොදමා 2014 වන විට මිලියන 740 ක ලාභයක්ද පෙන්නුවේය ( ඉන් පසු ආ පළපුරුදු අය කල හැටි බලන්නට වාර්ශික වාර්ථා කියවන්න ) එම නිසා හිතවත් මහතානෙනි ඔබේ පළවන ප්‍රශ්ණයට පිළිතුර අපට තීරණ ගන්නට පෙර තරමක් දුර පෙනෙන බවයි.

(2)මේ දේ වල් ඇස් වලින් දුටුවා සේ කියන ඔබ කල යුත්තේ වහාම සී අයි ඩී යට ගොස් ඔබ ඇසින් දුටු කරුණු ඔවුන්ට වටහා දීමයි. හේතුව අදවනතුරුත් ඔවුන් රණවිරුවන් පිරිසක් නඩු නැතුව අත් අඩංගුවේ තබා ගෙන අඳුරේ අතපත ගානා බැවිනි. මේ කාරණා පිළිබඳ ඔබේ විශේසඥ දැනුම ඔවුන්ට මහඟු උපකාරයක් වනු ඇත.

(3)වෙනෙකකු විසින් කර තිබුන පත්වීම හරි හෝ වැරදි වේවා දුමින්ද එවකට ආරක්ෂක අමාත්‍යංශයට පත් කොට තිබූ අධීක්ෂක මන්ත්‍රීවරයායි. මීට අමතරව පැල්පත්වාසීන් මහල් නිවාස වල පදිංචි කිරීමේ ව්‍යාපෘතිය මහජන සහයෝගයෙන් කරන්නට දුමින්ද නාගරික සංවර්ධන අධිකාරියට ඒ දිනවල විශාල උපකාරයක් වූ බව මා අසා ඇත. තමන් දන්නා කෙනෙකුට වෙඩි වැදී ඇතැයි ආරංචි වූ විට යමෙක් ඉස්පිරිතාලයට යන්නේ නඩු අසා තීන්දු ලබාගෙන නොවෙයි. මා මේ ගැන දන්නේ එපමනයි.


(4)තංගල්ලේදී සමූහ දූෂනයට ලක්වූ රුසියානු තරුණියට සම්පූර්ණ ආරක්ෂාව සපයා ඇය ලංකා හොස්පිටල් වෙතට ගෙන ආවේ දූෂකයාගේ ප්‍රදේශයෙම සිටිනවිට දේශපාලනඥයන්ට් බලපෑම කිරීමට ඇති ඉඩ අඩුකිරීමට බව මම ඉතා වගකීමෙන් කියන අතර එම දිනවල පුවත් පත් රැසකම මුල් පිටුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා සංචාරක මන්ඩලය දේශපාලනඥයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් සිට ක්‍රියා කල ආකාරය සඳහන් විය .ඔබේ බුද්ධි අංශයට එම පුවත් පත් සොයාගත හැකි අතර එක් පුවත්පත් ඡෙදයක් මෙහි සඳන් කරමි.24 year old Victoria Alexandrevna suffered a blunt trauma and has sustained a skull fracture. She was immediately admitted to the emergency trauma unit and was taken for an urgent operation. She was kept in the High Dependence Unit of the Neurosurgical Unit until she was transferred to Lanka Hospitals on Tuesday December 27. This was requested by the Chairman of the Sri Lanka Tourist Board Dr. Nalaka Godahewa” who made a special visit to the Karapitiya Hospital on Monday December 26, to see Alexandrovna . According to Dr. Senadheera, the Chairman of the Tourist Board made a special visit to the Karapitiya Hospital on Monday December 26, to see Alexandrovna and make arrangements to have her transferred to Lanka Hospitals. - (Sunday Leader Jan 1st 2012)දූෂනයට ලක්වූ රුසියානු තරුණිය වහාම රටින් පිටවූයේ ඇයගේ පවුලේ ඉල්ලීම නිසාවන අතර මට මතක තරමින් එය මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වලට බධාවක් වන නිසා දින කිහිපයක් නතරවන ලෙස පොලීසිය කල ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ වික්ටෝරියා සිටි මානසික කම්පනය නිසායි. සියලු කුණු බේරුවල් බොක්කට කීවාසේ කොහේවත් සිටි ගොඨාභය රාජපක්ෂ මෙයට පටලවන්නට අනිසි උත්සාහයක යෙදීමෙන් ඔබ ඔහුට කරන්නේ අසාධාරණයකි.

ඉහත පිළිතුරු වලට මා දුන් ප්‍රතිඋත්තරය මේ... 

හිතවත් ගොඩහේවා මහතාණනි. ඔබගේ කරුණු දැක්වීමට මහත්සේ ස්තූති කරන අතර, එයට අවසාන පසුවදනක් ලෙස මේ ටිකත් එක් කිරීමට ඉඩ දෙන්න.

1. මා විමසා සිටියේ පෙර අත්දැකීම් සම්බන්ධව වාර්ථා නොමැති, කොටස් හිමියකු නොවන්නෙකු එක්වරම උසාවි තීන්දුවෙන් ඇපලෝ රෝහල රජයට පවරා ගත්පසු සභාපති කලේ ඇයිද යන්නයි? 

2009 ට පෙර ඇපලෝ රෝහල පාඩු ලැබුවානම්, ඒ එකල ඔබ ප්‍රධාන විධායක නිළධාරියාව සිටි ( එවක ස්ටැසන් හිමිකාරීත්වය තිබූ ) ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ උප සමාගමක් ලෙස සිදු වූවක් නොවේද? කෙසේ වුවත්, ඇපලෝ රෝහල ලාභ ලබන තත්වයට පත්කලේ "නාලක ගොඩහේවා" බව ඔබ විසින්ම බොහෝ තැන්වල ලියා, කියා ඇත. එහෙත් දැන් කියන්නේ එහි සැබෑ හිමිකරු ඔබ නොව ගෝඨාභය රාජපක්ෂ බවනම්, එය ඔබතුමන් පමාවී කරනා සත්‍ය හෙළිදරව්වකැයි බාරගමු.

2. මගෙ ප්‍රශ්ණය වූයේ ඉහත නම් සඳහන් කල පිරිස සුදු වෑන් ( මෙහි සුදු වෑන් යන සංකල්පමය වචනයෙන් නාඳුනන පුද්ගලයන් පිරිසක් හැඳින්වෙන බව සිහිපත් කරමි ) වලින් අතුරුදන් කල හෝ මරා දැමූ අය නොවේයිද යන්නයි. මන්ද, ඒ ඝාතනවල සැබෑ හිමිකරුවන් කවුදැයි පසුගිය රජය සමයේ පරීක්ෂන සිදු කොට අනාවරණය කිරීමට අවශ්‍ය තරම් කල් තිබුනමුත් එසේ නොකිරීමෙන් ඒ අය සුදුවෑන් මරණ බව සමාජයේ තහවුරු වූ බැවිනි. 

ම එය ඇසූයේ ඔබ අසා තිබූ "සුදු වෑන් වලින් අතුරුදන් වූවන් කිසිවෙකුත් ඔබ දන්නවාද" යන පැනයට පිළිතුරක් ලෙසය. 

ඉදින්, ඔවුන් රාජ්‍ය ත්‍රස්වාදයේ සුදු වෑන් වලින් ස්වර්ගය පෙන්වීමට ගෙන නොගියේ නම්, එය ඔප්පු කිරීම කල හැකිව තිබූ හොඳම පුද්ගලයා ගෝඨාභය මහතාමය. නමුත් එසේ නොකිරීමෙන්, නොකල වරදකට තමන්ට එල්ලවන චෝදනාවෙන් ගැලවීම ඔහු උවමනාවෙන්ම වෑලකීම ඇති කරන්නේ සාධාරණ සැකයක් නොවේද?

3. නැවතත් මගේ ගැටළුව වූයේ රාජ්‍ය නිළධාරියෙකු හැටියටත්, වින්දිතයන්ට යුක්තිය ලබාදීමේ යාන්ත්‍රනයේ එක් ප්‍රධාන පාර්ෂවයක ඉහළම නිළධාරියා ලෙසත් එතුමන් "කුප්‍රසිද්ද" මන්ත්‍රීවරයාගේ පැත්ත පමණක් ගත්තේ ඇයිද යන්නයි. එය පැහැදිලිවම අනෙක් පාර්ශවයට " මම දුමින්දට සපෝට්" යන්න එලිපිට කල දැණුම් දීමක් ලෙස මාජ ගත කිරීම කෙතරම් සාධාරන සහ සදාචාර සම්පන්නද යන්නයි. ඔබට එයට සෘජු පිළිතුරක් නැති බව මම දනිමි. 

4. ඔබ අදාල කාරණය සම්භන්ධයෙන් කර ඇති මැදිහත්වීම සහ ගත් පියවර නිවැරදි බවට තර්කයක් නැත. නමුත් නැවතත් මගේ ප්‍රශ්ණය " ගෝඨාභය රාජපක්ෂ සභාපති වූ ( සහ ඔබ අධ්‍යක්ෂ වූ) ආයතනයකින් එතරම් සංවේදී කාරණාවක් සම්භන්ධයෙන් පාර්ලිමේන්තුව පවා නොමග යවමින් වැරදි තොරතුරු නිකුත් කලේ ඇයි"ද යන්නයි? ඔබතුමන් නොදන්නේ නම්, 2013 ජූලි 11 දින දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමන් පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්ණයකට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් පිලිතුරු දෙමින් කියා සිටින්නේ අදාල තරුණිය ස්ත්‍රී දූෂනයකට ලක්ව නොතිබුන බවයි. එවිට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ මේ තොරතුර විස්වාස කල නොහැකි බවත් ඔබට එය ලැබුනේ කෙසේද යන්නත්. මෙයට පිළිතුරු දෙන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමන් පවසන්නේ තමන් අදාල තොරතුරු රාජ්‍යය ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබා ගත් බවයි ( හැන්සාඩ් වාර්ථාව 218 කාණ්ඩය, 3 කළාපය, 337/338 පිටු ). මෙවන් ජාත්‍යන්තර වශයෙන් අපකීරිතියක් ඇතිවෙමින් තිබූ සිදුවීමක් පිළිබඳව ඔබ දෙපළ පාළනය කල රෝහලෙනුත්, එතුමන් පාළනය කල අමාත්‍යාන්ශයෙනුත් ඉතාම නිර්ලජ්ජිත ලෙස රටේ උත්තරීතර ආයතනයට සහ ලෝක ප්‍රජාවට ලබා දෙන වැරදි තොරතුරු වලට ආයතන ප්‍රධානීන් වගකිව යුතු නැතිද?

හිතවත් ගොඩහේවා මහතානනි. තවත් එක් වටිනා කාරණාවක්. සුදු ( හෝ වෙන පාටක ) වෑන් ගැන, මිනී මෝරු ගැන පත්තරවල තිබූ දේ විස්වාස නොකරන්නැයි අපට කියන ඔබ තුමන්ටම, ඒ සුදු වෑන් සංස්කෘතියට එරෙහිව ලියූ සහ අවසානයේ ඒ සංස්කෘතිය විසින්ම මහ දවාලේ පාර මැද මරා දැමූ ලසන්ත වික්‍රමතුංගයන්ගේ පුවත් පතේ පළවූ ප්‍රවෘත්තියක් තම මතය ඔප්පු කිරීමට යොදා ගැනීමට සිදුවීම කෙතරම් අභාග්‍යසම්පන්නද?


යම් සේවකයකු දින දහයක් නිවැරදිව අවංකව රාජකාරිය කලත්, ඔහු වැරදූ හෝ පාඩු කල විට, ඔහුගේ සේව්‍යයන් අර පෙර දක්ෂතා නිසා ඒ වැරදි අඩුපාඩු දෙස නෑසූ කන්ව නොසිටින බව ඉතා දක්ෂ පරිපාළකයෙකු ලෙස ඔබ නොදන්නේ නැති බව මම දනිමි. ගෝඨාභය රාජපක්ෂ කල හොඳ අපට අමතකව නැත. එහෙත් එය නරක අමතක කරන්නට කාරණාවක් නොවේ. එමෙන්ම ලොව ඕනෑම කෙනෙකුට පෙර අඩුපාඩු තුලින් ඉගෙන වඩා හොඳ වීමට අවස්ථාවක් සහ අයිතියක් ඇති බවද අපි පිළිගන්නෙමු. ඔබ සැමට ජය!

28 comments:

  1. සුපිරියි ඉන්දික සුපිරියි. ආයේ කාටවත් කියන්න දෙයක් නැහැ. මේ එන්නේ මොකාටද කියා අද ඇස් ඇරපු පූස් පැටවෙකුට වුනත් තේරෙනවා ඇති. මේ පූස් පැටියකු කරන්න හදන්නේ, වෘකයකු බව අපි හමුදා සේවයේදී ලද අත්දැකීමෙන් දනිමු. ගෝඨාභය උන්නැහේ, උසාවිය රවටා, චීනයේ අවි නිෂ්පාදන සමාගමක පාටියකට යන බව දන්නේ, ඉතා ස්වල්ප දෙනෙකි.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු...ඇත්තද ආ..විචා දන්න දේවල්....:)

      Delete
    2. @ chef-architectOctober 5, 2016 at 8:43 PM

      හුඩු හෝ පිලිහුඩු වුනත්, මහත්මයා නොදන්න, මේ රටේ තිබුණු යුද්ධය සහ ඊට අදාළ බොහෝ කරුණු, අපි දන්නවා. ඒවා නුදුරු අනාගතෙය්දී එලියට එයි. එන්නේ නැත්නම්, අපි ඒවා අදාළ තැන්වලට මතක් කර දෙනවා.

      Delete
  2. මේ ගොඩහේවා කියන හේනෙ මාමා මීට කලිනුත් මොකක්ද ලිව්ව නේද ප්‍රභාකරන්ව කවදාවත් දෙමල ජනතාව විත්ති කූඩුවට නංවන්නෙ නැහැය කියල.

    වෙඩි වැදිල ඉස්පිරිතාලෙ ඉන්න යාලුවෙක් බලන්න තව යාලුවෙක් යන එකෙයි, මහ දවල් මහ පාරෙ කව් බෝයි ස්ටයිල් එකට වෙඩි තියල ජනාධිපති උපදේශකයෙක් මරල දැම්මයි කියල චෝදනා එල්ල වෙච්ච සැකකරුවෙක් බලන්ට රටේ ආරක්ෂක ලේකම් රෙද්දත් කරේ තියාගෙන දුවන එකෙයි වෙනස තේරුම් ගන්ට බැරි අඳ බාලයෙක් එහෙම කතාවක් කියන එකේ පුදුම වෙන්ට දේකුත් නෑ එක අතකට ..

    Thanks Indika...:)

    ReplyDelete
  3. ප්‍රශ්න අංක පහ....ගොඩහේවාගෙන් මේ ප්‍රශ්න ටික එදා ඇහුවා නම්... ප්‍රශ්න අහපු එකාගේ බොඩිය ගොඩගන්න අඩි කීයක් යට හාරන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. ලසන්ත වික්‍රමතුංගට ගහපු, අර ඔලුවේ ඩ්‍රිල් විදින උපකරණය, ඒ අහපු එකාගේ ඔලුවේ අඟල් කීයක් යටට බහියිද?

      සාර්ථක පිළිතුරට ඉලෙක්ටික් ඩ්‍රිල් එකක් තෑගී දෙනු ලැබේ.

      Delete
  4. නාලක ගොඩහේවා යටට අඳිනවද දන්නේ නෑ නේ.. පිටකොටුවේ පේමන්ට් එකේ තියෙනවා තුනම රුපියල් 150 ට.

    ReplyDelete
    Replies
    1. දැන් එකසිය පණහක් ද? ඉස්සර සීයයි නේ. මේකද යහපාලනේ? ගෝටාභය මහත්තයා හිටියනං මෙහෙම වෙන්නේ නෑ..

      Delete
  5. ගෝටාභය රාජපක්‍ෂ මහතාව මීළඟ අගමැති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ දැනට අටවාගනිමින් පවතින පක්ෂයෙන් ඉදිරිපත්කිරීමේ බලවත් උත්සාහයක් තිබෙනවා. ඒ ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. විරුද්ධ වෙන්න බලයකුත් අපට නැහැ. අයිතියක් තිබෙනවා පුරවැසියකු ලෙස. ඒ අපේ ඡන්ද අයිතිය.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියාකළ සමයේ, එම තනතුරට අදාළ නොවන බලයක් ආරූඪ කරගත්තා. ආරක්ෂක ලේකම්ට බැහැ ඉඳුරාම ත්‍රිවිධ හමුදාපති වරුන්ට අණදෙන්න. ඔහු කලයුත්තේ තමන්ගේ නිර්දේශ සේනාධිනායක වෙත වාර්තා කිරීමයි. නමුත් ඔහු ත්‍රිවිධ හමුදාවේ පාලනය සියතට ගත්තා. හමුදාපතිවරුන් සුවච කීකරු ගෝලයන් බවට පත්කරගත්තා.

    ඒ වගේමයි අනෙකුත් අමාත්‍යංශ ලේකම් වරුන්ටත් ඔහු නියෝග ඉදිරිපත් කළා. ඔවුන් ඒවා ඉවසුයේ තම රැකියාව (සමහරවිට ජීවිතය) බේරාගැනීම සඳහායි. සමහර අමාත්‍යංශ ලේකම් වරුන්, (පරිපාලන සේවයේ ඉහල සුදුසුකම් සහිත, ගෝටාභය රාජපක්ෂට එවැනි ඉහල පරිපාලන සුදුසුකම් නැහැ) ඔහුට සර් කියා ආමන්ත්‍රණය කළා ඔහුට ඇති බයට.

    ReplyDelete
  6. පළවෙනි ප්‍රශ්නයට නාලක ගොඩහේවාගේ පිළිතුරේ සඳහන් 'කොළඹ ආසියාවේ පිරිසිදුම සහ වේගයෙන්ම සංවර්දනය වුනු නගරය' කතාවත් ඔහුගේ රාජපක්ෂලාට රෙදි නැතිව කඩේ යෑමේ උත්සාහයට තවත් නිදසුනකි.

    ගෝඨාබය රාජපක්ෂ කොළඹ පිරිසිදු කරන්නට බොහෝ වැඩකොටසක් කල බව අප පිළිගත යුතුය. එයට ඔහුගේ කළමනාකරණ හැකියාවත්, රාජ්‍ය බලයත් ඉවහල් වූ බව අප දනිමු. මීට පෙර එවන් දෙයක් කරන්නට හැකියාව සහ වුවමනාව තිබුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට පමණක් යයි මම සිතමි. කෙසේ නමුත් කොළඹ ආසියාවේ පිරිසිදුම නගරය වූ බව මා දැනගත්තේ නාලකගේ මේ පිළිතුරෙනි. ඒ කියන්නේ කොළඹ පිරිසිදු කම අතින් සිංගප්පුරුවත් පරදා ඇත. අහන්නත් සතුටුයි.

    වේගයෙන්ම සංවර්ධනය වන නගරය කතාව නම් ලංකාවේ මීඩියා වලින් නිව්ස් කණපිට හැරවීමේ කදිම නිදසුනකි. කොළඹ ලෝකයේ වේගයෙන්ම දියුණු වන සංචාරක නගරය බවට පත්වූ බව සැබෑවකි. නමුත් මෙයින් අදහස් වන්නේ අප සිතන 'සංවර්ධනය' හෙවත් ආර්ථික සංවර්ධනය නොවේ. මේ කියන්නේ ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව කොළඹ සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් පෙන්වන බවකි. ත්‍රස්තවාදී කලබල සමයේ බින්දුවටම බස තිබූ ලංකාවේ සංචාරක කර්මාන්තය එසේ දියුණුවීම පුදුමයක් නොවේ. මක්නිසාද යත් 1983ට කලින්ද ලංකාව ලෝකයේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් වී තිබු බැවිනි. නමුත් ලංකාවේ බයියෝ මේ නිව්ස් එක කණපිට හරවා කොළඹ ලෝකයේ වීගයෙන්ම දියුණුවන නගරය බවට පත්වී ඇති බවත් එහි නියමුවා ගෝඨාබය රාජපක්ෂ බවත් සමාජ ජාල වල පතුරු ගැසුවෝය. නාලක මේ කියන්නේද එයමය.

    තමන් කැමති දේශපාලනයක් කරන්නට කාට හෝ අයිතියක් ඇතත් ඇත්තටම නාලක වැනි උගත් කෙනෙක් මෙවන් තත්වයකට වැටීම කනගාටුදායකය. ඔහුගේ මුහුණු පොතේ පළවන ලිපි සහ ඔහුගේ උගත්කම් වලට ළඟින්වත් යන්න බැරි බයියන් දමන කොමෙන්ටු වලත් කිසිම වෙනසක් නැත. ලැජ්ජයි නාලක.

    ReplyDelete
  7. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියාකළ යුගයේ ඔහු කටයුතු කෙරු උද්දච්ච ස්භාවය කිසිවිට අමතක නොවේ.ලස්සන අගනගරයක් හදන්න යැයි කියමින් අනවසර පදිංචි කරුවන් ලෙස කොළඹ වතු වල මිනිසුන් හංවඩු ගසමින් කටයුතු කරපු ගෝඨා රට හෙමිහිට අරන් යන්න ගියේ මිලිටරි පාලනයකට.වනාතමුල්ලේ පදිංචිකරුවකුවු "සුනිල් සමරවීර"පැහැර ගත්තේ තමන්ගේ ගේ කඩන එකට විරුද්ධව ගෝඨා එක්ක කතා කරපු වරදට.මහින්ද ජනවාරි අට වෙනිදා පැරදුණේ නැතිනම් අපිට ගෝඨාගේ රැස්පොට් බලමින් ලෙෆ්ට්,රයිට් කිය කියා ඉන්න තිබ්බා.

    ReplyDelete
  8. ඝෝඨාභය කොළඹ සුරපුරයක් කොට මීතොටමුල්ල නරකාදියක් කළේය. කොළඹට ඇතුළු වන විටම මීතිටමුල්ලේ කුණු කන්දේ සුවඳින් අප ගත සිතා පිනා යන්නේමය.

    ReplyDelete
    Replies
    1. අනේ මාතේ මීතොටමුල්ලට කුණු ගෙනත් දැම්මේ ගෝටාභයද ‘ ඔතනට ඉස්සෙල්ලම කුණු ගෙනත් දානකොට මම අපේ තාත්තගේ ඇට දෙකේවත් ; උඹ උඹලගේ තාත්තගේ ඇට දෙකේවත් නැනේ බං , බාගදා ගොටාභයවත් තාත්තගෙ ඇට දෙකට ඇවිත් නැතුව ඇති

      Delete
    2. අටම, උඹ කියන්නෙ තොටලග කුණු කන්ද වෙන්න ඇති. මීතොටමුල්ලෙ කුණු දාන්න ගත්තෙ ලගදි නේද ? හැබැයි දෙකම තියෙන්නෙ කොළඹට ඇතුල් වෙන දොරටු ගාව තමයි.

      Delete
    3. මීතොටමුල්ලෙ කුණු කන්ද පේමදාසගේ කාලෙත් තිබුනා

      Delete
    4. අටමා මැති තුමා ඒ කාලයේ මීතොටමුල්ල පැත්තේ බාලදක්ෂ වැඩ වලට ගිය මම එහම් කුණු ගොඩක් නොදැක්කෙමි. ඒ කියන්නේ 1984 දක්වා. ඊට පස්සේ එහෙම වුනාද දන්නේ නැහැ හැබැයි ඕං.

      Delete
  9. NG ට දැන් ප්‍රශ්න වැඩිය. තව එන්නටද හැක

    ReplyDelete
  10. වසර තුනක් අතීතයට ගොස් මේ ප්‍රශ්න නැවත අසා හැකිනම් සුදු වෑන් එකක නොගොස් සිටින ලෙසට ඉන්දික කොඩිතුවක්කු මහතාට අභියෝග කර සිටිමි ;)

    ReplyDelete
    Replies
    1. මම මේ හිතුව විතරයි.

      Delete
  11. ගෝඨාභය මැතිඳුන් අනාගත ජනාධිපති කරවමු!

    ReplyDelete
    Replies
    1. හැලප කන්නද? හොඳ, රට චීන ක්‍රමයට දියුණු කරන, විරුද්ධවාදීන් හක්කේ තබා සෙම අරින ඒකාධිපති නායකයෙක් වෙයි.

      Delete
  12. ඕවද ප්‍රශ්න. දැං ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ අයවැයෙං සිගරැට් ආයෙ ගණං යයිද කියන එකනෙ. හැක්..

    ReplyDelete
  13. ගොඩහේවා මහත්තයා නියමෙට යන්නේ කොහේද ඇහුවාම මල්ලේ පොල් කියලා පැහැදිලි කරලා කියලා තියෙද්දිත් උඹ මොකෑ ආයේ ආයේ අහන්න ගියේ . . හෙ හෙ හේ

    ReplyDelete
  14. අනේ බං සුනිල් අයියගේ දුං තෙල් බත් වගේ ලස්සන එකක් ලියහංකෝ

    ReplyDelete
  15. //සුදු ( හෝ වෙන පාටක ) වෑන් ගැන, මිනී මෝරු ගැන පත්තරවල තිබූ දේ විස්වාස නොකරන්නැයි අපට කියන ඔබ තුමන්ටම, ඒ සුදු වෑන් සංස්කෘතියට එරෙහිව ලියූ සහ අවසානයේ ඒ සංස්කෘතිය විසින්ම මහ දවාලේ පාර මැද මරා දැමූ ලසන්ත වික්‍රමතුංගයන්ගේ පුවත් පතේ පළවූ ප්‍රවෘත්තියක් තම මතය ඔප්පු කිරීමට යොදා ගැනීමට සිදුවීම කෙතරම් අභාග්‍යසම්පන්නද?//

    මේවා මාරයි නේ?

    ReplyDelete
  16. කමෙන්ට් කල හැමට ස්තූතියි. උඹලට මේ පෝස්ට් එකේ නං වෙන වෙනම රිප්ලයි කරන්නෙ නෑ, සමාවෙයල්ල.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails