Tuesday, July 26, 2016

වසන්තයක නිමාව...


හෙළ බස හරි අපූරු මෙවලමකි. සිංහලයෝ සිගරට් සහ අරක්කු බොති. නමුත් සිගරට් බීම සුද්දාට කිසි කලෙකවත් කල නොහැක. උන් බොන්නේ අරක්කු පමණි.

නිමාව යනු අවසානයම නොවේ. චිත්‍රපටයක් උපදින්නේ ඉතාමත් හොඳින් පිටපත, රූගත කිරීම් සහ සංස්කරණයද නිමාකල පසුය.

එලෙසින්ම බ්ලොග් වසන්තයේ මේ කියනා නිමාව, එහි අවසානය නොව ෆිනිශ් එකය.

පුරා දින 44 පැවති බ්ලොග් වසන්තය 2016 සහ එහි මත විමසුම ගැන මෙහි අප කලින් ලියා තැබූයෙමු.

දුමියාගේ සංකල්පයක්, මගේත් මාධවගේත් උපකාරයෙන් 2015දී අපට හැකි පමණින් එලිදක්වත්දී අපට සුභ පැතුම් මෙන්ම විවේචන, මඩ ප්‍රහාරද ඇති පදම් ලැබුනි.

ඔබ ඕනෑම පොදු කටයුත්තකට එක්විය යුත්තේ ඌරු පිට සහ බූරු හම ඇතිනම් පමණි යන්න ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටි මමත් දුමීත් ඒ සියළු අදහස් උදහස් අතරින් සීරුවෙන් ගමන් කරමින් සිතූ පරිදිම සාර්ථකව වසන්තය නිම කලෙමු.

ඒ 2015යි.

2016දී මෙය වඩාත් සාර්ථක සහ උත්කර්ෂවත් අන්දමින් කරන්නට අපට සිතුනේ, 2015දී ලද හොඳ සහ නරක ප්‍රථිචාරන් නිසාවෙන්මය.

අනෙක් කරුණ, 2016දී මමත් දුමියාත් එකම රටක අසල්වැසියන් වීමයි.

අපි මුලින් දුරකථනයෙන් සැළසුම් හැදුවෙමු. ඒ ගැන වැඩි විස්තර කතාවට සවසට එක්ව, වෙන විස්තර කතා කරමින් බෝතල් හිස් කලෙමු.

කාලය නම් අපට ඉතාම හිඟ වූ සම්පත හැකි පමණින් කළමණාකරනය කරගනිමින්, 2016 බ්ලොග් වසන්තය අප බලාපොරොත්තු වූවාටත් වඩා ලිපි සංක්‍යාවකගේ සහභාගීත්වයෙන් අවසන් කෙරිනි.

ඒ අතරතුර දරුවන් රෝහල් ගත කිරීම්, ගෘහ සේවිකා ප්‍රශ්ණ, වෙනත් පුද්ගලික සහ රාජකාරි ගැටළු දහසක් මා දුමියා පමණක් නොව අප නව ඇඩ්මින් කමියාටද මදි නොකියන්නට තිබුනි.

සියළු බාධක මැද බ්ලොග් වසන්තය නිමාව පසුගිය සෙනසුරාදා ගල්කිස්ස බෝට් හවුස් හි අප බලාපොරොත්තු වූවාටත් වඩා සුන්දර ලෙස සටහන් විය.

පමණක් මහ ගස් හට ගන්නේ මීමැස්සෙකුගේ පරාගණය මතිනි.

බ්ලොග් වසන්තය සොඳුරු නිමාවටද එලෙස උදව් කල බින්ඟුන්, සියොතුන් රෑණකි.

ඒ සියල්ලන්ගේම සහය නොලැබෙන්නට 2016 බ්ලොග් වසන්තය මෙතරම් උසස් ලෙස නිමා වන්නේ නැත. ඒ ගැන මමත්, දුමීත්, කමියාත් හද පතුලෙන්ම ස්තූති කල යුතුය.

ඔවුනට ගෞරවයක් ලෙස මට සිහිවෙන පිළිවෙලට ඒ නම් මෙහි ලියා තබමි.


බ්ලොග් වසන්තය මත විමසුම ක්‍රියාත්මක වන අතරතුර ඒ ගැන ඉතා අවධානයෙන් සිටිමින් අප දිරිමත් කල සපතේරු උන්නැහේ

වසන්ත සම්මාණ නිර්මාණයට උද්ව් කල ලයනල් බංඩාර නම් මගේ කාර්‍යාල සහෘදයා,

සම්මාණ සඳහා අති සුන්දර ආට් වර්ක් එකක් එක රැයින් හදා දුන් ව්ශ්වකර්මයා අසංග මංජුල,

සම්මාණ ප්‍රදානය ගැන දැනුවත් කිරීමට අවස්ථාව සලසා දුන් චෙෆාකි,

බ්ලොග් වසන්තය සම්මාණ ප්‍රදානයට ඒ සුන්දර තැන ලබා දුන් මිතුරු රොෂාන් මද්දුමගේ

කෙටි නිවාඩුව අතරතුර මේ කාරණාවන්ට අවශ්‍ය නිදහස දුන් අප බිරින්දැන් සහ පැටවුන්

මේ සියල්ලන්ම සමඟින් බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ සියළුම දෙනාත්, වසන්ත නිමාව සාදයට එක්වූ ඇල්කෙමියා, ඉවාන්, මාතලන්, කුෂාන්, ජීවන, අටම්, ඇනොපිලිස්, ප්‍රා ජේ, බුද්ධි සහ මැරියන් කුමරිය, තිස්ස දොඩං ඇතුලු සියල්ලන්ටම දුමී, කමී, ඉන්දික, මාධව ඇඩ්මින් මඩුල්ලේ හද පිරි ස්තූතිය පුද කරමු!

එමෙන්ම, 2016 බ්ලොග් වසන්තය වෙනුවෙන් ලිපි ලියූ, ලංකාවේ සිටි බොහෝ දෙනෙකුට ආරාධනා කරන්නට නොහැකි වීම ගැන ඇඩ්මින් මඩුල්ලේ කණගාටුවද මේ සමඟම පලකල යුතුය. ඇත්තටම මේ හමුවට විවෘත ආරාධනාවක් කරන්නට හෝ විශාල පිරිසකට එන්නට කීමට නොහැකි වූයේ, දුමීටත් මටත් දරන්නට පුලුවන් බරෙහි, කරන්නට පුලුවන් වූ වියදමෙහි ඉතා දැඩි සීමාඅවන් වූ බැවිනි. ඒ හැර වෙනත් කිසිම නිර්ණායකයක් ඔබට අරාධනා නොකරන්නට බල නොපෑ බව මෙහි ලියා තැබිය යුතුමය.

ඉදින්, නිමාව අගනා බැව් සැවොම පවසන 2016 බ්ලොග් වසන්තය, වඩා උසස් සහ පුළුල් සහභාගීත්වයක් සහිත 2017 බ්ලොග් වසන්තයක ඇරඹුමක් වනු ඇතැයි, වසන්ත ඇඩ්ඩියන්ගේ එකම පැතුමයි. ඒ පැතුම් ඉටු වන්නේ ඔබ ලිව්වෝතින් පමණි.

පලි. වසන්ත නිමාවේ රස මුසු තැන් හෙවත්, ඇනෝපිලිස් මුහුදේ පැනීම, අටම්පහුරගේ චන්ඩිකම්, ජීවනගේ ගිටාර් වාදන පමණක් නොව ඊට පෙරදා සාදයක දුටු රවියාගේ දුරකථන සෙල්ලම, චෙෆාකිගේ කෑම ඈ නෙක රස මුසු පුවත් ගැන දැනගන්න, මඳක් රැඳී සිටින්න.

වසන්ත හමුව ඇල්බම් බලන්න



31 comments:

  1. මං නං මේ පාර මේකට කිව්වේ බ්ලොග් හේමන්තය කියායි!

    http://rasikalogy.blogspot.com.au/search/label/බ්ලොග් හේමන්තය

    එහෙනම් [ඒ වන විටත් ජීවත්ව සිටියොත්] "බ්ලොග් වසන්තය 2017" දී නැවත හමුවෙමු.

    ReplyDelete
  2. වසන්තයක ඇරඹුම..

    ඉදිරියට තවත් හොඳින් සාර්ථකව කරගෙන යන්න ලැබේවා!!!!!

    ReplyDelete
  3. එහෙම ඔලුවේ අවුලක් නැතිව එක එක ජාතියෙ මිනිස්සු එක තැනකට එක්කහු කරන්න හැකි මිනිස්සු තමා පොදු වැඩ කරන්නත් ඕනෙ....

    ReplyDelete
  4. සමාජයට සොදුරු බව මුහුකරන සහෘද කැලකට අතහිත දෙන්න ලැබීම ම සතුටක්. නිර්මාණය අගය කිරීමට බොහොම ස්තූතියි. මෙවැනි දේට මගේ සහාය ඉදිරියටත්...

    ReplyDelete
  5. 2017 බ්ලොග් වසන්තයට ජයවේවා!

    ReplyDelete
  6. ස්තුතියි මචං. උඹල නිසා මාත් තුන හතරක් ලිව්ව. සම්මාන ගත්ත හැමෝටම සුභපැතුම්!

    ReplyDelete
  7. දෙන්නෙක් එකතු වෙලා අනික් කට්ටියගෙත් සහය ඇතිව බ්ලොග් ලෝකය එක තැනකට ගේන්න උඹල දරපු උත්සාහය අති සාර්ථකයි. වැඩක් කරනකොට මල් වගේම ගල් මුල් එන එක වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් මේකට ගල් වලට වැඩිය මල් වැදුනයි කියල මම හිතනව.
    අන්තිම සාදයට සහභාගිවෙලා කට්ටිය අඳුනගන්න නොලැබිච්ච එක ගැන කණගාටුයි.

    මේ වැඩේ සාර්ථක කරගන්න කැපවෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙන ගමං ලබන අවුරුද්දෙත් මීට වැඩිය හොඳින් වසන්තයාට පැමිණීමට හැකිවේවායි පතනව.

    සැ.යු. ඉහත ගල් යනු සංස්ථා ගල් නොවන බවත්, මල් යනු තනමල්විල මල් නොවන බවත් සැලකුව මනාය. හැක්..

    ReplyDelete
  8. වසන්තයට සුබ පැතුම්...!

    ReplyDelete
  9. ජයවේවා ඉන්දික....එන්න බැරිඋන හේතුව උඹ දන්නවනේ..නාවත් මම හිතෙන් එතනනේ හිටියේ....දෙයක් කරනාකාරය කියල දුන්න බොලා සේරටම සුබ පැතුම් මගෙන්....!

    ReplyDelete
  10. දැකල තියන හොඳම සම්මාන උලෙලක්. ඒ මං හිතන්නෙ ඒකෙ ෆෝකස් එක පාටිය නිසා වෙන්න ඇති. ඒක විශිෂ්ඨ පාටියක්.
    බොහොම ස්තුතියි.

    //නමුත් සිගරට් බීම සුද්දාට කිසි කලෙකවත් කල නොහැක. // ++++
    බොහොම ඉස්සර දවසක මගෙ යාලුවෙක් සුද්දෙක්ව බය කරන්න හිතාගෙන "Can I please have a fire? I want to drink a cigarette" කියල ඇහුව.

    ReplyDelete
  11. 2016 ට ජයවේවා... 2017 මල් මල් වේවා...
    හිහි.. සියල්ල හොඳින් සිද්ධ වෙලා තියෙනව දකින්නත් සතුටුයි...
    ජය පතමි

    ReplyDelete
  12. ජයවේවා! 2017 දී හමුවෙමු.

    ReplyDelete
  13. ජයවේවා !!! වසන්තයේ සම්මානයක් ලැබීම ගැන සතුටුයි.. චාමෙට එහෙත් පිළිවෙලට කෙරුන උත්සවේ ගැනත් සතුටුයි ....

    ReplyDelete
  14. ජය වේවා ලොක්කා !!

    ලබන පාර ඔයිට වඩා හොඳට කරන්න ලැබේවා.

    ReplyDelete
  15. ඉන්දික දුමී ඇතුළු සියලු සංවිධායකයින්ට බොහෝසේ ස්තූතියි! නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැමිණීමට නොහැකිවීම ගැන ඉතාම කණගාටුයි!

    ReplyDelete
  16. පැමිණීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව. ෆොටෝ බලා මේ අවුරුද්දේ සැනසීමට සිදුවිය.
    ලබන අවුරුද්දෙත් සම්මාණ දීමට හාමිණේලාගෙන් අවසර ලැබේවාඅ , සල්ලි වැඩියෙන් ලැබේවා , නිවාඩු වෙලාවට ලැබේවා !!!!!

    ReplyDelete
  17. හමුවීම සතුටියි. අර දුමියා නිවාඩුව අවසන් කල වික්‍රමාන්විත ආකාරය ගැන මට දුක සිතුනි. අයියෝ අහිංසක ගිටාර් සිල්පියා.

    කුශ් , කෙසෙල් කොටුවේ ලොකු චූටිමහත්තයා ,පොඩි චූටිමහත්තයා සහ චූටි නෝනා මෙන්ම , දොඩංගොඩ ඇමතිතුමා ඇතුලු සහෘදයින් එක්ක ආනන්දජනක හැන්දෑව සංවිධානය කල සිංහයා ඇතුලු සැමට මගේ ප්‍රණාමය . ලබන සැරෙත් අපි දෙමුකො බැටේ.

    මගේ ප්‍රොෆයිලයට කෙලවී ඇත .අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. ඕක තමයි ඕනවට වැඩිය කොටු පනින්න යන්න එපා කියන්නෙ. හැක්..

      Delete
    2. හඳුනාගන්න ලැබීම අපමණ සතුටක්!
      ඉවාන්ට මම ෆේස්බුක් රක්වෙස්ට් එකක් එව්වා! පොඩ්ඩක් බලන්න!
      ආයෙත් මුණ ගැහෙමු!

      Delete
  18. ලස්සනට පටන් අරන් ලස්සනට ඉවර කරපු වැඩසටහනක්.. 2017 බ්ලොග් වසන්තය වෙනුවෙන් හොඳ ගැම්මක්...
    ජයවේවා..!!

    ReplyDelete
  19. ඊලග අවුරුද්දෙත් හොදින් කරන්නටම වාසනාව ලැබේවා..

    ReplyDelete
  20. ඔබ දෙතුන් දෙනාගේ උත්සාහය හා කැපවීම අගය කරන්න වචන නෑ. ඒ හැමදේම කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තුව නොවෙයි! ඒ සුන්දර මොහොත මටත් විඳගන්න ඉඩ ලබාදුන්නට ඔබට පිං ඉන්දික අයියේ! ආයෙ ආයෙත් විස්තර කරන්න ඕනේ නෑ හැම දේම අති විශිස්ඨයි!

    ReplyDelete
  21. බලමුකෝ 2017 දී වත්.

    ReplyDelete
  22. ඒ වගේ සම්මාන උළෙලක්, ඒ වගේ මිතුරු හමුවක්, ඒ වගේ ගිටාර් හඬක් 2017 දී තියා කවදාවත් නැවත දකින්න, විඳින්න වෙන්නේ නෑ. ඒක ඒ තරම්ම චමත්කාරජනකයි. රළ බිදෙන හඬ, සීතල සුළඟට මුසුවුනු ගිටාර් හඬ අතර නොදැකපු මිතුරන්ගේ හමුව කෙදිනකවත් අමතක නොවන, කිසිවෙකුට අමතක කරවිය නොහැකි මතකයක්! දුමී, ඉන්දික, කමී ඇතුලු පිරිසට අනේක වාරයක් තුති මෙවැන්නක් සංවිධානය කිරීම ගැන!

    ReplyDelete
  23. රෑ 12 විතර වෙනකං අමතක නොවන රාත්‍රියක් සංවිධානය කලාට බොහෝම ස්තූතී ....
    අර මං මූදෙ පැන්න එක ගැන සත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරයි කියල බලාපොරොත්තු වෙනවා ...
    මොකෝ මම කීප දෙනෙක්ගෙන් ඇහුව .. එක එකා එක එක කතා කියන්නෙ ...

    ReplyDelete
    Replies
    1. උඹට හරියටම දැන ගන්න තිබ්බ පහුවදා වැල්ලට ගියානම්, මම හිතන්නෙ කතාව බොරු බං , මැරිච්ච තලමහෙක් හරි මෝරෙක් හරි හාල්මැස්සො , පියාමැස්සො රංචු පිටින් වෙරලට ගොඩ ගහල තිබ්බනම් පත්තරේ හරි ඕව දානව.

      Delete
    2. මුද්දා ගහපු පාරට අටමගෙ දත් දෙකක් බඩේ

      Delete
  24. පෝස්ට් එකකුත් දාලා හම්බ වෙලාම අගය කල නිසා තව මෙතන කියන්න යන්නේ නෑ... මොකෝ උඹ තව ගනන් යනවා...

    ReplyDelete
  25. එන්න බැරි වෙච්ච එක ගැන කනගාටුයි මචං...
    මේ දවස් වල වීක් එන්ඩ් වල බිසී වෙන ලෙඩක් හැදිලා ඒකයි අවුල...
    කලින් දවසේ තට්ටු 30 දී උඹව හම්බ වෙච්ච එකම මදෑ...
    එහෙනම් 2016 වගේම 2017 ත් ජය වේවා...!

    ReplyDelete
  26. තිබුනු වැඩ රාජකාරී සහ කොම්පීටරේ කැඩිලා වගේ හේතු නිසා මේ සැරේ එකට සක්‍රියව දායක වෙන්න ලැබුනේ නෑ . . ලබන සැරේ එකට අනිවා ඩෙෆා සම්බන්ධ වෙන්නම් . . !

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails