Thursday, April 2, 2015

සුභ දිනෙක පැතුම..!


"ලොකු අය්යෙ..එහෙනං හරිනෙ? ඔයා හතරට බ්‍රය්ඩ්ස්මෙඩ්ව හොටෙල් එකට එක්ක එන්න, හරිද.?"

නංගි ලස්සනට ටය්ප් කරල, ඉරි ගහල කොටු බෙදල තිබ්බ එයාගෙ වෙඩින් ප්ලෑන් කොලෙන් මුහුණ අහකට නොගෙනම එහෙම කිව්වෙ, ලාටු උලාපු ඒ මූන දැක්කම මම භයවෙයි කියලද මන්ද!

"මං කොහොමද හලෝ ඔය පාන්දර ඒ ගොල්ලන්ගෙ ගෙවල් හොයාගන්නෙ?"
 
මගේ කටහඬ වචනව තෙරුමට ගැලපුනේ නෑ කියල මටම හිතුන.

"අම්මට සිරි, මෙන්න මෙයා. හිහ්..හිහ්.. හිතන් ඉන්නැති පාන්දරම කෙල්ලෙකුත් වාහනේ දාගෙන තනියමම එන්න නේද?"

නංගිගෙ කතාවට එයගෙ මූන උලන ගෑණු ළමයයි, වටේ උන්න අනික් උනුයි කට තදකරන් හිනාවෙත්දි මං හිමීට අල්ලල බැලුව සරම තාම ඉනේද කියල!

"ඔයා ඉස්සෙල්ල ෂෙරීන් අක්කිලගෙ ගෙදරට යන්න. එයත් එක්ක කෝට්ටෙට ගිහින් සිළුනි නංගිවත් අරන් එන්න. ෂෙරීන් අක්කි දන්නව ගෙවල්"

.....................

මහරගමින් ෂෙරීන්වයි, එයාගෙ සැපට නිදි පොඩි උන්දෙන්නයි කැබ් එකට දාගන්නකොට පාන්දර 3යි. එතනින් කෝට්ටෙට, කෝට්ටෙන් ආයි ගල්කිස්සට, වෙලා නැතෑ පාරෙ බතක් උයන් කාල එන්න උනත්.

සිළුනි කියන්නෙ නංගිගෙ ඔෆිස් එකේ යාලුවෙක්ලු, මම කවදාවත් දැකල තිබ්බෙ නෑ. එක අතකට එයත් ෂෙරීන් වගේම ස්විච් එක කැඩිච්චි රේඩියෝ එකක් වෙන්නැති!

දැන් කොහොමද ජොබ් එක, අරවද මේවද, ෂෙරීන් නැග්ග වෙලේ ඉඳල එයාගෙ පැණ විසඳුම්, මට පිටිපස්සෙම සීට් එකේ ඉන්නෙ නිසා කණක් නෙමේ කන් දෙකම ඇහෙන්න නෑ!  නිදිමත වෙලාවට ගමණක් එක්ක යන්න කියාපු මනුස්සය.

ෂෙරීන් නැග්ග වෙලාවෙ ඉඳල එයාගෙ රේඩියෝ එක දාපු නිසා මම හෙමීට සෙටප් එකේ සද්දෙ අඩුකලා.

"අසිතය අද වෙඩින් එකට එයිද මන්ද?"

මම එහෙම කිව්වම පිටිපස්සෙ සීට් එක මැද හිටපු ෂෙරීන්ගෙ විසාල වෙච්චි ඇස් ගෙඩි දෙකට සෙන්ටර් මිරර් එක වැහිල ගියා!

"ඒ මොකෝ?"

"ඌත් ආස නැතෑ කණක් ඇහිල, දවල් වෙනකල් නිදාගෙන, කැමති දෙයක් කාල නිස්කලංකව ඉන්න එක දවසක් හරි..."

පිටිපස්සෙ ආව වාහනේ ලයිට් එකට වඩා සැරට ෂෙරීන් රැව්ව හින්ද මම හිමීට මිරර් එක පහත් කරා.

"ශිවගෙ තුන්වෙනි ඇහැ ඇරිය වගේ..."

ෂෙරීන් දන්න ශිව! මම කිව්වෙ කුණුහරුපයක් කියල හිතලද මන්ද යන්තන් කබල් රේඩ්යෝවෙ බැටරි බැහැල වගේ ඉන් පස්සෙ ඉඳන් පාර කියන්න විතරයි කට ඇරියෙ

මුංගෙ ෆොටෝ ෂූට් එකට කලින් වහීවිද මන්ද පැලෙන්න.!!

මට හිතුනට කිව්වෙ නැත්තෙ නිකන් මොකටද ඉල්ලන් තාරුකා පාත් කරගන්නෙ කියල.

…………………………..

අපේ ගමණ පාගොඩ පාරෙන් අතුරු පාරකට දාල, ඒක දිගෙත් වමට දකුණට හරව හරව ගිහින් පොඩි කලු ගේට්ටුවක් ගාවින් පාර ඉවර උනා.

"හොඳ වෙලාවට රිවස් එක වැඩ, ගොන් කරත්තයක් වගේ උනානං මාර සීන් එක වෙන්නෙ"

"ඒ මොකෝ..?"

"නෑ එහෙනං මේ දෙවට මැද්දෙ හරවන්න වෙන්නෙ හරක වෙනම කරත්තෙ වෙනමනෙ."

"දැන් එහෙනං හරකටම රිවස් කරගන්න බැරිය...ඉක්මනට ඔන්න ඔය හෝන් එක ගහනව හලෝ.."

"එතකොට මේ වටේ ගෙවල් වල ඔක්කොමත් යනවද අපි එක්ක දැන්?"

"පිස්සුද..?"

"එහෙනං හෝන් ගහල ගමම නැගිට්ටවන්නෙ..?"

එච්චර වෙලා රෝසපාටට තිබ්බ ෂෙරීන්ගෙ මූණ රතු උනා...!

ඉන් පස්සෙ  නිස්සද්දවම පහත්වෙලා බිම තිබ්බ එයාගෙ තඩි මල්ලට කිමිදුනේ ෆෝන් එක හොයන්න කියල මට තේරුනේ, මුතුබෙල්ලෙක් අරන් කිමිදිල මතුවෙන මිනිහෙක් වගේ එයත් ෆෝන් එක අරගෙන හුස්මක් ඇරල කොන්ද කෙලින් කරාමයි.

……......

කැබ් එකේ හෙඩ් ලයිට් වැදිල තිබ්බෙ කළු ගේට්ටු පළුවට.

ලයිට් එලියත් මගේ ඇස් වගේම ගේට්ටූවෙ වැදිල නතරවෙලා බලාන හිටිය

"ඔය ගේට්ටුව දිහා ගිලින්න බලං ඉන්නෙ නැතුව ඕක අන්ලොක් කරනව මැට්ටො, ඒ ළමය ඇවිල්ල..."

ෂෙරීන්ගෙ සද්දෙට මාව ගැස්සුනාට පොඩි දෙන්න උකුල උඩ සනීපෙට නිදි..ටකේ සද්දෙට වවුලො මිසක් රඹුටන් භයවෙන්නෙ නෑනෙ!

කුරුබිලියකින් එලියට ඇවිත් තිබ්බ ඇය පිටිපස්සෙ දොර ඇරියත් එතන ඉඳගන්න ඉඩක් තිබ්බෙ නෑ. පොඩි උන් දෙන්න අම්ම මැද්දෙ තියාන, දෙපැත්තට වැක්කෙරිල දොයි.

"සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."

ෂෙරීන් එහෙම කිව්වම බ්‍රෙක් පැඩ්ල් එක උඩ තිබ්බ මගෙ කකුල තව පහලට තද උනා.

ඔළුව රෙද්දකින් වහගත්තු කෙට්ටු ගෑණු ළමයෙක් ලොරියකට ගොඩ වෙනව වගේ එල්ලිල කැබ් එකේ ඉස්සරහ සීට් එකට නගිනව, තවත් ඒ වගේම කෙනෙක් බිම ඉඳන් ඒ දිහා බලාන ඉන්නව.

"කට වහගන්න මදුරුවො යයි..." ෂෙරීන්ගෙ අයිස්කැට තුවක්කුව ආයි පත්තු උනා.

ඇය නැගල, අම්මට සමු දීල දොර වහගත්තම මම නිස්සද්දවම ගියර් එක මාරු කරල පිටිපස්ස හැරුනෙ එහා සීට් එකේ ඉන්න කෙනාගෙ තාම රෙද්දට වැහිච්චි මූන බලන්න චාන්ස් එකක් ගන්න මිසක්, ඒ විදියට රිවස් කරල පුරුද්දක නෙමෙයි.

ඒත් පන්සලේ බිත්තියෙ ඉන්න බහිරවය වගේ තඩි මූණක් දාගෙන මාවම කන්න බලන් ඉන්න ෂෙරීන් දැක්කම, ආයි ඉබේටම ඉස්සරහට හැරුන.

........

අප් ආයි පාගොඩ පාරට ආව. පාර හරිම පාළුයි, ඒත් හිත පිරිල!

මගේ පපුවෙ සද්දෙ එහා පැත්තෙ ඉන්න සිළුනිට ඇහෙයි කියල භයටම මෙච්චර වෙලා කෙඳිරි ගගා හිටපු සෙටප් එක මම ආයි චුට්ටක් වැඩි කරා,

සිහිනෙන් සිනෙට ඔබ එනවා....මොනවද හිමිහිට මුමුණවා...හදවත රිදුමද නවතිනවා...සැනෙකින් යළි නොවෙනී යනවා....

මාව පහුකරන් යන වාහනවල, පාරෙ තිබ්බ පහන් කනුවල එලිය මට දැනුනෙ වෙනදට වඩා එලියට. හොඳට පේනකොට යන්න බැරිය පිඹල!

රසම රස චොක්ලට් පෙත්තක් දිව උඩ තිබ්බ ගමන් දියවෙලා ගියා වගේ!

සී.ටීගෙ සින්දුව ඉවරවෙනකොට අපි කෝට්ටෙ ඉඳන් ගල්කිස්සටම ඇවිත්..

ගල්කිස්සෙ හොටෙල් එකේ පෝටිකෝ එක ඉස්සරහ නවත්තනකොටම අර බිග්ෆුට් වගේ ඉන්න තඩි ඩෝමන් ඇවිත් ඉස්සරහ දොර ඇරිය.

පරෙස්සමට බිමට පැනපු සිළුනි වටෙන් ඇවිත් පිටිපස්සෙ හිටපු ෂෙරීන්ගෙ පොඩි දූව හිමිහිට උස්සල ගන්න අතරෙ, ඒ මොට්ටැක්කිලිය අස්සෙන් දිලිසෙන ඇස් වලින් හිමිහිට මගෙ දිහා බැලුව. ඒ එක්කම පිටිපස්සෙන් ඇවිත් නතර කරපු වාහනේ හෙඩ් ලයිට් එකට පලාතම එළිය උනා..
…….

ෂෙරීනුයි පොඩි උන් දෙන්නයිත් බැස්සට පස්සෙ ආයි වාහනේ පාරට ගත්තෙ පොළවට චුට්ටක් විතර උඩින්.

"හිත හීලා නෑ....හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා....."

එක පාරෙන්ම මම බන්දුල විජේවීරගෙ ගෙ කරච්චලේ නවත්තල දැම්ම..

අඹ අච්චාරුවක රහ බලත්දි මීපැණි දැක්කත් තිත්තයිනෙ.

ඇත්තටම එදා මට සතුටු දවසක්. ඒ මගේ එකම නංගිගෙ වෙඩින් එක නිසා. ඒත් ඊට එහා ගිය තවත් අමුතු සතුටකින් හිත පිරිලද?

සමහර ප්‍රශ්ණ වලට උත්තර හොයනවට වඩා, ප්‍රශ්ණෙ ඒ විදිහට තියා ඉන්න එක වැඩිය හොඳයි.

----------------


සමාවෙන්න, ඉතුරු ටික වසන්තයට....


දෙවැනි කොටස

120 comments:

  1. එක හුස්මට කියෙව්වා... මට මැවිලා පෙනුනා.....

    ReplyDelete
    Replies
    1. උඹල හුස්ම නොගෙන මෙව්ව බලල මොනාහරි උනොත් අපි නෑ හරි.

      Delete
  2. දැන් මේ ෆොටෝ එකේ ඉන්නේ සිළුනිද ? උඹේ නංගි බැන්දේ උඹ බඳින්න කලින්ද ?

    /"ටකේ සද්දෙට වවුලො මිසක් රඹුටන් භයවෙන්නෙ නෑනෙ!"//

    උඹේ උපමා ටික නම් මල් හතයි.....!

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ ඉන්නෙ සිළුනි. අනෙක් ප්‍රශ්ණ වලට උත්තර කතාවෙ ඉතුරුටිකේ තියේවි

      Delete
    2. පොටෝ එකේ ඉන්න සිලුනිගේ මාපට ඇඟිල්ල කෝ ??

      Delete
  3. කතාවක් හැටියට ගත්තම හොඳයි කියන්න පුළුවන්.ඒ වුනාට විස්තර කරල තියෙනව වැඩියි.කියවන එකාටත් යමක් හිතාගන්න තියපං.හැම දේම උඹ කියාපාන්න ගත්තම කියවන එකාට කිසි වැඩක් කරන්න නෑනේද? තාම හරියටම දෙයක් කියන්න බෑනෙ කතාව ඉවර නෑ කියනවනෙ.අනික් කොටස ලියද්දි ටිකක් හිතල බලපංකො.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උඹෙ අවංක අදහසට. අපි තාම අංකූර් ලේකඛකයො උනාම මේ වගේ උපදෙස් බොහොම වටිනව. ඊලඟ එක බලමු ටිකක් වෙනස් කරන්න.

      Delete
  4. උපමා ටික එළ!
    ඒ ලිවිල්ලේ ඇතුළේ ඉලන්දාරි ගතිය නියමෙට තියෙනවා (උඹ අන්කල් කෙනෙක් වුණාට :P)
    ඉතුරු ටික ඉක්මණටම ලියාවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ රහ කතාවක් පාට පේන නිසා..:)

    ReplyDelete
    Replies
    1. "ඒ ලිවිල්ලේ ඇතුළේ ඉලන්දාරි ගතිය නියමෙට තියෙනවා"
      ඇද්ද උඹට ඉන්දික ;-)

      Delete
    2. තිස්ස අර වරහන දැකලා නැතෙයි? :P

      Delete
    3. ත.ත, මීම නාකි උනාට අඟ නාකි වෙන්නෙ නෑ බොල.

      තිසා, උඹලත් බලන් ඉන්නෙ අපිට කෙලිනකල් නේ.. :)


      තති, උඩ හැළපෙගෙ කමෙන්ට් එක දැක්ක නේ?

      Delete
  5. පොඩ්ඩක් හිටහං දවල් වෙනකං.. වෙඩින් එකෙන් පස්සෙ කෙල්ලව එක්කරන් යන්ට එයාගෙ කොල්ල එයි.. ඊටපස්සෙ ඉතින් උඹට කරන්ට තියෙන්නෙ දෙකක් දාලා බුදියගන්න එක තමා..

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්....

      Delete
    2. ආන්න රෙෂ්පට් වැඩ !!!

      Delete
    3. බ්‍රෑන්ඩ් එක ගල්.

      -ස්තුතියි-

      Delete
    4. සිගරට් එකකුත් පත්තු කරන්න

      බ්‍රෑන්ඩ් එක ගල්

      -ස්තුතියි-

      Delete
    5. බුරා, එච්චර සරළ කතාවක්නම් මෙලහට ඉවරවෙන්නම ලියනවනෙ බං.

      ප්‍රසා සහ ග.බ - පොඩ්ඩක් හිටහන්, අනෙක මන් දුම්බොන්නෙත් නෑ දැන්

      Delete
  6. එක හුස්මට කියෙව්ව .. බියුටි කචල් මංජුසා පෙට්ටිය ගැන සඳහන් නොවුනේ හිත හීලෑ නැතුව තිබ්බ නිසා වෙන්ටැ ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...නෑ බං ඒක මීටර් උනේ නෑ. උඹටත් කියන්නෙ, හුස්ම ගනින් මල් කඩනකොට

      Delete
  7. ela bro!!!!

    really, why I cant write like this??????

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්.. Thanks mate! අර බීටලේගෙ, රාගල් ම.වි ගෙ කතා කියවනකොට මටත් ඔහොමම හිතෙනව.

      Delete
  8. "කරුණ විමසා අසද්දී මොකෝ මා කලේ
    මගේ දෑස වැළපෙයි ඇගේ පාමුලේ.."

    ReplyDelete
    Replies
    1. තිසා...ගිණි ගිණි... කොහොමද මේකම හරියට ඔලුවට ආවෙ????

      Delete
  9. හ්ම්ම්, අන්තිමේ කියලා තියෙන කතාව ඇත්ත.. සමහර ප්‍රශ්ණ වලට උත්තර තිබුනා උනත් ඒවා ගැන නොහිතා ඉන්න එකමයි හොද..

    ReplyDelete
    Replies
    1. හ්ම්..ප්‍රශ්ණ සුන්දරයි උත්තර වලට වැඩිය, සමහරවෙලාවට.

      Delete
  10. බාසාව නම් මල් හතයි! පොඩි සිද්ධි කීපයක් වුනත් රසවත්ව ලියලා තියෙනවා. අනික් ටිකත් මේ විදිහටම ලියමු. මං හිතන්නෙ මේ සිංහ ධේනුව හම්බු උණ විදිහ වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඒත් බන්දුල විජේවීරගෙ සින්දුව ඈඳෙන්නෙ, ඒ වෙනකොට බැඳලා තියෙන්න ඇති.

      Delete
    2. එක්කො ධේනුව හමුවීම එහෙම නැත්නම් ධේනුව බ්ලොග් කියවන්න නෑ එහෙමත්නැත්නම් සිංහයන්ට මර බිය නෑ

      Delete
    3. එහෙම නැත්තං සිංහයගෙ කන් ඇහෙන්නෙ නෑ :D

      Delete
    4. එක්කො ඇහුනත් නොඇහුනාවගේ කරබාගෙන ශොපින්බෑග් ඉහින් කටින් එල්ලගෙන පස්සෙන් යනව රෝමය පුරා. අප්පට සිරි වැරදුනා සොරි සොරි.. රෝමෙ නෙමෙයි අබුඩාබි හා ඩුබායිවල.
      රෝමන්කාරයො හරි නිර්බීතයිනෙ....සොරි හොඳේ

      Delete
    5. අද නිවාඩු දවසෙ බ්ලොග් බෑ. හිටහල්ල බොලාගෙ මඩ ප්‍රහාර වලට හෙට දෙන්න රිටන් එක.

      Delete
    6. "එක්කො ඇහුනත් නොඇහුනාවගේ කරබාගෙන ශොපින්බෑග් ඉහින් කටින් එල්ලගෙන පස්සෙන් යනව රෝමය පුරා. අප්පට සිරි වැරදුනා සොරි සොරි.. රෝමෙ නෙමෙයි අබුඩාබි හා ඩුබායිවල.
      රෝමන්කාරයො හරි නිර්බීතයිනෙ....සොරි හොඳේ"
      අඩේ මාත් මේ ශොපින් ගියාම බෑග් උස්සගෙන එන්න කෙනෙක් හොයා හොයා හිටියේ... මරු මරු....

      Delete
    7. මධාවී, බොලා වගේ බාස වෙල්ලො ආසරය කරනකොට අපිත් ඉතින් නිකම්ම බස බස ගාල වැඩේ දෙන්න පුරුදු වෙනව තමා :)

      Delete
    8. ප්‍රා, තුනම ....

      ප/ම - කන් ඇහෙන උන්ට පවුල් කන්න පුළුවන් රෝමෙ සහ කටුණායක අතර තරමට ඉඩ තීබ්බොත් විතරයි.

      ප්‍රා, ඩුබායි වල දුමී, අබුඩාබි වල දුකා, රෝමෙ සීසර් මල්ලි, එතකොට ඔය කා ගැනද කිව්වෙ?

      බුරු - කඩේ ගියාම බෑග් උස්සන් එන්න කරත්තයක් ගනින්කො බං.

      Delete
  11. අනාගතේ ලියන්න හිතාගෙන ඉන්න කථා වස්තුවකට... සෑහෙන අමුද්‍රව්‍ය මෙතන තියෙනවා.. මම ඉතින් මංකොල්ලකාරයා නේ.. ඒ නිසා එකෙකුට මක්කත් දොඩන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඒ අනාගතේ ඉක්මණ් වර්ථමානයක් කලා නම් හොඳා නේ මාතේ? :D

      Delete
    2. මාතලන්, උඹ ගත්තට කමක් නෑ, වෙලවට ගෙවහන් හරි.

      ප්‍රා, චී ඒවගේ වල් කතා ලියන්න වැල සයිට් බලන්න වෙනව මූට.

      ත.ත - එතකොට රස්සාව කරන්නෙ උඹද?

      Delete
  12. එල ද බ්‍රා අයියන්ඩි කැබ් එකේ පිටිපස්සෙ සිට් එකේ මම හිටියා වගේ දැනුනා..
    ඉතුරැ ටිකත් ලියහන් අයියන්ඩි එල ද බ්‍රා වගේ

    ReplyDelete
    Replies
    1. //පාරෙ තිබ්බ පහන් කනුවල එලිය මට දැනුනෙ වෙනදට වඩා එලියට. හොඳට පේනකොට යන්න බැරිය පිඹල //

      බැහැල බස් එකේ වරෙං...ඒක ඇඟට ගුණයි මෙන්ඩෝ :D

      Delete
    2. මමයි ෂෙරින් අක්කයි ඉන්න හින්දා සිඵනි බෙිරිලා නැත්නම් මු ඒකිව ඇස් දෙකෙන් කනවා

      Delete
    3. මෙන්ඩා දරුපවුල් කාරයා වෙච්චි මක්කටෙයි සිළුනි ගැන වධ වෙන්නේ?
      මෙන්න මූව මගින් හලලා යමන් බං..:P

      Delete
    4. ඇයි ෂෙරින් අක්කා..අසිතයියත් දවල් වෙනකන් බුදිය ගන්න එකේ මම ෂෙරින් අක්කව බලා ගන්නම්

      Delete
    5. //බැහැල බස් එකේ වරෙං...ඒක ඇඟට ගුණයි මෙන්ඩෝ :D//
      +++++++++++++++
      පත්තරේ ෂුවර් එකටම බාර් එකේ බඩු ටික කැබ් එකේ ඇත්තේ .නැත්නම් මෙන්ඩා මොන ලබ්බකට මේ උදේ පාන්දර දුක් විඳිනවාද ? හැක් හැක්

      Delete
    6. මෙන්ඩ, උඹ මොනා කරනවද යකෝ ඒක අස්සෙ? චිහ් මම දොර ලොක් නොකරද තිබ්බෙ කලින් බාර් එක ගාව නැවැත්තුවම!

      ප/ම - මේව වයිපර් දැම්මම විතරක් හය්යෙන් යන එව්ව නෙමේ හරී..

      මෙන්ඩව ෂෙරීන් බලාගන්න යවමු, නත්තලා ආයි එන්නෙ නැතෑ!

      සින්දු, අන්න සීන් එක, එක විස්කි බෝතලයක්ද කොහෙද තිබ්බනෙ.

      Delete
    7. //මේව වයිපර් දැම්මම විතරක් හය්යෙන් යන එව්ව නෙමේ හරී //

      හුකෑස් :D :D

      Delete
  13. අර කිව්වත් වගේ තරුණ කම් බේරෙනවා.... හහ් හහ් හ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලේ! බොලාට දහයට දොළහට ගියා වගේ ලියන්න ඇහැක්න'න් අපිටත් බැරිද කියල බැලුවෙ. ම්හු...එච්චර බාල වෙන්න අමාරුයි බං

      Delete
  14. දැන් කෙස් එක ෆයිල් වෙන ආකාරයට මේ වෙද්දී උඹ ගැටගහලා . ඒ නිසා කොරන්න් දෙයක් නෑ වගේ.
    උඹ පොත් ලියන්න ගත්තනම් සුජීව ප්‍රසන්න ආරච්චියි , කුමාර කරුනාරත්නටයි ඇඩ්රස් නැතුව යනවා ... ෆුල්ම රොමැන්ටික්

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලගෙ අයිතිකාරයා කුංෆු කාරයෙක් උනානං :D

      ඕං අපේ ඉවානය නං දන්නව ඒකෙ ෂැප !! ඕ යේස්

      Delete
    2. ඇඟ ඉදිමුනේ එහෙමද?

      Delete
    3. බැන්ඩේජ් ගැලෙව්වට ඉදිමුම එහෙමමයි අප්පා. පව් අහිංසකයා !!! අපි කිව්වා. ඇහුවයෑ..චැහ්

      Delete
    4. එතකොට ඔය කන්ස්ට්‍රක්ශන් කම්පනිවලින් හදන තාර පාරෙ සුදු ඉර වගේ බැබලෙන දත් ටික කොහෙන්ද ආපහු දා ගත්තෙ?

      Delete
    5. ඇයි ඒ විතරයැ බොලව්..සිළුනි කුකුල්ලු මරනවා නම් ඒකත් අප්සැට් නේ!
      නේද ඉවාන්? :P

      Delete
    6. හෙහ් හෙහ් ...අපි සැලෙයි ඕවට ....

      Delete
    7. ඉවාන්,

      හෙහ්.. හෙහ්.. මුරුංගා ලකුන හයිස්පීඩ් එලිවේටර් සපයන්නෝ..ඉවාන් පවුලූෂා සහ xx ( පුත්තු ද දූලද බං ).

      ඔය කඩප්පුලියන්ගෙ කතාවලට උඹම උත්තර දියන්, අපි දන්නෙ නෑ ඕව ඔන්න.

      Delete
  15. නියම උපමා ටිකක් දාල ලස්සනට ලියල තියෙන්නෙ එක හුස්මට කියවං යන්න පුලුවන් විදියට.
    ෂෙරින් අර මල්ලෙං ෆෝන් එක හොයල ගන්නකොට පාගොඩ ඉඳල ගල්කිස්සට පයින් ගිහිල්ල එන්න තරං වෙලාවක් යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. // කැබ් එකේ හෙඩ් ලයිට් වැදිල තිබ්බෙ කළු ගේට්ටු පළුවට //

      අම්මප මං හිතුවෙ ෂෙල් එකයි බෆර් එකයිත් ගේට්ටු පළුවෙ කියල :D අර විදානෙය වාගෙ .

      Delete
    2. //ෂෙරීන් එහෙම කිව්වම බ්‍රෙක් පැඩ්ල් එක උඩ තිබ්බ මගෙ කකුල තව පහලට තද උනා.//
      කොහ‍ොමද ඇක්සල‍ේටරේ උඩ එහෙම කකුළ තියාගෙන හිටියනං. :D

      Delete
    3. එහෙනං වෑන් එක ගෙයි සාලෙටම ගන්න තිබුණ බං.. :D අර සිළුනිව කලුවරේ ඇවිද්දවන්නෙ නැතුව ..චැහ්

      Delete
    4. අම්මප මං හිතුවෙ ෂෙල් එකයි බෆර් එකයිත් ගේට්ටු පළුවෙ කියල :D අර විදානෙය වාගෙ .
      ඇර කට ගල් කාලක් වක් කරන්න

      Delete
    5. ප්‍රසා,

      ෂෙරීන් නෙමේ අපේ හාමිනෙත් එහෙමම තමා. මම ඒකෙ යමක් හොයන්න අත දාන්නෙ නෑ බයට.


      ප/ම, අපි හොඳ රියදුරෝ මල්ලි හරිද. දහ අට වංගුව ගන්නව තේක පීරිසියටදාල බිව්වත් හැලෙන්නෙ නැති වෙන ගානට.


      ප්‍රසා, අවුලක් නෑ බං, නියුට්‍රල් එකේ තිබ්බෙ.

      ප/ම, උඹට ඩෝප්ද කැබ් එක වෑන් එක උනේ ඒ ටිකට?

      මූ ගල් කියල විනාකිරි දායි පරෙස්සමෙන් ප.ම

      Delete
  16. ///"එතකොට මේ වටේ ගෙවල් වල ඔක්කොමත් යනවද අපි එක්ක දැන්?"///

    උඹ වගේ හරි අපුරු උපමා උපමේය පාවිච්චි කරන මගේ යාළුවෙක්ව මතක් වුනා...
    කතාව නියමයි...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ මං ගැනමද දන්නෙත් නෑ..හැක්..

      Delete
  17. විනීත රියදුරන් සාදරයෙන් පිළිගනිමු

    = ගල්කිස්ස නගර සභාව =

    ReplyDelete
    Replies
    1. විනීත ලර්නස් එකේ නෙමේ බං, මං මනහර ලර්නස් එකෙන් ඉගෙන ගත්තෙ. "මනහර රියදුරන් සාදරයෙන් පිළිගමු", කිව්වනං එළ.

      Delete
  18. //"හිත හීලා නෑ....හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා....."

    එක පාරෙන්ම මම බන්දුල විජේවීරගෙ ගෙ කරච්චලේ නවත්තල දැම්ම..// උඹ නවත්තල දැම්ම කියුවට මට මේ වෙලාවේ ඇහෙන්නෙම ඒ සින්දුව.. කාලෙකට පස්සේ මලක් ගැහුවා වගේ..
    රඹුටං බය නොවුනට ටකේ හොල්ලද්දි රඹුටනුත් හෙල්ලෙනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඕං බලහං කමියො.. හොඳ ගෙඩි කන්නෙම වවුල්ලු නෙවැ :D

      Delete
    2. ඈ බොල. උඹ ඉන්දිකයට වවුලයි කියුව නේද එහෙනම්? (ඒ වගේ තමයි. හැහ්.. )

      Delete
    3. ක.මි,

      රෑ තුන් යාමෙට xx නැගිටින්නේ... නැගිටිනකොට ටකේ වදින්නේ.. හැක්..හැක්..

      වවුලට වවුල නොකිය කොවුල කියන්නය බං, ඌ හරි. පත්තර මල්ලිට ඔය කතාව කිව්වෙ උගෙ වයිෆ් එක්ක ඕක යනව දැකපු ගෙවල් පැත්තෙ එකෙක්ලු

      Delete
  19. කාලෙකින් ඔන්න මාත් ආවා. වසන්ත හිතුවට වඩා හොඳයි නෙහ්

    ReplyDelete
    Replies
    1. වසත් කාලය මනරම් කියන්නෙ නිකන්යැ?

      Delete
  20. " සුළඟ වගේ ඇවිදින් "මතක් උණා බොසා !!!

    ඉෂ්ටැයිල් එක නං ටොප්.. රෙෂ්පා

    ReplyDelete
    Replies
    1. තරැනයා පත්තරේ දිනේෂ කොලඔගේට පිං සිද්ද වෙන්න වැඩිමල් අක්කලා දෙකක් යාලු කර ගත්තා

      Delete
    2. ප.ම, හිටහන් එහෙනං ඊළඟ ටිකත් ඉක්මනට ලියන්න. උඹල ඔහොම කියනකොට නිකන් ආඩම්බර හිතිල මේක ලියන්නැතුව කෙලිම්ම පොතක් ගහනවදෝ කියලත් හිතෙනව බං...හැක්...හැක්...

      මෙන්ඩ, සඳුව මේව දන්නවනං උඹට බ්‍රා එකයි පෑන්ඩ්ටියයි අන්දල පයින් යවනව...හැක්...

      Delete
  21. අනංගයා මගේ ජොබ් එකට කෙළියා..මම හෙට ඉඳන් ගාමන්ට් එකක වැඩට යනවා..

    - මීට මාතළී -

    ReplyDelete
    Replies
    1. අර එළ ද බ්‍රා මෙන්ඩියගෙ එකට යන්න කියහං.

      Delete
    2. ප/ම,

      අනංගය රියදුරා වෙන්නෙ මාතලී කොටු පනින්න බලන හින්දයි කියන්නෙ.

      ප්‍රස, ඒකට ගියානම් මාතළි අනංගය වෙනව. පේනවනෙ එකෙක් ඔය ඉන්නෙ.

      Delete
  22. කොහේද ඕයි මේ සිරා රයිටින් ස්ටයිල් එක මෙච්චර කල් තිබ්බේ . . . සිරා සිරා . . අනිත් කෑල්ල ලියලා දාන කම් බලන් ඉන්නම් ඈ . .

    ReplyDelete
    Replies
    1. දුකා, තැන්කූ මචෝ, ඒත් ඉතින් මේව බොලාගෙ අර පරණ කතා වගේ රහක් කොහෙද බං. නිකං පැතලියට සෙවලෙටනෙ ලියන්නෙ. මට නොකිය උඹ ඒ රහ කතාවක් ලියහන්...හ්ම්..


      දුමී, දැන් කොයි කෑල්ලටද ලයික් කියහන්?


      බයිද වේ, උබල දෙන්න මේ කතා ටික දැක්කද? මේවට ආපු කමෙන්ට් තමා මෙහෙම ලියන්න පාර කිව්වෙ.

      හිතට කෙටූ අකුණ...!

      ඔබ මෙය පිළිගනියිද.......?

      වැලන්ටයින්....!

      Delete
    2. මගේ පරන කතා ඉතින් සුජීව ප්‍රසන්න ආරච්චිගේ වගේ මෙලෝ රහක් නැති මල ජරවනේ . .මේහ් මේවා වෙන කවුරුත් කිව්ව ඒවා නෙමේ තෝම කියපුවා හරිය

      අර පෝස්ට් ටික නිවාඩු පාඩුවේ කියවනන්ම් මචෝ . . . ඔලුව උස්සන්න බැරි ගාන වැඩ

      Delete
    3. අඩෝ උඹට ඒ කිව්වෙ අර එක පෝස්ට් එහෙකටනෙ යකෝ. ඒ උනාට එහෙම කිව්වට ඒකට, අදටත් බ්ලොග්වල මගෙ ප්‍රියතම කතාව උඹෙ "එපා හිරු පායන්න" හරිද ( මන් වසන්ත පිටුවෙත් ඒක දැම්ම ඩෝ )

      Delete
  23. ///, මුතුබෙල්ලෙක් අරන් කිමිදිල මතුවෙන මිනිහෙක් වගේ එයත් ෆෝන් එක අරගෙන හුස්මක් ඇරල කොන්ද කෙලින් කරාමයි.
    ////
    ඕක අපේ අම්මත් කරනවා.

    //ටකේ සද්දෙට වවුලො මිසක් රඹුටන් භයවෙන්නෙ නෑනෙ!/// මරු කෑලි ඔයා එකතු කරන්නේ ඔයාගේ කතා වලට ඒකයි මන් අස ගොඩක්...

    මේක තව කොටස් ලියන්න පුළුවන් කතාව කියවද්දී මාත් වාහනේක යනවා වගේ එල..

    ReplyDelete
    Replies
    1. ඇයි ඔමාට හෑන්ඩ් බෑග් එකක් නෑ?

      ස්තූතියි අගය කිරීමට. ඔව් මේක තව ටිකක් දිගයි. බලමු අග...

      Delete
  24. මාර ලස්සනට කතාව ලියල තියෙනව ඉන්දික අයියෙ. මුළු කතාවම මැවිලා පෙනුණ නියමයි. තවත් ලස්සන කතාවක් ලියනකන් බලන ඉන්නවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්යු මනා. උඹල මීට කලින් මල්පත්තරයක්වත් කිය්වල නැද්ද බන්, මේ පල් හෑල්ල්ල මේතරම් රහයි කියන්නෙ. මුන් මාව අන්දනවද මන්ද :(

      Delete
    2. රහ දේට රහයි කියන්න ඕනෙනේ :D. ඔහොම හැම කෙනාටම රහට ලියන්න බැහැනෙ. අන්දන්න කීව එකක් නෙමෙයි :D

      Delete
    3. එළ බං...මට නිකන් සැකෙන් උන්නෙ. හැක්

      Delete
  25. එක කතාවක අවසානයක් තවත් කතාවක ආරම්භයකි.
    එක කතාවක මැදින් නවත්වන තැන සිට ද තවත් කතාවක් ඇරඹිය හැක!

    ReplyDelete
    Replies
    1. හැම කතාවකම අවසානය තවත් කතාවක ආරම්භය තමා, ඒත් මැදින් පටන් ගන්න එක අවුල් වෙන්න ඇහැකි..හෙහ් හෙහ්

      Delete
  26. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
  27. කොටස් ගොඩක් තියන කතාවක්ද? තව මංගල්‍ය අවස්ථා කීයක් එනවද? මම කැමති මේ වගේ කතා අනික් බ්ලොග් බලලා ඉවරවෙලා බලන්න. ඒ නිසා තව දිගට ලියන්න.

    ReplyDelete
    Replies
    1. චැහ්...ලොක්ක මට මහ පල් එකක්නෙ දැම්මෙ මේව අන්තිමට බලන්නෙ කියල. හරි දුකයි ඈ.....

      Delete
  28. අඩේ කලින් පෝස්ට් එකට සබ් කොමන්ට් එකක් දම දමා ඉන්නකොට අපේ ගෙදරට බ්ලොගර් කෙනෙක් ආවා කොහේ ඉතින් මම ගියා නෙව ඇන්ටෙනාවක් මවුන්ට් කරන්න ඒ ගමන්.

    උඹගේ සිළුනි නංගියා යහතින් ඉන්නවද බං තාම. කතාව පටන් ගන්න හැටියෙන් පේන්නේ සිළුනි වෙලා වගේ. මරු මේකේ ලැන්වේජ් ස්ටයිල් එකත්. උඹ නිකම් දිනේශ් කොළඹගේ වගේ වෙලා...

    ReplyDelete
    Replies
    1. උඹ ඇන්ටෙනාත් හයිකරනවද බං? යකෙක්නෙ! බොලාගෙ කතා ඇහුනොත් දිනෙෂය වහ බොනව යකෝ

      Delete
  29. උපමා උපමේය ගැන නම් කියල වැඩක් නෑ.... නියමයි...

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ තැන්ක්යූ....

      Delete
    2. ලාමක ඉන්නේ කොහෙද කියා
      හොයනවා මන් මේ බෝගේ පුරා
      ලක්සන ලෝකයේ මගේ සුදු ආදරේ
      සොයමි ජිවිතේ මන්ඔයාගේ පී පියා

      Delete
    3. උඹ බූට් එක තිබ්බ කෙල්ලෙක්ද බං මේ ඇනෝ ? යන යන තැන පස්සෙ එන්නෙ!

      Delete
  30. මේ වගේ සත්‍ය කථාවක් කියවද්දි කථාව ඇතුලෙ අපිත් ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා. ලස්සන කෙල්ලෙක් ඔය කාලෙට පොඩි සිනහවක් දුන්නත් දැනෙන ජොලිය ගැන මොනවටද අමුතුවෙන් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරා මල්ලි, බ්ලොග් වසන්තෙට සම්බන්ධ වෙයන්....!

      මෙන්න ගෲප් එක, ජොඉන් වෙන්න....!

      https://www.facebook.com/groups/693226280782347/

      Delete
    2. ආරාධනාවට ස්තූතියි අයියා...මම බලන්නං...

      Delete
    3. සිරා...අන්න කතාව. ඒ කාලෙට බැලුවත් ඇති තමා බං...

      Delete
  31. සුපිරියි සිංහයෝ ....එක හුස්මට කියෙව්වා .බොලොග් එකක් කියවන්න වෙලාවක් නැතිව හිටියේ පහු ගිය ටිකේ ..

    //මුංගෙ ෆොටෝ ෂූට් එකට කලින් වහීවිද මන්ද පැලෙන්න.!!
    මට හිතුනට කිව්වෙ නැත්තෙ නිකන් මොකටද ඉල්ලන් තාරුකා පාත් කරගන්නෙ කියල.//
    මටත් මෙන්න මේ ලෙඩේ තියනවා ...වයිෆයි දැන් කලින්ම මාව අප්ඩේට් කරනවා තමුසේ මොනවත් කියනවහෙම නෙවෙයි කියලා ..හැක් හැක්


    සඟවා සිතිවිලි සඟවා
    ඔබ මා සඳ තරු එළියේ
    සෙවණේ පෙම් සැණකෙළියේ
    ඔබ මා යළි හමුවෙනවා...
    මගේ මනෝමය සුරංගනා ලොව
    නඳුන් විමානේ හමුවෙනවා...
    ඔබ මා සඳ තරු එළියේ
    සෙවණේ යළි හමුවෙනවා...

    මා හැඟුම් දවා
    රාව දුන්න පෙම් ගීතේ
    මා මුවින් නොකී
    හංස ගීත සංගීතේ
    රැව් දි දී ළයේ හැංගිලා තියේ
    අපේ සුපෙම් ගීතේ...

    මා මනෝ ලොවේ
    රෑන රෑන සියොතුන්ගේ
    චාරිකා පුරා
    පෙම් කතාව ලියැවෙන්නේ
    ඒ කතා පොතේ මුමුණමින් ඇසේ
    අපේ සුපෙම් ගීතේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : නීලා වික්‍රමසිංහ
    යුග ගායනය : නීලා වික්‍රමසිංහ සහ මෙරිල් ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. සිරා සින්දුව. මම මේක අහල තිබ්බෙ නෑනෙ!

      ඔව් බං, මටත් ඔහොමම අපේ උන්දැ තාම කියනව. කට තමා නරක කියල මට පොඩි කාලෙ ඉඳම්ම කිව්වෙ ටීචර්ලත්. ඒ වස් වැදිලද මන්ද දත් ටිකත් අමුතු උනා බන් පස්සෙ.

      Delete
  32. පූසන්ට රෑට ඇස් පේන එකේ වාසිය මේකයි. ටකේ හෙල්ලුවහම රඹුටන් බය නැති කතාවත් ඒ කාලෙම දැනගෙන ඉදල.
    පරණ සීන් එකක් මතක් වෙලා ලියද්දි නියම උපමා ගලාගෙන එනව නේද ?

    ReplyDelete
    Replies
    1. පරණ සීන් වල කිමිදෙන එක බං නිකන් ෆැන්ට පූල් එහෙක නාල ඇවිත් ගැටෝ කෑල්ලක් කනව වගේ ආතල් සීන් එකක් තමා.

      Delete
    2. කැලෑ පූසා ද පූසෙකි … එකෙන්ම :D ඕ යේස්.

      Delete
  33. නංගිගේ මගුල අස්සේ අයියා මොන මගුලක් කරන්නද යන්නේ ?

    ReplyDelete
  34. මේකට තුන්පාරක් කමෙන්ට් කෙටුව. තුනම ගියා කොහේදෝ. කෙටියෙන් කිව්වොත් මේ සිංහ ධේනුව නෙවේ. එහෙනං වැඩේ හබක්!

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ ඉන්නෙ සිළුනි කිව්වට ඒ මම සිළුනි නම් නමින් හඳුන්වන ඇයයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසහන්.

      Delete
    2. අම්මට සිරි එහෙමද!

      Delete
  35. "සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."

    "ෂෙරීන් එහෙම කිව්වම බ්‍රෙක් පැඩ්ල් එක උඩ තිබ්බ මගෙ කකුල තව පහලට තද උනා."
    වෙලාවට බේරේක් එක පෑගුනේ...නැත්නම් හරි ජOජාලයක් වෙන්නෙ නෙද..?

    ReplyDelete
  36. "සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."

    "ෂෙරීන් එහෙම කිව්වම බ්‍රෙක් පැඩ්ල් එක උඩ තිබ්බ මගෙ කකුල තව පහලට තද උනා."
    වෙලාවට බේරේක් එක පෑගුනේ...නැත්නම් හරි ජOජාලයක් වෙන්නෙ නෙද..?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails