Wednesday, December 31, 2014

සමාන්තර විශ්වයක ගැයෙන සමුගැනීමේ ගීය...! Good bye Mr.


උපනෙමි ඔබගෙ කුස මෙලෙසින් පිරි රුසිරු
දැරුවෙමි කිරුළ විදිමින් සැම රජ ඉසුරු
සුරකිමි ඔ‍බගෙ දරු කැල බිදිමින් සතුරු
හැරයමි අද දුකින් ඔබ ලක් මවුණි ගරු

නොවහිම් යසස් දැරු සිරිලක් මෑණියනි
නමදිමි මහත් ගුණ ඔබ සිහිකර නිතිනි
රජකම් කලත් කලකම් පලදෙන බැවිනි
මෙතරම් දුකක් සිදුවිය මගෙ පෙර පවිනි

අහෝ! ගනදුරයි අද පෙරදිග මැණික
හො හෝ හඩ නැගෙයි හදවතෙහි ටික ටික
සහෝදර පිරිසගෙන් පැමිණි මේ දුක
කොහෝමත් විදිමි මම සතුටින් නිසැක

විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු
නෙතින් කදුලු නොහෙලමි දිවි ති‍බෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුණි ගරු



ස්වකීය අව රාජ්‍යතාන්ත්‍රික දැණුම සහ අත්දැකීම් මඳකම නිසාම සිංහලද්වීපය සහ රාජ්‍ය පාළනය අවුලෙන් අවුලට පත්කරමින්, බ්‍රිතාන්‍යන්ගේ පිහිටෙන් පණ බේරාගත් සිංහලේ අවසන් රජුට සිතුනායැයි හැඟෙන මේ කතෘ අඥාත කවි පන්තිය ඔබ මෙයට පෙර අසා ඇතිබවට සැකයක් නැත!

නුදුරේදීම කැබලි වී, තවත් එක් මුස්ලිම් කොදෙව්වක් වන්නට තිබූ රටක්, ඒ විනාසයෙන් බේරීමේ දෛවෝපගත සිදුවීම් පෙළකට මඟ හෙලිකරමින්, මෙම කවි සිතින් ගයමින් ඒ අමන රජු ලංකාවෙන් පිටව යන මොහොතේ සමාන්තර විශ්වයේ වෙනත් තැනෙක අපූරු සිදුවීමක් සිදුවෙමින් තිබින.

ඒ සින්ග්ලංකා නම් දූවක, 2015 ජැනුවරි 13 නම් දිනක් දැක්වෙන සන්ධ්‍යාවෙකි. බැසයන හිරුත් සමගම එරටෙහි දකුණු දිග වෙරලාසන්නයෙන් ඈතට ඇදෙන, තරු ලකුන ගත් යුධ නෞකාවෙක ආරක්ෂාව සහිත සුඛෝපභොගී යොට් යාත්‍රාවෙක තට්ටුව මත, මඳක් බමණ මතින්, මධුවිතක් අතැතිව සිටින අඳුරු වතින් යුත් ප්‍රතාපවත් පුරුෂයෙකි.

ඔහුට මඳක් ඈතින් බිළාලයකු සිහිකෙරෙන වතින් යුත්, හඬමින් සිටින කාන්තාවට පමණක් නොව ඈතින් පාවෙන නෞකාවේ සිටිනා නූස් කහපැහැති මිනිසුන්ටද ඇසෙන සේ හේ යම් ගීයක් බෙරිහන් දෙයි.


සැයු. මේ අපට සමාන්තර විශ්වයක 1816 ජනේරු දිනෙක සිදුවූ සිදුවීමක් බව නැවත සිහිතබාගන්න.


මෛත්‍රී........ මෛත්‍රී........
ඔබව අමතක වෙන්නෙ නෑ
මෛත්‍රී........ මෛත්‍රී........
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ....

ඔබෙ රට සිරි ලංක දූවයි හරිම අලංකාරයි
මගේ රට දැන් සුවාලන්තය මට හරිම ආසයි

දිනල යුද්ධය, ඔබේ රට හැර - ආවෙ මෙහේ රටටයි
ගහපු සල්ලිත්.. තියල ආවෙ මම -  දිනෙක යළි එන්නයි

දැන් යුද්දෙ අවසාන උනා...
මට යලි එහෙ යන්න උනා

මෛත්‍රී...මෛත්‍රී.....

පිල්ලු කොටියෙදි සවස් කාලෙට - පවුල එකතුවෙලා
අනාගතෙ ගැන සිහින මැව් හැටි - දුකයි මතක් වෙලා

රටේ බූරුවො, ඔබට හැර රට - දෙන්න බැහැ කියලා
කිව් නිසයි මගෙ, ආදරියෙ මම -  යන්නෙ ඔබ දාලා

දැන් යුද්දෙ අවසාන උනා....
මට ඔබ හැර යන්න උනා...

මෛත්‍රී...මෛත්‍රී...

ඔබ වගේ මම, මගේ මව්පියො - දෙගුරුන් සලකනවා
ඔබ වගේ මම, මගේ රටටත් - ජීවිතේ දෙනවා
ඔබ වගේ මම,  මමත් ඔබ ගැන - කඳුලු වගුරනවා
ගඟට කැපු ඉනි, දිහා බලලා - පසුතැවිලි වෙනවා

දැන් යුද්දෙ අවසාන උනා....
මට ඔබ හැර යන්න උනා...

මෛත්‍රී...මෛත්‍රී...
මෛත්‍රී...මෛත්‍රී...


ආස්චර්‍යකින් මෙන් ඒ ගීයෙ තනුවට හා පදවලට සමාන තවත් ගීයක්, ඊට වසර එකසිය පණහකට පමන පසු එළඹෙන දිනෙක, එවකට සිලෝන් නම් ලත් දිවයිනෙහි MS නම් ගායකයෙක් ගයන්නේය. ඒ MS ගේ ගීතය ඔහුගේ පුතෙකු විසින් ඊටත් පසුව ගැයූ අයුරුයි මේ.


ඔබ සැමට එළඹෙන 2015 වසර සුභ නව වෙනසක් වේවා....!

53 comments:

  1. හෙහ් හෙහ් හෙහ් .......................එහම නැගලා යන්නවත් පුළුවන් වුනොත් ඇති. 2015 අවුරුද්දේ යුද හමුදා කැලැන්ඩරේ සෑම මාසයකටම යොදලා තියෙන්නේ අපේ වීර රජවරුන්ගේ පින්තූර. දෙසැම්බර් මාසයට අදාළ පිටුවේ තියෙන්නේ කොයි රජතුමාගේ පින්තූරයද කියලා දන්නවද? 'රස්සු පිජා'

    ReplyDelete
    Replies
    1. ඔව් දැක්ක. මනුස්සයගෙ බලේ ඉහට ගහල බලේට ගෙනා උනුත් අමතක වෙලා.

      Delete
  2. http://www.gossiplankahotnews.com/2014/12/sri-lanka-army-calendar-2015.html

    ReplyDelete
  3. මෛත්රි යුගේ - අද හෙටම එළඹෙනා
    ලක්දිව සුදන හැමා - ජයගොසින් තුටුවෙනා...
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඇල්ටෝව අරා - අපේ විරු පැරා
    ලේක්-හවුසියට යනා - දිනමිණ කතුව වැජඹෙනා...
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    පෑණෙන් විකුම් පපා - අපේ කතු තුමා
    බොහෝ කල් පුරා - රට දැය රකින සැටි බලා...
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    රටට වැඩ දිදී - දෙවියොත් නමට වඳී
    අපේ කතු පැරා - ලක්දිව රකින සුමිතුරා...
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    .
    අනාගත දිනමිණ කතෘ අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමාට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්...සුමියුරු විරිදුව ඔබ වෙත ගෙන ආවේ...දේව සාපයේ....අහ-වළා!

      Delete
  4. ජනමතය හරියට ප්‍රකාෂ උනොත් රජාට සදා සොත්ති බවන්තුතේ තමයි.. ආමි එකේ කොල්ලෝ තැපල් ඡන්ද දාලා තියෙන්නේ ඔෆිසර්ලට පෙන්නලා..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එන්නකෝ මාතලන් !

      Delete
    2. My3 එනවා කියන්නේ දැන් අළු යට තියෙන ගිනි පුපුරු වලට හුලන් වදිනවා කියන එක එතකොට ඔය ඔෆිසර්ලට පෙන්නලා My3 තැපල් ඡන්ද දාපු ආමි එකේ කොල්ලෝනටම තමයි පෙට්ටිවල බැහැලා දකුණට එන්න වෙන්නේ. සැබෑ ජීවිතයේ ගන්නා තීරණ undo කල නොහැක.

      Delete
    3. ඉදිරි 25 වසර තුළ මේ රටේ අභ්‍යන්තර සන්නද්ධ අරගලයක් ඇතිවෙන්නේ නැහැ. එවැන්නක් ඇතිවීමට අවශ්‍ය සාධක එකිනෙකට බද්ධ වීම, (බෝම්බයක් පුපුරන්නට යම්කිසි යාන්ත්‍රණයක් ඒකාබද්ධ කලයුතුවාක් මෙන්) ඉදිරි වසර 25 තුළ සිදුවන්නේ නැහැ. බෙදුම්වාදය කරපින්නාගත් අයත් දේශපාලන අරගල කිරීම තමයි සිදුවන්නේ. බල තන්හාව සහ පක්ෂ භේදය තිබෙනතුරු සන්නද්ධ අරගල ඇතිවන්නේ නැහැ. මෙහෙම කියන මා තව වසර කීපයකින් මැරිලා යයි. හැකිනම් මේ කියමන සුරැකිව තබාගන්න.

      Delete
    4. මාතේ මොකද කියන්නේ බෝතලයක් ඔට්ටුයි , My3 තැපැල් ඡන්දෙත් පරදිනව , හැබැයි ඔන්න හොර ඡන්ද දාල කියල කියන්ඩ බැ හරිද

      Delete
    5. විචාරක මහත්තයෝ ඕවා සිදුවෙන්නේ මෙහෙමයි. my3 ප්‍රමුක කණ්ඩායමට බලය ගියොත් TNA එකේ සහ අර මුස්ලිම් බෙදුම්වාදෙන්ගේ අරමුණ අනුව වැඩ වෙනවා. ඒ අරමුණු ඔබට උගන්වන්න ඕන නැහැ නේ. ඔබ තුමන්ලා යුද්ධ කරලා දිනුවට ඊළාම් සංකල්පය පැරදුනේ නැහැ. ඒවා ඔබතුමා හමුදාවට බැඳෙන්න කලින් තියා ඔබතුමා ඉපදුන කාලෙත් තිබුනා හෙටත් තියෙනවා. එකට විසදුමක් ඕන. විසදුම කියලා ඊලම දීල හරියන්නේ නැහැ. ඔය ඉල්ලන my3 ප්‍රමුක කණ්ඩායම අතින් රට බෙදුනාම ඉන්පසු දේශසීමා ප්‍රශ්න එනවා.ඔන්න ආපහු දකුණට පෙට්ටි එන පොයින්ට් එක. කොහොමත් ඒක වෙනකොට 2025 විතර වේවි. ඔබතුමා නොහිටියත් දරු මුනුපුරෝ මෙහෙ ඉන්න එපයි.නැත්නම් වෙන රටකට ගිහින් කල්ලතෝනි වෙන්න එපයි.

      Delete
    6. මාතලන්, රජා සොත්ති වෙලා මෙදා!

      ඇනෝ, ඇයි මතක නැද්ද මාත කිව්ව උගෙ ඡන්දෙ "දිනන පැත්තට" කියල?

      මකසි, අපි බෙහෙත් ගහල වල් මැරුවට වැඩ නෑ කුඹුරෙ වෙන පලක් ඇති දෙයක් වවන්නෙ නැතුව. ආයි වල් එනව එතකොට.

      විචාරක, ඔව් යුද්ධයකට ආයි යන්නෙ නෑ දෙමළ සංවිධාන, හැබැයි මුස්ලිම් ගැන ෂුවර් නෑ!

      අටම, උඹ හිතුවද මාතලන් බෝතල් පත්තර කාරයෙක් කියල?

      මකසි, මුස්ලිම් බෙදුම්වාදය ඔසවන එක වලකන්න පහුගිය කාලෙ මේ ආන්ඩුව කල එක හොඳ දෙයක් කියන්න පුලුවන්ද?

      Delete
    7. ආණ්ඩුව එක්ක ඉන්නකං දෙමළ සංධානය සහ මුස්ලිම් කොංග්‍රසය ඉතාම හොඳයි...ආණ්ඩුවෙ එළියට බැස්සම දේශද්‍රෝහීන්ලු...මොකක්ද මේ විහිළුව...

      Delete
  5. සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
  6. ආමි එකේ කොල්ලෝ තැපල් ඡන්ද දාලා තියෙන්නේ ඔෆිසර්ලට පෙන්නලා..

    ජාතිය විකුණාගන කෑම කියන එක තාම තේරුම් අරන් නෑ අපේ රටේ සමහර මිනිස්සු. මහින්ද ඇර වෙනත් දේශ හිතෛශීන් සිටිත්ද?

    ReplyDelete
    Replies
    1. My3 එනවා කියන්නේ දැන් අළු යට තියෙන ගිනි පුපුරු වලට හුලන් වදිනවා කියන එක එතකොට ඔය ඔෆිසර්ලට පෙන්නලා My3 තැපල් ඡන්ද දාපු ආමි එකේ කොල්ලෝනටම තමයි පෙට්ටිවල බැහැලා දකුණට එන්න වෙන්නේ. සැබෑ ජීවිතයේ ගන්නා තීරණ undo කල නොහැක.

      Delete
    2. හෙනහුරා,

      ජාතිය ගලවා ගැනීම සහ ජාතිය ගලවා-ගැනීම කියන දෙක අතර වෙනස සමහරුන්ට පේනව අඩුයි!

      Delete
  7. මේ පවතින සිස්ටම් එක ඇතුලේ මිනිහෙකුට අසීමිත බලයක් ලැබුනම වෙන දේ තමයි මේ.ඒකත් ජීවිතේ ගොඩක් ඇරියස් තිබෙන මිනිහෙකුට ලැබුනම අති භයානකයි .මිනිස්සුන්ගේ කර මතින් වීරයෙක් වගේ ආපු ප්‍රේමදාස මැරුණම ඒ මිනිස්සුම රතිඥඥා පත්තු කලේ බලයෙන් මත්වෙන නායකයෙකුට අන්තිමේ හිමි වන තැන කියා දෙමින්.ඉතිහාසය රවුමේ යනවනෙ, එදා ප්‍රේමදාසට එරෙහිව ජනතාවට නායකත්වය දීපු මහින්ද අද ඉන්නෙ එදා ප්‍රේමදාස හිටපු තැන .ඉතිහාසෙ සරදම් කරන අපුරුව.මයිත්‍රීට කියල වෙනසක් නැහැ සිස්ටම් එකේ වෙනසක් නොකලොත් අද මහින්දගේ වශී බෝලෙ හෙට මයිත්‍රීට කරකවන්න වෙනව සිකුරුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. කරුමෙට ඇත්ත තිත්තයි!

      Delete
  8. බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මහින්ද පිළ:

    1. අපේ මාරයා අයියා
    2. මීමුරේ ණය මාමා
    3. අමුමිරිස් රනා
    4. මහා කලු කපු දෙන්නා

    බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මෛත්‍රි පිළ:

    1. පැරායියා
    2. රාජයියා
    3. ඉන්දිකයියා
    4. රසිකයියා
    5. බුවායියා
    6. විචාරක මාමා

    නිගමනය: හොරුන්, දූෂිතයින් තමන් වැනිම හොරුන්ට හා දූෂිතයන්ට සහයෝගය දක්වන අතර හොඳ මිනිස්සු හොඳ මිනිසුන්ට සහයෝගය දක්වති.

    ReplyDelete
    Replies
    1. හොඳ සැසඳීමක් .මිනිස්සු තම තම නැණ පමණින් තමයි පොලිටික්ස් උනත් තේරුම් ගන්නේ .මෙතන ප්‍රෝ මෛත්‍රි පිළට දාල තියෙන මිනිස්සු ටික තමුන් ජීවත් වන සමාජයේ හොඳ නමක් රඳවා ගත්තු ලෝකය තේරුම් ගන්න ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබපු රට ලෝකෙ ජයගත්තු උන්.මහින්දගෙ සෙට් එක හරියට අර නලාකරුවෝ සෙට් එක වගේ.මෛත්‍රිට පක්ෂව වෙනසක් වෙනුවෙන් හඬ නගන කලාකරුවෝ සෙට් එක අරන් බලන්න ගාමිණී වියන්ගොඩ මොහාන් රාජ් මඩවල කසුන් කල්හාර ඉන්ද්‍රචාප මැටි මෝල්ලු නොවී ලෝකය දිහා පුළුල්ව බලන තමුන්ගේ ක්ෂේත්‍රයේ විප්ලවීය විදිහට වෙනසක් කරපු කලාකරුවෝ.එතන සැබෑ ජවයක් !හැබැයි මහින්දගේ නාලාකාර සෙට් එක මාලනී නෝනා පොලිටික්ස් ගැන දන්නේ මොනාද ?සුදන්ත තිලකසිරි කියන්නේ නළුවෙක්ද ? ජැක්සන් ඇන්තනි පහුගිය කාලෙ කලේ මොනාද ?මෙතන ඉන්නේ පෙන්ෂන් ගිහින් අන්තිම කාලෙ කොහෙන් හරි සරණක් හොයන වල පයයි ගොඩ පයයි සෙට් එකක් සහ චොකා බයිලා මැටි මෝල්ලු සෙට් එකක් විතරයි.

      Delete
    2. මේ විග්‍රහය බ්ලොග් ලෝකෙන් එහා කොතනට ඇප්ලයි කරත් අවසාන ප්‍රථිඵලය වෙන්නෙ, උගත්, ලෝකය ගැන අත්දැකීම් ඇති බහුතරය විරුද්ධයි, එහෙම නොවෙන බහුතරය මහින්දට පක්ෂයි. ඒක ආණ්ඩුවත් දන්නව.

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ඔබටත් එසේම වේවා!!

      Delete
  10. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ඔබටත් එසේම වේවා!!

      Delete
  11. එහෙම යන්න දෙන්න පුලුවනිද?
    ඔය සමාන්තර විශ්වයේ නීතී, උසාවි හෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒව නිවාඩු. ඉතින් අර කහ කොට මිනිස්සු ඒව අරින්න කලින් ඇවිත්.

      Delete
  12. ඔහැක්
    බලමුකො ජාමෙ බේරන් කොහෙ යයිද කියල
    ඊටත් අර පච වංසට මක්කද වුනේ කියල මෙහෙ කොතනක වත් නෑ නෙව

    ReplyDelete
    Replies
    1. බුලත් පය්යට හෙන ගැහුවම හුණු කිල්ලෝටෙට මක්ක උනයි කියන්නෙයි ආයි?

      Delete
  13. සිංහ ගර්ජනා සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඉතිං ඩිවෝස් වෙන්න වෙයි බං...හෙහ් හෙහ්..

      උඹටත් සුභ නව වසරක්!!

      Delete
  14. සාමය, සතුට, සෞභාග්‍යය,ආදරය වැඩියෙන් ලැබෙන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූත්යි, උඹටත් එසේම වේවා...!

      Delete
  15. ලැබුවාවූ 2015 වර්ෂය ඔබගේ සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් බවට පත් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි, මනාටත් එසේම වේවා...!

      Delete
  16. සිංහ පවුලට සුබ නව වසරක්!!! :)

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිටත් එසේම වේවා...මොකෑ කුමාරය ගැන මුකුත්ම නොලියන්නෙ?

      Delete
  17. //විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
    උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු//

    පලමු පදයෙන් ශ්‍රී වික්‍රමරාජසිංහ කීවේයයි කවියා අදහස් කරන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා, මේ කමෙන්ට් එක ෆෝන් එකෙන් ඊයෙ ගෙදරදි දැක්ක ගමන් මට හිනා ගියා. ඔබේ විශිෂ්ඨ නිරීක්ෂන හැකියාව ගැන ප්‍රණාමය!!

      පිටුව්හල් කරනකොට රාජසිංහ ඔය ගැන ඩොයිලිට ( හෝ බ්‍රවුන්‍රිග්ට ) අවවාද කරයි කියලත් කියවෙනව නේද?

      Delete
  18. සමාන්තර විශ්වයක එහෙම උනත් මෙහේ එහෙම වෙන්නේ නෑ.. 2015 සුභ වේවා.. බ්ලොග් එක හැඩ කරන්න ඉඩ කඩ වැඩි වේවා!

    ReplyDelete
    Replies
    1. උඹල වගේ කළණ මිතුරො ඉන්නකල් මේව හැඩට තියේවි. ක.මි ටත් සුභ නව වසරක්!

      Delete
  19. තාම මම නම් ඉන්නේ ගැස්සෙන තැනක ... කවුරු දිනයිද කියලා විස්වාස නැහැ

    ReplyDelete
    Replies
    1. පාරෙ මැද්දෙ යන්න එපා, දෙපැත්තෙම එන වාහනවල හැපෙන්න පුළුවන්!

      Delete
  20. අලුත් අවුරුද්දෙ කියවපු හොඳම ලිපිය..

    සුබ නව වසරක් වේවා ඉන්දික අයියටත්..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මනෝ! උඹටත් 2015 සුභ නව වසරක්ම වේවා...!

      Delete
  21. සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලෙ හාමෝටම !!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...ඇමතුමක් දෙන්නං අද හවහට මලෙ.

      Delete
  22. පිරිසිදු නායකයකත්වයක් - මෛත්රී පාලනයක් 2015 වසර සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. සිරා මලයටත් 2015 සුභ නව වසරක් වේවා...!

      Delete

LinkWithin

Related Posts with Thumbnails