Tuesday, December 23, 2014

අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා.....! Brutal attacks of Sri Lankan police



අපි දන්නා ඉතිහාසයේ මැතිවරණයක් ප්‍රකාෂකර ඇති මොහොතක වෘත්තීය ආයතන සහ ශිෂ්‍යය ගැටුම් හැකිතරම් සාමකාමීව විසඳගැනීමට බලයේ සිටින ආන්ඩුව උත්සාහ ගත්තේය. ඉල්ලීම් නොදිය හැකිනම් අඩුමතරමේ ඡන්දය ඉවරවනතුරු කල් ඇදීමේ උපක්‍රමයක් හෝ ක්‍රියාත්මක විය.

නමුත්, ඉතිහාසයේ අතිශය තීරණාත්මක ගල උඩ මැතිවරණ සටනක අභිමුව පවතින් රජය හැසිරෙන්නේ එයට හාත්පසින්ම වෙනස් ලෙසකිනි.

පහත ඡායාරූප සියල්ලම පසුගිය දින කිහිපයක් තුල, දේශපාලනික නොවන උද්ඝෝෂන වෙනුවෙන් රජයෙන් කල පිළිතුරු සැපයීම්වේ.

කොටින්ම මේවා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියානම් මුග්ධ ක්‍රියාවලට එහා ගිය, රජයේ සෘජු ප්‍රචන්ඩත්වය ජනතාව මත මුදාහැරීම්ය!

මට ඇති බිය සහ මෙහි වඩා තැතිගන්වන කරුණ වනුයෙ, ඡන්දයට පෙර මෙහෙමනම්, ඡන්දෙන් පසු, එනම් මේ ආන්ඩුවම දිණුවෝතින් ඉන් පසු ඔවුන් අප මුදා හරින භීෂනය කෙතරම් ප්‍රභල විය හැකිද?

බලය උරගා බලන, මිනිසුන්ගේ අවධානය සහ කැමැත්ත ඉතා තීරණාත්මක මොහොතක මෙලෙස හැසිරෙන, යුධ අපරාධ වලට දේශීයව දන්ඩුවම් දෙන ක්‍රමයකට පවා විරුද්ධ පාළකයනි පිරිසක් වෙතින් අනාගතයේ අපට මොනවා ලැබෙනු ඇතිද?










පිහිටක් නෑති සරණක් නෑති
සතුටක් ඈති මුහුණක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ . . .


හබලක් නෑති ඔරුවක් ඈති
මිනිසුන් වෙති වෙරළක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ . . .

නිවනක් ඈති ගෙදරක් නෑති
ගමනක් වෙති වෙහෙසක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ . .

පින්තූර ලංකා ඊ නිව්ස් වෙතිනි.

58 comments:

  1. ඉන්දික, සියල්ල ඇස්පනා පිට පෙනෙන්න තියනවා. වත්මන් ජනපති යලි බලයට පත් නොකළ යුත්තේ ඇයි කියා, ඔහුම කරන කතා වලින් තීරණය කරන්න පුළුවන්. නමුත් අසම-සම-හරක් ගොඩක් වෙලාවට තමන්ගේ කතාව අවසන් කරන්නේ, මහින්ද මාමට වඩා කෙනෙක් මෙලොව සිටීද කියන කියමනෙන්. මොවුන් අනුන්ට ගරහන්න කලින්, තමන් කැටපතක් ඉදිරියට ගොස් බලාගත්තා නම් හොඳයි, අපේ රටවල් සියල්ලටම මෙසේ වන්නට හේතුව මොකක්ද කියා.

    ReplyDelete
    Replies
    1. රයිගම්,

      බොරුවට නිඩා ඉන්න උන් කෙළමෝලෙන් ඇන්නත් ඇහැරෙන්නෙ නෑ කියනවනෙ. තමන්ට ලැබෙන පොඩි වාසියක්, එහෙම නැත්තන් තමන්ගෙ කෙනෙක්ට ලැබිච්චි දෙයක් නිසා එහෙම නිදන උන් තමයි බහුතරය. අනෙක් ඩිංග පරම්පරාවට සහ උඩු රැවුළට.

      Delete
  2. සොහොන් ළකුණු....!!!

    ReplyDelete
  3. අලුත් දෙයක් නොවේ!
    අපේ කාලෙට පෙරත්, අපේ කාලේ දී ත්, ඉන් පසුවත් මේ වගේ පහරදීම් සිදුවුණා. එකම වෙනස ඒ කාලවල ඩිජිටල් කැමරා නොතිබීමයි.

    ReplyDelete
    Replies
    1. රසික, කැමරා නෙමෙයි අවුල, මේ ඡන්දෙ කටේ තියෙත්දිත් මෙහෙම ගහන්න අණ දෙන එකයි.

      Delete
    2. අපි මේ දේශපාලනේ කතා කරනවා. රසිකයා උගේ කාලේ ඩිජිටල් කැමරා තිබුණේ නෑ කියලා අඬනවා. ඒ කාලේ ගැහුවා නමුත් මෙහෙම ගැහුවේ නෑ බොරු සෝබන දාන්න එපා හලෝ.

      Delete
    3. @ඉන්දික,
      අර 1988 ජනාධිපති ඡන්දේ කාලේ මේ වගේ කේස් වුනේ නැතිද?
      මේ ගැහිල්ල නං ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරවන්න විදෙස් බලපෑම් නිසා පොලිස් උත්තුකරුවන් විසින් කරපු එකක් නේද?

      Delete
    4. @ඇනෝ,
      ඒ කාලේ ගැහැව්වේ නෑ, කෙලින්ම වෙඩි තියලා මරලා දැම්මා.
      මෙන්න ඉන්දික මෙතැන නොකී නමුත් මේ ගැනම වෙනත් තැනක සඳහන් කළ නිරීක්‍ෂණයක් සහ ප්‍රකාශයක්.
      http://rasikalogy.blogspot.com/2014/12/act-of-sadism-by-sri-lankan-policeman.html?showComment=1419321778067#c4842371893105366846

      Delete
    5. රසික, පැහැදිලියි! 88 ගහපු පප්පගෙ සහ පේමෙගෙ ආන්ඩුව දැන් අතට (පුටුවට/ බුළත් කොලේට ) ඇවිත්, එදා ගුටිකාපු අත මෙදා ගුටිදෙන අලියෙක් වෙලා!


      ඒ වගෙම මේ බලන්න ඔය කළුකුඩු බස්නෙ දෙන ප්‍රෙමලාල් රණගලගෙ පුතා කියන දේත්. හරි දේ හරි සහ වැරදි දේ වැරදියි කියන්න භය නැති පුතෙක් හදපු පියෙක්ද මේ!

      [img]https://imagizer.imageshack.us/v2/718x532q90/661/w3ZiFN.jpg[/img]

      Delete
    6. අපේ රසිකට හැමදාම UNP ය කරපු මගුල් තමා....
      බණ්ඩාගේ ගෑණි කොල්ලන්ව ...මුහුදු වැල්ලෙ ගිනි තියන්න පටන් ගත්ත ඒව දන්නෙ නැතිව ඇති....
      එතකොට එයා චුති බබා වෙන්ටෑ ........

      Delete
    7. මේ ඇත්තටම රණගලයාගේ පුතා ද...

      Delete
  4. අපි මොනව කලත් මැටි හරක් වන උඹලා අපිව පත් කරනව කියන පනිවූඩයයි මේ දෙන්නෙ. මෙතෙක් කල් උනේ එහෙමනේ. බලමු මේ පාර කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. දැන් උඹගෙ යුතුකම කළාද?

      Delete
    2. //අනාගතයේ අපට මොනවා ලැබෙනු ඇතිද?// -නාත දෙය්යොන්ගෙන්වත් අහල බලන්න ඕන.

      නොලැබෙන දේ නම් - තනියම හිතන්න පුලුවන් මොලයක්

      Delete
    3. රාජ්, මම දැක්ක උඹ කියල තීනව තාම උඹෙ ඡන්දෙ තීන්නෙ "එක ගොඩේ" කියල. අපි හිතමු ගණිත්දි ඒක අපී ගොඩට වැටේවා කියල!

      නාත චා උනා නේද ඊයෙ කෝට්ටෙ අලකේෂවරගෙන්

      Delete
  5. උඹට උඩ පැන පැන ලියන්න දවසට දෙක ගානෙ පෝස්ට් ලියන්න මාතෘකා දෙනවට රජාට කුරුතක්ඤ වෙයං.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හෙහ් හෙහ්...කුරුත්ඥ්ඥවෙන්න බැරිය, ඒත් ඡන්දෙනං කොහොමත් බෑ!

      Delete
  6. අපිනං මේ දවස්වල සුපර් ග්ලූ සංචිතයක් හදනවා.

    ReplyDelete
  7. අපි ලංකාවේ මාර අාතල් ඒකේ ඉන්න මාර මිනිස්සු ජාතියක් අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නෙ පිස්සූ..කියපු එකත් අන්න දෑත් ශක්ටිමත් කරන්න ගෙහුන්

      Delete
  8. මෙතන සමහරක් මෝඩයෝ මේක කෙලින්ම රජයේ අණ කිරීමක් ලෙස අදහස් දක්වනවා. චන්දයක් ලග තියන් මෙහෙම් අණ කිරීමක් කරාවිද? මේක කෙලින්ම අවම බලය යොදා තත්වය පාලනය කිරීමක්.

    ReplyDelete
    Replies
    1. මචන්, නොදන්න කමට අහන්නෙ. උඹ කතාකරන්නෙ කටින් කියලා ශුවර්ද?

      Delete
    2. මම කටින් කියපු එකක් ඔබට ඇසුනාද? මෙතන ලියුවේ නම් අතිනි.

      Delete
    3. //මචන්, නොදන්න කමට අහන්නෙ. උඹ කතාකරන්නෙ කටින් කියලා ශුවර්ද?//
      ඇයි උබට වෙන තැන් වලින් කතා කරන්නත් පුලුවන්ද? කතා කරන්න බැරි වුනාට සද්ද දාන්න පුළුවන් කට හැර අවයව කිහිපයක් අපට තියෙනවා අත , පය සහ පුක ඇයි උබට ඒවායින් කතා කරන්න පුලුවනිද?

      Delete
    4. කළු හරියටම හරි !!! හැට පැන්න ප්‍රේමලාල් රණගලාලට, අනුර සේනානායකකලට ආණ්ඩුව උසස්වීම් හා සේවා දිගු හිටු කියලදෙන්නේ අවම බලය පාවිච්චි කරලා නිරායුධ අහිංසකයො එකෙක් දෙන්නෙක් පරළොව යවන්න තමයි. උඹ වගේ මහා කළු මන්ද බුද්ධික සිංහලයො මේ ලංකාවට තව තවත් බිහිවේවා වේවා කියා පතමි.

      Delete
    5. ප්‍රහසනය තේරුම් ගත නොහැකි බබෙක් ඇනෝ ඇවිත් කමෙන්ට් කරලා.

      Delete
    6. ආ.. එහෙනම් මේ පුකෙන් ගිය පඩයක්.

      Delete
    7. ඇයි බොට වෙන තැන්වලිනුත් පඩ යාවාද?

      Delete
  9. ඒත් තාම ජහමනයා මේ ගැන හිතන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. උන්ට මේව කොහෙ පේන්නද, රැවුලෙන් වැහිල දත් හැංගිලනෙ ( යකාගෙ )

      Delete
  10. අප්‍රිය ජනකයි..!
    එහෙත් සියල්ල ජාතිවාදී කඩතුරාවෙන් වසාගන්න දඟලන පාලකයිනට මේවා කඳුලු නොවේ.
    පොලිස් සපත්තුවෙන් පහර දෙනවාට වඩා උපක්‍රම ශීලීවෙන්න තරම් මොලේ ඇති කාකි සූට්කාරයින් රටට අව්ශ්ය යුගයකි මේ.
    කෝ අර සිංදු කියපු කෝට් කාරයා දැන් දකින්න නෑ..රෙද්දෙ කලාකාරයා.

    ReplyDelete
    Replies
    1. ඌ තමයි ඕකටත් අණ දුන්නේ.. උගේ අත්තටු කඩන්න ඕනෙ උගේම සිංදුවේ කියනවා වගේ ඔක්කොටම කලින්

      Delete
    2. මෙන්න මෙයා ...

      මාගේ කිරිල්ලි සොයා යන්නේ මා
      ඇ හා දකින්නයි දරුවන් මගේ
      පියාසර කරන්නේ නිදහසින් මෙමා
      කවුදෝ බිදින්නේ අත්තටු මගේ ...//

      බයිලා ගායනය - අනුර සේනානායක .

      Delete
    3. අති සාර්ථක 5වෙනි වතාවටත් ඔන්න දික්වෙලාලු එයාගෙ කාලෙ. ඔය මහත්තය ඉස්සර සැටලයි ඇන්ටි කපල දාල ගැරෙජ් එකේ තියල තිබ්බෙ ඌඇම්පී කාරයෙක් කියල. දැන් මේ ආන්ඩුවෙ ගාමක බලවේගෙ ඌඇම්පී නිසා එයත් ඔය ලොක්ක වෙලා ඉන්නෙ.

      Delete
  11. //බලයේ ඉන්න ආණ්ඩුව// ඔතන තමයි වැරැද්ද.. උන් හිතං ඉන්නෙ උන් තමයි හැමදාම බලයේ ඉන්න ආණ්ඩුව කියල.. අපේ බූරු දනා ඉන්නකං ඒක වෙන්නත් ඉඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ අපේ අමන දනා...හිතා ඉන්නෙ ආන්ඩු නෙමේ මීව "රාජධානි" කියලනෙ.

      Delete
  12. අපේ දරුවො හදා ගන්න අවම බලය පාවිච්චි කරන්න කියල ආඩම්බරකාර තාත්ත කියල තියෙන්නෙ. ඇයි අවුල්ද ?

    ReplyDelete
    Replies
    1. දරුව කියල තීන එක ඔන්න උඩින් මම ඇලෙව්ව, ගිහින් බලහන්. ඌටත් ලැජ්ජයිලු!

      Delete
  13. ගොන් දේශපාලුවන් ලඟ පුකේ අරිනකල් දෙකට නැමිලා සැලුට් ගහන අට පාස් ගොන් හැත්ත ජහමනයා ඉස්සරහා උඩ පැන පැන බැටන් එකෙන් නෙලනවා .(තව මට නොතේරන දෙයක් තියනවා .කොහොමද මේ ඩිප්ලෝමා එකක් උපාධියට සමාන වටිනා කමක් ඉල්ලන්නේ.මේකත් සාධාරණ ඉල්ලීමක්ද ? )

    ReplyDelete
    Replies
    1. ඩිප්ලෝමා එකකට උපාධියකට සමාන වටිනාකමක් ඉල්ලන්න බෑ. හැබැයි ඩිප්ලෝමා පාඨමාලාවක් උපාධියක් මට්ටමට ගේන්න (පාඨමාලා අන්තර්ගතයේ , කාල සීමාවේ අවශ්‍ය වෙනස්කම් සිදුකර) කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්

      Delete
    2. සින්දු, උනුත් අපි වගේ තමයි. කළගුණ සළකනව :)

      ලංකාවෙ ඩිප්ලෝමා ක්‍රමය ඉතාම අසාර්ථකයි සහ අසාධාරණයි. හේතුව, ඩිප්ලෝමා එකක් ඇත්තෙකුට මූලික උපාධිය සම්පූර්ණකරගන්න සහනයක් සහිත ක්‍රමයක් නැතිවීම. ඒකයි මේ උපාධි සහ ඩිප්ලෝමා අතර සහා වෛරය. ඒත් ලෝකෙ දියුණු රටවල ඩිප්ලෝමාවක් ඇත්තෙක් මූලික වසර දෙක නිදහස් කර උපාධිපාඨමාලාවකට එකතුවෙන්න පුලුවන්. අපේ උපාධි කාරයො ඒවට කැමති නෑ, උන්ගෙ තැන නැතිවෙනවට.

      ඉතින් ලකුණු කිහ්පිඅයක වෙනසකින්, දිස්ත්‍රික්කෙ හින්ද වගේ සුළු දේකට උපාධිය මිස් වෙන එකාටත් සදා ඉන්න වෙන්නෙ ඩිප්ලෝම එකේ.

      Delete
    3. මේ තියෙන්නෙත් අභිමානය පිළිඹඳ ප්‍රශ්නයක්නේ , ඇත්තටම ඩිප්ලෝමාව සම්පුර්ණ කරන කෙනෙකුට උපාධිය දක්වා යන්න මාර්ගයක් තියෙන්න ඕනේ , නමුත් වෙලා තියෙන්නේ පැහැදිලි ගලායාමක් මේ සුදුසුකම් ලැබීමේ කඩයිම් අතර නැති කම, කෙටිනම අපිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකම . ඒ පිළිබඳව කතිකාවතක් ඇති වෙන්නෙත් නෑ.
      දැන් බලන්න 17 , 18 ව්‍යවස්ථා සංශෝධන ගැන මිනිස්සු කතාවෙන තරම , ඒ වගේම 13 සංශෝධනය බලාත්මක කිරීම ගැන කතාවෙන තරම. ඒ වගේ කතිකාවතක් ඇතිවෙන්වද අධ්‍යාපනය සම්බන්ධව ? අධ්‍යාපනය වෙනුවෙන් මෑතකදී වෙච්ච ලොකුම මැදිහත්වීම තමයි සරසවි ඇදුරන්ගේ අරගලය , එත් මිනිස්සු ඒ දිහා බැලුවෙත් දේශපාලන කන්නාඩි ඇතුලෙන් . අන්තිමට 6% කියලා නමක් පටබැන්දා මිසක් ඒ තුල තිබෙන වටිනාකම තේරුම් ගන්න කටයුතු කලේ නෑ. අනික් කාරණය තමයි සිවිල් සංවිධාන කොයි තරම් වැදගත් වැඩක් පටන් ගත්තත් දේශපාලන හෙන්චයියන් ඒ ඇතුලට රිංගලා වැඩේ අල කරලා දාන එක , හැම තැනකදීම බලන්නේ දේශපාලන වාසි ලබාගැනීමට මිසක අවංක මැදිහත්වීමක් කරන්න නෙවෙයි

      Delete
  14. ගණකාධිකරණ ඩිප්ලෝමාව උපාධිය හා සම කරපු අතීතයේදී මෝඩකම නැවත ඇති කලයුතුය කියල තමයි මේ අරගලය ගෙනිච්චේ. මේ අය උපාධියක සහ ඩිප්ලෝමාවාක වෙනස දන්නා අය නෙමෙයි.ඩිප්ලෝමාවක්,උපාධියක් සහ වෘතිය සුදුසු කම් යනු එකිනෙකට වෙනස් කාරණාය. තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මේවා පටලවා ගත යුතු නැහැ.පසුගිය කාලයේ ගණකාධිකරණ ඩිප්ලෝමාව උපාධියකට සමාන කරතිබුනේ ගුරු වෘතිය සඳහා පමණි.එහෙත් ඒ චක්‍ර ලේඛය වංක ලෙස පාවිච්චි කල අතැම් අය එය යොදා ගෙන කථිකාචාර්ය තනතුරුද ලැබුවා.මේ තත්වය කවදා හෝ නැවැත්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අරගලයේ ප්‍රස්තුථය කුමක් උනත්, මේ හෙලා දැකීම මර්ධනය පිළිබඳවයි. අනෙක, අමාත්‍යංශ ලේකම් විසින් පොරොන්දුවු සාකච්ඡාව නොදී මඟ හරින නිසා සිසුන් නැවත පෙළපාලියකින් ගිය බවයි කියවෙන්නෙ.

      පාළකයො මිසක් මේ මූලික ගැටළු ඇති කරේ ශිෂ්‍යයො නෙමෙයිනෙ. එතකොට විසඳුම් හොයන එකත් ඒ අයම කරල දෙන්න ඕනෙ.

      Delete
  15. මේ උපයා ඕවට එන්න එපා හරි, මොකා මොනවා කිව්වත් මහින්ද කරන හැමදේම හරි, එච්චරයි . ර බේරගත්ත මනුස්සයට කාලගුණ සලකන්න ඉගෙන ගනින්, අධිරාජ්‍යවාදී ඉත්තන් වෙච්ච සරසවි ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී ඉන්න එපා. උන්ටත් ඕන කොහොම හරි මේ රට අස්ථාවර කරන්න .එකනේ ඔය මේ වෙලාවේම බොරු උද්ගෝෂණ කරලා පොලිසියේ සාධාරණ මහත්වරුන්ව කුපිත කරන්නේ , අනික ආණ්ඩුව මේවාට මොනවා කරන්නද? , මහින්ද මහත්තයා ඕවා දන්නෙවත් නෑ. දන්නවනම් කරපු උන්ට දෙයි සබ්බුව උන ගැනෙන්න. ඒ මනුස්සයගේ නමත් කැත කරනවා මේ යක්කු.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු, ඔන්න උඹ එහෙම කිව්වම මට සම්මාදිෂ්ඨිය පහල උනා. අපි මහ අසමජ්ජාති වැඩක්නේ බං එතකොට මේ කරල තීන්නෙ.

      මහින්ද මහත්තය වටේ ඉන්න හොරු ටික අපි මහ ඡන්දෙදි පන්නමු, ඒත් එක්කො බෑනෙ බං, මොනා උනත් උන් මහින්ද මාත්තයව ආරස්ස කරන්නෙ. එහෙනං උනුත් තියල මහින්ද මාත්තයත් තියාගෙන, විදේශ කුමන්ත්‍රණ පරදවමු, මාතෘ භූමිය දිණවමු, දිණු දේශ පාවා නොදෙමු (පර්සි මහේන්දලට හොඳේ )

      Delete
  16. උඹලට ඕවා තෙරෙන්නෑ ඉන්දික.. රටක් දියුණු වෙනකොට පොලීසියෙ හැසිරීම ඔහොමයි...දැන් බලහන්කො ඇමෙරිකාවෙ පොලීසිය කලු උන්ට නෙලලා සියලු චෝදනා වලින් නිදොස් වෙලා නිදහස් වෙලා ගෙදර යන්නෙ.. සෙල්ලම් තුවක්කු තියන් ඉන්න පොඩි උන්ට නිකන්ම වීසා දෙන්නෙ....ඉති අපේ ජනාදිපති තුමාගේ මේ අහිංසක වෑයම අපේ පොලීසියත් ඒ ස්ටෑන්ඩර්ඩ් එකට ගන්න නෙමේද ? ඔය පාට කණ්නාඩි ගලවලා පොලීසිය දිහා බලහන්...එතකොට උඹට ඔය කාකි පාටට පේන යුනිෆොර්ම් එක සුදු පාටට පෙනෙයි.. රතු පාට පටියකුත් එක්ක...

    ReplyDelete
  17. කියන්න දෙයක් නැහැ මචන්......
    08 වෙනිද වෙනකං ඔයිට වැඩියි......
    අපේ ගොන්නු .....දුන්නොත් එයාටම.....
    සැමට අබ සරණයි........
    මේ වැඩ වලින්.......ගමේ මිනිසුන්ගෙ අදහස් පෙරට වඩා වෙනස් වෙලා.....
    MY3 ට බර වැඩියි....... බලමු ...09 දවල් ට.......

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails