Monday, September 15, 2014

උන්ව පරදා මුන්ව දිනවීම..!!

                    
වීරකම් කරන්නට..
සතුරෙකුත් නැතිකලට..
අනේ අම්මේ උඹේ
රණවීර පුතන්ඩිය
වගෙයි ගමරාළයගෙ
බකල් උනු වංගෙඩිය...

බල බලා පින්තූර..
උඹටවත් සැනසෙන්න
කියලා දස්සකං
ඒ කාලෙ මම කෙරුව
උඹට තිබ්බා අම්මෙ
මං හින්ද ඉදිමෙන්න...
පැන්නනං ඒ කාලෙ
කොටියගේ බුල්ඩෝසරේට..

අනේ ඒ උනත් දැං
අලවත්දි පෝස්ටර්..
දරා අත බාල්දිය
බිම හෙලා ගිණි අවිය
බල්ලොවත් බලන්නෑ
බලු වුනිද හමුදාව....??


පින්තූරය ගත්තෙ මෙතනින්

65 comments:

  1. එ කාළේ
    මම
    ආන්ඩුවේ
    සෝල්ජර්
    දැන් කාලේ
    මම
    ගහමි
    ආන්ඩුවේ
    පෝස්ටර්
    අඳිනවා
    වගෙද
    ජම්පර්
    ඇන්දාම
    මේජර්...

    ReplyDelete
    Replies
    1. මේජර් කිව්වේ අපේ විචාරකට නොවෙයි නේද මාතලන්?

      ;-)

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මෙයා හමුදාවේ නෙවෙයි වගේ....සිවිල් ඩිෆෙන්ස් ෆෝර්ස් එකේ ගම් බට්ටෙක් නේද? යුනිෆොර්ම් එක නම් ඒ වගේ...ග්‍රීස් යකාට වඩා පෝස්ටර් යකා හොඳ නැද්ද?

      Delete
    4. සොදුරු දසුන් ඇස තවරා ඇස සනසාගනිල්ලා
      මියුරු බොජුන් දිව රදවා දිව පිනවා ගනිල්ලා
      උදේ හවා දෝත නගා එතෙරට වැද පුදල්ලා
      කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා

      වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
      බීපු ලිදේ දිය බොර කර මුහුදට ආවඩල්ලා
      දනින් වැටී නලල ඔබා නිලතල අරගනිල්ලා
      කලදුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා

      සුකිරි බටිල්ලන්ගේ ගීතය - නන්දා මාලනී

      Delete
    5. සිංදු ඇනෝ....සුකිරි බටිල්ලන්ගේ ගීතය...??????

      Delete
    6. @chef-architect මෙන්න අහන්න

      http://bnd-hostgrid.modernie.com/article.php?ArtID=926

      Delete
    7. සම්බන්ධයක් නෑනේ මචෝ මෙතනට....CDF පොර ඕඩර්ස් ෆලෝ කරනවා හැරෙන්න වෙන මොනා කරන්නද?

      Delete
    8. නෑ මචෝ මම අදහස් කලේ කඩේයන ජහමනයා .මම CDF පොර ටර්ගට් කලේ නැ ............

      Delete
    9. මාතලං, අවුල තීන්නෙ අණ පිලිපදින උන්ගෙ නෙමෙයි, අණ දෙන "අන" ආපු උංගෙ.

      කකා, විචාරක මේජර් නෙමෙයි දැං මයින(ර්)

      Kenji, ++


      චෙෆාකි, මේකැමා කිට් එක කාගෙද කියල හරියටම හිතා ගන්න අමාරුයි. මෙන්න සාමාන්‍ය CDF කලර් එක. මේක අර අරාබියෙ එකට ටිකක් හුරුයි. මෙන්න මේකත් CDF ම තමයි, ගත්තෙ ඒගොල්ලන්ගෙ සයිට් එකෙන්. හැබැයි ඔය ඔක්කොටම වඩා ඇඳුම මෙන්න මේකට කිට්ටුයි ;-)

      සින්දු ඇනෝ, අපි කවුරුත් අපිට ලැබෙන වාසි නිසා හෝ තනියම කෑ ගසා ඉල්ලගෙන කන්න වෙන නිසා සද්දෙ වහන් ඉන්නව. එදා ඕව ලියාපු කියාපු පරපුර අද නාකියි, ඒ වගේම ඒ තැනට එන්න ඉන්න තරුණයො විනාසයි!



      Delete
    10. මොකද කකාට මාවම මතක්වුණේ?

      Delete
    11. මම කිසිම ආකාරයකින් මයිනර් වෙලා නැහැ ඉන්දික. අදත් මා රැකගෙන ආ කීර්තිනාමය එලෙසම තිබෙනවා.

      Delete
    12. මම අදහස් කලේ ඒ මයිනර් නෙමේ, අර මයින ( ඉස්සර වයසක කොංඩෙ බැඳි පිරිමින්ට කොල්ලෝ මයිනා යැයි කියුහ ) :D

      Delete
    13. @ඉන්දික...ටැමිල් නෙට් එක අම්මට සිරි ලංකාවට තාමත් වැහිලා මචෝ...දැන් ගොඩාක් වෙලාවට CDF යුනිෆොර්ම් එකයි STF යුනිෆොර්ම් එකයි වරදිනවා..වෙපන් එකෙන් තමයි වෙනස් කරලා අඳුනගන්න පුලුවන් වෙන්නේ..

      Delete
  2. ඔයින් එකක් අලවන්ඩ බැරිද ඔව්වා අලවන්ඩ කිව්ව එකාගේ පිටේ.

    ReplyDelete
    Replies
    1. කෝට් කලිසම් බූට්ස් අන්ඩර්වෙයාර් ඔක්කොම මාෂල් මෙතන

      Delete
    2. විචාරක, ඇලෙව්වොත් ඇලෙව්වාම තමා. දැං විචාරක ඉන්න කාලෙ ඉහලින් "අනක්" ආවොත් ඔයවගේ දේකට මොකද කරන්නෙ?

      කකා & ප්‍රා, මේකගෙ සහ අන දුන්නු එකාගෙ සේරම කෑලි මාෂල් වෙලා තමයි දැං!

      Delete
    3. අපි ඉතා වාසනාවන්ත වුණා, ගොට්ට අල්ලන උසස් නිලධාරීන් නොසිටීම, දේශපාලනය හමුදාව තුළ නොතිබීම සහ දේශපාලනය හමුදාව තුළට ගෙනෙන්න හදන එවුන් කනෙන් අල්ලා දොට්ට දැමීම නිසා.

      ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් ලෙස සලකා අහිංසකයන් අත්අඩංගුවට ගන්න කියලා ඌවේ දේශපාලනඥයකු දුන්න නියෝගය ප්‍රතිෂේප කරන්න 1990 දී බදුල්ලේ සිටි සම්බන්ධිකරණ නිලධාරියා (මියගිය බ්‍රිගේඩියර් ලකී විජේරත්න) මොහොතකටවත් සැලුනේ නැහැ.

      මම මාර්ග බාධකයක සිටියදී ගෙම්බර් දාගෙන නොනවත්වා යන්න හදපු පාර්ලිමේන්තු මන්තිරියෙකුට කියන්න ඕනෙ ටික කියන්න මම කිසිසේත් පසුබට වුණේ නැහැ. ඒ ගැන මට විරුද්ධව කරපු පැමිනිල්ලේදී මා නිවැරදි බව කියන්න මගේ උසස් නිලධාරීන්ගේ කොන්ද පණ තිබුනා.

      අපේ කාලේදී බෝම්බ ගහලා බය කරලා මිනිස්සු ඡන්දෙ දාන එක වැලැක්වුවේ නැහැ. වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩි තිබ්බේ නැහැ. හමුදා නිලධාරියකු ලෙස සිටියදී තාත්තාගේ හයිය අරං හොර ඡන්ද පෙට්ටි ඇද්දේ නැහැ.

      Delete
  3. රජයේ වැඩ නම් කලත් මොකෝ එක එකාට කඩේ නොයවා.

    ReplyDelete
    Replies
    1. ගොනෝ මේ රජයේ වැඩක් නෙමේ රජය කරවන පාලක පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් යුනිෆෝම් ඇතත් යුනිෆෝම් නැතිව කඩේ යාමක්

      Delete
    2. දැන කළත් නොදැණ කළත් මකසි ගේ ප්‍රකාශය ඉතා වැදගත්. එයින් අපේ බහුතරයක ගේ සහ බලයේ ඉන්න පක්‍ෂයේ මානසිකත්වය පෙන්නනවා. මුං විතරක් නොවෙයි, අරුං හිටියත් මෙච්චරයි.

      අනික, අපේපොදු ජනතාව සමහරු හිතන්නේ ගසා කෑම, සූරා කෑම, වංචාව, දුෂණය, පගා යැයි සාමාන්‍යයෙන් සැලකෙන දේවල් බලයේ ඉන්නා දේශපාලකයින්ගේ රැකියාවේ අයිතිවාසිකමක් ය කියලායි.

      Delete
    3. @AnonymousSeptember 15, 2014 at 9:09 PM
      මම රජයේ වැඩ කියා අදහාස් කලේ රජය කරවන උන්ගේ වැඩ නොව පාරවල් අතුගෑම, කානු සේදීම්, මාර්ග ඉදිකිරීම, රජයේ කර්මාන්ත ශාලා හෝ ගොවිපලවල වැඩ යන යුද්ධ නැති කාලයට හමුදාව යොදවන වැඩයි. එසේ නියම තේරුමින් මම අදහස් කල නැතිව මම රජයේ වැඩ ලෙස රජය කරවන පාලක පක්ෂයේ වැඩ යන තේරුම අදහස් කළා ලෙස ලියන්නේ කවර පදනමක්කින්ද? අනුන් විවේචනයට ප්‍රථම විවේචනයට භාජනය කරන දේ ගැන දෙවරක් සිතන්න. නැත්නම් විවේචනය කරන්නාට වැරදී (ඔබට මේ අවස්ථාවේ සිදුවූ පරිදි) නොන්ඩි වීමට සිදුවේ.

      @කතන්දර කාරයා
      ++++++++++++++++++++++++++++++++++++++++++++++
      විලි ලජ්ජා නැතිව රට කරවන උන් මෙවැනි වැඩ වලට මොවුන් යොදන්නේ බහුතර ජන මතය අනුව රජයේ දේපල සහ සේවකයෝ ලොක්කන්ගේ පුද්ගලික වැඩ වලට යෙදීම සාමාන්‍ය දෙයක් ලෙස සිතන නිසාම තමයි.

      Delete
    4. මකසි, ඔව් ඇත්තටම හමුදාව රජය(= ජනතාව ) වෙනුවෙන් වැඩ කිරීම පෙණුමට දුක උනාට නිකං තියෙනවට වඩ වටිනව. ඒත් මෙහෙම පාලක පක්ෂය වෙනුවෙන් කඩේ යවන එක නං පාලක පාලිත දෙපක්ෂයෙම කාලකන්නි කමක්.

      Delete
  4. මේ ෆොටෝ එකේ නෙගටිව් එකේ තියෙන්නේ විපස්ස පෝස්ටරයක් ගලවා දමන සීන් එකයි.

    ReplyDelete
    Replies
    1. විපස්ස පෝස්ටරයක්ද මනාප පෝස්ටරයක්ද?

      Delete
    2. කකා ඒක නෙගටිව් එක නෙමෙයි "පොස්ටිව්" එක. නෙගටිව් එක තමා මේක :D

      Delete
  5. පව් ඒ කොල්ලො අප්ප..........
    මාතලන් කෙටියෙන්ම කියල තියෙන්නෙ ....හෙහ්.....හෙහ්......

    ReplyDelete
  6. ඔහේලට අමතකයි
    අපි මොනව කරන්නද
    මේ තමයි අපෙ ඩියුටි
    හැමදාම මේකමයි
    හමුදාවෙ අපෙ ඩියුටි!
    අසූ අට අසූ නවයෙ
    පොඩී වෙනසක් කලා
    ඔහේලා කිව්වා
    ද්‍රෝහියෝ කියලා
    උතුරට ගිහිල්ලා
    එහේ වැඩ පෙන්නුවා
    ඔහේලා කිව්වා
    වීරයෝ කියලා
    ආයෙත් දැන්,
    අපි පරණ ට්‍රැක් එකේ
    කාඩ් ගහන්න එපා ඔහෙලා
    මේ තමයි අපි!
    මේ අපේ හැටි!

    ReplyDelete
    Replies
    1. අපි.....
      .......වෙනුවෙන් 
      අපි....

      Delete
    2. ඒකනෙ බං මම කිව්වෙ
      ගමරාලගෙ වංගෙඩිය
      වගෙයි අම්මෙ අපි කියල


      Anoe,

      අපිට තවම අපි වෙනුවෙන් උන් අපිය
      මතට නොව රටට දිවිදුන් විරුවන්ය
      නොපිට පෙරලුනොත් කල ඒ හොඳ ගතිය
      කිමට කවට මරුවන් තොප එපාමය

      Delete
  7. පොල් ගහක් පෙන්නලා
    තල් ගහක් යකෝ අර කිව්වාම
    ඔළුව වැනුවේ
    ඇර ගන්නැතුව ඉන්න මිස
    උං තරං අපි මුග්ධ හින්දා නොවේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මේක හමුදාව. ඒත් අණ සිවිල්

      Delete
  8. රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව..
    වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජනපිරිසය..
    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව..
    වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගන්න..

    ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම් කරු..
    බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු..
    වැටුපට මිනි මරන දනන් නොව නුඹලා මිනිසුනි ගරු..
    අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු..

    රණ දෙරණේ...

    මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපුකුහරය..
    අදම කැලතකට අදවින නහර පිනන රස අහරය..
    උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සඟය..
    පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය..

    ගායනය : නන්දා මාලිනී

    ReplyDelete
    Replies
    1. කිරිපුස්සා...............

      පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
      තෑගි කලයි කිරිපුස්සා
      සරු බිම හොයලා කම්මැලි වීලා
      පැන්නූවයි කිරිපුස්සා
      නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
      කම්මැලි නැති කිරිපුස්සා
      ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
      බඳිනවදෝ කිරිපුස්සා

      රාළේ බැඳපන් කිරිපුස්සා
      රාළේ බැඳපන් අපෙ පැඟිරා //

      දෙමුහුන් කුලයේ උපන්න කදිම
      වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
      රටේම ඉපදී හැදිලා වැඩුනයි
      රඟේට මේ අපෙ පැඟිරා
      සරු බිම හොයලා මුරන්ඩු වීලා
      කම්මැලි වුනු අපෙ පැඟිරා
      ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
      බඳිනවදෝ අපෙ පැඟිරා

      රාළේ බැඳපන් අපෙ පැඟිරා
      රාළේ බැඳපන් කිරිපුස්සා //

      මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
      බිම් හෙව්වා නොවැ රාළේ
      කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
      හති වැටුනා නොවැ රාළේ
      'රාළේ රාළේ !!'
      මහතැන දොඩවන බේගල් අහලා
      තව රැඳෙනුද මෙහි රාළේ
      පැඟිරා පන්නල පුස්සව බැඳලා
      ගාටනවද අපෙ රාළේ

      රාළේ බැඳපන් අපෙ පැඟිරා
      රාළේ බැඳපන් කිරිපුස්සා ///
      අපෙ පැඟිරා..කිරිපුස්සා ///

      සෙක්කුව (පරාක්‍රම නිරිඇල්ල)
      ගායනය - එඩ්වඩ් ජයකොඩි

      Delete
    2. සිංදු ඇනෝ, මේ සිංදුව jvp උන් එකපාරක් උන්ගෙ කැම්පේන් එකකට පාවිච්චි කලා නේද? මරු සිංදුව

      Delete
    3. Manosh,

      අප වෙනුවෙන්ය දිවි දුන්නෙ සැවොම තොප
      තොප වෙනුවෙන්ය දුක් වින්දේ සැවොම අප
      උප දෙස් දෙවිය උන් අද අප කරනු හප
      ඇප නැතිවෙන්නෙ තොපටයි යම් දිනෙක කප

      සිංදු ඇනෝ, ++++

      කම්මල
      උනුත් එකයි, මුනුත් එකයි අන්තිමේදි අරුනුත් එකයි!

      Delete
  9. මම උදේට පහන තියනකොට මගේ රටට නිදහස අරන් දුන්න හැම කෙනෙකුටම හිතින් ස්තතියි කරනවා පිං දෙනවා..ඒත් මේවා දකිනකොට???

    ReplyDelete
    Replies
    1. උන්ට ප්නි දීහන්. ඒ එක්කම මේ පව් වලට උන්ව කරගස්සපු උන්ට ...කැමති එකක් දීහන්

      Delete
  10. යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
    වල් පැල ගලවා අපි මල් පැල වවමු //

    යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
    වල් පැල ගලවා අපි මල් පැල වවමු //

    යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
    වල් පැල ගලවා අපි මල් පැල වවමු //

    ReplyDelete
    Replies
    1. අපි මල් වවමු, ඊට පෙර මල් පැල ගොණුන් බැඳ දමමු ( ඔන්න දැං කියන්නෙපා උඹ ගොන්නුව බැඳල දාහං මම මල් වවනං කීයල. මොකද ඔක්කොම ඉන්නෙ මල් වවන්න විතරනෙ. ගොනාව බඳින්න දියසේන එනකල් ඉන්නව ).

      Delete
    2. යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
      වල් පැල ගලවා අපි මල් පැල වවමු //

      යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
      වල් පැල ගලවා අපි මල් පැල වවමු //

      යාමු මේ දැන් යාමු මේ දැන් වත්තට යාමු
      වල් පැල ගලවා අපි මල් පැල වවමු //

      Delete
  11. ජාත්‍යන්තර කුමන්ත්‍රන, අධිරාජ්යවාදී බටහිර බලවේග මේ අවස්තාවේ නිර්ලජ්ජිත නින්දිත ආකාරයෙන් ඌවෙ දේශ මාමක, රටට හිතැති කතරගම දෙයියන්ගෙ ජනතා නියෝජිත ශ.රා මැතිතුමාට එරෙහිව ක්‍රියාත්ම්කව වෙනව.
    විදේශ ගත සිංහල ඩයස්පෝරාව අපේ සෙබලෙක් 'ගජබා සුපර් ක්‍රොස්' තරගාවලියට ප්‍රචාරක දැන්වීමක් අලවන පිංතූරයක් පවා යොදාගෙන ගෙනයන ප්‍රචාරයෙන් පවා පෙනෙනව සහෝදරවරුනි විපක්ෂයේ දේශපාලන බංකොලොත් බාවය.

    ReplyDelete
    Replies
    1. ඔව් කම්මලේ, ඔබ හරි, මේ අපේ දැය හිතකාමී දේශීය වීර පුතුන් අනුරාධපුරේ වැස්ස නැතුව ගොවියගෙ ගෑණි xනා ගහත්දි පවත්වන ගාබා සුපර් ක්‍රොස් තරඟයේ පෝස්ටර් වතුර නැතුව හාංචිපයිස් වී සිටින ඌවේ වීර ගොවීන්ටද පෙනෙන ලෙස අලවන්නේ වීර ඌවේ බූරු වහන්සේලා ට්‍රැක්ටර් ලොරි භාග ඩීමෝ බට්ටන්ගේ නැගී නූල නොකැඩී පුරේට ගෙන්වා ආතල් දීමේ පරම පවිත්‍රාගේ චේතනාවෙනි.

      Delete
  12. වීර විකුමන්
    දියකරලා පාප්පේ
    ගහනවා පෝස්ටර්
    උන් දැන් තාප්පේ

    ReplyDelete
    Replies
    1. එදා කල විකුම්
      මෙදා කල විකුනමින්

      Delete
  13. Replies
    1. අඩෝ පුක කළු එකා මාතලන්ද ඔය ප්‍රොෆයිල් ලින්ක් එක දීලා තියෙන්නේ මාතලන්ට නේ.

      Delete
    2. පුක කළු සිංහලයා සඳහා සාදර අනුග්‍රහය මාතලන් නේ.

      Delete
  14. අඩෝ මේ අහපන්
    මේක දැම්මම මකපන්
    උඹ දන්නේ නැති වුනත්
    රණවිරුවන්ට අපි තරම් නැහැ සැලකුවේ කවුරුවත්
    යුද්දේ කෙරව්වා,කාණු කැප්පෙව්වා,වැලි කොට්ට ගෙන්වලා
    රේස් පදින්න පාරවලුත් හැදෙව්වා,බඩුත් විකිනෙව්වා,
    සිංදුවකුත් කියවලා,තරුවකුත් කරලා
    පොඩ්ඩක් කඩෙත් යැව්වා
    ඉතින් උඹ කියන්නේ අපි නැතිද කෙරුවේ උන්ට කිසිවක්.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ආයිබෝං..
      කොලා නේන්නං...
      කොරාපුවගෙ තරම කිව්වොත්
      අන්තිමේදි පාප්පත් ගෑව්වෙ

      Delete
  15. උඹ නොදැන හිටියාට
    අණ කුමක් වුව
    කළ යුතුයි එය
    ඒකනේ දිව්රුම
    රජයට පක්ෂපාතීබවට

    ReplyDelete
    Replies
    1. බෙරපදේ තාල මත්තට නෑසේද
      සීපදේ හවස් ජාමෙට ගොලුවේද
      සකිසඳේ නුඹත් ගම අතහැර යාද
      හෙට උදේ දකින්නට බැරි වෙයි නේද

      කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
      පේනතෙක් මානයෙන් ඈතට යාද
      හේන කුඹුර ඕවිට අමතක ඇයිද
      මූනවත් බලාගන්නට බැරිවෙයිද

      දුලා දිමුතු මුතු හර පලඳින කලට
      වළාකුලක සේලේ ගතලන කලක
      සලා සිමර දෝලාවල යන කලට
      රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට

      ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
      විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
      මලක් කඩා ගත්තොත් පරවෙනවාය
      රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය

      රජ අණක් වෙතොත් බෑ හැංගිල ඉන්ට
      හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
      පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
      මට ඉඩක් ලැබීයං ආපසු එන්ට

      අන්දරේලා (ජයලත් මනෝරත්න)
      ගායනය - ජයලත් මනෝරත්න

      Delete
    2. අණ එහෙම තමයි බං
      කවුද එය නොදන්නේ
      ඒත් ඒ අණ දුන්නෙ
      අන ආපු උං නොවෙද


      සින්දු ඇනෝ, බලාගෙන උඹ තව කාලයක් කමෙන්ට් කරන්න සින්දු ඉතුරු කරල තියාගං.

      Delete
  16. අර කුණු බෙරේ වැව සුද්ද කරන්න දැම්මා,පාරවල් ගානේ ටිකට් විකුණන්න දැම්මා,හන්දි ගානෙ එළවලු වික්කා මේව මොනවද බං.ඔන්න මට කවියකුත් මතක් උනා හැබැයි පෝස්ට් එකටවත් කමෙන්ටුවටවත් කිසිම සම්බන්දයක් නෑ, බනින්න එපා ඈ.
    පළමුව දොඩම් රැක්කා
    දෙවනුව දෙළුම් වික්කා
    පසුව වට්ටක්කා
    වැලක එල්ලී සිටිනු දැක්කා.

    ReplyDelete
    Replies
    1. මොකෑ බං අදාල නැත්තෙ. ඕක තමා ඉතාම අදාල කය්ය. පට්ට!!

      Delete
  17. එක අතකට කමක් නෑ බං. කාලයක් හන්දි ගානේ එළවලු වික්ක එකේ, මේක සුලුදෙයක් .

    ReplyDelete
    Replies
    1. ඔව් මට තේරුනා. උඹ ඔය කොහෙද ලොකු තැනක නේද මේ දවස්වල වැඩ? පරෙස්සමෙන් හිටාහ්න් මචෝ. අන්න පත්තරය උඹ හොයනව කතාවකට ප්ලොට් එකක් අරන්.

      Delete
  18. ගිනි අවිය මොටද මට
    යුද්ධයක් නැති කලට
    අවිය බඩ පුරවයිද
    පෝස්ටර් වා..ගෙ අද

    සොහොයුරත් සොයුරියත්
    මග බලං ඇත ගෙදර
    පෝස්ටර ටික ඇරං
    යායුතුය තවත් දුර

    මොනව කීවත් රට්ටු
    උන් එයිද අපෙ ගෙදර
    රටේ ඈයොත් මට්ටු
    වෙන්නැතෑ පාර

    ReplyDelete
  19. එ් යුද්ෙද් දිනුවා වගේ මේ යුද්දෙත් දිනලා දෙයි....

    ජ ය ෙව් වා !!!

    ReplyDelete
  20. නිෂ්චිත රාජකාරියක් නැතුව පඩි ගෙවන්න බෑ කියලනෙ හමුදාව බලු කලේ...එළවළු විකුණන්න දැම්මෙ / කාණු ශුද්ධ කරන්න / ආධාර ටිකට් විකුණන්න / කාර් රේස් වලට වැලි කොට්ට අදින්න / රජයේ ගොඩනැගිලි ඉදිකරන්න / කුඹුරු වැඩ කරන්න යෙදෙව්වෙ.... මගේ අදහස මේ කොල්ලන්ගෙ ආත්ම අභිමානය නැති කරන්නෙ නැතුව හමුදාවෙන් අයින් වෙලා වෙනත් ජීවන වෘත්තියක් හොයාගන්න අවස්ථාව දුන්නා නම් හොදා කියලයි....

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails