Wednesday, March 19, 2014

නයි අරින්න බැරිද? My car, my petrol…. parking at your place..




ඇයි අපි බ්ලොග් ලියන්නෙ??

බලන්න කට්ටිය ඉන්න හින්දද, කට්ටිය බලල කමෙන්ට් එකරන හින්දද?

බලන අය ඒ ඔස්සෙ අත්දැකීම් බෙදාගෙන සංවාද විසංවාද ඇතිවෙන හින්දද?.

එහෙමත් නැත්තන් පොත් පත්තර බලල, ඒ වගේ තමන්ටත් ලියන්න, ලේඛකයෙක් වෙන්න ආසව තිබ්බත් අවස්ථාවන් නොතිබ්බ නිසාද!

එච්චරද.

තමන් පොරක් කියල පෙන්නන්න ඕන හින්ද, තමන්ගෙ හීන මානෙ වහගන්න, කෙල්ලෙක් සෙට් කරගන්න, ණයක් ගන්න, බිස්නස් වැඩිකරගන්න මේ වගේ ඕනම දෙයක් වෙන්න බැරිද..!

ඔය නොයෙක් හේතු නිසා ලියන හැමෝගෙම ඒ අභිමතාර්ථ ඉටුවෙන්වද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැ‍යි ඉතින් ඔය මොන හේතුවක් නිසා හරි ලියන තමන්ගෙ බ්ලොග් එකේ නයි අරින්න, තමන්ගෙ පුරාජේරු කියන්න බැරිද?

තාක්ෂනික කරුණු, නිව්ස් ලියන ලිපි, බ්ලොග් ගැන නෙමෙයි මම කියන්නෙ.

ඔය රසකතා, ඕපදූප හෝ පුද්ගලික කතන්දර අත්දැකීම් ලියන බ්ලොග් සටහන් වල නයි, නේම් ඩ්‍රොපින්, පුරාජේරු නැතිව ලියනව කියන්නෙ හරියට අර මනාල යුවළ ගැන සඳහන් නොකර මගුල් ගෙවල් ගැන කරන කතා බහ වගේ තමයි. බැරි නෑ, ඒත් රස නෑ!

තමන්ට අයිති තමන්ගෙ බ්ලොග් එකේ, තමන් ගැන නයෙක් හරි, ඇනකොන්ඩෙක් හරි යවන එක අනික් අය වැරදියි කියන්නෙ කොහොමද?

හැබැයි යම් කෙනෙක් දිගටම යවන්නෙ නයි විතරනම්, කරන්නෙ බ්ලොග් එකක් අටෝගෙන තමන්ගෙ ට්‍රම්පට් එක  තමන්ම ගහ ගහ පුරාජේරු කියවන එක විතරනම්, ඒකට කවුරුත් අකමැති වෙයිද!  ඒ බ්ලොග් එක නොබල කොන් කරල දායිද?

මගේ උත්තරය සෑම විටකම එහෙම නොවේ...කියන එක.

හොඳම උදා හරනෙ චානුකගෙ සිහි සටහන්.

චානුක වැඩිපුර ලිව්වෙ තමන් කොරපු ලොකු ලොකු වැඩ, ඇසුරු කල ලොක්කන්ගෙ විස්තර උනාට ඒව රසවත්ව ලිව්ව නිසා, සමහර කරුණු සංවාදාත්මක නිසා ඒ බ්ලොග් එකට කියවන්නො අඩු වුනේ නෑ. නේම් ඩ්‍රොපින් නිසා බරපතල විවේචන ආවෙත් නෑ.

ලියවන්නෙ තමන් දන්න පුද්ගලික අත්දැකීම් නම්, ලියන දේ බලන කියවන්නොත් ඉන්නවනම් එහෙනං ඔය ඉඳ හිට ඇහෙන හූවක් දෙකක් ගනන් නොගෙන, තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියල දන්න දේ ඕන කෙනෙක් ලිව්වම ඉවරයි.

බලන් උන් බලනව, එපා උන් අහක බලන් යනව. නැත්ත ජිප්සීස්ල කියන්න වගේ අහල දුවනව, පැනල දුවනව.. බැරිනං ගහල දුවනව

කෙන්ජි තමන් දන්න විදියට තමන්ගෙ අත්දැකීම් වලින්  වැල පත්තර ගහනව. වැඩේ අල්ලන්නෙ නැති නිසා  මම බලල සද්ද නැතුව එනව. කැමති උන් උඩ පැනල කමෙන්ට් කරනව.

මම කුඹුරත් කොටල, එලදෙනගෙ කිරිත්  දොවල, එලෝලු කොටුවෙ පලදාවත් නෙළන අතරෙ කුකුල් කොටුවකුත් කරන ගමන්  රබර් රොටි දෙකක් දාන ඉන්ගිරියෙ රබර් ගොවියෙක් වගේ. 

කෙන්ජි ලෝක රබර් වෙළඳපොල වගේ. මගේ රොටි දෙක නොදැම්ම කියල රබර් වෙළඳපොලේ බිස්නස් වැටෙන්නෙ නෑ වගේම ලෝකෙ රබර් මිල වැටුන කියල මට පාඩුවකුත් නෑ!

ඒ උනාට ලෝක වෙළඳපොලෙ රබර් වැටුනම මම වෙනුවෙන් අඬන සමහර මන්ත්‍රීවරු වගේ අහක ඉන්න සමහර මල්ලිල ලියන උන්ටයි, බලන උන්ටයි, නොබලන උන්ටයි ඔක්කොටොම තලනව!!

ඊළඟට ඒ අයම ගිහිල්ල පැරාට බනිනව සමාජවදී රටවල තෝර ගැනීමේ නිදහස නෑලු.

තෝරගන්න දුන්නම ඕන එක අරන් යනව විතරක් නෙමෙයි එපා එව්ව පොලේ ගහල කුඩු කරන්නත් බලනව!

එහෙන් මඩේ දාල මෙහෙන් හෝදනව.

හැබැයි බ්ලොග් කියන්නෙත් සමාජෙ අනික් අය එක්ක කරන ගණුදෙනුවෙම කොටසක් නිසා දුබලයො පහු බහිනව, විනාස වෙනව, ප්‍රභලයො ඉතුරුවෙනව. 


පලි,

මම උඩ දාල තීන පින්තූරෙ සමහරවිට ඇයි එතනට යොදා ගත්තෙ කියල කියල තිබ්බොත් සමහරුන්ට වඩා පහසුවෙයි කියල තේරුනා.

ඔය සමහරුන්ට අනුව බ්ලොග් සමහර බ්ලොග් ලියන්නො මඩේ ඉන්න හරක් වගේ, තමන් කිරි කොක්කු වගේ. ඒ උනාට ඒ අයට අමතකයි තමන් වහල ඉන්නෙ අර මඩේ ඉන්න හරක් මත්තෙ කියල සහ බඩේ තීන්නෙ මඩේ උන්නු කාවය්යො කියල. ඒ එක්කම උන්ට අමතකයි මඩේ ඉන්න හරකගෙ බඩේ තීන්නෙ ගොඩේ තිබ්බ තණකොල මිසක් මඩේ තිබ්බ කුණු නෙමෙයි කියල..

තව එකක්. මම ඇනෝනිමසිටි සංකල්පයට කැමති, ඇනෝලගෙ ගොඩක් සහයෝගය ලබපු කෙනෙක්. සහන්ගෙ සහ අභීතගෙ කේස් වලදි ඇනෝ බ්ලොග් කිය්වන්නො කීප දෙනෙක් පට්ට උදව් කලා. ඒ හින්ද මේක මාලන්ගෙ වගේ ඇනෝනිමස් එරෙහි කතාවක් නෙමෙයි, නයි අරිනවා, නයි කාරයෝ කියල සමහර ලියන්නො කියවන්නොන්ට ඇනෝනිමසිටි තිරෙන් වැහිල ගහන එකෙන් ලියන උන් අධෛර්‍යට පත්නොවෙන්න මගෙන් පොඩි තල්ලුවක් විතරයි!!

70 comments:

  1. නෑ හිත හයිය වුන් දුබල වුණත් කෝම හරි ගේම ගහනව...
    කෙන්ජය්ය දැං නං වැල පත්තර ගහන්නෙ නෑ... ආයි ඒව කරන්නෑ කියල තිබ්බෙ...
    අපි ලියන්නෙ අපිට කැමති දේනං අනික් අයත් අවුලක් නැතිව බලනව නං අනේ කාටවත් මොකෝ මෙයා....
    මං ලියන්නෙ අපේ ඒව පත්තර වලට ගන්නැති නිසා... ඉටත් වඩා ලියන්න තියෙන ඇම්ම නිසා එච්චරයි

    ReplyDelete
    Replies
    1. නැහැ මහේෂ් මල්ලි...මගේ සහ තව අයකුගේ නම සදහන් කරමින් ඉන්දික ලොකු දෙයක් පෙන්වා දී ඇති හැඩයි ....
      මම නම් සිතුවේ අපව උදාහරණයකට ගෙන ඉන්දික සැමට යමක් කියා ඇති බවයි...

      Delete
    2. ප්‍රභලයො කියන්නෙ හිත හය්ය උන් තමා. මතකනෙ අර යාන් කතාවක එක ආගමික නායකයෙක් අනික් එක්කෙනාට කෝචියෙදි අතේ ජෝර් බොලෙ පෙන්නල "මේක තිබ්බට වැඩක් නෑ "කියල පස්සෙ ඔලුව පෙන්නල "මේක නැතිව" කියල.

      මහේෂ්ගෙ මෙන්න මේ කමෙන්ට් එක දාන්න තිබ්බ ගට අගය කරනව. ඒත් එක්කම ඊට උඩින් උඹත් ක්‍රයිස්ලර් නයෙක් ඇරල තීනව දැක්ක :D

      කෙන්ජි දන්නව හමට ගහන්න ගහන්න තමා පදම් වෙන්නෙ කියන එක. වැඩේ තීන්නෙ හම නොගහ හමට ගහන්නෙ කොහොමද කියල සමහරු නොදන්න එකයි.

      කෙන්ජි, හරි තැනින් අල්ලගත්තාට ස්තූතියි!

      Delete
    3. අභීතටත් ගහලා ගහලා දැන් මීහරකෙක්වගේ පදම් වෙලා නේද හම?

      Delete
  2. ඕන රෙද්දක් කියලා තමන්ට ඕන දේ ලියන එකයි තියෙන්නේ. කොමෙන්ට් දාන්න දෙනවා නම් තමන්ට ඕන කොමෙන්ට් එක දාන්නයි තියෙන්නේ. සමාජවාදේ වගේ හැම එකාම එකම විදියට ජීවත් වෙන්න ඕන නෑ නේ. අනික බ්ලොග් වලට අයිතිකාරයෝ නෑ නේ. අයිතිකාරයෝ වෙන්න දඟලන උන් මෝඩයෝ. බයේ දාලා යන උන් ඊටත් මෝඩයෝ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලොක්ක....

      Delete
    2. Maathalan,

      ඒක තමයි මාත් කියන්නෙ. ඒත් මේ ලඟදි ඉඳල සමහරු "නයි අරිනව, නයා පේනව" කියල ලියන, කියවන උන්ට විරුද්ධව පොඩි ව්‍යාපාරයක් ගෙනේයනව පේනව. එහෙම දෙයින් වැටෙන්නෙ නැතුව ලියපල්ල කියල පොඩි තල්ලුවක් දෙන්නයි මට ඕන උනේ.

      Delete
    3. අනිවා ... ඉන්දික ඔබ කියන එක මම බල බල හිටියෙ ...
      තේරුම් ගන්න කෙනකුට මේ ටික ඇති මචෝ...
      හැබැයි මේකේ කමෙන්ට්/පෝස්ට් ලියන අයගෙ අක්කර ගනන් හොයන සම හරක් වෙන්න පොලිස් කාරොයොන්ට වැටහෙයිද මන්ද...???

      Delete
  3. නයි සාපේක්ෂයි. නයි ගැන් මගේ මතය මම එක වතාවක් කිව්වා. ඒක හරියට අඟුරුවලින්, වැලි වලින් නැතිනම් බෝඹුකෝ‍ටුවලින් දත් මදින එකාට ටූත් පේස්ට් එක්ක බුරුසුවකින් දත් මදින එකා නයෙක් අරිනවා වගේ පේන්න පුලුවන්. නමුත් උගේ හිතකවත් එහෙම එකක් නෑ. ඒක ඌට සාමාන්‍ය දෙයක්.

    මේ ගැනම තව අපේම බ්ලොග් ලියන එකෙක් ඊටත් වඩා හොඳ උදාහණයක් දීලා තිබ්බ. (මට ඒ කවුද කියලා කවුරුහරි මතක් කලොත් ලොකු උදව්වක්. ) හෙලුවෙන් ඉන්න උන් රංචුවක් මැද්දේ අමුඩයක් ගහගෙන ඉන්න එකා නයි කාරයෙක් හැටියට පේන්න පුලුවන් කියලයි එතන කියලා තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. කකා වෙන්ඩ ඔනේ.

      Delete
    2. මා නයි කතා ලිව්වේ ටයර්, සයිකල් සහ කාර් උදාහරණයක් එක්කයි.
      http://kathandara.blogspot.com/2013/11/catch-it-if-you-can.html

      Delete
    3. හෙන්රිට මතකද ටෙරාසෝ කතාවක් මගේ පෝස්ට් එකක් මැදින් දාල කස්ටිය මාව නයා කළා.

      පස්සෙ ඒ අයම මගේ අරමුණ නයෙක් නොවන බව පැහැදිලි කළා.

      එදා මට තේරුනා my car - my petrol වුනාට park at ur own risk කියලා :)

      Delete
    4. /* හෙලුවෙන් ඉන්න උන් රංචුවක් මැද්දේ අමුඩයක් ගහගෙන ඉන්න එකා නයි කාරයෙක් හැටියට පේන්න පුලුවන් */

      බුදු අම්මෝ මේ කමෙන්ටුව හොයා ගන්න ගිය කාලයක්....!!!

      මහසොහොන් පිල්ලිය January 24, 2014 at 3:50 PM

      Delete
    5. හෙන්‍රි, ඔව් නයි සාපේක්ෂයි තමයි. අර පහල ප්‍රොෆ් ඇනෝ කියල තීන පෝර්ෂ් එකෙන් ගිහින් එම් ඇන් එස් එකෙන් පාන් ගෙනාව කතාව රෝහිත රාජ මාලක රාජ එක්ක " මට ලන්ඩනයෙදි උන දෙයක් කියල මචෝ" කිව්වොත් ඒක නයෙක් වෙන්නෙ නෑ.

      එක පාරක් කකා හාමිනේට ස්ටෙතස්කෝප් එකක් අරන් දුන්න කියල දාපු පෝස්ට් එක ගෙදර කොන්දොස්තරකම කරන නෝනෙක් ඉන්න මට පෙනුනෙත් නයා වගේ තමා. ඒත් ඉතින් කකාට කාකාගෙ බ්ලොගෙ නැතුව මගේ බ්ලොගේ ඇවිල්ල තමන්ගෙ හාමිනේගෙ වරුණාව කියන්නයැ!

      ඒකයි මාත් කියන්නෙ නයි කාරයො හරි තමන්ගෙ නලාව ගහන බ්ලොග් කාරයො හරි එහෙමයි කියල සමහර උඩු බිරුම් වලට භය වෙන්න එපාල. වැදගත් වෙන්නෙ ලිපියෙ රසයට නයා කොයිතරම් වැදගත් සහ අදාල වෙනවද කියන එක මිස නයාගෙ දිග පළල නෙමෙයි!!!


      Delete
    6. හෙලුවෙන් ඉන්න උන් ගොඩක් මැද්දෙ අමුඩයක් ඇඳන් හිටිය නම් ඒ කකා වෙන්න බැහැ කොහොමටවත්. :-)

      Delete
  4. මචන් ඉන්දික, කාලෙකින් බ්ලොග් බලන්න බැරි වුනා. අද තමයි ආයේ සති තුනකින් විතර බ්‍රේක් එකක් සෙට් වෙලා බ්ලොග් අස්සේ රවුම් ගැහුවේ.

    මම දන්නේ නෑ මේ සටහන ලිවීමේ අරමුණ. ඒත් නයි කතාවක් දැකලා මටත් මගේ ශත පහ දෙන්න හිතුනා.
    මම සිංහල බ්ලොග්ස් වලට ආවේ 2007. එදා ඉඳන් මේ බ්ලොග් අස්සේ ආපු බොහෝ අය දිහා මම බලාගෙන හිටියා. කැම්පස් වල හිටපු කොල්ලෝ, ඒ ඒ කාලවල ජොබ් කරපු ප්‍රෆෙසනල්ස් ලා විතරක් නෙමෙයි පොරවල් වෙන්න හදපු චරිතත් රස්තියාදුකාරයොත් මම දැකලා තියෙනවා.
    කන්න බොන්න නෑ කියපු, බයානක ලෙඩ තියෙනවා කියපු අය මට හමුවෙලා තියෙනවා. ඒ අය වෙනුවෙන් මට කලහැකි යම් යම් දේවල් මම කරලා තියෙනවා. ( මේ පොරක් කියන්න කියන කතාවක් නෙමෙයි හැබෑ කතාව මේවා බෝඩ් ගහලා කියවන්න මට උවමනාවක් නෑ. ඒත් දන්නෝ දනිති) මේ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙමෙයි සමස්ථ ලාංකීය සමාජයම ගැන.
    මනුස්සකම අගය කරන රටාවකට හැදුන මිනිසුන්ට ලංකාවේ ට්‍රෙන්ඩ් එක තේරෙන්නේ නෑ. හිතවත් කමක් යාළුකමක් පෙන්වලා උදව් ලබා ගැනිමේ පටු අරමුණින් මිනිසුන්ව ආශ්‍රය කරන, තමන්ගේ ආත්මය විකුණන අය අතර උගත් නූගත් කියලා පරතරයක් නෑ. උගත් එකා ඔක්කොටම වැඩියි මම හිතන්නේ. හැබැයි ඒ උදව් ගත්තා විතරක් නෙමෙයි අන්තිමට ගිහින් මඩ ගහන්නෙත් උන්මයි. මේ බ්ලොග් අස්සේ මුල්ම මඩ ගැහීමේ කලාව පටන් ගත්ත ඇනෝනිමස් ආතල් ලාගේ ඉඳලා මම දැකපු හැම තැනම තියෙන්නේ ඉරිසියාවක්. නැතිව සමාජය යහපත් කිරීම වෙනුවෙන් එකෙක්වත් ඔය කිසි දෙයක් කරන්නේ නෑ. මුලින් නම් මේ දේවල් දිහා බලා ඉඳිද්දි හිතට දැනුනේ දුකක්. කොටින්ම දැන් නම් එහෙමවත් දැනෙන්නේ නෑ. මේ හැමකෙනාම තමන් වෙනුවෙන් විතරක් වෙනුවෙන් පෙනී හිටින තමන් විතරක් හරි කියලා හිතන් ඉන්නේ මිනිස්සු.
    ඇනෝ කියන සංකල්පය බොහොම වටින කියන එකක්. ඒත් ලංකාවේ ඉන්න ඇනෝලට එහෙම කියලා එකක් නෑ. කාටහරි ගේමක් සෙට් කරන්න විතරයි බලාගෙන ඉන්නේ. මට මතකයි මුල්ම කාලේ මම ගැන ඇනෝ කොමන්ට් දාපු අය මට මඩ ගහපු අය මගෙ ගෙදරින්ම කාලා බීලා සමහරවිට මගේ සල්ලි වලින්ම ගත්ත කොම්පියුටර් එකකිනුත් මටම මඩ ගැහුවා. මම එදා වගේම අදටත් ඉන්නවා. මගේ ජීවිතය එදා වගේම ගෙවෙනවා. මම වචනෙකින්වත් කාගෙන්වත් උදව්වක් අරන් නෑ. ඒත් ඒ අය කොහොම තමන්ගේ මුහුණ උදේට කන්නාඩියෙන් බලනවද කියලා මට ඒ කාලේ ඉඳලාම හිතාගන්න බෑ. (ඒත් ඉතින් හර්දසාක්කියක් කියලා දෙයක් ලංකාවේ මිනිසුන්ට නෑ කියලා අමුතුවෙන් හිතන්න මම මහන්සිවෙන්නෙත් නෑ.)

    අදටත් මම දකිනවා මම ලියන දේවල් වලට නයි කතා කියනවා. කාටහරි එහෙම හිතුනට මට කරන්න දෙයක් නෑ. කාන්තාවක් විදියට, මනුස්සයෙක් විදියට, ප්‍රොෆෙසනල් වර්කර් කෙනෙක් විදියට ඒ වගේම පිස්සු කෙල්ලෙක් විදියට මම මගෙ චරිතේ මගේ බ්ලොග් එකටත් ගේනවා. මවපු කිසිම දෙයක් නෑ. මේ බ්ලොග් ලෝකේ ඉන්න බොහොමයක් දෙනා හැබෑවටම මාව දන්නවා. උන් ඒවට මට නයි කියන්නේ නෑ කණ පැලෙන්න බනිනවා මිසක්. එයිට අමතරව හැබෑ ලෝකේ මගේ යාළුවෝ මගේ ගෙදර මිනිස්සු මගේ ක්ලයන්ලා මේක බලනවා. මට මේ බ්ලොග් එක කවුරු කියෙව්වත් නැතත් මම ලියනවා. ඒ මම ලියන්නේ මගේ ස්ට්‍රෙස් අඩු කරගන්න හින්දා. මම සිංහල ලියන එකම තැන හින්දා. මගේ මෝඩ වැඩ මට ඩිස්කස් කරන්න පුළුවන් තැනත් මේකම හින්දා. කොහොමත් මම හැබෑ ජීවිතේ මේ බ්ලොග් එක වගේම පිස්සුම පිස්සු කෙල්ලෙක්. හැබැයි එක වෙනසක් මේ ලියන වචනයක් පාසා ඉන්න මනුස්සයාම හැබෑවටම පොළවේ පය ගහලා හැබෑ ජීවිතෙත් ඉන්නවා.
    කොමන්ට් එක දිගයි. ඒත් නයි ගැන වෙනම ලියනවට වඩා මේකෙම ලියනවා.
    එක එක කාලෙට එක එක අය එනවා. ආවා ගියා. හෙටත් එහෙම වෙයි. ඒත් අපි හැමදාම එකම විදියට ඉන්නවා. කාටවත් කරදරයක් ණැතිව තමන්ගේ පාඩුවේ පුළුවන් දෙයක් අනුන්ටත් කරලා. ඒකම වෙන්න ඇති නේද බලාගෙන ගියාම මගේ නම් නයි?

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි නයාගෙ දිග..!!! :D :D

      //මට මතකයි මුල්ම කාලේ මම ගැන ඇනෝ කොමන්ට් දාපු අය මට මඩ ගහපු අය මගෙ ගෙදරින්ම කාලා බීලා සමහරවිට මගේ සල්ලි වලින්ම ගත්ත කොම්පියුටර් එකකිනුත් මටම මඩ ගැහුවා.//

      ඕක ලාන්කික අනන්‍යතාව මචෝ. අපෙන් කාල අපිට කෙලින උන් තමා වටේ වැඩි හරියක් ඉන්නෙ. ආයි මුකුත් ඕන්නෑ මට උන දේ දැක්කනෙ.

      Delete
  5. මම හිතපු දේට සමාන දෙයක් ඩූඩ් කියලා තියෙනවා...සිංහයා ලියන අය ගැන ලියලා තියෙනවා වගේම කියවන අයත් විවිධයි. බලන ඇහේ හැටියට තමා හැමදේම පේන්නේ. මම කීවේ කියවන අයට. :)

    සමහර වෙලාවට කාර් එක කොහේ පාර්ක් කරගෙන හිටියත් එන්නෙම හැප්පෙන්ටනේ. :D

    ReplyDelete
    Replies
    1. ලස්සනට බොනට් එක බූට් එක පිමිබිල තීන කාර් දැක්කම හප්පන්න හිතෙනව තමයි ඉතින් :D

      Delete
  6. //...හැබැයි බ්ලොග් කියන්නෙත් සමාජෙ අනික් අය එක්ක කරන ගණුදෙනුවෙම කොටසක් නිසා දුබලයො පහු බහිනව, විනාස වෙනව, ප්‍රභලයො ඉතුරුවෙනව....//

    මේකත් නිකම් හරියට පරිණාමවාදේ වගේ තමා. මේකට කියන්නේ උචිතෝන්නතියද ? ස්වභාවික වරණයද කියලා මට මතක නැහැ

    ReplyDelete
    Replies
    1. //උචිතෝන්නතියද // මෙහෙම එව්වා පැහැදිලි කරලා තේරුමත් කියං බන් . . . තේරෙන්නේ නෑ වචනේ අඩේ

      Delete
    2. @Hasitha, ස්වභාවික වරණය. පවතින්න හය්ය නැති උන් වඳවෙනව.

      මගිය, මූ දැන් ක්ලාස් එකක් ගහපු වෙන්ට ලැක්චරර් කෙනෙක්. ඉතින් ඔය දැම්ම ප්‍රැක්ටිස් කරනව පඬි වදන් දෙන්න.

      Delete
  7. මේ මොනව කියනවද ලොක්කා මට නං තේරෙන්නෑ..

    ReplyDelete
  8. මට නං ඔතන තියෙන්නේ නයාට වඩා මිනිසුන්ගේ ස්වභාවයට සම්බන්ධ දෙයක්. සමහරු රට ගිය කතා, කරපු දේවල් ලියනවා, කියවනකොට ඒවා නයි කියලා හිතෙන්නේ නෑ. හැලපයා, බින්දි, සරත් ලංකාප්‍රිය එහෙම ලියන දේවල් කියවනකොට අපේ ජීවිත වලට වඩා ලොකූ වෙනසක් තිබ්බත්, ඒවා රසවත්ව කියවන්න පුළුවන්, ඒ වගේම තමා ඉස්මතු නොවෙන ආකාරයකින් ලියලා තියනවා. මේ කැටගරියට දාන්න පුළුවන් තව බොහෝ දෙනෙක් ඉන්නවා, ඔක්කොම නම් මතක් වෙන්නේ නෑ ඉතිං. ඒවා කියවන කෙනාට බලෙන් ඇඟේ ගහන්න යනවා වගේ හැඟීමක් දැනෙන්නේ නෑ. ඉඳලා හිටලා ඉතිං තියනවා එහෙම දැනෙන බ්ලොග්.. මම නම් ඒවට විරුද්ධව මොකවත් කියලා නෑ... නමුත් ඉතිං ගිහින් කියවන්න තරං රසයක් නෑ...

    මාත් ඉස්සර ඔය නයි ඇරීම කලානේ. දවසක් යාලුවෙකුගේ ගෙදරදි නයාටම ඕක එපා වුණා. ඌ කිව්වා "අනේ හාමු මහත්තයා, මට දැන් ඇතිවෙලා තියෙන්නේ, හරිම ටයර්ඩ්, දැට්ස් ඉට්, අයෑම් ගොයිං හෝම්... අනේ ඩ්‍රයිවර්ට කියන්න මාව ගිහින් බංග්ලෝ එකට ඩ්‍රොප් කරලා එන්න කියලා"...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, සමහර නමක් හදගෙන, පිරිසක් ඉන්න බ්ලොග් ලියන්නන්ට වඩා මෙතනදි ඉලක්ක වෙන්නෙ පොඩි උන්ව. එහෙම නැත්තන් අමාරුවෙන් ඒත් ආසාවට ලියන්න ඔය රන්ගිල වගේ උන්ව.

      ඇයි ඉස්සර ෆෝන් වල රින්ග් ටෝන් එකක් තිබ්බෙ "හාමු මහත්තය කෝල් එකක්" කියල.:D

      Delete
  9. අනේ මංද ඉතිං ඕව ගැනනං.
    අර අපේ වෙනී අයියත් වෙලාවකට හොඳ නයි ඇරල නාගන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. වෙනිය මම හිතන්නෙ අහිකුන්ඨික සම්භන්දයක් තීන පොරක්. ඕන වෙලාවක පෙට්ටිය ඇරිය ගමන් එන්නෙ නයා තමයි මුලිම්ම.

      Delete
  10. උඹ, හෙන්රි බ්ලොග්වෝකර් කියන විදියට නයි ඇරිල්ල සාපේක්ෂ නෑ. එක්කෙනෙකුට නයෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට තමුන්ගෙ ජීවිතේ කොටසක් වෙන්න පුළුවන්. නමුත් බ්ලොග් අවකාශයේ නයි ඇරිලි ගැන පරීක්ෂාකාරීව බැලුවොත් හිතාමතා නයිඇරීම සහ එසේ නොවීම කියන දෙකේ වෙනස හඳුනාගන්න පුළුවන්.
    උදාහරණයක් විදියට බ්ලොග් අවකාශයේ ප්‍රසිද්ධම චරිතය වෙච්ච කතන්දරකාරය ගනිමු. සාමාන්‍ය බ්ලොග් කියවන්නන්ට "නයි" වෙන ඕන තරම් දේවල් කකාගෙ ජීවිතේ තියෙන්න පුළුවන්.(වෘත්තියෙන් මැවිසුරුවරයෙක් විදියට, රට රටවල සංචාරය කල කෙනෙක් විදියට, නෝන වෛද්‍යවරියක් වන කෙනෙක් විදියට) නමුත් කකාගෙ ලිපි වල නයි පේනව කියල එහෙමකට චෝදනා එල්ල වෙන්නෙ නෑ. නමුත් තමන්ගෙ a, b, c, d ,..... ගැන "කියන කාරණයට වැඩිය අදාලතාවයක් නැතිව" විස්තර කරන අය ඕන තරම් මේකෙ ඉන්නව. දෙගොල්ලගෙ වෙනස ඒකයි.

    ReplyDelete
    Replies
    1. කකාගෙ නයි කකාම ඔන්න මෙයා නයා කියල කියලම අරින නිසා ගේම ඉල්ලන්නෙ නෑ ඒතරම්ම. අනික කකාගෙ සමහර නයි ගියා කියල තේරෙන්නෙ නයාගෙ හැවත් දිරුවට පස්සෙ. අර බත් ඇටේ කතාව මතකනෙ. ඒක ලිවීමේ දක්ෂතාව. ඒත් හැමෝටම ඒක නෑනෙ බන්.

      Delete
  11. වලියක් දාන්න කවුරුවත් නෑතුව ඉන්දිකට පාලුයි වගේ. :-))

    ReplyDelete
    Replies
    1. :-)
      මූ ලඟදි ඉඳල ටිකාාාාක් වලියට බරයි

      Delete
    2. ගල්වල හැපෙන පෙරලෙන බිඳෙන රළ නගින වතුරටම මම කවදත් ආසයි.

      Delete
  12. තම තම නැණ පමණින් කියලයි කියන්න තියෙන්නෙ,කෙනෙකුට ඉතාම සාමාන්‍ය දෙයක් තවත් කෙනෙකුට නයෙක් හැටියට පෙනෙන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. තම තම නයි පමණින්?

      Delete
    2. හරියට හරි. තමන්ගෙ නයි තන්නයි!!

      Delete
  13. ඕන එකක් ලියලා දාල මගේ නෙමේ වගේ ඉන්න එකයි තියේන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න බැරි කමනෙ බන් අවුල...

      Delete
  14. මාත් හිතන්නේ නයි සාපේක්ෂයි කියන එක ඇත්ත වෙන්නෙ ආත්මාර්ථකාමී කම, බුද්ධිමත් කම වගේ දේවල් සාපේක්ෂ වෙන විදියටම තමා. සමහර වෙලාවට කියන්න යන දේ කියන්න අවශ්‍ය විස්තර දෙන්න වෙනවා. සමහර විට සමහරු කියන දේ central idea එකට අදාල නැති විස්තර බලෙන් වගේ ඔබ්බවනවා. සමහරුන්ගෙ කතාව කියන්නෙ ම එහෙම ඩීටේල්ස් ටිකක් එලියට දාගන්න විතරයි.

    ලියන්නා මොන අදහසකින් ලිව්වත්, මිනිස්සු ඔය කලින් කියපු ආත්මාර්ථකාමී, බුද්ධිමත් කොලිටි ජජ් කරනව වගේ නයි අභිමතාර්ථයත් ජජ් කරනව. දැන් මම හිතන හැටියට

    "මම ගමන යන්න පරන ලදරං කාර් එකට නැගල යතුර කරකැව්වට ඇන්ජිම ස්ටාර්ට් වෙන්නෙ නෑ"

    "මම ගියේ ස්පෝස්‍ර්ට්ස් කාර් එකේ නිසා උන් තුන් දෙනා වම දා ගන්න බැරි වුනා"

    "හරි බඩගිනි නිසා මම මගෙ 2013 Porche Cayman S එකෙන් M&S එකට දුවල ඉක්මනට පාන් ගෙඩියක් අරගෙන ආව"

    කියන වාක්‍ය වල නයි පාඨාංක එකිනෙකට වෙනස්.

    වාක්‍යයක දක්වන විස්තර ප්‍රමානය සාමාන්‍යයෙන් රචකයාගෙ අභිමතාර්ථය ගැන හැඟවීමක් කරනව. දැන් "දන්සැල නොපෙනෙන මානයකට දිව්වා" කියනවට වඩා "දන්සැලේ බල්බ් වැල් නොපෙනන මානයකට දිව ගිය" කියන කොට, බල්බ් වැල් කතාවට කොහෙත්තම අදාල නැති වුනත්, දේශකයා කරන්න හදන්නෙ උත්ප්‍රාසයක් කියල අපිට තේරෙනව. කෙනෙක් නිකන්ම විස්තරයක් ඔබ්බවන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඒක නිසා කෙනෙක් කියවන කොට, ඇයි මේ විස්තරේ මෙතෙන්ට කියල හිතන එක වලක්වන්න බෑ මම හිතන්නෙ. වෙන හේතුවක් නොපෙනෙන වෙලාවට කෙනෙක් නයෙක් ව උපකල්පනය කරන්න ඉඩක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. දක්ෂ රචකයො වෙච්චි දේශ, සඳරු, කකා සරත් හැළපෙ අරූ වගේ අය උඹ කියන විදියට වැඩේ ගොඩ දාගන්නව. ඒත් ඒක නැති අපි වගේ උන් ලියනකොට සමහවිට නයා ගෙඩිය පිටින් පුප්පනව.

      උඹ කියපු එක හරි, අර වාක්‍යවල නයි පාඨාංක වෙනස්, ඒ වෙනස් වෙන්නෙ වාක්‍ය අනුව නෙමෙයි කියවන එකා අනුව.

      //ලියන්නා මොන අදහසකින් ලිව්වත්, මිනිස්සු ඔය කලින් කියපු ආත්මාර්ථකාමී, බුද්ධිමත් කොලිටි ජජ් කරනව වගේ නයි අභිමතාර්ථයත් ජජ් කරනව//

      උඹත් ඉඳ හිටල පට්ට විහිළු කරනව නේ?? බඩ රිදෙනව යකෝ ඔව්වට හිනා වෙලා..!!

      Delete
  15. මෙතන ඩූඩ් ගේ කොමෙන්ටුව අනුමත කරමි. හැමදේම සාපේක්ෂ විට නයා පමණක් නිරපේක්ෂ වන්නේ නැත නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඇයි අපි සීමා දාගන්නෙ. බය නැතිව ලියමු. ඒ උනාට මෙන්න අද (26) ඩූඩ්ම දාපු කමෙන්ටුවක කොටසක්

      //දැන් ඔක්කොම ඒ වගේ සීන් අයින් කරලා ඩී-නයි කරලා ගත්තාම, ලියනන් තියෙන්නේ මම පොඩි කාලේ එකම එක වතාවක් සිල් ගත්ත එක විතරයි.//

      මේ කාට භයේද?

      Delete
  16. හැක් ...හැක් ... මචෝ ඉන්දිකය ...උඹ මේ පෝස්ට් එකත් එක්ක මගේ නම ගාවල ලියපු 2 වැනි ලිපිය thnx බොක්ක...
    මචං මං බොගවල් ලියන්න හිටපු එකෙක් නෙමේ බං .. හුග අයෙක් කිව්ව ලියපං කියල...
    ඉතිං බං 3 වසරත් පළමු මාස 3 න විතරක් ඉක්කූල් ගිය මට මොන ලියවිලිද....
    ඉබේම ළමයෙක් බොගකුත් හදල දුන්න....
    මට ලියන්න මුචලින්දල නැහැ බං ...ඇනකොන්ඩල & වැලස් හැර ...
    පිංතුර දැම්මොත් JR ලොක්ක හැර ...මට කරට අත දාගෙන ඉන්න දැන් ලොක්ක ඇතුළු මඩ ගොහොරුවෙ 225 න් 1/3 ක් දාන්න පුළුවන්...
    මම ඉන්දික එකක් දැන් හිතාගෙන ඉන්නෙ ...උඹල මට මේ දෙන "රෙඩ් බුල්" උත්තේජනක පානයෙන් ...
    මම කවද හරි හොද ලේඛකයෙක් වෙනවාමයි....!
    thanks again Indika .....

    ReplyDelete
    Replies
    1. /* මම කවද හරි හොද ලේඛකයෙක් වෙනවාමයි....!*/

      Like.

      Delete
    2. අනේ නැහැ ඉවාන් මල්ලි....thanx ...විකසිත කතාව ඔයා කිව්වෙ මොකටද මන්ද...?
      ඒක බැලුවම/සවන් දුන්නම ඒ විනාඩි ගානට මාව ගොඩක් දුර ගෙනිච්ච්.... ස්තුතියි.... මල්ලි.

      Delete
    3. හත් ඉලව්වයි යකෝ දැන් කෙන්ජිගෙන් බේතකටවත් කුනුහරුපයක් කියවගන්න් බෑනේ යකෝ...:D

      Delete
    4. කෙන්ජා වෙලාවකට හරි නපුංසක විදියට නේ අකුරු කොටන්නේ.. දෙබිඩ්ඩෙක් වගේ..

      Delete
    5. අඩෝ...දේශා N අකුරෙන් තියන වචනෙ අහක් කර ගනින් හරිය.... :) :)

      Delete
    6. @ඉවාන්
      මම කිව්වේ දැන් කෙන්ජි හොඳ වෙලා කියල :P

      Delete
    7. කෙන්ජි, පෙනේ පුප්පන්නෙ නැති නයා දරමිටි බඳින්න ගන්නවලු ගෑණු. ඒකනෙ ඔය දේශ කියන්නෙ.


      කෙන්ජි දැන් හරි පාරට වැටුනු ගානයි. මම හිතන්නෙ කින්ජිටම තිරේල සුරුස් ගාල උඩ ගිහින් ඩෝන් ගාල පත්ත්වෙන අහස් කූරු ඒ එක්කම වැටිල නිමිල යන බව.

      ඔහොම යන්, සුභ ගමන් මිත්‍රය!!



      @මහසොහොන් පිල්ලිය,

      කෙන්ජි වඳ වෙලා..???????@!#!@#$!#%

      Delete
  17. >> හැබැයි බ්ලොග් කියන්නෙත් සමාජෙ අනික් අය එක්ක කරන ගණුදෙනුවෙම කොටසක් නිසා දුබලයො පහු බහිනව, විනාස වෙනව, ප්‍රභලයො ඉතුරුවෙනව. <<
    සහතික ඇත්ත ඉන්දික ....
    මම බොග පටන් අරගන කුණු හෑලි ලියලත් මාස 3 න පහු වුනාම ගොඩ වැදිල ඉන්න කස්ටිය දැක්කම ඒක තේරුම් යනව.සමහරුන්ට අවුරුද්ද වෙලත් ඒ කිට්ටුවට එන්න බැහැ.මම අඩාල එන්නකො කියල නැහැ කාටවත්.
    එන අයට සැනින් රිප්ලයි දෙන්නත් කාරුණික වෙනව.
    මම උඹල එක්ක ඉන්නෙ සතුටින්..
    මුල් කාලේ වගේ මගේ නම ගාවල මේ වගේ ලිපියක් දැක්කනම් පාදුක්කෙ ඉදල හංවැල්ල ටම කපනව රබර් ... කිරි බේරෙන්නම .... හැක් ...හැක් ... දැන් ඒම නැහැ බං :) :)

    ReplyDelete
    Replies
    1. //එන අයට සැනින් රිප්ලයි දෙන්නත් කාරුණික වෙනව.//

      මේක මම දැක්ක උඹෙ වටිනම ගුණයක්.!!

      Delete
  18. කාට හරි මඩ ගහන්නත් ඇනෝ තියරිය පාවිච්චි වෙනවා

    ReplyDelete
    Replies
    1. සමහරු බොරු ප්‍රොෆයිලුත් පාවිච්චි කරනව.

      Delete
  19. අලුත් විදියට කුකුල් මස් කරියක් හදන එකක් ගැන එකපාරක් පෝස්ට් එකක් තිබුනා. එතනදි ඒ පෝස්ට් එකේ ඒ මනුස්සයා උදේ නැගිට්ට වෙලාවෙ ඉදලා දවල්ට උයන වෙලාව වෙනකල් සිදුවීම් ටික විස්තර කරලා. මීට කලින් කුකුල් මස් හදාපු රස තැන් ගැන විස්තර කරලා..මස් ගන්න විදිය ගැන විස්තර කරලා මස් කරිය හදන තැනට එනකොට වචන 1500ක් විතර ඉවර වෙලා. කරිය හදාගන්න තියරි එක තියෙන්නෙ පේලි දෙකයි හෝ තුනයි.

    මම ලියනකොට ඒ වගේ කවදාක හරි සිංහලෙන් වචන ගහල සර්ච් කරන කෙනෙක්ට මගේ පෝස්ට් එක ලැබුනොත් ඒ අය ගොඩාරියක් අපහසුතාවයට පත්වෙන විදියට ලියන්නෙ නැහැ. පුද්ගලික කතාවක් ලියනවා වුනත් මාව කවදාවත් නොදන්න අයෙකුට වුනත් සුටුස් ගාල තේරුම් ගන්න පුලුවන් විදියට තමයි ලියන්නෙ.

    සමහර ජනප්‍රිය සිංහල බ්ලොග් කොයි තරම් හොද වුනත් කැරකෙන්නෙ එකම සෙට් එකක් වටේ විතරයි. මට නම් ඒක ආතල් මදි. ක්ෂේත්‍ර ගනනාවක දේවල් මට අවශෝෂණය කරගන්න සුුලු හැකියාවක් යම් තරමිකින් තිබෙනවා. ඉතිං මම හිතන්නෙ ඒ වගේ අනික් අයත් හැමදාම එකම දේවල් කරන එකම ආතල් එක පට්ට ගහන මිනිස්සු නොවිය යුතුයි කියන තැන ඉඳන්..

    ReplyDelete
    Replies
    1. අමිලගෙ දැකපු දිගම කමෙන්ට් එකක් :D

      ඔව් සමහරු නොදන්න කමට හෝ නොතෙරුම් කමට නයා කරගන්නව. සමහරු ඕන කමින්ම නයා මුලින් එවනව. ඒ කෙනෙකුගෙ පුද්ගලික අදහස් නම්, කරන්න ඕන කරුණු විවෙචනය මිස ලියන්නා විවෙචනය නෙමෙයිනෙ. ඒත් වෙන්නෙ අනික් පැත්ත.

      //හැමදාම එකම දේවල් කරන එකම ආතල් එක පට්ට ගහන මිනිස්සු නොවිය යුතුයි //
      මෙන්න මේක බොහොම වැදගත් ජීවිතේ හැම කරුණකදිම.

      Delete
  20. මම නම් නයි අරිනවා ඕනි තරම්...හැබැයි ඇත්ත නයි..උන් මම ලඟ ඉන්න උන්ම තමයි..නැති නයි නම් අරින්නෙ නෑ..ප්‍රසා කීවා වගේ කට්ටිය එන්නෙ ඒ වෙලාවට මාව නාවන්න..මාත් ඔන්න ඔහේ නෑවා වගේ ඉන්නවා..වේලෙන්ඩ වැඩි කාලයක් යන්නෙ නෑහ්...

    ReplyDelete
    Replies
    1. වෙනියට දිය යට කිමිදෙන එකේ ඔය වතුර එකක් දෙකක් ඔළුවෙ වැටුනට මොකෑ නේද?

      Delete
  21. හෙන්රි වර්ණකුලසූරියMarch 21, 2014 at 9:29 AM

    බ්ලොග් කියන්නෙ සීමා මායිම් නැති විශාල පදාසයක්. මම නං මෑතකදි තමයි බ්ලොග් කියවන්න ගත්තෙ.
    ඕනැ කෙනෙකුට නයි අරින්න බැරි නම් පිඹුරො, ඇනකොන්ඩාවො ඇරියත් අපට මොකෝ.....
    කැමති අය කියවාවි. නයි ඇරිල්ල වාතයක් වුණොත් අත හැරල දමාවි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියMarch 21, 2014 at 9:33 AM

      අමතක වුණා.... මාව බ්ලොග් කියවන්න උනන්දු කළේ මේ ඉන්දිකම තමයි. බ්ලොග් ලෝකයට දොර විවර කොට දුන්නාට ඉන්දිකට බොහොමත්ම ස්තූතියි කියන්නත් මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.

      Delete
    2. අගය කිරීම ගැන ස්තූතියි...පොත් ගානක් ලියාපු, ලංකාවෙ ප්‍රසිද්ධ මාධ්ය ආයතයක විධායකයෙක් උනු, විශ්ව විද්‍යාලයක මාධ්‍ය ආයතනයක් භාරව හිටි "පොරකට" බ්ලොග් ලෝකෙ පෙන්නුව කියන්නෙම සුළු පටු නයෙක්ද...

      Delete
  22. mama blog okkoma kiyawala comments hithatama dagena nikan innawa -sunee anty

    ReplyDelete
    Replies
    1. මම දැකපු හොඳම සහ අවංකව සිනාරැල්ලක් ගෙනාව කමෙන්ට් එකක් මේ. ඔබට ස්තූතියි මේ ගමනවත් ඒ වෘතය බින්දාට.!

      Delete
  23. ඔය නයි කේස් එක කාලෙකට කලින් නැගලම ගියා නේද..සමහරු බ්ලොග් ලිවිල්ලත් නතර කලා..මම බ්ලොග් කෙරුවාවට ආව මුල්ම කාලෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකෙන් අහින්සක නයි කීප දෙනෙක් අපිට නැති උනා. ඒ නයි නැති කරන්න මුල් වෙච්චි සමහරුත් පස්සෙ නැතිවෙලා ගියා. හසිත මලය කිව්ව වගේ සොභාවික වරණය.

      Delete
  24. සමහර වෙලාවට නයින්ව දකිනවා. නයින් නෙමේ ටෙන් කියලා හිතාගෙන කියවනවා. ඉතින් බන් අරින්න නයි තියා ගැරඬිත් නැති අපිට නයි කයිද රෝස් පාන් කියලා පාඩුවේ ලියාගෙන, කියවගෙන, කමෙන්ට් එකක් දාගෙන යනවා. මගේ මිත්‍රයෙක් හිටියා...පොඩ්ඩක් වගේ මඤ්ඤං.. හඳ පායලා තියෙන දවස්වලට පොර මහ රෑ වෙනකම් එහාටයි මෙහාටයි ඇවිදිනවා. මොකෝ බන් ඇවිදින්නේ කියලා ඇහුවාම....හඳ තියෙනවා අපි ඇවිදිනවා...කියලා ඌ හිනාවෙනවා.ඒ වගේ තමයි බ්ලොග්ස් තියෙනවා...මම කියවනවා .

    ඉන්දික මම නම් ඇනෝ කමෙන්ට්ස් ගැන දක්වන්නේ හොඳ ආකල්පයක්. කක්කා කරලා බිත්තියේ අතුල්ලන ඇනෝල ගැන නම් අණුකම්පා කරනවා හැර මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. යාළුවගෙ කතාවෙ පට්ට අර්ථයක් තීනවනෙ ටිකක් හිතුවම!

      ඔව් බන්, ලියන එකා භය නැතුව ලිව්වනං කියව්න එකා කියවයි, නැත්තන් නටයි.

      Delete
  25. මේවා කොහේ හරි ලියන්නත් එපයි....... දැන් ඩයරිත් ලියන්නේ නැති එකේ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...ඒ උනාට අනුන්ගෙ ඩයිරි බැලීම නරක වැඩක් ළමයි :D

      Delete

LinkWithin

Related Posts with Thumbnails