Saturday, March 1, 2014

සාධු සහ භර්‍යාව!




 අපි පොඩි කාලෙ ගමේ පන්සලේ, දහම්පාසලේ හාමුදුරුවන්ට ඇමතුවේ පොඩි සාධු, ලොකු සාධු වගේ සාධු කියන නමින්. ඔක්කොම සාධුලගෙ ලොක්ක බුදු සාධු.


ඒත් පස්සෙ හතරෙ පහේ පන්තිය පාස් කරනකොට ඉගෙනගත්ත නෙමෙයි ඉගැන්නුව සාධු කියන එක වැරදියි, මොකද සාධු කියන්නෙ ඉන්දියාවෙ ඉන්න සන්‍යාසි වර්‍ගයක්ය, ඒ නිසා හාමුදුරුවන්ට සාධු කියන එක අපහාසයක් වෙන දෙයක්ය කියල.

ඉතින් ඉන් පස්සෙ අපි හාමුදුරුවන්ට හාමුදුරුවනේ කියල කියන්න ගත්ත.

ඊටත් පස්සෙ තව අපි දැක්ක ටී වී රේඩියෝ වල බණ කියන්න සාකච්ඡා වලට එහෙම ආවම අර "සාධු" ලට ස්වාමීන්වහන්ස කියල අමතනව කියල. ඒ අනුව අපිත් ඉස්කෝලෙ ලොකු වැඩකදි, ප්‍රසිද්ධ සභාවකදි සාධුලට "ස්වාමීන්වහන්ස" කියල කියන්න ගත්ත.

ඔය මොන නමින් ඇමතුවත් අර සාධු කියන නම ගැන හිතේ තිබ්බෙ ලොකු ගෞරවයක්.

ඒ එක්කම පස්සෙන් පහු පාලි ටිකක් එහෙම ඉගෙන ගද්දි වැටහුනා සාධු කියන්නෙ යහපත් චර්යාව වගේ අදහසක් තමයි කියල. ඉතින් එහෙම බැලුවම බුදු පුත්තුන්න්ට සාධු කියන එකේ වරදක් නැති බවත් තේරුනා. ඒ හින්ද හරි වෙන හේතුවකට හරි දිගටම අපි සාමණේර නමකට ඇමතුවෙ පොඩි සාධු කියන නමින්ම තමයි.

ඒ එක්කම අපේ දරුවොන්ට බුදු පිළිමෙ පෙන්නල ඉගැන්නුවෙ "අන්න පුතේ බුදු සාධු" කියල.

එහෙම උගන්නපු ජයසිරියගෙ ( ජයසිරිගෙ කතා අර මාරයගෙ ජුංඅලයට" වඩා වෙනස් වෙන්නෙ නෑ. වෙලාවක ලියන්න ඕන )අවුරුදු තුනක විතර පොඩි පුතා පොළොන්නරුවෙ ගල් විහාරෙ ගාවට ගිහිල්ල සැතපෙන පිළිමෙ දිහා ටිකක් වෙලා බලං ඉඳල " අම්මෙ සාදු දදොං" කිව්වම සමහරුන්ට හිනා ගියත් තව අහල පහල අයට තද උනේ සාධුට තිබ්බ ගෞරවේට.

තව අපි සාධු කිව්ව හාමුදුරුවො "සාධුකාර දෙන්න පින්වතුනි" කියල කිව්වමත්. ඒත් අර යහපත් අර්ථයෙන් කියපු "සාධු" කියවිල්ලක්.

ඊටත් අමතරව "සාධු ජන රාව" ප්‍රසංගයෙත් යහපත් අරමුනින්ම සාධු වචනෙ යොදාගෙන තිබ්බ.

ඔයිට අමතරව සාධු කියන වචනෙ අපි පාවිච්චි කරා තව එක දේකට. ඒ තමයි තරහ කාරයෙක්ට මොනා හරි හෙනයක් පහත් උනාම "අනේ සාධු" කියන්න. ඒකනං තනිකර ද්වේශයෙන් සාධු වචනය පාවිච්චි කිරීමක්.

හැබැයි ඔය ඔක්කොටම වඩා අමුතු, තේරුම හිතාගන්න බැරි දේකට සාධු වචනය පාවිච්චි කරල තීනව මම ගොසිප් සයිට් එහෙක පුවතක දැක්ක.

ඒ සාධුචර්යාව කියන වචනය පාවිච්චිකරල තීන අර්ථය මට තාම නිකං ප්‍රන්ස ඇනෝගෙ කමෙන්ට් එකක් වගේ!


මට තීන ප්‍රශ්නෙ මෙතන සාධුචර්‍යාව කියන වචනෙ ගත්තෙ මොන අරථයෙන්ද කියන එකයි.

ඒ ගත්තෙ අර උඩ මම කිව්ව හාමුදුරුවන්ට සාධු කියන පුරුද්දටනම්, සමහරවිට මේ කියනව ඇත්තෙ රිතිකා කොඩිතුවක්කු එක්ක ගිටාර් ගහපු බොබසෙ හාමුදුරුවන්ගෙ ජාතියෙ සාධු කෙනෙක්ගෙ චර්යාවක් ඇතිනිසායගැන කියන එක වෙන්නත් බැරි නෑ.

එහෙම නැත්තන් මේකෙ වෙන මොනාහරි සැඟ වුනු හරි මම නොදන්න අර්ථයක් හරි තීනවද කියල මේ ජාලෙ ඉන්න සිංහල බෞද්ධ පකීර්ල ටික මට තෝරල දුන්නොත්.. අම්මේ මහා පිනක් ඔබතුමන්ල තුමියන්ලට!

ප/ලි

 හොඳ වෙලාවට ආනන්ද සාධුට මාරය වැහුනෙ. නැත්තන් බුදු සාධුටත් වෙන්න දෙදාස් පන්සිය හැටේදි විතර සාරි වෙන්න ( ©බුකිය )

ප/ප/ලි

අර මාතෘකාව ටයිප් කරද්දි කන්වටෙරේ c වෙනුවට b වැදිල. ඔන්න ඔහේ තියෙන්න ඇරිය. සී මොකද බී මොකද එක අකුරනෙ එහා මෙහා වෙලා තීන්නෙ!

70 comments:

  1. ඕක මොකක්ද මෙයා ගස් ගල් ගාණට සමාදාන විනිශ්චකාරයෝ,ආචර්ය,මහාචාර්ය,දේශප්‍රේමි,දේශබන්ධුලා ඉන්න රටේ.,,,:D

    ReplyDelete
    Replies
    1. 1. ඔඩෙල් කේස් එකෙන් පස්සේ උදාරි ගැන වැරදි ආරංචි අපිට අහන්න ලැබුණාද? ඊට ඉස්සෙල්ලා අහන්න ලැබුණාද? (ඔය රෙදි හොරකම් කිරීම මානසික රෝගයක් බව ඔබ දන්නවාද? එංගලන්තයේ රජකෙනෙකුට ඔය රෝගය තිබුණාලු. රජතුමා වෙළඳපොලේ සංචාරය කළොත් සේවකයෙක් පිටිපස්සෙන් යනවා හොරෙන්ම රජතුමා හොරකම් කරන දේවල් වලට සල්ලි දීලා ශේප් කරන්න)

      2. උදාරි යහපත් පවුල් ජීවිතයක් ගත කරන අම්මා කෙනෙක්. ඇය මෝඩ පහේ චරිත නිරූපණය කළත් ඇය පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යන තැනැත්තියක්.

      3. ඔය ලැබුණ සම්මාන නාම අපිට විහිළුවක් විතරයි වුණාට ලංකාවේ බහුතරයක් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට ඔය ගෞරව නාම වලින් කිහිපය ගානෙ තියෙනවා.


      උදාරි රටේ වැසියන්ට වැ‍රැද්දක් කරලා තියෙනවාද?

      Delete
    2. මනෝජ්,

      අයිත් අහල.

      ඇනෝ,

      ඔබේ තර්කය හරි. ඒත් මගේ ප්‍රශ්නෙ වෙන එකක්.

      ඔය කියන සහතිකේ තීන සාධු චර්යාව කියන එකේ අර්ථය මොකක් වෙන්න පුලුවන්ද?

      //මෝඩ පහේ චරිත නිරූපණය කළත් ඇය පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යන තැනැත්තියක්.//

      එහෙමනං සනී ලියොන්ටත් යහපත් පවුල් ජීවිතයක් තියෙනව තමයි :D

      Delete

  2. ජනී ජන වේසාදිනී රංග කළා විනාශාධර වස්ත්‍ර කීර්ති හොර හිතවාදී හිත් වල් සාදන දිරිය පලල්දර උදාරි චාමිකා වර්ණකුලසූරිය

    Read more: http://www.33000.tv/2014/02/udari-hounered.html#ixzz2uiG6Gk7V
    Follow us: 33000lk on Facebook

    ReplyDelete
  3. පොහ්...............මේකටත් නොදුන්නානම් කුමන සුනඛ ධේනුවකගේ ජම්බාලියකට දෙන්නද?

    ReplyDelete
    Replies
    1. මොකද්ද විචාරක "ජම්බාලියකට " කියන්නෙ?

      Delete
    2. අඩේ මොකක්ද යකෝ මේ අලුත් නම...මටත් හිනා ගියා ඒක කියවලා...ජම්බාලිය....

      Delete
  4. අර ඔඩෙල් කේස් එකේ ඉඳලා අද වෙනතුරු හොද යහපත් කල්කිරියාවෙන් (සාධුචර්යාවෙන්) හැසිරුණු නිසා මේ සම්මානය දෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ හොරකම් කිරීම පැත්තෙන් විතරනෙ. සාධු චර්යාව කියන්නෙ එච්චරමද?

      Delete
  5. මැරවින් සිල්වා අංකල් ආචාර්‍ය පට්ටමක් දරන, ගෝනවල සුනිල් ලත් සාමදාන විනිශ්චයකාර වරු උන රටනෙ මේක.

    ReplyDelete
    Replies
    1. එහ්ෙව් එහ්ෙ ඒව්වාට කතා කරන්න කවුරුත් නෑ , බලපන් මේ ඉටිකිරිස් වාගේ ඉන්න කෙල්ලට සුට්ටං පට්ටමක් ලැබුනාම තමයි හැම ඒකාටම වැරදී පෙන්න ගන්නේ, ඇයි බන් මුන්ට හිතන්න බැරි ,
      ඒ ඇත්තී ඔන්ද ස්පොට් ඵල ලැබෙන දානයක් දෙන්න ඇතී කියලා.

      Delete
    2. ඔකොමත් හරි බඩු, 'කෙල්ල' කියපු එක තමා ඇල්ලුවෙ නැත්තෙ මට. ;)

      Delete
    3. ප්‍රියා,

      එහෙම බැලුවොත් හිරේ දාන්න ඕන උන් රජ වෙලා ඉන්න රටක්නෙ බං.

      බඩුකාරයා,
      පල ඇති රුකටලු ගල් වදින්නෙ, නේද?

      Delete
  6. අපෝ බන් සල්ලිවලට ඔය පට්ටම් ඕන තරම්

    ReplyDelete
    Replies
    1. කරත්ත රෝදවලට විතරයි සල්ලිවලට පට්ටම් ගහන්නෙ. මෙව්ව එහෙම වෙන්න බෑ!

      Delete
  7. සාදුල කීයකට තොත්තු දුන්නද දන්නැ ඔය පට්ටම ගන්ඩ

    ReplyDelete
    Replies
    1. හා හා අපහාස කොරනව නෙමෙයි සාධුලට..!

      Delete
  8. උදාරිටත් ජන්දේ ඉල්ලන්ඩද කොහෙද හිතිලා වාගේ.

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව. එක අතකට මොනායින්ද අඩු?

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. පට්ට කතාවක්.....ඔටු සම්මානයකුත් දෙන්න පුළුවනි ගතමනාවක් ලැබෙනවනං......අම්මපා..............
    ලෝක විහිළු නේද ආයිබං....

    ReplyDelete
    Replies
    1. සම්මනයක් නං ඔටුවගෙන් මොකද කියල ගන්න ඈයො එමට් ඉන්නව ආයිබෝන්ඩ...!

      Delete
  11. මර්වින් සිල්වා ආචාර්ය වෙන රටේ ඕකත් ප්‍රශ්නයක්ද මචං .මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ ...ඔන්න දෙනවක හාමිනේ ,ජෝ අබේවික්‍රම වගේ කෙනෙකුට ඕක දුන්නනම් මට සැකයක් එනවා අපිමේ ඉන්නේ ලංකාවේද කියලා .

    ReplyDelete
    Replies
    1. උඹට් මොනාද මචං තීන ප්‍රශ්න?

      Delete
  12. අපේ රටේ හරි හමන් කොමඩි නළු නිලියෝ බිහි නොවෙන්නේ මොකද ..මේ වගේ කොමඩි උදේ හවස ඇහෙන නිසා මිනිස්සුන්ව හිනස්සන එක තේරුමක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවටනං මට හිනා...! කෝ ආ කියන්න සම්මානයක් දාන්න..

      Delete
  13. සාදු කියන්න පින්වතුනි, සාදු කියන්න....

    ReplyDelete
    Replies
    1. සාදුකි(යමි )න් ඉන්නෙ පින්වත!

      Delete
  14. මේක සිරි ලංකාවනේ.ඕනම දෙයක් වෙන්න පුලුවන් වගේව ඒවා ඒ විදිහටම වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කියල අපිත් ඇහැ කන පියාන ඉන්නව!

      Delete
  15. ඉතින් ඇයි උඹලට මේකට පුදුම වෙන්නේ?
    අනික වාජිකාරාමයෙන්නේ දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න අන්යාගමිකයෙක් උත්තම පන්සලේ නම වෙනස් කරල පහර ගහනෝ...

      Delete
  16. අනේ සෑසනේ....

    ReplyDelete
  17. ඕකක් ගන්ඩ කීයක් දෙන්ඩ ඕනද කියලා හොයලා බලලා කියහල්ලකෝ , මටත් එකක් ගන්ඩ

    ReplyDelete
    Replies
    1. 50'000/= ඉහලට ..... කුඩු මුදලාලි නම් ඉහල මිලක් ගෙවනවා....
      හැබැයි තාම මෙෂින් කාරයෙක් ඕවා අරගෙන නැහැ...

      Delete
    2. අටම්
      ඔය ඉන්නෙ ඕනතරන් ග්‍රැපික් බුවල මේ අවකාසෙ. කියහන් එකෙක්ට පට ගාල සැටිපිකට් එක ගහල සීල් දාල දෙයි. ගාන කීය උනත් මට උපදේසෙට පන්සීයක් දියන් ආවම කොත්තුවක් කන්න.

      කෙන්ජි,

      බොහොම වැඩියි ගාන.

      Delete
  18. මම නම් ඕවා ගැන දන්නෙ නැතිය....
    සාධු ගතියෙන් ලියවිල්ල නම් කෙටි වුනාට අරුත් බරය....
    ප්‍රංශ ඇනෝ ගැන මට තීන්නේ අලි කුකුතක්ය....

    ReplyDelete
  19. රෙදි උස්සන එකට (ඔඩෙල් එකේ සහ අනිත් ඕනෑම තැනක )කියන්නේ සාධුචර්යාව නම් තුන්මුල්ලේ හිටිය ප්‍රේමක්කාට තමයි ඉස්සෙල්ලාම දෙන්න ඕන. රටටම පිස්සු බන්.

    ReplyDelete
    Replies
    1. රෙදි උස්සන උන් දැන්නං වැඩි පුරම ඉන්නෙ කටුණායක.

      "මේ රටේමිනිස්සු...තනිකර කෙලින්නෙ පිස්සු."

      Delete
  20. මර්වින් සිල්වාට ආචාර්ය පදවිය පිරිනමපු රටක මේකත් අරැමයක්ද?.........

    ReplyDelete
  21. තොපිලගේ ඉරිසියාව බොලව් ......................... හිකිස්...........

    ReplyDelete
    Replies
    1. ඔව් බං. බලමුද අපිත් මැලේසියාවෙ උන්ටවත් ඔව්ව දෙන්න පටන් ගන්න.

      Delete
    2. මැලේසියාවෙ සාධුලා ගැන රාළ ගොයියා හොදට දන්නවා...වෙලාවක අසා දැනගන්න..

      Delete
  22. අයියා අවුලක් ගන්ඩ එපා. බුදු සාධු අද සමහර සාධු ලා ගැන ඒ දවස් වලම දේශනා කරලා තියෙනවා... ඔය පින්තූරෙ තියෙන්නෙත් ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. උඹට විතරද මන්ද ඒක අහු උනේ! මට දුක බුදු සාධු අසාදු වෙන එක ගැනයි මෙහෙම ගිහින්.

      Delete
    2. බුදු සාදු දේශනා කරලා තියෙන විදිහට ඒ සාදුලට කියන්නේ කාශවකණ්ඨක සාදුලා කියලා

      Delete
  23. පුනරුත්තාපනයට පස්සේ දුන්න සෙටිෆිකට් එක් වෙන්න ඇති මගේ හිතේ..

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්. සාධු චර්යාව....අනේ මන්ද!!!

      Delete
  24. ලේසි නෑ වැඩේ, බලපංකෝ ඇපෲව් කරල ගහලා තියන සීල් තොගේ... බ්ලොග් ප්‍රොෆයිල් වලටත් ඔය වගේ සම්මාන දෙන වැඩ පිළිවෙලක් පටන් ගමුද?

    ReplyDelete
    Replies
    1. ඒ සම්මානත් හාමුදුරුවරුද දෙන්නෙ?
      කෙන්ජිට පස්සෙ කාට දෙයිද?

      Delete
    2. අන්න බිස්නස් මයින්ඩඩ් පොරවල්. එහෙනං ප්ට්ටාංගමු..!

      තිසර උඹ මොකද අර බුකියෙ මාරයගෙ සෑම්ගෙ ධර්ම දේශනාවල හූමිටි තියනව දකින්නැත්තෙ??

      ප්‍රා, ප්‍රස්නෙ ඇතුලෙම උත්තරේ තීනව. එක අකුරක් දාගන්න. එතකොට හරි :D

      Delete
  25. රටේ නැති හාල් පාරුවො පට්ටං ගන්න රටේ මේ අහිංසක කෙල්ල බර ගාණක් දීල පට්ටමක් ගත්තම තමයි උඹලටත් තදවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං තද උනේ ඒ ළමයට ඕක දී ගන්න විදියක් මට තිබ්බෙ නැති එක ගැන.

      Delete
  26. ඈය රටට (ඔඩෙල් වලට හෑර ) හානියක් කර නොමෑත.
    දින කිහිපයකට පෙර හාමුදුරු කට්ටියක් එකතුවෙලා සම්මාන දුන් ලෙමන් පෆ් ගෑන එසේ කිව හෑකිද?

    ReplyDelete
    Replies
    1. ලෙමන් පෆ් කොළබින් පළවෙනිය කරල යවාපු උන්ම නෙමෙයිද ඒහානියෙ වග උත්තරකාරයො?

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. ලංකාවේ නෙව. පුදුමයක් නැහැ ;)

    ReplyDelete
    Replies
    1. අනිව බඩී..නොහැක්කක් නොමැත!!

      Delete
  29. අසාදුගතයි නේද?? පව් මෙයා

    ReplyDelete
  30. කුඩු කාරයෝ සහ ගණිකාවෝ පාර්ලිමේන්තු යනකොට මිනීමරුවන්ට ඒවා අමතක වෙනකොට...වැරදි කාරයෝ විහින්ම ගස්බැදගන්න රටක තවත් බඩුවකට පෙර වැරදි මතක නැතිවී යහපත් කල් කිරියාවෙන් විසීමට නොහැකිද

    ReplyDelete
  31. මේ නම්බු නාම ඇහුවාම ඒ ඒ පුද්ගලයො ගැන ගෞරවයක් සමාජයේ සෙසු පිරිස් අතර තිබුනෙ කාලයකට ඉස්සර...දැන් පදුරක් ගානෙ ගෞරව නාම පැටව් ගහලා...මේවා දෙන් උන්ට එහෙම කරන්න බලය පැවරුවේ කවුද කියන එකයි ප්‍රශ්නය. තව ටික දවසකින් හිර ගේ ඇතුලෙ යහපත් කල් ක්‍රියාවෙන් හිටියා කියලා සරත් අඹේවෙල නඩුකාරතුමාව මරලා හිර ගෙට ගිය පොට්ට නවුෆර් ටත් දේශ මාමක වගේ සම්මානයක් ලැබෙයි.

    ReplyDelete
  32. මාතෘකාවට අදාල නැති වුනත් හුදී ජන පහන් සංවේගය පිණිස දාන්න හිතුනා...

    කක්කා කතා චූ කතා ලියලා සම්මාන ගත්තා වගේ ද 2014 වසරේ "හොඳම ඇනෝ ඇවිත් මාට්ටු වීමේ සම්මානය" ලැබුනාම!

    http://www.w3lanka.com/2014/03/blog-post_10.html?showComment=1394446390483#c4912839706335130249

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails