Tuesday, August 20, 2013

අහසින් වැටීම..!


පැදුරකින් වැටීම ඇඳකින් වැටීම තරම් දැනෙන දෙයක් නොවෙනවා සේම ඒ දෙක අතර වෙනසෙහි මහා ලොකු පරතරයක්ද නැත. එහෙත් අහසින් වැටීම ඇඳකින් වැටීමට වටා දරුණු සහ දැනෙන දෙයකි.

බලාපොරොත්තු තබා ගත යුත්තේ ඒවා කඩවීමෙන් ඇතිවන පසුතැවිල්ල විඳගත් හැකිනම් පමනි" යනුවෙන් යමකු කී වග මා කුඩා කල කියැවූ මුතුහර සඟරාවක පිටුවේ අඩියේ ලියා තිබුනි. 

අහසට නඟින විට වැටෙන බව සිහි තබා ගත යුතුය. එහෙත් ඇඳෙහි සිට අහසට එසවෙන සිහිනයක උපරිමයේදී අවධානවම අමතක වී අප දකින්නේ එහි ආන්නන්දය පමණි.

කලාකෘකියක් යනු රසිකයා ආනදයෙන් ප්‍රඥාවට කරා ගෙනයා යුත්තකැයි පණ්ඩිතයන් කියා ඇත. නමුත් තුන්සිය හැටපස් දවස රූපවාහිනී නාලික මහා තොගයක හරි හැටි වෙළඳ දැන්වීමක් වත් බලා ගන්නට ඉඩ නොදී පෙන්න මෙගාවල සිට මයික්‍රෝ දක්වා විවිධ වර්ගයෙ විවිධ වර්ණයේ මාලක නාටා නොහොත් නාටක මාලා අති බහුතරය පැදුරු නොව පිදුරු හා සමය.

ඒවායින් අප අහසට නොව පැදුරෙන් ඔබ්බටවත් ගෙනයන්නට සමත් නොවෙන නිසා හපා විසිකරන චුයින්ගම් එකක් ලෙස නාටකය අවසන් වූ දාට පසුදාම අප ඒ මතකය හැර දමා ඒ බෙල්ට් එකේම මීළඟ එන නාටකය හා නිදි වදින්නෙමු.

එහෙත් සාමාන්‍යෙන් අප දකින මේ විකාර නාටක වලට එහා ගිය, ආනන්දයෙන් නාලන්දයට නොව ප්‍රඥාවේ යම් තලයකට ප්‍රේක්ෂකයා ඔසවා තැබූ අතලොස්සක් වූ රූපවාහිනී නාටක කිහිපය අර මහා මෙගා සියල්ල අභිබවමින් තවම අප මනසේ හොල්මන් කරමින් සිටිති.


මීට වසර කිහිපයකට පෙර නාට්‍ය සහ සිනමාවේ මහා පතාකයන් සමඟ අංකුර දක්ෂයන් වාණිජමය තරඟය අඩු නිසා වැඩි ගුණාත්මක බවකින් යුතුව නිමැවූ එවැනි කෘති හා සම මට්ටමේ අනගි රූපවාහිනී නාට්‍යයක් මට ඊයේ පෙරේදා හමුවිය.

ඒ ආනන්ද අබේනායක නම් දක්ෂ අධ්‍යක්ෂකවරයාගේ "අහසින් වැටුනා" ටෙලි නිර්මාණයයි.

කතාව මොකක්දැයි සිතාගත නොහැකි තරමට නළුවන් හා චරිත මාරු වෙන එක සමාන වූ මහා මාලක නාට ගොන්න අතරෙහි මෙය මට ප්‍රෙක්ෂකයා ඉතා සියුම්ව අහසටම ගෙන යන, සුන්දර ප්‍රේමයක සෙවනැලි මත සමාජයේ රුදුරු යථාර්ථය සියුම්ව මතුකරන අතිශය සොඳුරු කවියක් මෙන් විය.

කුතුහලය මුසු පුවත් මැදිකර ටිකෙන් ටික අපව සුඛාන්තයක සොඳුරු සුරංගනා කතාවක ආදරබර අවසානයක් වෙත ගෙනයන අතරමග සුරතාන්තයට ඔන්න මෙන්න තියා එන අහඹුඅ දුරකතන පණිවුඩයක් සේ ප්‍රේක්ෂකයා අහසින් පොළවට ඇද දමන ඒ අවසානය සත්තකින්ම අපූර්ව එකකි.

රොෂාන් දෙපලගෙගේ සහ නදීකගේ චරිත, සුදුබබා මිස්ගේ සහ අකූ ගේ අප්‍රකාෂිත ආදරය, වැල්ලේ ජීවිතය දියකරන පිස්සන්, කොල්ලන් සහ බල්ලන්, කලකින් දුටු අඩු වියදමකින් කල උසස් කලා අධ්‍යක්ෂනය, අපූර්ව රූපරාමු, මේ සියල්ල එකතුවූ "අසින් වැටුනා" සැබැවින්ම සොඳුරු, එක දිගට බලා සිටින්නට ආසා හිතෙන සිනමාරූපී හැඩයකින් යුතු කලකින් දුටු හොඳම නාට්‍යකි.

මහා කුණු කඳු අතර අගනා මිණක් තබමින්, තම ජනාධිපති බෑනාගේ බලයෙන් මෙගාවක් කර ගාන කඩා ගැනීමට අවසරයට පයින් ගසමින්"ආනන්ද අබේනායක" අපව අහසින් වට්ටවා කියන කතාන්දරය සැබැවින්ම සිතාගත නොහැකි අහම්බයකි.

කොටින්ම එය කාලයක් මතකයේ සිටින අපූරු ටෙලිනාට්‍ය අත්දැකීමකි.


අහසින් වැටුනා කතාව මෙන්ම එහි තේමා ගීතයද එවෑනිම අපූරු හැඩයක් ගත්තකි.



33 comments:

  1. “බලාපොරොත්තු තබා ගත යුත්තේ ඒවා කඩවීමෙන් ඇතිවන පසුතැවිල්ල විඳගත් හැකිනම් පමනි"

    මෙන්න මෙතන තමයි මටත් වැරදුනේ.. හොද නිර්මානයක් උනත් බාගත කරන්න බයිට් නෑනෙ මට..

    ReplyDelete
    Replies
    1. මටත් තියනවා උග්‍ර ඩේටා අර්බුදයක්. හරි පරෙස්සමෙන් යන්නේ මේ මාසේ.

      Delete
    2. බයිට් උඹලව බයිට් එකට අරගෙන! අන්තිම කණගාටුයි. තියෙන වෙලාවක බලහලල්ල.

      Delete
  2. මං නං ටෙලි බැලීම නතර කරලා ගොඩක් කල්.

    අන්තිමේදී ජයන්ත චන්ද්‍රසිරි වගේ අයත් දියාරු වෙලා ගියා.

    ඒ ලෙවල් ඉවරයි නමින් හොඳ ටෙලියක් තියෙන බව බහරේන් වල ඉන්නා හෙන්‍රි ලියා තිබුනා.

    ReplyDelete
    Replies
    1. A/L ඉවරයි එක හොඳයි තමයි... හැබැයි මටත් දැන් කාලෙකින් බලන්න බැරි උනා...

      Delete
    2. ජතිකෙ 9 ට යනව ඉස්සරහට යන්න කියල අනුර ශ්‍රිනාත් ලියපු එකක් හොදයි වගෙ

      Delete
    3. කව්ද බොලේ බහරේන් වල ඉන්න මම නොදන්න හෙන්‍රි?

      මටනම් ඒ ලෙවල් ඉවරයි එච්චරම ඇල්ලුවෙ නෑ! කොයිකටත් කකා මේක ටිකක් ට්‍රයි කරල බලන්න.

      දමිත්, ස්තූතියි ඔත්තුවට.

      Delete
  3. ස්තූතියි දුන්නු ඔත්තුවට.. හිමීට බලන්නෝනා.. "අමුතු මිනිස්සු"ත් ශබ්ධ පරිපාලණයේ හා පසුතල නිර්මාණයේ පොඩි පොඩි දුර්වලතා තිබුනත්, වට්ටෝරු ආකෘතියෙන් පිට ගිය අමුතු කතාවක්.

    ReplyDelete
    Replies
    1. බලල කියහන්. අමුතු මිනිස්සු අපි වටේම ඉන්න එකෙ කාතවෙවත් අමුත්තක් තියිද කියල එහෙනම් බලලම කියන්නම්.

      Delete
  4. ටෙලි නොබලනම කාලෙක දීපු ඔත්තුවට ස්තූතියි..වෙලාව තියෙන විදියට බලන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔව්, බලන්න වටිනව. ඇත්තටම අහිසින් වැටෙනව අන්තිමටම.

      Delete
  5. කාලෙකින් ටෙලියක් බලල නෑ.

    ReplyDelete
    Replies
    1. ලොතරැයිය්යක් ගනින් දිනුමක් ඇදෙන්න කිව්ව වගේ ටෙලිත් බලහන් හොඳ නරක දකින්න.

      Delete
  6. මෙක බලන්න බෑරිඋන ටෙලි බලන්න එච්චර උනන්දුවක් නෑතිනිසා.බාගන්න බලන්න ඔන

    ReplyDelete
    Replies
    1. බලල හොඳ නරක කියන්න ආයි එන්න.

      Delete
  7. මුල් කොටස නිකමට වගේ බැලුවා. ඒකේ ලසිත් මාලිංගත් රඟපානවද? හී හී...

    හප්පා අර ගෑනු කෙනෙක් බනින බැනිල්ලට තව පොඩ්ඩෙන් අහසින් නෙමේ පුටුවෙන් බිමට වැටෙනවා. කතාව ලස්සනයි වගේ. ඒ වගේම මොනාද වෙන්ට යන්නේ කියලා හිතාගන්ටත් පුලුවන් වගේ.

    ස්තූතියි සිංහයෝ ගොඩක් මේ ගැන කීවට. පුලුවන් විදියට බලමු කියලා හිතා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම මාත් කොර උනා ඒ බැනිල්ලටන්නම්. අපේ දේවිත් කිව්ව මේ පොඩි උන් එක්ක ඕක බැලිල්ල හිරියන එකක්නම් නෑ වගේ කියලත්. ඒත් ඉන් පස්සෙ හරිය හරිම සුන්දරයි, ඒ කියන්නෙ බලන් ඉන්න ආස හිතෙන අමුතුම කතා මැද කතාවක්. අග ඔයාට හිතෙනවට වඩා වෙනස් වෙයි. පොඩ්ඩක් ගිහින් බලන්න.

      Delete
  8. බලන්න ඕන කියලා හිතුනා.අමුතු මිනිස්සු ටෙලි නාට්‍ය පුලුවන් උනොත් බලන්න.මම ඒ ගැන පෝස්ට් එකකුත් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. මම බලන්නම්. අමිලත් ඒ ගැන කියල තිබ්බ උඩ. මේකත් අමුතු ආරක කතාවක්.

      Delete
  9. ආවාට ගියාට යමක් කියන්නේ නෑ නෙව
    බලමු එහෙමනම්. ආනන්ද අබේනායකගේ නිර්මාණ කොහොමත් හොඳා තමා

    පුලුවන්නම් සොයාගන්න අයි ටී එන් එකේ ගියා ජ්යලත් මනෝරත්නගේ "පරණ ටවුම" කියල එකක් - කොට්ස් වීස්සක් වාගේ ගියේ - උපරිමයි!

    කසූ කියන කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ජයන්ත චන්ද්‍රසිරිත් දියවෙලාම ගියා!

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් එක පාරට ගිහින් උන්නෙ?

      මේ මුලු කතාවෙ රූප රාමු දෙක තුනක් ඇර නික් සේරම තියෙන්නෙ ගාළු කොටුව ඇතුලෙ ගත්තු එව්ව. ඒ උනාට කැමරාව හරි පරිස්සමින් නියම තැන තියල, අනවශ්‍ය මිනිස්සු, දර්ශන කපල සුන්දරව වැඩේ කරල තියෙනව. බලල ඇවිත් කියහන් මොකද දැනුනෙ කියල. ( උඹල අපි වගේ වැල්ලට ආදරේ කරන උන්ට මේ කතා වැඩිපුර දැනෙනව )

      මම පරණට ටවුම හොයාගත්ත. ඔත්තුවට ස්තූතියි. අන්න එහෙම හොඳ දෙයක් දැක්කම හොඳ ළමයි වගේ බෙදා ගෙන කන්න :)

      Delete
    2. මටනම් පරණ ටවුම දිරෙව්වෙ නෑ.. අර ඩූඩා කරපු පරිවර්තනේ මතකද ? "කාර් එකට අත ඇල්ලු මිනිසා.." ඒ කතාව එහෙම කුජීත කරලා තිබුනා ඒකෙ..

      Delete
  10. ඒ කියන්නෙ දැන් ටෙලි නාටක ඉවරයි...ටෙලි සාටක තමයි තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හැමෝම පොර කන්නෙ මෙගා කරන්න..රාජ්‍ය නාලිකා වල රේටින්ග්ස් හොද හින්දා ඒකකම පෙන්නගන්න...ඒ වැඩේ එහෙම ලේසියෙන් කරන්න බෑ...ඇමතිලා කියන නිලියො එහෙමත් ප්‍රධාන චරිත වලට ගන්න ඕනෙලු... එහෙම වටපිටාවක මේ අධ්‍යක්ෂ්‍යවරයා අගයය කල යුතුයි.

      Delete
    2. අඩේ සිරා, බොලා කොහෙද බන් අන්තරස්දාන වුනේ.. ඉක්මනට මොනා හරි ලියහන්.. නැත්නම් ඉතින් කමෙන්ට් කෑල්ලක්වත් දාහන් මේ වගේ..

      නයිටීන් එක සෑහෙන වග කියන්න ඕනා ලංකාවෙ ටෙලි නාට්‍ය වල විනාශෙට..

      Delete
    3. දැකීම සතුටක් සෙන්නා...ඊළග මාසෙ ඉදන් කාමරේ දොර විවෘතයි ආයෙත්..

      Delete
    4. සිරා,

      ආනන්ද අබේනායක කියන්නෙ යසාරා අබේනායක කියන යෝෂිතගෙ පෙම්වන්තිගෙ තාත්ත. එහෙව් කෙනෙක් මෙහෙම ටෙලියක් හදපු එක තමයි මෙතන තියෙන අනික් වෙනස.

      දැන් කොහෙද ඉන්නෙ? ජොබක් සෙට් උනාද?

      Delete
    5. ඔබ කියූ කථාව මම දන්නවා...CSN නාලිකාවෙ ප්‍රධාන විධායක ඔය කියන යසාරා මම හිතන විදියට...දැන් මැලේසියාවෙ ඉන්නෙ අයියා...කට්ටක් කාලා දැන් හොද තැනක හොද ජොබකට සැට් උනා...

      Delete
  11. කතාවෙ නම දැකල ආවෙ බලන්න.

    මමත් ටීවී එකේ කතා බලන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඒත් ඉඳල හිටල හොඳයි කියල හිතෙන කතාවක් බාගෙන නම් බලනවා. මේක දැන් මාස ගානකට කලින් මගේ යාලුවෙක් බාල මටත් දුන්නා ඔක්කොම කොටස් ටික. කතාව තනිකරම ගාල්ල කොටුව ඇතුලෙද කොහෙද ෂූට් කරල තිබුනෙ. ඒකෙ රොෂාන්ගෙයි, අර වැද්දා ෂෝස් කරන කොන්ඩයයි අපූර්වම අත්දැකීමක්. දැන් මෙගා ටෙලිවල පෙන්නන දාස්ගනන්වල ෆෝන් අතේ අරන් ලක්‍ෂ ගනන් කාර්වල අරහෙ මෙහේ දුවන මාලිගාවගේ ගෙවල්වල ජීවත්වන සිහින ලෝකවල ඉන්න පියරු බබා ටයිප් කොල්ලො කෙල්ලොන්ට වඩා මහපොළොවෙ පය ගහල ඉන්න, ජීවත් වෙන්න කටු කන කොල්ලොන්ගෙ ජීවිත කතාව අපූරුවට පෙන්නනවා. අවසානය නම් ඛේදවාචකයක් වගේ. තේමා ගීතෙ මියුසික් නදීක ගුරුගේගෙ ද කොහෙද. කාලෙකට අමතක නොවන ටෙලියක්.

    ReplyDelete
    Replies
    1. ඇතියන්තන් බලපු එකෙක් හම්බ උනා.

      කතාවෙ අවසානයට වඩා වැදගත් කතාව. ඒ නිසා අග අන්තිම කොටසෙ මොකද වෙන්නෙ කියන එක නොසලකල කතාව රස විඳින්න, එතකොට අග වෙන දේත් නෙල්ලි ගෙඩියෙ තිත්ත වගේ අමුතු හැඟීමක් එකතු කරනව. ඒකයි මම මේ කතාවට වැඩියම කැමති.

      Delete
  12. මම කරන රස්සාවත් එක්ක ටෙලි බලන්න වෙලාව ලැබෙනවා බොහොම අඩුයි. ඒත් මේ ටෙලිය මම බොහොම ආසාවෙන් අන්තර්ජාලෙට පින්සිද්ද වෙන්න බැලුවා. මේකේ රගපාපු හැම කෙනෙක්ම තමන්ගේ චරිතෙට උපරිම සාධාරනයක් කරලා තියෙනවා. රුවංගි රත්නායක, දසුන් පතිරණ (අකූ, සීසන්) දෙන්නගේ පලවෙනි ටෙලි නාටය්‍ය මේක උනාට ඒ බවක් නොපෙන්වා පලපුරුදු රගපෑමක් පෙන්නුම් කරලා තියෙනවා. ඒක නිසාම තමයි පහුගිය දවසක තිබ්බ සම්මාන උලෙළකදී ඒ දෙන්නට නැගී එන නළුවා, නිළිය සම්මාන හම්බවුනේ.

    ඒ ලෙවල් ඉවරයි තවත් සුපිරි ටෙලියක්..... හොයාගෙන බලන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැමෝගෙම, විෂේශයෙන් දසුන් රුවන්ගි දෙන්නගෙ රඟපෑම් බොහොම ඉහලයි. ඩේට වියදම් කරන් බැලුවට පාඩු නැති කතාවක්. මම දැක්ක දසුන් කියල තියෙන මිනිහගෙ රඟපෑමෙ පළමු කඩ ඉම, සන්ධිස්ථානය "අහසින් වැටුනා" කියල.

      Delete
  13. පරක්කු වෙලා දාපු කොමෙන්ටුවක් උනාට නොදා බැහැ ....

    මගේ ආසම නාට්‍ය වලින් එකක් තමයි... සුපිරි එකේ හොඳම එක !!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails