Saturday, May 11, 2013

රොන් කොෆ්මන් නොකී පාඩම! lesson from Ron Kaufman's event




කතාවක් කියනකොට කෙලින්ම කතාව නොකිය පඳුර වටේ තලල පස්සෙ කතාවට බහින එකේ රසය ( සහ පඳුර වටේ තලනවා යන වචනය ) මම දැක්කෙ ඔබාම ( ඔබ්සවර් මයා) ගෙ පෝස්ට් වල. ඉන් පස්සෙ හැලප කඩේ.

ඉතින් මාත් ඒක ටිකක් ට්‍රයි කරන්න හිතුව ( ඒ උනාට ඒක්නෙ කතාව ටිකක් දික් උනා ).

ලංකාවට ධනාත්මක චින්තනය, මිනිස් සිතේ හාස්කම් වගේ විෂයයන් අර අරුණි නෝනගෙ තාත්තල හඳුන්වල දුන්නට පස්සෙ ඒවගෙ ඇඩ්වාන්ස් වර්ශන් වෙච්ච NLP එව්ව මෙව්ව ගෙනාවෙ සෙන්සෙයි ලංකා කියන සමාගම. ඔය සෙන්සෙයි එකේ නිර්මාතෘ සහ හිමිකරු ඔමාර් ඛාන්.

මේක ඩුබායි මූලස්ථානය කරගත්තු රටවල් ගානක තිබ්බ එකක්. ඕකෙ ලොක්ක ඔමාර් කියන්නෙ කළමණාකරන සහ අළෙවිකරන උපදේශකයෙක්. මිනිහ පකිස්ථානු සම්භවයක් ඇති ඇමරිකානුවෙක්. ඇත්තටම අළෙවිකරනය ගැන ප්‍රායොගික උදාහරණයක්. එයාගෙ අළෙවිකරන පාඨමාලාවෙ එක සබ්ජෙක්ට් එකක් තමයි  sell yourself first...

මිනිහ ඒකට උපරිම දස්සය කියල මට තේරුනේ එයාගෙ බිරින්දැ දැක්කම. ඔමාර්ගෙ දේශනවල සහකාරිය වෙච්චි මේ උගත් නෝන බොහොම ලස්සන ඇඟපතක් තිබ්බ, රූමත් තරුණ ක්‍රිස්තියානි ආගමික සුදු ජාතික කාන්තාවක්. ඒත් ඔමාර් කියන්නෙ මුස්ලිම් ජාතික, මහ විසාල අර මිචලින් බබා වගේ පෙනුම ඇති, අර ළමයට වඩා අවුරුදු පාළහක්විතර වයස ( පෙණුමට ) උන්දෙක්. ඉතින් මිනිහගෙ තමාව අළෙවිකරගැනීමේ දස්කම කොයිතරම්ද කියල හිතා ගන්න පුළුවන්නෙ.

ඊළඟට ඔය සෙන්සෙ එකේ ඒ කාලෙ ලංකාවෙ ලොක්කෙක් උන්න. මිනිහත් කළමණාකරන විෂේශඥයෙක්. ලංකාවෙ ප්‍රසද්ධ සමාගම් කිහිපයක ලොකු පුටු දරල තමයි එතෙනට ඇවිත් උන්නෙ. ඔය මනුස්සයගෙ ගෙදර උඩ තට්ටුවෙ මිනිහගෙ අළුත් තරුණ නොනිළ බිරිය ඉන්නකොට, ඒ ගෙදරම යට තතට්ටුවෙ ෆෝටි පැනපු නියම නීත්‍යානුකූල නෝනයි ළමයි දෙන්නයිත් ඉන්නව. ඉතින් මීට වඩා හොඳ කළමණාකරුවෙක් ඉඳීද මේ තුන් ලෝකෙ?

ඉතින් ඔන්න ඔය කට්ටිය ලංකාවට විශේෂ දේශනයකට ගෙන්නපු කළමණාකරන උපදේශකය තමයි රොන් කොෆ්මන්. රොන් කියන ඇමරිකන් කාරය ඒ වෙනකොටත් ලෝකෙ ජනප්‍රිය, ජාත්‍යන්තර මට්ටමේ උපදේශකයෙක්. එහෙම මිනිහෙක් මයෙ හිතේ ඒ ආවෙ අර ඩේල් කානගී හැට ගනන්වල ආවට පස්සෙ.

ඒ නිසා මේ අයට ඕන උනා මේ වැඩේ ඉතාම ඉහලින් කරන්න. දේශනය තිබ්බෙ හිල්ටන් බෝල් රූම් එකේ. ගාණ එකෙකුට හත් අටදහක් විතර මට මතක විදියට. ඒ දවස්වල ලොකු ගාණක්. හැබැයි අවුලක් නෑ, මොකද ඒක හැඳින්වුනේ "price" හරි "cost" හරි කියල නෙමෙයි "investment" කියල. ඉතින් අර සුද්දගෙ නමටයි, "ඉන්වෙස්ට්මන්ට්" එකක් නිසයි ටිකට් විකුණගන්න අවුලක් වෙලා තිබ්බෙ නෑ.

මෙන්නම් මේ ස්ඛෝපභෝගී අන්තර්ජාතික දේශනය දේශකයගෙ ස්ටේජ් එකේ බැක් ඩ්‍රොප් එක ගහන්න භාරගත්තෙ අපේ ආයතනය. වැඩේ කෙරුනෙ නිකන් උනාට ඒකට කිව්වෙ සිල්වර් ස්පෝන්සර්ෂිප් කියල. මොකද ඒ බැක්ඩ්‍රොප් එකේ දෙපැත්තෙ අපේ නම ගහල ලංකාවෙ ඉහලම වෘත්තිකයන්ට පේන්න තියන නිසයි, ටී බ්‍රේක් එකේදි අපේ ඇඩ් එක නිකන් අර රැළටම පෙන්නන නිසයි, තව අපිට නිකං ටිකට් හතරක් ලැබෙන හින්දයි. ඒ කාලෙ මමත් මේ ක්ෂෙත්‍රයට නවකය. ඒ උනාට ලොක්ක බැක්ඩ්‍රොප් වැඩේ භාර දුන්නෙ මට.

ස්ටේජ් බැක්ඩ්‍රොප් එකක් කිව්වට් ලේසි නෑ වැඩේ. සයිස් එක දිග මීටර් 18, උස 4.8. ඒ කියන්නෙ අඩි 55 x 15 වගේ වෙන්නෙ. මේ යොධය ගහන්න තීන්නෙ හිල්ටන් බෝල් රූම් එක ඇතුලෙ. නිකම්ම නිකං සුදු එකක් නෙමෙයි ඒක දෙපැත්තෙ ස්පොන්සර්ලගෙ නම්, මැද ප්‍රොජෙක්ටර් එකට කොටුව තියල වටේ එක එක ලොකු රුවන් වැකි, පාට ගාල එහෙම. ඉතින් මේ ඔක්කොම එක්ක මේකව හිටවල සෙට් කරන හෝල් එක දෙන්නෙ ඉවෙන්ට් එකට කලින්දා රෑ එකොළහට පස්සෙ, මොකද එදා හවස වෙන පාටියක්.



ඉතින් අපිත් වැඩේ ලෙසටම ප්ලෑන් කරා. මොකද රෑ එකොළහට පටන් ගන්න ඔපරේෂන් එක ඉවර කරල, උදේ හත වෙනකොට එළියට යන්න ඕන, අටට ගෙස්ට්ල එන නිසා.

 මේක ගහන්න ප්ලෑන් කරේ MDF බෝර්ඩ් එක්ක ස්කැෆොල්ඩින්. ඉස්සෙල්ල අපේ ෆැක්ටරියෙ කොනක ගැහුව ස්කැෆොල්ඩින්. පස්සෙ ඒකෙ අර සයිස් එකට කපපු බෝර්ඩ් හයි කරල තව් විදල ඇන දාල ගානට සෙට් කරා. පස්සෙ ස්ටිකර් කාරයෙක් ගෙනල්ල මිනිහට කියල අවශ්‍ය අකුරු, චිත්‍ර, පාට අර බෝඩ් වල ගහල පස්සෙ ජොයින්ට් වලින් කපල, ඇන තව් ලඟට ඒ පාටම පොඩි කෑලි ලෑස්ති කරල, ඉවෙන්ට් එකකට දවසකට කලින් යාන්තං වැඩේ ඉවර කරල සෙට් එක ගැලෙව්ව.

දැන් තීනෙ යුද්ධෙ. ලොරි දෙකක පටෝපු බඩු එක්ක ඔන්න හිල්ටන් එකේ බෝල් රූම් ලෝඩින් බේ එක ගාව. 10.30 විතර වෙනකොට අපිට හෝල් එක හම්බ උනා.

ඊට කළිං එකම එක වතාවක්, ඒත් මේ බැක් ඩ්‍රොප් එක ගහන්න පුළුවන්ද කියල මනින්න, ගිහින් තිබ්බ එවකට ලංකාවෙ තිබ්බ සුපිරිම උත්සවශාලව ඇතුලෙ අපි.

කොල්ලො ටිකට මස් කොත්තු එහෙම අරන් දීල, කළින් ට්‍රේන් කරල තිබ්බ නිසා දඩ බඩ ගාල ගැහුව ස්කැෆොල්ඩින් සෙට් එක ලණු ඇදල, ලෙවල් බලල, ප්‍රොප්ස් ගහල කෙලින් කරා.

ඔන්න දැං බෝර්ඩ් ටිකත් එල්ලනව. ඔය අස්සෙ ලයිට් කාරයො උන්ගෙ එව්ව හයි කරනව, ප්‍රොජෙක්ටර් කාරයර්ට ටෙස්ට් කරන්න කියල "මල්ලි ඉකම්න් කරන්න බැරිද" කියනව.

ඔය ජර මර අස්සෙ අපී ලොක්කයි එයාගෙ නෝනයි ඇවිත් අපි ඉස්සරහ අනික් කොම්පැනි ලොක්කො සෙට් එකක් එක්ක පුරාජේරු කියෝනව.අරුන්ගෙ මුන්ගෙ හදිසියට වඩා ටෙන්ෂන් ඒකෙන්. මොකද වරදිනකොට කුණුහරුපයක්වත් කියාගන්නත් බෑ, යමක් අවුල් වෙලා වැරදිල මිනිහ දැක්කොත් ඉඳල වැඩකුත් නෑ.

ඉතින් ඔය සේරම අට මහ දෝස අස්සෙකොහොමහරි යාන්තං පාන්දර හතාමාර වෙනකොට ඔන්න සියල්ල අවසන්.

ඒ වෙනකොටත් පරක්කුයි පරක්කුයි කිය කිය උන්න සෙන්සෙ පොරවලුයි, උන්ගෙ ලස්සන ඉටිකිරිස් ගෑණු පරාණ් ටිකයිත් කොළ තියනව,  හැඩ දානව වැඩ කෝටියයි.

ඔය අස්සෙ තමා අටට කාලක් විතර තියෙද්දි හොටලේ චීෆ් ඉන්ජිනියර් කාරය පාත් උනේ. වැඩේ ඉස්සරහින් දැක්කම කොර උන පාරටද කොහෙද මිනිහ අමාරුවෙන් ඇවිදගෙන පිටිපස්සට යනව දැක්කට අපි ගණ ං නොගෙන යන්න බඩු පැක් කරනව.

ඒ අස්සෙ මෙන්න අපේ කොල්ලෙක් දුවන් ඇවිත්

"මහත්තය, අන්න අර හොටෙල් එකේ ඉන්ජිනියර් මහත්තයට වහාම එන කියනව" කිව්ව.

රෑ තිස්සෙ නිදි මරල, කොල්ලො එක්ක හරි හරියට වැඩ කරල අන්තිම මොහොතෙ මේ මොන මඟුලක්ද කියල මලත් අතේ දාන් ස්ටේජ් එක පස්සට යනකොට මෙන්න මිනිහ ඉන්නව රා බීපු නාලගිරියව කාපු ගිණි මකර වගේ!

කෝ අයිසෙ මේ ස්කැෆෝල්ඩින් වල බේස් ප්ලේට්?”

අම්මට මහල තියෙන්නෙ! කලබලේට බේස් ප්ලේට් නොදානෙ ස්කැෆොල්ඩින් ගහල තියෙන්නෙ!

ඔයා දන්නවද මේ කාප්ට් එක කීයක් වෙනවද කියල? මේක සික්ස් මිලියන් විතර වෙන කස්ටම් මේඩ් කාපට් එකක්. තමුසෙලගෙ මේ ස්කැෆෝල්ඩින් කකුල් වලින් මේකෙ හිල් හැදුනම මගෙත් රස්සව ගහල යනවඅරවද මේව කියල මේක මුලු හෝල් එක දෙක වෙන්න බුරනව.


මාත් අනං මනං කියන්න ගොත ගහනකොට,

"අයිසෙ මිස්ටර්, මෙතන තියෙන්නෙ විකල්ප දෙකයි. එක, වහාම මේ අට්ටාලෙ ගලෝනව. එහෙම නැත්තං ඩැමේජ් වෙන කාර්පට් එක තමුසෙලගෙ කොම්පැණියෙ වියදමින් දානව කියල ලියුමක් දෙනව. ඔය දෙකින් එකක් වෙනක්ල් මම මේ ඉවෙන්ට් එකට ගෙනාපු කිසි දෙයක් මෙතනින් හොල්ලන්න දෙන්නෙ නෑ"


මෙච්චර දවස් ගානක් මහන්සි වෙලා, ලොක්කගෙන්තු ලකුණු ටිකක් දාගන්න තිබ්බ චෑන්ස් එක ඇස් ඉස්සරහ පෝරකයක් වෙනකොට ඇත්තටම ඇස් වලට කඳුලු ආව.

දැන් ඉතින් මොකේද දන් වළඳන්නෙ කියල කල්පනා කරන්නත් විදියක් නෑ, අර මැනේජ්මන්ට් තියරි කාරයොයි, අනික් ඔක්කොම අටමගල් උස්සන් ආපු උනුයි එක්කො මගේ දිහා කෝචෝක් එකට බලනව, නැත්තං උන්ගෙ මෙලෝ රහක් නැති දේශනා දෙනව. ඒත් එකෙක් නෑ ගොඩ යන්න ක්‍රමයක් කියන්නෙ.

දැන් ඉවෙන්ට් එක පටන්ගන්න විනාඩි කීපයයි. මිනිස්සු එකා දෙන්න ඇවිත් වාඩි වෙලා, සින්දුත් දාල, මම මේ අස්සෙ මේක ලොක්කට කියන්න වචන හොයනව.

ඔන්න එතකොට තමයි මගේ පරණ දානයක් පළ දීල දෙය්යෙක් වගේ අපේ ඩ්‍රයිවර් මහත්තය අපි පරක්කු ඇයි කියල හොයන්න ඇතුලට ආවෙ.

කොල්ලො ටික මිනිහට සීන එක කියල. උන්ටත් ෆුල්ම අප්සට්. කතාව අහපු චන්න, ඩ්‍රයිවර් බුවා ගියා ස්කැෆෝල්ඩින් එක ලඟට.

ඉන්දික මහත්තය මේ බටෙ දැනටම කාපර්ට් එක අස්සට බැහැල වගේ. ඒත් පොඩි අදහසක් තීනව අපි ට්‍රයි කරමුද?”

 කියල අහද්දි ඕන මකුළු දැලක එල්ලිල ගොඩ යන්න බලන් හිටපු මට මිනිහගෙ ක්‍රමේ දැනගන්නකල් ඉවැසිල්ලක් නැති උනා.

මෙහෙමයි, අපි මේ ස්කැෆෝල්ඩින් එකේ ක්‍රොස් බාර් හයි වෙන තැනට ලොරියෙ ජැක් එක ගහ උස්සල යාන්තම් උඩ ආපු ගමන් මිලි හයේ විතර බෝර්ඩ් කෑල්ලක් රිංගවමු

අදටත් "මෙන්න ඔයාගෙ පුතා" කියා රෝහලේදී ඇසූ කතාවට පසූ මා ඇසූ ප්‍රීතිමත්ම වචන ටික එය ලෙස සලකමි.

ඇමරිකාණු මහා උපදේශකයා හෝ මිනිහාගේ කිසිදු ගෝලයකුට මා වෙත ලබා නොදියහැකි පාඩමක් මොහොතකින් ඉගෙන ගනිමින්, ඒ අති සාර්ථක සහ ඉතා පහසු උත්තරයෙන් මගේ වෘත්තීය ගරුත්වය, ආයතනයේ ගරුත්වය රැකගෙන අප ඉන් පැය භාගයකට පසු එළියට ආවේ ඕනෑම පොඩි මිනිහෙකු සතුව විසාල විසඳුම් තිබිය හැක" යන්න සිතේ ධාරණය කරගනිමිනි.

අප විසින් කරන ලද ඒ අනගි කාර්ය සහ අපගේ සහය අගයා පසුව සෙන්සේ කන්ඩායම එවන ලද ලිපියේ පිටපතක ලොක්කා තම අගය කිරීමේ සටහනක් දමා අප කණ්ඩායම කැඳවා කුඩා ස්තූතියකින් හා සංග්‍රහයකින් පසු මට දුන් විට එහි කොපියක් පවා නොතබා "Channa, it could be impossible without you!  යන්න සටහන් කර චන්නට දුන් විට එදා මා ගලවාගත් දෙවියා එය තෙත් වුන දෑසින් තුරුලු කරගනිද්දී අපි සම්පූර්ණ හේතුව මුල් වරට ලොක්කාට කීවෙමු. 

අටම්පහුරලාට අවමන් කරන ඉංජිනේරු මහත්තුරු මේ කතාවෙන්වත් යමක් හිතටගත්තොත්!

35 comments:

  1. මට හිතෙන විදියට ඕකට තමයි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා කියන්නෙ. මේක ගොඩක් දුරට අපේ රටේ උගත්කම ගැන සහතික පත්‍ර ගත් අයට වඩා රටේ සාමාන්‍ය මිනිසුන් අතර තියෙනවා. ඒ ඔවුන් විෂය දනුමටම කොටුවී සිටින නිසා.
    මේ ලඟදි මට ඩිසල් ලීක් එකක් නවත්තන්න පුළුවන් උනේ එවැනි සාමාන්‍ය බුධියක් ඇති මිකැනික් මහතෙක් කියූ හුනුයි සීනියි එකට මිශ්‍ර කර ගාපු නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක බුද්ධිය විතරක් නෙමෙයි. නිසි තැනට නිසි කලට කළබල නොවී හිතල ඇප්ලයි කිරීමත්.

      ඇත්තටම අර ඩීසල් සීන් එක පොඩ්ඩක් පැහදිලි කරනව. කාටත් උදව්වක්.

      Delete
  2. මට හිතෙන විදියට ඕකට තමයි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා කියන්නෙ. මේක ගොඩක් දුරට අපේ රටේ උගත්කම ගැන සහතික පත්‍ර ගත් අයට වඩා රටේ සාමාන්‍ය මිනිසුන් අතර තියෙනවා. ඒ ඔවුන් විෂය දනුමටම කොටුවී සිටින නිසා.
    මේ ලඟදි මට ඩිසල් ලීක් එකක් නවත්තන්න පුළුවන් උනේ එවැනි සාමාන්‍ය බුධියක් ඇති මිකැනික් මහතෙක් කියූ හුනුයි සීනියි එකට මිශ්‍ර කර ගාපු නිසා.

    ReplyDelete
    Replies
    1. wmk, මටත් කියමුකො කොහොමද සීනියි හුණුයි කවලම් කරන්නේ කියලා. මොනවෑන්ද අනන්නේ? වතුරෙන්? ස්තුතියි මේ ඔත්තුවට. කොයි වෙලේ ඕනෙ වෙයිද දන්නේ නෑනේ.

      Delete
    2. යාළුවා.
      මම කඩේට ගිහින් බුලත් එක්ක කන හුණු පැකට් 2ක් ගෙනාව.(එකක් රුපියක් 5යි) ඒක පොඩි භාජනයකට හලලා ,ගෙදර උන්දැට හොරෙන් ගත්ත සිනි බෝතලෙන් ඒකට ඇති තරමට සිනි හැලුව (හොඳ වෙලාවට තිබුනේ පිටි සිනි) ඊට පස්සේ ඇති තරමට වතුර ස්වල්පයක් දාල සබන් පොත්තක් අරන් (ඒක කලින් ලියන්න බැරි උනා) ඒක දිය වෙන තුරු මිශ්‍රණය අතින් කවලම් කළා. මිශ්‍රණය ගන වෙන්න කලින් පාවිච්චි කරන්න ඕනෑ. මගේ ඩිසල් ලික් එක නැවතුනා. දැන් ටැංකිය ගලවල නියම විදියට රෙපයාර් කරන කල් වැඩේ ෂේප්. ඔබත් අත් හදා බලන්න.

      Delete
    3. යාළුවා.
      මම කඩේට ගිහින් බුලත් එක්ක කන හුණු පැකට් 2ක් ගෙනාව.(එකක් රුපියක් 5යි) ඒක පොඩි භාජනයකට හලලා ,ගෙදර උන්දැට හොරෙන් ගත්ත සිනි බෝතලෙන් ඒකට ඇති තරමට සිනි හැලුව (හොඳ වෙලාවට තිබුනේ පිටි සිනි) ඊට පස්සේ ඇති තරමට වතුර ස්වල්පයක් දාල සබන් පොත්තක් අරන් (ඒක කලින් ලියන්න බැරි උනා) ඒක දිය වෙන තුරු මිශ්‍රණය අතින් කවලම් කළා. මිශ්‍රණය ගන වෙන්න කලින් පාවිච්චි කරන්න ඕනෑ. මගේ ඩිසල් ලික් එක නැවතුනා. දැන් ටැංකිය ගලවල නියම විදියට රෙපයාර් කරන කල් වැඩේ ෂේප්. ඔබත් අත් හදා බලන්න.

      Delete
    4. බොහොම ස්තුතියි wmk. මේවා කොයි වෙලේ කාට ඕනෙ වෙයිද කියන්න බෑ.

      Delete
  3. උඹට ඇත්තම කියන්න, කතාවෙ ඩ්‍රයිවර් ගැන කියන්න කලින්, මටත් හිතට ආවෙ ඇයි දැන් ජැක් එකක් ගහල ඔය වැඩේ ගොඩ දාගන්න බැරිද කියන එක... :)

    හැබැයි ඉතින් ජොබකට ගියපු මුල් කාලෙ ඔය වගේ හිතෙන්නෙ නැහැ තමයි.. ටිකක් කට්ටිය එක්ක ගැවසිලා වැඩ කරද්දි තමයි ඔය වගේ දේවල් ඔලුවට යන්නෙ... :)

    ReplyDelete
    Replies
    1. ඔව්, විවේක බුද්ධියෙන් පුරුවක ඉඳන් කතාව කියවනකොට හිතෙන විදියයි, රෑ පුරා නිදිමරන් වැඩ කරපු එකෙක් පාන්දර මහ සෙනඟ ගොඩක් මැද බැණුම් අහන නවකයෙකුට හිතෙන විදියයි අතරෙ ලොකු වෙනසක් තීනව මචං.

      Delete
    2. මට ඒ ටික අමතක උනා... ඒ වගේ වෙලාවකට නම් මෙලෝ දෙයක් ඔලුවට එන්නෙ නැහැ තමයි... :)

      Delete
  4. ඇයි උඹ අහලා නැතිද, රෝදේ මාරු කරන්න ගිහින් නට් බෝල්ට් ටික කානුවට වෙලේ පිස්සන් කොටුවේ තාප්පෙ උන්න පිස්සා ඉංජිනේරු මහත්තයට දීපු උත්තරේ..

    එක සැරයක් අපිර ඇස්පහ කරන්න ආවා ලෝකල් පොරක්, මූ පොර ටෝක් දුන්නට ටයි එකේ නොට් එක ටිකක් කිළුටු පාටයි කියලා මම දැක්කා. ඉන්ටවල් එකේ අපි ගිහින් මූගේ කාරෙක් චෙක් කලා. පිටිපස්සෙ සීට් එක පුරාම පොත්, ඉස්සරහ සීට් එකේ ලට්ට පට්ට ගොඩයි, වාහනේ හෝදලා නෑ මාසෙකින් විතර. මම ගියපු ගමන් ඇහුවා ඔහේ අපිට ඇස් පහ කියලා දෙන්න ආවට ඔහේට එක ඇහක් වත් නෑ වගේ පේන්නේ කියලා. ඕකට මට වෝනින් ලෙටර් එකකුත් හම්බ උනා. අරු ටොප් මැනේජ්මන්ට් එකට මාව රිපෝට් කරලා.

    උඹ දැකලා තියෙනවද තෙල් බෙහෙත් කාරයෝ. බස් එකේ පොත් පත්තර විකුණන උන්, එක එක වැඩ දාලා හිඟා කන උන්, මට මුන්ව දැක්ක ගමන් මතක් වෙන්නේ උන්ව.

    ඔය මහත්වරුන්ගේ ඉටිකිරිස් කෑලී වලට වග කියන්නෙත් ඩ්‍රයිවර්ලම තමයි... දන්නෝ දනිති...

    ReplyDelete
    Replies
    1. මොකක්ද පිස්ස කිව්වේ??

      Delete
    2. ඇයි අප්ෂට්ද....?

      Delete
    3. ඔව් බං ඔය ගොඩක් ලොකු එවුන්ට නොපෙනන් දේ පොඩි උන් දකිනව. ඒකනෙ තේරුන් නොගන්න නිසානෙ අපේ ගොවිතැනටත් කෙළවෙලා තීන්නෙ!

      ඔය සමහර එස්පා කට්ටිය ඒක නිකන් මානසික ලෙඩක් කරන්. පේන්නැද්ද ලාල් මහත්තය. මිනිහගෙ ගෙදර ඉරි ඇඳල කොටු ගහල එස්පා කරපු පින්තූර පෙන්නනකොට මට කියන්න හිතුනෙම තමුසෙට පිස්සුද ඕයි කියල. ඇයි බං ගෙයක් ගෙයක් විදියට මිසක් ෆැක්ටරියක් විදියට තියාගන්නවට වඩා හොඳයි ෆැක්ටරියෙම කාල බිලා න්දා ගන්නව.

      ඇනෝ,

      ඔයා අහන්නෙ පිස්ස කියපු කතාවනං, එක ඉංජෙක්කෙ වාහනේ පැච් එකක් ගිහින් පාර අයිනෙ තියන් ටයර් මාරු කරන්න හදනකොට අර බෝල්ට් හතරම එතන තිබ්බ මෑන් හෝල් එකක් අස්සට වැටුනලු. දැන් ඉතින් මොකෙද දන් වළඳන්නෙ කියල හිතනකොට ඒ සීන් එක බලන් උන්න පිස්සෙක් කිව්වලු "ඔයා අර අනික් රෝද තුනෙන් එක එක ඇනේ ගලෝල මේ රෝදෙ හයිකරගන්න, එතකොට හැම රෝදෙටම ඇන තුන ගානෙ වැඩේ බැලන්ස්, පස්සෙ කඩේකට ගිහින් හතරක් අරන් ඔක්කොම ගොඩ දා ගන්න කියල.

      Delete
    4. මාතලං කාරය පුදුම තරහක් තියෙන්නෙ ඇනෝලත් එක්ක, නොදන්න දෙයක් ඇහුවම දැක්කනෙ කියපු එක, ඕකව කොටියම කන්න ඕනේ
      [ නෑ..නෑ මහින්දයම කන්න ඕනේ...]

      එනිවේ... තෑන්ක්ස් ඉන්දික.

      Delete
  5. ඔය එනෙල්පී NLP කේස් එක තදට වැඩ කලා මෙහෙත්..ආන්න ඒකට ගත්ත පොත් ටික රාක්ක වල වේලෙනවා දැන්..මමත් එහෙන් මෙහෙන් කියෙව්වා මොකද්ද මේ හුටම කියලා බලන්නයි..තොරතුරු හොයන් එන උන්ට ඕක පට්ටල් කරලා ජාමෙ බේරා ගන්න පුළුවන්ද කියලා බලන්න..ඕක මගේ ජොබ් එකේ කොටසක්නෙ..එන උන්ගෙ තොරතුරු අවශ්‍යතා තේරුම් කර ගෙන අපි ළඟ තියෙන කලෙක්ශන් එකට මැච් කරන එක..
    ඒත් කරුමෙ කියන්නෙ අදටත් අපේ සෙක්ශන් ඉන්න මයිනර් ස්ටාෆ් එකේ උන් සෙට් එක වැඩක් කරන කොට පාවිච්චි කරන ට්‍රික්ස් වලින් දශමයක් වත් හිතා ගන්න බෑ බන් ඔය පොත් වලින් තියෙන ඒවයින්..
    හැබැයි ඔව්වා ලෝකෙට විකුනපු එවුන් නම් ගොඩ !

    ReplyDelete
    Replies
    1. ඔය සබ්ජෙක්ට් එක වටින්නෙ අපිට වඩා අද එන පරම්පරාවට. මොකද ඕකෙ මූලික හරය වෙන්නෙ සබකෝලය නැති කරල, කණ්ඩායම් හැඟීම හදල, තම්න්ගෙ ශක්තිය ගැන තමන්ට විශ්වාසයක් ඇතිකරල වඩා ඉහල ඉලක්ක කරා යන්න පොළඹවන එක. ඒත් දහම් පාසලේ සමිතියෙ කවි කියල, පාරෙ කොල්ලො එක්ක හොර පොල් කඩල, පස්සෙ උන් එක්කම වෙසක් කූඩු තොරන ගහල, බාලදක්ෂ කරල, කැඩෙට් කරල, ඉස්කෝලෙ ක්‍රීඩා කරල, වල බැහැල සමාජෙන් ප්‍රායෝගිකව ඔය දේවල් තමන්ගෙ ළමා කාලෙම ඉගෙන ගන්න උන්ට ඕවයෙ ගන්න සත පහක දෙයක් නෑ.

      Delete
  6. හැබැයි හරි හමන් ඉංජිනේරු කෙනෙක් නම් පහල ඉන්න වයසක උන්ව තමා ලගින්ම තියා ගන්නේ මම දන්නා තරමට...අතින් කියක් හරි ගියත් මොකෝ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි. දැන් ඒක තමා අපිත් කරන්නෙ. ඒත් මේ පටන් ගත්ත මුල කාලෙ උන දෙයක්.

      Delete
  7. /* මිනිහ ඒකට උපරිම දස්සය කියල මට තේරුනේ එයාගෙ බිරින්දැ දැක්කම. ඔමාර්ගෙ දේශනවල සහකාරිය වෙච්චි මේ උගත් නෝන බොහොම ලස්සන ඇඟපතක් තිබ්බ, රූමත් තරුණ ක්‍රිස්තියානි ආගමික සුදු ජාතික කාන්තාවක්. ඒත් ඔමාර් කියන්නෙ මුස්ලිම් ජාතික, මහ විසාල අර මිචලින් බබා වගේ පෙනුම ඇති, අර ළමයට වඩා අවුරුදු පාළහක්විතර වයස ( පෙණුමට ) උන්දෙක්. ඉතින් මිනිහගෙ තමාව අළෙවිකරගැනීමේ දස්කම කොයිතරම්ද කියල හිතා ගන්න පුළුවන්නෙ.
    */

    හැබැයි බැන්ද කාලේ පොර නිකං ඕමාර් ෂෙරීෆ් ලා, ඉම්රාන් කාන් ලා, ෂාරුක් කාන් ලා කොල්ලො කාලේ වගේ ඉන්ණ ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ නෑ කකා. මොකද මේක උනේ නයින්ටි අග. එතකොටත් මිනිහ අර්ලි ෆෝටීස් හරි ලෙට් තර්ටීස් වල හරි.

      Delete
  8. පොර කියලා පෙන්නන්න කියනවා නෙවෙයි. උඹ ඕක කියාගෙන එනකොට මට මතක් වුනේ ඕක ජැක් කරන්න. හැබැයි ලෑල්ල තියන්න නෙවෙයි. බේස් ප්ලේට් එකම රිංගවන්න.

    ඒ බුවා එලඹ සිහියෙන් ඉන්න නියම පොරක්. මෙහෙ එවුන්ට නැත්තෙත් ඕකමයි. ඒකයි මුන් එක්ක පොඩී වැඩක් කරන්න ගියාමත් පිස්සු හැදෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මුලිම උඹට කියන්න තීන්නෙත් "අහවලාට" දීපු උත්තරේම තමයි. එතන පරිසරයත් එක්ක ගත්තම මේ වගේ දෙයක් හිතල ඇප්ලයි කරපු එකයි වටිනාකම.

      අනික් කාරනෙනං සහතික ඇත්ත. සම්මා දිඨ්ඨිය කියල බුදුහාමුදුරුවොත් කියල තීන්නෙ ඔය ගැන තමා.

      Delete
  9. ඒ මනුස්සයාගේ පින්තූරයක් නැද්ද බන් දාන්න.ඔන්න මිනිස්සු..ඒත් මචන් ඒ වෙද්දීත් කාර්පට් එක හිල් කරන් බැහැල නම් සොරි නේද ...? හිල් ටිකට මොකද කරේ ...?

    ReplyDelete
    Replies
    1. නෑ කර්පට් එක අන්ඩර් ලේයර් එක නිසා යටට බැස්සට හිල් වෙලා තිබ්බෙ නෑ වෙලාවට.

      ඇත්තටම ඌ නොහොටියනම් සමහරවිට මගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්න තිබ්බ.

      Delete
  10. ඉංජිනේරුවා දෝස්මුරය තියෙන අවස්ථාවෙ ඔබට දැනුනු පීඩනය...මට නම් හිතාගන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. මට දැන් හිතෙන්නෙ මිනිහත් මං වගේම ලොකු පීඩනයකට් පත්වෙන්න ඇති කියල ඒ වෙලාවෙ. මොකද අවුලක් උනානං උගෙත් නොසැලකිල්ල කියල කියවෙනවනෙ.

      Delete
  11. මට මේකෙ සමහර වචන තේරෙන්නෙ නෑ.. ආදර්ශය විතරක් තේරුණා..

    අර බබල්ගම් කියන එකත් හැදුනෙ එහෙමලුනෙ.. ගම් හදන ලොකු කොම්පැනියකට පදම වැරදිලා ගම් ඇලෙන නොඇලෙන ගානට ඇවිත්. සෑහෙන තොගයක් නිසා මේක විනාස කරන්නෙ කොහොමද කියල හිතද්දි ඔෆිස් එක අතුගාන එකාගෙ අදහසකට අනුව තමයි බබල්ගම් බිහිවෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මුලිම්ම ස්තූතියි කිව්ව ආවට ( මේ ආවමයි නේද? )

      නොතේරුන දේ ලැජ්ජ නැතුව අහන්න, එහෙමයි ඉගෙන ගන්න ඕන. කොහොම උනත් නොතේරුනා නොකිය දන්නව වගේ යමක් කියල නෝන්ඩි වෙන අය අතරෙ ඔයා මෙහෙම කියපු කොයිතරං ලොකු දෙයක්ද.

      මම ඔය බබල් ගම් කතාව අදයි ඇහුවෙ. පොඩ්ඩක් විවෙක ඇති වෙලාවට ජාලෙ හොයල බලන්න ඕන වැඩි විස්තර.

      Delete
  12. මචන් ලංකාවේ ඔකට ගොඩක් උදාහරන තියෙනවනේ බං සරලව පොඩියට පටන් ගත්ත කොච්චර මිනිස්සු පොරවල් වෙලා ඉන්නවද ලොකේ ගත්තත් එහේමනේ බං

    ReplyDelete
    Replies
    1. ඔව් අර ලොකු බිස්නස් කාරයෙක්ගෙ ඇහුවල ඔබේ ව්‍යාපාර වල දියුණුවේ රහස මොකද්ද කියල. මිනිහ කිව්වලු නිවැරදි තීරණ කියල. ඒතකොට එහෙම නිවැරදි තීරණ ගන්න ඔබ ඉගෙන ගත්තෙ කොහොමද කියල ඇහුවම කිව්වලු වැරදි තීරණ අරන් වෙච්චි පාඩු වලින් කියල.

      Delete
  13. ඉන්දික සහෝ ඔක්කොටම වඩා මට හිතට වැදුණේ අටං ගැන ලියල තියන වාක්‍යයට...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට නොතේරුනාද දැක්කෙ නැද්ද ඒ කෑල්ල!

      Delete
  14. ඇත්ත ඇත්ත ඔය වගේ දේවල් ගෙදර දොරේ වෙනවා අනන්තව ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් හාමිනේලා ලකුණු දා ගන්න ඔය හදන්නෙ

      Delete

LinkWithin

Related Posts with Thumbnails