Wednesday, November 14, 2012

රජුන් ගැයූ ගී...!




මලගෙවල් වල කතා පවත්වන්න තියෙන අකමැත්ත නිසාම බුද්ධියගෙ කඩේ වැහිල්ල ගැන මොනාවත් එතන නොකියට ආවට ඇත්තටම වැඩේට හිතට අමාරුයි. මොනා උනත් ඌ නොහිටින්න මගේ කාටුන් එකක් වෙන කාට කියල ඇඳ පබ්ලිෂ් කොරගන්න කියලද. එහෙව් සයිබර් යායට කෙල උන එකට මෙන්න මගේ සාතිෂය කෝපය සහ බලවත් විරෝධය!

ඇත්තටටම වැඩ නිසා ටික දවසක් නොලිය උන්නම ලියන්න හිතෙන්නෙම නැති එකනෙ අප්ප කරුමෙ. ඒත් අද මාරයෙගෙ පෝස්ට් එකයි උගේ රීඩරේ තාම මං ඉන්න එක ගැනයිත් හිතල කාලෙක ඉඳල ලියන්න උන්නු මේ කතන්දරේ ලියල යන්ව කියල හිතුව.

මට මේ ගැන හොයන්න හිතුනෙ පහුගිය කාලෙ අර ප්‍රභා මල දාම අම්මට අසනීප වෙලා හදිසියෙ ලංකාවට ආ වෙලී නිතර දෙවේලෙ දැකපු එක සින්දුවක් නිසයි. ඇත්තටම රජවරුන්ට් මිස රජවරු කියාපු සින්දු නැද්ද?

බලං යනකොට අම්බානෙට තීනව. හැබැයි ඒ හැමෝම ඒ කාලෙ උන්න ඈයො නිසා හොඳයි. නැතිනං එක අතකට අයි ටී එන් එකේ ය්න්නෙ ම රජා ගයපුව විතරයි වෙනව ( දැං කියල වෙනසක් නෑ කියල කියන්න එපා - මං කිව්වෙ සින්දු ඉසක් වැල් බයිල ගැන නෙමෙයි ).

මට හිතෙන හැටියට ඔය රජුන්ගෙන් වැඩිපුරම සින්දු කියල තියෙන්නෙ වෙස්සන්තර රජා වෙන්න ඕන. මොනා උන්ත් මටනං එළම එක තමා දුටුගැමුණු කියාපු සින්දුව.

කොහොම හරි ඔය මට මතක් උන ලිස්ට් එකට ඵත තීනව. ඊට අමතරව රජවරු කියාපු සින්දු ( බයිලා නොවේ ) තීනවනං තම නැණ පමණින් ලියල ගියොත් මගේ ගානෙ ණයක් දෙනව නොගෙව පනින්න ( නෑ එක තාම දුන්නෙ නෑ. දෙසැම්බර් පාළහ වෙනකල් ගල් අහුලවලු ).

මේ තමයි වෙස්සන්තර රජා කියාපුව.

අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී..( මේක බඳින දවසෙ උදේලු කුමාරය කිව්වෙ )\

වෙස්සන්තර බිසෝ නුඹව දන්දෙන්න බෑ……

මගේ මන්ද්රි නම් බිසෝගේ - යාඥාව වේය බෝ සේ...



මේක මිසිස් වෙස්සන්තරගෙන්...

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ..
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ..

සෙල්ලං නෑ, සිදුහත් කුමාරයත් එකක් කියලනෙ..

යශෝධරා...යශෝධරා...
සිතේ නැගුන කල කිරීම පෙර සිට..
ඔබ පමණ්යි දැන සිටියේ පෙර සිට..



මෙන්න මගේ ෆේවරිට්, දුටුගැමුණු ගයන,

ඔබේ නමින් සෑය බඳිමි, විමානයෙන් බසිනු මැණවි.....
සිවර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...


මේක ( කාලෙ ) ඝෝඨාභය කියපු එක,

සිරි සංඝබෝධි මාලිගාවෙදි මම් - දැක ප්රාටණ හානිවෙන්ට බැට දෙමි - අල්ලා, බන්දා, රැන්දා, බින්දා, උන්දෑ, කොන්දා, ලාමි මම්


මේ අල්ලපු රටේ සුල්තාන් රජෙක් කියාපු එකක්,

දැක්කොත් පද්මාවතී...ආලේ නොකරා බැරී...


වැද්දෙක් උනත් ඉතින් රජෙක් කියාපු එකක් තම මේත්,

මෑ වේ මා දුටු කොමළ ලියා...
දෙස බලනුය රජතුම, චිත්ත නොම වේය තුටු..


මේ අර මෝඩ සාලිය උන්දැ කියාපු එකක්,

අරිමි රජ සැපා මම ලක්දිව තී නිසා..
සොඳුරු ළඳේ..මියුරු කතේ..තී හැර අන්සැප නැතේ..

මේකත් මිනිහමයි...

අසෝක මල් මාල ගොතාලා..අසෝක මල් උඅයන වැදිලා...


තව ටිකක් මතක් උනත් මට හෙට අනිද්ද නිවාඩුවෙ කන් වහන් ඉන්න වෙන නිසා මුතු සම්භන්ධයි දාල කඩේ වහල ගෙදර යනව. දන්න ටික ලියමු, උත්තර සෙනසුරාදට...

30 comments:

  1. රජුන්ට හැදූ ගියක් මම දැම්ම ඕං..

    :))

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒකත් එළ ගීයක්..ඒත් මෙව්ව ඔරිම ඔරිගිනල් එව්ව

      Delete
  2. කාලෙකට පස්සෙ වැඩ අල්ලා තිබීම ගැන සතුටුයි.... මට සටස් ගාලා මතක් වුනේ ආයුබෝ වේවා මහ රජානෙනි කියලා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දොර විවෘත කරගත් කෙළීව....

    ReplyDelete
    Replies
    1. ඒ දොර ඇර ගත්තෙ සින්දුවට අමතරව තවත් එව්ව ඇරගෙනයි කියලයි කට්ටිය කිව්වෙනං!

      Delete
  3. කලකට පස්සේ වෙලකට බැහැලා තියෙන්නේ අයියණ්ඩි. හොඳා හොඳා.

    මනමේ ලොක්කා කියන සිංදුවයි. ගම්බීර තෙදැති කුස්තන්තීනුපුර සිංදුවයි එකතු කර ගනිමු නේද :D

    ReplyDelete
    Replies
    1. වෙලට බැස්සට මොකෑබං වැඩට වෙලාව අඩුයි.

      Delete
  4. රාවණාගේ සින්දුව

    සීතාවනි ඔබ හැඩරුව ඇති බව
    දිවිහිමියෙන් පති දම් සුරකින බව
    දනිමි, ඔබත් දැනගත යුතු මේ බව
    ඔබෙෙ සෙනෙහෙස මට ඕනෑ නැති බව

    ReplyDelete
    Replies
    1. ඕක ලිව්වෙ මීවනපලානෙ ජයේද දන්නෑ!

      Delete
  5. මුවෙක් ගැයු ගීයක්

    නංගිගෙ හිත ළඟ කවුරුද මුවා උනේ..

    ශ්‍රී ලංකාවේ මල් ගැන පාඩමක්

    සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ
    කිඩාරම් මලේ...

    මතට තිත සඳහා ප්‍රචාරනය සඳහා රජයෙන් නිකුත් කළ නිළ ගීතය

    බුදු තාත්තේ බොන්න.. බොන්න .. බොන්න... බොන්න..

    ඩී ජේ ක්‍රමයකින් තැටිය එක තැන රිපීට් කරවයි..

    ReplyDelete
    Replies
    1. ඇයි මට මුළු ලොවම ඔබයි කියල චන්ද්‍රලේඛ කියාපු එක.

      Delete
  6. මොකෙක් හරි ඇඬුවාම තමා ඉන්දික අයියටත් ලියන්න මතක් වෙන්නේ...

    ඔය “ සිරි සංඝබෝධි මාලිගාවෙදි මම් - දැක ප්‍රාණේ හානිවෙන්ට බැට දෙමි - අල්ලා, බන්දා, රැන්දා, බින්දා, උන්දෑ, කොන්දා, ලාමි මම්” එක නම් මට කියා ගන්න තියා හරියට හිතාගන්නවත් බැරි තාලයක් තියෙන්නේ.. අනිත් එවා නම් ඉස්කෝලෙ යන කාලේ අහලා තියෙනවා.. ඒ ඇරෙන්න සින්දු නම් ඉතිං මොනාද.....

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං ඒ කට කැඩිච්චි කතාව? සින්දු කියන්නෙ මහ පුදුම ජාතියක් කියල එකෙක් පට්ට ගහද්දි මේකි මේ කියන්නෙ "සින්දු නම් ඉතින් මොනාද" කියල. හොඳ සින්දුවක් අහල බීරි උනත් සැපයි හිරුවො.

      Delete
  7. කාලෙකින් ඇවිත් තියන්නේ බොහොම සතුටුයි. තව තියනවා රජාල කියන සින්දු. ජහමනය කියන ඒවත් තියනවා බොහොම අමාරුවෙන් කෙදිරි ගගා, සා දුකීන් පෙළෙන වුන් දැන් ඉතීන් අවදිවව්!! වගේ. කවදාවත් අවදි වෙන්නෙ නැහැ. හැබැයි කියන එක නවත්තන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අවදි වෙන්න දෙන්නෙ නෑ. මොකද එහෙම උනොත් ඉන් පස්සෙ කියන්න දෙයක් නෑනෙ ඒකයි.

      Delete
  8. රජකම් කෙරුවත් කලකම් පලදේ....... චිත්තර පටියේ අන්තිමට කියන්නේ එහේමලු හැබැ ඒ හරිය කොටු කොටු....

    ReplyDelete
  9. මෙහෙමවත් ලියන්න හිතුන එකනම් ලොකු දෙයක් .

    ReplyDelete
    Replies
    1. ඊයෙ බස් රේඩ්යෝවෙන් තෑග්ගක් දින්න නේද?

      Delete
  10. ගැමුණු කුමාරයා කිව්වා නේද '' ඔබ බය වෙන්න එපා මලය රටේ මැණි ක මගේ ..මගේ නැහැ ආදරයක් වෙන ළඳකට නුඹට වගේ ...

    ReplyDelete
    Replies
    1. ආ ඔව්නෙ. ජෝති මාම ලව්ව නේද කියැව්වෙ?

      Delete
  11. ඇත්තටම රසවත් සටහනක්.. සිංදුනම් එක එක විදියට කටට එනවා. දැන් සිංදු කියන්නේ ප්‍රශස්තවැයුම් හෙවත් වන්දිභට්ඨයන් ගැයූ ගී විදියට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගය කිරීමට. මේ මේ පැත්තෙ ආවමද මන්ද! අද වන්දිභට්ට කම කවදටත් වඩා හොඳට කෙරීගෙන යනවනං තමා.

      Delete
  12. අන්න බලන් මගෙ පුංචි පුතන්ඩිය වේදිකාව මත නුඹේ පියා....
    කෙසෙල් පතුරු සිංහාසනයේ ඉඳ පැයකට දෙකකට රජ වීලා....

    මේ වගේ සින්දු කියන්නේ කවුද ඉන්දික... තිස්ස අයියගෙන් හොඳ විචාරයක් එක්කම ආවානම් මේ සිංදුව හොඳයි වගේ...

    ReplyDelete
    Replies
    1. ගල් මූසලයා..උඹ මුගේ සල්ලි ටික ගෙව්වද?

      Delete
    2. අභීත කමෙන්ට් කරේ මම "තම නැණ පමණින් ලියල ගියොත් මගේ ගානෙ ණයක් දෙනව නොගෙව පනින්න" කියපු නිසා නෙමෙයි නේද?

      Delete
    3. ඇනෝ, දැක්කෙ නැද්ද උඩ තිබ්බ " නෑ එක තාම දුන්නෙ නෑ. දෙසැම්බර් පාළහ වෙනකල් ගල් අහුලවලු" කියල.

      Delete
  13. රාජ් has left a new comment on your post "රජුන් ගැයූ ගී...!":

    රජුන් ගැයූ සින්දු අතරින් මෙතෙක් බිහිවූ හොඳම සිංදුව තමයි මේක. මේක ලංකාවෙ හැම පාලකයෙකුටම වගේ ගැලපෙන අතරෙ දැන් පාලකයට සුපිරියට මැච් වෙනව මෙන්න, (මේක පුතාට කියන සිංදුව)

    මං නැතිදා
    මේරට ඔබටයි
    ඔබේ යහළුවන්ටයි
    යෙහෙළියන්ටයි.

    ReplyDelete
    Replies
    1. පෝං එකෙන් කොටද්දි ඩිලීට් එකනෙ බං එබුනෙ. ඒකයි ආයි කොපියක් ඇලෙව්වෙ. අර දූ පුතුනේ රට අපේය...දූ පුතුනේ අප රටේය එකත් නිකන් මුල ඒ වගේ නේද?

      Delete
  14. Anonymous has left a new comment on your post "රජුන් ගැයූ ගී...!":

    aymat liyana..oba liyana ewa apita watinawa,
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජිත්. මේ දවස්වල කන්තෝරුවෙ වැඩ අම්බානට. ඒක්යි ලිව්ල්ල අඩු.

      Delete

LinkWithin

Related Posts with Thumbnails