Saturday, February 11, 2012
මං හිඃඋව!
කැත හිත නැති ඔබා-ම මගේ අර ලිඳේ දාපු කතාවට ලියපු කමෙන්ට් එකක් නිසා මේ කතාව මතක් උනේ. අපි දෙන්නටම මතක් උනේ එකම කතාවනං, ඔන්න ඔබා-මෙ උඹේ කටේ පස්!
එක්තරා ආයතනයක ලොක්කෙක් තමංගෙ ගෙදර වතු වැඩට ආරස්සාවට පිරිමි කෙනෙක් හොයල දෙන්න කියල තමා යටතෙම වැඩ කරපු දුර පළාතක සේවකයෙකුට කිව්වලු.
බොසා ෂේප් කරන් චාන්ස් එකක් ගන්නත් වෙලාව නිසා මිනිහ සති අන්තෙ ගෙදර ගියාම ගමේ කරක් ගහල කෙනෙක් හොයල. වැඩි පඩි කරදර නැති අහින්සක මිනිහෙක් නුදුන්නොත් තීන ලකුණුත් කැපෙන නිසා ෆුල් ට්‍රයක් දාල එහෙම කෙනෙක්වම හොයාගෙන.
පස්සෙ ඒ මණුස්සයටත් බොසා ගැන තෙල බෙදල රස්සාවට කැමති කරගෙන පහුවදා උදේම බොසාට ගිහින් පණිවිඩේ දුන්නලු.
“සර් අර වැඩේට නියම මණුස්සයෙක් ඉන්නව. මිනිහ ඕන බර වැඩක් කරයි. විස්වාසවන්ත වගේම අහිංසක හාදය. ඔය වෙන අවුල් මුකුත් නෑ...හරිම හොඳයි. මීට කලින් කොළඹ ලොකු ගේක ඉඳල ඒ නෝනයි එහෙ එන අනික් නෝනලයි කරදර කරනව කියල අස්වෙලා ඇවිත්..”
“නෑ...එහෙනං මොකද අයිසෙ එක්ක නාවෙ. තමුසෙට බැරිද මිණිහට අද හෙට එන්න කියල පණිවිඩයක්වත් යවන්න.”
“හරි සර් මම හෙටම එන්න කියන්නං..”
“හරි හරි...එහෙනං මේක බස් වියදමට තියා ගන්නව...”
කියල දාහෙ කොල දෙක තුනකුත් පර්ස් එකෙන් ඇදල ගෝලයට දීපු බොසා සතුටු සිතින් ගෙදර ගියාලු දැන් ඉතින් වත්තෙ වල් ගලවන වැඩයි මල් වලට සප්පායං කරන අරවයි මේවයි නිසා නෝනගෙන් සති අන්තවල ලැබෙන බරපතල වැඩ සහිත හිර දඬුවමෙන් වගේම උන්දැගෙ කොන්දයි අතනයි මෙතනයි රිදෙනව කිය කිය කරන ගුණ ගායනා වලිනුයි හෙට ඉඳල මිදෙන්න පුලුවන්නෙ කියල.
පහුවදා උදේම ලොක්ක හරි සතුටෙන් වැඩට යනකොට මෙන්න අර ගෝලයයි උගෙ ගෝලයයි දෙන්නම ඇවිත් කුකුළත් කරේ තියම්ම.
“මේ ඉන්නෙ සර්..මෙයා තමයි මම කිව්වෙ..”
අහින්සක, ඒත් ශක්තිමත් පෙණුමක් තිබ්බ මේ තරුණ හාදය දිහා හොඳට බලපු ලොක්ක, බොහොම සතුටින් වැඩි කතාවක් නැතුවම තව වෙලාව නාස්ති නොකර මිනිහව ගෙදර ගිහින් බස්සල එනව කියල හිතල වැඩි හොඳට රියදුරකු අත නෑර ගෝලයයි ගෙනාපු ගෝලයයි දෙන්නම එක්ක එක්ක පිටත් උනාලු.
ලොක්කගෙ සැප රියේ ගිහින් ඉබේ ඇරෙන ගේට්ටුවෙන් නෝනගෙ මල් උයනට ගෝලයො දෙන්නයි මහත්තයි ඇතුළුවෙනකොට මොකද මේ සැමිය ආ පයිං ආපහු කියල අර හුචක්කු හවුස් කෝට් එක පිටිම්ම නෝනත් මිදුලටම ආවලු.
මහත්තය එක්කම පස්සෙ දොරෙන් බැහැපු නොදන්න හාදය දිහා "මොකාද මේ" කියන එක මූණෙ ලියන් බලන නෝනට කාරෙකෙ අනික් පැත්තෙන් බැහැපු ලොක්කගෙ ගෝලයවවත් නොපෙනුනත් සියල්ල හොඳින් දැකපු මහත්තය
“මේ අපේ ඔෆිස් එකේ ජයවර්ධන, අර එයා අපේ වැඩට උදව්වට ගේනවයි කියපු මනුස්සය...අද ආව. මං ඉතින් මොකට එතන රස්තියාදුකරනවද කියල කෙලිම්ම එක්ක ආව”
කියන ගමන්ම අළුත් සේවකය දිහාට හැරිල
“දන්නවද මේ මගෙ නෝන..”
කියනකොටම පොරත් බග් ගාල
“ඔව් මං හිඃකුව”
කියල කීවලු..
ඉන් පස්සෙ වෙච්චි දේ ඉතින් කියන්න ඕන නෑනෙ.
කැත හිත් ඇත්තන්ටයි මේ කියන්නෙ. මේ මනුස්සයත් අර ඉස්සෙල්ල කතාවෙ ජාතියෙ පොඩි කතාවෙ අවුලක් ඇති එක්කෙනෙක්. මිනිහ කියල තීන්නෙ “ඔව් මං මං හිතුව” කියල.
Subscribe to:
Post Comments (Atom)
නෝනා එයාව වැඩට තියාගත්තද? ආපහු ඒ ගමන්ම මහත්තයා එක්කම පිටත් කලාද??
ReplyDeleteවින්චැට් එහෙම තියා ගන්නවද එක පාරටම එහෙම ඇහුවේ.. :)
Deleteඔව්..ඇයි? ඒ මිනිහා කතා කරන්නෙ එහෙම නම් ඒක රස්සාවක් නොලැබෙන්න හේතුවක් නෙවේනෙ...අපි ජීවත් වෙන මේ රට වල ආබාධිතයින්ට ගොඩාක් සලකනවා...එයාලව ලංකාවෙ වගේ කොන් කරන්නෙ නැහැ.....
DeleteWell said,වින්චැට්කිරිල්ලි. You made your point very well
Deleteචින්චැට් කිරිල්ලී,
Deleteනෑ, මහත්තය මිනිහවයි නෝනවයි පිටත් කරා.
ඒ උනාට ඔබතුමීගෙ දෙවනි කමෙන්ට් එකට මම කැමතියි. අබාධිත උනාට වැඩ ගන්න බැරි මොකෝ නේද?
සෑම, නිකං කිරිල්ලියෙක් නෙමෙයි ඔය චැට් චැට් එකක්...පරිස්සමින්....:D
නෝනට කීවෙනියද කියල හිතාගන්න බැරුව ගියාද ???
ReplyDeleteඋඹනං මහ නර...කම නරක සමනලය
Deleteහි හි බඩුම තමා මල සේකර දෙන්නගෙම ටිකට් කැපෙන්න ඇති
ReplyDeleteඑතන හතරක්ම උන්නනෙ, එතකොට කොයි දෙන්නගෙද දැං කැපුනෙ?
Deleteලොක්ක ෂොක් වෙන්න ඇති. ඔය ලොක්කන්ගේ පවුල් ටිකක් අවුල් නොවැ..
ReplyDeleteඋඹත් ලොක්කෙක් වෙන්න හිතාගෙන උන්නං අදහස අතෑරගං එහෙනං.
Deleteනෝනට මොනා උනාද දන්නේ නෑ
ReplyDeleteනෝනා නාන්න ගිහින්
Deleteඅර කියපු ව්දිහට නෝනට මගේ හිතේ ඒ කවදා කෙනාද කියලා මතක නැතුව වෙන්න ඇති බලාගෙන හිටියේ.. නියම කතාව..
ReplyDeleteමේ නෝන අර මැන්ටලයගෙ චා ඇන්ටි නෙමෙයි වෙන කෙනෙක්.
Deleteමහත්තයට මොනව හිතෙන්න ඇත්ද ? :D
ReplyDeleteමේ, ඕවට එන්න එපා හරිද. මම ඕවට කැමති නෑ.
Deleteඔන්න මම නම් කිසිම අප්සෙට් දෙයක් හිතුවේ නෑ.. :P
ReplyDeleteඉතිං මුකුත් අප්සෙට් වැඩක් උනෙත් නෑනෙ? :D
Deleteමටත් නරක දෙයක් මතක් වුනේ නෑ......
ReplyDeleteඋඹ බබා!
Deleteමට නම් මතක් උනා.ආයෙ මොකටද බොරු කියන්නෙ
ReplyDeleteඉතිං. තනගොල්ලෙ අත පිහිදාගන් ගිහිල්ල දැන්.
Deleteඒ පොර අර උඩු තොල ඇලිලා තිබිච්චි කෙනෙක් බන් . . ඒකයි ඒ . .
ReplyDeleteඋඹත් දන්නව රහස එහෙනං ඈ!
Deleteමං හිතුව....හිකිස්.....
ReplyDeleteමලා....! හිතපු සද්දෙනං එච්චර හරි නෑ. මඩ වලට පොල් කඩන්න වගේ!
Deleteමොකද්ද එතකොට අර බින්දු දෙක..
ReplyDeleteඒක වෙනම කතාවක්. බ්‍රහස්පතින්දට දාන්නං.
Deleteමටනම් තෙරුනේම නැහැ.
ReplyDeleteඅනේ බබා....පව්ව්ව්.......
Deleteචින්චැට්...මෙන්න මෙයාට කනට කරල කියල දෙන්න අනේ..මට පේන්නෙ මූත් අර බිත්තිය පැත්ත හැරිල දොය්යන එකෙක් ද මන්ද!
Deleteමේ මේ මට අපහස කරන්න එපා බිත්ති පැත්තට හැරිලා ඉන්න එකෙක් කියලා.මම දන්නා එකෙක්ගෙන් හිස්තැන පුරවාගෙන තේරුම ගත්තා.
Deleteමෙහෙම වෙන්නෙ කොහොමද ? කැත හිත නෙවෙ අප්පා ඉතින් දැන ගන්න අහන්නෙ
ReplyDelete"ඒ නෝනයි එහෙ එන අනික් නෝනලයි කරදර කරනව කියල අස්වෙලා ඇවිත්..”
ඔන්න...කැතම කැත එකා....අහු උනා. යකෝ කොල්ලො වැඩ වැඩි නිසා...වැඩ වැඩි නිසා
Deleteපව් අප්පා අර නෝනා...
ReplyDeleteපුදපු ගමන් කාපි යකා කිව්වා වගේ අතේ මාට්ටු වෙලානේ :)
යක්කුන්ට පුදන්න යනවට හොඳ පාඩම!
Delete//ඉන් පස්සෙ වෙච්චි දේ ඉතින් කියන්න ඕන නෑනෙ.//
ReplyDeleteහරියටම හිතාගන්න බෑ.
පොර ඇත්තටම හිතුවද දන්නැ ඊට පස්සෙ
Deleteබුද්ධි වගේ එකෙක්නං ඔන්න එහෙම තමයිලු වෙන්නෙ!
Deleteමමත් හිතුවා......:p
ReplyDeleteදැන් ඔන්න නරක වචන කියන්න ඕන නෑ. හොඳ ළමයි වගේ ඕන තැනක ඕන අප්සට් එකකට කියන්න තින්නෙ..."හිතුනනෙ" හරි "ඔය හිතල තීන්නෙ" කියල විතරයි...දන්නෝ දනිති..
Deleteමාත් හිතන්නද, කමක් නෑ නෙ ?
ReplyDeleteඋඹ වෙනදටත් මගෙන් අහල හිතන්නෙ බොල?
Deleteමට හිතුන කියල පටන් ගන්න කොටම තේරුනා, ඔය කෙළල තියෙන්නෙ තාප්පෙටම....හෙහ්..හෙහ්...
ReplyDelete"මං හිතුව" නේද?
Deleteහප්පේ ඉතිං අහන්නත් දෙයක්ද එහෙම්මම හිතුනා....හික් හික් ...
ReplyDeleteහුටස්.... :D
ReplyDeleteනහය මුක්කම් මනුස්සයෙක් වෙන්න ඇති .අර කුංකුණාවේ හාමුදුරුවෝ වගේ
ReplyDelete