Sunday, October 9, 2011

ලංකාවේ (වි)ශිෂ්ඨතම රාජ්‍ය සේවකයා!


අප ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකු, පරිගණක ඉංජිනේරුවකු සහ රසවත් බ්ලොග් රචකයකු වන චානුක වත්තේගම මහතා විසින් මීට කලකට පෙර වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යනු නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රාජ්‍යනිළධාරියා යැයි හඳුන්වනු ලැබීය.

අමරහේවා මද්දුමයන් පුද්ගලිකවම දන්න හඳුනන, ඩී බී රම්පාලයන්, ලයනල් ප්‍රනාන්දු වැනවුන් ගැන බොහෝ දේ අසා ඇති අපට මෙය පුදුමයක් වූ මුත් මර්වින් සිල්වාට තමා දුටු ගැමුණු පරපුරේයැයිද, ජැක්සන්ට ජනාධිපතිතුමන්ද එම පරපුරේ යැයිද, පිටිදූවේ සිරිධම්ම ගෝල කමෙන් පහකල පසු දමා ගත් අලුත් නම තමා සකෘදාගාමී වූ නිසා වෙනස් කරගත්තායැයි පැවසූද, ඒජේ රණසිංහට ප්‍රේමදාස මහතාගේ සෙරෙප්පු සුප් වැළඳිය හැකි වූද, බුදුන් දින අනඳ හිමියන් වසඟ කල මන්ත්‍ර ඇතැයි පාරිභොගිකයන් මුලා කරමින් වශී දැන්වීම් පිටු ගනන් දමන වල්ලියන් සහ විල්ලියන් යහතින් ඉන්නා රටක එක අතකින් මෙය මහා අමුතු හෝ පුදුම විය යුතු දෙයක්ද නොවුනි.

අනෙක තම බත් පත සරි කර දෙන නිසා හෝ නැතිනම් උපතින්ම ඇස් නිල් නිසා සියල්ල නිලට හෝ නිළට පෙනෙනා නිසා කිව්ව්ද රචකයාගෙ මතය තහවුරු කල බොහෝ කමෙන්ට් එහි වූ නිසා මෙය එතුමාගේ පුද්ගලික අදහසක්ම පමණක් නොවුන බවත් මෙලෙස සිතන්නෝ තව බොහෝ වෙන බවත් පැහැදිලිය.

දැන් මේ පිළුනු වූ කතාව ආයි මතක් වූයේ අති විශිෂ්ඨ නිළධාරියකු යනු වශයෙන් එසේ බොහෝ දෙනා හංවඩු ගැසූ එතුමා ඊයෙ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ ඉතා හොඳ චරිතවත් පුද්ගලයකු ලෙස කීර්තියක් ඇති දුමින්ද සිල්වා මහතා බේරා ගැනීමට ජපුර රෝහලට ගිය බැවිනි.

රාජ්‍ය නිළධාරියකු සතුවිය යුතු විනය සහ අපක්ශපාතීබව ගැන රජයට සම්භන්ධ ආයතනවල අගුවේවත් නොසිටි අපට වඩා ආන්ඩුවෙන් කෑ බිව් උතුමෝ දන්නවා ඇත.

ඉතින් එවන් රජයේ නිළධාරියෙකු මේ ගමණ ගියේ තම ලොක්කාට වෙඩි වැඩුනු නිසා බලන්නටද නැතිනම් තම අතිජාත මිත්‍රයා අමාරුවේ වැටුනු විට උදව් වෙන්නද?

නැතිනම් රාජ්‍ය ආරක්ෂක ලෙකම් හැටියට තම රාජකාරිමය සේවය සැපයීමේ උතුම් අරමුණින්ද?

එහෙත් එහිදී මිය ගිය, එදා තම සොයුරාට කිසිවකුත් නැති කල චන්ද්‍රිකා නෝනාගෙන් බැණුම් අසමින්ම ඔහු අත නොහැර සිටි, හිත හොඳ චන්ඩියෙක් ලෙස ( දුමින්ද සිල්වාට සාපෙක්ෂව හොඳ මිනිසෙකු ලෙස සැලකෙන ) හෝ ඒ මොන මඟුලක් නොවුනත් අඩු තරමින් මල එකා නේද යන සිතිවිල්ලෙන්වත් අයි ඩී එච් එකට නොයෑමට වග බලා ගත්තේ මේ විශිෂ්ඨ නිළධාරියා විශිෂ්ඨ වූ තරමටම ශිෂ්ඨ නොවූ නිසාද?

අප සත්තිකුම්භ ජාතකයේ සිට අසා ඇත්තේ සහ දැක ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත්තේ නරක ඇසුරට වැටෙන්නෝද නරක උන් වන බවයි. ඒ නිසා මේ විශිෂ්ඨ නිළධාරියාටත් අධීක්ෂන මන්ත්‍රීගේ ඇසුර නරකට හිටියාදෝ!

අනේ එසේනම් කොළඹ ලස්සනත් හමුදාවේ ශක්තියත් නැතිවයාදෝ!

අඳෝමැයි...දෙදාස් දොලහේ විනාසය ෂුවර් බවට වෙන මොන කැටද? ( කැට ගොඩටත් කෙලවෙලා යයිද )

47 comments:

  1. විශිෂ්ඨතම රාජ්‍ය සේවකයා වන්නට නම් තව කොහිල ටිකක් කෑ යුතු බව මගේ හැඟීමයි.

    එසේම ජනපතිතුමාගේ සාධාරණබව [එහෙම එකක් තිබේ නම් හා නම් පමණක්] බලාගත හැකි සිදුවීමක් තමා වෙලා තියෙන්නේ......

    අපට ඉතුරු වෙලා තියෙන්නේ හැමදාම වගේ බලාගෙන ඉන්න එක තමා :((

    ReplyDelete
  2. සුදු වෑන් වලට අතවනනා ලිපියකට සහය දීමත් සුදු ත්‍රීවීලරයක් හෝ පැමිණිය හැකි වැඩක් වුවත් සහය පල නොකර සිටිය නොහැක !

    ReplyDelete
  3. මචන් මට ඔහේ ජොබක් හොයල දෙන්න පුළුවන්ද.

    ReplyDelete
  4. අපොයි...උන්දැලාගෙ හොඳ නරක ඉතින් ඔය රටේ ඉඳන්ම ලියන හන්දා හොඳයි.... මෙහෙ ඉඳන් ලිව්වොත්...අර සුදු පාට...සුදු වෑන්.....නෑ නෑ...මොකුත් නෑ...හික්ස්

    ReplyDelete
  5. ගෙදර ගියොත් මා නහී...මෙහෙ හිටියොත් අඹු නහී.

    ReplyDelete
  6. අපිත් ඉන්නෙ මෙහෙ නිසා මෙතැනිං නවතිමි. සුවෙමි. ඔබ්ලා සැමට සැපවේවා.

    ReplyDelete
  7. අපිත් ඉන්නෙ මෙහෙ නිසා මෙතැනිං නවතිමි. සුවෙමි. ඔබ්ලා සැමට සැපවේවා.

    Kavikaari

    ReplyDelete
  8. චානුකයටත් එහෙනම් බඩ පිරෙන්න කන්න දෙන්න ඇති සහෝදර සංගමයෙන්. නැත්නම් හොඳ සිහියෙන් ඉන්න එකෙක්ටනම් ඔහොම කතාවක් කියන්න බෑ.

    ReplyDelete
  9. ආනේ මන්දා බන් . .

    මෙව්වට මක්කා කියන්නද කියලා . . .

    අපක්ෂපාතී කම කොයි තරම්ද කියනවනම් දිවයින පත්තරේද කොහේද තිබ්බා ජනාදිපති කිවයි කියලා නුවරඑලියේ අය යූ එන් පීයට ම චන්දේ දෙන නිසා අපි නුවරඑලියට ආයිනම් කිසි දෙයක් කොරන්නේ නෑ කියලා කිව්වයි කියලා. . .

    ඒ කියන්නේ එතකොට සන්ධානෙට චන්දේ දුන්නු නුවර එලියේ උන්ට?

    උන් ජනාදිපතිතුමා "කොරන පරදෙසෙකට පදිංචියට එන්ටද?

    රටේම උන්ගෙන් බහුතරයක් චන්ද අරන් රටේම ජනාදිපති වෙච්චි එකත් මේ තරම් "අපක්ෂපාතී" නම් උන්දෑගේ මළයා ගන ආයි ඉතින් කවර කතාද බන් . .

    ReplyDelete
  10. දැං ඉන්න දිහාවෙ හැටියට ඔය මොකෙකුටවත් බයවෙන්න ඕනෙ නෑ නෙව. . . . අම්මප මචෝ . . . උඹේ කතාව "සැටිපිකට් ඇත්ත"

    ReplyDelete
  11. ඔන්න අපිත් එලියේ ඉදන් හුරේ දැම්මා...ලේකංතුමා ගියේ තමන්ගේ ගජයා බලන්න හරිය ඇයි වදේ එකට කාපු බීපු යාලුවා බාල්දියක් පෙරල ගත්තහම බලන්න යන්නේ නැති එකා මොකාද?

    ReplyDelete
  12. ලංකාවේ දේශපාලනය ගැන නොදන්නා නිසා කමෙන්ට් කල නොහැකී....

    (වෙලාවට )...:D

    ReplyDelete
  13. කිව්වද නහී! නොකිව්වද නහී!! හික්ස්!!!!

    ReplyDelete
  14. කොහොමද අනේ මේවට මුකුත් කියන්නෙ,,, :(

    ReplyDelete
  15. කතාව සහතික ඇත්ත,
    අඩුම ගානේ තාමත් අර වෙඩි තියපු එකා අල්ලන්න උත්සහයක් නැහැ.
    එයා කොහෙ යන්නද බන් අයි. ඩී. එච්. ගියපු එයාගෙ සහෝදරයටයි, ලොකු සහෝදරයගෙ පුතාටයි වටේ පිටේ මිනිස්සු කියලා තියෙනවා කනේ ඇඟිලි ගහ ගන්න.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මට අර රාජ්‍ය නිලධාරියා ගැන නොතිබෙන අප්පිරියාවක් චානුකගේ ලිපිය නිසා චානුක ගැන ඇති විය. මිනිසුන් මෙහෙමෙ හැසිරෙන්නේ ඇයි? sagara

    ReplyDelete
  18. භාරත ලක්ෂ්මන්ගේ ඝාතනය පාතාලය විසින් කල එකක් බව පොලිසියන කියන කතාවක් අද පත්තරේ දැක්කා.....! අනේ මුන් හිතාගෙන ඉන්නෙ උන්ට වගේම මිනිස්සුන්ටත් මොලේ කඳුලක් නෑ කියලද ?

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ ඒ අමාරුව....!

    ReplyDelete
  19. හසිත,

    අපි බලන් විතරක් ඉන්න නිසා තමයි මේ සේරම. එක අතකට වෙන මොනව කරන්නද නේද මලේ?

    ReplyDelete
  20. බුවා,

    නිවාඩු එන වැඩෙත් අඩමානෙට තියලයි මාත් මේ ලිව්වෙ ඇත්තටම කිව්වොත්!

    ReplyDelete
  21. මාතලන්,

    වැඩක් නෑ මචන්, ආන්ඩුව පෙරලෙන්න කලින් ජොබ නැතිඋනොත් ඉතුරුටික දෙව්ලොව සැප තමයි ඉතින්. ඔන්න ඔහෙ කට ගලක උල උල ඔය ඉන්නව වගේ හිටහන්.

    ReplyDelete
  22. දිල්,

    ඒත් නෑ නගේ, කූඩැල්ල මඩට වගේ අපිත් ආයි කවදහරි ඔහෙ එවෙනවනෙ. තරහක් තිබ්බොත් ඉතින් එයාර්පෝර්ට් එකෙන්ම ට්‍රාන්ස්පෝර්ට් ලෑස්තිකරල තියයි!

    ReplyDelete
  23. ලකී,

    කටපියාගෙනම සිටියොත් අඹුයි හොර අඹුයි මායි අපි ඔක්කොම නසියි.

    ReplyDelete
  24. කවිකාරි,

    අනේ ඔබතුමී පරිස්සම්නි ඉන්න. අපිත් ඉතින් මෙහෙ උන්න කියල නෑ, උඩින්ම කිව්වොත් එක්ස්පෙල් කොරයි පට ගාල.

    ReplyDelete
  25. වෙදමහත්තයා,

    අපේ කරුමෙට!

    ReplyDelete
  26. ඇනෝ 1,

    එව්ව ඉතින් දන්නෙ කුඩු කාපු උන්දලම තමයි! සුදු ළුුනු කෑවම රාම වාතෙත් අධෝ වාතෙත් දෙකම ගඳයි කියනවනෙ.

    ReplyDelete
  27. දුකා,

    කාලෙකින් මෙහෙ ආවෙ!

    චන්දෙ දුන්න උන් නෙමෙයි නොදුන්න උන්නෙ බං දැං ඔය එතුමගෙ පැත්තට පැනල සැපගන්නෙ. දුන්න උන්ට තමයි මේ කෙලුනේ. ඉතින් බැලුවම දීලත් බෑ, නොදීලත් බෑ!

    ReplyDelete
  28. ඕනය,

    කරවල කෑල්ලක් කකා ඔන්න ඔහේ ඉමු බං. මෙහෙත් මාළු ලාබ නිසා අපි ගෙදර පාවිච්චියට වේලගන්නව..:D

    ReplyDelete
  29. ඩිලාන්,

    ගියාට කමක් නෑ, ඉතින් මං බැලුවෙ පාතාලෙ ඉවරකරා, චන්ඩි ඉවරයි කිව්ව කෙනාම නේද මේ චන්ඩි බලන්න ගියෙ මොකෑ කියලයි!

    ReplyDelete
  30. කුමාරිහාමි,

    මෙන්න මෙයානෙ ග්‍රීස් යකා (යකිනි) :D

    ReplyDelete
  31. ඇනෝ 2,

    ඒ නිසා කියාම නහී!

    ReplyDelete
  32. හරී,

    මෙව්වට වෙන තව මොනා කියන්නද අනේ!

    ReplyDelete
  33. නිශ්,

    වෙඩි තියපු එකාගෙ තුවක්කුව නිකං කිචි කැවිලනෙ පත්තුවෙලා තීන්නෙ. ඉතින් මොකා අල්ලන්නද? මේක සතාසිවම් නඩුව දෙක.

    ReplyDelete
  34. සාගර,

    ආත්මය නොවිකුණනා ඇඟ විතරක් විකුණන ගැහැණුන් හිරේ යන රටේ ඇඟ නොවිකුණා ආත්මය විකුණන උන් ඉහල යති.

    ReplyDelete
  35. දුමී,

    කතාව ඇත්තනෙ බං. ඔතන කියල නැත්තෙ කවුද මේ පාතාල කාරායා සහ ඔවුන්ගේ ලොක්කා හෙවත් ගෝඩ් ෆාදර් කියන එකනෙ. ඒක ඉතින් අමුතුවෙන් පත්තරේ දාන්න දෙයක් නෙමෙයිනෙ බං..:D

    අමාරුව නාථ දෙය්යනටවත් කියමු.

    ReplyDelete
  36. කතාවනම් හරියටම හරි.. ඒත් ඉත්න් වෙනදෙ බලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ...

    ReplyDelete
  37. ඔව්වට කුමක් කියන්නද... එහෙම නොකියා ඉන්න එව්වො කොතරම් රටකට හිටියත් වැඩක් නැතැයි ( මා වැනි ) ඇනො කෙනෙක් මගෙ පෝස්ටුවකටත් කමෙන්ට් එකක් දා කියල තිබුනා... ඒත් ඉතින් ඇත්තටම මොනව කියන්නද කරන්නද ? මට තේරෙන්නෙ නෑ...

    ReplyDelete
  38. ඔය රට ඉන්න කෂ්ටිය පෝස්ට් ලිව්ව, කොමෙන්ට් දැම්ම, වගේ නෙමෙය්, එයාර් පෝර්ට් එකෙන් එලියට එනකොට පරිස්සමෙන්. මෙලාටත් කොම්පියුටර් වලට එන්ටර් කොරලද දන්නැහැ විස්තර.

    ReplyDelete
  39. හාමිනෙයි කොලු පැටියයි තාම එහේ...

    ReplyDelete
  40. Good post machan!!! Until and unless this system get change who ever who comes this is the situation.Peoples leadres like BHARATHA has to go out of this system and Kudu Kings Like 2 SILVAS become heros in this system and become leaders favourite...Any how We have enough blind donkeys called voters hence they can run the game

    ReplyDelete
  41. ඩිනේෂ්,

    දෙනදෙකුත් නැති එකේ කන්න, වෙන වෙනදේ තමයි ඉතින් බලන්න තීන්නෙ.

    ReplyDelete
  42. පිස්සා පළාමල්ල,

    කල යුතු දේ තට්ටු මාරුව නොව, චන්ද ගෙඩිය අඩුකර යන මඟට ජනතාවගේ ඇති අකමැත්ත පෙන්වීමයි. කොළොන්නාවෙදි හා කොළඹදි එය විය.

    ReplyDelete
  43. ඔබාම,

    අපි චන්දෙ දීල හදාගත්තු ආන්ඩුව (94, 2004 හා 2006) වැරද්දක් කරනකොට ඒක පෙන්නල දෙන්න බැරි තරන් තත්වයක් නං තීන්නෙ, ඒක අපේ වගේම ආන්ඩුවෙත් ගමණ කොට බවට මඟ ලකුණු.

    ReplyDelete
  44. Ano 3,

    "Until and unless this system get change who ever who comes this is the situation"

    Who will do that? Europeans fought for better life and they deserve it. We, always waiting for Diyasena or "somebody" to change this! As I commented in Mathalan's blog, we have to import leaders, not just consumer goods and everything else!

    ReplyDelete
  45. මටත් ගෑණියෙකුයි ළමයෙකුයි ඉන්නව නොවැ....... ;)

    ReplyDelete
  46. මැරුණට පස්සෙ ඒ මනුස්සයගෙන් පලක් ප්‍‍ෙයෝජනයක් ගන්න බැහැනෙ, අද සමාජෙ විදියටම අපේ නායකතුමා වැඩ කරලා තියනවා ........

    පණ යන්තං හරි තියන මනුස්සයා රැක ගත්තොත් දෙයියනේ කියලා මොකක් හරි පලක් තියෙයි .......

    බැලුවාම ඒ විදියට හිතන එකෙත් වැරැද්දක් නැහැ .....

    රටේ ජනතාව ගැන හිතනවා නං තමා මැදුම් පිලිවෙත අනුගමනය කරන්න ඕන, එහෙම නැත්නම් ඉතිං අහවල් එකක්යැ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails