Sunday, October 2, 2011

කංකාණිගෙ පවුල රැකේ. මගේ පවුල?



මේක උනේ ඊයෙ ඉතාලියෙ ඉඳන් විකාශය කරන ශ්‍රී ටී වී එකේ ගිය ට්‍රැවල වැඩ සටහනේ.

ඒක කරන ප්‍රගීත් දක්ෂ නිවෙදකයෙක් නොවුනත් අළුත් යමක් කරන්න ට්‍රයි කරන දක්ෂයෙක් බව පේනව. මිනිහ ගොඩක් ඔය යුරෝපෙ තැන් තැන් වල විස්තර පෙන්වන සංචාරක වැඩ සටහනක් තමයි ට්‍රැවලර් කියන්නෙ.

පහුගිය දවස් වල මං හිතන්නෙ වැකේශන් එකකට ලංකාවට ඇවිත්ද කොහෙද දඹුලුත් ගිහින් තල ගොය්යෙක් මරා ගන්නත් කියල හිතන් වෙන්නැති නුවර එළිය පැත්තෙ සුන්දර ස්ථාන තේ වතු වල තේ වවන හදන හැටි ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරල.

මිනිහ ඒකෙ තේ වත්තක ඉන්න නොයෙක් සේවකයො නිළධාරීන් එක්ක කතා කර කර එන අතරෙ එක තැනක වත්තෙ කංකාණි එක්කත් පොඩි සම්මුඛ සාකච්ඡාවක් යනව.

කතාව මෙන්න මෙහෙමයි...

ප්‍රගීත්; මේ මහත්තය අවුරුදු කීයක්ද වත්තට ඇවිල්ල..

කංකාණි; මං දෙන් අවුරුදු අටක් විතර වෙනව මේ වත්තෙ.

ප්‍රගීත්; දැං පඩිය කීයක් හබුවෙනවද?

කංකාණි; දවට දෙසිය අසූ පායි..

ප්‍රගීත්; දරුවො එහෙම මේ රස්සාවට යොමු කරන්න අදහසක් නැද්ද?

කංකාණි; අපෝ නේ, මේකෙ වියදම වැඩියි... හාල් ඇටයි පිටි අනූඅයි ජීවත් වෙඬ හරී අමාරුයි..

ප්‍රගීත්; දැන් ඔබතුමාගෙ කීයක් ඉන්නවද ඔක්කොම පවුලෙ?

කංකාණි; තුන් දෙනයි...

ප්‍රගීත්; ආ..පවුලෙ තුන්දෙනයි, ඒ නිසා වියදම වැඩියි..!

කංකාණි; නේ නේ ...පවුල එක්කෙනයි...ළමයි තුන්දෙනයි,....


ප්‍රගීත්; හා හරි හරි බොහොම ස්තූතියි...


.......සාකච්ඡාව ඉවරයි....


අග ටිකේදි මට බකස් ගාල හිනා ගියෙ ඇයි කියල අපේ හාමිනේගෙ ටියුබ් එකට පයින් ගහනකල් තේරුනේ නැති හැටි...ඔක්කොම ගෑණු ඔහොමමද?

29 comments:

  1. අපොයි නෑ ගෑණු ඔක්කොම එහෙම නෙමෙයි. සමහර ගෑණු ඉන්නවා 'පවුලෙ' ගාන වැඩි වෙනවා නම් කැමති, එතකොට එයාලට 'වැඩ අඩු' නිසා!!!

    ඔන්න ඉතින් මම ගැන කියනවා කියල නම් හිතන්න එපා. ඒ මම දන්න සමහර අය ගැන.

    ReplyDelete
  2. දැං උඹට හොඳටම ශුවර් ද කංකානිගෙ පවුල ‍රැකේ කියල ?????

    ReplyDelete
  3. ඔක්කොම ගැණු කිව්වේ ඔක්කොම කන්කානිගේ පවුල වගේද නැත්නම් ඉන්දිකගේ පවුල වගේද කියලද . මාත් ටියුබ් ලයිට්ද

    ReplyDelete
  4. මාත් ටියුබ් ලයිට්ද මන්දා........ හිකිස්

    ReplyDelete
  5. ගෑනු අය අඔඉට කලින් ඔවුවා සුටුස් ගාලා අල්ලගන්නවා . පස්සේ අපිට මොත්තේ දානවා ! අපි ඉතින් බබාලනේ

    මම එතන උන්නානම් කංකානිගෙන් ආයිමත් අර ප්‍රශ්නේ අහනවා "පවුල තුන් දෙනයි ළමයි එක්කෙනයි නේද " කියලා

    ReplyDelete
  6. ඉන්දික ගේ පවුලේ කී දෙනාද?

    ReplyDelete
  7. අනේ මමත් නම් ටියුබ් ලයිට්. ඔය මොකක්ද දැන් කියන්නේ?...:D

    ReplyDelete
  8. ටියුබ් ලයිට් වගේ හිටියට වැඩේ තේරිලා හිටියද දන්නෙ නෑ....

    ReplyDelete
  9. අයියත් ඉතාලියෙද ඉන්නේ.. මමත් ඉන්නේ ඉතාලියේ....

    ReplyDelete
  10. මමත් අහන්නම් 'ඉන්දික , පවුලෙ කීයද? " ඇයි දෙයියනේ ගෑණු විතරද ටියුබ් ලයිට්?

    ReplyDelete
  11. පවුල රැකේ...?? කාගෙද දැන්...
    ඉන්දිකගෙද?? කන්කානිගෙද??

    ReplyDelete
  12. අරුණි,

    ඔව්වත් වැඩද අප්ප!
    ඔය ජාතියෙ අය මෙහෙනම් එමට.

    ඒ කියන්නෙ අක්ක වැඩකාරය! එහෙමද?

    ReplyDelete
  13. ඕනය,

    කංකාණි ලස්සනට පිළිවෙලට රැවුල කපල හිටියෙ..:D

    ........................................

    බින්දි,

    මගෙ පවුලත් කංකාණිගෙ වගේ උනානම්...අපිට කොහෙන්ද ලේන් පූසො..:D

    ReplyDelete
  14. දේව,

    අරුණි අක්ක යමක් කියල තීනව අන්න අරහෙ.

    ..................................

    සඳරු,

    මල්ලි හරි මල්ලි...

    ...................................

    කතන්දර,

    රැක ගත්ත පවුලට කෙළවන්න වගේ මෙයා මේ හදන්නෙ!

    ReplyDelete
  15. කුමාරිහාමි,

    කොහෙද අප්පේ වහං වෙලා උන්නෙ? අහිංසක කොළුවට සුළුපටු නෙමෙයි වියදමක් වෙන්නැත්තෙ නේද අර පොඩි මිස්ටේක් එක වහගන්න.

    ReplyDelete
  16. ඔබ නොදුටු ලොවක්, ඈ දුටුවදත් මන්ද!

    .............................

    ඩිනේශ්,

    අනේ නෑ මලේ, මෙහෙ එච්චර ගෑණු නෑ. ඉන්න උනුත් වහන් ඉන්නෙ ගොඩක්.

    ..............................................

    හරී පිණි,

    ඔයා අපේ නෝනගෙ යාළුවෙක්ද? එයාගෙ QS බැචාල ඩුබායි වල සෑහෙන්න ඉන්නව.

    ..............................................

    uwiniran,

    මෙහෙම ගියොත් දෙන්නගෙම මයිලක්වත් ඉතුරුවෙන එකක් නෑ වගේ.

    ReplyDelete
  17. ඔයාගෙ නෝනා එක්ක යාළු වෙන්න තිබුණනං හොඳයි කේලම් ටික කියන්න. මං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් කියලා කිව්වම එහෙම ගෑණු බඳින්නෙම නෑ කියලා බ්ලොග් සීරීස් එකක්ම ලිව්වෙ ඔයාමනෙ අයියෙ. ඔන්න ඒ නිසා මං රස්සාවෙනුත් අයින් උනා. :D අපි ඉන්නෙ අබුඩාබි.

    ReplyDelete
  18. අනේ සෝයි මහත්තැන්

    ReplyDelete
  19. පවුල ‍රැකේ ද ‍රැවුල***කේ ද?

    ReplyDelete
  20. //ඕනය,

    කංකාණි ලස්සනට පිළිවෙලට රැවුල කපල හිටියෙ..:D//

    අපරාදෙ නේද . . . . කපල තිබ්බෙ නැත්තං . . . .කංකානිගෙ ‍රැවුලට පාට පාට දාන්න චෑන්ස් එකක් හදාගන්න තිබුන උඹට

    ReplyDelete
  21. හරී,

    හරි හරී, මට දැන් මතක් උනා.. අප්පෝ අපේ නෝනට ඉන්න යාළුවො ඇති..ඔයා පාඩුවෙ ඉන්න ඔන්න ඔහෙ...(එනව මෙතන ඔළුව කන්න සෙට්වෙන්න )

    ReplyDelete
  22. ඕනය,

    ඉස්සෙල්ල කංකාණිගෙන් රැවුල පාට කරනවද කියල අහල එන්න බැරිද උඹට? ඒ ගමං බලං වරෙන් රැවුල පාට නාලද ඉන්නෙ කියලත්.:D

    ReplyDelete
  23. ගෑනු අය හරි දක්ශයි තේරුනත් නෑ වගේ ඉන්න.... අන්තිමට එයාල බබාල වෙනව අපි බේබිල වෙනවා...

    ReplyDelete
  24. හපෝ, මේ බ්ලොග් එක කියවන්න එන්නවත් හොඳ නැහැ, මාත් නරක වෙනව

    ReplyDelete
  25. ඊට පස්සෙ මොකද උනේ, ඉස්පිරිතාලේ යන්න උනැයි ....

    ReplyDelete
  26. මටත් කෙල්ලෙක්මයි මේක කිව්වේ ගෑණු ළමයි හරි කැමතියිලු තේරුණත් තේරුනේ නැහැ වගේ බබා පාට් එක දාන්න. එතකොට කොල්ලොත් කැමතියිලු ඒක කෙල්ලට කියාදීලා පොරවෙන්න :)) ඔන්න අන්‍යොන්‍ය සුහදත්වය

    ReplyDelete
  27. පිස්සා පළාමල්ල,

    අපි කොබාල වෙනව!

    ----------------------------------------------------------

    ඔබාම,

    ඔබා බබා!

    ----------------------------------------------------------

    පංසල් හන්දිය,

    එව්ව කියල වැඩක් නෑ බං..

    ---------------------------------------------------------

    හසිත,

    ඒක වෙන්ටැ කොල්ලො ගොඩක් වෙලාවට කෙල්ලට "බබා" කියන්නෙ!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails