Saturday, July 23, 2011

පුතා තාත්තාට පැම්පර් ඇන්දවූ හැටි!



පොඩි උං ලොකු කතා කියන්න දස්සයිනෙ. සමහරවිට පොඩි ඈයො කියන කතා වලට ලොකු අපිට කට උත්තර නැතිව යනව. මේත් ඒ වගේ අපේ පොඩි බාහු මාව අන්තිම අමාරුවෙ දාපු අවස්ථාවක්.

මාසෙකට විතර ඉස්සෙල්ල දවසක් ලොකු බාහුයි මමයි කබඩ් එකක් අස් කරනකොට මෙන්න අම්මගෙ අර සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් බිම වැටුන!

බාහු; මේ මොකද්ද තාත්තෙ මේ? ( මිනිහට සාමන්‍යෙන් ඕන්නැති මඟුලක් නැහැනෙ )

මම; ඒ පුතේ මේ...

ඔන්න එතකොටම කොහෙද ඉඳල එතන්ට පොඩි එකාගෙ අම්ම කඩන් පාත් උනා.

හාමිනේ; මේ පුතේ අම්මගෙ ටිෂූ ජාතියක්….

ඒක අහල ලොකු බාහුට හෙන සතුටුයි..

බාහු; ආඃ එහෙනං මටත් ඒව ඕන...බබත් ඒවගෙන් තමයි එහෙනං පිහ දාන්නෙ...

වැඩේ පිට පොට යනබව තේරුණ නිසා මම මැදට පැන්න...

මම; නෑ නෑ පුතා ඒ ටිෂූ කිව්වට ටිෂූම නෙමෙයි, ඒව අම්මලගෙ පැම්පර්...

පොඩි උන්ට බොරු කියලදෙන්න බෑනෙ! මෙන්න එතකොට හාමිනේ මට රවාගෙන කාමරෙන් එළියට යනව...එක අතකට ඒක කොහොමත් ලොකු උදව්වක්නෙ.

අම්ම ගියාට පුතාගෙ ප්‍රශ්ණ ඉවර නෑ..

බාහු: ඇයි අම්මල පැම්පර් අඳින්නෙ?

දීපංකො උත්තර..!

මම: ඇයි පුතේ ඉතින් මල්ලිට කුක්කු දෙනකොට එහෙම අම්මට ටොයිලට් යන්න බෑනෙ, ඉතින් ඒ වගේ වෙලාවට තමයි ඕව අඳින්නෙ.

මං හිතුව මට ගණදෙවි ණුවන ආව කියල, මොන...

බාහු; ඉතිං ඇයි අම්මගෙ පැම්පර් පොඩි? අම්ම ලොකුයිනෙ බබාටත් වැඩිය? ( මේ ගල් ඇම්ඩ කතාව අස්සෙ අර පැකට් එක කඩල ...මේක දැක්කොත් මට අද පූසොත් එක්ක කාර් පාක් එකේ තමයි නිදියන්න වෙන්නෙ..)

මම; එහෙම තමයි පුතේ, අම්මල වගේ ඔක්කොම ගෑණු අය අඳින පැම්පර් පොඩියි...

බාහු: කවුද ගෑණු අය කියන්නෙ?

මිනිහගෙ ප්‍රශ්ණ ඇහිලි ඔහොමමනෙ, එකක් ඉවර වෙනකොට තව එකක්...

මම: ගෑණු කියන්නෙ පුතේ අම්මල, නැන්දිල, පුංචිල, අර චරිනිඅක්කල, ෂයිමි නංගිල වගේ අය තමයි ගෑණු කියන්නෙ...

වැඩේ යන පොට හරි නැති හින්දහ කොහෙද කුස්සියෙ ඉඳන් හාමිනේ කෑ ගහනව..

"පුතා මේ මේ එන්න මෙන්න පූසෙක් මිදුලෙ කක්ක දානවද කොහෙද"...මිනිහට පූසො වත්තෙ කැත කරනවට වඩා තදවෙන වැඩක් නෑ...ඉතින් දිව්ව කඩාගෙන බිඳගෙන කුස්සිය පැත්තට...

යන්තං ගැලවුනා කියල හිතල කරපු වැඩෙත් ඉවර කරල වෙන වැඩකට පැන්න...පස්සෙ ඉතින් එළියට පැනපු එකා ආවම අර කතා මතක නෑ...වැඩේ ගොඩ..

ඔන්න ඊයෙ අපේ මෙහෙ හිතවතෙක් එයාගෙ නෝනයි පොඩි දුවයි එක්ක ආව පොඩි බාහු හෙවත් අපේ අළුත් සාමජිකය බලන්න කියල.

කට්ටිය ඇවිත් බබාවත් විනාඩියක් දෙකක් බලල අර කෑල්ල මගේ මේ කෑල්ල නෝනගෙ අරව මේව කියල පොඩි එකාට දන්න අපහාස සේරමත් කරල එහෙම සෙට් උනා කුණු අතුල්ලන්න.

මාත් ඉතින් හිතවතා එක්ක හීනියට අඩියක් පොලේ ගහනව, ගෑණු දෙන්න හෝදනව, පොඩි උන් දෙන්න එළියෙ නැටිල්ල දාඩිය දාගෙන.

ඔහොම ගිහින් රෑ කෑමට සෙට්වෙන්න කියල අර මිතුරගෙ නෝන මහත්තය පොඩි කෙළීව එක්ක ගියා බාතෲම් එකට පොඩ්ඩක් හෝදං එන්න. අපේ ලොකු බාහුත් ඉතින් යාළුව පස්සෙම එතන්ටත් ගිහින් දොරකඩ ඉඳන් බලං ඉන්නව නංගිගෙ ඇඳුන් අයින් කරල නාවර හෝදන හැටියි, පස්සෙ කාමරේකට එක්ක ගිහින් පිහදල කරල වෙන ඇඳුම අන්දන හැටි එහෙම.

පොඩි නංගිගෙ කෝස් එක යන අතරෙම හාමිනෙත් බාහුවව වදෙන් පොරෙන් ඇදගෙන ගිහින හැව ඇරල ගත්ත කෑම මේසෙට. දැන් කට්ටිය කනව හීනියට, පොඩි බයිල රහ ගුණ වර්ණනා කර කර.

ඔය අස්සෙ අපේ ලොකු බාහු..

"තාත්තෙ ඇයි තාත්තෙ මේ නංගිටත් බබාගෙ ජාතියෙ පැම්පර් ඇන්දුවෙ"?

මූ මොකාටද එන්න හදන්නෙ..මගෙ කං රත් උනා..

“ඇයි පුතා පොඩි අය ඔක්කොම අඳින්නෙ එක විදියෙ පැම්පර් තමයිනෙ" ඒ අර මිතුරගෙ කටකාර නෝන. එයාටත් කට පියං ඉන්න බැරි හැටි...තාත්තගෙන්නෙ ඇහුවෙ අනික.

"එහෙනං එදා තාත්ත කිව්වෙ ගෑණු අය අඳින්නෙ අම්මගෙ වගේ පොඩි පැම්පර් කියල..මේ නංගි ගෑණු නෙමෙයිද එතකොට...?”

මේ වයස අවුරුදු හතරෙදි! තව ටික කලක් යනකොට කොහොමට හිටීද? මං වගේ අහිංසක පාටක් ගෑවිලාවත් නෑනෙ යකෝ බලනකොට...ඔන්න මට හිතුන ඒව..

46 comments:

  1. හි හි පොඩි උන්ගේ මම කැමතිම හා අකමැතිම දේ....

    ReplyDelete
  2. කාලා වරෙන් කීවලු..... දීපල්ලකෝ දැන් උත්තර.... හික්ස්....

    ReplyDelete
  3. ඔය පැම්පර් කතාව අමතක වෙන එකක් නෑ බබාට! ඉස්සරහට මොන මොන තැන් වලදි අහාවිද දන්නෑ ඕං!

    ReplyDelete
  4. He he deepallako uththara

    ReplyDelete
  5. දැන් කාලේ පුංචි එවුන් හොඳටම පැහිලා..හික්ස් ..
    ඉස්සරහට ඉන්නම බැරි වෙයි. :ඩී

    ReplyDelete
  6. kale karapu wenasak

    ReplyDelete
  7. හාමිනේට ටැම්පූන් පාවිච්චි කරන්න කියපං . . . . වැඩේ කොලෝස්. . . . .

    ReplyDelete
  8. තාත්ත වගේ නැතුවයි පුතා, හොඳම වැඩේ :P

    ReplyDelete
  9. අප්පේ.... පොඩි ළමයි මාර භයානකයිනේ :D

    ReplyDelete
  10. මේ පුතානම් අනාගතයේදී ගෑනුන්ගේ සනීපාරක්ෂාව ගැන හොදට හිතන පුතෙක් වෙයි.

    ඔය අහිංසක තාත්ත කල්පනාවෙන් වැඩ කරන්න හොදේ . නැත්නම් පොඩි එකා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිවෙයි.

    ReplyDelete
  11. මේ කතාවෙම වෙන වර්ශන් එකක් මන් අහල තියනව.. හිනා කතාවක් හෑටියට

    ඔය විදියටම අම්මලගෙ පෑම්පර්ස් කියල රෑවටිල්ලක් දාල ශේප් කරගත්තු පොඩි එකෙක් ඉන්න අම්ම කෙනෙක් , ඈඳ උඩ ඔය ඈඳුම් කාරිය ලෑහෑත්ති කරල , සෑරසෙන්ඩ පෙර බාත් රූම් එකට ගියා නාන්න. පොඩි එකත් දෑක්කා ඉතින් ඔය පෑම්පර්ස් ඈඳ උඩ තියනවා...

    ඉතින් මේ වෙලාවෙ ගෙදෙට්ට අමුත්තෙක් එනවා.

    'පුතා අම්ම හරි තාත්ත හරි ඉන්නවද?'

    'තාත්ති ගෙදර නෑ, අම්මි කාමරේ පෑම්පර්ස් අඳිනවා'

    හපොයි... අම්මට මොනව හිතෙන්න ඈද්ද?
    :-)

    ReplyDelete
  12. අනේ පව් පොඩි එකා නොදන්න දේවල් කොහොම හරි දැන ගන්නත් එපැයි..... හැබැයි ඉතින් තාත්තගෙන්ම අහන එකනම් අන්තිමයි...

    ReplyDelete
  13. කාටවත් රවට්ටන්න බැරි ෂෝයි කොලු පැටියෙක්. තාත්තා වගේ වෙන්ට බෑ...:)

    ReplyDelete
  14. අන්න ඕනය කියල තියෙනව කරනවනම් වැඩේ... ඕක පොඩි එකා දැක්කහම කියන්න උත්තර ඕනයගෙන්ම තමා අහන්න වෙන්නෙ.. මේක ඔබා දැක්කද දන්නෙ නෑ...

    ReplyDelete
  15. කිඩෝ,
    මොකද්ද බං කැමති අකමැති? පැම්පර්ද ලොකු කතාද?

    ReplyDelete
  16. ගොඩයා,

    කන්න නෙමේ කන්න උන්නු එක උගුරෙ හිර උනා ඒ වෙලාවෙ!

    ReplyDelete
  17. විසිතුරු,

    ඒක තමා මටත් තීන බය!

    ReplyDelete
  18. කතන්දර,

    නොට්ටිගෙ පුතා කිව්වලුනෙ!

    ReplyDelete
  19. ඇනෝ 1,

    උත්තරයක් හදං හිටින්. කවදහරි ඕනවෙයි!

    ReplyDelete
  20. ආගන්තුකයා,

    මේක පැහිල නෙමේ ඉදිල. තව හොඳ කතාවක් ඊඑයෙ කිව්ව, පස්සෙ දාන්නං.

    ReplyDelete
  21. ඇනෝ 2,

    අහේතු කාලේන කජ්ජේන පුහුලං!

    ReplyDelete
  22. ඕනයා,

    ඒක දක්ක දවට මේ මොකද්ද කියල ඇහුවම කියන උත්තරෙත් උඹම කියල දීපන්!

    ReplyDelete
  23. පිණි පළස,
    අපෝ මම ඔහොම නෑ, දවසක් හැබැයි පොඩි කාලෙ අක්ක එක්ක ගමණක් යනකොට නැවිල එළදෙනකිඋගෙ යට බැලුවලු. අක්ක මගෙන් ඇහුවලු මොනාද ඔය බලන්නෙ කියල. මං කිව්වලු " නෑ මුගේ චූ පැත්ත ඔච්චර ලොකු මොකද කියල බැලුව" කියල. පාරෙ ගිය ඇන්ටි කෙනෙක් අක්කටත් රවන් ගිහිල්ල.

    ReplyDelete
  24. පූසා,

    ඔය පූස් පැටව් කවුරු කවුරුත් පොඩි කාලෙ ඔහොමම තමයි!

    ReplyDelete
  25. ගිම්හාණි,

    මූ ගයනොකොලජිස්ට් කෙනෙක් වෙයිද, මහජන සෞක්‍ය පරීක්ෂක කෙනෙක් වෙයිද?නැත්තං අර "ස්ත්‍රී රෝග විශේෂඥ තෙල් බෙහෙත් වෙදෙක්" වෙයිද දන්නෙ නෑ!

    ReplyDelete
  26. ඇනෝ 3,

    ඒ අම්මිටත් මට හිතුන දේම හිතෙන්න ඇති!

    ReplyDelete
  27. outsider,

    ඇහුවටනං මොකෝ, ඒත් ඔහොම සබේ මැද අහනවද මං කියන්නෙ.

    ReplyDelete
  28. කුමාරිහාමි,

    අපෝ එකව රවට්ටන්න කෙසේ වෙතත් මං ගෙදර යනකොටත් එක කණකට ඉයර් ප්ල්ග් එකක් අරන් යන්නෙ. මොකද නැත්තං මිනිහ මගෙ මේ කණෙං ගිහින අනිත් එකෙන් එන්න බලනවනෙ!

    ReplyDelete
  29. සපතේරු උන්නැහෙ,

    ඕනය ඕක වෙන්ටැ හාමිනේට ගෙනත් දෙනව ඇත්තෙ. ඒ නිසා මාත් කිව්ව උත්තරේ කියල පල කියල.

    ReplyDelete
  30. ටික කාලෙකට ඉස්සර නෑදෑවෙන පොඩි එකෙක් ටී.වී එකේ යන " දැන් පස්ස බලන්න ඕනෙත් නැහැ" ඇඩ් එක බලලා හැමෝම ලගදි මගෙන් අහනවා ඒ කියන්නේ මොකද්ද කියලා...
    ***මO එහෙම්ම මාරු උනා...

    ReplyDelete
  31. අනේ අපොයි කිව්වලු :P

    ReplyDelete
  32. අර කවුද මට කියනව ඇහුනා කොස් ඇටයක් පැල කරාම පොල් පැලයක් හැදෙන්නෙ නෑනේ කියලා....!

    ඔයවගේ අකරතැබ්බයක් මටත් උනානේ. නෝටි බබාලා නිසා.....!

    ReplyDelete
  33. හයියෝ... අවුරුදු හතරෙදි ඔහොම නම් විසි හතරෙදි කොහොම තියෙයිද. හික්ස්. මරු කතාව.

    ReplyDelete
  34. deeps,

    මේ දවස්වල හැමදාම එහෙම තමයි කියවෙන්නෙ!

    ReplyDelete
  35. කවිකාරි,

    ඕව කකාගෙ මඩ!

    දෙදරු පියෙක් උනාම සතුටු නැද්ද? අනික කොල්ලොම දෙන්නෙක්!

    ReplyDelete
  36. දුමී,

    උඹටත් කියන්න තීන්නෙ තල වැපිරුවනං මුං එන්නෙ නැති බව තමයි. නැත්තං අර කොල්ල ඔහොම කියාවියැයි කෝච්චියෙදිම!

    ReplyDelete
  37. පිණි නගා,

    විසි හතර වෙනකොටනං වෙන දේ හිතා ගන්නත් අමාරුයි. ඊයෙ දුන්න තව මරු ගින්නක්. මන් හෙට දාන්නං.

    ReplyDelete
  38. බොහොම බයානක වචන හරඹ. අපේ මිස්ටත් ඔය වැඩේම වෙලා තිබුනා. මොනවා කරන්නද ඉතින් ඔය උත්තරේම තමා දීලා තිබුනේ.

    අළුත් චන්ඩියත් එකතු උනාම හරි තව ටික කාලෙකින් අඩුපාඩුවට. අප්පට කන් දෙකේම ඇඹ ගහගන්න වෙයි. හික්ස්.

    පුංචි පැටව්න්ටත් අක්කටත් අයියටත් තෙරුවන් සරණ පතනවා....!!!!

    ReplyDelete
  39. ලස්සන සිද්දියක්..ලස්සනට විස්තර කරල..

    ReplyDelete
  40. දැන් හැදෙන එව්වො... හපොයි උබට ඉස්සරහට වෙනම කෝර්ස් එකක් කොරන්න වෙයි උත්තර හොයන්න කොලුවගේ ප්‍රශ්න වලට

    ReplyDelete
  41. පටි රෝල් නේද ලොක්කා ......

    ReplyDelete
  42. ඉන්දික භයියා,
    මට මේ ලින්ක් එක එව්වෙ මේ ව‍ගේ සිද්ධියටක මූණ දුන්නු බ්ලොග් ලියන අම්මා කෙනෙක්..... මට ලින්ක් එක එවලා උන්දැ කමෙන්ට් කරන්නෙ නැතුව ගිහින්..... හෙහ් හේ....

    ReplyDelete
    Replies
    1. නම කියලා වරිගෙ නහගන්ට බෑ භයියා. මැරියන්ලාගෙ මහගෙදර යද්දි යන්ඩ ඕන උන්දැලාගේ ගෙවල් උඩින්. මෙව්වා ආරංචිවෙලා මාව දණ ගස්සලා තිබ්බොත් කාරිය.

      අද කතාවෙ භයියගේ රෝල් එකත් උන්දැම කරලයි, මේ අකරතැබ්බෙට උන්දැ මුණ දිලා තියෙන්නෙ.... බලන්ඩකෝ ලෝකේ කීදෙනෙකුට එකම දේ විවිධ විදිහට වෙන්ඩ පුලුවන් ද නේද?

      Delete

LinkWithin

Related Posts with Thumbnails