Monday, February 14, 2011

ඔන්න මෙහෙත් පටන් අරං!



මේ මට ට්වීට් කරපු වීඩියෝවක්!

අද උදේ ඉඳල පොඩ්ඩ පොඩ්ඩ තිබ්බ පෙළපාලි දැං දැං දරුණු වෙන බවකුයි ආරංචි!

රජා ඉඳල අගමැති විතරක් එලවල, හිරේ ඉන්න සගයො ටික එළියට දාන්න කියල බහුතර නමුත් බලයක් නැති ෂියා කන්ඩායම අද මෙහෙ විරෝධතාවක් සංවිදානය කරල.

මීට අවුරුදු දහයකට කලින් මහ විසාල ලේ වැගිරීමිකට පස්සෙ මිනිස්සු ඉල්ලපු පාර්ලිමේන්තු ක්‍රම මෙහෙට අඳුන්වල දුන්නට මොකද තාම ඇමතිවරු අගමැති පත්කරන්නෙ රජා කියල සහ කියපු තං රටේ දියුනුවක් නෑ කියල තමයි තව කට්ටියක් විරෝදතාවෙකට එකතු වෙලා තීන්නෙ ( අවුරුදු දහයක් මොකද්ද, හැටක් ගිහිල්ලත් එහෙම වෙන රටවල් ඇතිකොට!).

මේ වෙලාවෙ අපේ නිවාස සංකීර්ණයට එහා පැත්තෙ ගමේ උනුත් පෙළපාලි යන සද්දෙයි, පොලිස් වෙඩි සද්දෙයි දරුණුවට ඇහෙනව. වහලට නැගලවත් බලන්න විදියක් නෑ, පොලිස් හෙලිකොප්ටර් වටේම කැරකෙනව.

වැඩි විස්තර පුවක්ගස් වලින්!

( හෙට නිවාඩු නිසා මේ දවස් දෙක ඇතුලෙම මේක නිවිල යාවියි කියල හිතනව - පතනව. නැත්තං අකුලං ලංකාවට තමයි! )


ප/ලි

දැං නං වෙඩි සද්දෙ ( රබර් බුලට් වෙන්ටැ ) දරුණුයි. පට පට ගාල ඇහෙනව. මේ ෆෝමියුල වන් එකට සති දෙකක් තියෙද්දි මේ යක්කු මොනව කරන්න හදනවද මන්ද!

7 comments:

  1. ඉන්දික අයියා කොහෙද ඉන්නේ... සිත්රා පැත්තෙද?? මම ඉන්නේ මහරක්..මෙහෙ නම් තවම කේස් නෑ...

    ReplyDelete
  2. මල්ලි මං ඉන්නෙ නබි සාලෙ. මේ සිත්ර කෝස්වේ එක මැද තීන දූපත. වැඩේ දරුණු උනොත් මුහුදට තමා පනින්න වෙන්නෙ!

    මෙන්න තව පින්තූර.
    http://bambuser.com/channel/mvoice/broadcast/1414832

    වැඩේ නැගල යන්නෙ සිත්ර සහ බුදෙය්ය පැතිවලයි.

    ReplyDelete
  3. ඔබටත් පවුලේ අයටත් සියළු දෙව් රැකවරණය ලැබේවා!!!!

    ReplyDelete
  4. පරිස්සමින් ඔලුව බේරගෙන ලංකාවට එන්න

    ReplyDelete
  5. @ හරී - පිණිපළස,
    @ පිණිබිඳු...

    වචනෙට බොහොම ස්තූතියි. අවංකව කිව්වොත් පුපුවෙ බිත්තර තැම්බන්න තරං සමහර වෙලාවට!

    ReplyDelete
  6. දැන් මොකද අලුත් විස්තර අයියා ???

    ReplyDelete
  7. @ හසිත,

    මෙහෙ තත්වෙ ගැන පෝස්ට් එකක් ලියමින් ඉන්නෙ. හෙට අනිද්දට දාන්නං. තත්වෙ හිතුවට වඩා ඛේදනීයයි!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails