Friday, June 11, 2010

ආදම්ගේ ඇල්පෙනෙත්ත


මේ කතාව මට මතක් උනේ මාතලන් ගොයියගෙ කාලගෝල නාට්ටිය කියවපු වෙලාවෙ.

මෙය මා අහුල ගත්තේද අන්තර්ජාලයෙන්මය. ඒ නිසා මේ කතාව රසවිඳින්නන්ගේ ස්තූතිය තනිකරම හිමිවිය යුත්තේද මා එය අහුලාගත් බ්ලොගය හිමිකරුවාටම පමනි.කෙසේ වෙතත් කතෘ අඥාත බැවින් හා එම අඩවිය ප්ර්සිද්ධ කිරීම ඔවුන් අපහසුතාවයට පත්කරනක් විය හැකි වන නිසා ඒ ගැන වැඩි විස්තර මෙහි සටහන් නොකරමි.

ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්රිනස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය.

එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.

“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.

“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය.

“ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය.

මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට,

“බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල ගහනව උඹේ ..කේ දැනගනින්”

පියතුමා සිහි සුන්ව වැටුනේය

21 comments:

  1. අනේ අහිංසක ෆාදර්ට වුණු දෙයක් :)

    ReplyDelete
  2. හුට්ට පටස්.. බිපෙසි.. :D

    ReplyDelete
  3. හා හා,,ඔයත් ඒ සයිට් එක බලනව නේ..

    ReplyDelete
  4. මගෙ දැනුමෙ හැටියට නම් ආදම් සහ ඒවට හිටියෙ, කායින් , අබෙල් කියල පුත්තු දෙන්නෙක් විතරයි...හරි හරි ඕන එකක්...

    ReplyDelete
  5. පට්ට බොලන්.. හෙහ් හෙහ්....

    හප හපා හිටපු විටෙත් විසික්ක උනා....
    පට්ටම පට්ට

    ඔය ලියල තියෙන්නෙ ලස්සනට.. එක ගොඩේ නැතුව.. චෝක්...

    ReplyDelete
  6. මේ අඩවිය දුටුවේ අදයි. කතා ටික කියෙව්වා. අළුත් දෙයක් කරන්න දරණ උත්සාහය අගය කරනවා. දිගටම ලියන්න.

    - Taboo

    ReplyDelete
  7. Maxaaaaaaaaaa machan! Ela ela tawa liyapan!

    ReplyDelete
  8. "පද්දා" සහෝදරය,

    "මෙය මා අහුල ගත්තේද අන්තර්ජාලයෙන්මය. ඒ නිසා මේ කතාව රසවිඳින්නන්ගේ ස්තූතිය තනිකරම හිමිවිය යුත්තේද මා එය අහුලාගත් බ්ලොගය හිමිකරුවාටම පමනි.කෙසේ වෙතත් කතෘ අඥාත බැවින් හා එම අඩවිය ප්ර්සිද්ධ කිරීම ඔවුන් අපහසුතාවයට පත්කරනක් විය හැකි වන නිසා ඒ ගැන වැඩි විස්තර මෙහි සටහන් නොකරමි."

    මේ අවකාශයෙ ඉන්න සමහර රාළලගෙ හැටි දැක්කම නිකන් මේ කතාවෙ නියම අයිතිකරුවො ප්‍රසිද්ධ කරල අනවශ්ය ප්‍රශ්ණ උන්ටත් මටත් ඇති කරගන්න්නෙ මොකටද. මං අර කතන්දරගෙ පෝස්ට් එකක ක්මෙන්ට් කලා වගේ, ඒ නියම තැන දැනගන්නනං ඉල්ලල එවන්න, අනිව දෙනව.

    ReplyDelete
  9. පද්දා සහෝ,

    මම මෙය උපුටා ගත් බව පෝස්ටයේ ඉහලින්ම සහ මුලින්ම සඳහන් කර ඇත.

    එමෙන්ම සමහර වර්ගීකරනයන්ට අනුව එම අඩවිය අසැබි දේ අඩංගු නිසා අනවශ්ය ප්‍රසිද්ධිය තුලින් වාරනයට ල්කීමේ අනතුරක් මා දකිමි. ( එය එසේ නොවන්නේනම් එහි හිමිකරුට එම අඩ්විය ඕනෑම සින්ඩිකේටරයක් හරහා සැමට විවෘත කල හැක. ඒ සඳහා මම සාමාජිකයකු නොවෙන, නමුත් ඔබ සිටින elakiri.com හරහා ඔහුව දැනුවත් කල හැක.)

    නමුත් එහි අන්තර්ගතයෙන් බෝහෝ දේ මා රසවිඳින හා අතීත මතකයන් අවුලන දෙයින් පිරී ඇති බැවින් එය යම්කිසි හෝ වාර්ණයකට ලක්වෙනවාට අකැමතිය.

    එබැවින් එහි නම ප්‍රසිද්දියෙ නොකීවද මාගෙන් එය අසා එවූ සියලු හිතවතුන්ට " මෙන්න පොට් එක. පුලුවන්නම් ගිහින් බලල, තව දන්න කතා තීනවනම් ලියල යවපන් කට්ටියට බෙදාගෙන රසවිඳින්න.." යන ඉල්ලීමද සමඟ දැනුම් දුන්නේ එම අඩවියට මාගෙන් විය යුතු උපරිම සාධාරනය විය යුතු බැවිනි. එය මගෙන් එම ලිපිය ලද්දෝ එය දනිති.

    ඔබගේ පිළිතුර මා කපාහැරි පලමු පිලිතුරයි. එයට හේතුව මම ඉහත පැහැදිලි කළෙමි. කෙසේ වෙතත් ඔබගේම අඩවියක එහි යන මග ප්‍රසිද්ධ කර ඒ සම්භන්ධ වැඩි විස්තර සැමට දන්වන්නේ නම් මැනැවි යයි සිතමි.

    ReplyDelete
  10. @ Hasitha

    @ Buratheno

    @ ක්‍රිශාන්

    මෙය දුටු පළමු දවසේ මාත් , සුප්පාත් දෙදෙනාම බි.පෙ.සි තමා.

    ReplyDelete
  11. @ වැම්පයර්

    අයිත් අහල, ඒකට මං දැන් තව බර ගානක් අඳුන්නලත් දීල, මම දන්න කතා වගේකුත් ලියාගෙන යනව යවන්න.

    ReplyDelete
  12. @ මාතලන්

    හිහ්..දත් නැත් උනාම ඔහොම "බයිස්" යනව තමයි. බි.ප්.සි. ද නැත්තං උ.පැ.පැ.සි ද?

    ReplyDelete
  13. @ Taboo Subjects

    ඔබ මෙහි පැමිනීමද දිරිගන්වන සුළු වදන්ද ගෞරවයක් ලෙස සලකමි. ස්තූතියි.

    ReplyDelete
  14. @ AnO,
    @ Bhuddika,

    ස්තූතියි සහෝ..

    ReplyDelete
  15. මේක මම කියෙව්වේ ඊයේ රෑ . . මම බලල ඉවර වුනු ගමන් අපේ ගෙදර උන්දැට මේ කතාව කියන්න ගිහින් තව ඩිංගෙන් හිනා හිරවෙලා මාව අභවප්‍රාප්ත වෙන්ටත් ගියා හික් හික්

    නියමයි පට්ට සිරා

    ReplyDelete
  16. @ දුකා

    මුලින්ම, උඹ මේ පැත්තෙ ගොඩ උන එකට ගොඩක් ස්තූතියි.

    හපෝ කට කැඩිච්චි කතා කියන්න එපා මචං..ඒ උනාට එක අතකට හිනාවක් හිරවෙලා අභාව්ප්‍රාප්ත උනානං කොහෙ හරි ආතල් තැනක උපදීනේද...ඒකනිසා මාත් පතනව කාව හරි පොඩ්ඩක් හිනා ගස්සල මේ ලැබෙන පිනෙන් කවදරි හිනාවක් හිරවෙලා වගේ ආතල් එකේම එළොව යන්න ලැබේවා කියල.

    ReplyDelete
  17. කතාවනම් එල. ඔන්න ඔහේ මටත් මේල් ක‍්රන්නකො ඔය කතා තියෙන බ්ලොග් එකේ ලින්ක් එක.

    ReplyDelete
  18. @ අනුරාධ,

    මලේ කෝ උඹේ මේල් ඇඩ්‍රස් එක, මට හොයා ගන්න බෑනෙ!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails