Friday, June 25, 2010

තන අතරින් ගිය වතුර.


පහුගිය post දෙකම එක වගේ නිසා වෙනසකටකත් එක්ක අපේ භාෂාව ගැන ලියන්න හිතුන.

දැන් සමහරු කියනවනෙ නණ ලළ ඕනි නෑ කියල. මටත් ඇත්තටම ඔය මහප්‍රාණ, සංඤක පාවිච්චි කරන්න ඕන තැන් හරියටම කියන්න බැරි උනාට පොත් කිය්වීමෙන් ආපු පුරුද්දට, වචනෙ ලියනකොට තේරෙනව මෙතන්ට මහප්‍රාණයක් වෙනැති එන්න ඕන කියල.

ගොඩක් වෙලාවට හරි, සමහරක් වෙලාවට ඉතින් වරදිනව. කොහොම හරි O/L සිංහල D එකකුත් ලැබුන මගේ ක්‍රමේට ලියල ( ගුරුන්ටත් අකුරු වරදී කියල කියනවනෙ ).

කොහොමම උනත් මං පුද්ගලිකව හිතන්නෙ නිවැරදි අදහස් ප්රකාශනයකට ඔය අකුරු නිසි තැන නිසි ලෙස යොදන ඕන කියල.

දැන් ඔය සමහර වෙලාවට පොළේ යනකොට කෑ ගහනව ඇහෙන්නෙ ' නෝනා එන්න නෝන පළා ගෙනියන්න, එන්න මහත්තය පළාගෙනයන්න එන්න" කියල.

ඕක ලියනකොටත් නිකම්ම " නෝනා එන්න නෝන පලා ගෙනයන්න එන්න, එන්න මහත්තය පලා ගෙනයන්න" කියල, මොකද වෙන්නෙ. හරි අදහස සන්නිවේදනය වෙයිද?

අර අහිංසක වෙළෙන්ද නිකං කුපාඩිය වෙනව හරි එහෙම නැත්තං තවත් ටැබූ කෙනෙක් වෙනව හරි ඇරෙන්න කතාවෙ නියම අරුත එලියට එයිද?

එක පාරක් ඔය ගැන හෙළ හවුලෙ ඇත්තොයි ඔය වල් හවුල් වල අනික් ඇත්තොයි අතරෙ වාදයක් උනාලු.

එතකොට වල් හවුලෙ ( කලබල වෙන එපා වල් වලට අරුත් ගොඩක් තීනවනෙ ) අයගෙ ප්රනධාන තර්කෙ උනේ වචනෙ තනිව ගත්තම අර්ථෙ වෙනස් උනාට වාක්යම ගත්තම, නැත්තන් අදාල ඡේදය කියවගෙන එනකොට අර්ථය පැහැදිලි වෙනව කියලයි.

මේ වෙලාවෙ ටිකක් නිශ්ශබ්දව හිටපු එක උගත් හෙළ හවුලෙ මහත්තයෙක් මෙන්න මෙහෙම කිව්වලු.

" හරි එහෙනං දැන් තමුන්නැහැල මෙන්න මේ කතාවෙන් ගම්යවෙන අර්ථය හරියටම කියන්න බලන්න" කියල පහත ඡේදය කියවගෙන ගියාලු.

"මඳ වැස්සෙන් විසිරෙන දිය බිංදු තන අතරින් සිහින් රෙඛාවක්ව ගලා යන අයුරු නිසොල්මනේ බලාසිටින ඇයගෙ සොඳුරු මුහුන, දිගු ගෙල, උස්ව නැඟුනු තන අතරින් සුන්දරව පෙනුනි. මඳ වේලාවක් එලෙස ඔහේ සිටගෙන සිටි ඈ සිය පා තබන රිද්මයට උස්ව ඇති තන සොලවමින් විල්ලුවෙන් පිටතට ඇවිද ගියාය "

දැන් ඉතින් කියමු බලන්න වතුර ගියෙ කොහෙන්ද, මූනට ලස්සන ගෙනාව මොකද්ද සහ හොල්ල හොල්ල ඇවිද්දෙ මොනාද කියල, පුලුවන්නං.

එදායිං එදා කවුරුත් උන්දැ එක්ක නණ ලළ ගැන කතාවට ආවෙ නෑලු.

මොකද හිතන්නෙ, කවුරු හරි ගාව හරි උත්තරේ තීනවද?

19 comments:

  1. "මඳ වැස්සෙන් විසිරෙන දිය බිංදු තන අතරින් සිහින් රෙඛාවක්ව ගලා යන අයුරු නිසොල්මනේ බලාසිටින ඇයගෙ සොඳුරු මුහුන, දිගු ගෙල, උස්ව නැඟුනු තන අතරින් සුන්දරව පෙනුනි. මඳ වේලාවක් එලෙස ඔහේ සිටගෙන සිටි ඈ සිය පා තබන රිද්මයට උස්ව ඇති තන සොලවමින් විල්ලුවෙන් පිටතට ඇවිද ගියාය "

    ඔය ලියල තියනව හරි මම හිතන්නෙ.

    ReplyDelete
  2. මම හිතන්නේ මේකේ "තන" කියලා තියෙන හැම වචනයක්ම "තණ" කියලා නිවැරදි වෙන්න ඕනේ කියලා.......

    හැබැයි ඉතින් තන කියන් අර්ථයෙන් ගත්තත් තණ කියන අර්ථයෙන් ගත්තත් කතාව නම් අවුලක් නැහැ........

    හොඳ විදිහට නම් "තණ" නැත්නම් "තන"

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කොහොමත් ඉතින් තන අතරින් වතුර පාරක් යවා ගන්න තියනවනම් කොච්චර සෑපක්ද?

    ReplyDelete
  5. කොහොමත් ඉතින් තන අතරින් වතුර පාරක් යවා ගන්න තියනවනම් කොච්චර සෑපක්ද?

    hik hik....!!!

    ReplyDelete
  6. මට නම් මේ ගැන දෙයක් කියන්න සදාචාරාත්මක අයිතියක් නෑ මචෝ . . . මොකද මම නිතරම ඒවා වරද්දනවා . . . . ඒ කියනෙන මගේ සිංහල දැනීම අන්තිමයි කියන එක . . . බලමු දැන් වත් ඉගෙන ගන්න පටන් ගන්න . .. .

    ReplyDelete
  7. ඕකට කියන්නේ මාලෙ දානව කියලයි.

    ReplyDelete
  8. ඇනෝ කොලුවා නං ඉන්තේරුවෙන්ම අර "වල් හවුලෙ" එකෙක්. හැබැයි කියලා තියෙන්දේ නං ඇත්ත. හෙහ්..හෙහ්..

    හතිලව්වට ගහපි කලාබරේ.. මේ අපේ කසූ නොවැ. උන්දැත් ඒ "හවුලෙ"ම තමා. මේකා ඔය ඇල්මරපු ටැබූ කථා කියන කොට, මං හිතුවා ඕක. ඔය "මාලෙ දැමීම" ඉස්සරහින් විශේෂණ පදයක් තිබුනා මතකයි.

    මගේ හිංගල නං දැං ටික ටික මලකඩ කාගෙන එනවා ආයිබෝං. ඒත් අපේ ගුරු දෙවිවරු මගේ පශ්චාත් බාගයට ප්‍රදානය කරපු කොරපු කෝ‍ටු පාර වල ආනුබාවයෙන් , මේං මතක් ටික:

    හොල්ල හොල්ල ගියේ -- තන
    වතුර බැහැල ගියේ -- තණ

    ReplyDelete
  9. @ තරිය,

    මිහ්..නෑ...වැරදියි.

    @ හසිත,
    මං ඔය ලියල තීන විදියට තමයි ආස, ඒත් ඒක නෙමෙයි හරි.

    @ පුලස්ති,

    පහසු උනාට හරි නැති බව දැන් තේරෙනව නේද?

    @ ඇනෝ,
    ඒකනං ඉතින් එහෙම තමයි..

    @ දුකා,

    තාම පරක්කු නෑ..ඉගෙන ගන්න ඕනි කාලෙ වතුර ඇර ඇර හිටියනං දැන්වත් පටන්ගනින්...හික්ස්

    @ කතන්දර,

    තේරුනේ නෑ...පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද!

    @ සිරිබිරිස් ලොක්ක,

    උත්තරේ හරි..ගුරුන්ට පිං දීහන් හැමදාම...දැන් උන්ට එහෙම අපිටැහෙ සැළකුව නං ගුරා හිරේ...

    ReplyDelete
  10. මාලෙ දැමිල්ලත් ලේසි වැඩක් නෙවෙයි කසූ..............

    ReplyDelete
  11. මට නම් හිතා ගන්න බෑ මම් ටියුබ් ලයිට් එකක් වෙන නිසා.

    ReplyDelete
  12. හැක් හැක්... බලා හල්ලකො තනට ගිය කලක්... හැක් හැක්

    ReplyDelete
  13. මචං;

    න-ණ-ල-ළ කියන්නේ කටින් කියවෙන කොට වෙනස් ශබ්ද. ඒ වෙනස ලියද්දිත් තියා ගන්නයි මේ වෙනස් අකුරු යොදා ගන්නේ.

    පවතින ඕනෑම දෙයකට අකමැති කට්ටියක් ඉන්නවා නේ. ඒ ගොල්ලන්ට ඕනේ ඔන්න ඔහේ වෙනස් වෙන්න - වෙනස් කරන්න. හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. මේ න-ණ-ල-ළ වෙනස් කරන්න ඕනේ කියන කට්ටියම නේද තව තව දේවලුත් වෙනස් වෙන්න ඕනේ කියලා කෑ ගහන්නේ.

    මං මතක ඇති තරමට න-ණ-ල-ළ බැලුවා ගූගල් වර්චුවල් කී බෝඩ් ඒක දා ගන්නකම්. මූ එක්ක බැහැ වැඩේ කරන්න. දැන් මටත් නෝ චෝයිස්‌.

    ReplyDelete
  14. අනේ
    පනේ
    තනේ
    පේනේ

    මතකද දන්නෙ නෑ :D
    මුනිදාස කුමාරතුංග මහත්තයගේ....

    ReplyDelete
  15. //න-ණ-ල-ළ කියන්නේ කටින් කියවෙන කොට වෙනස් ශබ්ද. ඒ වෙනස ලියද්දිත් තියා ගන්නයි මේ වෙනස් අකුරු යොදා ගන්නේ.//

    ඉංගිරීසි ව්‍යාකරණ වැරැද්දුවාම ලොකු වරදක් කලා වගේ ලැජ්ජා නෙ අය, සිංහල ව්‍යාකරණ නම් අමුවේම මරනවා. න ණ ල ළ මතක තියාගන්න අමාරුයි තමා. එහෙම කියලා ඒවා එපා කියනවා කියන්නේ මූණ එක්ක තරහ වෙලා නහය කපා ගැනීමක්... ඉංගිරීසි දන්න එක ලොකුවට ඔළුවට අරන් ඉන්න අපේ අය දන්නෙ නෑ ඒ අය තමුන්ගේ මවු භාෂාව වත් හරියට දන්නැති බව... ලැජ්ජාවේ පණ යනවා...!!!

    ඔය වගේ තව කථාවක් කියන්නම්. ඔය වල් හවුලේ අයට හරි ඇණයක් වුනා කුමාරතුංගයන්ගේ ඇ කාරය. ඕකට වලියක් ඇදුනා දවසක් කාන්තා පාර්ශවයෙන්... ඇ කාරය එපා කියලා. හොඳටම මල පැනපු කුමාරතුංගයන් මෙහෙම කිව්වා.

    ආ එහෙනම් කියනවා බලන්න මම වැල්ල අතගාමී කියලා ඇ නැතුව !!!

    ReplyDelete
  16. තන ගැන නෙවේ පොඩි ස්ටෝරි කෑල්ලක් දාන්නම්..

    පොලක දෙපැත්තේ කොහිල විකුනන එකෙකුයි, කුකුලුවෝ මුල් හදලා විකුනන එකෙකුයි ඉන්වලු..

    කොහිල විකුනන එකා කෑගහනවලු "කෝ..හිල..කෝ..හිල" කියලා
    කකුලු මුල් විකුනන එකා "කකුල මුල..කකුල මුල.." කිව්වලු..

    ජය ශ්‍රී....

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. දැන් අපේ අය "ගැහැණු ළමයි" කියල නෙමෙයි ලියන්නෙ, "ගෑල්ලමයි" කියල. අපරාදෙ මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි.

    ReplyDelete
  19. මම නම් කියන්නේ ගහනිගේ තන

    නෙවෙයි තණකොළ ගැන වෙන්න ඇති

    කෝරලේ වලව්ව

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails